පුංචි කාලේ ආසාවෙන් බලපු සුරඟන කතා කරළියෙ එන හිම කුමාරි කතාවට මම හරිම කැමතියි.. ඒ කතාව ගොඩනඟලා ගලාගෙන යන විදිහ කොයි තරන් බැලුවත් එපා වෙන්නේ නම් නැහැ.. මේ කතාවේ ඉන්න ළමයි දෙන්නගේ නම් "ගර්ඩා" සහ "කායිල්". මේ දෙන්නා ගොඩාක් ආදරෙන් විනෝදෙන් කාලේ ගෙවද්දි හදිස්සියේ "කායිල්" හිමේ අතුරුදහන් උනාට පස්සේ "ගර්ඩා" තමන්ගේ හොඳම යාලුවා නැතුව දුක් වෙන හැටි,ඇගේ හිතේ වේදනාව බලන් ඉන්න අයගේ හිත් වලට කා වදින හිම කුනාටු පසා කරගෙන යන ඇගේ කටහඬ (සිංහලෙන් හඬකවලා තිබුනු හඬ මට දැනුත් ඇහෙනවා වගේ) ඇගේ නොපසුබට උත්සහය තමයි මගෙ හිත වැඩියෙන්ම ඇඳිලා ගියේ මේ කතාවට..
මේ කතාව දිඟ හැරෙන්නේ වයොවෘද්ධ ආත්තම්මා කෙනෙක් එක්ක තමන්ගේ කාලේ ගත කරන ළමයි දෙන්නෙක්ගෙන්.. ලොකේ තියන ආදරණියම කිසිම කලබලයක් නැති ඉවසිලිවන්තම නිර්ලෝබීම ආදරය අපි හැමෝම ලබන්නේ ආත්තම්මගෙන් සීයාගෙන්.. අම්මලා තාත්තලා ආදරේ නැතුව නෙමේ.. එයාලට ජීවින ගමනේ බර තියනවනේ දරන්න කාලේකට කලින් අත්තම්ලා සීයලත් දරපු.
මේ විදිහට හරිම සැහැල්ලුවෙන් තමන්ගේ අත්තම්මගෙන් ආදරය විඳින අතතුරේ එක් දවසක ඈත අඳුරු විශ්වයේ කොනක ඉන්න නපුරු පිසාචයාගේ වීදුරු කුඩු වැස්සට හිටපු ගමන් අහුවෙන, ඒ වීදුරු කට්ටක් ඇහේ ඇනෙන "කායිල්" හිටපු ගමන් නපුරු වෙලා එතෙක් තමන් එක්ක වත්ත පුරා පිපිලා තිබුන රෝස මල් එක්ක හිනා වෙවී දුවපු තමන්ගේ හොඳම යාලුවා වුනු "ගර්ඩවත්" අමතක කරලා හිම කුනාටුවේ අතුරුදහන් වෙන්නේ හිම කුමාරි කියලා කෙනෙක් මේ ලොකේ නැ කියලා, හිම කියන්නේ අයිස් උන වතුර විතරයි කියලා "ගර්ඩා" එක්ක රන්ඩු වෙලා.. ඔහුගේ ඒ වචන වලින් හිත හොඳටම රිදුනත් බලාගෙන ඉඳලා බැරිම තැන හිම කුනාටුවේම "ගර්ඩා" යනවා "කායිල්ව" හොයන්න කාටවත් නොකියා තනියම..
ගස් වලට සතුන්ට කතා කරන්න පුලුවන් අපි එයාලට ඇහුන්කන් දුන්නොත් කියන අදහස හරිම නිර්මණාත්මකව මේ කතාවේ කියවෙන අතරෙම අපේ ජිවිත වල මුලික අරමුණු අමතක වෙලා වල්මත් විය හැකි මුලාවනුත් කතාවේ දිග හැරෙනවා.. "ගර්ඩා" "කායිල්ව" හොයාගෙන යන අතරේ ඇයට හමු වෙනවා කතා කරන ගහක්, දඩයක්කරුවෙක්, කතා කරන්න පුලුවන් පිනි මුවෙක් ,වසන්තයේ කුමරිය අන්තිමට "කායිල්ව" අරන් ගිය ලස්සනම ලස්සන අයිස් වගේ දිලිසෙන හිම කුමරිය... මේ වසන්තයේ කුමරිය "ගර්ඩව" දැක්කම හැමදාම ඇයව තමන් ලඟ තියා ගන්න "ගර්ඩා" ඉතාම ආස කරන ඒ වගේම ඇය ගොඩක් ආදරය කරන හොඳම යාලුවා වුනු "කායිල්ව" මතක් කරන රෝස මල් උයනෙන් අතුරුදහන් කරන්නේ තරහකට නම් නෙමේ. අපි හැමෝම වගේ වසන්තයේ කුමරියත් ආසයි තමන් ආදරය කරන අය දිගටම ලඟ තියා ගන්න..
