Thursday, November 17, 2016

DAY CARE, PRE SCHOOL ME & MY SON. 3

අද දෙවෙනි ලිපියෙන් නැවතුනු තැනින්...

දිවා සුරැකුම්  වලට දරුවෙක් දාන්න මුලිකම හේතුව වෙන්නේ දෙමාපියන් රැකියාවට යද්දි දරුවන් බලා ගන්න ලංකාවේ වගේ ආච්චිල,සීයල, නැන්දල , මාමල නැති නිසානේ. ළමයි ගෙදර තියලා බලා ගන්න කෙනෙක් හොයා ගන්න එක්ක ඊටත් වඩා අමාරු වගේම සෑහෙන වියදමක් යන වැඩක් නිසා වෙන විසඳුමකුත් නැහැ රැකියා වලට යන දෙමාපියන්ට. 


නමුත් ඔස්ට්‍රේලියාවේ රජයෙන් මේ අරමුණට විතරක් නෙමේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන හැඩ ගස්සවලා තියෙන්නේ. උපතේ සිට අවුරුදු 5/6ක් දක්වා සෑම දරුවෙකුටම එක හා සමානව තමන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට විවිධ අවස්ථාවන් ආදරය රැකවරණය සහ ආරක්ෂාව උපරිමයෙන් ලැබෙන පරිසරයක් ලබා දීම තමයි මේ ආයතන වල පැවත්මේ මුලීක අරමුණ.

Know Your Rights.
මේ වගේ අවස්ථාවකදි  මගේ අත්දැකීමෙන් මට හිතන්නෙ ඔබ හිතනවා නම් දරුවෙක් "DAY CARE"  එකකට දාන්න ඔබේ නිවස අවට තියන ආයතන කීපයකට ගිහින් බලන්න.  ඔබට ඒ අයිතිය තියනවා, ඒ ආයතන ඔබට පෙන්විය යුතුයි එදිනෙදා වැඩ කෙරෙන විදිහ, ඔබේ දරුවා ඇතුල් කරනවා නම් කරන කාමරය සහ එහි සේවයේ යෙදෙන්නන් ගැන විස්තර. මෙතනදි බලන්න කලබලකාරි නැතුව හිමින් ඉවසීමෙන් ඔබත් එක්ක කතා කරන ආයතන ප්‍රධානින්ගෙ සිට වැඩ කරන අය දක්වාම. ඇයි දන්නවද මං එහෙම කිව්වේ මම අත්දැකිමෙන් දැකලා තියනවා මේ පුංචි පැටව් එක්කෙනෙක් අඬන්න ගත්තම පෝලිමට අඬන්න ගන්නවා. එතනදි මේ වැඩ කරන අයත් අපහසුතාවයට පත් වෙන්න ඉඩ තියනවා, එයාලත් මිනිස්සුනේ. ස්වාභාවයෙන්ම තැන්පත් ගති තියන එක විට වැඩ කීපයක් අතරේ තමන්ව නිසි ලෙස හසුරවන්න පුලුවන් අයට මේ වගෙ අවස්ථා පාලනය කර ගන්න එක අනිත් අයට වඩා ලේසියි. නැත්නම් සමහර දරුවන් මඟ හැරෙන තැන් මම දැකලා තියනවා. ඒ වගේම ඒ ඒ වයසට අඳාල රැක බලා ගන්නන් සහ දරුවන් අතර අනුපාතය (CHILD:EDUCATOR RATIO) විමසලා බලන්නත් ඔබට අයිතියක් තියනවා. රජයේ පිළිගත් නීතියට අනූව කෙරෙන්නේ නැත්නම් ඒ ගැන ඔබට කතා කරන්න පුලුවන් බැරි වෙලාවත් ඔබ තෝර ගත්තට පස්සෙ වෙනසක් දැක්කොත්. 

මෙතනදි  කියන්නම ඕන කිසිම දරුවෙක්ට කිසිම බලපැමක් නොකෙරෙන විදිහටයි මේ ක්‍රමය හැදිල තියෙන්නේ. කොටින්ම දරුවට ඕනෙ විදිහටයි මේ ලොකු අය වැඩ කරන්න ඕන. ( ශා නියමයිනේ නේද ? )  මේ ක්‍රමයේ හොඳ වගේම අඩු පාඩුත් තියනවා. මේ ලොකේ කොහෙවත් සර්ව සම්පුර්ණ හරි ක්‍රමවේදයක් නැනෙ, තමන්ට ගැලපෙන විදිහට හරි කර ගන්න තමයි අදහස් හුවමාරුව කියන ඉතා වටිනා හැකියාව මිනිසා සතු වෙලා තියෙන්නෙ හරියට වැඩක් නොගත්තට.

