Saturday, December 17, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 6

පස්වෙනි ලිපියෙන් අපි කතා කලේ දරුවන්ට එයාලගේ අදහස් විවෘතව කතා කරන්න ඒ අදහස් ආරාක්ෂාකාරිව අත්හදා බලන්න ඉඩ හදලා දෙන හැටි ගැනනේ...අද කතා කරන්න යන්නේ ඇයි එහෙම ඉඩක් හදලා දිය යුත්තේ  කියලා කරුණු 5ක් යටතේ...

 

අපි පුංචි කාලේ ඉඳලා  අද වෙනකන්ම අපේ ඕනම අදහසක් ගෙදර අපිට කතා කරන්න පුලුවන්.. මේ නිම්නය ලියන්න හේතු වුන කරුණ ගැන උනත් අපි විවෘතව කතා කලා.. හැබැයි ඒකින් මම එක දෙයක් තේරුන් ගත්තා.. සමහර දේවල් තියනවා අපේ හිත විතරක් දැන ගත්තම ඇති...

 

Learning Outcome 5: Children are effective communicators.

 

Talk to a 2 year old to understand life again...

දරුවන් වැඩකට ඇති දෙයක් කතා කල හැකි අය. කතා කරලම බලන්න ඕන..මගේ හිත වැඩියෙන්ම ඇදිලා යන්නේ වචන වලින් කතා කරන දරුවන්ට නෙමේ... හිටපු ගමන් ඇවිත් මාව බදා ගන්න, මගේ කොණ්ඩෙත් එක්ක හුරතල් වෙන, කිසිම සද්දයක් නැතුව මගේ ලඟින් ඉඳගෙන ඉන්න දරුවන්ට.. මේ සද්ද වහලා ඉන්න අය එකපාරට අර පාපන්දු තරඟ වල තමන් කැමති අයගේ නම් කියලා රිද්මයකට කෑ ගහනවා වගේ මගේ නම රැව්නඟන වෙලාවට නම් පොඩ්ඩක් මම රවලා බලන්නේ පාලනය කරගන්න...

 

උපතේ ඉඳලම දරුවන්ට එයාලා අවට වෙන ගොඩක් දේවල් වලට අපි හිතනවට වඩා ප්‍රතිචාර දක්වන්න පුලුවන් අපිට පුලුවන් නම් එක එක දරුවට ඕන කරන කාලය වෙන් කරගන්න.. නැත්නම් වෙන්නේ හැඟිම් තවත් කෙනෙක්ගේ හැඟිම් එක්ක යා වෙනවා වෙනුවට ඒ දරුවගේ මොළයේ ඇතුලෙම හිර වෙන එක... මේ ආයතන වල රැකබලා ගන්න ඉන්න අයට දරුවන් කරන කියන දේවල් හැමදාම ලියන්න තියන නිසා හැම දරුවෙක් එක්කම දිගින් දිගට කතාව පවත්වා ගන්න ඕන...ඒ ඒ දරුවා මූණ දෙන්න ගැටලු වලට විසඳුම් හොයාගෙන.  මේ නිසා පුංචි පුංචි ප්‍රශ්න උනත් එළියට එනවා..

 

5.1 Children interact verbally and non-verbally with others for a range of purposes.

 

 

දරුවන් විවිධාකාර හේතු වලට වචන ඇතුව හෝ නැතුව තමන් අවට ඉන්න එය එක්ක ගනුදෙනු කරන්න හැකියාවක් තියන අය...

 

මේ වචන නැතුව අපිත් එක්ක ගනුදෙනු කරන දරුවන් අතරින් මගේ හිත වැඩියෙන්ම සසල කලේ ඔටිසම් දරුවන්... 90% ක්ම ඔටිසම්  දරුවන් කතා නොකරන්නේ ශාරිරීක දුර්වලතාවයකින් නෙමේ.. කතා කරනවා කියන සංකල්පය මානසිකව තේරුන් ගන්න එයාලගේ මොළයේ අවශ්‍ය පරිපථය හැදිලා නැති නිසා විතරයි... බලන්න ඉන්න හරිම දුක හිතෙන්නේ ඒ පරිපථය හදන්න විදිහක් අපි හොයා ගත්ත ගමන් මේ දරුවෝ කතා කරන බව පර්යේෂණ වලින් හොයාගෙන තියන නිසයි..