ඒත් ඇයට අමතක වෙනවා ඇගේ තොප්පියේ තියන රෝස මල් අතුරුදහන් කරන්න, සැහෙන දවසක් වසන්තයේ කුමරියත් එක්ක විනෝදෙන් හිටිය "ගර්ඩට" තමන් කරන්න ආපු දේ මතක් වෙන්නේ අන්න ඒ මල් අහම්බෙන් දැක්ක වෙලේ ඔන්චිලාවේ ඉන්න කුමරිය නැගිටින්න කලින් ඈ තොප්පිය අරන් පළදන වෙලේ... ඒ වෙලාවේ "ගර්ඩට" හොඳටම තරහයි වසන්තයේ කුමරිය එක්ක, ඒ වගේම දුකයි...ඈව නවත්තගන්න කල කපටිකම නිසා.. ඇත්ත ලොකෙත් මේ වගේ. අපිට සමහර වෙලාවට අපේ අරමුණ මඟහැරිලා කියලා තේරන්නේ ගොඩක් පස්සේ කපටින්ට අහු උනාම...හැබැයි කිසිම වෙලාවක තමන් පරක්කු නැ කියන අදහස අපිට දෙන්නත් එක්ක "ගර්ඩා" ඒ වෙලාවෙම එතෙක් ඈ වසන්තයේ කුමරියත් එක්ක වින්ඳ සැහැල්ලු ජීවිතේට ආයුබෝවන් කියලා පිටත් වෙනවා ආපහු තමන් ආපු අරමුණට යන්න, හිම කුනාටුවේ අතරමන් වුනු තමන්ගේ හොඳම යාලුවා "කායිල්ව" හොයන්න..
මේ පිටත් වීමේදි වසන්තයේ කුමරිය "ගර්ඩා" ගෙන් ඉල්ල ගත්ත ඇගේ කර මාලය ඇයටම ආපහු දෙන්නේ එය ඇයට වාසනාව ගෙනෙවි කියලා..ඒ මාලය ආපහු දිම තමයි එතනදි කරන්න ආපු දේ අමතක කරලා වැරදි පාරක ගිය ඇයට අමතක නොවෙන පාඩමක් නිරුපනය කරන්නේ කියලයි මට හැමදාම හිතුනේ..වැරැද්දක් අතපසු වීමක් උනාම ඒ වැරද්ද තේරුන් ගත් වහාම හරි ක්‍රියාමාර්ගය ගැනීමත් උනු වැරැද්දෙන් ඉගෙන ගත් පාඩම අමතක නොකර ලඟම තියා ගන්න කියන්න පණිවිඩය හරිම අපූරුවට පුංචි අයගේ මනසට විතරක් නෙමේ වැඩිහිටි අපෙත් මනසට ඇතුල් වෙන විදිහට ඒ දර්ශනය හැඩගැන්විලා... ඒ මාලය ඇයට දෙන්නේ "කායිල්". ඒ නිසා මාලේ ලඟ තියනකන් ඇයට "කායිල්ව" අමතක වෙන්නේ නැ, ඇය කරන්න ආපු වැඩේ අමතක වෙන්නෙත් නැ
ඉන්පස්සේ ඇයට හමු වෙන්නේ හිමේ වෙස්වලාගෙන හැංගිල දඩයම් හොයන දඩයක්කරුවෙක්.. කිසිම අනුකම්පාවක් නැතිව "ගර්ඩා" සීතලට ඇදගෙන ඉන්න සාලුව පවා උදුර ගන්න මේ දඩයක්කරුවගේ චරිතය අපිට මවලා පෙන්නනේ අපි අතරම ඉන්න නැති බැරි අය, ජීවත් වෙන්න සටන් කරන අය කියලයි මට හිතෙන්නේ.. එහෙම කටුක සීතල හිමේ අවම පහසුකම් එක්ක සටන් කරද්දි හිතේ තියන සංවේදිකම යටපත් වෙලා කොහොම හරි ජීවත් වෙන්න, හිමේ සීතලේ නොමැරි ජීවත් වෙන්න හිත් හයිය කර ගත්තට මේ දඩයක්කාරයා ඇතුලෙත් සංවේදී සාධාරණ චරිතයක් දිවෙනවා.. "ගර්ඩා" ඇඳගෙන ඉන්න සිත්ගන්නාසුලු සීත සලුව ඇයගෙන් උදුර ගත්තට මේ දඩයක්කරු ඇයට සීතලේ ඉන්න දෙන්නේ නම් නැහැ.. අමාරුවෙන් දඩයම් කර ගත්ත සත්තුන්ගේ හම් වලින් නිමවපු කබායක් ඇයට දෙන්න තරන් මේ දඩයක්කරු අනුකම්පා සහගතයි..