අපි හිතමු මේ ගොඩක් ක්‍රිඩා හදලා තිබ්බට දරුවෙක් කරන්න කැමති එකක් හෝ දෙකක් පමණයි කියලා, ඒ වගේ වෙලාවක මේ ක්‍රමවේදයට අනූව ඒ දරුවා අකමැති අනිත් අංගවලට බලහත්කාරයෙන් පොළබවගෙන කරන්න යාමක් වෙන්නේ නැ, ඒ වගේම තමා පාට කරන්න, චිත්‍ර අඳින, වගෙ පංති කාමරයේ ඇතුලෙ එක තැනක ඉඳලා කරන්න ඕන වැඩ වලදිත් කිසිම වෙලාවක ඒ දරුවා අකමැති නම් බලෙන් කරවන්න යන්නේ නැ. කැමති දරුවා කරනවා, අකමැති දරුවට තේරුන් කරලා දෙන්න උත්සහ කිරීමක් තමා පොතේ හැටියට වෙන්න ඕන. මේ දේවල් වලිනුත් එයාට වැඩක් තියනව කියන එක, විනෝද වෙන්න පුලුවන් කියන එක. ඔන්න ඔතනදි සමහර පොඩි ලමයි කැමති නැ එක තැනක ඉඳගෙන එක විදිහකට වැඩක් කරන්න, හැමෝටම එක විදිහට එක කාල සටහනකට එකම දෙයක් නොකෙරෙන නිසා ඒ වගේ දරුවො තමන් කැමති දේ විතරක් දිගටම කරන්න පෙළබෙන එක මේ ක්‍රමයේ මම දැක්ක එක පුංචි සිදුරක්.

හැබැයි මේ පුංචි සිදුර නිසා අනාගතයේ ඇතිවිය හැකි ප්‍රමාණයෙන් විශාල සිදුරු වසා ගැනිමේ දොරටු ඇරෙනවා, ඒ කිව්වේ දරුවන්ගේ තියන නොයෙකුත් වැඩිමේ දුර්වලතා, වැඩිමේ වෙනස්කම්, අසාමාන්‍යතා වගේ දේවල් ඉක්මනින් අඳුරගන්න ඉඩ ලැබෙනවා. මේ අඳුරාගැනිමෙන් පස්සේ නිකන් ඉන්නේ නම් නැ, මුලු ජීවිත කාලේම එවැනි දරුවන්ට පහසුකම් සලසන රක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා හැකි උපරිම අයුරින් ඔවුන්ව ස්වාධීන කරන්නත් දෙමාපියන්ට දැනෙන බර අඩු කර ජීවන තත්වය උසස් (QUALITY OF LIFE) ලෙස පවත්වාගෙන යන්නත් කරන උදව්වක් ලෙස.
Being Different is Ok.

හැබැයි ආසියාතික දෙමාපියන් තම දරුවන්ගේ අඩුපාඩු පිළිගන්න ටිකක් අදිමදි කරන ගතියක් තියනවා. ඔවුන් හැදි වැඩී තියෙන්නේ වෙන රටාවකට නිසා මේ ක්‍රමය මුලදි ටිකක් අමාරුයි ඔවුන්ට තේරුන් ගන්න. තේරුන් අරන් දරුවා නිසිමඟට යොමු කලොත් වාසිය තමන්ටමයි කියලා තේරුන් ගන්න පුලුවන් දෙමාපියනුත් වෙනස් දරුවෙක් විදිහට තමන්ටම තමන්ගේ දරුවා දිහා බලන්න තියන නොහැකියාව නිසා පුලුවන් තරන් මඟ හැරලා අන්තිමේ බැරිම තැන පිළිඅරන් මේ කියන අඩුපාඩු වලට පිළියම් හොයන්න ඉදිරිපත් උනත් පොඩි කාලේ තරන් ලේසි නැ සමහර වෙලාවට.

ඒත් එක්කම මේ කරුණුත් එක්ක බල්ද්දි ලංකාවේ මම දකින දෙයක්, ප්‍රශ්නයක් අඳුරගත්තට පස්සේ එය නිරාකරණය කීරිමට සාමුහිකව විධිමත් දිර්ඝ කාලීන නොකැඩෙන වැඩ පිළිවෙලවල් හරියාකරව සකස් නොවීම. සකස් කලත් දිගින් දිගට එන ගැටලු වලට නිවැරදි සමබර විසඳුම් සොයමින් ඒ ක්‍රමවේදය ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය වන තුරු නොපැවතීම.   වැරදි හෙව්වට කතා කරාට මදි දෙන විසඳුම් ක්‍රියාත්මක කරන්නේ නැත්නම්.
 
Explore..Discover..Grow..Enrich with SMILE!!
හෝව් හෝව් අපි කතා කලේ ළමයි ගැනනේ.. හරි ආයෙත් මාතෘකාවට එමු.  ළමයි ගොඩකට එක රැක බලා ගන්නෙක් ඉන්න නිසා ලේසිත් නැ ඒ වගේ දරුවෙක් අකමැති වෙලාවක යොමු කරවා ගන්න කැමැත්තෙන්. අන්න එතනදි තමයි දෙමාපියන්ගේ මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ කොහොමද තමන්ගේ දරුවා මේ පරිසරයේ මූණදෙන මේ වගේ ගැටලු ආයතනයේ වැඩ කරන අයත් එක්ක සුහදව විසඳ ගන්නේ. දරුවෙක් කන්නේ නැත්නම් අපි වගේ කවන්නෙ නම් නැ, එයා දවසටම කැමැත්තෙන් බොන්නෙ වතුර ටිකක් නම් එතනින් එහාට මේ ක්‍රමය ඇතුලේ දරුවට බල කරන්න බැ, ආදරෙන්  එක එක ක්‍රම වලට කෑම වල තියන හොඳ පැත්ත කියලා පැහැදිලි කරලා දෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. 