ඔස්ට්‍රේලියාවෙත් මේ විශේෂ අවශ්‍යතා තියන හැම දරුවෙක්ටම හැම පහසුකමක්ම දෙන්න හැකියාවක් නැහැ...වයස 6 සම්පුර්ණ උන දරුවන් අනිවාර්යයෙන් පාසල් යවන්න ඕන කියන නීතිය ඉදිරියේ බොහෝ දෙමාපියන් අසරණ වෙන්නේ කිසිම ශාරිරීක වෙනසක් නැති තමන්ගේ දරුවට සාමාන්‍ය දරුවන් එක්ක නැතුව විශේෂ දරුවන් ඉන්න පාසලකට යන්න රජයෙන් කරන ඉල්ලීම නිසා පහසුකම් දෙන්න තියන නොහැකියාවත් එක්ක... මේ රටෙත් ඉන්නවා සල්ලි වැහි වහින්න තියන අයයි නැති අයයි.. සල්ලි තියන අය මොන විදිහෙන් හරි තමන්ගේ දරුවට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම ගෙදරම හදලා දෙන කොට තවත් දෙමාපියන් පිරිසක් ඔස්ට්‍රේලියානු රජය එක්ක හැප්පෙන්නේ තමන්ගේ දරුවට නැතත් අනාගතයේ හරි මේ වගේ දරුවනට ලැබෙන්න ඕන පහසුකම් ලබා ගන්න.. 

 

Never give up

කලු ගලක ඔළුව හප්ප ගද්දි තියන අවදානම නොදන්නවා නෙමේ උනත් ඒ නොපසුබට උත්සහය නිසාම දැන් මේ දරුවන්ට මුලු ජීවිත කාලයම ලැබෙන රක්ෂණකට රජය එකඟ කරගන්න ඒ දෙමාපියන් සමත් වීමෙන් අපිට ඉගෙන ගන්න පුලුවන් පාඩම අත අරින්න එපා තමන්ට ඕන දේ ලැබෙන කන්... (මුලින් තිබ්බ පහසුකම් එක්ක බලද්දි මේ වෙනස හිතාගන්න බැරි තරන් ලොකු වෙනසක්.. රජයට ලොකු වියදමක් දරන්න වෙනවා වගේම රැකියාවක් කරන හැම පුරවැසියෙක්ටම තමන් ගෙවන බදු ප්‍රමාණයේ වෙනසක් දැනේවී, ලංකාවේ මහජනයා දන්නේ නැ තමන්ගේ බලය.. ඒ නිසා සුලු පිරිසක්..... ඉතිරි ටික මම කියන්න ඕන නැනේ.....)

 

 

5.2 Children engage with a range of texts and gain meaning from these texts.

 

 

දරුවන් විවිධ වචන වලට නිරාවරණය කිරිමෙන් ඒ වචන වල තේරුම තැනින් තැනට අඳාලව ඉගෙන ගන්න හැකියාව ලබා ගනී... මේකට තියන හොඳම ක්‍රම පොත් කියවන එක... සින්දු කියන එක...එදිනෙදා කෙරෙන හැමවැඩේ ගැනම පැහැදිලිව සරලව කතා කරන එක... පුලුවන් නම් ගෙදර හැමදේම ලේබල් කරන එක.. මේ වැඩේ අම්මලට වඩා හොඳට තාත්තලට කරන්න පුලුවන් කරනවා නම්.. (දරුවෙක්ට කතා කරන ස්වරයේ හැඟිම් අඩු නම් ඇහුන්කන් දීම වැඩියි.. තමන්ගේ කටහඬ ඕන ඕන විදිහට සුසර කරගන්න ඉගෙන ගන්න එකින් ජීවිතේ ගොඩක් දේවල් වලදි මුහුණ දෙන අපහසුතා මඟහරවා ගන්න පුලුවන්.... )


