පළමු ලිපියෙන් කිව්වා වගේ යන්න ඕන මාර්ගය දැන ගත්තට පස්සෙ ජීවිතේ සැඳෑසමය ගෙවන මගේ අම්මත් සැමියගේ අම්මත් දෙන්නම එක පයින් පුතාව බලාගන්න කැමති උනත් අපි දෙන්නම කැමති නැති නිසා අපේ බර ඒ අයට දෙන්න, මට ඕන උනේ ගෙදර ඉඳන් අනිත්
වැඩත් කරන්න පුලුවන් විදිහට ඉගෙන ගන්න.
ඒකත් නොහිතපු විදිහට අන්තර්ජාලයෙ සැරිසරද්දී මගෙ සැමියට හම්බුනු ආයතනයක් හරහා කර ගන්න පුලුවන් උනා. (ඒ තමයි "TAFE" කියන ආයතන විසින් මං වගේ දුරස්ථව ඉගෙන ගන්න අයට පහසුකම් සලසා දෙන "OTEN" කියන ආයතනය) මම තවම එකම එක සැරයයි මේ ආයතනයට ඇත්තට ගිහින් තියෙන්නේ. පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් හැමදෙයක්ම කෙරෙන්නේ "ONLINE". හරිම සුහදශීලි නම්‍යශීලි ගුරුවරු එක්ක වැඩ කරන එක හරි ලේසියි. කිසිම පීඩනයක් නැති මේ ක්‍රමයේ එකම දේ ඉගෙන ගන්න පාඨමාලාවට අඳාල කාලය ඇතුලත එය ඉවර කිරිම පමණයි. හැබැයි මම එක දෙයක් කියන්නම ඕන. පොඩි කාලේ ඉඳලා මගේ ලොකුම ආසාව තිබුනේ මිනිස් වර්ගයා සහ ස්වාභාවධර්මය ගැන ඉගෙන ගන්න එක. මම පුරුද්දක් විදිහට මේ මිනිස් සබඳතා ගැන අවිධිමත් විදිහකට ඉගෙන ගත්තා මගේ දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ. ඒ එකතු කර ගත් දැනුම මට මේ වගේ දුරස්ථව තමන් තනියෙන් ඉගෙන ගන්න ඕන ක්‍රමවේදයක් තුල ගැටලු පැන නොනඟින ලෙස සාර්ථකව කරගෙන යන්න ලොකු පහසුවක් උනා.

ඉතින් ඔය අතරේ මට ඉගෙන ගන්න පුලුවන් උනා
ඔස්ට්‍රේලියාවෙ "DAY CARE" සහ "PRE SCHOOL" වල මුලීක පදනම සහ ඒවායෙ වැඩ
කෙරෙන විදිහ හැම විස්තරයක් සහිතවම. ඒ අතරේ මම අනිවාර්යයෙන් මේ ආයතන වලට ගිහින් ඇත්තටම වැඩ කෙරෙන
විදිහ අධ්‍යයන කල යුතුයි. (මේ වෙනකොට
පැය 370 ක්, මේ සම්පුර්ණ කාලයම ගත කරන්න ඕනෙ කිසිම ගෙවීමක් නොලැබෙන එහෙත්
ලැබෙන ඕනම වගකීමක් දරන්න ලැස්ති පිට)
4 Basic Elements of Social Skills |
ඉතින්
මේ අලුතෙන් යන්න ගත්ත පාරෙ අනිත් වැඩත් කරන ගමන් යද්දී මට තේරුනා "DAY
CARE" වලට වඩා "PRE SCHOOL" වල පොඩි වෙනසක්. ළමයි ටිකක් වැඩිපුර සතුටින්
නිරෝගීව ඉන්නවදෝ කියලා මට හිතුනා "PRE SCHOOL" වල. ඒකට හේතු විදිහට මට