ඒ වගෙම "ගර්ඩා" යන්න හදන අවදානම් ගමනට තමන්ගේ කතා කරන පිනි මුවා දෙන්න තරන් දඩයක්කරු ත්‍යාගශීලියි.. මෙතනදි තමයි "ගර්ඩා" දැන ගන්නේ සත්තුන්ටත් කතා කරනන් පුලුවන් බව අපි ඇහුන්කන් දෙන්න ලැස්ති නම්... මේ පිනි මුවා ඇයට කියනවා ඇගේ යාලුවා "කායිල්" දැන් ඉන්නේ හිම කුමාරිගේ මාලිඟාවෙ බවත් ඇයව එක්කන් යන්න තමන්ට හැකි බවත්. මෙහෙම පිනි මුවා එක්ක මාලිඟාවට යන ඇය ඊලඟට මුහුණ දෙන්නේ මාලිඟය ඇතුලට යන්න නම් රහස් වචනය ඉල්ලන අයිස් වගේ මිදෙන්න කිට්ටු දොරටු පාලයකන්ට..ජීවිතයේ අපිට මුහුණ දෙන්න වෙන නොසිතන ගැටලු වලට ස්ථානෝචිතව අවට පරිසරයෙන් ලැබෙන පොඩි පොඩි ඉඟි එක්ක මූණ දෙන හැටි හරි අපූරුවට "ගර්ඩා" අපිට කියලා දෙන්නේ මේ දොරටු පාලකයන් දෙන ඉඟි වලින් එක පාරින්ම රහස් වචනය කියලා දොර ඇරගෙන මාලිඟය ඇතුලට යන ගමන්..
එහිදි ඈ දකින්නේ තමන්ගේ හොඳම යාලුවා නිල් පාට වෙලා..හිම කුමාරිගේ අයිස් මාලිඟාවෙ සීතට මිදෙන්න ඔන්න මෙන්න දිලිසෙන හැටි..ඔහුගේ අතේ තිබුනේ හිම කුමාරි විසඳන්න දීලා ගිය ප්‍රහේලීකාවක් .. ඒකත් හදලා තියෙන්නේ අයිස් වලින්, ගල් ගැහිල එහාට මෙහාට හොලවන්න බැරි කෑලි වලින් හැදුනු කවියක් වගේ කිසිම පැහැදිලි තේරුමක් පෙන්න නොතිබුනු වචනත් එක්ක "කායිල්" හිටියේ හොඳටම පැටලිලා "ගර්ඩා" එතන්ට එද්දි..ඒත් මේ ගල් ගැහුනු "කායිල්ව" අත ඇරල යන්න "ගර්ඩා" ලැස්ති නැහැ.. ඇයට තේරුනා "කායිල්ට" වැඩි වෙලාවක් නැහැ කියල මේ සීතෙන් මිදෙන්න,ආපහු උණුසුම් ජීවිතේට එන්න.. ඒ නිසාම ඇය "කායිල්ව" බලෙන්ම ඇදගෙන මාලිඟයෙන් පිට වෙන්න උත්සහ කරන අතරේ ඇයගේ උණුසුමින් "කායිල්ගේ" ගල් ගැහිලා තිබුනු හිතත් ගතත් දෙකම උණුසුම් වෙලා මුදුමොළොක් වෙද්දි දෙදෙනාම එකට ඇත්වැල් අල්ලගෙන පුංචි කාලේ වගේ එකිනෙකාව බදාගෙන කාලය හරහා ආපස්සට කරකැවෙන මොහොතේ සංවේදි බව නිසාම දෙදෙනාගෙම ඇස් වලින් කඳුලක් වැටෙනවා උණුසුම් අතීතයේ මතක සටහන් නිසා...
