නමින් සුජීවා වන ඇය මට හමුවන්නෙ මාස කීපයක් වයසැති මගෙ පුතණුවන් සමඟ ගෙදර අනිකුත් වැඩ වලට පහසුවක් වේ යැයි සිතා මගේ මව විසින් පණිවිඩ කිහිපයක් දන්නා අඳුරන අයට පැවසිමෙන් පසු එක්තරා උදැසනක අපේ ගෙදරදි. සුජීවා මටත් වඩා වයසින් බාල , ශරීරයෙනුත් කුඩා යාන්තමින් O/L පාස් උන කොලඹට ඈත වියළි කලාපයක හැදි වැඩි ඇති බවත් මේ වෙන කොට ඇයට දරුවන් දෙදෙනෙක් ද සිටින බවත් ටික වෙලාවක් ඈ එක්ක කතා කරද්දි අපි දැනගත්තා.. පොදුවේ පිළිගැනෙන පරිදි ඈ එතරම් උගත් නුවත් මම දැක්කෙ ඈ ලබා ඇති ජීවිත දැනුම අසලවටත් මට ඒමට නොහැකි බව ඊළගට ගතවුනු මාස කීපයෙදි. ඈ ඒ තරන්ම දුක් කම්කොටලු පිරි ජිවිතයක් ජයගත් ශක්තිමත් දිරිය කාන්තාවක්.
මුලින්ම දුටුදාම ඇයගෙ කතා බහට නම් අපේ හිත් ඇදි ගියේ විශ්වාසයක් ඇය කෙරේ රඳවමින් , නමුත් ඊට පසුදා උදැසන 9 ට එන්න පොරොන්දු වි පිටත් වී ගිය ඇය ආපහු ආවේ ඊට දවස් දෙක තුනකට පස්සේ. හැබැයි ඇය ආව ගමන්ම ගෙදර තිබුනු හැම වැඩක්ම කඩියා වගෙ කරන අතරෙම ඇයගේ හරි හමන් රැකියාවක නිරත නොවෙන සැමියා ගැනත් , තුන් කුළුදුල් වීම නිසා ඇයගෙන් වෙන්ව කොලඹින් පිට ඇගේ දෙමාපියන් ලඟ වාසය කරන වැඩිමල් දරුවා ගැනත් ඇය අපිට විස්තර කලා.. ඒ අතරින් ඇගේ හිත වැඩිපුර රිදිලා තිබ්බේ ඇය ලඟ ඉන්න බාල දරුවට ලැබෙන වැඩිමල් දරුවට නොලැබෙන දේවල් ගැන....
ඉන් පස්සෙ කම්මැලිකමක් ගැවිලාවත් නැති ඇය "කෝ මිස් මට බබා දිලා මිස් ටිකක් පැත්තකට වෙලා ඉන්න" කියල කොට්ට වලින් වට කරපු බිම එලපු මැට් එකක හරි මිදුල පේන තැනක හරි බබාව ඉන්ඳවගෙන ඈ දන්න නැලවිලි ගී ඈටම උරුම තාලයකට කියද්දි පුතා නිදා ගත්ත දවස් තිබුනා ගොඩක්. අපි ලංකාවෙන් එනකන්ම මේ පුරුද්ද ඈ දිගටම කලා, කිසිම දවසක ඇය බබාව වඩා ගත්තේ නැහැ, මටත් වඩා බබාගේ සනීපාරක්ෂාව ගැන ඇය සැලකිලිමත්...හැබැයි ටික දවසකින් බබාගෙ නැපි රෙදි අඩුවෙන බවක් දැනුනත් ඒ ගැන ප්‍රශ්න නොකර බබත් එක්ක ඒ ගැන ඇයට ඇහෙන්න කතා කරන්න මං හිතුවේ ඇගේ හිත නොරිද්දා ඇයට අඟවන්න වෙන්නේ මොකක්ද කියලා මට තේරුන බව. ඒත් එක්කම සෝදන්න වෙන නැපි ගාන අඩු කරන්නත් මම වග බලාගත්තා...
