Who are you |
ඉතින් ඇයි දන්නවද "ඔබ කවුද ?" කියන පාඩම මුලින් උගන්නනේ.. මම මේ ඉගෙන ගන්නේ අනිත් අයට තමන්ව අඳුරගන්න, ඉගෙන ගන්න උදව් කරන විදි ගැන...ඉතින් ඊට කලින් මම ඉගෙන ගන්න ඕන මගේ පෞර්ශයත් මම අවට පරිසරයෙන් දේවල් ඉගෙන ගන්න විදිහත්..එහෙම නැතුව මට පුලුවන් කමක් නැ අනිත් කෙනෙකුට උදව් කරන්න ඒ කෙනා එක්ක මගේ පෞර්ශය සුහදව ගලපගන්න බැරි නම්. අන්න ඒ සුහදව ගලපගන්න ඕන කරන විදි ඉගෙන ගන්න නම් මුලින් මම අවට පරිසරය එක්ක බැඳෙන හැටි තේරුන් ගන්න ඕනේ මට ආවේණික පෞර්ශයට අඳාලව...
Pyramid - Sense,Feel,Think,Learn,Behave |
Try to make at least 3 people smile each day. |
හැබැයි ඒ අතරේ ප්‍රශ්න මතුවුනු තැනුත් අනන්තව හම්බුනා. සමහර තැන් වලදි මම ආසියාතික රටක වැඩියෙන් ගෙදරට සීමා වෙලා හැදුනු නිසා එක අඩියක් ඉදිරියට තිබ්බොත් මාව හදලා තියන විදිහට පිළිගන්න බැරි සිදුවීම් වෙන්න තිබ්බ තැන් වලින් අයින් වෙලා ඉන්නත් මට සිද්ධ උනා. (මගේ අම්මයි තාත්තයි මාව හදපු විදිහ කොහේ කොහොම තැනක මොන විදිහේ කෙනෙක් එක්ක හිටියත් වෙනස් වෙන්නේ නැ, ඒ ආදරයට කැපවීමට රැකවරණයට වඩා වැඩි තැනකදි විතරයි මම වෙනස් වෙන්නේ. ) තව කෙනෙක්ගේ කඳුලක් මාව අසීමිතව සසල කරනවා කියලා මීට කලින් මම හරියට තේරුන් අරන් තිබ්බේ නැති දෙයක්. ඒ තේරුන් ගැනීම මට මගේ ජිවිතේ මං ගත්ත සමහර තීරණ පැහැදිලි කරගන්න හේතු උනා....
The art of being happy is to be satisfied with what | you have |
Forgive like it's the end of the world |
I <3 ME TIME |
Reflect- Relax-Recharge |
දැන් මම දෙන්නම් පොඩි වැඩක්, කරලා බලන්න වෙලාවක් තියන වෙලාවක.
Be Flexible in Mind & Body |
Circle of BODY-MIND-SOUL |
නම්‍යශිලි මොළයක්(හිතක්) කියන්නේ දිව්‍යලෝකයක් පරිස්සමින් ගොඩ නඟලා ගත්තොත්, ඒත් එක්කම නම්‍යශිලි ශරිරය හරියට අනුපානයක් වගේ ජීවිතය රසවත් කරන..
ඔබ හොයා ගත්තොත් ඔබ අඩුවෙන් භාවිතා කරන මොළයේ පැත්ත ඔබට පුලුවන් එහි ක්‍රියාකාරිත්වය වැඩි කරන දේවල් හොයාගෙන සමතුලිත කරගන්න ඔබේ ජිවිතේ අන් අයගෙන් යැපෙන්නේ නැතුව. මොකද අපි හැමවෙලේම අපිට නැති දේ හොයන්න හිතන අය.. නැති දේවල් අනිත් අයගෙන් හොයාගත්තත් මොකද්ද තියන සහතිකය හැමදාම ලැබේවි කියලා..දැන් මම මේ වම් සහ දකුණු මොළවල ක්‍රියාකාරි වෙනස්කම් කීපයක් කියන්නම්, ඔබට මේ වෙනස්කම් තිබෙනවා නම් මුහුණ දෙන ගැටලු වලට විසඳුමක් හිතාගන්න ලේසි වේවි.