ඒ ගලාගෙන යන කඳුළු බිංදුවත් එක්කම මෙතෙක් කල් "කායිල්ගේ" ඇහේ හිර වෙලා ඔහුව නපුරෙක් කල නපුරු පිසාචයාගේ විදුරු කට්ටත් එළියට එනවා..ඒත් එක්කම මතුවෙන ආදරණීය "කායිල්" ඔහුව අත්නොහරින "ගර්ඩත්" එක්ක කතු වෙලා හිම කුමාරි දිලා ගිය අවසන් ප්‍රහේලිකාව හරිම ලේසියෙන් විසඳන්නේ ආදරණීය හැඟිම් එක්ක උණුසුම් උනු දෙදෙනාගෙම හදවත් නිසා එතෙක් ගල් වෙලා තිබුනු ප්‍රහේලිකාවත් ටිකෙන් ටික දිය වෙන්න පටන් ගත් නිසා... අපේ ජීවිතයත් මේ වගේමයි ..කටුක දුක් මැද්දට එකතු වෙන සැබැ ආදරයත් විසඳුම් නැති ගැටලු වලට මැදි වන අපේ හිත් වලට පාර පෙන්වනවා හරියට මීදුමෙන් වැහිලා තියන පාරක යනවා වගේ.. ඒකනේ සෝමතිලක ජයමහ ගායකයන් ගයන්නේ "ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නේ නැ" කියල..හැබැයි "දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැ" කියලත් ඔහුම ගයනවා....

කොහොමහරි අන්තිමේ හිම කුමාරිගේ නිවාස අඩස්සියේ හිටිය "කායිල්වත්" බේර ගෙන "ගර්ඩා" ආයෙමත් ආදරයෙන් පිරුනු තමන්ගේ ආත්තම්ගේ ගෙදරට එන්නේ දෙදෙනාම ආස කල රෝස මල් බලන්නත් අත්තම්මා හදලා දෙන රසම රස කේක් කන්නත්..හිම කුමාරිගේ මාලිඟාවෙන් එන්න කලින් "කායිල්" කියනවා ඇය අවසර දෙන්නේ ඔහුට යන්න විතරක් නම් ඔහු යන්නේ නැහැ කියලා "ගර්ඩව" දාලා.. මේක ඇහුනු හිම කුමාරි අපිට දෙන්නේ අමාරුවේ වැටුනු වෙලාවක උදව් කරන අයට කලගුණ සලකන එක තමයි අපිට කරන්න පුලුවන් හොඳම ප්‍රතිඋපකාරය කියන වටිනා උපදෙස.. ඒත් එක්කම ඇය "කායිල්ට" මතක් කරලා දෙනවා ඔහුට ඉන්නේ මොන තරන් ඔහු ගැන හිතන ඔහුට ආදරය කරන යාලුවෙක් ද කියන එකත්...අවට පරිසරයේ ඉන්න නපුරු පිසාචයන්ගේ විදුරු කුඩු ඇහේ ඇනුනට තමන් අවට ඉන්න ආදරණීයයන් අමතක කරන්න එපා කියන පණීවිඩය හරිම සියුම්ව මේ කතාවෙන් අපේ හිත් වලට දැනෙන්නේ තනි තනිව නෙමෙයි එකතු වෙලා ගියොත් තමයි සාර්ථක වෙන්න පුලුවන් කියන පණීවිඩයත් එක්කම..
ඉතින් යාලුවනේ,හිත් වශීකරවන සුන්දර රූ සපුවකට හිමිකම් කියන මේ හිම කුමරිය තමන්ගේ සීත කුණාටු වල බලයෙන් නපුරු පිසාචයාව මේ විශ්වයේ ඈත කොනකටම තල්ලු කරලා දැම්මත් බලාගෙන කොයි වෙලේ හරි ආයෙමත් එන්න පුලුවන්... නපුරුකම් එකතු කරගන මුලු විශ්වයේම තියන.. ඒ නිසා තමන්ගේ ආදරණීයයන් තවත් ආදරෙන් තමන් ලඟම පරිස්සමට තියා ගන්න හදවත් වල තියන උණුසුම් ආදරය හංගන්නේ නැතුව දැනෙන්න ජීවත් වෙන්න, ජීවිතයේ දැනෙන කටුක සීතලට හදවත් ගල් ගැහෙන්න නොදි ඉඩ හදා ගන්න මේ කලබල ජීවිතේ....උණුසුම විඳින්න සැබැ ආදරයේ....