මගෙ පුතාගේ ජීවිතෙත් ඈ එක වතාවක බේර ගත්තා අපි කවුරුත් නොහිතපු දෙයක් කරලා... ඒ සිදුවීම වෙද්දි පුතාට මාස 7 ක් විතර ඇති.. ඒ කාලේ ඝන ආහාර දීම ආරම්භ කරල තිබුනේ, මම දවල්ට කෑම කවලා පැය 2කින් වගෙ ඉදුනු කෙසෙල් ගෙඩියකින් සූරා ගත් මදය ටික ටික කැව්වේ පුතා හරිම ආසා නිසාත් තව ටික දවසකින් ලංකාවෙන් ගියාට පස්සේ මේ කෙසෙල් හොයා ගන්නවත් ලැබෙයි ද දන්නේ නැති නිසාත්. කවලා පුරුදු විදිහට සුජීවා සාලේ ලැස්ති කරලා තිබ්බ මැට් එක උඩින් පුතාව තියල මම හැරුනේ දවල්ට කන්න යන්න,ඒත් මට පුතාගේ වෙනසක් දැනුනු නිසා ආයෙත් මම ලඟට එනකොටම අර කවපු ඔක්කොම වමනෙ කලා.. ඊට කලිනුත් පොඩ්ඩ බැරි වෙද්දි වමනේ දාල තිබ්බට මේ වගේ නහයෙන් කටෙන් දාල තිබ්බේ නැ...දන්න හැමදේම කරල ඇඳුම් මාරු කරලා ඉවර උනත් හතර අතට අත පය විසි කර කර අඬන ඇඬිල්ල ඒ විදිහටම තියනවා දැක්ක ඇය පැනපු ගමන් ඇඳ උඩ තියල තිබ්බ බබාව අතට අරන් බබාගේ නහය ඉරුවා.. නහය ඇතුලේ හිර වෙලා තිබුනු දේවල් එළියට ආව ගමන් පුතාගේ ඇඬිල්ල නතර උනේ අපි හැමෝම ඇය කරපු දේ හිතාගන්නත් බැරුව බලන් ඉද්දි...
මේ අතර විශේෂ කැමක් සැදු දිනක මගේ මව ඇයට පවසා තිබුන ඇගේ දරුවටත් රැගෙන යන ලෙස. එදා ඉදන් ඈ බොහෝම පොඩ්ඩ පොඩ්ඩ පොඩි පෙට්ටියකට බෙදාගෙන යන්න පුරුදු උනා... උදව්වට එන මුල් කාලේ ඇයට උයන්න බැහැ අපේ ගෙදර කෙරෙන විදිහට.. නමුත් ඈ ඉගෙන ගන්න හරි සූරයි බලන් ඉඳල. අම්මා කරන කියන දේවල් බලන් ඉඳල සති කීපයක් ඇතුලත වේල් 3ම එක් එක් අයට ගැලපෙන ලෙස උයන්න පුරුදු උනේ කිසිම මැසිවිල්ලක් නැතුව. මේ අතරෙම මුල්ම දවසේ උනා වගේ එක පාරට අතුරුදහන් වෙන ඈ දවස් දෙක තුනකට පස්සෙ මතු වෙන්නෙ තම දරුවන්ගෙ හෝ ගෙදර දුක් ගැනවිල්ලක් කියාගෙන.. ඉතින් අපෙ හිත් වල එනවා කියලා එන්නෙ නැති උනාම ඇති උනු නොසන්සුන් හැඟිම් හිරු දුටු පිනි වගේ දියාරු වෙල යනවා.. ඇගෙ කතා විලාසය ඒ තරන් තාත්විකයි...
ඈ දිරිය ගැහැනියක් කිව්වෙ ඇයගෙ ස්වාමියාට ස්ථිර රැකියාවක් හෝ රැකියාවක් කිරිමට ඕන කමක් හෝ නොතිබුන අයෙක් නිසාවෙන් ගෙදර බර කරට අරන් තිබ්බේ ඇය. දරු දෙදෙනාගෙ සියලු වැඩ කටයුතුත් ගෙදරදොරේ දේවලුත් ඇය කරන්නෙ තමන්ගේ සහජ දැනුමෙන් මොළය වෙහෙසලා හතර අතේ හිතලා, හම්බෙන ඕනම විදිහේ කූලි වැඩක් කරලා කියලා අපිට තේරුනෙ වරක් දෙවරක් නෙමේ.. කොහේ හෝ දේශපාලන රැස්වීමක් නම් ඈ එතන .. කොහේ හෝ නොමිලේ පාසැල් උපකරන නිල ඇඳුම් සපත්තු බෙදා දේ නම් ඈ එතන...ඒ වගේ දවස් වලට තමයි ඇය එනව කියලා නොදන්වා නෑවිත් ඉන්නේ.. කාගෙන් හරි හදිසියේ අහගත් තැනකට උනත් ඈ යනවා තනියම...හතර වටේටම ඈ දායක වි ඇති එක එක විදිහේ සීට්ටු ගැනත් ඇගෙන් කියවෙනවා වෙලාවකට.. ඇගෙ දරුවන් දෙදෙනාගෙන් පළවෙනි පිරිමි දරුවා තුන් කුළුදුල් කියා ඔහුට දෙමාපියන් ලඟ සිටිම අවුරුදු ගානකට අපලයි කියා කාගෙන්දෝ දැනගත් දා පටන් ඒ දරුවා හැදි වැඩෙන්නෙ ඇගේ ගම් පලාතේ ඇගෙ දෙමාපිය සෙවණෙ.. හැකි වෙලාවට ඇය අනිත් බාල දරුවත් සමඟ ගිහින් ඔහුව බලල එනව කියල ඈ කිව්වෙ එක දරුවෙක් ලං කරන් අනිත් දරුවා ඈත් කරන්න උනු දුකක් හිතේ හංගගෙන..
