Thursday, March 24, 2016

සුදුසු කලට නොම වී නම් --- සුදුසු දනට නොම වී නම්



සුදුසු කලට නොම වී නම්
සුදුසු දනට නොම වී නම්
ඉවසනු හැකි නොම වී නම්
පලක් නොමැත ගී වී නම්

සිතේ හැඟුම් වි  පද වැල්
රටා මැවේ  වී ගී වැල්
දකී ලොවක් වි හැමකල්
නිවු දනන් වී සිත්මල්


රටා මවා දිනු හැම  සිත් දන
දවා දමයි නම් සිත්  මල
කුමට නැගෙනු ලියු පද වැල
ගැයෙන හඬින මියුරු නද දෙන


දිනෙක  දිලෙන දිනූ තරුමැද
නැගෙන හඬින නිවු සිත්හැම
හැඩවෙනු ඇත ලියු පදහැම
රැදෙන මුවඟ හැම දනමන .........

Thursday, March 17, 2016

එපා මට මිණි කිරුලු -- දෙන්න මට සිනා පොකුරු


එපා මට මිණි කිරුලු
දෙන්න මට සිනා පොකුරු
ගන්න නුඹේ සිත් තැව්ලු
දෙන්න මට මල් අහුරු


බලන් සියොතුනු ඇගෙ නෙත් කව්ලු
ගෙනෙන් ඇගෙ නෙත රැදි කදුලු බින්දු
කියන් ඈ හට මිණි සිනා කැන්දු
ඇගෙ පන වැනි මගේ මුවේ රැන්දු


පවන්  සලා නිවන් ඒ සිත
නොහැක බලා ඉන්න මා හට
නැගෙන උනු කදුලු ඈ  නෙත
නිවී සැනහි එකලු වෙයි හෙට


සමබරව සැප දුක් විදි
නුබයි අපේ සිත් ලඟ රැදි
නිවයි සරතැස නිති
පිනකි ලැබු  නුබ හිමි

හමු නොවෙවා යලි නුඹේ දුක් ලඟ......



නිවී දැල්වී නොපෙනී යන
නුඹේ දැස් මගේ නෙතු ලඟ..
මැවී මැකී රැව් නැගී යන
නුඹේ සිනා මගේ සිත ලඟ..
රගන රඟ මඩලේ සදාතන
හමු නොවෙවා යලි නුඹේ දුක් ලඟ.......

Sunday, March 13, 2016

කලාවේ මුලාවෙන කලාකරුවන් ද ? මුලාවේ කලාව සොයන කලාකරුවන් ද ?

     කලාව.... කුමක්ද මේ කලාව...සංවේදීකමද ? නැතහොත් මිනිස් හිතට දැනෙන හැඟිම් නිර්මාණශිලීව ඉදිරිපත් කීරිම ද?  එහෙමත් නැතිනම් මංමුලා වෙන මිනිස් හැඟිම් වලට පන දෙන වචනයක් පමනක්ද  ?

මේ කුමක් වුවත් අද පවතින කලාව නම් මුලාවක් බව නොකියාම බැ. අද  විතරක් ද ? නැහැ, අතීතය පුරාම මේ  මුලාව කලාව කියන අකුරු තුන අතරේ එහාට මෙහාට සැරිසරලා සුන්දර මිනිසුන් අසුන්දර කර ඇති  වාර අනන්තයි.

මුලා නොවී කලාව කරන්න ඇත්තටම බැරි ද ? නැතිනම් එහෙම නොහැකි බව  කලාව කරන්නන් විසින්ම සමාජගත කරලද ?  හිතලා බලන්න වටින ප්‍රශ්නයක් වුනත් උත්තරයක් නම් හොයාගන්න පුලුවන් වේවිද මන්දා ...

Monday, March 7, 2016

බුදු සමිදුනු වඩිනු මැන - කාලයයි මේ බන පදයකට....


ලොවට හොරා වෙස් බදින
නැට්ටුක්කරුවන් රඟන
රඟ මඩල මේ දිවිය
හදවත් ඇත්තවුන් දවන


නොහඳුනන මුත්  අප අවට
සිටින වෙස් මුහුනු පැලද
මිනුසුන් යැයි හඬ ගා කියන
නොමිනුසුන් පොර බදින


නිවනක් සොයන සිතකට දැනෙන
දාහය කෙසේ නම්   නිවමුද
කවියට හැරෙන සිත රිදුන
වැටහෙන කෙනෙක් හමු වේවිද


ලොවම මහ මිරිඟුවක
දුවන හැම දන හති වැටෙන
බුදු සමිදුනු වඩිනු මැන
කාලයයි මේ බන පදයකට.....

Related Posts Plugin for WordPress, Blogger...