Wednesday, December 21, 2016

අවසන් ලිපියයි ඔබට ලියන්නේ......ආදරය පිරුනු



සාමාන්‍යයෙන් "නිම්නය" ලියන ගේ  හිත ඇතුලේ ප්‍රශ්න කීපයක් එකවර නැඟෙන වෙලාවල් වලදි නිම්නි හරි  නිහඬයි.. (මෙතැන් සිට නිම්නිව අපි  Y කියලත්, නිම්නය ලියන මාව Z කියලත්   හඳුන්වමු.)  

ඒ වගේ වෙලාවට පොඩි කාලේ ඉඳන් මේ  Z  තෝර ගත්ත දේවල් තියනවා කරන එක එක ප්‍රශ්නෙට හිතෙන් ගැලපෙන උත්තර හොයන ගමන්.. ඊට පස්සේ තමයි මේ  Y  කතා  කරන්නේ.. නැත්නම් Z ප්‍රශ්නේ ඇති කර ගත්ත කෙනා  හෝ සිදුවීම එක්ක කවදාවත් මැදකට එන්න වාද කරන්නම ඉපදිලා තියන Yගේ (අකීකරු) හිත ඉඩ දෙන්නේ නැ.. වාදයක් කියන්නේ හිනා වෙලා ඉන්න පුලුවන් තැනක් නෙමේනේ..   Zට පොඩි කාලේ ඉඳන් ඕන හිනා වෙලා ඉන්න.. කලිනුත් Y කියලා ඇති ප්‍රශ්න හිතට ලඟ අය එක්ක කතා කලාට කරන්නේ Yට හිතෙන Zට ගැලපෙන දේ...

වයසත් එක්ක එක එක විදි හොයාගෙන ඒ විදි එපා වෙනකොට අලුත් විදි හොයාගෙන යන ගමනෙ කවදාවත් එපා නොවුනු දෙයක් තමයි "ඔයා බටය" (අටම්ගෙන් හොරා ගත්තෙ වචනය) "ඔයා බටය" හොයා ගත්ත කෙනාට පින් සිද්ද වෙන්න හිතේ තියන ප්‍රශ්න සහමුලින්ම අමතක කරලා වෙනම කෝණෙකින් ආපහු  එකම ප්‍රශ්නේ දිහා තරහා ගන්නේ නැතුව මුල ඉඳලා බලන්න සෑහෙන්න Zට උදව් උනා මේ "ඔයා බටයේ" තියන වීඩියෝ බලන එක..

ඔන්න ඔහොම 201. අවුරුද්දේ මැද හරියේ එක්තරා දවසක ප්‍රශ්න ගොඩක් හිතේ එකතු උනු වෙලාවක  Y වෙනදා වගේම සද්ද නැතුව  "ඔයා බටයේ" වීඩියෝ  බලන අතරේ එක්තරා රියැලිටි වැඩසටහනක වෙනස් විදිහේ රූපයක් තිබුනු කෙනෙකුගේ වෙනස් විදිහේ  නිරුපණයක් ලඟ Y ගේ හිත නතර උනේ මේ කවුද මේ කියල හොයන්න හිතට බල කරන ගමන්. (අපි මේ කෙනාව මෙතන ඉඳන් හඳුන්වමු X කියලා, තරඟ කල කෙනෙක් නම් නෙමේ)  නිරූපණයක් කියලා කිව්වේ මේ රියැලිටි වැඩසටහන් කලින් ප්ලැන් කරපු මාකටින් ක්‍රමයක් විදිහට Z දකින නිසයි..

ඉයන් අහලා තිබුනා දවසක් Y ගණිතය ඉගෙන ගෙන තියන නිසාද මේ සමීකරණ වලට මිනිස් හැඟිම්  ගාවන්නේ කියලා. ගණිතයට පුංචිම කාලේ ඉඳල Z ගොඩක් ආස උනත් ඊට වඩා ආස කරන විෂයක් හිතේ තියන නිසා වෙන්න ඇති ඉගෙන ගන්න පුලුවන් උනත් ගණිතය O/L වලින් එහාට Y ඉගෙන ගෙන නැ.

ඉතින් කලින් ප්ලැන් කරපු  නිරුපණයක් විතරක් වෙන්න ඇති මේ X කරන්න ඇත්තේ  කියලා හිතුනත්  දෙයක් ගැන හොයන්න හිතුනොත් නවතින්නේ නැති Yගේ (අකීකරු) හිත මුලු අන්තර්ජාලයම පීරලා X ගැන  හොයන්න පුලුවන් හැමදේම හොයාගෙන බැලුවේ Zගේ හිතේ එකතු වෙලා තිබ්බ ප්‍රශ්න ටික පොඩ්ඩකට අමතක කරලා.. මේ විදිහට එකිනෙක විඩියෝ සහ X ලියැවුනු  ආර්ටිකල්ස් බලාගෙන කියවගෙන යන අතරේ කවදාවත් නැතුව Zට හිතුනා මුහුණු පොතේ මේ Xව  හොයන්න..

ඒ තරන්
Zගේ හිතට බලපැමක් ඇති කලේ මේ  Xගේ  අදහස් Yගේ අදහස් වලට 100% ගැලපෙන නිසයි. ජිවිතේ කවදාවත් ZYගේ අදහස් වලට සමාන (අඩුම ගානේ ලඟින් යන) කිසිම කෙනෙක් හම්බෙලා නැ.. ඉතින් මේ X ගැන Yට හොයා ගන්න පුලුවන්  උනු ඔක්කොම විස්තර හොයා ගත්තට පස්සේ Zගෙ නොකැඩෙන පුරුද්දක් තමයි මුලක ඉඳන් ඒ විස්තර ගලපන එක... ඒ Z ලබපු අධ්‍යාපනයෙන් ලබා ගත්ත පුරුද්දක්.

එහෙම ගලපගෙන යද්දි Yට තේරුනා  මේ X ඇත්තටම මේ වගේ අදහස් තියන කෙනෙක් නම්  දැන් ඉන්න ඕන  Z වගේම ප්‍රශ්නෙක හිර වෙලා කියලා පැහැදිලි හේතුවක් නැති උනත්.. ඉතින් Y කලේ ෆෝන් එක අතට අරගෙන මෙන්න මේ අදහස තිබුනු SMS එකක් යවපු එක..

"..... you have a gift of touching people's heart.. please  be careful with people who doesn't understand you..."


Zගෙ නමත් කවදාවත් නැතුව ටයිප් කලේ Yට මේ Xව තමන්ගෙම කෙනෙක් කියලා දැනුනු නිසා අදහස් වල තියන සමානකම නිසා...Y ටයිප් කලේ Zගේ ඇත්ත නම නම් නෙමේ.. Yට හදවතින්ම සමීප අය කියන Zගේ කෙටි නම...

