මට හිතුනා මෙන්න මේ මා කලකට පෙර ලියූ එහෙත් හැම කලටම ගැලපෙන ලිපිය නැවත කරළියට ගේන්න.. මම බ්ලොග් කලාවට පැමිණි විදිහ මෙන්න මේ ලිපියෙන් ඔබ හැමට නැවතත් කියවන්න පුලුවන් ඒ අතරේ.. පුංචි කාලේ ඉඳලා මියෙන තුරු කියවීම අත්නොහැර එන පුරුද්දක් නිසාවෙන් ලිවීමද ඒ ඇසුරෙන් මා ලද එක් මහඟු දයාදයක්, ඒ පිටුපස අතුපතර විදහා සිසිල සදමින් සෙවණ සදන්නේ අප වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ කාලය නම් වටිනා සම්පත නොමසුරුව වැය කල මගේ දෙමාපියන් මිස අන් කිසිවකුත් නොවේ....
ඉතින්, මේ ලිපියෙන් සහ මා එදා දුන් පිළිතුරු වලින් කියවෙන පරිදිම මා ලියන්නේ මම ලිවීමට කැමති නිසා මිස කිසිවකුගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් හෝ කිසිවෙකුගේ ඉල්ලීම් ඉටු කිරීමට හෝ නොවේ.. එවැනි අදහස් ඇති කරගන්නා බොළඳ පාඨකයන් සිටී නම් මට එයට කරන්න ඇත්තේ ද ඒ ගැන මගේ අදහස් මෙසේ ලියා තැබීම පමණයි..
මා පටන් ගත් දින සිට අද වන තුරු ලියුවේද, ලියන්නේද ඉදිරියට ලියවෙනු ඇත්තේ ද මගේම හිතේ ඇති වන සිතුවිලි නිසා මිස කිසිවකුට අඳාලව හෝ කිසිවෙකුගේ ඉල්ලීමට නොවේ..අවස්ථානූකූලව බ්ලොග් ලොව සිටින හෝ කියවන පාඨකයන්ගේ අදහසක් සමඟ මම අත්වැල් බැඳගනිමින් ලිපි ලියනවා නම් එය මම කෙලින්ම ඒ පුද්ගලයාගේ නමින් ලියන බවත් එය හුදෙක් සුහද පුද්ගල සබඳතා මත පදනම් වු ලිපියක් මිස කිසිම අයුරකින් පුද්ගලික සබඳතා මත පදනම් වු ලියවිලි නොවේ..
මේ තියෙන්නේ ඒ වගේ එක් අවස්ථාවක්... ඉයන් මැවූ ගී ගඟුලට මා එක් කල ගී උල්පත..කැමති කෙනෙකුට එක් වෙන්න පුලුවන් තවමත් සිඳි නැති මේ ගී උල්පතට...
මගේ ජිවිතයේ පුංචි කාලේ පටන්ම කිසියම් දෙයක් මා කරනවා නම් කරන්නේ මටම ආවේණික එක්තරා පිළිවෙලකටයි.... එය තේරුන් ගත හැක්කේ මාව හොඳින් වටහා ගත් මගේ සමීපතයන්ටම පමණයි. පටන් ගත් දෙයක් සිතූ ලෙස අවසානය දක්වා කිරීමත් මා මෙතෙක් කඩ නොකල පුරුද්දක්... එහිදි වැරදි වැටහීම් ඇති කරගත් පිරිස් මට අනන්තවත් හමු වී ඇති නිසාවෙන් එහි අමුත්තක් ඇත්තේ ද නැත.
ඉතින් පෙර ලිපියක ලියූ සේම මා ලියන දෙය දැනෙන අය නිම්නයේ අදහස් දැක්වීම මිස මා කිසිඳු අයුරකින් මා ලියන ලිපි කියවීමට හෝ කියවන අයට ඔවුන්ගේ අදහස් දක්වා යන ලෙස හෝ ඉල්ලීම් නිම්නයේ ඉදිරිපත් නොකරන්නේ මා කිසිවෙකුට කිසිවකට බැඳි නොමැති නිදහස්ව ලියන්නෙක් ලෙස මම සලකන නිසාවෙනි..
"මහ පොළොව, ගල් කැටය සහ අපි...
මහ පොළොව මත තියන හැම ගල් කැටයක්ම අහසට විසිකලාම එකම දුරකට ඉඟිලෙන්නේ
නැහැ. ඒ ඒ ගලේ බර අනුවයි, විසි කරන කෙනාගේ බලය එක්කයි දුර තීරණය වෙන්නේ..
ඒ වගේම එක් එක් දරුවත් ඉහළට යන්නේ ඒ ඒ දරුවගේ හැකියාවයි, අවට පරිසරයෙන් ලැබෙන උදව්වයි මත කියල තේරුන් ගන්න පුලුවන් දෙමව්පියෝ සහ සමාජයක් හිමි දරුවෝ වාසනාවන්තයි... හරියට මහපොළවෙන් ඇහිඳ ගන්න ගල් කැටය හැදිලා තියෙන්නෙත් මහ පොළොවෙන්මයි කියලා තේරුන් ගන්නවා වගේ."