ඇගේ තව විශේෂයක් දැක්කා මම..ඒ ඈ අවට ඉන්න හැමෝගෙම වැඩකටයුතු තමන්ගෙම කර ගන්න උණුවෙන හිතක් තියන ඕනම අභියෝගයක් නොපැකිලව බාර ගන්න සමත් ගැහැනියක්.. එය මං දුටුව හොඳම තැන තමයි මගේ පුතාගේ ඉඳුල් කට ගෑව දවස..හැමදේම ලැස්ති කරගෙන තිබ්බත් අපිට කැවිලි වගයක් ගන්න අතපසු වෙලා කියල දැක්කේ එදා උදේ.. ඒ අවට තියන කැවිලි කඩයක් මම දැනගෙන හිටිය නිසා ගියත් ඕනේ කරපු හැමදේම නැතුව ආපු මම තියන දෙවල් එක්ක වැඩේ කරන්න ලැස්ති වෙනවා දුටු ඇය "මිස් කෝ දෙන්න සල්ලි" කියලා අඩියට දෙකට ගෙදරින් ගිහින් නැකතට කලින් ආපහු ආවේ වැඩිපුරත් එක්ක කැවිලි ජාති හොයාගෙන.. ඇය ඒ විනාඩි ගානට ඒ හරියේ තිබුනු හැම කැවිලි කඩේකටම ගිහින් තිබ්බා පයින්...

දිනක් ඇය ඇගේ බාල දරුවත් එක්කන් ආවා, හරි හුරුබුහිටි පෙනුමෙන් ඇය වගේම පෙනුනු මේ පෙර පාසැල් යන වයසේ හිටිය දරුවා හරිම කල්පනාකරිව ප්‍රශ්න කලා අපේ ගෙදර වෙන දේවල්..ඔහුට තිබුන ලොකුම ප්‍රශ්නය තමන්ගේ අම්මා මෙහේ මොකද කරන්නේ කියන එක... ඒ දරුවගේ ඇස් දිහා බලන් අපි කාටවත් එයාගේ අම්මා මෙහෙ වැඩ කරනවා කියලා කියන්න පුලුවන් කමක් තිබ්බේ නැති නිසා අපි කිව්වේ අම්මා උදව් කරන්න ආව බව.. එදා ඈ අරන් ආවා හතරට නමපු පාවිච්චි කරලම පොඩි උනු කොල කැල්ලක්.. එකේ තිබ්බ දේ ඇය කිව්ව මෙන්න මෙහෙම " අනේ බලන්නකෝ මිස්, මොන්ටිසෝරියේ කොන්සට් එකට ඉංගිරිසියෙන් පිළිගැනීමේ කතාව කරන්න තෝර ගෙන මෙයාව.. මං ටිචට කියල ඒක සිංහලෙන් ලියව ගත්තා මිස්, ගෙදර ඉන්න වෙලාවට මෙයාට පුරුදු කරන්න" කියල ඇය දරුවා දිහාට හැරිලා කියලා පෙන්නන්න කිව්ව පමාවට අර කටපාඩම් කර ගත්ත කතාව බොහෝම චතුර විදිහට කියාගෙන ගෙන ගිය දරුවා දිහා ඈ බලාගෙන හිටියේ හරිම ආදරෙන් ආඩම්බරෙන් දිලිසෙන ඇස් වලින්...ඇය විඳින දහසක් දුක් ඒ වෙලේ තිබ්බේ කොහේදෝ දුර ඈතකට පාවෙලා ගිහින් කියලයි මට හිතුනේ... කාගෙන් හරි ඉල්ලගත්ත ඒ පෙර පාසල් විවිධප්‍රසංගයේ CD එකත් අරගෙන ඇය තවත් දවසක ආවා ඒක දාලා බලන්න නොඉවසිල්ලෙන්..දුක් මහන්සියෙන් හදන දරුවෙක්ගෙ දස්කම් බලන්න කව්ද අකමැති..