පෙනුනේ "PRE SCHOOL" වල "DAY CARE" වල තරන් තදබදයක් , කලබලයක් නැ වගේම
"DAY CARE" වල තරන් රැක බලා ගන්න ඉන්න අය මාරු වෙන්නෙ නැති කම. (තමන්ගේ
"PRIMARY CARER" නිතර මාරු වෙන එක සමහර දරුවන්ට ටිකක් අපහසු දෙයක් හුරු
වෙන්න. )
"DAY CARE" වලට වැඩිපුර එන්නේ දෙමාපියන් දෙදෙනාම රැකියා වලට යන ළමයි. ඉතින් ලෙඩ උනත් වෙන තියල යන්න තැනක් නැති නිසා බෙහෙතුත් එක්කම "DAY CARE" එකට ළමයත් බාර දිලා යන්න වෙනවා. (මේ රටේ වයිරස් රෝග වලට බෙහෙත් දෙන්නේ නැ, ළමයගේ ඇඟෙන්ම තමයි ප්‍රතිශක්තිකරනය මඟින් සනීප වෙන්න ඕන) "PRE SCHOOL" යන්න පුලුවන් අවුරුදු 3/4 සම්පූර්ණ වු දරුවන්ගේ බොහෝ විට එක දෙමාපියෙක් හරි ගෙදර ඉන්න නිසා රෝග පැතිරීම අඩුයි. ("PRE SCHOOL" ක්‍රියාත්මක වෙන්නෙ උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් විතරයි. "PRE SCHOOL" වල මුලීක අරමුණ "DAY CARE" වලට ගිය හෝ නොගිය දරුවන්ට මෙරට පාසල් අධ්‍යාපනයේ මුලික හරය හුරු කරන එක. (ඒ කිව්වේ ලිවිම, කියවිම,ගණිතය වගේ ඒවා නම් නෙමේ හොඳේ....)
බොහෝ "DAY CARE" වල එතනින් දෙන කැම වේල ඇරුනම ගෙදරින් අඩුම ගානේ වතුරවත් ගෙනියන ඉඩක් නැහැ. හැබැයි "PRE SCHOOL" වල ගෙදරින් කෑම ගෙනියන්න ඕන. ඒක ටිකක් සමහර දරුවනට ලේසි කියලා මට හිතෙනවා. බහුජාතික සංස්කෘතියක් තියන නිසා "DAY CARE" වල කෑම වේලවල් එයට ගැලපෙන අයුරින් තමයි පිලියෙල වෙන්නේ. ඉතින් තමන්ගේ ගෙදරට වඩා වෙනස් විදිහක කෑම වලට හැඩ ගැහෙන එක ටිකක් අමාරුයි විශේෂයෙන් ශ්‍රි ලාංකික සහ ඉන්දියානු සම්බවයක් ඇති දරුවන්ට.

Somehow Try to go Forward even there is a Break wall. |
බොහෝ "DAY CARE" වල එතනින් දෙන කැම වේල ඇරුනම ගෙදරින් අඩුම ගානේ වතුරවත් ගෙනියන ඉඩක් නැහැ. හැබැයි "PRE SCHOOL" වල ගෙදරින් කෑම ගෙනියන්න ඕන. ඒක ටිකක් සමහර දරුවනට ලේසි කියලා මට හිතෙනවා. බහුජාතික සංස්කෘතියක් තියන නිසා "DAY CARE" වල කෑම වේලවල් එයට ගැලපෙන අයුරින් තමයි පිලියෙල වෙන්නේ. ඉතින් තමන්ගේ ගෙදරට වඩා වෙනස් විදිහක කෑම වලට හැඩ ගැහෙන එක ටිකක් අමාරුයි විශේෂයෙන් ශ්‍රි ලාංකික සහ ඉන්දියානු සම්බවයක් ඇති දරුවන්ට.