නොදන්න කෙනෙකුට යවපු පළවෙනි SMS එකට හැරෙන තැපැලෙන්  රිප්ලයි එකක් ආවේ  
Z කවුද කියලා අහලා. Y ගේ අදහස් වලට සමාන මේ X එක්ක කතා කරලා බේරෙන්න බැරි බව Zට හිතුනු නිසා  Yට ඕන උනේ නැ එතනින් එහාට කතාව ගෙනියන්න.  ඒත් මේ X අත අරින කෙනෙක් නෙමේ වෙන කෙනෙකුට පරදින්න කැමති කෙනෙකුත් නෙමේ.. කතා නොකරන ගොලුවෙක් උනත් කතා කරවන්න හැකියාවක් තියන X එක්ක දිගටම කතා කරන්න ඒ හේතු දෙක ප්‍රමාණවත්.. හැබැයි කතා කරන්න මුල් උනු හේතුව Z කිව්වේ නැ Xම  එයා හිර වෙලා ඉන්න ප්‍රශ්න කියනකන්. මුණ දීලා තිබුනු ප්‍රශ්නෙ වෙනස් විදිහකින් Yගේ ප්‍රශ්නෙත් එක්ක සමපාත උන නිසා Yගේ ප්‍රශ්නේට Z හොයාගෙන තිබ්බ සමහර විසඳුම් X ප්‍රශ්නෙටත් ගැලපුනේ ටිකින් ටික X හිර වෙලා හිටිය තැනින් එළියට එන ගමන්.. ඒ වගේම X හොයාගෙන තිබුනු සමහර විසඳුම් Yගේ ප්‍රශ්න වලත් ගැලපුනා..

දැන්
Z , X කතා කරන්න හිතපු හේතුව අපි අතර නැති උනත් ඒ වෙනකොට Z ට තේරුනා Yත්  Xත් දෙන්නට දෙන්නා එකිනෙකාගේ අදහස් වලට ගොඩක් ආදරය කරන එකිනෙකාව ගොඩක් හොඳින් තේරුන් ගන්න පුලුවන් කියන දේ.. හරියට YZගේ තාත්තා හම්බුනා වගේ හැඟිමක් Yගේ හිතට දැනුනේ තාත්තා නැති උනාට පස්සේ හිතේ තියන හැමදේම හංගන්නේ නැතුව මේ වෙනකන්   කිසිම කෙනෙකුට කියල නොතුබුනු නිසා.. අවස්ථාවදි නොවන  කෙනෙක් හම්බුනේ නැති නිසා... Xගේ  බාහිර පෙනුමත් ගොඩක් දුරට Yගේ තාත්තගේ වගේමයි..

හැබැයි ඒ ආදරය හීනයක් විතරයි... Z හොඳින්ම  දන්නවා Yගේ අදහස් වලට සමාන කෙනෙක් කිසිම දවසක ආදරයකින් තියා කිසිම විදිහකින් හිර කරලා එක තැනක තියන්න පුලුවන් අය නෙමේ.. හරි නිදහස් හිතුනු දේ කරන තමන් අවට ඉන්න අයට සෑහෙන්න රිඳවන ඒත් හිතා මතා වරදකුත් නොකරන මේ X ගැන ඇති වුනු හීනයක් වගේ ආදරයෙන් කාටවත් කරදරයක් නොවෙන්න තමයි මේ "නිම්නය" ලියවුනේ.. කෙලින්ම X එක්ක කතා කරන එක  Y එතනින් එහාට නැවැත්තුවත් මොකද්දෝ හේතුවකට "නිම්නය" Zගෙ අතින් ලියවුන නිසා අතරින් පතර X එක්ක කතා කලා.. ජිවිතේ වෙන දේවල් පැහැදිලි කරන්න Y උත්සහ ගන්න කෙනෙක් නෙමේ උනත් "නිම්නය" නිසා සමහර දේවල් සමහර අයට  තරහ නොගෙන පැහැදිලි කරලා දෙන්න උන එකෙනුත් Z ඉගෙන ගත්ත දේවල් ගොඩයි..


මේ පැහැදිලි කිරිම් මුකුත් නැතුව "නිම්නය" කියවලා Yව තේරුම් ගන්න පුලුවන් Zගේ දඟමල්ලගේ තාත්තට Yට බනින්නේ නැතුව...(බැන්නත් කරන්න දෙයක් නැ, නොකියා ඉන්න Y කැමති නැ)  Z කලිනුත් කියලා ඇති ඔබ තෝරගන්න සහකාරිය  හෝ සහකරු ගැන ඔබට තියෙන්න ඕන විස්වාසයක් ක්‍රියාවේ දැනෙන ඕනම තැනකදි ඔබව තේරුන් ගන්න පුලුවන්.  ඔබට බය නැතුව "ඔබ" වෙන්න පුලුවන් වෙන්න ඕන.. තර්ජන ගර්ජන නැතුව, පාපොච්චාරණ නැතුව...(තර්ජන ගර්ජන වලට හැකිලෙන්නේ ආදරයට නම් නෙමේ, කුමන හෝ අසරණකමක් ඇති නිසයි  ) 



"නිම්නයක තනි වී හීන දකින්නි"  මේ නම ඇතුලේ මේ X ගේ නම තියනවා වුනත් ඒ රහස Yත් මේ  X කියන කෙනත් අතරේ තිබුනම ඇති.. නම ගැනත් ටිකක් කියන්න ඕන.. Y හිතා මතා මේ නම දැම්මේ නැ.. හිතට ආව නිසා නම් කලාට.. (මේ නමින් ඉටු කරගන්න අරමුණු කීපයක් තිබුනු අතර ඒ හැම අරමුණම හිතපු විදිහටම ඉටු වීම හීනයක් හැබැ වීමක්ම තමයි...) Z මුලින්ම "නිම්නය" ගැන කිව්වේ Yගේ මල්ලිට.. කියපු ගමන් මල්ලි කිව්වේ මොකද්ද ඔය නම.. හරි බොලඳයිනේ කියලා.. මල්ලි කියපු ඒ වචන ටිකම "නිම්නය" කියවන එක් කියවන්නෙකුත් එවලා තිබ්බෙ Z වගේ නෙමේ, මේ නම හරි බොලඳයි කියලා... ඇත්ත ආදරය හරිම බොලඳයි... ත් ඒ බොලඳ හැඟිමට පුලුවන් ජිවිතයක් ඇති කරන්නත් නැති කරන්නත්.. තෝරගැනිම ඔබේ අතේ.. 

ඉතින් පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් Z ලිපි ලිව්වේ Yගේ හිතේ ඇති වෙලා තිබුනු ඒ වැඩක් ගන්න බැරි ආදරය නිසා Zගේවත් Xගෙවත් ජීවිත වලට කිසිම විදිහක අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති නොවෙන්න වගේම Yගේම හිත නිදහස් කරගන්න.. ඒ අතරතුරේ බ්ලොග් ලෝකේ දැකපු දේවල් නිසත් ලිපි ලියවුනා Z අතින්..

මේ X එක්ක කතා කරද්දි තමයි Y හරියට තේරුනේ ඇයි Zගේ දෙමාපියන් Y ව තද නිතී රීති මැද්දේ හැදුවේ කියන එක ලංකාව වගේ රටක.. සාමාන්‍යයෙන් Y කරන්න හිතපු දෙයක් නවත්තන කෙනෙක් නෙමේ  කවුරු මොනවා කිව්වත්.. Z ටිකක් සැර චරියක් බ්ලොග් ලෝකේ ඇතුලේ සහ "නිම්නයේ" රඟපැවේ මේ වෙලාවේ අනිත් අයගෙන් එන ප්‍රශ්න වලට ඕනවට වඩා යොදවන්න Yට කාලයක් නැති නිසයි...