.
.
දැන උගත් කියන බොහෝ දෙනකුගේ නැති හැදියාවකුත් ඇය ලඟ තිබ්බා, කිසිම දවසක මමත් මගේ සැමියත් ගැවසෙන තැන් වලට ඈ ආවේ නැහැ . ඒ වගේම ගෙදර පෞද්ගලික දෙයක් කතා වෙන වෙලාවටත් මඟහැරලා ඉන්න තරම් නුවණක් තිබුනු ඇය අන්තිමේ නගරසභාවක ස්ථිර රැකියාවක් ඇගේ සැමියට සොයා දෙන්නත් සමත් වෙලා තිබ්බා..මේ අතර අපේ අම්මත් එක්ක ඇතිඋනු සාකච්ඡා වල ප්‍රතිඵලයක් විදිහට ඇය තම දෙමාපිය සෙවණේ හිටිය වැඩිමල් දරුවත් නැවත ඇය ලඟට ගන්න තීරණය කරලා තිබ්බේ අතේ තියන මුදල් අඩුකම නිසා දරුවා බලන්න යන්න වෙන වාර ගන්න අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවුනු නිසා...අදටත් කියන ඕනම වෙලාවක එන්න පොරොන්දු වෙන ඇය එන්නේ නම් ඈට ඕන වෙලාවට.. හැබැයි ඇයට පවරන ඕන වැඩක් ඇදයක් නොකියන්න කරන්න ඇ උපන් හපනියක්..
අපි ඉස්සර හිටිය ගෙදර කිට්ටුව හිටියා ඔයා ඔය කියන සුජීවා වගේම කෙනෙක්. එයා ඒ පැත්තෙ හැම ගෙදරකම වගේ ඕනිම විදිහක වැඩට උදව් වෙන්න යනවා. එයාගෙ හස්බන්ඩ් නෑ. ගෙදර ඉන්න වෙලාවට කඩදාසි වලින් බෑග් හදන වැඩෙයි පාපිසි මහන වැඩෙයි කරනවා. කඩියම තමයි. එයා ඒ මහන්සියෙන් හම්බ කරේ පුතාට උගන්නන්න. පුතා ඒ කාලෙ ජ/පුර මැනේජ්මන්ට් ෆැකල්ටියෙ ඉගෙනගත්තා.
ReplyDeleteසඳවියමන් මතක විදිහට සුජිවත් පාපිසි මහන වැඩෙත් කරනවා.. මට සුජිවගෙ දරුවා ආපු වෙලේ බය හිතුනා සඳවියමන් කවදා හරි කාගේ හරි කටින් පිට උනොත් " උබේ අම්මා ගෙවල් ගානේ කුලී වැඩ කල ගැනියෙක්" කියන වචන ටික එක ඒ දරුවට දරා ගන්න පුලුවන් වෙයිද කියලා...සීමාව පැන්නාම මැරයෙක් විය හැකි ලකුනුත් මම ඒ දරුවගෙන් දැක්කා...
ආදර්ශවත් චරිතයක්. අපේ සමාජෙ කොච්චරවත් ඔය වගේ චරිත තියෙනවා. ඒත් ඔවුන් හුදෙකලා වෙලා.
ReplyDeleteජයවේවා!!!
ඇත්තටම දුමී..
Deleteමාතෘකාවෙ " ඈ නමින් සුජීවා විය" හෝ " ඈ සුජීවා නම් විය" කියලා තිබ්බොත් හොද නැද්ද?
ReplyDeleteජයවේවා!!!
මටත් හිතුනා මාතෘකාව අවුල් කියලා.. තැන්කු දුමී..
Deleteඔබේ නිහතමානී අවංක බවට මගෙන් ස්තූතියේ මල් මිටක්.
Deleteජයවේවා!!!