මේ
හේතු ටික නිසා මට හිතුනා අපේ පුතාවත් අවුරුදු 3 සම්පුර්ණ උනාම "PRE SCHOOL" එකකට දාලා බලන්න. හිතුවත් වගේ ඒ වෙනකොටත් මාත් එක්ක ගියොත් යන්න
ටිකක් අදිමදි කරපු පුතා දවස් කීපයක් ඇතුලත "අම්මි ගිහින් එන්න Bye" කියන්න
ගත්තා. ඒ "PRE SCHOOL" එකයි "DAY CARE" එකයි අරන් බැලුවොත් "PRE SCHOOL"
එකේ ඉඩ ප්‍රමාණය "DAY CARE" එකට වඩා සෑහෙන්න විශාලයි. එලිමහන් ක්‍රියාකරම්
සෑහෙන ප්‍රමාණයක් තිබ්බ එක පුතාට මාවත් අමතක වෙන්න හේතුවක්. මං ඇඬුවේ පුතා
අඬපු නිසානේ පුතා හිනා වෙද්දි මං මොකටද අඬන්නෙ කියලා හිතුනත් එයා එහෙම
කිව්වාම මගේ ඇස් වලට කඳුළු පිරුනේ "DAY CARE" එකේ එයා ඉන්න ඇත්තේ අකමැත්තෙන්
කියලා හිතුනු නිසා.
මගේ පියා මට දුන්නු අවවාද වලින් එකක් තමයි "තමන්ට තමන්ගේ ජීවිතය ගැන වගකීමක් ගන්න කොයි තරන් කල් යයිද, එතෙක් කල් තමන්ගෙන් යැපෙන්නන් බිහි නොකල යුතුයි" යන්න. ඒත් එක්ක මම හිතන දෙයක් තමයි ලොකේ කිසිම දරුවෙක් "අනේ අපිට මේ ලොකේට එන්න ඕනෙ" කියලා නෙමේනේ එන්නේ, අපිට ඕන නිසයි එයාලා මේ ලොකේට එන්නේ. ඉතින් අපිට එයාලා වෙනුවෙන් වෙන් කරන්න ප්‍රමාණවත් කාලයක් (ඒ ඒ දරුවට සාපේක්ෂව සහ තම තමන්ගේ ආකල්ප වලට අනූව) තියෙන්න ඕන. එහෙම නැතුව රස්සාවයි අනිත් වගකීමුයි එක්ක දරුවෙක් අපහසුතා වලට මුහුණ දෙන එකට මගේ වැඩි (කොහෙත්ම) කැමැත්තක් නැහැ.

<><><><><><>
මතු සම්බන්දයි...
<><><><><><>
ඇයි ඉස්සෙල්ලා පෝස්ට් එකට දැම්මේ නැත්තේ.....:) :) ඒකටත් එක්ක ඩබල් දැම්මා නම් හරිනේ... :D :D
ReplyDeleteඊලඟ කොටසත් දාන්නකෝ එහෙනම්...
ReplyDeleteකියවන අයට ඉඩ තියලා ඊලඟ කොටස් හිමින් දාන්නම් නිර්මාණි..
Delete\\ ඒත් එක්ක මම හිතන දෙයක් තමයි ලොකේ කිසිම දරුවෙක් "අනේ අපිට මේ ලොකේට එන්න ඕනෙ" කියලා නෙමේනේ එන්නේ, අපිට ඕන නිසයි එයාලා මේ ලොකේට එන්නේ..///
ReplyDeleteගැටළු සහගතයි....!
ඔව් චෙෆාකි..ඒක ටිකක් ගැටුලු සහගත කියමනක්.. මම එහෙම කිව්වාම අපේ අම්මත් ඔහොම කිව්වා.. :)
Deleteඑත් මට හිතෙන්නේ වැඩිහිටියන් විදිහට අපි දරුවන් හැදීම කියන ජීව විද්‍යාත්මක පියවරට නොගියා නම් දරුවන් බිහි වෙන්නේ නැනේ.. දරුවෙක් මේ ලෝකෙට එන මුල් සිතිවිල්ල පාවා අපේ මිසක් ඒ දරුවා එහෙම හිතනවා කියලා කියන්න සාධක නැනේ...
නිම්නිගෙ අදහසට මම සම්පූර්නයෙන් එකගයි.