ආ තව දෙයක් මේ සිදුවීමට වැඩි දුර නොහිතා බ්ලොග් ලිවීම තෝර ගන්න හේතුවක් වෙන්න ඇති 
Y මුල ඉඳන් කියන Zගේ නිහඬ ( දැන් නම් නිහඬ නැ, Y එක්ක ඉඳල නිහඬ වෙන්න නම් ඉර බටහිරින් පායන්න වෙයි.) කාර්යබහුල Zගේ දඟමල්ලගේ තාත්තා මීට කාලෙකට කලින් මේ බ්ලොග් අවකාශයේම බ්ලොග් එකක් ලිව්ව කෙනෙක් නිසා බ්ලොග් ලෝකේ Yට ටිකක් හුරුපුරුදු තැනක් වීම.. ඒ නිසයි  ඔයාලා අතරින් සමහර අය එක්ක හුරු පුරුදුයි වගේ Y කතා කලේ.. ඒ Zගේ ඇත්ත විදිහ නම් නෙමේ.. කටුස්සා තමයි ඒ චරිතය  ZY විදිහට රඟපාන්න ඉඩ හදලා දුන්නේ.. "නිම්නය" පටන්ගෙන ටික දවසකින් කටුස්සා එවලා තිබුනු ඊමේල් එකේ මූලික හරය වෙලා තිබ්බේ වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න කියලයි Z ට හිතුනේ..

රසික, Z මුලින්ම ඔබෙන් උදව් ඉල්ලුව ප්‍රශ්නය මේ ලඟදි හරි ගිහින් තිබුනා.. ඔබ එදා  Y කවුද කියලවත් දන්නේ නැතුව හරියට පැයක් ඇතුලත එව් පිළිතුර Zට අමතක වෙන්නේ නැ.  

අරුන... ඔබ ගැන ලියනවද නැද්ද .... ඔබට මතක නම් ඔබ කමෙන්ට් එකක දාපු දෙයක් මම පරිවර්තනය කලා සිංහලට.. එදා හිතට දැනුනු හැඟිම නිසයි මම දිගටම වෙනත් භාශා වලින් තිබුන දේවල් පරිවර්තනය කලේ.. ඔබ මොන තරන් අත්දැකීම් බහුල කෙනෙක්ද කියන එක තේරුන් ගන්න මට වැඩි කාලයක් ගියේ නැ  අරුන...


අපි හැමෝගෙම මම ඇතුලේ තවත් "මම" කියලා කෙනෙක් ජීවත් වෙනවා හැමෝටම අපි පෙන්වන්නේ නැති.. සමහර වෙලාව මම කියන කෙනාටවත් අපි මේ "මම" කියන අපි ඇතුලේ හැංගිලා ඉන්න කෙනාව පෙන්නනේ නැ හිතේ තියන බයට... YZගේ ඇතුලේ ඉන්න  "මම" හොයාගෙන බය නැතුව Y එක්ක ඉන්න ඉඩ දුන්නේ Zගේ ජිවිතේට සමීප Yඅසීමිතව ආදරය  අය... ඒ ZY හොයාගන්න ඉඩ දීම තුල Y නිසා Zටත් අනිත් අයටත් වෙන්න පුලුවන් ගැටලු අවම කරගෙන ජිවිතේට මුහුණ දෙන්න හැකියාවක් ලැබීම Yගේත් Zගේ වටපිටාවේ ඉන්න අයගෙත් වාසනාවක්..

අපි හැමෝම කාට කොහොම කැමති උනත් මොන තරන් (පණ දෙන්න වගේ) ආදරය කලත් වැඩියෙන්ම ආදරය කරන්නේ මේ අපි ඇතුලේ ඉන්න වැඩිය කාටවත් නොපෙන්වන "මම"ට.. ඉතින් කලින් ලිපියකත් Z ලියලා ඇති මේ "මම" ට ඕන දේවල් කරද්දි වටපිටාවේ ඉන්න අය ගැනත් සංවේදි වෙන්න..

Zගේ ජිවිතේ අකීකරු Y නිසා අසාර්ථක වෙන තැන් වලදිත් Yට ආදරය කල අය අත්නොහැර Z එක්ක හිටපු නිසා, Zගේ ජිවිතේ හැමදාම Yට සෑහෙන ඉඩක් වෙන් වෙනවා නොහිතම.. හැබැයි Yට  සමීප ගොඩක් අය වඩා කැමති Zට කියලත් Yට හිතිලා තියනවා...(ඔයාලා වැඩියෙන් කැමති Yටද  Zටද? )

ජිවිතයම රඟහලක් කියලත් අපි හැමවෙලේම කියනවනේ, ඉතින් ඒ රඟහලේ එක් රැඟුමක් පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් කියවන්න ආපු ඔයාලා හැමෝගෙන්ම සමුගන්න වෙලාව ඇවිත්... මේ මුලු කාලය පුරාම Y නම් වු Zගේ අතින් ලියවුනු එක වචනයකින් හරි කාගේ හරි හිතක් රිදුනා නම් ඒ රිදුනු හිත් පුලුවන් නම් නම් වු Yට සමාව දෙන්න..ඒ වගේම ඔයාලා හැමෝම දිගටම ලියන, අදහස් දක්වන එක මීට වඩා ටිකක් සාමකාමිව කලොත් බ්ලොග් ලෝකේ තවත් ලස්සන තැනක්  වේවී.. අපි කවුරුත් සදාකල් ජීවත් වෙන්න මේ ලෝකට ආපු අය නෙමේනේ.. එන්න කාලේ ආවම එනවා වගේම යන්න කාලේ ආවාම යන්නත් ඕන. ඉතින් මේ ලොකේ ඉන්න ඒ අතරමැදි කාලය පුලුවන් උපරිම විදිහට අනිත් අයට ප්‍රශ්නයක් නොවෙන්න ඉන්න පුලුවන් නම් අපි හැමෝම මූණ දෙන ප්‍රශ්න අවම කරගන්න පරිසරයක් හැදේවී..

ඔබ අවට පරිසරයෙන් ඔබට වැඩියෙන්ම දැනුනු දේවල් (ධනාත්මක හෝ සෘනාත්මක) තමයි ඔබෙන් නැවත ඒ පරිසරයට මුදාහැරෙන්නේ.. ඉතින් ඒ මුදාහැරීමේදි ඔබ නොසිතුවත් හිත් රිදීම් වැරදි වැටහීම් ඇති විය හැකි බවත් ඒ ගැන වාද විවාද වලට යාමෙන් ඇති වන සෙතක් නැති බවත් ඊට වඩා ඔබ ඔබ ගැනම වාදයකට යාමෙන්  ඔබට අවට පරිසරයෙන් දැනුනු දේවල් වලින් ඔබ උකහා ගත් දේවල් වලින්  මුදාහරින දේවල් වල ගුණාත්මක භාවය වැඩි කරගත හැකි බවත් ඒ මුදාහැරීම ධනාත්මක වන තරමට ඔබට පෙරළා ලැබෙන ප්‍රතිචාරත් ධනාත්මක බව මතක තියාගන්න. 

