Tuesday, July 5, 2016

හැසිරිම් සහ ඔබ කවුද - දෙවෙනි කොටස

මම පහුගිය ලිපියෙන් පැහැදිලි කලා හැසිරිමක් ගොඩනැඟෙන්න ඕන කරන පියවර වල පළවෙනි පියවර විදිහට අපිට දැනෙන ක්‍රම ගැන. "SENSE" ගැන මෙතනින් ආයෙත් කියවන්න පුලුවන්.


අද මං මේ පිරමිඩයේ ඊලඟ පියවර "FEEL", "හැඟිම් දැනීම්" ගැන තමයි කතා කරන්න යන්නේ. කලින් ලිපියේ පැහැදිලි කලානේ "SENSE" හරහා අපිට ලැබුනු "දැනීම්"  අනුව කොහොමද මොළය  අවට පරිසරයේ තොරතුරු එකතු කර ගන්නේ කියල. අද බලමු ඒ එකතු කරගත්ත තොරතුරුවලට මොකද වෙන්නේ කියලා. මෙතන්දි මුලින් මම  මොළයේ ක්‍රියාකාරිත්වය සරලව පහත රූප සටහනෙන් පැහැදිලි කරන්නම්.




මේ රූපසටහනේ අපෙ මොළයේ තියන ප්‍රධාන කොටස් දෙකක් ගැන කියවෙනවා.  ඒ තමයි  " EMOTIONAL BRAIN " ( Limbic System ) සහ  "THINKING BRAIN" ( Cortex System). මේ  "EMOTIONAL BRAIN"  එකෙත් තව ප්‍රධාන කොටස් දෙකක් තියනවා,    "THALAMUS" (දැනීම් එකතු කරන්නා) සහ "AMYGDALA"  (ආරක්ෂක හැඟිම් පාලක) කියල. මේ "THALAMUS " තමයි අපි අර කලින් ලිපියේ කතා කල "SENSE" හරහා ලැබුනු දැනිම් වලින් අවට තොරතුරු එක් රැස් කරන්නේ.  "AMYGDALA"  තමයි ලැබුනු තොරතුරු අනූව මොන විදිහේ (හැඟිම් වලට අදාලව)  ආරක්ෂක ප්‍රතිචාරයක් ද බාහිරින් පේන්න  දක්වන්න ඕන කියල තීරණය කරන්නේ. මේ " AMYGDALA" කියන ප්‍රදේශයේ පොඩි කොන්ඩ කැවුමක් වගේ ඉස්සිලා තියෙන්න  ඇඳලා තියෙන්නෙ   "AMYGDALA" වේ අපේ පෙර මතකය තැන්පත් වෙලා  තියන බව නිරූපණය කරන්න. ඒ මතකයත් බොහෝ වැදගත් මේ තිරණ හරියට ඉක්මනින් ගන්න..


අපි හිතමු අපි දැන් ඉන්නේ මුහුද මැද බෝට්ටුවක කියලා.. අපි බැංකොක් වලදි දූපත් ට්‍රිප් එක ගියාම එක දූපතකින් අනිත් දුපතකට යන්න හබල් ගාන බෝට්ටු භාවිතා කලා.. එතනදි මූද හරහා යද්දි රළ පහර ඒ තරන් දරුණු නැති උනත් බය හිතුනා.. ඒ නිසයි මම මෙතන්දි මේ උදාහරණය ගත්තේ... දැන් මේ විදිහට බෝට්ටුවෙ යන කොට ඈතින් ලස්සනට පේනවා තවත් සුදුම සුදු වැල්ලක් තියන දූපතක්.. දැන් ඔය දූපතට පුලුවන් තරන් ඉක්මනින් යන්න තමයි  කට්ටියම බොහොම විනෝදෙන් හබල් ගාන්නේ.. ඒ අතරේ බෝට්ටුවෙ ඉන්න කෙනෙක් දකිනවා කියල හිතමු මෝරෙක්.. දැන් හතර වටින් තියෙන්නෙ මුහුද.. පැනලා යන්න බැ.. ඊලඟ දුපත පේන්නෙත් තව ඈතින්.. මේ වගේ වෙලාවක කොහොමද අපේ මොළය වැඩ කරන්නෙ කියලා බලමු..



ඉහත රූපසටහනේ අංක 1න් දැක්වෙන්නේ මේ අවස්ථාව...එතන්දි අපි කලින් ලිපියේ කතා කල හැම "SENSE" වර්ගයකින්ම එකතු කර ගත්ත,  අවට පරිසරයේ සිදුවු වෙනසේ  "දැනිම්"  මොළයේ "THALAMUS" කියන ප්‍රදේශය එකතු කර ගන්නව හැකි ඉක්මනින්.. ඊට පස්සෙ පණිවිඩ දෙකක් "THALAMUS" (දැනීම් එකතු කරන්නා)    මොළයේ ප්‍රදේශ දෙකක් එක්ක හුවමාරු කර ගන්නවා.. මින් එක් පණිවිඩයක් හරිම ඉක්මනින් කෙරෙනවා. අංක 2න් දැක්වෙන්නේ එම පණිවිඩය. එය තමයි  "AMYGDALA"  (ආරක්ෂක හැඟිම් පාලක) කියන ලැබුනු තොරතුරු අනූව  කලබල විය යුතු  දෙයක් ද නැද්ද කියලා  තීරණය කරන ප්‍රදේශයට. අනිත් පණිවිඩය හිමින් මොළයේ  "THINKING"  (හිතන) ප්‍රදේශයට යවනවා. එය දැක්වෙන්නේ අංක් 3න්.