Help Each Other. Each letter in different color |
අපේ වම් මොළය මුලින් කරන්නේ කුමන හෝ දෙයක කුඩා කොටස් වල සිට විස්තර තර්කානුකූලව එකතු කරගෙන පස්සේ තමයි ඒ කොටස් එකතු කරලා මුලු දෙයම ගැන අදහසක් ගන්නේ. හැබැයි දකුණු මොළය මෙහි අනිත් පැත්ත, මුලින් කුමන හෝ දෙයක් ගැන සම්පුර්ණයෙන් දැකලා හිමින් හිමින් තමයි කුඩා කොටස් වලට අවධානය දෙන්නේ..එයාලා ඉස්සේල්ලා දකින්න උත්හස කරන්නේ උත්තරය.. දකුණු මොළ හිමිකරුවන්ට මුලින් එදා ඉගෙන ගන්න පාඩම ගැන හොඳ අදහසක් කලින් තිබ්බේ නැත්නම් අමාරුයි දේශනයකට සවන් දිලා ඒ කියන කරුණු වලින් පාඩම තේරුන් ගන්න. වම් මොළහිමිකරුවෝ තමයි මේ වගේ වෙලාවට එයාලගේ උදව්වට එන්නෙ, එයාල ටික ටික එකතු කරගෙන තේරුන් ගත්තු පාඩම කියලා දිලා අනිත් අයට. මෙහෙම එකට එකතු වෙලා පාඩම් කරන කොට සම්පුර්ණ පාඩම ගැන හැමෝටම වඩා හොඳ අවබෝධයක් ලැබෙනවා. මේ නිසා කෙනෙක් දකුණු මොළය වැඩියෙන් භාවිතා කරනවා නම් ඕනම දේකට පෙර සුදානම හරිම වැදගත් සාර්ථකත්වයට.
ඒ වගේම දකුණු මොළ අයට තමන්ගෙන් අහන ප්‍රශ්නයකට වටේ නොයා උත්තර ලියන්න අපහසුයි, කරුණු ගොඩක් ලියලා තමයි එයාලා හරි උත්තරේට එන්නේ. මෙන්න මේ නිසා ගුරුවරයෙක් කියලා දෙන්න ඕන මේ අයට කොහොමද තමන් ඉගෙන ගත් දේවල් අවස්ථානුකුලව අවශ්‍ය පරිදි සිමාසහිතව පෙළ ගස්සන්නේ කියන එක. එහෙම දැනුවත් ගුරුවරෙයෙක් හම්බ උනොත් මේ දකුණුමොළ හිමිකරුවෝ දෙයක් වෙන්න කලින් අනාවැකි කියන්න උපන් හපනුන්..
ඊලඟට වම්මොළ හිමිකරුවන් හරි පිළිවෙලට කරුණු තැන්පත් කරගන්නේ, ඉතාම හොඳ ලිස්ට් හදන්නන් මේ අය. ජිවිතේ දිඟු කාලින බලාපොරොත්තු හොඳින් පෙළ ගස්සනත් එදිනෙදා වැඩ උනත් පිළිවෙලකට කරන්නත් තමයි මේ අය කරන්න කැමති. එයින් ලොකු සතුටක් තෘප්තියක් මේ අය ලබනව හරි අහිංසකව. මේ වගේ අයට හොඳට පුලුවන් අනුපිළිවෙලින් කරන්න තියන දේවල් මතක තියාගන්න. චෙස් ක්‍රිඩාව, ස්පෙලින්ස් තරඟ, සංකීර්ණ ගණිත ක්‍රම වගේ දේවල් මේ අයට කජු කනව වගේ වැඩ, හැබැයි පොඩ්ඩ එහා මෙහා උනාම දන්න ටික කරගන්නත් මෙයාලට බැහැ.