අනිත් අයට ඇඟිල්ල දික් කරද්දි මතක තියාගන්න තමන්ගේ පැත්තට ඔබ ඇඟිලි 4ක් එල්ල කරගෙන කතා කරන බව... ඒ නිසා හැසිරිම් සහ ඔබ කවුද කියන ලිපි පෙළින් මම ලිව්වා වගේ මුලින්ම තමන් කවුද කියලා අඳුරගන්න උත්සහ කරන්න තමන්ට තමන්ව සාමකාමීව දැනෙනකන්.. ඉන් පස්සේ අනිත් අය ගැන කතා කරන්න..  


තමන්ගේ හිත තමන්ගෙන් පරිස්සන් කරගන්න පුලුවන් නම් හැඟිම් එක්ක බුද්ධිය පටලවා ගන්නේ නැතුව වෙන් කරගන්න පුලුවන් නම් නිදහස කියන්නේ අහස වගේ.. නිමක් නැ.. ඒ නිමක් නැති නිදහස අනිත් කෙනාගේ නහය අඟින් අවසන් වෙන බව හොඳින් මතක තියාගෙන හිත නිදහස් කරන්න, දවසක හැමදේම අත්හැරෙන බවත් ඉතිරි වන දෙයක් නැති බවත් හොඳින් තේරුන්ගෙන. ඔන්න එහෙනම් කොහේදෝ ඉඳලා බ්ලොග් ලෝකෙට  ආව "නිම්නි" (Y අදින් පස්සේ බ්ලොග් ලෝකෙන් සමු ගත්තට බ්ලොග් ලියන්න කලින් කියෙව්වා වගේ නිහඬව  "චතූ" (Z)  ඔයාලා හැමෝවම කියවන්න එනවා... මා ඉතින් යන්න යනවා.... මට යන්න අවසරයි...




 

ප. ලි. : මේ නිම්නය පුරාම අපි අවට ඉන්න හැමෝම ඉන්නවා එක එක ස්වරූප වලින්.. හැම ලිපියකම මගේ කතාවේ කොටස් වගේම අපි අවට ඉන්න හැමොගේම කතාවලින් කොටස් එකතු කරමින් ලියු ඕනම ලිපියක ඇති ඕනම දෙයක් ඕනම කෙනෙක් ඕනම කාලයක අහන්න.. මේ හැම ලිපියක්ම ඕනම කාලයකදි සංවාදයට එක එක පැති වලින් ගන්න පුලුවන්..උත්තර දෙන්න නම් මේ වගේ වෙලාව මට තියන එකක් නැහැ.. ඒත් පුලුවන් වෙලාවට උත්තර දෙන්නම්...

මම නිම්නයට ආදරය කරපු තරන්ම ඔයාලත් නිම්නයට ආදරය කරාවි කියලා මම හිතනවා.. අපි කෙනෙකුට ආදරය කරද්දි කරන්න ඕන හොඳම විදිහ පැහැදිලි කරලා තියනවා බුදුහාමුදුරුවෝ.. හරියට මල් ගහක පිපිලා තියන මලක් රැක ගන්නවා වගේ.. ඉතින් කරුණාකර මෙහි එන කිසිම චරිතයකට කිසිම විදිහකින් අපහාසයක්, උපහාසයක් එකතු කරන්න එපා... මේ ඉන්නෙත් ලියූ මුලු කාලය පුරාවටම මාව මෙහයවපු "ඔබම" තමයි...


81 comments:

  1. 'නිම්නයක තනි වී හීන දකින්නී" බ්ලොගය "දුමී" ට වඩා පැරණි එකක්. ඒ නිසාම 'නිම්නයක තනි වී හීන දකින්නී" බ්ලොගයේ අතීතය පිළිබඳව මම දන්නේ නැහැ. ඒ පිළිබඳව මම හෙව්වෙත් නැහැ. ඒත් ඒ බ්ලොග් එකේ ඇති හරබර ලිපි කියවීමට මම අමතක කෙරුවෙම නැහැ. ඒ වගේම තමයි "දුමී " බ්ලොග් එක ආරම්භයේ ඉඳන්ම මේ දක්වාම අදහස් දෙමින් හිටි පිරිස අතරේ 'නිම්නයක තනි වී හීන දකින්නී" හිටි බවත් කියන්න ඕනෙමයි. කියන්න තව බොහෝ දේ තිබ්බත් ලියන්න හිතක් නෑ, හීන දකින්නී........

    දන්න දැණුමක හරය කැටිකර වචන පෙළකට අමුණලා
    දුන්න අදහස් 'දුමී' බ්ලොගයට තාම නැහැ අමතක වෙලා
    උන්න ටික දින හීන දකිමින් නිම්නයක නුඹ තනිවෙලා
    යන්න අවසර දෙන්නෙ කොහොමද සොයුරු පෙම නෙත තෙත් වෙලා.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී..මම පොරොන්දු උනා වගේ මගේ පින්තූරයක් දවසක එවන්නම් මට ඇඳලා දෙන්න...

      Delete
    2. ඔව් හීන දකින්නී. පොරොන්දුව අමතක නෑ. පින්තූරය එවන ඒ දිනේ ළංවුණාම කියන්න මගේ ලිපිනය එවන්නම්.
      ඒත් ආයිත් අර ලිපි කියවන්න නැතිවිම ලොකු අඩුවක් වගේ දැනෙයි මට.

      ජයවේවා!!!

      Delete
    3. දුමී...

      නොමැති විට ලඟ මා සුසුම
      දැනුනි මට ඔබේ නෙත් කඳුල
      හමු වී වෙන් වෙන අද දිනේ
      හිනා වී පතමු මතු හමුවන්න...

      Delete
    4. හරයක් දුන්නු අදහසකට පිං වේවා
      දිනුමක් සමග ඉදිරිය නුඹෙ බැබලේවා
      පැතුමක් වෙතොත් යළි දවසක හමු වේවා
      කඳුලක් නොවී හැම පියවර සෙත්වේවා.. ...!!!

      Delete
    5. කඳුල මට හිමියි දිවි ඇති තුරා
      දිනුමක් පැරදුමක් නැත මා පතලා
      දුන් දෙයක් ඇත්නම් මා ලියු ලිපි පුරා
      "ඔබම" දුන් දැනුමයි මගේ දිවිපුරා..

      Delete
    6. උරුම වුණු කඳුල හුරු බව මා දනිමී
      හුරු එය වීසි කර දමනා බව දනිමී
      තරුවන් පුතුට විරියක් වන බව දනිමී
      පිරුනත් දුකක් දවසක ජය බව දනිමී.......

      Delete
    7. උරුම වුන කඳුල මකා හිනා ගෙනා
      "ඔබම" නිසා විසි කලෙමි නෙත් පුරා
      පුතු දේවි මට දිරි දිවි ඇති තුරා
      ලබන ජය එකව ලබයි නම් හැම එක් වෙලා...

      Delete
    8. ඉදිරිය බලා තැබු පියවර ගන්න එපා
      සිහිනය හැබෑවෙයි ඒ ගැන තැවෙනු එපා
      රචනය කෙරෙන හැකියා නවතන්න එපා
      මතකය තියේනම් නෑවිත් ඉන්න එපා......

      Delete
    9. මනිනා හැම පියවර ඉදිරියට
      බාරයි සැබැ වනු සිහිනය කාලයට
      ලිව්වොත් ලියන්නේ මා හිතට
      පණ දෙනු පිණිස හැම මතකයට......

