A girl with full of tears , waiting for her lover's touch , then tears will drop down like a waterfall |
කියා ගන්න දන්නෙත් නැති
දැන ගත්තට ලියන්නත් බැරි
හැඟුම් වලින් හිත පිරෙද්දි
දැනෙනවා පිරෙන කඳුළු
නෙත් අගට
ඇසට නොපෙනන මහ දුරක
ඉන්න ඔබ සිහි වෙද්දි
සියොලඟම සලිත වී
පිපේ මේ කවි මල්
පත් ඉරුවේ
නිම්නයක හුදකලා වූව
වසා ගත් නෙත් මතින්
නැඟෙන විට ඔබේ රුව
තනිකමක් කොහෙද දැන්
ඉතින් නැ මෙමට තව
දෙකකුලින් ඉස්සිලා
අත් වලින් අල්ලලා
සිඹින්නට ආසයි මට
ඔබේ ඔය නලළත පෙමින්/සෙමින්
ඉනූ කදුළු බිම වැටෙද්දි.....
"දෙදකුලින්" ද " දෙකකුලින්" ද හරි වචනය ?
ReplyDeleteනිම්නයක හුදෙකලාවී
පිපී නැලවෙන සුවඳැතී
කුසුම හා පමණකී
නිම්නයක හුදෙකලාවී.....
ජයවේවා!!!
ස්තුතියි දුමී.. ඔබේ පිළිතුරු කවි හැමදාම වගේ හරි අපූරුයි..මගේ ප්‍රශ්නේට උත්තරෙත් දෙන්න... වඩාත් ගැලපෙන්නේ මොන වචනෙද..
Delete" ඔබේ ඔය නලළත පෙමින් /සෙමින් "
"දෙකකුල" කියන වචනය නිවැරදි කරලා තියෙනවා.
Deleteදීලා තියෙන වචන දෙකින්නම් " පෙමින් " කියන වචනය ගැළපෙනවා කියළයි මට හිතෙන්නේ.
ජයවේවා!!!
ඔව් දුමී, ඔයා පෙන්නුවට පස්සේ හදලම තමයි රිප්ලයි කලේ..ඒක මගේ පිළිතුරෙන් පැහැදිලි වෙලා නැ නේද...
Deleteස්තුතියි, මාත් හිතන්නේ "පෙමින්" වඩා ගැලපෙනවා කියලා..
මේ පින්තූරෙ ඉන්නේ හීන දකින්නී වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ. මම වැරදිද?
Deleteජයවේවා!!!
ඇයි දුමීට එහෙම හිතුනේ ? හේතුවක් තියනවද ?
Delete//කියා ගන්න දන්නෙත් නැති
ReplyDeleteදැන ගත්තට ලියන්නත් බැරි
හැඟුම් වලින් හිත පිරෙද්දි
දැනෙනවා පිරෙන කඳුළු
නෙත් අගට//
හඬල වැඩක් නැහැ ලියන්න බැරිනම් ආයිපාරක් ඉකෝලෙ අරිමු. තාත්ත දොස්තරනම් කොලඹ විසාකා එකට හැක්
අඬල වැඩක් නැ කියල අද උදෙත් හිතුනා ඉයන්, ඔය කොයි ඉස්කෝලෙත් එකයි මට නම්.. ඉයන් දන්නවද මට විශාකා එකට යන්න ලැබිලත් මම යන්න බැ කිව්වා මම හිටිය ඉස්කෝලේ යාලුවො දලා.. ඒ ගැන මම හිමීට ලියාගෙන යනවා..
Deleteහිතට ආ හෑගුම් පොදි...
ReplyDeleteනොවලහා නොපවසා....
නිම්නයේ හෑන්ගිලා..
දුක් වෙවී ඉන්නෙපා....
නදී අක්කා
නදී අක්කේ, ඔයා නිම්නයට ලියන කවි එකතු කරලම දවසක පොතක් හදන්න පුලුවන් වේවි.. කෝ මම ඔයාට කිව්වට ඔයා ලියන්න පටන් ගන්නේ නැනේ...
Deleteඔබට හැකි නම්
කඳු මුදුනට නඟින්න
නිම්නයේ නැවතුනු මා
දකීවි ඔබ හිනැහෙන
හැඟුම් පිරි නෙත් අයා....
ඔයාගේ බ්ලොගය ගැනත් 'හොඳවයින් දෙකක්' ලියන්න හිතාගෙන ඉන්නේ ඉදිරියෙදි.