Do your work NOW not LATER |
ඒත් එක්ක දකුණුමොළ හිමිකරුවෝ ඕනේ තරමක් වැඩ කරයි ඕනේද නැද්ද කියලා හිතන්නෙත් නැතුව. එහෙම කරලා පස්සේ තමයි තේරුන් ගන්නේ ඕනම දේවල් කරලා නැනේ කියලා, දැන් වෙලාවකුත් නැනේ කියලා. ඒ නිසා මේ අය ඉගෙන ගන්න ඕන කොහොමද වැදගත් නොවැදගත් දේවල් හරියට වෙන් කරගෙන කරන්නෙ කියලා.. මේ වගේ අය අන්තිම මොහොතේ වැඩ ගොඩක් කරන්න ගිහින් විහින් අමාරුවේ වැටෙනවා කල් තියා ටික ටික කරන්නේ නැතුව. ඔබට මේ ලක්ෂන තියනවා නම් කවදාවත් පැවරුමක් දෙපාරක් බලන්නේ නැතුව දෙන්න එපා.. අකුරු වල වැරදි අනිවාර්යයෙන් බලන්න. දකුණුමොළ කරුවන් පාටට හරිම සංවේදි අය. ඒ නිසා මතක තියාගන්න ඕන දේවල් පාටත් එක්ක සම්බන්ධ කරගන්න.
වම්මොළ හිමිකරුවන් තමන්ට පේන ඇහෙන දකින දේවල් ඉබේම මතක තියාගන්න අතරේ දකුණුමොළ හිමිකරුවන්ට ඇත්තටම දැකල, අල්ලලා බලලා, දැනුනම තමයි මතක හිටින්නේ හොඳින්. මේ නිසා දකුණු මොල හිමි ගැනු ළමයිගෙන් අහ අහා ඉඳලා වැඩක් නැ.. කරලම බලන්න, දැනුනොත් ආපහු නැවතීමක් නැ වගේම නොදැනුනොත් ආයේ දැනෙන්නෙත් නැ..
Patterns- Colors, Numbers,Shapes |
වම්මොළ හිමි දරුවන් අකුරු ඉලක්කම් ඉගෙන ගනිද්දි වෙන වෙනම මතක තියාගෙන තමයි කියවන්න ඉගෙන ගන්නේ, හැබැයි දකුණුමොළ හිමි දරුවො මතක තියාගන්නේ මුලු වචනෙම. ඔබ මේ කරුණ කල් ඇතුව හොයා ගත්තොත් අකුරු කියවන්න කලින් දරුවා වචන කියවන්න හුරු වෙවි, එය දිගටම ප්‍රගුණ කලොත් කොහේ තිබ්බත් ඒ හැඩය කියවන්න පුරුදු වෙවි..අනිත් දරුවන්ට වඩා කැපීපෙනෙන කියවීමේ සහ රටා හඳුනාගැනිමේ හැකියාවක් මේ දරුවන්ට උපතින්ම ලැබිලා තියනවා..
වම්මොළ හිමි අය කරුණක් ගැන කතා කරද්දි හරියටම දන්නව කතා කල යුතු දේ, ඔබ ඇහුවොත් ඇයි එහෙම කියන්නේ කියලා පැහැදිලිව කියලා දේවි එකින් එක. නමුත් දකුණුමොළ හිමි අය උත්තරේ ඉවෙන් වගේ දැන ගත්තට හරියට පැහැදිලි කරන්න දන්නේ නැ... මේ නිසා විශ්වාසය ගැන ගැටලු වලට සමාජයේදි මේ අයට මුහුණ දෙන්න වෙනවා..වම්මොළ හිමියන් නිතී නැත්නම් නිතී හදාගෙන පිළිපදින අය. දකුණුමොල හිමියන් වැරැද්ද මොකද්ද කියලාවත් දන්නේ නැති තරම් හීන ලෝකෙක ඉන්න අය..