      Delete
  2. ඔබේ බටය නෙමෙයි ඔයා බටය ....මාත් ඕක අල්ලා ගත්තෙ කාගෙන් හරි

    ReplyDelete
    Replies
    1. එහෙමද අටම්... මට මතක තිබ්බේ.. "ඔබේ" කියලා.. මම හදන්නම්...:)

      Delete
  3. මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි....

    කෙසේ කියන්නද ඔබ මා අතහෑර ඉවත ගියා කියලා...


    නිම්නිගේ නික්මයාම නම් මට හරිම වේදනාවක් හිතට....
    හෑමදාම පුරුද්දක් විදියට නිම්නයේ සක්මන් කරපු මට අදින් පසුව හරිම පාලුවක් දෑනේවි හිතට....
    කෙසේ නමුත් ඔබ ලියූ සියලු ලියමන් නිම්නය එලිය කරාවි බ්ලොග් ලොව තිබෙන තුරාවට....

    ඔබට සුභ අනාගතයක් නිම්නියේ...

    අහස් ගෑබේ තරු කෑට ගානේ
    පොලො තලේ වෑලි කෑට ගානේ ...
    නිල් සයුරේ වෑලි කෑට ගානේ
    ආදරෙයි මම ආදරෙයි....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ... දැන් ඔයාට ලියන්න තරන් අදහස් නිම්නයෙන් පුරවපු වෙලාවේ පටන් ගමුද ලියන්න.. මම ඉන්නම් ලඟින්...:) :)

      Delete
    2. ම්ම්.... ඒකත් හොඳ වැඩක් නදී අක්කේ.

      Delete
  4. ලියන්න නම් හිතත් එක්ක අතේ නොබිදෙන බෑදීමක් තියෙන්නත් ඔනෙ...

    දිය ඈල්ලක් වගේ කඩා හෑලෙන සිතුවිලි ඒ මොහොතෙම ලියා අවසන් කරන්න තරම් විවේකයක් තියෙන දෑතක් තියෙන්නත් ඔනෙ....

    සියල්ලටමත් වඩා නපුරු ඈනො කෙනෙක් නපුරු අදහස් දෑක්වීමක් කලොත් ඒ සියල්ල විදදරා ගන්න පුලුවන් සවිමත් සිතක් තියෙන්නත් ඔනෙ...

    ඔය කිසිම සුදුසුකමක් සපුරල නෑති මම මෙහෙමම ඉන්නවා සුපුරුදු ලෙසින්.....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ , ඔය ඔක්කොම හිත හිතා ලියන්න බැ ... අර මට කටුස්සා දවසක් බැනලා තිබ්බා වගේ CR පොතක් අරන් ලියන්න...:) :) :)

      Delete
    2. නදී අක්කා ඔය ඔක්කොම බලනවනම් කේන්දරෙත් බලාගන සුබ වෙලාවක්, දිශාවක්, නමට අකුරක්, එහෙමත් බලාගනම තමයි එන්නවෙන්නේ...:)

      Delete
    3. කටුස්සෝ, එහෙම කරන්න වෙලා තියෙන්නේත් අපි අපිම නිසා තමයි..:) :)

      Delete
  5. කාලෙකට පස්සෙ මේ පැත්තට එද්දි මොකද මේ සමුගන්න කථාව...අපි පොඩි සමාජ සත්කාරයක් පටන් ගත්තා...වැඩි විස්තර කාමරේ තියෙනවා...හැකි විදියට සහයෝගයක් දෙන්ට...

    ReplyDelete
    Replies
    1. මම ඇවිත් බලන්නම් සිරා...සමු ගන්න කතා ගනන් ගන්න එපා......සමුගන්නේ නැ වෙන් වෙන්නේ නැ... :) :)

      Delete
  6. ඊයේ නුවර කුමාරි ගියා..
    අද නිම්නයක තනිවී යනවා...
    හෙට??

    හෑ???????

    ReplyDelete
    Replies
    1. ආවොත් යන්න වෙනවනේ ස රස...:) :) :) එහෙනම් එන්නේම නැතුව ඉන්නයි තිබ්බේ මට..

      Delete
  7. To tell you the truth, these colours you have used for X Y and Z stuff is seriously confusing for people like us..:)

    Wish you all the best...and hope to see you as Chathu soon....Goodbye Girl....Be good...!

    ReplyDelete
    Replies
    1. Ohh Chefaaki, what should I do? Shall I change all in to black ?

      Thank you...:) :)

      Delete
    2. ඕකනේ චෙෆාකි බැරි කරන්න.. කලු පාට කරලා කොහොමද ක්‍රියේටිව් කරන්නේ.. අකුරු වල size එක තමයි එහෙනන් වෙනස් කරන්න වෙන්නේ..

      Delete
    3. No..you don't have to do anything...just leave it as it is....!!!!

      :)

      Delete
  8. නිම්නි ආයෙත් ලියන්නෙම නැද්ද

    ReplyDelete
    Replies
    1. නැ රොමාරස්, නිම්නි ආයේ ලියන්නේ නැ....

      Delete
    2. ලිවීම නැවත්වීම ඒ තරම් ලේසියෙන් කරන්න පුළුවන්ද.ඉදහිටවත් අඑවිත් ලියන්න

      Delete
    3. රොමාරස්.. ලියන එක නවත්තන එක මට අමාරු දෙයක් නෙමේ.. ඊට වඩා දේවල් නැති වෙද්දිත් මම හිනා වෙලා ඉඳලා තියනවා...ආයේ කවදහරි නවත්තන්න බැරි තරන් හැඟිමක් ආවොත් ලියාවි මම , හැබැයි ඒ නිම්නි නෙමේ...:)

      Delete
    4. රොමාරස්.. මොනයමම් හෝ කෘතීම විදිහකින් සිහිය නැති කරගෙන ලබන මත් වීමට වඩා සිය දහස් ගුණයක් වැඩි හොඳ සිහියෙන් ඉඳලා සැබැ ලෝකේ වෙන දේවල් වලින් මත් වීම... මට එහෙම ලියන්න හිතුනා ආපහු ආපු වෙලාවක...:)

      Delete
    5. මට හිතුනා නිම්නිව බලලා යන්න.නිම්නි ම්නිස්සුන්ගෙ හිත් කියවනවා.නිම්නි සැබෑ සිහියෙනුත් මන් උපරිම ජීවිතය විදිනවා,මත් වෙලත් උපරිම විදිනවා..... දෙක පටලගෙන ඔතනින් එකක් ජීවිතේ කරන් ජීවත් වෙන්න කැමති නෑ මන්.මට ඕන නිදහසේ ඉන්න වගේම නිදහස විදින්න.මන් කැමැති නෑ කොටු ඇදලා ජීවිතේ විදින්න.මන් දවස ගානෙ මත් වෙන්නෙත් නෑ,මත් වෙන්න ඕනෙ නම් වෙලාවක් කලාවක් බලන්නෙත් නෑ. මන් කියන එකා රදා පවතින්නෙ බීම,නොබීම මත නෙවෙයි තෘප්තිය මත. නිම්නි මේ ගැන බීලම කතා කරමු දවසක.

      Delete
    6. බීලා නේද.. රොමා බොන්න. බීලා ඇති කියලා හිතුනම දවසක කතා කරලම බලන්න.. හැබැයි හිත් රිදවා ගන්නේ නැතුව :) :) :)


      Delete
  9. ආවේ ඇයිද කියා ඔබෙන් නොඇසීමි.එබැවින් නික්ම යන්නේ ඇයිද කියාද නොඅසමි.