ප.ලි. : කාටහරි හොයා ගන්න පුලුවන් නම් මෙහි සිංහලෙන් හඬකවපු කතාව එහි ලින්ක් එක මෙහි කමෙන්ටුවක තබා යන්න. තවත් මම මේ වගේ ආස කල කතාවක් ගිනිපෙට්ටි විකුණන පුංචි ගැනු ළමයෙක් ගැන කියවුනු. සීත කාලයේ ගිනි පෙට්ටි විකුණන ඇය එක් දිනක් ඇය ලඟ තිබුනු හැම ගිනිකූරක්ම පත්තු කරලා ඒ එළියෙන් තමන්ව දාල දිව්‍යලොකේ ගිය අම්මගේ මූණ බලන....

පුංචි කාලෙට ආයෙ ගියා වගේ චතූ... මාත් ගොඩක්ම ආසකරන කතාවක්... ඒ රූපසටහන්, ඒ හඬ තාමත් නොමැකී හිතේ තියනවා.... මං මේක කියවන් එන ගමන් බැලුවේ ඔයාට මගහැරුණු තැනක්.... පුංචි තැනක්වත් නෑ... හරිම සතුටුයි.....
ReplyDeleteසුරංගනා කතාවක් උනත් කියනදේවල් බොහෝමයි... ඒ චරිතවලින් දකිනවා නම් දකින්න ගොඩක් දේ තියනවා... කියන්න දේවල්, ගන්න දේවල් ගොඩයි.... ඒ හැම දෙයක්ම ඔයා අපුඍුවට දැකලා විස්තර කරලා තියනවා...
ඒ කාලේ ගිය ඒ වගේ සුරංගනා කතා හැම එකකටමමාත් හරිම ආසයි... මේ වගේ මං තව ආසකරන කතාවක් තමයි දියකිදුරිගෙ කතාව... ඔයත් ඒක බලල ඇති....
බොහොම ස්තුතියි නිර්මාණි. මේ මතකයන් අමතක වෙන ඒවා නෙමේ. ලියන්න කලින් මම මේ විඩියෝ එක බැලුවේ නැ. මතකයෙන් තමයි ලිව්වේ. මමත් හරිම ආසයි ඒ කාලේ ගිය සුරඟන කතා කරළියට. හැබැයි මට ඔයා කියන දිය කිඳුරිය මතකයට ආවේ නැ.. මේ සුරඟන කතා කරළියේ ගිය එකක් ද ?
Deleteඔයා කිව්ව වගේ දකිනවා නම් සුරංඟනා කතා වලත් අපිට ඉගෙන ගන්න බොහෝ දේ තියනවා.
ඔයා පුංචි කාලෙට ගියා කිව්වම මට මතක් උනා මල්ලියි මායි ඉස්සර ටිවී බලපු හැටි, එකම පුටුවට රන්ඩු වෙවී, වෙන වෙනම ඉඳගන්නත් කැමති නැ. එකමට ඉන්නත් ඕනේ. ටික ටික ලොකු වෙද්දි පුටුවේ ඉඩත් නැ. ඒ අතීතය හරි ලස්සනයි.
ඒ දිය කිදුරිට එක උපන්දින දවසක එයා මුහුද මතු පිටට එනවා... එදාම නැවකින් ගිය කුමාරයෙක් මුහුදෙ ගිලෙන්න යනවා... කිදුරි එයාව බේරගන්නවා... අන්තිමට ඒ කුමාරයා ගැන කිදුරිට ආදරයක් ඇති වෙලා එයා මිනිස්සු අතරට යනවා... හැබැයි කිදුරු ලෝකෙ අය ඒකට අකමැති.. ඒ නිසා එයාට යන්න පුලුවන් වෙන්නේ ගොලු තරුණියක් විදිහට..
ReplyDeleteමේ සරලව කියුවේ.... ඔයාට දැන් මතකද....
තව මතකද ඔයාට ගෙබි කුමාරයාගේ කතාව... ඔයාගෙ මේ පෝස්ටුව නිසා හැම කතාවක්ම මතක් උනා චතූ...
ඒවගෙ ලිංක් නෑනේද චතූ... සුරූපී විරූපි නම් තියනවා....
ඔව් ඔව් නිර්මාණි, විස්තරේ කිව්වම මතක් උනා :). මාත් හොයනවා දැන් කාලෙක ඉඳලා මේ කතා මාලාවම. මට හම්බුනේ ඔයා කිව්වා වගේ සුරූපි විරුපියි, ජැක් සහ බෝංචි වැලයි, ඇලඩීන්ගේ පුදුම පහනයි විතරයි.
