ඒ එකදාස් නමසිය 95 වෙනි අවුරුද්ද.. එකපාරට කඩා පාත් වෙච්ච
භූමිකම්පාවක් වගේ නුවර ඉස්කෝලෙකට ගිය මාව තාත්තා එක දවසින් අස් කරගෙන යන්න
ඇවිත්. විදුහල්පතිනියගේ කාමරේ තාත්තයි මමයි විදුහල්පතිනියයි විතරයි.. ඇය
තාත්තා ලියාගෙන ඇවිත් තිබ්බ මගෙ අස්වීමේ ලිපිය පිලිගන්නේවත් අස්වීම්
සහතිකේට අත්සන් කරන පාටක්වත් නැ. ඒත් තාත්තා ඇයට නැමෙන පාටකුත් නැ.. ඔහොම
නිහඬ සීතල විනාඩි ගානකට පස්සේ ඇය මගේ දිහත් හොරැහින් බලලා තාත්තා දිහා
කෙලින් බලලා කිව්වා "මේ කරන්න යන්නේ හොඳ වැඩක් නෙමේ, හොඳට හිතලා බැලුවද
මෙහෙම අස් කරන් යන්න කලින් ? " තාත්තා වචනයෙන් නෙමේ ඔලුවෙන් කිව්වා "ඔව්"
කියලා.. තවත් කතා කරලා තේරුමක් නැ කියලා හිතුනු නිසා වෙන්න ඇති ඇය මගේ
අස්වීම් සහතිකයට ඇගේ අත්සන යොදලා තාත්තා අතේ මේ වෙනකන් තිබ්බ අස්විමේ ලිපිය
බාර ගත්තා..
ඒ වෙනකොට මගෙ හදිසි අස්වීම දැනගෙන හිටියේ ඇය විතරක් නෙමේ..
අපිට විද්‍යා විෂය ඉගැන්නු ගුරුතුමියත් දැනගෙන හිටියා.. ඇය අපේ පවුලේ
හිතවතියක් නිසා... ඊට ටික දවසකට කලින් තිබුනු මාසික පරීක්ෂණයේ මගේ ලකුනු
කියවන ගමන් ඇය කිව්වේ මෙහෙම ළමයෙක්නෙ මේ යන්නේ මෙහෙන් කියලා මුලු
පන්තියටම ඇහෙන්න.. දැන් ඉතින් හැමෝම දන්නවා මම හෙට අනිද්දා අස් වෙලා යනව
කියලා. මම හොඳම යෙහෙලිය කියාදුන් පාඩම් ලිපියේ ලිව්වනේ මේ වගේ හදිස්සියේ මාව අරන් ආවේ කොලඹ කියලා..මගේ තාත්තා තිරණයක් ගන්න කලින් ගොඩක් හිතනවා හැබැයි තීරණේ
ගත්තට පස්සේ කොහොමටවත් වෙනස් කරන්නේ නැ.. එන බාධක වලට කෙලින් මුණ දිලා ඒ
ගත්ත තීරණේ ක්‍රියාත්මක කරන කෙනෙක්..මේ තිරණේ ගැන වැඩි විස්තර මම වෙන දවසක
ලියන්නම්.
මගෙ මල්ලි ඊට අවුරුදු 2කට කලින් ඉඳලම හිටියේ කොලඹ අම්මගේ මහ
ගෙදර..අපි මල්ලිව නිවාඩු කාලේට එක්කන් යන්න එනවා. මේ වැඩේ තව දුරටත්
කරන්න බැරි නිසයි පුදුම වෙහෙසක් දරලා අම්මටයි තාත්තටයි මාරුවීම් හදාගෙන මේ
කොලඹ යන්නේ..හැබැයි මට ඉස්කෝලයක් හොයා ගන්න ගත්ත හැම ප්‍රයත්නයක්ම ඒ
වෙනකොට තිබ්බේ ගඟට කැපුව ඉනි වගේ.. අතරමැදින් ළමයෙක් තමන්ගේ පෞද්ගලික ඕනකමකට කොලඹ ඉස්කොලෙකට ඇතුල් කරන එකේ අමාරුව අසාධාරනේට නොනැමෙන තාත්තෙක් ඉන්න මට
අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න ඔනෙ නැ..හැබැයි මට හරි සතුටුයි මොකද මල්ලි ගෙදරින්
ගියාට පස්සේ මට සෙල්ලම් කරන්නවත් කෙනෙක් හිටියේ නැ හරි පාලුවෙන් ගතවුනේ ඒ
අවුරුදු දෙක.. (මේ කාලේ මට හිටිය එකම සෙල්ලම් සගයා වුනේ ජුඩි.) දැන් ඉතින් ඉස්කොලේ යන්නත් නැති නිසා තවත් සතුටුයි.. අනිත්
හැමෝම ඉස්කොලේ යද්දි මම ගෙදර.. මේ විදිහට මාස 6ක් විතර මම හිටියේ ගෙදර
පුදුම නිදහසක්..