YOU CAN DO IT- in rainbow colors |
RIGHT brain more color full than LEFT |
ඒත් එක්කම වම්මොළ හිමි අය තමන්ගේ හැඟිම් වචන වලට හරවන්න අපහසුතාවයකින් පෙළෙන අතරේ හැඟිම් වෙනුවට එකතුකර ගත් කරුණු කාරණා ඇසුරෙන් තමන්ව අනිත් අයට සන්නිවේදනය කරන්න පෙළබෙනවා. නමුත් දකුණුමොළ හිමි අය තමන්ගේ හැඟිම් වචන වලට පෙරළන්න උපන් හපන් අය. මේ නිසා වම්මොළ හිමි අය තාර්කික පැත්තට බර එතරම් හැඟිම්බර නැති (සමහර විට රොබෝ වැනි) හැසිරීම් දක්වන අතරේ දකුණුමොළ හිමි අය වචනයේ පරිසමාප්තියෙන්ම සිහින ලොක වල සැරිසරන ෆැන්ටසි ලෝක වල අතරමන් වෙන්න උපන් හපන් අය. සමබර සමතුලිත සංතෘප්ත සබඳතාවයකට මෙන්න මේ ප්‍රතිවිරුද්ධ දෙදෙනෙක් නිවැරදිව තේරුන් ගෙන එක්වීම කියන්නේ මිහිපිට දෙව්ලොවක්. මෙන්න මේ දේවල් ඉගෙන ගන්න කොට මට හිතුන දෙයක් තමයි තමන් එක්ක සතුටින් ජිවිතේ ගෙනියන්න එකතු කරගන්න කෙනෙක් හොයද්දි දැනට හොයන සමහර දේවල් මොන තරන් නිසරුද කියලා..
ඉතින් ඔබ කුමන මොළහිමිකරුවෙක් උනත් දෙයක් ඉගෙන ගන්න පහත ක්‍රම වලින් එකක් හෝ කීපයක් තෝරගන්න පුලුවන් හොඳට ඔබ ඔබවම අධ්‍යයනය කලාට පස්සේ. හොඳට මතක තියාගන්න ඉගෙන ගන්නවා කියන ක්‍රියාවලිය දවසකින් දෙකකින් හරි මාසෙකින් දෙකකින් හරි අවුරුද්දකින් දෙකකින් හරි නවතින ඉවර වෙන දෙයක් නෙමේ. ඒ නිසා පුංචි අයට එයාලගේ පුංචි කාලේ පුංචි ළමයි වගේ විඳින්න ඉඩ ඉතුරු කරලා ඉගෙන ගන්න යොමු කරන්න.
- Visual Learners - දැකලා ඉගෙන ගන්න ක්‍රමය
වැඩිපුර පින්තුර, විඩියෝ , රුපසටහන් සහ ගුරුවරයාගේ අංග චලන මුහුණේ හැඟිම් වලින් කරුණු උකහා ගැනීම. මේ ක්‍රමයට ඉගෙන ගන්න අය කැමති ඉදිරි පෙළ ඉඳගන්නේ අනිත් අයගෙන් වෙන බාධා අඩු කරගන්න. ගුරුවරයගෙන් පිටවන ඕන දෙයක් පිටපත් කරගැනිම තම පරම අරමුණ කරගන්නව මේ ක්‍රමයෙදි වැදගත් හෝ නොවැදගත්.