මේ ක්‍රමය නිසා කඩෙන් ගේන ඕන දේක ලේබල් කියවන්න අපේ පුතා හුරු වෙලා... කොහොමත් එයා ගොඩක් පොඩි කාලේ වචන කියවන්න පටන් ගත්තේ තැන තැන දකින... (කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මොළය කරන අකුරෙන් අකුර දැනගන්නම ඕන නැ කියවන්න,මේ මොනවා කලත් ඉවරයක් නැහැ "ඇයි" කියන ප්‍රශ්න නම්.. ඊයේ උදේ අහනවා "ඇයි අපි හුස්ම ගන්නේ" කියලා  ) 

 

 

5.3 Children express ideas and make meaning using a range of media.



දරුවන් තමන්ගේ අදහස් එක එක ක්‍රමය වලට කියමින් එක එක තේරුම් ඒ අදහස් වලට දෙමින් තමන්ගේ ලෝකය හිමින් හදාගනී.. ඉතින් ඒ හදාගන්න ලෝකයට ඇහුන්කන් දෙන්න කෙනෙක් ඉන්නම ඕන...එක එක දරුවා තමන්ගේ අදහස් කියන්න භාවිතා කරන ක්‍රමය වෙනස්.. ඒක අඳුරගන්න පුලුවන් දරුවත් එක්ක නිතර ඉන්න කෙනෙකුටම තමයි.

 

 

5.4 Children begin to understand how symbols and pattern systems work.

 

දරුවන් විවිධ සංකේත සහ රටාවන් හඳුනාගෙන තේරුම් ගන්න පටන් ගනී..

 


මෙහෙ මේක ඉගෙන නොගෙන නම් ජීවත් වෙන්න හරි අමාරුයි.. හැමදේම ස්වාධීනව කරගන්න හදලා තියන සමාජයක තමන්ට ඕන හැමදේම වෙලාව අරගෙන පැහැදිලි කරල දෙන්න කෙනෙක් නැහැ....හදලා තියන රටාව තේරුන් අරන් වැඩ කරන්න පොඩි කාලේ ඉඳලා හුරු කරන්නේ අනාගතයේ අමාරුවේ නොවැටි යන්න...පුංචි අයට අපි හිතනවට වඩා මේ රටා සහ සංකේත තේරුන් ගන්න වගේම පටල ගන්නේ නැතුව මතක තියාගෙන වැඩ කරන්නත් පුලුවන්... 




5.5 Children use information and communication technologies to access information, investigate ideas and represent their thinking.

 

 

දරුවන් අවට පරිසරයෙන් එකතු කර ගත් තොරතුරු සහ විවිධ සන්නිවේදන තාක්ෂණික ක්‍රම භාවිතා කර ලබාගත් තොරතුරු වලින් විමර්ශණාත්මකව තමන්ගේ අදහස් විමසා බලා තමන් හිතන විදිහ වචන වලට පෙරළන හරි සුන්දර වස්තූන් ආදරය විතරක් බලාපොරොත්තු වන.....(හැබැයි වෙලාවකට එපා වෙනවා... ඒ වගේ වෙලාවට පොඩ්ඩක් එයාලගෙන් අයින් වෙලා ඉඳලා එන එක අපේ ඇඟට වගේම හිතටත් හොඳයි)

 

මේ කරුණු 5ට අඳාලව ක්‍රියාකාරකම් හදද්දී එක් එක් දරුවගේ සන්නිවේදන මට්ටම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.. ඒ ගැන ඉගෙන ගන්න වෙනම විදිහක් මේ ආයතන ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස්සු විදිහට අපි එකිනෙකාගෙන් දැනුම හුවමාරු කරගැනීම කියන  හැකියාව  පදනම් කරගෙන. ඉතින් අදින් මේ ඉගැන්නුම් ක්‍රම ගැන ලියලා ඉවරයි වගේම මේ ලිපි පෙළ තමයි මම ලියන අවසාන දිඟු ලිපි පෙළ.....