ඔන්න ඔහොම ජොලියෙ කිසි වගකීමක් නැතුව ගෙදරට වෙලා හිටිය මට
ජිවිතේ පළවෙනි වතාවට යන්න ලැබුනා කන්ඩායම් පන්තියකට.. ඒ පන්තිය කලේ අපේ
ගෙවල් ආසන්නයේම හිටිය අම්මගේ පරණම යාලුවෙක් වෙන ගුරුතුමියක්.. උගන්නන්නේ සිංහලයි සාමාජ අධ්‍යයනයයි. මගේ මුලු ජිවිතේටම නොබිඳෙන බොහොම ශක්තිමත් අඩිතාලමක්
වැටෙන්න මේ ගුරුතුමියත් සෑහෙන්න හේතු උනා.. හැබැයි හරිම සැරයි. කිව්වොත්
කිව්වා. මේ තමයි මම ගෙදරින් බැහැරව තිබුනු පන්තියකට මුලින්ම ගිය වතාව.
අපි සීතල කඳු වලින් වටවුනු නගරේ ඉන්න කාලේ හැම පන්තියක්ම තිබ්බේ අපේ
ගෙදරමයි.. ඉතින් මෙන්න මේ පන්තිය මට නැවුම් අත්දැකිමක් ලොකු නිදහසක්
එක්ක. හැබැයි මතක තියා ගන්න වෙනවා මේ ගුරුතුමිය මගේ අම්මගේ හොඳම
යෙහෙළියක්, වගේම ඒ පන්තියට ආපු අනිත් හැම ළමයෙක්ගෙම පවුල් වල කිට්ටු සාමාජිකාවක්. ඉතින් මම මේ පන්තියට සතියකට දෙපාරක් ගියා. එක දවසක් සිංහල
අනිත් දවසේ සමාජ අධ්‍යයනය, ඉස්කෝලේ වෙනුවට මම මාස 6 ගියෙ ඔහොම..
ඔය විදිහට කාලය ගෙවිලා යනකොට මේ පන්තියේ හිටිය පිරිමි ළමයි
විහිලුවට වගේ පුරුදු උනා තමන්ට මුහුණලා ඉඳගෙන ඉන්න ගෑනු ළමයට පොඩි විශේෂයක් කරන්න. දවසක් අපෙ
කිචිබිචිය අහගෙන ඉඳලා ගුරුතුමිය කියනවා ටිකක් සැරෙන් "මොකද මේ කතාව, දීපු
වැඩේ කරන්න, මං දන්නවා මේසේ යටින් කරන දේවල්" කියලා.. ඒක ඇහුන අපි හැමෝටම
හීන් දාඩිය දැම්මා. හිතා ගන්න පුලුවන්නේ මේසේ යටින් මොකද උනේ කියලා.. ඒ පන්තිය
තිබ්බේ පොඩි කාමරේක දිග මේසයක්.. මේසේ දෙපැත්තේ ගෑනු පිරිමි ළමයි...
කොහොම පටන් ගත්තද මන්දා තමන්ට කෙලින් ඉන්න ගෑනු ළමයගෙ කකුලට මේසේ යටින් ගහන
පුරුද්දක් ඒ වෙනකොට හැදිලා තිබ්බා. කිසි කෙනෙක් මුණෙන් තියා ඇඟපතින් වත්
කිසිම වෙනසක් පෙන්නුවේ නැ.. හොඳ ළමයි වගේ දුන්නු වැඩේ කරන ගමන් තමා මේ
හොර වැඩේ උනේ. ඇය සැර උනාට යොවුන් අපේ හැඟිම් දැනීම් සිතුම් පැතුම් හොඳින්
තේරුන් ගත් කෙනෙක්.. ඇය අපිට සැර වැර කලේ නැ.. තහංචි දැම්මෙත් නැ.. ඒ නිසාම
අපි අපිට ලැබුනු නිදහස අයුතු විදිහට භාවිත කලෙත් නැ..
