Wednesday, December 21, 2016

අවසන් ලිපියයි ඔබට ලියන්නේ......ආදරය පිරුනු



සාමාන්‍යයෙන් "නිම්නය" ලියන ගේ  හිත ඇතුලේ ප්‍රශ්න කීපයක් එකවර නැඟෙන වෙලාවල් වලදි නිම්නි හරි  නිහඬයි.. (මෙතැන් සිට නිම්නිව අපි  Y කියලත්, නිම්නය ලියන මාව Z කියලත්   හඳුන්වමු.)  

උරග වෙසින කිපී නැඟෙන - හැඟුම් නිවා ගී රැව්ඳේවා.....





බෙදෙන බිඳෙන ලොවේ විපත
 ගී සිය දහසෙක ලියැවේවා 
විහඟ සරින් ලොවට ඇසෙන 
ගීයෙන් මහ පොළොව නිවේවා 
ගී ස්වරය අරුණ කිරණ සදාවා.....

Tuesday, December 20, 2016

My life always complete with you.....






Hands to hands eyes to eyes
Heart to heart forever  bond
Friends are like moon & stars
Twinkling   the  dark blue sky





Happy to sad rich to poor
Where ever what ever when ever
Friends are like whistling wind
keeping our souls strong forever

Sunday, December 18, 2016

නමක් හිතාගන්න බැ....


පුංචි අයත් එක්කම කාලයක් වැඩ කල නිසාම ලියන්න හිතුනා පුංචි අයට බලන්න, කියවන්න දෙන්න පුලුවන් දේවල් කීපයක් ගැන. කාටූන් බලන්න හැම පොඩි ළමයෙක්ම කැමතිනේ.. (ලොකු වෙලත් අපි තාම බලන්න ආසයිනේ..) ඒ බලන කාටූන් හරහා වැඩි යමක් පුංචි අයට දෙන්න පුලුවන් වේවී මේ දේවල් එක්ක..පොත් කියවන වැඩේ නම් හැම දරුවටම එක වගේ කරන්න අමාරු වුනත් ඒ ඒ දරුවට ගැලපෙන පොත් හොයාගන්න කාලයක් වෙන් කර ගත්තොත් වැඩි අමාරුවක් නැහැ හුරු කරන්න..

Saturday, December 17, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 6

පස්වෙනි ලිපියෙන් අපි කතා කලේ දරුවන්ට එයාලගේ අදහස් විවෘතව කතා කරන්න ඒ අදහස් ආරාක්ෂාකාරිව අත්හදා බලන්න ඉඩ හදලා දෙන හැටි ගැනනේ...අද කතා කරන්න යන්නේ ඇයි එහෙම ඉඩක් හදලා දිය යුත්තේ  කියලා කරුණු 5ක් යටතේ...

Friday, December 16, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 5

මේ ලිපි පෙළේ  හතරවන ලිපියෙන් නතර උනේ අපේ දඟමල්ලගේ "ඇයි" කියලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඉගෙන ගත්ත විදිහ ගැන ලියන තැනින්නේ.. අද ඒ කරුණු හතර ගැන ලියන්න යන්නේ... මේ ක්‍රමය එක්ක ගෙදර වෙනස් කරද්දි මගේ සැමියගේ අදහස් සෑහෙන්න මට හරි පාරේ යන්න උදව් උනා.. මගේ කඳුලු වලට බය නැති ඔහු කියන දේ නොඅහන මාව ඉතාම හොඳින් මෙහෙයවපු කෙනෙක්.  හිත රිදුනත් ඒ මෙහෙය වීම මගේ ජීවිතේට අවශ්‍යම වෙලා තුබුනු දෙයක් කියලා අද හිතෙනවා. දෙමාපියන් හැමදේම මට උගන්නලා තිබ්බත් ඔහු මාව විස්වාස නොකලා නම් මට මේ තරන් දුර එන්න ලැබෙන්නේ නැහැ. (කොහෙද මම යන්නේ එන්නේ කියලා ඔහු අහන්නේ නැ, මගේ වෙනස්කම් අඳුරගන්න ඔහුට තියනවා සුපිරි හැකියාවක් )

Thursday, December 15, 2016

තාත්තා, මල්ලි, පුතා සහ සැමියා

මීට  කාලෙකට ඉහත ඉඳන්  බ්ලොග් ලෝකෙත් වෙනත් බොහෝ තැන් වලත් තාත්තලා ගැන කියවා ඇති අතර ඒ හැම කියවීමකදිම මගේ තාත්තා ගැන දැනෙන්නේ අපරිමිත ගෞරවයක්.. තාත්තලා දරුවෝ ගැන හිතන එක ඒ තරන් දුලබ දෙයක් නෙමේ.. ඒත් සැමියෙක් තම බිරිඳ ගැන හිතන  විදිහ එක්ක මගේ තාත්තා ගැන කියන්න මට වචන නැහැ.. දැන් නම් මම එවැනි ලිපි කියවනවා හරි අඩුයි.

Wednesday, December 14, 2016

හදවත කියන දේ අහන්න..........




ඔබේ සුන්දරත්වය මත් බවකි, මගේ ආදරය උමතුවකි
අමතක වෙලා අපි වරදක් කරාවිද..
මේ රාත්‍රිය නම් නිසැකයෙන්ම මත් බවින් පිරි ආකර්ශණයකි..

Tuesday, December 13, 2016

හරි නංගි, ඒකට කමක් නැ.. ඒත් මට ඔයාව ඕන...


අක්කේ , මට ඕන නැ ඔයාගේ යාලුවා විතරක් වෙන්න.. මට ඕන හැමෝම එක්ක ඉන්න.. 
අලුතෙන් අයව අඳුරගන්න.. 

හරි නංගි, ඒකට කමක් නැ.. ඒත් මට ඔයාව ඕන...

ඔයාට මොකද වෙලා තියෙන්නේ මේ..

ඇයව මඟහැර උමාලි එන්න ආවත් ඇය දිගටම ඇවිත්.. අඬලම රතු වුනු හැඟිම්බර දෙනෙත් අතරින් පිරි ඉතිරි යන කඳුලු... මොනවද  මේ කියන්නේ.... උමාලිගේ හිත අවුරුද්දක් පිටිපස්සට දිව ගියේ ඇයව හමු වුන දවස සිහි ගන්වමින්..

Monday, December 12, 2016

අත්, අත්ල, අතැඟිලි සහ ඇසූ අදහස්



My hands.. That ring now 20years with me.. තාම අපලේ ගෙවිලා නැලූ :)



"අනේ හරී සිනිඳුයිනේ, Cute  අනේ , ගෙදර වැඩක් නම් කරන්නෙ නැ වගේ නේද?

"හරි Soft නේ , මොකො ඒ ,  නරකද දැන්වත් ගෙදර වැඩක් පලක් කරා නම්"

Sunday, December 11, 2016

හුදකලා කලාව මවන සිතුවිලි අසන්නන්....

ඔබ කවදහරි හිතලා තියනවද ඔබේ සිතුවිලි ගොඩනැඟෙන හැටි ගැන...නිම්නය කියවන හැමෝම වගේ දන්නවා ගොඩක් අය මාව දැනගත්තට මම වැඩියෙන් ඉන්න කැමති හුදකලාව..  ඒ හුදකලාව පාට පිරුනු කලාවක් කරන්න මගේ සිතුවිලි වලට පුලුවන් තනිකමක් නොදැනෙන්න තරන්... ඉතින් එහෙම හුදකලා උන වෙලාවට මට හිතෙන දේවල් වෙනස් නොකර කියන්න අය මම හොයාගෙන පරිස්සන් කරලා තියාගන්නේ මගේ හිත ඇතුලෙමයි..මට A/L කාලේ හම්බුනු යාලුවෝ දෙන්නා තරන්  මගේ සිතුවිලි දන්න කවුරුත් නැතුව ඇති.. ඒ දෙන්නත් නොදන්න දේවල් මේ නිම්නය නිසා එළියට ඇවිත්.. ඒක වෙනම කතාවක්.... 

Saturday, December 10, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 4


Helping hands
මේ ලිපි පෙළ ලියද්දි අමතක කරන්නම බැරි කෙනෙක්ව මතක් වෙන නිසා ඒ ගැනත් ටිකක් ලියන්නම්.. අපි මෙහෙ ආව මුල් කාලේ පුතාවත් අරන් ගේ ලඟ තියන පුස්තකාලයට ගියේ පුංචි අයට තියන වැඩසටහන් වලට.. එතනදි හම්බුනු ලංකාවේ අක්කා කෙනෙක් තමයි මට මුලින්ම මේ පාරෙන් ගියොත් වඩා ලේසියි කියන අදහස දුන්නේ.. ඒ වෙද්දි මං වගේම ඇයත් ඇගේ දූ පැටියා නිසා ඇගේ අධ්‍යාපන සහ රැකියා අංශය වෙනස් කරලා.. හම්බුනු පළවෙනි දවසේ ඉඳන්ම මට ඇයගේම නංගි කෙනෙකුට වගේ සලකන්නත් උපදෙස් දෙන්නත් ඇය අමතක කලේ නැ.. මේ පාරේ යද්දිත් මුහුණ දෙන්න තියන ගැටලු ගැනත් ඒවා අවම කර ගන්න පුලුවන් විදිත් ඇය මට කියා දුන්නා.. ටික කාලෙකින් එයාලා ගෙයක් අරගෙන අපෙන් ගොඩක් ඈතට ගියත් ඇය නිසා මම ගැටලු අවම කරගෙන ඉදිරියට යද්දි කොහොම අමතක කරන්නද  ඇයව...