ඔක්කොම කියවන්න බැරි වුන. ආයෙම එන්නම්. කියවගෙන ගිහින් නතර වුනෙ සුජීව පුතාව බේරගත්ත තැනින්. ඒ ටික කියවද්දි එහෙම හිතට දැනුන නම් ඒ වෙළේ මොන වගේ හැගීමක් ඇති වෙන්න ඇත්ද කියල හිතා ගන්න බෑ.
ReplyDeleteආයෙත් පස්සෙ එන්නම් ඉතිරිය කියවන්න..
නිදහසේ ආයෙත් ඇවිත් කියවන්න ඉතිරියත්.. මගෙ පුතා ඉපදෙන්න ආව දවසේ ඉඳලා අභියෝග වලට මූණ දෙන්න උනු පුංචි පැටියෙක්..වෙලාවකට මට එයා දකිද්දි හීනයක් කියලා හිතෙනවා..ඒ ගැන මම ලියන්න ඉන්නේ.
Deleteමගේ සැමියා සාමාන්‍යයෙන් එක පාර කෙනෙක්ව විස්වාස කරන කෙනෙක් නෙමේ. ඒත් මේ සුජීවා ගැන ඔහුගේ අදහස මං දැන ගත්තේ ලංකාවෙන් එද්දි පුතාගේ සෙල්ලන් බඩු වලින් වැඩි හරියක් ඇයට අරන් යන්න ඉඩ දුන්නු වෙලේ,තමන්ගෙම අක්කගේ සම වයස් බබාට ඉතුරු උනේ බොහොම ටිකක් උනත්.
ජීවිතේ ජයගන්නෙ මේ වගෙන් අය. සංවේදී සටහනක්
ReplyDeleteස්තුතියි ඉයන් , අද ඇය ඉන්න තත්වය හැටියට මට කියන්න අමාරුයි ඇය ජීවිතය ජය ගනීද කියලා.. ඇගේ අතක් කැඩිලා ලිස්සලා වැටිලා, පවුලේ කොඳුනාරටිය ඇය.
Deleteකිසිඳු ස්ථිර ආදායමක් නැති අයට මීට වඩා මූලීක පහසුකම් සලසන විදිහක් තිබ්බා නම් රජයෙන් හෝ වෙනත් වගකිවයුත්තන්ගෙන් කියලා මට හිතෙනවා..මොනවා උනත් ජීවිතය කියන්නේ මේ හැටි දුක් විඳිමක් නම් නොවිය යුතුයි..
මට අවංකවම කියන්න පුලුවන් ඇය සමහර අංශ වලින් මට වඩා දක්ෂයි.. එහෙත් ඇගෙයි මගෙයි වර්ථමාන ජිවන තත්වයන් අහසට පොළව වගෙයි. එක දිගට අධ්‍යාපන තරඟයේ ගමන් කරන්න ඇයට හැකියාවක් නොතිබීම සහ අධ්‍යාපන සහතික වලින් දැනුම මැන බලන සමාජයක ඇය හිර වෙලා කියල මට හිතෙනවා..
කොහොම උනත් ඇගේ කිසිවෙකුට නොදෙවෙනි වෙන පෞර්ශයට මම ගොඩක් කැමතියි.. පිනට කිසි දෙයක් ගන්න ඇය කැමති නැහැ.
මං හිතන්නෙ ඒක වෙන්නැති කර්මය.
Deleteසරදියෙල්, මම සාමාන්‍යයෙන් කර්මය නිසා දුක් විඳිනවා ජිවිතේ වැරදෙනවා කියන කතාවට එකඟ කෙනෙක් නෙමේ..
Deleteනොදැනුවත්කම සහ වැරදුන තැන විමසා බලා නැවත නොවරදින්න හදා නොගන්න නිසා වගේම ඉදිරිය ගැන කල්පනාකරීව නොයැම කියන කරුණු වලට ඊට වඩා වැඩි ඉඩක් දෙන්න මම කැමතියි..
ඒත් සමහර අසරණ වීම් දැක්කම කරුමේ නොකියා කියන්න දේකුත් නැ තමා...