    අප මෙලොව කරන කියන සියල්ලේ අවසාන ප්‍රතිඵලය සන්තුෂ්ඨියයි. "සන්තුට්ඨිං පරමං ධනං" තුන්කල් දුටු එතුමා වසර දෙදහස් පන්සියයකට පෙර එසේ වදාලේ එහෙයිනි.එබැවින් සන්තුට්ඨියක් නොලැබෙන්න කාර්යයක නිරතවීම නිෂ්ඵලය. එමෙන්ම වෙහෙසකරය.

    ඔබට සුබ පතමි දයාබර සොයුරිය. ඔබ ලියූ සටහන් ඉතාම හරයාත්මක එමෙන්ම සුන්දර වූ බව අවසාන වශයෙන් පවසමි.ඔබට යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී...ඔබ කිව් සතුටින් කරන්න පුලුවන් දේවල් හොයා ගන්න එක තරන් අමාරු වැඩක් තවත් නැ රවී..:) :)

      Delete
  10. නොයා ඉන්න කියා අපිට කියන්න පුළුවන්.ඒත් ඒක අක්කාගේ කැමැත්ත.ඔයාගේ ලිපිවලින් බොහෝ දේ ඉගෙන ගත් බවත් මතක් කළ යුතුමයි.ඉතින්,ඔයාට හදවතින් ම සුබ පතනවා.සියලු යහපත් පැතුම් ඉටු වේවා..!

    යාම හොඳයි.
    ගොස් ඊමද හොඳයි.
    ලොවැ ඇත්තේ යාම ඊමය.
    නෑවිත් යන්ට බැරිය.
    නොගොස් එන්ට බැරිය.

    ReplyDelete
    Replies
    1. නංගෝ.. ඔයාලට මේ පුංචි කාලය ඇතුලත යමක් දෙන්න පුලුවන් උනා නම් ඒක මට සතුටක්.. නිම්නි යන්නම ඕන...ස්තුතියි සුබ පැතීමට, ඔයාගෙත් හැමදේම ඔයා හිතන විදිහටම ඉටු වේවී නංගෝ...

      Delete
  11. ටිකක් විවෙකගන්න. ඒ විවේක කාලයේදී නැවත ලියන්න අත්දැකීම් ගොඩක් එකතුකරගන්න. වෙනත් බ්ලොග්වල කමෙන්ට් කරන්න.

    නොවරදවාම නැවත එන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක උපදෙස් දෙකටම... මට නම් ඕන මැදක ඉන්න.. ඒත් ඉතින් කියන්න බැනේ වෙන දේවල්.. අන්ත දෙකින් ඕනම අන්තයකට ගියොත් ආයෙත් මම බොහෝ විට ඒවී..

      Delete
  12. ඔක්කොම තීරනය කරලා ආපු ගමනකට පසුවදන් මොකට තියනවද මම....

    ඉදිරිකටයුතු සියල්ලම සාර්තකවී යහපතක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුස්සෝ..ඔබ නිසා පියඹා යනවා මා ආකාසයේ වගේ හැම බ්ලොගයකටම ගිය නිසා මම ගොඩක් සොඳුරු හදවත් අඳුර ගත්තා.. අනිත් එක මුහුණු පොතේ නිම්නය හදන්න කිව්වෙත් ඔබ.. ඒ නිසත් මට ගොඩක් දේ ලැබුනා..තවත් වෙනසක් ඔබ කල නිසා මට යන්න ඕන වෙලා තිබ්බ තැනට ගොඩක් කලින් ගියා කටුස්සෝ.. ස්තුතියි ඒ හැම උදව්වකටම.. :) :)

      Delete
  13. ලිපිය පුරාවටම මොකක්දෝ ශෝකී රාවයක් හීනියට ගලා යනවා. ඒක මටත් දැනෙනවා.

    අපි සතුටට ආරම්භ කරන දේවල් යම් කලකදි සතුටට බාධාවක් වෙනවා නම් ඉන් මොහොතකට හෝ ඉවත්වීම යහපත්. ඒත් අප අසල ගැවසෙන්න.

    ඔබ හැකි අයුරින් බ්ලොග්ස් කියවන්න. මගේ කතාව ඉදිරියට ගලා යෑමේදි බොහෝ දේ ලියවේවී. ඔබ බොහෝ සංවේදී චරිතයක් කියා මට සිතේ. ඔබට වඩ වඩාත් ශක්තිය සහ ධෛර්‍යය පතමි. නැවත එන්න.

    ReplyDelete
    Replies
    1. අරුන.. මගේ සංවේදීකම නිසා මට මගේ ජිවිතේ නැති වෙන්න ගිය වෙලාවක මේ නිම්නය ලියන්න හේතුවු "නිම්" හැම දෙයක්ම පැත්තකින් තියලා මට ආයෙත් මුල ඉඳන් පටන් ගන්න ඕන කරන හැමදේම හදලා දුන්නේ මගෙන් කිසි දෙයක් බලාගෙන නෙමේ.. ඒත් අරුන "නිම්" මාව ජීවත් කලාට මට "නිම්ට" ආපහු "නිම්ව" හොයලා දෙන්න විදිහක් නැහැ.. තව ටික කාලයකට කලින් මට "නිම්ව" හම්බුනානම් "නිම්වත්" බේරගන්න තිබුනා.. ඔබට ලිපිය පුරාම දැනෙන ඒ ශෝකි රසය අයිති මට නෙමේ.. "නිම්ට"....


      ස්තුතියි අරුන.. ඒත් මම බ්ලොග් කියවන්නේ එන්නේ නැහැ.. අදහස දක්වන්න එන්නෙත් නැහැ...මට කරන්න දෙයක් තියනවා සැබැ ලෝකේ.. :) :)

      Delete
    2. මම තව පුංචි දෙයක් එකතු කරන්නම්... "නිම්"ට උදව් කරන්න බැරි හේතුව තියෙන්නේ "නිම්" ගේ වර්ථමානයේ නෙමේ.. අතීතයේ.. හරියටම කිව්වොත් "නිම්" ජීවත් වුනු පරිසරයේ...එහි වැඩිහිටියන්..සිදුවීම්.. බ්ලොග් ලෝකේ පුරාත් එවැනි තැන් හමුවෙද්දි වෙනස් කරන්න බැරි දේවල් නිසා කොටු උනු අය දකිද්දි කරන්න තියන හොඳම දේ නැවිත් ඉන්න එක කියලයි මට හිතෙන්නේ අරුන...