Friday, December 9, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 3

දෙවෙනි ලිපියෙන් මම ලිව්වේ මේ රාමුවේ පළවෙනි ඉගැන්නුම් ක්‍රමයනේ.. අද දෙවෙනි ඉගැන්නුම් ක්‍රමය... මම පොඩි කාලේ ගොඩක් අඩු වයසින් පොත් කියවන්න පටන් ගත්තට පස්සේ මගේ මල්ලි පොත් අරන් එනවලු මගෙන් කතාව අහගන්න.. ඒ උනාට මං කියලා දෙන්නේ නැලු... මල්ලි පොතත් අරන් අඬාගෙන අම්මා ලඟට යනවලු.. 

Thursday, December 8, 2016

නිම් නොවු වර්ණාවලිය නිම වු සෙවනැළි....

Sand Dance..


නිමේෂයක හමුවී
නිම් නොවු හැඟුම්  පිර වූ
නිම් නොවූ පැතුම් පැතූ
නිම්

වෙනස් වීම ද වෙනස් නොවීමද වඩා හොඳ......

Change- Colorful background
අපි මේ ලෝකෙට ආව දා ඉඳලා, නැහැ හරියට බැලුවොත්  ඊටත් කලින් ඉඳලා තියන දෙයක්නේ මේ වෙනස් වීම.. ඉතින් මේ කාලෙත් එක්ක වෙනස් නොවෙන වෙනස් වීම ඔබට සහ ඔබ අවට ඉන්න අයට කොහොමද බලපාන්නේ.. ඔබ ඔබ අවට ඉන්න අයට ඕන විදිහට වෙනස් වෙනවද... වෙනස් වෙනවා නම් ඇයි ඒ... වෙනස් වෙන්නේ කුමන විදි වලින්ද.. කොයි තරන් ඔබව ඔබ වෙනස් කරගන්නවද අනිත් අයට ඕන විදිහට... කැමැත්තෙන්ද ඒ වෙනස ඔබ කරන්නේ...

Wednesday, December 7, 2016

මම හිඳිමි බලා ඔබ නිසා හමු වුන නැවතුමේ.......


කිසිවක් ලැබීත් නැහැ, කිසිවක් නොලැබීත් නැහැ,
ඒත් ඔබ නැති විටක... මම දන්නේ නැහැ

ඔබ ඉන්න විට ලඟින් ඇයි එහෙම දැනෙන්නේ









Tuesday, December 6, 2016

Just a little smile....







පුංචිම පුංචිම හිනාවක්
පුංචිම පුංචිම සතුටක්
දිලෙන පුන් සඳෙන් බිඳක්
රැඟෙන හදමු ද හීන පිරුනු
පුංචිම පුංචිම නිවහනක්..

Monday, December 5, 2016

නොයදිමි මා නැවතීමක් - නොපතමි මා පැවතීමක්...





සීත නිම්නයක  නැවතුනු හදවතේ
වල්මත් වු මා මන්මත්  වු නාදේ
හිරු නැඟෙන සඳු බසින යාමේ
සඳු නැඟෙන  හිරු බසින  යාමේ
වෙලෙමි ඇස ගැටෙනා හැම මතක ඉමේ


නෙලනු සඟවනු එපා මලින් මලේ
කොතන සැඟවිනිද නොනිදා මා හදේ
කෙලෙස ගෙවම්ද නිදි නැති රැයවල්
මතකයන් මා හදේ රැව්පිලි රැව් දේ
හිරු නැඟෙන මුත් නුඹ දෑස නොපෙනා

Sunday, December 4, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 2

පළවෙනි ලිපියෙන් කිව්වා වගේ අද ඉඳන් ලියන ක්‍රම 5 මුල් කරගෙන තමයි දිවා සුරැකුම් සහ පෙර පාසල් වල හැම ක්‍රියාකාරකමක්ම එය පිහිටල තියන අවට පරිසයරට ගැලපෙන විදිහට හදන්න ඒ ආයතන වල වැඩ කරන අයට මඟ පෙන්වන්නේ... එහිදි දරුවන්ට එයාලගේ අදහස් කියන්න ආසාවක් ඇති වෙන  විදිහට හදන්නේ ඒ ඇතිවන කතාබහ තමයි දරුවෙක්ගේ පෞර්ශය තීරණය කරන්නේ...  කිසිම දරුවෙක් සතුටින් නෙමේ නම් ඉන්නේ ඒ දරුවට උපතින් ලැබිලා තියන නියම පෞර්ශය එළියට එන්නේ නැහැ... එහෙම පරිසරය හදලා නොදි  කාලයක් යටපත් වෙලා තිබිලා එළියට එන පෞර්ශය අර නියම පෞර්ශයේ නටබුන් විතරයි.. 

Thursday, December 1, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 1

Out door Activities
මම DAY CARE, PRE SCHOOL ME & MY SON ලිපි මාලාවේ අවසන් ලිපියෙදි පොරොන්දු උනානේ ඔස්ට්‍රේලියාවේ දිවා සුරැකුම් ආයතන සහ පෙර පාසල් වල මුලීක පදනමට අඳාල කරුණු ගැන ලියන්න.. ඉතින් මේ ලිපිය වෙන් වෙන්නේ ඒ වෙනුවෙන්.. මෙහි අඩංගු පින්තූර මම ගිය ආයතන වලදි මවිසින් ගත් පින්තූර.. මේ මුලු මුල් ළමාවිය ඉගැන්නුම් රාමුවම හැදිලා තියෙන්නේ මේ ආයතන වලට එන විවිධ අවශ්‍යතා තියන හැම දරුවෙක්ම අයත් වෙන විදිහටත් හැම දරුවෙක්ටම ඒ ඒ දරුවගේ හැකියාව අනූව උපරිම දියුණුවක් ලබාගත හැකිවෙන විදිහටත් පාසල් අධ්‍යාපනය පටන් ගන්න කලින් ඉඳලම..

Tuesday, November 29, 2016

ඔබත් දන්නවද නොවෙනස්ව වෙනසට මූණ දෙන්න...




මට දඟමල්ලගේ තාත්තාව මුලින්ම හම්බුනේ අපේ පවුලේ සියලුම වැඩිහිටියන්ගේ කැමැත්තෙන් සහ කරන්න පුලුවන් හැම විදිහෙම සෙවීම් ,ගැලපීම් නොගැලපීම් ඔහු ගැන සහ ඔහුගේ පවුලේ අය ගැන කලාට පස්සේ...ඒ විස්තර ගැන මම අහන්න ගියේ නැත්තේ වෙන අය හොයලා දෙන කෙනෙක් කසාඳ බඳින්න  කිසිම දවසක  කිසිම අදහසක් මට තිබ්බේ නැති නිසා, හැබැයි ඒ වැඩිහිටියන්ගේ අදහස් වලට මම විරුද්ධ උනෙත් නැ.. 

Sunday, November 27, 2016

Do It Once...Only Once More....





...... I feel how U feel
මියේවී මා ඔබේ වේදනාවෙන් 

Could U please stop that
කඳුලු ඔබේ දැස් තෙමද්දි 
I can't stop my tears

Friday, November 25, 2016

චතූ, ඔයා කොහොමද හින්දි දන්නේ....

නිම්නයේ පළවෙන ලිපි කියවන එහෙත් කිසිදිනක කමෙන්ට් නොකරන මගේ එක් හොඳම යෙහෙළියක් සංගීතය, දෙවියන් සහ වෙන් කල නොහැකි හදවත්.....  පොස්ට් එක දැම්ම දවසේ අහලා එවලා තිබ්බා "චතූ, ඔයා කොහොමද හින්දි දන්නේ" කියලා.. ඇය මගේ A/L කාලේ පාසල් මිතුරියක්... මාව හොඳින්ම දන්න.. ඒත් මේ නිම්නය ලියවෙන්න පටන් ගත්තට පස්සේ ඇය එතෙක් නොදැන හිටි "චතූ" කෙනෙක් ඇයට පේන්න පටන් අරන්...

Tuesday, November 22, 2016

පුංචි දඟමල්ල ලොකු වෙනවා බලන් ඉද්දි....