මම මේ
ලොකේ දකින විදිහ අනූව මිනිසුන්, සතුන්, ගහ කොළ ඇතුලු ස්වාභාවධර්මය හොඳ නරක, සාධාරණය අසාධාරණය
මිශ්‍ර වුනු එකතුවක්.. හරියට දේදුන්නක් වගේ... මායාවක්.. සැණෙකින් මැවී මැකි යන ඒ පාට පාට විවිධ අදහස් ගති
පැවතුම් ඇති ලෝකයත් සමඟ සමබරව මියෙන තුරු දිවි ගෙවීම මිස මා රැගෙන ආ
දෙයකුත් නැ මිහිපිට මා දමා යන දෙයකුත් නැ මිහිපිට...
ඒත් එක්කම අනාදිමත් කලක සිට ලංකාව දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් එක තැන රැඳෙන්නේ එහි ජීවත් වන (වූ) මිනිසුන් හැඟිම් සහ බුද්ධිය එකිනෙක පටලවා ගනිමින් පැටලුනු නූල් බෝලයක් ලෙස ජීවිතය ගෙවා මිය යන්නන් නිසා යැයි කියාද මට සිතේ...
මා ලියූ සහ ලියන ලියමන් කවදා හෝ කාට හෝ සම්බන්ධ කිරීමට මා සිතනවා නම් ඒ පුංචි කාලේ ඉඳලා ජාති ආගම් බේධයකින් තොරව ඕනම කලාවක රසය විඳිමට මට හුරු කල දෙමාපියනි නුඹ දෙපළ මට දුන් ඒ මහඟු දයාදය නිසාම විඳිමි ජීවිතය...මගේ දෑසින් ගලන හැම කඳුලු බිඳුවකම, මගේ අතින් ලියවෙන හැම වදනකම ඇත්තේ නුඹේ නාමයයි... නුඹේ ජීවයයි... නුඹේ වීරියයි...
ඒත් එක්කම අනාදිමත් කලක සිට ලංකාව දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් එක තැන රැඳෙන්නේ එහි ජීවත් වන (වූ) මිනිසුන් හැඟිම් සහ බුද්ධිය එකිනෙක පටලවා ගනිමින් පැටලුනු නූල් බෝලයක් ලෙස ජීවිතය ගෙවා මිය යන්නන් නිසා යැයි කියාද මට සිතේ...
මා ලියූ සහ ලියන ලියමන් කවදා හෝ කාට හෝ සම්බන්ධ කිරීමට මා සිතනවා නම් ඒ පුංචි කාලේ ඉඳලා ජාති ආගම් බේධයකින් තොරව ඕනම කලාවක රසය විඳිමට මට හුරු කල දෙමාපියනි නුඹ දෙපළ මට දුන් ඒ මහඟු දයාදය නිසාම විඳිමි ජීවිතය...මගේ දෑසින් ගලන හැම කඳුලු බිඳුවකම, මගේ අතින් ලියවෙන හැම වදනකම ඇත්තේ නුඹේ නාමයයි... නුඹේ ජීවයයි... නුඹේ වීරියයි...
ලිවීමේ පිස්සුව හැදුනොත් ආයේ සුව කරනවා බොරු හීන දකින්නී. මමත් පොඩි දවස්වල ඉදන්ම කොලයක් අරන් මොනා හරි කුරුටු ගාන එකයි කරන්නේ. ලියපුවා පොතක දාලා තියලා ආයිත් දවසක බලනවා. ආයිත් තියනවා. ආයිත් බලනවා. පිස්සුනේ. දැනටත් මගේ බ්ලොග් එකේ දාන සමහර ලිපි අවුරුදු දහයක් විතර කලින් ලියපුවා.
ReplyDeleteබ්ලොග් ලිපි ගැන කිව්වොත් කාගේවත් උසිගැන්වීමකට අපිට ලියන්න බැරිබවයි මටත් හිතෙන්නේ. ඒත් ලියූ දේක වැරදි අඩුපාඩු පෙන්නලා දෙනෑක හොද දෙයක් අපේ වැරදි හදාගන්න. හීන දකින්නිගේ ලිපි බොහෝමයක් ඉතා වටින ඒවා බව මම මීට කලිනුත් කියලා තියෙනවා.
ජයවේවා!!!
ස්තුතියි දුමී... ඔබේ අදහස් සමඟ මා බෝහෝ දුරට එකඟයි.. වැරදි අඩු පාඩු පෙන්වා දෙන්නත් බොහෝ අය පැකිළෙනවා එසේ කල පසු සිත් රිදවා ගන්නන් නිසා...
Deleteහෑ?
ReplyDelete:)
Deleteමා ලියන්නේත් මගේ ආතල් සඳහාමය. ඒවා නැවත කියවා රස විඳිය යුත්තේ මා මය. අන් අයත් රස විඳී නම් එය බෝනස් ය.