ReplyDeleteඑහෙමද ප්‍රභාත් :) :) එහෙනම් "හොඳවයින් දෙකක්" ලියලා අහගන්න මට ඒ පැත්තේ එන්න ඉඟියකුත් දෙන්නකෝ...
Deleteai wade me makka welada
ReplyDeleteaaaa halooo anooo hw r uuuu.. makkath vela na anooo
Deleteදෙපයින් ඉස්සී
ReplyDeleteදෑතින් ගෙන උරමඩල
සෙමින් සිපගන්න ආසයි මට
ඔබ නළලත
වැටෙන්නට දී ඉනූ කඳුලැලි
පොලොව මත....
එහෙම හොඳම නැද්ද ආ...?
ඒකත් නරක නැ Chef... මම මේ කවිය ලියද්දි හිතේ මැවුනේ චෙෆ් පෙම්වතාට වඩා මිටි පෙම්වතියක්.. ඇයට ඔහුගේ උරමඬල අල්ලනවට වඩා ඕන වෙවි නලළට තොල්පෙති ගෙනියන්න නොවැටි පෙම්වතාගේ අත් දෙකින් අල්ල ගන්න, කකුල් දෙකින් ඉස්සේදි සමබරතාවය ගිලිහෙන නිසා..
Deleteචෙෆ් ඉස් ඉස්ලෙල්ලම නිම්නයට ආවේ කඳුලුත් අරන්නේ, ඒක මුලින් ලියන්න අමතක වෙලානේ..කොහොම උනත් ආපු එක සතුටක්..
Deleteකඳුලු දැකලා වෙන්නැති එන්න ඇත්තේ.....!
Deleteහීන දකින්නී ලියන්නේ මහ බරසාර පෝස්ට් නිසා කියවලා ඔලුව පාත් කරගෙන ගියා මෙච්චරකල්...!!
අපි පොඩි සිල්ලර කෑලිනේ මෙයා...!
ඒකනේ චෙෆ්, කඳුලු වල නමක් ගමක් ගහලා නැ කියලා
Deleteමෙන්න මේ.. සින්දුවෙත් තියනවා..
එහෙමද, තේරුනේ නැතත් ආව කියල ඔලුව කෙලින් කරන් යන්න චෙෆ්.. We all same & same time we all different.
සීතලට දැනෙන හිත රිදවන කොතරම් කඳුල් බිංදු සිරකරගෙන ඇත්ද මා....එය දන්නේ මා පමනක්මද...?
Deleteදවසක් ඒවි ඒ වෙනුවෙන්ම....!!!"
කෝ කවි විතරනේ! :)
ReplyDeleteඒක නේන්නම් රයිගම්.. ඊලඟ ලිපිය කවි නෙමේ...:)
Deleteඅපූරුයි ... කවිකම්...
ReplyDeleteස්තුතියි කාව්‍යා...
Delete//නිම්නයක හුදකලා වූව
ReplyDeleteවසා ගත් නෙත් මතින්//
කැමතියි ඒ කොටසට.මගේ බ්ලොගයට කෙටූ කමෙන්‍ටුවක් පසුපස හබා පලමු වරට මෙහි පැමිනියෙමි
මහේශ් නොහොත් මයියා, සාදරයෙන් පිළිගන්නවා නිම්නයට..ස්තුතියි මමත් ඒ කොටසට වඩාත් කැමතියි.
Deleteඅනේ බන් කෙල්ලෙ ඉන්න දීහන් ඔය කොල්ලට පාඩුවෙ,
ReplyDeleteකදුළු පුරවන් ඉන්න ඔය දෙනෙත් දැක්කම
ඌ කොහොමැයි එහෙ ඉන්නෙ සෝ ගින්දරේ.....
ඇත්ත රොමා... මේ කෙල්ල පාඩුවේ හිටියා කියමු.. ඒත් මේ කොල්ලන්ගෙ හිතේ ඇඳි ඇගේ නෙත් මැකේවිද...
Deleteමැකිලා යයි.අස්ථිර ලෝකයේ සියළු දෑ නැසෙන සූළුයි. :-)
Deleteමැකිලා යයි.අස්ථිර ලෝකයේ සියළු දෑ නැසෙන සූළුයි. :-)
Deleteඔබ එහෙම හිතනවද ...:)
Delete