- Auditory Learners - අහලා ඉගෙන ගන්න ක්‍රමය
මේ ක්‍රමයෙදි කතාව තමයි මුලීක, එකිනෙකා එක්ක සාකච්ජා කිරිම, ගුරුවරයගේ පාඩම රෙකෝඩ් කරගෙන නැවත නැවත ඇහීම තුලින් කරුණු පැහැදිලි කරගන්නත් ධාරණය කරගන්නත් තමයි මේ ක්‍රමය භාවිතා කරන අය කැමති. දරුවෙක් මේ ක්‍රමයට අසා නම් ඔබෙන් බලපොරොත්තු වෙවි තමන් අහන ප්‍රශ්න වලට සවිස්තර උත්තර. වෙලාව හොයා ගන්න ඒ වගේ දරුවනට ඇහුන්කන් දෙන්න ඉගෙන ගන්න බැ කියල බනින්න කලින්. විස්තර හොයගන්න එයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔබ දන්නේ නැත්නම් පස්සේ වෙලාවක හරි ඒ අහපු දෙය සවිස්තරව පැහැදිලි කරලා දෙන්න. එහෙම උනොත් මේ ක්‍රම භාවිතා කරන දරුවන්ගේ ඉගෙන ගැනිමේ ආසාව දිගටම රඳවගන්න අමාරුවෙන එකක් නැ
- Kinasthetic/Touch Learners - දේවල් දැකලා, අහලා කරලා බලලා ඉගෙන ගන්න ක්‍රමය
මේ ක්‍රමයෙදි ඉගෙන ගන්නේ ඇත්තටම ඒ ඉගෙන ගන්න දෙය කරලා බලලා එකතු කරගන්න අත්දැකිම් වලින්. කරලා බලන්නේ නැතුව මොන තරන් කියලා දුන්නත් හරියට ඉගෙන ගන්නේ නැ. මේ අයට සාර්ථකම විදිහ තමයි තැත්වරද ක්‍රමය. (Trial and Error) මම ගොඩක් ඉගෙන ගන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා මගේ අම්මයි තාත්තයි ගොඩක් පුංචි කාලේම අඳුරගත්ත නිසා තමයි මම තාම හීන දකින්නේ ....
පන්තියේ ඉස්සරහින් හරි පස්සෙන් හරි ඉඳ ගන්න එක, එක් එක් අයගේ කැමැත්ත. ඒ වගේම තමන්ට පහසු විදිහකට ඉගෙන ගන්න එකත් ඒ ඒ අයගේ කැමැත්ත. මම හරිම අකමැති දෙයක් තමයි සමහර අය මේ කෙනෙක්ගේ හැසිරිමක් ඉලක්ක කරගෙන උසුළු විසුළු කරන්න පෙළබීම.. දරා ගන්න පුලුවන් අය කෙසේ වෙතත් බැරි අයගේ ඉගෙනීමත් එතනින්ම නවතින්නත් ඉඩ තියනවනේ.. දෙමාපිය වැඩිටියන්, ගුරුවරුන් මේ අඩුපාඩු නිවැරදි කරන්න හරි පාරවල් නිතර එළිපෙහෙළි කරනවා නම් තමයි පාසල් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන පිරිපුන් දරුවන් බිහි වෙන්න වඩාත් ඉඩ හැදෙන්නේ කියලා මට හිතෙනවා..
Different color people holing hands & saying Better Together |
ඔන්න අදින් "හැසීරිම් සහ ඔබ කවුද" ලිපි පෙළ අවසානයි. මම අන්තිමට මුල ඉඳලා ලිපි ටිකට ලින්ක් දාන්නම්. තමනුත් තමන් අවට ඉන්න එක් අයෙක් එක්ක හරි තියන සබඳතාවයක් ධනාත්මකව ඉහළට ගන්න මේ ලිපි පෙළින් ඔබට පුලුවන් උනොත් එය තමයි මගේ බලාපොරොත්තුව මේ වගේ ලිපි ලිවීමේ.
හ්ම්. ඔය කියන වම දකුනෙ ලක්ෂණ අඩු වැඩියෙන් තියෙනවා වගේ. අදත් වටිනා ලිපියක්, හීන දකින්නී.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි දුමී, ඇත්තටම එය හොඳ දෙයක් ඒ පැත්තකටවත් අන්තගාමී නොවී මැද ඉන්න එක තමයි වඩා හොඳ..
Deleteපසුව කියවන්නම්. එතකම් මේක කියවල බලන්න.