 

    1 ලිපිය                 2 ලිපිය              3 ලිපිය          4 ලිපිය            5 ලිපිය 



ප.ලි : ඔස්ට්‍රේලියානු සමාජය මට කාන්තාරයක හම්බුන ක්ෂේම භුමියක් ඒ ඒ පුද්ගලයට ආවේණිකව පාඩුවේ ඉන්න දෙන.. (මට විතරක් නෙමේ කාට උනත්). මගේ තියන දුර්වලකම් අභිබවා  පුංචි කාලේ ඉඳලා කරන්න ඕන උනු දේවල් කරන්න ලැබුනු... මෙහෙත් ඉන්නවා මං වෙනුවෙන් ඉණිමගේ ඉහළට ඉණි බැඳපු අය.. එකම වෙනස ඒ අය මං ගැන කිසි දෙයක් නොදන්න අය.. ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි මට හිමි තැන ලබාගන්න මගේ පිටිපස්සෙන් හිටපු අය....මම මේ රටට කල දෙයක් නැහැ.. මේ මිනිසුන්ට කල දෙයක් නැහැ.. ඒත් මනුස්සකම අතින් මේ රට සහ එහි මිනිසුන් ගැන කියන්න මට වචන නැහැ.....

 

4 comments:

  1. ඔබේ ලිපි මාලාව හරිම වැදගත් , මේ විෂය ගැන අධ්‍යයනය කරන්නෙකුට ලොකු “සමපතක්“ වනවා නිසැකයි.
    ඔබේ පසු සටහන , මගේ හිතගත්තා , ඒ එහි එක් වචනයක් පමණක් වෙනස් කිරීමෙන් , මටත් පුර්ණව අදාල වන නිසා . දුන් චවනයකට පවා “පොලියක්“ අපේකෂා කරන මිනිසුන් අතරේ “ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන“ සමාජයකට ඇතුළු වන්නට ලැබීමම වාසනාවක් ! . ස්තුතියි සටහන වෙනුවෙන් වූ වෙහෙසට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්.. ඔබ වෙනස් කල වචනය මගේ ජීවිතයටත් අඳාලයි.. එක් කෙනෙකුට ඇරෙන්න...ඒ වගේ තව කීපදෙනෙක්ගෙ සෙවනැලි මට පේනවා.. හරියට කියන්න තාම කල් මදී...

      Delete
  2. //ඔස්ට්‍රේලියානු සමාජය මට කාන්තාරයක හම්බුන ක්ෂේම භුමියක් ඒ ඒ පුද්ගලයට ආවේණිකව පාඩුවේ ඉන්න දෙන.. (මට විතරක් නෙමේ කාට උනත්)//


    ඒ හේතුවම ඈති මිනිසුන්ට හිතේ සහනයෙන් ඉන්න.
    මේ අවස්තාවෙන් වෑඩිම ප්‍රයොජනය ගන්නෙ ලමා කාලයේදි නිසි මග පෙන්වීමක් ගෙදරින් ලෑබූ දරුවන්....

    නිම්නිගෙ ලිපි වල තියෙන දරුවන්ට අහුම්කන් දී දරුවන් සමග ගෑවසෙන ඉඩ වෑඩිකර ගත් දෙමාපියො මෙලොවදීම දිව්යලොකෙ ඉන්න වාසනාව ලබනව මහලු උනාම.....

    මට මේ ලිපි කියවනකොට ගුරුවරුන් උන මගෙ දෙමාපියන් ගෑන පුදුම සතුටක් දෑනෙනවා...තාමත් අපි කියන දේවල් අහගෙන ඉදල මගෙ පුතාටත් නිවෑරදි පාර ආදරයෙන් ඉවසීමෙන් කියල දෙන හෑටි දෑක්කාම මට හිතෙනව ඉවසිලිවන්තව අනුන්ව අහගෙන ඉදල මොන තරම් දෙයක් ලොකෙට කරන්න පුලුවන්ද කියලා.....

    නදී අක්කා


    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...