      මට හිතෙනවා ඒ වගේ කණගාටුදායක තැනකට එන්න නොදී වර්ථමානයේ ජීවත් වෙන පුංචි අයගේ ජීවිත වෙනුවෙන් දෙයක් කරන්න.. මගේ පුතා ලොකු උනාම ආපහු ලංකාවට ඇවිත් ඒ දේම කරන්නත් හීනයක් තියනවා මගේ... :) :) :)

      Delete
  14. ඔබේ බ්ලොග් සටහන තුල ලියැවුනු කිසිම ලිපියක් “හිස් ලිපි “ වුනේ නැහැ, සිංහල බ්ලොග් අවකාශය තුල රැඳිය යුතු “ලේඛිකාවක්“ ඔබ . කෙසේ වෙතත් ඔබේ තීරණයට ගරු කරන අතරේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යි පතමි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මහේශ් මුල් ලිපියේ ඉඳලා අවසාන ලිපිය දක්වාම රැඳුනට නිම්නය එක්ක .. ජිවිතේ එක එක කාලෙට එක එක විදිහේ නවාතැන්පළවල් වලට අපිව රැඟෙන යනවනේ.. නිම්නයේ රැඳුන කාලය විතරයි ඉවර උනේ :)

      Delete
  15. මොකද මේ වගේ තීරණයක්. කොහොම උනත් ආයේ බ්ලොග් ලෝකයට පැමිනේවි කියලා නම් දැනෙනවා. දැන්මම නෙවෙයි. තව අවුරුද්දකින් දෙකකින්.

    ReplyDelete
    Replies
    1. කුරහන්.. නිම්නය කියන්නේ "නිම්" ගේ සිහිනයක්.. මම ගොඩ නැඟුවට මේ බ්ලොග් ලෝකේ ඇතුලේ... ඉතින් "නිම්"ගේ සිහිනය සැබැ උනාම නවතින එක නේද හොඳ.. සැබෑ ලෝකේ ඇතුලේ නිම්නයක් ගොඩ නඟන එක ලේසි නැ කුරහන්...ඒ ගැන මට වඩා "නිම්" කියාවි දවසක...

      "නිම්" ව පැත්තකින් තියලා මං ගැන කිව්වොත් නම් කුරහන් අර දවසක් මං ගැන කෙනෙක් කිව්වා වගේ මම වැස්ස වගේ කියලා තමයි කියන්න වෙන්නේ... :)

      වැහි වළාකුලක් හැදෙන්න,ඒ එකතු වුන සීතල මතක වළාකුලට දරා ගන්න බැරි වෙලා කඳුලු කැට වගේ කඩා හැලෙන්න යන කාලය ගැන කාටද කියන්න පුලුවන් කුරහන් ?

      Delete
  16. කිසිම තැනක තමන්ට ඉන්න හිතෙන්නේ නැත්නම් ඉන්න ඕනේ නැහැ. මමත් බ්ලොග් කියව කියව ඉඳල ලියන්න පටන් ගත්ත හේතු කිහිපයක් තිබෙනවා. ඒ හේතුන් නොවැදගත් වුනු දාට මමත් හුඟක් වෙලාවට ලිවිම නවත්වයි. හැබැයි හීන දකින එක නවත්වන්න එපා. ඒක හරිම සුන්දරයි. ලස්සන සිහිනයක තාවකාලිකව හරි ජිවත්වෙනකොට හරි සනීපයි. ඔබටත් දඟ මල්ල ඇතුළු අනෙක් සැමටත් සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. හිත කියන්නේ හරි පුදුම තැනක්. අජිත් කියනවා වගේ ඉන්න හිතෙන්නේ නැත්නම් බලෙන් ඉන්න හිත කැමති නැනේ...

      අජිත් මම අද උදෙත් හිත හිතා හිටියේ මේ හීන දකින එක ගැනම තමයි :) ඒක නවතින්නේ නැ... ඕනම අතකට යන්න ලැබිලා තියන මේ නිදහසින් කාටවත් කරදරයක් නොවෙන්න හීන දකින එක තමයි මගේ හීනය අජිත්.. :) :)

      ස්තුතියි ඔබේ සුබ පැතීමට.. ඔබ සැමටත් එසේම වේවා..:) :)

      Delete
  17. වැස්ස වගේම තමයි.....!

    ReplyDelete
    Replies
    1. වැස්සක් උනාම එහෙම තෝරලා බේරලා වහින එක අසාධාරනයි..ඔහේ වහින්න ඕනි....නිදහස කියන්නේ ඒකට....වැස්සට තරන් නිදහසක් අපිට කොයින්ද.....?

      Delete
    2. චෙෆාකි, ඒ පැමිණිල්ල කොහෙන් හරි හොයාගෙන සොබාදහමට ගිහින් කියන්න..:) :)

      වැස්සට නිදහසක් තියනවා කියලා චෙෆාකි හිතනවද වහින වෙලාව,විදිහ, තැන තීරණය කරන්න .. මං හිතන්නේ නැ...

      Delete
  18. Wish you a very happy and successful 2017..!!!

    ReplyDelete
  19. මම එදා මේක කියවල ගියේ පස්සේ ආයේ එන්න හිතාගෙන. අද තමයි ආයෙත් ආවේ. කවදාවත් මට නම් ලියන එක එපා වෙලා නෑ. මම බ්ලොග් එක ලියන්නේ මට හිතෙන දේවල් ඔහේ ලියල තියන්න මිසක් වෙන කිසිම අරමුණකින් නෙවෙයි. ගොඩක් අය එහෙම තමයි ලියන්නේ. අපිට ප්‍රශනයක් තියෙනවනම් ඒ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනේ සැබෑ ලෝකෙදි සයිබර් ලෝකෙදි නෙවෙයි. පොත් පත් කියවීමෙන් අපේ අදහස හිතන පතන විදිය වෙනස් වෙනවා වගේ, බ්ලොග් කියවීමෙන් ලිවීමෙන් අපේ අදහස් සිතුම් පැතුම් වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අන්තිම ප්‍රශ්නේ විසදන්න ඕනේ එලියට බැහැල.

    ඔබ කවුද කියල කිසි දෙයක් මම දන්නේ නෑ.. හැබැයි ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. කොහොම උනත් සියල්ල හොඳට විසදෙයි කියල හිතනවා. ආයේ හිතිච්ච වෙලාවක ලියන්න ගන්න.

    ReplyDelete
    Replies
    1. පැතුම් ස්තුතියි නැවත ඇවිත් අදහස් ලියපු එකට.. ඒකින් මට තේරුන් ගන්න පුලුවන් පොඩි කාලයක් ඇතුලත මගෙන් වැඩකට ඇති දෙයක් ලියවිලා කියලා...

      පැතුම් මට ලියන එක එපා වෙලා නැ.. ඒක නවතින්නෙත් නැ.. නිම්නය නම් මම ආයේ ලියන්නේ නැ.. ඇත්තෙන්ම සියල්ල ඉතාම හොඳින් විසඳුනා මගේ පැත්තෙන් විතරක් බැලුවොත් නම්..

      ආපහු බ්ලොග් එකක් ලියයි කියලා නම් පැතුම් මට කියන්න බැහැ.. ඒත් බ්ලොග් එක ලිව්වටත් වඩා වේගෙන් ලියන එක නම් නතර වෙන්නෙ නැ..:)

      Delete
    2. පැතුම්, ඔබ නැවත ඇවිත් කියවයි ද කියලා හරියට දන්නේ නැති වුනත් මට මේ දේ කියන්න හිතුනා..

      අපි අහලා තියනවනේ අතීතයේ ඉඳලා තමන් ප්‍රේම කරන/කරපු පෙම්වතිය වෙනුවෙන් කැප වුනු/සිහිවටන හදවපු ප්‍රේමවන්තයන් ගැන සදාකාලිකව ඒ ප්‍රේමය ලෝකයාට දැනෙන්න කියන්න ...