ReplyDeleteකියලා වැඩක් නැ කොච්චී.. බෝනස් අර ගත්තට පස්සේ කැමති විදිහකට තමන් එය පරිහරණය කරනවා වෙනුවට ආපහු බෝනස් එක ලිව්ව එක කෙනාටම ලබාදෙන්න සිතන සුපින්වතුන් ඉන්නවනේ කොච්චී අපි අතරම...
Deleteඅපේ රටේ දරුවන්ට හැකියාව නම් තියෙනවා. හැබැයි පොඩි කාලෙදි අවට පරිසරයෙන් ලැබෙන උදව්ව නම් .........
ReplyDeleteඔබ කියන හිස්තැන පුරවන්න පුලුවන් වැඩිහිටියන්ගෙ ( අමන ක්‍රියා ) ගැන මා ඉදිරියට කතා කරන්න හිතාගෙන ඉන්න එක් මාතෘකාවක් කුරහන්...මේ පැවතෙන ක්‍රියාදාමය වෙනස් නොවුනොත් හැකියාව තිබුනට වැඩිහිටි වියට පා තබන්නේ මනසින් රෝගී උන වැඩිහිටි ළඳරුවන් පිරිසක්...
Deleteමමත් බ්ලොග් ලියන්න ආවෙ හුඟකාලයක් බ්ලොග් කියවලා...ඉස්සර ඉඳන්ම ලියන්න ආසාවෙන් හිටියට කවදාවත් හිතුවෙ නෑ ලියන්න පුලුවන් වෙයි කියලා...
ReplyDeleteනිම්නා ලියනව වගේ බරසාර ඒවා නම් ලියවෙන්නේ නෑ මගේ අතින්..මට එච්චර රිසර්ච් කරන්න වෙලාවකුත් නෑ..කොච්චි කිව්වා වගේ මගේම ආස්වාදයට තමයි මම ලියන්නේ..මේ ලඟදි ඇරූගේ අඩවිය ලියන අරුන මැසිවිල්ලකුත් නැගුවා මම ලියන්නේ මටය කියලා....වෙන කාට ලියන්නද...නැද්ද නිම්නා..
තව තවත් බරසාර මාතෘකා යටතේ දිගටම ලියන්න..කමෙන්ට් එකක් දාන්න තරම් තේරුම් ගිය ඒවාට මම කමෙන්ට් දාලා ඇති..නැතත් හැම පෝස්ට් එකම කියවනව..
ජයවේවා...!
චෙෆාකි.. මම ලිව්ව කිසිදෙයක් ඒ ලිපිය ලියන නිසා හිතාමතා රිසර්ච් කරලා ලිව්ව ඒවා නෙමේ..මොකක් හරි අදහසක් හිතට ආපු වෙලාවක ඒ තරන් කල් හිතේ එකතු වෙලා තුබුනු දේවල් වලින් ඒ අදහසට අඳාල දේවල් එළියට ඇවිත් ලියවුනා මිසක්.. ඉස්සරහට වෙන්නෙත් එහෙම තමයි..ලියන දෙයින් අනිත් අයට ගන්න දෙයක් එන විදිහට ලියන්නේ බ්ලොග් කියන්නේ මම විතරක් කියවන තැනක් නොවන නිසා..
Deleteමේ විදිහට ලියන්න මුල් උනු හේතුවක් තියනවා.. ඒ හේතුව මගේ හිතෙන් අයින් වෙනතුරු මම ලියාවි.. පුලුවන් වෙලාවට ඕනම කෙනෙක් කරන අදහස් දැක්වීමකට මම පිළිතුරු දෙන්නේ මම මටම ලිව්වට ලියන්නේ පොදු තැනක නිසයි.. :)
මට හිතෙන්නේ අපි ලියන දේවල්වලින් අනිත් අයට ගන්න ගොඩාක් දේවල් තියෙනව කොච්චර ස්වාස්වාදයට ලීවත්..හේතුව අපේ ජීවිත අත්දැකීම් හරි ඉගෙනගත්තු දේවල්හරි අපේ ලියවිලි වල ඉබේම තැවරෙන නිසා...අනික අපි දේවල් බලෙන් ඔබ්බවන්නෙත් නෑනේ...නිම්නා කියන කතාව හරි..අපි අපිටම ලීවට ලියන්නේ පොදු තැනකනේ....!
Deleteමට හිතෙන දේ,මට දැනෙන දේ මන් ලියනවා ඉතින්,ඉතින් ඒවා රහද නැද්ද කොහොමද දන් නෑ මන් ලියනවා.ඉතින්
ReplyDelete"බොලොග් ලියන එක මගේ වැඩක් ඒවා බලන එක බොලගෙ වැඩක්" බැලුවත් නැතත් මන් ලියනවා
නියම කෙමෙන්ට් එක රොමාරස්.. :) :) බලලා හිතෙන දෙයක් ලියලා යන එකත් බොලාගෙ වැඩක්.... හැබැයි ඒකට උත්තර දෙන එක මගේ වැඩක්.. :)
Delete