මේ චිත්‍රපටියත් ගීයත්  මම මුලින්ම බැලුවේ මම අම්මා කෙනෙක් වෙන්න තියා කසාඳ බඳින්න කෙනෙක්වත්  නොහිටිය කාලෙක.. ඒත් මගේ ඇස් වලින් පිරි ඉතිරිලා යන කඳුලු මට නවත්තගන්න පුලුවන් වුනේ නැ... මගේ ජීවිතේට අම්මට වඩා ලඟ තාත්තා වුනත් අම්මා කෙනෙකුට තරන් දරුවෙක්ව දැනෙන කෙනෙක් මේ ලොකේ කොහෙවත් නැහැ....

Monday, November 21, 2016

මහ පොළොව, ගල් කැටය සහ අපි... නැවතත්....

මට හිතුනා මෙන්න මේ මා කලකට පෙර ලියූ එහෙත් හැම කලටම ගැලපෙන ලිපිය නැවත කරළියට ගේන්න.. මම බ්ලොග් කලාවට පැමිණි විදිහ මෙන්න මේ ලිපියෙන් ඔබ හැමට නැවතත් කියවන්න පුලුවන් ඒ අතරේ.. පුංචි කාලේ ඉඳලා මියෙන තුරු කියවීම  අත්නොහැර එන පුරුද්දක් නිසාවෙන් ලිවීමද ඒ ඇසුරෙන් මා ලද එක් මහඟු දයාදයක්, ඒ පිටුපස අතුපතර විදහා සිසිල සදමින් සෙවණ සදන්නේ අප වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ කාලය නම් වටිනා සම්පත නොමසුරුව වැය කල මගේ දෙමාපියන් මිස අන් කිසිවකුත් නොවේ.... 

Friday, November 18, 2016

DAY CARE, PRE SCHOOL ME & MY SON. 4


Play Learn  & Grow Together
 තුන්වෙනි ලිපිය නැවතුනේ  මේ ආයතන වල ඉන්න අයට  එකිනෙකට වෙනස් අදහස් එන්නේ කොහෙන්ද කියලනේ... එතනදී දරුවන් තුලින්ම පැන නඟින ගැටලු වලට විසඳුම් ලෙසත් දරුවන්ගෙම අදහස් එකතු කරගෙන මේ ක්‍රියාකාරකම් ගොඩ නැඟෙනවා.  ගෙදර පරිසරයේ දෙමාපියන් දරුවන් එකට එකතු වෙලා සාමුහිකව වැඩ කරන, බාහිර පරිසරය එක්ක නිතර ගැවසෙන  දරුවන් වගේම හොඳ අදහස් හුවමාරුවක් පවත්වා ගන්නා දෙමාපියන්ගේ දරුවන් මේ අතරින් ඉදිරියෙන් ඉන්නවා කියන එක මම දැක්ක දෙයක්.

Thursday, November 17, 2016

DAY CARE, PRE SCHOOL ME & MY SON. 3

අද දෙවෙනි ලිපියෙන් නැවතුනු තැනින්...

දිවා සුරැකුම්  වලට දරුවෙක් දාන්න මුලිකම හේතුව වෙන්නේ දෙමාපියන් රැකියාවට යද්දි දරුවන් බලා ගන්න ලංකාවේ වගේ ආච්චිල,සීයල, නැන්දල , මාමල නැති නිසානේ. ළමයි ගෙදර තියලා බලා ගන්න කෙනෙක් හොයා ගන්න එක්ක ඊටත් වඩා අමාරු වගේම සෑහෙන වියදමක් යන වැඩක් නිසා වෙන විසඳුමකුත් නැහැ රැකියා වලට යන දෙමාපියන්ට. 

Wednesday, November 16, 2016

DAY CARE, PRE SCHOOL ME & MY SON. 2

Benefits of Online Learning
පළමු ලිපියෙන් කිව්වා වගේ යන්න ඕන මාර්ගය දැන ගත්තට පස්සෙ ජීවිතේ සැඳෑසමය ගෙවන  මගේ අම්මත් සැමියගේ අම්මත් දෙන්නම එක පයින් පුතාව බලාගන්න කැමති උනත් අපි දෙන්නම කැමති නැති නිසා අපේ බර ඒ අයට දෙන්න, මට ඕන උනේ ගෙදර ඉඳන් අනිත් වැඩත් කරන්න පුලුවන් විදිහට ඉගෙන ගන්න. 

Tuesday, November 15, 2016

DAY CARE, PRE SCHOOL, ME & MY SON. 1

Baby Toys
Preschool- Love,Learn,Live








 

අද ලියන්න හිතුනේ අපේ පුතා නිසා මගේ ජිවිතය කාලෙත් එක්ක වෙනස් උනු විදිහත් අපි දැන් ඉන්න  රටේ දිවා සුරැකුම් (DAY CARE)   සහ පෙර පාසල්  (PRE SCHOOL)  වල ක්‍රියාත්මක වන ක්‍රමවේදය සහ ආසියාතිකයන් විදිහට මුහුණ දෙන්න වෙන ගැටලු සහ ඒවා නිරාකරණය කර ගැනිමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන.


Sunday, November 13, 2016

සංගීතය, දෙවියන් සහ වෙන් කල නොහැකි හදවත්.....





අහෝ සමිඳාණනි, මාගේ සමිඳාණනි
අහෝ ගැලවුම්කරුවාණෙනි දුප්පතුන්ගේ ගැලවුම්කරුවාණෙනි
උදව් අවැසි සැම විට අපට අත පෑ හිතවාදියා නුඹයි
සම්පූර්ණ විස්වාශයේ කැඩපත
දකිමි උදව්කරු ආගමේ
අහෝ සමිඳාණනි

අහෝ සමිඳාණනි
එන්න මාගේ හදවත විවෘතයි නුඹට
ඇවිත් රැඳෙන්න දිවි ඇති තුරා
කිසිවෙකුට නොදෙමි එහි ඉඩක්
නුඹට පමණි

Saturday, November 12, 2016

සිතුම් රෑනේ ඉඳින් නොයා මා දමා......



මධුවිතක් පුරන ශෝකී ළඳක්


මධු විලේ මල් පිපුනු සොඳුරු යාමේ
නුඹෙ නමින් පුද කලා මාගේ ප්‍රේමේ
දිවි තුරා පෙති සැලෙන මාගේ  ජීවේ
නුඹෙ දැතේ පා වේවි මධුර යාමේ


ගුම් නදින් චංචලයි මාගේ දැසේ
රෑ පුරා නුඹේ හඬයි මාගේ සවනේ
මත් බවින් පිරුනු   රත් දෙතොලේ
නුඹෙ දැස් වෙලේ  දිනූ විලසේ 

Wednesday, November 9, 2016

How lucky am I ???

Once in a while count Ur blessings.
කවදාහරි ඔබට හිතිලා තියනවද තමන් කොයි තරන් වාසනාවන්තද කියලා හිත පුරාම පැතිරිලා යන සැහැල්ලුවක් එක්ක හිතලා බලන්න.. තමන් ගාව තියන දේවල්.. තමන් මෙතෙක් ආ ගමන් මඟේ සතුටුදායක මං සලකුණු.. ලැබූ ඇගයීම්.. දිනූ ලබැඳි හදවත්  මොන තරම්ද තමන් වටා.. අද උදේ නැගිටින කොට මට එහෙම හිතුනා....

Sunday, November 6, 2016

පන්සල් , පල්ලි , කෝවිල් එපාද ඕනෙද.....


මට හිතුනා අපි මේ  ඉන්න පරිසරයේ තියන විවිධ ආගම නිසා හැදිලා තියන වැඳුම් පිදුම් කරන ස්ථාන සහ සිරිත් විරිත්  ගැන ටිකක් කතා කරන්න.. මම අපිට බැරිද වෙන් නොකර ඉන්න .. බෙදෙන්නෙ නැතුව ඉන්න.. ලිපියේදි ලිව්වා මම කොහෙත්ම මේ වගේ එක එක දේවල් වලට බෙදෙනවට කැමති නැ  අපි එකම මිනිස් ජාලයක් නිසා.. නමුත් දැනට අපි අතර තියන දෙයක් එකපාරට අතුරුදහන් කරන්න බැනේ නේද.. ඒ වගේම මේ හැමදෙයක්ම බිහි උනෙත් මිනිසුන් වන අපෙන්ම මිසක් අඟහරු ලෝකෙන් ආව පිටසක්වළ ජිවීන් නෙමෙනේ.. ඉතින් අපි අතරින්ම බිහි උනු මේ දේවල් නිසි ලෙස හසුරුවා ගන්න අපිටම පුලුවන් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ..

Friday, November 4, 2016

කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන... ඔබ.....


හරිම පුදුමයි ඔබ මගේ හදවතටම කතා කරන හැටි
එක වචනයක් වත් කියන්නේ නැතුව මට
ඔබට පුලුවන් පහනක් දල්වන්න අඳුරේ
මම උත්සහ කලා ඒත් මට බැහැ පහදන්න
ඔබ කතා නොකරන විට මට ඇහෙන්නේ
මොනවද කියලා කියන්න...