      ඉතින් මේ නිම්නය මගේ අතින් බිහි වු ඒ වගේ සිහිවටනයක්.. "නිම්" වෙනුවෙන් මගේ හිතේ ඇතිවුනු ප්‍රේමය මේ අන්තර්ජාලයේ බ්ලොග් කියලා දෙයක් පවතින තාක් කල් කාට වුනත් නිම්නය කියවලා තේරුන් ගන්න පුලුවන් වෙන..

      මගේ ලෝකයේ මට සමීප අය ඉන්නේ අතේ ඇඟිලි ගානට පැතුම්... ඒ හැමෝම වෙනුවෙන් සදාකාලික සිහිවටහන මගේ අතින් හදන්න ජීවිතේ එක එක කාලෙට නවතන්න බැරි තරන් මට හිතිලා තියනවා.. තාම මගේ අතින් එවැනි යමක් බිහි නොවුනේ මගේ මල්ලි වෙනුවෙන් කියලා මට හිතෙන්නේ තාමත් ඔහු මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මං වෙනුවෙන් ඉන්න නිසා වෙන්න ඇති...

      Delete
    3. ආයේ ඇවිත් කියෙව්වා හෙහ් හෙහ්.. ඔච්චර සීරියස් වෙන්න එපා මෙයා.. ආතල් එකේ පාන් කැල්ලක් කාල ජිවත් වෙන්න හෙහ් හෙහ්...

      Delete
    4. ඇවිත් කියවපු එක සතුටක් පැතුම්.. මම ආස පාන් මෙහේ නැ.. :) :) :)

      Delete
    5. ආයේ ඇවිත් කියෙව්වා මමත් ....හැබැයි පැතුමෝ මේ පාර තනි අකුරු වල පෙහෙලිකාව

      Delete
    6. පාන් නැත්තං කේක් කන්නට කියල කිව්වලු කව්ද රැජිනක් එරට වැසියන්ට...!!!

      Delete
    7. අටම්... ප්‍රහේලිකාව විසඳුවද ඉතින්...

      චෙෆාකි, මෙහෙ තියන කේක් වලටත් මම කැමති නැ... කොටින්ම මෙහෙ මම ආස එකම දේ නිදහස....අනිත් හැමදේම ලංකාවෙන් ගේන්න පුලුවන් නම් මම ගේනවා...:) :) :)

      Delete
    8. /* මම ආස පාන් මෙහේ නැ.. :) :) :) */

      හෙල්ගාස් හොඳයි!
      http://rasikalogy.blogspot.com/2015/02/is-bread-helgas.html

      Delete
    9. නැහැ රසික.. මේ කිසිම පාන් වර්ගයකින් මම කැමති රසය එන්නේ නැහැ.. ඒ පාන් වර්ගයේ වරදක් හෝ වෙනසක් නිසා නෙමේ... මම කිසියම් දෙයක් රසවිඳින්නේ ඒ හා සමඟ බැඳුනු මිනිස් සබඳකම් ඔස්සේ මිස පාන් ගෙඩියේ ඇති රසයක් නිසාම නෙමේ.. ඉතින් මෙහේ පාන් වලට මම ආස නෑ කියලා කිව්වම ඔබ මට මෙහේ තියන පාන් වර්ග ගැන විස්තර දීලා වැඩක් නැහැ... :) :)

      Delete
  20. /* රසික, Z මුලින්ම ඔබෙන් උදව් ඉල්ලුව ප්‍රශ්නය මේ ලඟදි හරි ගිහින් තිබුනා.. ඔබ එදා Y කවුද කියලවත් දන්නේ නැතුව හරියටම පැයක් ඇතුලත එව් පිළිතුර Zට අමතක වෙන්නේ නැ. */

    මට නම් මේ කතාව XYZ නොවෙයි [α β γ δ ε στ ζ η θ ι κ λ μ ν ξ ο π ρ σ τ υ φ χ ψ ω] සහ [క చ ట త ప య శ ఖ ఛ ఠ థ ఫ ర ష గ జ డ ద బ ల స ఘ ఝ ఢ ధ భ వ ఱ ఙ ఞ ణ న మ ళ హ అ ఇ ఉ ఋ ఌ కె కై కో కం] වගේ.

    ඒ කියන්නේ ග්‍රීක් සහ අණ්ඩර දෙමල වගේ!

    ReplyDelete
    Replies
    1. රසික, මම ඔබෙන් අහලා එව්වේ "ලාංකීය සිතුවිලි" වල බ්ලොග් අඩවියක ලිපියක් පළ කරන විදිහ.. ඔබට විතරක් නෙමේ රසික, බොහෝ අයට බොහෝ දේ ග්‍රීක් , එහෙමත් නැත්නම් අණ්ඩර දෙමළ..

      Delete
    2. හිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා චෙෆාකී... :)

      Delete
    3. http://chef-archiect.blogspot.com/2017/03/blog-post_27.html?m=0

      Delete
    4. http://chef-archiect.blogspot.com/2017/03/blog-post_27.html?m=0

      Delete
  21. හීන දකින්නී. පමාවී හෝ අලුත් අවුරුද්දට මගෙන් සුභ පැතුම්. බ්ලොග් පැත්තේ ඔබ නොයෙයි කියළා හිතුණු නිසයි පමාවුණේ. ඔබෙ පරණ පෝස්ට් එකකින් ඊමේල් එක හොයාගත්තා. මේල් එකක් එව්න්නම්.
    0777 940 772 වෙලාවක කතා කරන්න. ඔබෙ ලිපි ගැන දැනගැනීමට අවශ්‍යයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී.. එසේම වේවා ඔබටත්.. මේ ටිකේ නම් කතා කරගන්න බැරි තරන් සනීප නැති වුනා.. මෙහේ සීත කාලේ පටන් ගනිද්දි වෙන කාලගුණ වෙනස්කම් නිසා..

      එවන්න දුමී..ඉඩක් ලැබුනම කියවලා එවන්නම් උත්තරයක්..

      Delete
  22. නෙලුම්යාය 2016 - කවියේ පළමු තැන මට ලැබුණා නිම්නි. ඒ වෙලාවේ ඔබවයි අරුණවයි ප්‍රභාත්වයි මතක්වුණා. මොකද ඔබ තිදෙනාම මගේ කවිවලට උපදෙස් දුන් දැන් බ්ලොග්වලින් ඉවත්වූ තිදෙනෙක්.
    අර චිත්‍රය ?

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි වෙනස් ආරක් දුමී.. සරලයි ලස්සනයි, විඳින්න පුලුවන්.. තවත් ඉදිරියට වෙනස් අලුත් විදි වලින් ලියන්න.. මුලින් කිව්වා වගේ නිහඬව මම කියවනවා ඔයාලව ඉඩ ලැබෙන විදිහට...

      මගේ ඊ මේල් එක හොයාගත්තා නේද... එවා තියන්න ඔබේ ලිපිනය.. යම් දිනක මම එවන්නම්...

      Delete
  23. අවුරුද්දකට පස්සේ බොරුවට ආව කොමෙන්ට් කරන්න :D

    ලංකාවේ සිංහල බ්ලොග් ඔක්කොම වගේ දැන් මෙහෙමයි. දැන් ලංකාවේ තියෙන්නේ සිංහල ගොසිප් සයිට් විතරයි.
    දුක තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. අවුරුදු 7 කින්.. අතීත සිංහල බ්ලොගර්ස් ලා වෙනුවෙන්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...