//එහෙත් ඇගෙයි මගෙයි වර්ථමාන ජිවන තත්වයන් අහසට පොළව වගෙයි. //
Deleteමේක සාපේක්ෂ දෙයක්. හොඳ රෙස්ටොරන්ට් එකක දහ දාහක් මීල් එකක් කාලා ගන්න සංතෝෂයයි, තමන් හදපු ගහක හැදෙන දෙයක් තමන් උයා ගෙන කන කොට ලැබෙන සංතෝෂයයි වගේ වෙනස් දෙකක් සංසංදනය කිරීමට උත්සාහ කිරීමෙන් වැඩක් නැහැ. ඇය තමන්ගේ ධෛර්‍යයෙන් උපයාගෙන ලමයින් පෝශණය කිරීමෙන් ලබන සතුට ඔවුන් ගේ දියුණුව දැකීමෙන් ලබන සතුට උපතින් මුදල් තිබුණ අයගේ එවැනිම අවස්ථා වල දැනෙන අකම්ප්ලිශ්ඩ් ෆීලිං එකට වඩා බොහෝ වැඩියි කියල මම හිතෙන්නෙ. ඒකට හේතුව ඒ තත්ත්වයට එන්න ඔවුන් පරාජය කල බාධක ප්‍රමාණයෙන් සහ දුෂ්කර බවින් විශාලයි.
ඉයන් ජීවන තත්වය යනුවෙන් මම අදහස් කලේ ලොකු හෝටලයක ලොකු බිලක් ගෙවා කන කැමක් ගැන නම් නොවේ. කවුරුන් හෝ මාව ඒ විදිහට හෙව්වොත් කිසිම දවසක ඒ කෙනාට මාව මුණගැසෙන්නේ නැති බව මට විස්වාසයි. මම කිව්වේ තුන් වේල යන්තමින් හෝ කාල ඇඳලා සිටිමට ඇය කරන අරගලයට මා මූණ නොදෙන බවයි..
Deleteඒ වගේම ඇය ජීවත්වීමට කරන අරගලය සහ ඇගේ ජයග්‍රහන ගැන සතුටු වීම ගැන ඉයන් තියනව පරස්පරයක්... ඇය බොරු කියනවා.. රවට්ටනව.. තමනගේ වාසියට හරිහැටි ඇත්ත නොකියන තැන් තියනව.. මම දැක්කේ ඇය ඒ ගැන දුක් වෙන බව... ඊට වඩා එවැනි බොරු නොකර ඇයට එදිනෙදා ජීවත් වෙන්න තිබ්බ නම් ඇයට ඒ ප්‍රමාණවත් බවයි මට හැඟුනේ, හිරු සඳු අල්ලන ආසාවන් ඇය ලඟ මම දැක්කේ නැහැ..
ඉයන්, කිසියම් දෙයක් දිහා බලද්දි එය තමන්ට ආඳල කරනොගෙන බලන්න. එවිට බාහිරින් වැසී ඇති එම කාරණාවේ යථාර්තය අපිට පැහැදිලිව පෙන්න පටන් ගන්නව.. මම කිව්ව දේ පැහැදිලිද මන්දා
Deleteමේ කාරනාව ගත්තොත් ඔබ දැනට වටහා ගෙන ඇති පරිදි මම යමක් කමක් ඇති පවුලක කෙනෙක් කියන කාරණය අමතක කර මම කියන දේවල් දිහා තවත් එක මනුස්ස පරාණයක් විදිහට විතරක් බැලුවොත් තමයි මම කියන දෙවල් හරියාකාරව තේරුන් ගන්න පුලුවන්..
//මට අවංකවම කියන්න පුලුවන් ඇය සමහර අංශ වලින් මට වඩා දක්ෂයි.. එහෙත් ඇගෙයි මගෙයි වර්ථමාන ජිවන තත්වයන් අහසට පොළව වගෙයි. එක දිගට අධ්‍යාපන තරඟයේ ගමන් කරන්න ඇයට හැකියාවක් නොතිබීම සහ අධ්‍යාපන සහතික වලින් දැනුම මැන බලන සමාජයක ඇය හිර වෙලා කියල මට හිතෙනවා//
Deleteමේ ටික තේරුම් ගන්නත් පිළිගන්නත් උගත් සමහර දෙනා අකමැති එක තමයි කණගාටුව.