කාලේ ගෙවිල යද්දි මේ වගේ වැඩ ඉබේම මඟ හැරිල ගියත් මමත් මට කෙලින් එහා පැත්තේ ඉදගෙන හිටි පිරිමි ළමයත් අතර එහෙම උනේ නැ.. දිගින් දිගටම අපි දෙන්නට මුහුණට මුහුණලා ඉඳ ගන්න, අපේ පොත් එකිනෙකාට හුවමාරු කරන්න පන්තියේ අනිත් ළමයිත් පෙළබුනා. ඒ කාලේ පිරිමි ළමයි ඔක්කොම ආවේ බයිසිකල් වලින්.. අපි ගෑනු ළමයි වැඩිහරියක් අම්මා එක්ක තමයි ආවේ ගියේ.. ඒ නිසා පිරිමි ළමයින්ට කරන දෙයක් කරන්න හම්බුනේ පන්තිය ඇතුලේ විතරයි, ඒකත් හතර වටේට ඇස් තිබ්බ ගුරුතුමියට නොපෙනෙන්න..
මෙහෙම කාලේ ගෙවිල ගිහින් 9 වසරේ දෙවනි පාසල් වාරේ වෙනකොට මට ඉස්කෝලයක් හම්බුනා. ඒත් මේ පන්ති ගමන අම්මා නැවැත්තුවේ නැ.. ඔය අතරේ මටත් පොඩි ඔනේ කමක් හිතට ඇවිත් තිබ්බා මේ හැමදාම මගේ ඉස්සරහින් ඉඳගන්න පිරිමි ළමයා එක්ක කතා කරන්න, කතා කරන්න වෙලාවක් හොයා ගන්නේ කොහොමද කියලා මාත් මගේ යාලුවත් දහ අතේ කල්පනා කලා.. ඒ අතරේ අපිට තේරෙනවා මේ පිරිමි ළමයත් පන්තිය ඉවර උනාම ගෙදර නොයා අම්මලා අපිව එක්කන් යන්න එනකන් ඉන්නවා, හැබැයි ඔක්කොම පිරිමි ළමයි නැවතිල හිටිය නිසා කොයි කෙනාගේ ඕනකමටද එහෙම නැවතුනේ කියලා හිතා ගන්න අමාරු උනා අපිට
ඔහොම අවුරුද්දක් විතර කාලේ ගත වුනා.. කතා කරන්න තියා ලඟින් ඉන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැති බව දැන් හොදටම පැහැදිලියි අපි හැමෝටම.. ඔය අතරේ හිටි ගමන් අපේ පන්තිය සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න මේ ගුරුතුමිය තීරණයක් අරන් තිබ්බා.. පිට පිට කීප දවසක් අවවාද කලත් මොකක් හරි හේතුවක් නිසා ගොඩක් අය පන්තියට නොපැමිණිම නිසා ඇය කලකිරිලා අපි ගැන.. ඇය ගන්න තිරණයක් වෙනස් කරන කෙනෙක් නෙමෙයි මැරුණත්. පන්ති කලෙත් මුදල් බලාගෙනම නෙමෙයි එදා අපිට හිතා ගන්න බැරි උනා මොකද්ද අපි ඊලඟට කරන්නේ කියලා..
හෑ?
ReplyDeleteස රස, අදත් "හෑ" , බලමු ඊලඟ දවසේ...:)
Deleteහුටා
ReplyDeleteකියලා වැඩක් නැ පැණිකු...
Deleteපෙම් කැකුල ද පෙම් කකුළ ද?...:)
ReplyDeleteදෙකම රවී....
Deleteමදැයි. හීන දකින්නිට වෙන දේවල්....
ReplyDeleteජයවේවා!!!
දුමී දෙවනි කොටස එනකන් ටිකක් ඉන්න.. මට වෙන දෙවල් සිය පාරක් හිතුවත් වෙලාවකට තේරුන් ගන්න බැ..හි හී..