Deleteඔයා හරි චතු.... ඒ ටික තමයි තියෙන්නේ...
DeleteHmm..its sad.
Deleteහරිම ආසාවෙන් බලපු සුරන්ගනා කතා ....නම් ටික ඈහුවත් පුදුම සතුටක් දෑනෙනවා......
ReplyDeleteNadee akka
ඔව් අක්කේ.. තව ඒ කාලේ බලපු අලානා, ඕෂන් ගර්ල්, සිටුවර මොන්තක්‍රිස්තො, ඉෂුවාරා , රොබින්සන් අන්දරය වගේ කතා මතක් උනත් සතුටක් දැනෙනවා. ආපහු බලන්න හොයා ගන්න අමාරුයි මේවා.
Deleteමේ කතාව නම් මටත් මතකයි. ඒ විටරක් නෙවේ තව කොච්චර කතා ගියාද , ඒ ජාතික රුපවාහිනියමද දැන් තියෙන්නේ කියල හිතෙනවා යන වැඩසටහන් දැක්කම
ReplyDeleteඔව් ඉවාන්, කොච්චර ආසාවෙන් ද මේවා බැලුවේ කියන එක අදටත් අපිට මතක එකෙන්ම පේනවා. මේ වගේ කාලයක් මතක හිටින නිර්මාණ කරන්න බිහි වෙන්න ඕන මතක හිටින දස්කම් තියන අය මං හිතන්නේ...
DeleteFrozen බැලුවද?
ReplyDeleteYes yes,Pra Jay.. බැලුවා..
Deleteමම මේ කථාව බලලා නැහැ. ඒත් මේ ලිපිය කියෙව්වා. හීන දකින්නී අන්තිමේදී කියාපු විදිහටම තමන්ගේ ආදරය ලෝබ නැතුව අනෙකාට කියන එකයි වැදගත්. ආදරය හිත ඇතුළේ තියන් පස්සේ පසුතැවෙන්න මොකටද?
ReplyDeleteජයවේවා!!!
ඒකනේ දුමී, වැඩේ තියෙන්නේ හිතේ හංගන් ඉන්න දේවල් කියන්න ගියොත් එළිපිට ගොඩක් දෙනෙක්ට අපහසුතා වලට මුණ දෙන්න වෙනවා අනිත් අයගේ දේවල් හොය හොයා වද වෙන මිනිස්සු නිසා. ඒ නිසා හැන්ගුන දේවල් කියන්න යොදා ගන්න ඕන තුන්කල් තමනුත් අනිත් අයත් අපහසුතාවයට පත් නොවෙන විදි කියලයි මට හිතෙන්නේ....
Deleteචතූ ස්තූතියි මගේ පුංචි කාලෙට මාව ආයෙම එක්කරගෙන ගියාට ^_^ පොඩි කාලේ හරි ආසාවෙන් බැලුව එකක් තමයි මේ සුරංගනා කතා ටික.රූපවාහිනියේ ආයේ ආයෙ යද්දී බලන්න ආසයි.ඒ වගේම සුරංගනා කතා වගේම කාටුන් එකතුවකුත් තිබ්බ. සී ඩී තැටියක හරි ගහල මේ කතා දෙනවනම් කොහෙන් හරි ගන්නවා.ඒත් සිංහල හඬකැවීම් එක්ක ඒ ටික හොයාගන්න බැහැනෙ
ReplyDeleteගිනිපෙට්ටි ගැල්ලමයාගේ කතාව මේකද බලන්න :D
https://www.youtube.com/watch?v=rh97LnGSOww
බොහොම ස්තුතියි හංසි, මමත් මේ සිංහලෙන් හඬකවපු කතා CD කොහෙන් හරි ගන්න තියනවා නම් ගන්නවා..
Deleteකෝ බලන්න, ඔයාගේ ලින්ක් එක... හරියටම හරි හංසි, මේ ඒ කතාව තමයි.. ඔයාට ගොඩක් ස්තුතියි මේ ලින්ක් එක හොයලා දුන්නට....
මං හිතන්නේ ඒ හඬකවලා තිබුන දෙබස් වගේම හඬකැවීම් ශිල්පින්ගේ දක්ෂතාවය නිසා වෙන ඇති මේ තරන් අපේ හිතේ රැඳිලා තියෙන්නේ...
එව්ව ලින්ක් එකෙත් English එක හොයාගන්න බැරිඋනා චතූ
Deleteකමක් නැ හංසි, ඔයා එහෙම හරි හොයලා දුන්නනේ.. :)
Delete