හ්ම්ම් කෙන්කුයුෂා.. ඒකට අපෙ රටවල් වල සාධරනීකරණය කරන්න හොඳ හේතුත් හදා ගෙන තියනවා මිනිස්සුම. එකක් තමා දුක් විඳල ලබන සැප වඩා වටින බව, අනික කරුමෙට බාර දෙන එක... දේශපාලුවන්ට මේවා රන් හා සමාන අවස්ථාවන් මට හිතෙන විදිහට.. අපේ අම්මලා උනත් දුක් විඳිම ගැන කතා කරන්නෙ එක්තරා ආඩම්බරයක් හිතේ කොනක තියාගෙන.. එකේ වැරද්දක් දකින්නෙ නැ ගොඩක් අය.. විශේෂයෙන් ගැහැනියක් ලෙස දුක් විඳිය යුතු බව දුක් ඉහිලිය යුතු බව කියන මතයෙන් වෙනස්ව දකින්න මගේ මවටත් තවම බැහැ.. එත් ඇයි අපි දුක් විඳින්නෙ.. ජීවත් වෙන්න දුක් විඳිම කොහොමද ආඩම්බරයක් සතුටක් වෙන්නෙ කියල මට තේරෙන්නෙ නැහැ..
Deleteසුජීවා ගත්තොත් ඇයට සියලු දේ කඩෙන් මිලදි ගන්න ඕන. අඩුම ගානේ පලා ටිකක් වත් වවාගෙන කන්න ඇය ජීවත් වෙන තැන ඉඩක් නැ.. මේ වගෙ බිම් අඟලක් නැති කහට එකක් බොන්න අතේ සතේ නැති කී දෙනෙක් ඇත්ද.. එයාල ඒ ගැන සතුටු වෙනවා ඇත් ද.. වතුර ටිකක් බීලා තමන්ගේ බඩ පුරෝගෙන ගෙදර අනිත් අයට කන්න දෙන දෙමව්පියෝ කොච්චර ඇත්ද..
එත් එක්කම සුජීවා දකින විට මට සිහියට නැඟෙන තව කරුණක් තමයි ගැහැනියෙකුට පිරිමියකුගෙ රැකවරණයක් ඕනෙමද ???
කාන්තාවන්ට වඩා පිරිමින්ට ශරීර ශක්තිය වැඩි කියුවට මේ වගේ අය දකිනකොට ඒක වැරදී කියා හිතෙනවා.... ඒ කොහොම උනත් ගැහැණියට තියන හිතේ ශක්තිය නම් හරිම ප්‍රබලයි...
ReplyDeleteඅබියෝග වලින් පැනලා යන යන අයට සුජීවා වගේ අය දෙන්නේ ලොකු ආදර්ශයක්....
දරුවාගේ හැගිම් ගැන කල්පනාකාරී උණු එක අගය කළ යුතු දෙයක් චතූ... අනිත් හැමෝමත් ඒ විදිහට හිතන කල් දරුවාගේ හිත රිදෙන එකක් නැ...
ඔව් නිර්මාණි මටත් වෙලාවකට හිතෙනව පිරිමින්ට වඩා ගෑනුන්ට ඇඟේ හයියත් තියනව හිතේ හයිය වගේම.. බලන්න රස්සාවට ගිහින් බස් වල තෙරපිලා ආවත් කීදෙනෙක් ගෙදර ආපු ගමන් කීයක් වැඩ කරනවද? ඇඟේ පතේ මහන්සිය නැතුව නෙමෙනේ.. ඊලඟ දවසෙත් ඇය ඒ විදිහටම කරනවා..
Deleteඅභියෝග වලින් පැනල යාම උසස් අධ්‍යාපනය එක්ක වැඩි වෙනවදෝ කියල මට හිතෙනව නිර්මාණි..
ස්තුතියි ඔයාට.. මගේ ජීවිතේ මගෙ හැඟිම් ගැන නොහිතා වචන පාවිච්චි කල අය නිසාම මම හරි පරිස්සන් ඒ ගැන, හිත රිදෙන තරම මම දන්න නිසා.. හැබැයි මගේ නිහඬ බව වරදවා තේරුන් ගන්න අයත් ඉන්නව නිර්මාණි..
හීන දකින්නී කියවල තියෙනවද මන්ද අපූ ත්‍රිත්වය. සත්‍යජිත් රායිගේ ප්‍රසිද්ධ ෆිල්ම් තුනට මුල් උණු කතා තුන.පාතෙර් පංචාලි, අපරාජිතෝ සහ අපූර් සංසාර්. ඒ තුන සිංහලට ට්‍රාන්ස්ලේට් කළා චින්තා ලක්ෂ්මී.මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්,අපූගේ ලෝකය තමයි සිංහල නම්. කියවල නැත්තං කියවන්න. ඔය විදියෙම චරිතයක් තමයි අපූගෙ අම්ම. සර්වජයා.