ඔබේ මදහස මට කියන්නේ ඔබට මාව ඔනේ
කිසිදිනක බොරු නොකියන ඔබේ  ඇස්  කියන්නේ
කිසිදිනක ඔබ මාව තනි කරන්නේ නැති බව
ඔබේ සිනිඳු අත් වල පහස මාව වැටෙන ඕනම වෙලාවක මං ලඟ..
ඔබ මේ හැමදේම කියන්නේ හරිම නිහඬව..

Wednesday, November 2, 2016

පෙම් කැකුළ පිපී එන විට මහදේ...2

එදා අපේ පන්තිය හදිස්සියේ නැවැත්තුවනේ අපේ මේ සැරම සැර ගුරුතුමිය.. අද එතන ඉඳන්...

ඇත්තටම අපි හැමෝම  ඉස්කෝලෙට වඩා  දෙයක් ඇයගෙන්  ඉගෙන ගත්තේ ඇයගේ ඉගැන්වීමට තිබුනු හැකියාවත් කැපවීමත් නිසා.  මගේ  ලිවිමේ හැකියාවත් මුලින්ම අඳුරගෙන මාව හරි මාර්ගේ මෙහයවපු  කෙනෙක් ඇය. ඉතින් එදා පළවෙනි වතාවට අපිට ඉඩක් ලැබුනා ගෑනු පිරිමි ළමයින්ට නිදහසේ ටිකක් වෙලා කතා කරන්න.. එහි ප්‍රතිඵලයක් විදිහට ගෙවල් වල දුරකතන අංක හුවමාරු උනා අපි අතර..

Monday, October 31, 2016

පෙම් කැකුළ පිපී එන විට මහදේ...1

ඒ එකදාස් නමසිය 95 වෙනි අවුරුද්ද.. එකපාරට කඩා පාත් වෙච්ච භූමිකම්පාවක් වගේ නුවර ඉස්කෝලෙකට ගිය මාව තාත්තා එක දවසින් අස් කරගෙන යන්න ඇවිත්. විදුහල්පතිනියගේ කාමරේ තාත්තයි මමයි විදුහල්පතිනියයි  විතරයි.. ඇය තාත්තා ලියාගෙන ඇවිත් තිබ්බ මගෙ අස්වීමේ ලිපිය පිලිගන්නේවත් අස්වීම් සහතිකේට  අත්සන් කරන පාටක්වත් නැ. ඒත් තාත්තා ඇයට නැමෙන  පාටකුත් නැ.. ඔහොම නිහඬ සීතල විනාඩි ගානකට පස්සේ ඇය මගේ දිහත් හොරැහින් බලලා තාත්තා දිහා කෙලින් බලලා කිව්වා "මේ කරන්න යන්නේ හොඳ වැඩක් නෙමේ, හොඳට හිතලා බැලුවද මෙහෙම අස් කරන් යන්න කලින් ? " තාත්තා වචනයෙන් නෙමේ ඔලුවෙන් කිව්වා "ඔව්" කියලා.. තවත් කතා කරලා තේරුමක් නැ කියලා හිතුනු නිසා වෙන්න ඇති ඇය මගේ අස්වීම් සහතිකයට ඇගේ අත්සන යොදලා තාත්තා අතේ මේ වෙනකන් තිබ්බ අස්විමේ ලිපිය බාර ගත්තා.. 

Sunday, October 30, 2016

ටිකකට නැවතෙනවද...මා ප්‍රිය මිතු (ර/රී )...





 මම නුඹට මගේ ජීවිතය දෙන්නම්.. මා සතු සියලු දේ දෙන්නම්.. 
පුලුවන්ද මට දකින්න මීට අවුරුදු  ගානකට කලින් මම දැක්ක 
නුඹේ හෘදයාංගම හිනාව, 
නුඹට මා අසීමිතව පෙම් බැඳි ඒ සරල බව අද කොහෙද.. 
මීදුම් වළාවකින් සඟවලා නම් මම නුඹට මේ වෙනකොට හොයලා දිලා. 
ඒත් නුඹට පමණමයි නැවතත් මා ඇතුලු බොහෝ දෙනා පෙම් බැඳි
 නුඹේ සරල හෘදයාංගම හිනාව හොයාගන්න පුලුවන්... 
ටිකකට නැවතෙනවද...

Friday, October 28, 2016

"The hooded man" එක්ක ගෙවුනු ලස්සනම ලස්සන අතීතය.....

මගේ ඇස් වලට මේ පළවෙනි විඩියෝ එකේ සද්දේ ඇහෙන කොටම කඳුලු ගොඩක් පිරුනත්, පාලනය කරන්න මට ඕන නැති නිසා මගේ කම්මුල් දිගේ සීතලට ඒ කඳුලු ගලාගෙන ගියා.. මමත්  මල්ලිත් එකම පුටුවට රන්ඩු වෙවී,එත් වෙනම ඉඳ ගන්නෙත් නැතුව අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුනුත් අහගෙන කී සැරයක් නම් බලලා ඇද්ද.. අදත් අපිට එපා වෙලා නැ....ඒ පුටුවේ නම් අද අපිට එකට ඉඳගන්න බැ.. අපි ඒ වෙනුවට වෙන පුටුවක් හොයා ගත්තා, හැබැයි අද අපි එක ලඟ නැ..අද අපි ඉන්නේ එකිනෙකාගෙන් සැතපුම් දහස්ගානක් ඈත උනත් අපි අතර බැඳිම හරිම ලඟයි හිත් වල....එක අතකට  මගේ කඳුලු ඔහු දකින්නෙ නැති එක  හොඳයි මේ වෙලාවේ...

Thursday, October 27, 2016

Tuesday, October 25, 2016

ආයෙත් එන්න මගේ යාලුවේ.. ඇවිත් යන්න...


ඒ 200_ අවුරුද්ද.. A/L ඉවර වෙලා ප්‍රතිඵල එනකන් ඉන්න කාලේ හදාරන්න ගිය පරිගණක පාඨමාලාවක පළවෙනි වාරේ විභාගය..  විභාග ශාලාවේ ඇල්පෙනිත්තක් වැටුනත් ඇහෙන තරමට තිබුනු නිෂ්ශබ්ධතාවය බිඳගෙන ඇහෙන්නේ කවුරු හරි  පුටුවට තට්ටූ කරන සද්දයක්.  100 - 200කට අධික පිරිසක් විභාගේ ලියන මේ ශාලාවෙ ප්‍රශ්නයක් මතු උනොත් එහෙම  කරන්න කියලා තමයි අපිට උපදෙස් ලැබිලා තිබුනෙ.. කාටහරි ගැටලුවක් මතුවෙලා ඇති කියලා හිතුනු නිසා මමත්  ඔලුව උස්සලා බැලුවෙ ඒ කවුද කියලා.. 

Saturday, October 22, 2016

අපි හමු වූවත් කෝ මා පැතු ඔබේ ආදරේ...




මට කියන්න බැහැ ඔබ වැරදියි කියලා.. 
හැබැයි මම වැරදියි කියලත් මට හිතෙන්නේ නැ.. 
කෝ මා පැතු ඔබේ ආදරේ කියල මම ඔබගෙන් අහන්නේ නැ.. 
ඒ මම ඔබෙන් ආදරයක් පතාගෙන ආවේ නැති නිසා.. 
එතකොට මම ඔබට ආදරය කලාද..

Wednesday, October 19, 2016

Say (Less & Stress) + Go (Slow & Show)

The Four S's

මීට අවුරුදු 3කට කලින් පටන් ගත්ත මගේ දෙවෙනි උපාධියේ අලුත් අධ්‍යයන කටයුතු වලදි තමයි මට මුලින්ම ඔටිසම් කියන තත්වය ගැන දැන ගන්න ලැබුනේ. එතෙක් මම කරගෙන ආපු රැකියා අංශය සහ අධ්‍යාපන අංශය එක පාරට වෙනස් කරන්න වුන විදිහ ගැන මම ලිපියක් ලියාගෙන යනවා. එහිදි මම කියන්නම් ඇයි මම මේ විදිහට හිටපු ගමන් මගේ ගමනේ පිළි මාරු කලේ කියලා..මේ මගේ ජීවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂය සහ හොඳම හැරවුම.. පළවෙනි හැරවුම ගැන මම ලිව්වා  හොඳම යෙහෙළිය කියාදුන් පාඩම් ලිපියේ...

Monday, October 17, 2016

0+0 = ????


Solving maths problems can be fun.  A locked pyramid with a padlock.


1 + 1 = 1
1 + 0 = 0
0 + 1 = 0
   0 + 0 = ???


Saturday, October 15, 2016

ඔබත් මමත් යළි එක් වේවි ද ?



Almost holding hands.

කවි ලියවෙන එක මගේ හැටිය
හිත රිදවන එක ඔබේ හැටිය
මේ ජිවිතය නම් ඔය   හැටිය
දුක දරනු හැකි මේ හැටිය

ඔබත් මමත් එක් විය
ඔබත් මමත් වෙන් විය
ජිවිතය නම් ගලා යන
 නදියක් මය නොනවතින

Thursday, October 13, 2016

ඇයට තනිව යා හැකි බාධක අවම පාරක් සොයා දෙමුද ?