DeleteNadee akka
තැන්කූ අක්කේ...
Deleteඉස්සෙලා පෝස්ට් එක මිස් වෙලා හිටන්!
ReplyDeleteඅපරාදේ.....
ReplyDeleteමාත් එක්ක ලොකු ලොකු දේවල් කතා කරන අය 'ඇරගන්නවා' මේ සිදුවීම එක්ක. මෙහෙම කිව්වම අපි ප්‍රාථමිකයි වගේ කියල තමයි එයාල හිතන්නේ. ඒත් මගේ අතීත කතාවෙ අපේ තාත්තා වගේ මුලු ලෝකෙටෙම හොද ගෙදෙට්ට නරක චරිත එක්ක මගේ පොඩි අවුලක් තියනවා. අනේ මන්දා..
ReplyDeleteබාසි
මට ඔබ කියන දේ පැහැදිලි නැ.. ඒ වගේම මේ ලිපියට අඳාල නැත්නම් ඒ ගැන වැඩි දුර පැහැදිලි නොකලට කමක් නැහැ...
Deleteවැරදීමක්. කොපි පේස්ට් පටලැවිල්ලක්. පුලුවන්නම් ඩිලීට් කරන්න. ස්තූති.
Deleteමේ ලිපිමාලාවම කියවලා ඉන්න වෙනවා අදහසක් ගන්න හීන දකින්නී.
ReplyDeleteජයවේවා!!!
ලිපි පෙළ ලියලා ඉවරයි දුමී , හිමින් දාන්නම්....
Deleteමගේ පොඩි එකීට ඩේ කෙයා කියන වචනෙත් අරහං. එයා කියන්නේ ඩේ කෙයා වලට දාන්නේ අම්මලා අප්පච්චිලා ආදරේ නැති ළමයිලු. ඒක නිසා ඩේ කෙයා නම් යන්න බැරිලු.
ReplyDeleteඑහෙම හිතෙන එකේ කිසිම වරදක් නැ කුරහන්.. එයාලට දෙමාපියන්ගේ ආදරය අවශ්‍යම කාලෙක දවසේ වැඩි කාලයක් වෙන් වෙලා ඉන්න උනාම එහෙම හිතෙනවා ඇති... ඒ වගේම ඩේ කෙයා එකින් ගෙදර යන්න බැ කියලා අඬන ළමයිත් මම දැකලා තියනවා..
Deleteමේ ආයතන වල ඉන්න අයගේ තියන හැකියාව මතත් දරුවෙක්ගේ හැසීරීම වෙනස් වෙනවා...:)
ඔව් හීන දකින්නි සෛද්ධානිතික දැනුම වගේම,ප්‍රායෝගික දැනුමත් කරපින්නගෙන තමන්ගේ යුතුකම් පිළිබද සෙවීම හොද දෙයක්.අර තාත්තා කිව්ව කතාවනම් සහතික ඇත්ත.සාමාජීය වගේම,මුළ්‍ය වගේ පැත්තෙනුත් වගකීම් ගන්න පුළුවන් කාලයක්දි යැපෙන්නන් බිහි නොකිරීම මතු පහුල් අර්බුද වලටත් මූලික හේතුවක් නේ
ReplyDeleteඇත්තෙන්ම ඔව් රොමාරස්, ප්‍රායෝගික දැනුම හරීම වැදගත් මේ දරුවන් වැනි හැඟිම් දැනීම් දැනෙන කොටසක් එක්ක නිතර වැඩ කරද්දි...
Deleteමට ඒ කතාව හරියට වැටහුනේ පුතා හම්බුනාට පස්සේ එන වියදම් සහ වගකීම් දැක්කට පස්සේ.. එතකන් මගේ පිටිපස්සෙන් ඒ ශක්තිමත් දෑත් හිමි මගේ පියා මාව ආරක්ෂා කරලා තියන හැටි දැක්කම ඔහු ගැන දැනෙන්නේ කියා ගන්න බැරි ආදරයක් එක්ක මුසු වුනු ගෞරවයක්...