එතනදි මේ දිවා සුරැකුම් හෝ පෙර පාසල් වල කරන්න තියන වැඩ හැමදාමත්, එක එක සෘතුව අනූවත් වෙනස් කරන්න මේ හැම ආයතනයක්ම වග බලා ගන්නවා.  මම එහිදි දැක්ක නිර්මාණශීලිකම ගැන මට තියෙන්නේ ලොකු පුදුමයක්. මේ තරන් වෙනස් වෙනස් අදහස් කොහෙන්ද මේ මිනිස් හිත් වලට එන්නෙ ??????  

<><><><><><>
මතු සම්බන්දයි... 
<><><><><><>

12 comments:

  1. ලංකාවේ බොහෝ දිවාසුරැකුම් මධ්‍යස්ථානවල ඔය කියන ප්‍රමිතියි තියෙනවාද කියන එක ගැටළුවක්. ඒවා තවත් එක ව්‍යාපාරයක්මදෝ ( හැම එකක්ම නොව ) කියලත් හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දිවා සුරැකුම් ආයතනයකට මම කවදාවත් ගිහින් නැ දුමී.. ඒ නිසා ඒ ගැන මම මුකුත් දන්නේ නැ...

      Delete
  2. අර කැලේ පැන්න හරිය වැඩිය හොඳයි මට නං

    ReplyDelete
    Replies
    1. රාජ්, කොයි කැලයක් ගැනද ඔබ කියන්නේ...

      Delete
  3. ලංකාවට ආදාළව තියෙන තත්වය ගැන කොහොමද හීන දකින්නිගෙ විචාරය

    ReplyDelete
    Replies
    1. ඉහතින් දුමීට දුන් පිළිතුරේ සඳහන් වෙනවා වගේ රොමාරස්, මට ලංකාවේ දිවා සුරැකුම් හෝ පෙර පාසල් වල ක්‍රියාකාරීත්වය ගැන එහි ඇතුලතට ගිහින් හැදෑරිමක් කරලා නැති නිසා කියන්න බැහැ කොයි වගේ ද කියන එක..

      මගේ ජීවිතේ කිසිම දවසක මම බලාපොරොත්තු වුනේ නැහැ මගේ දරුවෙක් දිවා සුරැකුම් ආයතනයකට දමන්න.. ඉතාම අහම්බෙන් ගත් තීරණයක් අනූව මේ රටට එන්න වුනු නිසයි මෙහිදී මම ඒ ගැන මගේ පුතා නිසා හදාරන්න හිතුවේ..ඒ හැදැරීම මේ තරන් දුර යාවී කියලා මම හිතුවේ නැ අවංකවම කියනවා නම්..

      Delete
  4. සමස්තය ආවරණය වන ආකාරයට ලියා තිබීම ගැන ප්‍රශංසා කරනවා. ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ ළදරු පාසල් ගැන ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහැකි අතර, එවැනි ස්ථාන වලින් බහුතරයක ඇත්තේ ඉතා කණගාටුදායක ප්‍රමිතියක්.

    'දෙමව්පියන් දෙදෙනාම' කියා ලියන්න අවශ්‍ය නැහැ. දෙ + මව්පියන් කියන්නේ, අම්මා තාත්තා දෙදෙනා කියන තේරුමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.. ලංකාවේ සාමාන්‍ය විදිහ දන්නා නිසා මට හිතා ගන්න පුලුවන් මෙවැනි දිවා සුරැකුම් ස්ථාන වල ප්‍රමිතිය...

      "දෙදෙනාම" කියන වචනය ඉවත් කලා විචාරක, ස්තුතියි

      Delete
  5. අපේ රටේ දිවා සු‍රැකුම් වල ප්‍රමිතිය ගැන නම් මම නම් ඇත්තටම දන්නෙ නෑ. ඒත් ඒවා ප්‍රමිතියෙන් බාලයි කියල තියෙන කමෙන්ට් වලින්ම පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒත් මේ ගැන නම් පොඩ්ඩක් නෙවෙයි ගොඩක් හිතන්න ඕනි. මොකද දරුවෙක්ගෙ ළමා කාලයේ අද්දැකීම් එයාගෙ මුළු ජීවිතයටම බලපාන්න පුළුවන් නිසා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් රොහාන්.. ඒත් කවුද රොහාන් ඒ දේවල් ගැන අවධානයක් යොමු කරන්නේ..දිවා සුරැකුම් විතරක් නෙමේ.. ගෙදරක ළමයි බලා ගන්න වැඩට ගන්න අය ගැනත් අවධානය යොමු කරනවා අඩුයි කියලයි මට නම් හිතෙන්නේ කලබලකාරී ජීවිත ගෙවන වර්ථමාන දෙමාපියන්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...