 

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

 

දක්ෂ දරුවන් සදහා රැකියා ඇතිකරන්නේ කෙසේද ?

අද ඉතා කාර්ය බහුල දිනයක් උනත් පහත කෙටිලිපිය ලිවියයුතු යයි සිතුනා මෙහි ඇතුලත් තොරතුරු මෙය කියවන අයත් සොයාබලා මේ නැගණියට කළහැකි උපකාරයක් කරයි කියල හිතනවා.

Monday, October 10, 2016

හොඳම යෙහෙළිය කියාදුන් පාඩම්......

Nawalapitiya station - මේ කෝච්චිය එන්නේ මම පුංචි කාලේ ගැන ලිව්ව පොස්ට් එකේදී කිව්ව කලු පාලම යටින්...

මම මගේ පුංචි කාලය ගැන ලියද්දි ලිව්වනේ මම ඉපදිලා හැදිලා වැඩුනේ ඈත සීතල හතර වටෙන් කඳු වලින් වටවුන නගරයක කියලා.. ඒ නගරයේ නම නාවලපිටිය. ඉතින් ඒ සීතල නගරේ අවුරුද්දේ වැඩි කාලයක් වහින වැස්සට මැදි වෙලා අවුරුදු 10 ක් විතර ගත කලාට පස්සේ මගේ අම්මයි තාත්තයි තීරණයක් ගන්නවා නැවත කොලඹ ස්ථිර පදිංචියට එන්න. නැවත කියලා කිව්වේ අපි පුංචිම කාලේ ඉඳලා තියෙන්නේ අම්මගේ මහගෙදර  තියෙන කොලඹ. නමුත් පවුල් පන්සල් උනාට පස්සේ නිදහසේ කොන්දක් ඇතුව තමන්ගේ  මහන්සියෙන් පවුල ගොඩනඟන්න ඕන කියලා තාත්තයි අම්මයි දෙන්නම හිතපු අය නිසයි අපිවත් අරන්  මේ සීතල සුන්දර නගරෙට ඇවිත් තිබ්බේ.

Thursday, October 6, 2016

පිස්සුද නැ හැටි.....



  A girl who wearing winter cloths  trying to light a cigarette with a lighter. 


එපා
ඇයි එපා

 එපා කියන්නේ එපා නිසා
එහෙනම් ඔයා බොන්නේ..

ඒ මම , ඔයා එපා..
නැ මට ඕනමයි 

එහෙනම් එකයි
නැ දෙකයි

පිස්සුද
නැ හැටි.



ප. ලි.: මේ වදන් පෙළේ පසුබිම් කතාව ලිව්වොත් හොඳයි කියලා හිතුනා මට. මේ දවස් වල මම බලනවා GRAND HOTEL කියලා කතා මාලාවක් NETFLIX හරහා.. එහි ඉන්නවා කෝටිපති විවාහක පෙම්වතියක් තමන්ගේ හෝටයේ වැඩ කරන වේටර්වරයෙකුට පෙම් කරන. මේ දෙදෙනා මුලින්ම තනිව කතා කරන්නේ දුම්වැටියක් ගැන එක්තරා අපහසුතාවයකට මේ පෙම්වතිය මුහුණ දුන්න වෙලාවක. හැමොගෙන්ම වසන් වෙලා ඒ දෙතොල් වල පහස නැතුව ලතවෙන වෙලාවක ඇයට ඇගේ පෙම්වතා ඔහුගෙ දෙතොල් වල පහස ඒ වෙලාවේ ලබන දුම්වැටිය  දිලා ඒ නිල් ඇස් දිහා මොහොතක් බලාගෙන ඉන්නව හැඟිම් පිරි.....

එදා ඇතිවුන  ප්‍රශ්නයකදි දුම්වැටියක් උරන පුරුද්ද අන්තිමට ඇය  භාවිතා කරනවා ඇයගේ සැමියා ඉදිරිපිටම  තම පෙම්වතාගේ දෙතොල් වල පහස තමන්ට මොන තරන් අවශ්‍යද කියන එක කියන්න.. 

Tuesday, October 4, 2016

ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 3

I'm not Misbehaving, I have Autism.Please be Understanding.
අද මම "Autism Spectrum Disorder"  ඝනයට වැටිය හැකි පුංචි දරුවන්ගේ කල්තියා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කීපයක් ගැන ලියන්නම්. කලින් ලිපියෙන් කිව්වා වගේම මේ ලක්ෂණ තිබූ පමණින් කලබල වෙන්න ඕන නැ..ඒත් මේ ලක්ෂණ කීපයක් එකට තිබෙනවා නම් ටිකක් අවධානයෙන් ඉන්න දරුවගේ චර්යාවන් ගැන. පළමු අවුරුදු දෙකේ දරුවෙකුගේ  කෑම බීම බර වැඩි වීම වගේම සමාජීය සහ සන්නිවේදන හැකියාවන් වැඩීම ගැනත් කල්පනාවෙන් ඉන්නව නම් මේ ලක්ෂණ ඉතාම පහසුවෙන් අඳුරගන්න පුලුවන්. එතනදි දරුවගේ අම්මා විතරක් නෙමේ තාත්තත් මේ ගැන අවබෝධෙන් වැඩ කරනවා නම් පවුලක් විදිහට දරුවට උදව් කරන්න පහසු වේවි.

Thursday, September 29, 2016

ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 2

මම පළමු ලිපියේ අන්තිමට  කතා කලේ "Autism Spectrum Disorder" හි ගමන් කරන පුද්ගලයන්ගෙන් දැකිය හැකි වෙනස්කම් ගැන. අද එතැන් සිට...

Wednesday, September 28, 2016

ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම් 1

Early Autism Intervention
මට හිතුනා ජීවිත කාලය පුරාම මොළයේ විවිධ කොටස්  වල වැඩිමේ සිදුවෙන ගැටලුකාරී තත්වයක් නිසා තමා අවට ඇති දේත්, තමන් සහ අවට ඇති දේ හා සම්බන්ධ, එහෙමත් නැත්නම් අවට පරිසරය හා මිනිසුන් සමඟ වැඩ කරද්දි ඉතා විශාල අපහසුකම් ප්‍රමානයකට මුහුණ දෙන වගේම තේරුන් ගන්න අපහසු අවස්ථාවන්ට මුහුණ දෙන්න සිදු වෙන "Autism Spectrum Disorder" ගැන කතා කරන්න. ලොකේ හැම රටකම ඉතාම සිඝ්‍රයෙන් මේ ගැටලුකාරි තත්වය පැතිරයද්දි තාමත් ලෝකේ කිසිම කෙනෙක් මෙයට හේතුවක් හෝ හරි  පැහැදිලි කිරිමක් වගේම  කිසිම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් ද සොයාගෙන නැති නිසාම මේ ගැන දැනුවත්වීම හරිම වැදගත්. ඕනම දෙමාපිය යුවලකට මෙවැනි දරුවෙක් බිහිවිය හැකි නිසා  දැනුවත්වන ප්‍රමාණය වැඩි නම් නිසි ප්‍රතිකාර කිරීමේ හැකියාවත් වැඩියි.....

Tuesday, September 27, 2016

නැ නැ මම ආඩම්බර නැ, ඒත් ඒත් මේ මේ...

තැඹිලි පාට මල් වැටුනු කුඩේ යටට මටත් එන්න ආසයි, වැස්සේ නටන්න
අහස් නිල් පාට රැළි ගවුමක් ඇඳන්..

තෙමෙන්න උඩ පනින්න කැරකෙන්න මේ වගේ, 
එතකොට හැබැයි ඔයා දිහා වගේ හැමෝම 
බලන්න ගනීවී මගේ දිහා,
මම ඒකට නම් කැමති නැ...

නැ නැ මම ආඩම්බර නැ, එත් එත් මේ මේ... මේකයි...
ඔහොම බලන්න ගියාම අනිත් අයට මං ගැන ආදරේ
හිතෙන්න පුලුවන් ,

මේ ලොකේ කොහෙවත් හොයා ගන්න නැති
මගේ පිස්සු වැඩ වලට ,ඉතින් මොකෝ
හොඳයිනේ ...නැ නැ ඒක නරක නැ
වැරදිත් නැ

Friday, September 23, 2016

මිස් මම මිස්ට ගොඩාක් ආදරෙයි......

A Teacher takes a HAND opens a MIND & touches a HEART
"ගුරුවරියක්ගේ මතකය" කියන බ්ලොග් අඩවිය මම වෙනම වෙලාවක්  වෙන් කරගෙන එක දිගට කියවන අඩවියක්..ඇය ලියන කෙටි සරල බස, ඒ වගේම   හරිම සංවේදි ලිපි ඇහට කඳුලක් ගේනවා හැමදාම.. අපේ රටේ දුර ඈත පළාත් වල තවමත් මේ තරන්  ඇස් කඳුලෙන් පුරවන සිදුවීම් වලින්  ගහණයි කියලා හිතෙත්දි මටත් හිතෙනවා  ඒ වගේ දුර ඈත පළාතක  පුංචි එවුන්ට උගන්නන්න යන්න හරියට මගේ දෙමාපියන් දෙදෙනාම මීට සෑහෙන කාලෙකට කලින් කලා වගේ..ඒත් එහෙම කරන්න පුලුවන් කමක් අද මට නැහැ.. ...