ReplyDeleteඔව් සරදියෙල්, මම කියවලා තියනවා පොත් තුනම. ස්තුතියි මේ පැත්තේ ආවට. මෙහෙ තියන හොඳ දේවල් 'සූර සරදියෙල්' වගෙ ගෙනිහින් හැමෝටම බෙදලා දෙන්න.. ඒත් එක්ක වැරදි අඩුපාඩු , හදාගන්න තැන් දැක්කොත් කියන්නත් අමතක කරන්න එපා.
Deleteස්තූතියි සිහින දකින්නිය..බොහොම අපූරු කතාවක් ....ඒ වගෙ කාන්තාවක් කෙරෙහි සානුකම්පිකව බැලිය හැක්කේත් සිතෙහි මානව දයාව පිරි අයෙකුටම පමණයි....:)
ReplyDeleteස්තුතියි රවී.. සුජිවා කියන්නෙත් මං වගේම තරුණ ගෑනු කෙනෙක් ලමයි දෙන්නෙක් හිටියට. ඇයත් ජිවිතය විඳින්න ආස කරන බව මට තේරුන. ඇය මගේ සැමියගේ විලවුන් සුවඳට , පිලිවෙලට අඳින ඇඳුම් පැලදුම් වලට , ආපහු යන්න හවස් උනොත් කාර් එකෙන් හන්දියට ගිහින් බස්ස ගන්න ආස කල බව මට නොරහසක්.. ඒත් ඇය ආදරය කලේ මගෙ සැමියට නොවන බවත් ඇයට අහිමි මට හිමි මගේ සැමියා ලඟ ඇති දේවල් වලට කියලත් මට තේරුන් ගන්න පුලුවන් රවී.
Deleteජීවිතයේ මතුපිටින් නොපෙනෙන ගැඹුර සහ යථාර්තය පිළිබඳ ඔබේ පුළුල් දැක්මට මගේ ආචාරය...:)
Deleteබොහෝම ස්තුතියි රවී, ඔබේ ඒ ආචාරය හිමි වෙන්න ඕන මගෙ දෙමාපියන්ට මතුපිටින් ඇතුලත බලන්න මට හුරු කලාට.. ආදරය සම්බන්ධයෙන් විශේෂයෙන් මගේ අම්මට. :)
Delete//ස්තුතියි රවී.. සුජිවා කියන්නෙත් මං වගේම තරුණ ගෑනු කෙනෙක් ලමයි දෙන්නෙක් හිටියට//
Deleteකව්ද කිව්ව චතූ කියන්නෙ හැට පැනල ඉන්න කෙනෙක් කියල. ඒවගේ අයටත් තරුණයි කියනවද? හැක්
කවුරුවත් කියන ඒවා අහන්න එපා ඉයන්.. පුලුවන් නම් මෙන්න මේක කියවලා හොයා ගන්න මගේ වයස හි හි...
Deleteමං ඉපදිලා තියෙන්නෙ මුලටයි අගටයි 1කේ ඉලක්කම යෙදිල තියන අවුරුද්දක මැද මාසෙක මුල් දවසක...
// හැට පැනල ඉන්න කෙනෙක් කියල.//
Deleteමම කිව්වෙ අවුරුදු කියල නෙමෙයි කිලෝ ග්‍රෑම් වලින් , හැක්
1931 July 1st? :)
Deleteහපොයි ඉයන්, මගෙ අම්මත් ඊට වඩා බාලයි.. :) :) අවුරුද්දේ එක ඉල්ලකමයි වැරදි, වැරදි ඉලක්කමේ හැඩය සම්පූර්ණ උනා නම් හරි. මාසේ නම් හරියටම හරි.. දවසෙන් නම් ඉතින් වයස හොයා ගන්න වැඩි පහසුවක් නැනේ...කිලෝ වලින් වයස බලන්න ගත්තේ කොයි කාලේද ඉයන් ??
Delete1931 July 1st? :)
Deleteබොහොම අපූරු කතාවක් ....
ReplyDeleteඅත් උදව්වට හොද කෙනෙක් හොයා ගන්න එකට නම් ......
මට හිතෙන්නෙ ගිය ආත්මෙ අපි මහා ගොඩාක් පින් කරල තියෙන්න ඕනෙ....
Nadee akka
විශ්වාස කෙනෙක් හොයා ගන්න එක නම් හරි අමාරුයි තමා අක්කේ.
Delete