ReplyDeleteහි හී ඉයන්.. මේ වගේ කොමෙන්ටු දැක්කම මට මුලින්ම හිතට එන්නේ එහෙනම් මමත් ඔබේ අඩිපාරේම යන්නම් කියලා..ඒත් මම එහෙම කරන්නේ නැ.. පිළිතුරු විදිහට "ඔබට පසුව මම" කියලත් මට ලියන්න හිතට එනවා නම් එය නොකියා ඉන්න එකේ තේරුමක් නැනේ...
Deleteමගේ වම් මොළය තමයි වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ...එක වතාවක් අන්තර්ජාලයේ තිබුන මෘදුකාංගයක් ඇසුරින් දුන්නු පිළිතුර වලින් එහෙම නිගමනයක් ලැබුන...දැන් නිම්න කියල තිබුන කරුණු දිහාවේ බැලුවම ඒ දේ බොහෝ දුරට ඇත්ත...
ReplyDelete"වම්මොළ හිමියන් නිතී නැත්නම් නිතී හදාගෙන පිළිපදින අය..."...ඒක නම් සහතික ඇත්ත...
දකුණු මොළෙත් වැඩ ඇති, මොකද දකුණු මොළෙන් දැකපු හීන වම් මොළෙන් හැබෑ කරගෙන තියන නිසා...අනිත් එක කොහොම හරි කවියක්, කතාවක් වගේ නිර්මාණයකුත් කරගන්න පුළුවන්නේ...රොබෝවෙකුත් නෙවේ... :)
බොහොම ස්තුතියි නිම්නා...බොහොම වින්දනය කරමින් කියවූ වටිනා ලිපියක්...
බොහෝම ස්තුතියි පොකුරු.. ඔබත් එහෙනම් සමබර වෙන්න උත්හස කරන කෙනෙක්, එය තමයි විය යුත්තේ..
Deleteජීවත් වෙන්න ඉගෙන ගන්නත් ජීවිතෙන් කාලයක් වියදම් කරන්න ඕනනෙ. ඔබට මේවගේ දීර්ඝ විස්තර ලියන්න තියෙන හැකියාව සහ කැපවීම අගය කරමි.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඉයන්ට තරහා ගියේ නැ නේද මම කලින් කිව්ව එකට...බොහෝම ස්තුතියි.. මට දකින්න පුලුවන් නම් කෙනෙක් ඉන්න තැනින් ඉහළට එනවා මේ වගේ ලිපි ලියන එක මට සතුටක් ඉයන්. Thanks, I will check.
Deleteඇත්තම කියනවා නම් ඔයා කියලා තියෙන කරුනු එක්ක මම මාවම පරික්ෂා කරලා බැලුවා. වමත් අයගේ දකුණු මොළයනේ වැඩිපුර වැඩ කරනවා කියන්නේ. ඉතින් මමත් ඒ පදනමේ ඉඳලා තමයි හිතුවේ.
ReplyDeleteජීවිතයට බොහෝ දේ ගත හැකි, හැමදෙනාම කියවිය යුතු වටිනා ලිපි පෙලක් ...
ස්තුතියි තුශානි,මගෙත් එකම අරමුණ තම තමන් ස්වාධීනව ගොඩනැගීමට අවශ්‍ය කරන දැනුම බෙදා දීම මේ වගේ ලිපි ලිවීමේ.. ජිවිතේ රේස් එකක් නෙමේ, ඒත් මම දකින බොහෝ ජීවිත නොනවතින රේස්.. හරිම සතුටුයි ඔබ ඔබවම හොයාගන්න උත්සහ කිරීම ගැන මේ ලිපි පෙළින්..
Deletedakunu molayak mama he hee
ReplyDeleteහි හී එහෙනම් උත්හස කරන්න වම් මොළෙත් එක්ක යාලු වෙලා සමබර කරගන්න ජීවිතේ සංදීප්... ස්තුතියි නිම්නයට අදහස් එකතු කිරිම ගැන ඔබේ..
Delete