Wednesday, September 21, 2016

පෙමින් ද සෙමින් ද ?




A girl with full of tears , waiting for her lover's touch , then tears will drop down like a waterfall


කියා ගන්න දන්නෙත් නැති
දැන ගත්තට ලියන්නත් බැරි
හැඟුම් වලින් හිත පිරෙද්දි
දැනෙනවා පිරෙන කඳුළු
නෙත් අගට

ඇසට නොපෙනන මහ දුරක
ඉන්න ඔබ සිහි වෙද්දි
සියොලඟම සලිත වී
පිපේ මේ කවි මල්
පත් ඉරුවේ

Sunday, September 18, 2016

කැමරා ෆොන් එකක්.. මේ මට .. ඒ මොකටද...


Prince & Princess in a fairy tail
මට පොඩි කාලේ ඉඳලා තියන පුරුද්දක් තමයි මං අවට ඉන්න අය මොනවා කිව්වත් කලත්  මං කරන්නේ හිතන්නේ මට ඕන දේ.. හැමෝම එන එන එක එක රැළි අස්සේ හැංගුනාට ඒ කාටවත් පෙනුනේ නැ මං හැංගෙන රැල්ල..මොකද මීදුම් සේලයකින් වැහිලයි තිබ්බේ ඒ රැළි..මෙන්න මෙහෙම හැමෝගෙන්ම හැංගිලා රැළි අතර මුවා වෙලා හිටි මාව හොයා ගෙන සත්සමුදුරෙන් එහාට කැන්දන් යන්න සුදු අසු පිට නැඟලා දවසක් ආවා කුමාරයෙක්...

Friday, September 16, 2016

මම මම වෙමි, ඔබ ඔබ වෙන්න....අතරමැද හිස්ව තබන්න.


Follow UR Heart but take UR Brain with U.
නිදහස් නිවහල් මනසක් ඇතුව මොළොව එළිය දකින මිනිස් ජීවියෙක් විදිහට අපි ඊලඟට මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ඒ නිදහස් නිවහල් මනස කොහොමද අප ජීවත් වන සමාජය ඇතුලේ නොනැසී පවත්වා ගන්නේ කියන එක. අපේ මොළය හරිම දක්ෂයි අප අවට ඉන්න අයගෙන් අවට තියන දේවල් වලින් හොඳ හෝ නරක උරාගන්න. තමන් අයිති කෙනාගේ සිතුවිලි පොඩ්ඩකට අමතක කරලා වටේ පිටේ ඉන්න අයගෙන් නොමිලේ ලැබුනු අදහස් උදහස් වලට අනූව අපිව මෙහෙයවන්න මොළේ හරි රුසියෙක්.. මෙන්න මේ දේ අපි මුලින්ම වටහාගන්න ඕන. ජීවත්වන සමාජයේ ඉන්න හැමෝගෙම අදහස් වැදගත් වගේම අපිට උපතින් හිමිවන අපේම මොළය නොනවත්වා නිපදවන අදහස් රැකගැනීමත් අපි අපි වීමත් හරිම වැදගත් තෘප්තිමත් බලාපොරොත්තු කඩනොවු ජීවිතයක් ගත කිරිමට. කිසිදිනක තමන්ට තමන් නොවන කෙනෙකු විය නොහැකි බැවින්..

Wednesday, September 14, 2016

I Wonder Why ?


(Toy Airplanes & Indoor Drone)
මට ඉන්නෙ අපි පහුගිය ලිපියෙන් කතා කල ඉගැන්නුම් ක්‍රම අතරින් VISUAL & AUDITORY  ක්‍රම වැඩියෙන් භාවිතා කරන පුතෙක්. ඉතින් ප්‍රශ්න වල නිමක් නැ අහන අපෙන්. පහුගිය දවසක උදේ පාන්දර නැගිටලා අහනවා "අම්මෙ අහසේ යන PLANE" වල රෝද වලට මොකද වෙන්නේ , කොහොමද ඒවා හංගන්නේ" කියලා.එයාගෙ සෙල්ලන් "PLANES" ටිකත් ඇඳට ගෙනත් ඒවා වල තියන රෝද දිහා බලාගෙන තමා මෙහෙම අහන්නෙ..

Saturday, September 10, 2016

හැසිරිම් සහ ඔබ කවුද - හයවන කොටස

Who are you
අද මම ලියන්නේ මේ දිඟු ලිපි පෙළේ අවසාන ලිපිය... මේ ලිපිය මම අවසානයට ලිව්වට මේ ගැන තමයි මම මුලින්ම ඉගෙන ගන්න පොතේ තියෙන්නේ. කොහොමත් ඉතින් අපි ශ්‍රි ලාංකිකයෝ විදිහට මුල ඉදන් අගට යනවට වැඩිය කරන්නේ අග ඉදන් මුලට යන එකනේ.. ඒ සිරිත කඩන්නේ කොහොමද මේ නිම්නයක නැවතිලා ඉඳන් (හිටන්)  හීන දකින  මම. හරි හරි විහිළු ඇති... 

Wednesday, September 7, 2016

එපා එපා (-) ඕනේ ඕනේ (+)........

 

A Sunflower smiling & saying "You are what U think, there for THINK POSITIVE.


මා ලියු "ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි..." නම් පෝස්ටුවට ලැබුනු ඇනෝ කොමෙන්ටුව සහ එයට මා දුන් පිළිතුර පැහැදිලි කිරිම උදෙසා මෙසේ වෙනම පෝස්ටුවත් ලෙස පළකරමි.

Monday, September 5, 2016

ඇනෝ නදී අක්කේ මේ ගී ඔබටයි....

නිම්නයේ පළවෙන බොහෝ ලිපි වලට ඇනෝ කොමෙන්ටු දමන නදී අක්කා මගෙන්  පෞද්ගලිකව ඉල්ලිමක් කලා මේ සිංහල , හින්දි සිංදු දානවා වගේ පරණ ඉංග්‍රිසී සිංදු ටිකකුත් අහන්න සලස්වනවා නම් අගෙයි කියලා.. ඇය සිංදු කීපයක් නම් කලත් එක්ක. ඉතින් මේ ඇගේ ඉල්ලීම මම ඉටු කරන්නේ.. ඔබත් රසවින්ඳට කිසිම අවුලක් නැ.. 

Thursday, September 1, 2016

අතීතයට අතවනන අතීතයේ ඇහුණු ගී අහම්බෙන් ඇසුවෙමි......

මට ඊයේ අහම්බෙන් අහන්න ලැබුනා පරණ හින්දි සින්දු ටිකක විඩියෝ ඉස්සර හරිම ආසවෙන් බලපු, මේ ගොඩක් ඒවා ගියේ ඒ කාලේ තිබ්බ MTV එකේ මට මතක විදිහට. (මතකය වැරදි නම් නිවැරදි කරන්න ) මට හිතුනා මේ විඩියෝ ටික එක තැනකට ගන්න. මීට කලිනුත් මම මේ වගේ තැනින් තැනින් මට ඇහුනු ගී එක තැනකට ගත්තා මතකද.. මේ තියෙන්නේ එදා එකතුව...

හැබැයි මට මේ ගීයෙන් ගීයට විඩියෝවෙන් විඩියෝවට මතක සටහන් නම් නැහැ..එකම මතකය අම්මාගෙන් හොඳටම බැනුන් අහනවා හැමවෙලේම  සින්දු අහනවයි Keyboard එක Play කරනවයි මිසක් පාඩමක් කරන්නේ නැ කියලා. අන්තිමේ අම්මා ස්වර ප්‍රස්ථාර තිබ්බ පොත් හංගලා මාව තාත්තට බාර දුන්නා. මේ මතකය O/L කාලේ. විභාගයෙන් පස්සේ මම ඒ පොත් ආපහු හෙව්වට හම්බුනේ නැ.. O/L වල තියන විෂයකට එහායින් සංගීතය ගැනවත් නර්තනය ගැනවත් හිතන එකට  අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම වැඩි කැමැත්තක් තිබුනේ නැ කියලා අද මට හිතෙනවා දෙන්නම හොඳ රසවිඳින්නන් උනත් කලාව.

Tuesday, August 30, 2016

නෙතු සොයනා සිත පතනා සුව නින්ද...