Deleteපරණ සීන් මතක් කර කර ඉන්න එක හරි ජොලි වැඩේ නේද.. හෙහ් හෙහ්
ReplyDeleteහි හී පැතුම් මට මේ කතාව ලියන්න හිතුනේ අර සියදිවි හානි කර ගත්ත යාලුවගේ ලිපියේ තිබුනු කමෙන්ට්ස් නිසා.. බලන්නකො ඊලඟට මොකද උනේ කියලා....:)
Deleteචතූට මාර ඩිමාන්ඩ් එකක්නෙ තිබිල තියෙන්නෙ. මට නං කොච්චර වේලෙන්න වුණාද කෙල්ලෙක් දාගන්න. හැක්
ReplyDeleteහැක්...!
Deleteඒ වයසෙදි ඕනම කෙල්ලෙකුට ඩිමාන්ඩ් එකක් තියනවනේ ඉයන්. කෙල්ලෙක් දාගන්නේ කොහෙටද ඉයන්.. හි හී
Deleteඕක ඉතින් ඕනම කොල්ලෙක් කියන කතාවක්නේ ඉයන්..
චෙෆාකි...මොකෝ "හැක්" කියලා නැවතුනේ...
Deleteඕලෙවල් ලිට් ක්ලාස් එක කලේ වයසක බොහොම රසකාමී මැඩම් කෙනෙක්.ඇඳුනුම් කමට විතරයි ළමයි ගන්නෙ.ඉස්සරහ කොල්ලො පේලියයි පිටිපස්සෙ බංකුවෙ කෙල්ලො.එලියෙ කෑ ගැහුවත් කඩ්ඩ මොට නිසා ගස්ලබ්බ ක්ලාස් එකේ සද්ද නෑ.හැබැයි මැඩම් එක්ක සිංහලෙන් පැය ගණන් ආගිව් කරනවා පොයම් ගැන එහෙම.එහෙම කතා කරනකොට බංකුවෙ ඉස්සරහට නැමීගෙන ඉන්න නිසා කකුල් තියෙන්නෙ පිටිපස්සෙ.ඔන්න ඔහොමයි ඒක පටන් ගත්තෙ.පස්සෙ පස්සෙ ඒ ක්ලාස් එකටම හොඳ මේස් දෙකක් තියාගෙන හිටියා.සපත්තු ගලවලා කකුල් පස්සට කරගත්තාම ඉංග්‍රීසි සාහිත්‍ය හොඳට ඉගනගන්න ඇහැකි.. හෙහ් හෙහ්
ReplyDeleteඒ ලඟ දවසකම කාර් එකක් තිබුනු කොල්ලෙක් එයාව ඉස්සරහ සීට් එකේම තියාගෙන ගියා බලන් ඉන්නත් උනා.
ජයවේවා..!!
මේ කතාවෙත් ඉන්නවා කාර් එකේ ආපු කොල්ලෙක්.. බලන්නකෝ ඊලඟ කොටසේ ගස්.. හි හී..
Deleteවැඩේ පටන් ගන්න කොටම අල උනාද. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
ReplyDeleteඒක නෙන්නම් දිනේශ්.. නිකන් අල නෙමේ කිලෝ ගනන් අල උනා.. එත් එහෙම අල වෙන්න වේවිද නැද්ද කියලා බලමුකො..
Deleteඅපේ විනෝදාංශය වුණේ ඉස්සරහ ඉන්න කෙනාගෙ බෑග් එකේ පටි දෙක බකල් එකේ කෙලවරටම ඇදල තියන එක, බෑග් එක කරේ එල්ල ගත්ත සැනින් ඒක බිම..
ReplyDeleteඅනේ අනේ හසිත... :) :) පව් කියලා හිතුනේ නැද්ද...
Deleteපව් කියල හිතෙනකොට ගොඩක් කල් ගිහින්, අද ඒ වැඩ ගැන අවංකවම දුක් වෙනවා.
Deleteඒ උනාට හසිත ඒ මතක තමයි අන්තිමේ හැමෝටම මතක් කරලා සතුටු වෙන්නත් තියෙන්නේ...ඒ නිසා කමක් නැ..:)
Delete