 නින්ද,ඇත්තටම මොකක්ද මේ නින්ද කියන්නේ..අපේ ශරීරයත් මනසත් එකම විදිහකට හැමදාම රැට එක දිගට පැය කීපයක් මුහුණදෙන  ක්‍රියාවලියක් කියලා ඉතාම සරලව කියන්න පුලුවන්, මෙහිදි අපේ ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වෙන අතරෙම අපේ ඇස් පියවි ගිහින් මාංශපේශි ඉහිල් වෙලා අප අවට සිදුවන දේවල් ගැන අපිට තියන දැනීම තාවකාලිකව ඇණහිටින්නේ දවස පුරා වෙහෙස උනු හිතත් ගතත් නැවත යථාතත්වයට ගෙන එන්න ඊලඟ දවසට ප්‍රබෝධමත්ව ප්‍රාණවත්ව මුහුණ දෙන්න.. නෙතු පියන් වැසි සිත ගිමන් නිවි  නිදි දෙව්දුව වැලඳගන්න එක ගොඩක් අයට ලේසි දෙයක් නෙමේ මේ කලබලකාරි ජිවීතේ, හැබැයි වාසනාවකට සමහර අයට නම් කිසිම කරදරයක් නැ මේ ගැන. ඉතින් මේ දෙගොල්ලෙන්ගෙම නින්ද ගියාට පස්සේ ඉවරයක් නැතුව බරටම වැඩ කරන කෙනෙක් ඉන්නවා, ඒ තමයි අපේ මොළය..එක තප්පරයක්වත් නැවතෙන්නේ නැතුව නොනැවති වැඩ කරන මොළයට ටිකක් පහසු කරන විදි කීපයකුත් මම කියන්නම් මේ ලිපියේ අන්තිමට නින්දෙදි..

Saturday, August 27, 2016

නොහිතු මොහොතක "පුදුමය" නම් හැඟිම මෙහෙය වු තෙළිතුඩ....





තියන තියන පියවර මත
නැඟෙන නැඟෙන පැතුම් අතර
බිඳෙන බිඳෙන කාලය ඇත
බලන බලන හැම අතකම

ඉතින් සබඳ කියනු මැනවි
මතක පොතේ පිටු පෙරළි
නුඹේ අතින්  ලියවි ඇති
කතා පෙළම මේ භවයේ

Wednesday, August 24, 2016

මෙවන් වු සෙනෙහසක් කොයින් සොයන්න ද ?




නොපෙනෙන ඉසව්වක පිහිටි මායාව තුල මා නෙතු රැවටි යා නොදි
අතිතය වර්තමානය අනාගතය පසක් කොට ගෙන
අවබොධ කරගෙන යතාර්ථය
කාලයේ වැලිතලාවෙන් වසන්තය මිය යා නොදි
ජිවිතය නම් දිගු වන්දනාවේ මෙත් මල් සුගන්ධයක් සේ සුවඳ තවරා
ජිවිතය ජය ගැනුමට නිරතුරුවම ඔවදන් දෙන ආදරණිය අම්මේ
මගෙ දිවිමඟ එකලු කල සුපුන් සඳ ඔබයි..........

Sunday, August 21, 2016

හැසිරිම් සහ ඔබ කවුද - පස්වන කොටස


 
ටික දවසකට මේ පාඩම් මාලාවට සමු දුන්නේ  අපේ ගෙදර කලබල ගතිය වැඩි උන නිසයි. 6 මසක් ලංකාවේ ගතකල අපේ අම්මා ආයෙත් ආවා අපි ලඟට තව අවුරුද්දක් අපිත් එක්ක ඉන්න. පුතාට නම් ඒ තරන් සතුටක් තවත් නැ.. මුලු දවසම අත්තම්මා එක්ක, නිදා ගන්නෙත් අත්තම්මා එක්ක. මේ අවුරුද්දේ මුල හරියෙ හොයා හොයා හිටිය "DREAM" ජොබ් එක හම්බෙලා "SILICON VALLEY" ගිය මල්ලිත් ඇවිල්ලා ගෙදර පිරිලා..ගිය සතියේ තමයි පොඩි නිවාඩුවකට ආපු මල්ලි ආපහු ගියේ. දැන් ආයෙත් ටිකක් පිරුනු  ගතිය අඩු වෙලා පොඩි පාලුවකුත් එක්ක පුරුදු විදිහට ජීවිතේ ගෙවිල යනවා. එහෙම පාලුවෙන් ඉන්න අතරේ තමයි ඉයන්ගේ සොඳුරු ගී රැල්ලට අහු උනේ...

Wednesday, August 17, 2016

16ක් නම් බැහැ 20ක් නම්.... ඒත් නැවතුමක් නැහැ....ගී ගඟුල පිරවු, පුරවන "ඔබ" හැමට තුති....


ඉයන්, මුලින්ම කියන්න ඕනේ මං හිතන්නේ ඔබ අපි හැමෝවම ගී ගඟුලට ඇද දැමු උල්පතක් මැවූ බව...
හරියට දිය ඇල්ලක් වගේ එක පාරට කඩා හැලුනු 
සුදු පාට පෙණ කැටි බිඳි බිඳි නැඟෙන...
මේ හඬවල් පදවැල් නාදරටා වලට
 අපි පෙම් කරන තරමක්...
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වී 
සුදුසු කලට අපේ හද පිනවන, දෙනෙත් කඳුලින් පුරවන, මිතුරු දම් යා කරන ගී ගඟුලට එකතු වෙන්න  
පුංචි දොළ පාරක් හැදුනා නිම්නයේ...

Saturday, August 13, 2016

එන්න ලං වී සදා ආදරෙන් හිම කුමරිත් එක්ක...





පුංචි කාලේ ආසාවෙන් බලපු සුරඟන කතා කරළියෙ එන හිම කුමාරි කතාවට මම හරිම කැමතියි.. ඒ කතාව ගොඩනඟලා ගලාගෙන යන විදිහ කොයි තරන් බැලුවත් එපා වෙන්නේ නම් නැහැ.. මේ කතාවේ ඉන්න ළමයි දෙන්නගේ නම් "ගර්ඩා" සහ "කායිල්". මේ දෙන්නා ගොඩාක් ආදරෙන් විනෝදෙන් කාලේ ගෙවද්දි හදිස්සියේ "කායිල්" හිමේ අතුරුදහන් උනාට පස්සේ "ගර්ඩා" තමන්ගේ හොඳම යාලුවා නැතුව දුක් වෙන හැටි,ඇගේ හිතේ වේදනාව බලන් ඉන්න අයගේ හිත් වලට කා වදින හිම කුනාටු පසා කරගෙන යන ඇගේ කටහඬ (සිංහලෙන් හඬකවලා තිබුනු හඬ මට දැනුත් ඇහෙනවා වගේ)  ඇගේ නොපසුබට උත්සහය තමයි මගෙ හිත වැඩියෙන්ම ඇඳිලා ගියේ මේ කතාවට..

Wednesday, August 10, 2016

ගබ්සාව,ගණිකාව සහ ගැරහීම

මම බොහෝ විට කියවලා තියනවා ගබ්සාවට විරුද්ධ එය නොකල යුතු බවට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අවස්ථාවන්.. ගබ්සාව කියන බැරැරුම් තිරණය ගන්න වෙන  ගැහැනියට ඒ ගැබ ඇති කරන්න සම දායක උනු පිරිමි පාර්ශවය මුණ නොදෙන සමාජීය ගැටලු සලකා බැලිමක් එතනදි කෙරෙනවද කියන එක  ප්‍රශ්නයක්... ඇයි ගබ්සාවක් කරන්න සිදු වෙන්නෙ ? අපි සෞඛ්‍යමය හේතු පසෙකින් තියමු.. එතනදි ගබ්සාවට එරෙහි වන එක අයෙක් හෝ තමන් එවැනි අවස්ථාවක මුණ දුන්නොත් දිගටම තනියම දරු ගැබ දරාගෙන සමාජයට මුණ දෙන්න ලැස්ති ද ?

Thursday, August 4, 2016

Nimsy..........



You keep running out of all you have
May be this will teach you truth in life
Learn the lesson & move on
Life will smile back again you

Smile smile will give you happiness
Cry cry will give you courage
Breath breath will give you  strength
Blink blink  will give you hope

Saturday, July 30, 2016

හැසිරිම් සහ ඔබ කවුද - හතරවන කොටස

දෙවන කොටස
තුන්වන කොටස


පසුගිය ලිපි වලින් අපි කතා කලේ "හැසිරිමක්" ගොඩනැඟෙන විදිහ පියවරෙන් පියවර මේ පිරමීඩයේ ඉහළට ගමන් කරද්දි. අපි දැන් පියවර තුනක් දන්නවා. SENSE(දැනෙන විදි) +FEEL (දැනීම්) + THINK (හිතන විදි). අද තියෙන්නේ හතරවන පියවර. LEARN "ඉගෙන ගැනීම". 

Saturday, July 23, 2016

හැසිරිම් සහ ඔබ කවුද - තුන්වන කොටස

පළමු කොටස.
දෙවනි කොටස.

අද "හැසිරිම්" ගැන ලියවෙන තුන්වන අදියර.. පහත පිරමිඩයේ උඩින්ම තියන "හැසිරිම්" හැදෙන විදිහ ගැන තමයි මේ එකින් එක පියවරින් ලියවෙන්නේ... මුල්ම ලිපියේ අපිට අවට පරිසරයෙන් "දැනිම්"  (SENSE)  ලැබෙන ක්‍රම ගැන කතා කලානේ. ඊට පස්සේ ඒ ලැබුනු "දැනිම්" හරහා අපිට "දැනෙන"  (FEEL) විදිහ  ගැනත් කතා කලා.. අද තියෙන්න පිරමීඩයේ තුන්වන පියවර වන "හිතන"  (THINK) ගැන කතා කරන්න. 

Wednesday, July 20, 2016

පිපි කුසුම් පර නොවෙද - මඟ බලමි නුඹ එනවාද......



සසල මගෙ හිත පුරා
සිතුවම් අඳින නුඹ පෙමා
සඟවන්න බැ මෙමා
සෙනෙහෙ මගෙ ඔබ තමා..

තරු නෙතු දිලි දිලි
මුව කමල පිපී පිපී
කියන් මට සැලි සැලි
නුඹෙ සෙනේ  හිමි හිමින්

දිනෙන් දින ගෙවී යාවී
නුඹෙ නමින් පෙම දිලේවී
සිතුම් පෙල දිග හැරෙවී
නේක කවි  ලියවේවී.

කියන් මට එනවාද
ඔය හිතේ රඟ දෙන්න
පිපි කුසුම් පර නොවෙද
මඟ බලමි  නුඹ එනවාද......


Friday, July 15, 2016

ආදරය (ජීවිතය ) ආදරය 00+



මිනිස්සු ආදරය කියල හඳුන්වන්නේ මොක්කද කියන දේ ගැන මට තියෙන්නෙ හැමදාම උත්තරයක් නොලැබුනු ප්‍රශ්නයක්. කරදරයක දි, දුකකදි කීයෙන් කීදෙනාද තමන්ගෙ කැපවිමෙන් අවංකව කෙනෙකුට උදව් කරන්නේ ඒ කෙනාගේ පැත්තෙන් බලලා. තමන්ට දෙයක් නොලැබෙන බව දැන දැන කීයෙන් කී දෙනාද දිගින් දිගටම කරදරයක ඉන්න කෙනෙකුට උදව් කරන්නේ.. මට හිතෙන්නෙ හැම කෙනාම හරිම ආත්මාර්ථකාමි, තමුන්ට දෙයක් නොලැබෙන හෝ තමුන්ගේ අදහසට නොගැලපෙන බව දැනෙන විට එකම දුක් කතාව අහන්න දකින්න වුනාම නොකියාම (බොරු) ඒ කෙනාගෙන් ඇත් වෙලා තම තමන්ගෙ ලෝක හදා ගන්නවා.

Tuesday, July 12, 2016

Bad Days Will Pass.....

 


Love is not what you say & hear
Its all about what you do & feel
You born to be real & shine like a star
Make a wish that come for true

Never look down when its dark
Up your chin & follow your heart
Not very far you meet sun shine
Tell me you will help them all
 
Always refresh what you think
It will give you miracle in life
Keep in mind life will change
Ready your all face to life
 
 
Spread your kindness all your around
Make sure you are alive before your death
Accept your past & support your future
Keep them close as much as you can......

Friday, July 8, 2016

පන්හිඳ කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලඟින් මා..




මියෙන තුරු නුඹට මා ණයගැතී
මියෙන මගේ සිතට පණ පෙව් නිසා
මියෙන තුරු ගෙවමි මා පණ සේ රකී
මියෙනු බැහැ නුඹ නම් කිසි දින නොදිලී 

තනි කලේ නැ මගේ සිත නුඹ නම්
රිදුම් දුන්නෙ නැ දරනු බැරි නුඹ නම්
වටහනු බැ කිසි දිනේ නුඹේ අගේ මට නම්
නිහඬ බව රකිමි කාලය විසඳුම් දේවි නම්  

සීත රැ අදුරේම නෙත් ඇරන් පාලුවේ
රැව්දුන්නේ නුඹේ හඬයි දෙසවනේ රැ තුන්යමේ
මගෙ මුවඟ නැඟි සිනා පෙර දිනේ
නොම දැනේ කිම කඳුළු  බිඳු උනේ

පෙර කලෙක  රිසි ලෙසින් පෙම් කලත් මා
නේක වැටකඩොලු මැද වසා දැමුවත් මා
ඇයි ආවේ  අසමි නොකියාම මේ ලෙසේ මා
පන්හිඳ කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලඟින් මා.. 


Tuesday, July 5, 2016

හැසිරිම් සහ ඔබ කවුද - දෙවෙනි කොටස

මම පහුගිය ලිපියෙන් පැහැදිලි කලා හැසිරිමක් ගොඩනැඟෙන්න ඕන කරන පියවර වල පළවෙනි පියවර විදිහට අපිට දැනෙන ක්‍රම ගැන. "SENSE" ගැන මෙතනින් ආයෙත් කියවන්න පුලුවන්.


අද මං මේ පිරමිඩයේ ඊලඟ පියවර "FEEL", "හැඟිම් දැනීම්" ගැන තමයි කතා කරන්න යන්නේ. කලින් ලිපියේ පැහැදිලි කලානේ "SENSE" හරහා අපිට ලැබුනු "දැනීම්"  අනුව කොහොමද මොළය  අවට පරිසරයේ තොරතුරු එකතු කර ගන්නේ කියල. අද බලමු ඒ එකතු කරගත්ත තොරතුරුවලට මොකද වෙන්නේ කියලා. මෙතන්දි මුලින් මම  මොළයේ ක්‍රියාකාරිත්වය සරලව පහත රූප සටහනෙන් පැහැදිලි කරන්නම්.

Saturday, July 2, 2016

හැසිරිම් සහ ඔබ කවුද - පළවෙනි කොටස


   අද මට හිතුනා එකිනෙකා අවබෝධ කර ගැනිමේදි ඉතා වැදගත් වන "හැසිරීම්" ගැන සහ තමන්ටම තමන් කවුද කියල අඳුරගන්න පුලුවන් ක්‍රම ගැන කතා කරන්න. මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය මේ හා සම්බන්ධ දිඟු ලිපි පෙලක ආරම්භය පමණක් බව... 

Tuesday, June 28, 2016

බූමරංගයක් නො(වු)නු Bumrungrad International Hospital


 අපේ තායිලන්ත ජිවිතේ අමතක නොවෙන තැනක් තමයි මේ පින්තුරේ තියෙන්නෙ...අති නවීන පහසුකම් වලින් යුත් ඉතාම සුවපහසු හරිම පිළිවෙලට හදල තිබ්බ භාශා ගැටලුව නිසා පුංචි ලෙඩකටත් යන්න වුනු "සුකුම්විත්" නගරයේ සෝයි 3නේ පිහිටි ( සෝයි කියන්නේ අතුරු පාරට කියන තායි නම, මේ නගරයේ අතුරු පාරවල් එක තැනකින් පටන් අරන් පිළිවෙලට අංක කරල තියනවා මිසක් එක එක අයගේ නම් ගම් ගහල වෙන් කරලා නැහැ)   තරු පහේ අන්තර්ජාතික රෝහල.. මේ රෝහල කරුණු කීපයක් නිසා අමතක කරන්නම බැහැ. ඒ අතරින් මගේ දඟමල්ල දකිද්දි කිසිම දවසක අමතක කරන්න  බැරි සිදුවිමක් තියනවා මේ සුපිරි රෝහල හා බැඳුනු ජීවිතයත් මරණයත් අතර සිදුවුන.

Saturday, June 25, 2016

ඈ සුජීවා නම් විය.


නමින් සුජීවා වන ඇය මට හමුවන්නෙ මාස කීපයක් වයසැති මගෙ පුතණුවන් සමඟ ගෙදර අනිකුත් වැඩ වලට පහසුවක් වේ යැයි සිතා මගේ මව විසින් පණිවිඩ කිහිපයක් දන්නා අඳුරන අයට පැවසිමෙන් පසු එක්තරා උදැසනක අපේ ගෙදරදි.  සුජීවා මටත් වඩා වයසින් බාල , ශරීරයෙනුත් කුඩා යාන්තමින් O/L පාස් උන කොලඹට ඈත වියළි කලාපයක හැදි වැඩි ඇති බවත්   මේ වෙන කොට ඇයට දරුවන් දෙදෙනෙක් ද සිටින බවත් ටික වෙලාවක් ඈ එක්ක කතා කරද්දි අපි දැනගත්තා.. පොදුවේ පිළිගැනෙන පරිදි ඈ එතරම් උගත් නුවත් මම දැක්කෙ ඈ  ලබා ඇති ජීවිත දැනුම අසලවටත් මට ඒමට නොහැකි බව ඊළගට ගතවුනු මාස කීපයෙදි. ඈ ඒ තරන්ම  දුක් කම්කොටලු පිරි ජිවිතයක්  ජයගත්  ශක්තිමත් දිරිය කාන්තාවක්.

Related Posts Plugin for WordPress, Blogger...