අමුතුවෙන් කියන්න ඕන නැනේ මේ වගේ වෙලාවක අපිට දැනෙන්නේ ලොකු බයක්.. ලොකු කලබල වීමක්. ඒ මේ පිටතින් ලැබුනු දැනිම් වලින් එකතු කල තොරතුරු වලින් සන්නද්ධව "THALAMUS " (දැනීම් එකතු කරන්නා)  එවපු පණිවිඩය අනූව  "AMYGDALA" (ආරක්ෂක හැඟිම් පාලක ) තිරණය කරනවා අපි මීට ඉහත ඉගෙන ගෙන තියන දැනුමත් භාවිත කරලා මෝරෙක් කියන්නේ කලබල විය යුතු ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු සිදුවීමක් වෙලා කියන එක. නිකමට හිතන්න මෝරෙක් කියන්නේ කලබල විය යුතු මතකයක් විදිහට අපේ  මොළයේ තැන්පත් වෙලා තිබ්බෙ නැත්නම් මේ තිරණයට වඩා වෙනස් තීරණයක් තමයි "AMYGDALA" අපිට මේ වෙලාවේ දෙන්නේ..
 

ඒ තීරණයත් එක්කම "AMYGDALA" (ආරක්ෂක හැඟිම් පාලක) මොළයෙ "THINKING" (හිතන) ප්‍රදේශයේ හතර අතට ඉතාම වේගෙන් පණිවිඩ යවනවා ඉක්මනින් ක්‍රියාකාරි විය යුතු සිදුවිමක් අප අවට පරිසරයේ සිදු වෙලා කියන දේ වටහා ගන්න..අංක 4න් දැක්වෙන්නේ ඒ පණිවිඩය. ආරක්ෂා විමේ ක්‍රියාවලිය ආරම්භ විම ඇරඹෙන්නෙ එතනින්.  අපේ ඇඟට දාඩිය දානව. ඇස් ලොකු වෙනවා, හාර්ට් එක බීට් රූට් එකක් වගේ රතු පාට වෙලා ගැහෙන  වේගය වැඩි වෙනවා, අත පය වල චලයන් වේගවත් වෙනවා. කැ ගැහෙනවා... මේ හැම ක්‍රියාවකටම වග කියන්න ඔනේ "AMYGDALA" (ආරක්ෂක හැඟිම් පාලක)  වලිගේ ගිනි ගත්ත වඳුරෙක් වගේ හැසිරෙන එක..එහෙම ඉගෙන ගත්තම අපිට පුද්ගලයට අදාල කර නොගෙන (අදාල නැනේ ) තවත් එක් ක්‍රියාදාමයක් විදිහට දකින්න ලේසියි. එතකොට මේ "හැසිරිම්" වල මූලික අරමුණ වන පණිවිඩ හුවමාරුව වේගවත් වෙනවා, අවට ඉන්න අයට ඊලඟට කරන්න ඕන දේ තේරුන් ගන්න. කෙනෙක් බය වෙලා කියල අපිට තේරුනත් ඊලඟට මොකද්ද කරන්න ඕන කියන එක සමහර අයට හිතන්න ටිකක් වෙලා යනවා, ඒ වෙලාව අඩු කර ගන්න පුලුවන් මොළය ඇතුලේ වෙන්නේ මොකද්ද, මේ "හැසිරිම්" වලින් කියන්නේ මොකද්ද  කියල හරියට දැනුවත් උනාම.

අපි මොළයේ "EMOTIONAL"  (හැඟීම්) ප්‍රදේශය භාවිතා කරන ප්‍රමාණය වැඩි වෙන කොට මොළයේ "THINKING" (හිතන) ප්‍රදේශයේ ක්‍රියකාරිත්වය අඩු වෙනවා.. මේ නිසා මේ වගේ සිදුවිම් වලදි හරි වැදගත් වටහා ගන්න එක, කලබල වීමක් මොළය විසින් ඇති කරන්නේ අපිට සහ අවට ඉන්න අයට ක්‍රියාකාරි වෙන්න පහසු කරන්න  මිසක් "හැඟීම්" වලට යට වෙන්න නෙමේ... ඒ නිසා ඒ හැඟිම් අපි  අඳුර ගෙන දැනුවත්ව සිහියෙන්  මොළයෙ "THINKING" (හිතන)  ප්‍රදේශයට ක්‍රියාකාරි වෙන්න ඉඩ හදලා දෙන දෙන්න ඕන හිතා මතා "හැඟීම්"පාලනය කරගෙන..

මෙතන්දි ඉක්මනින්  "THALAMUS" (දැනීම් එකතු කරන්නා) , "AMYGDALA"  (ආරක්ෂක හැඟිම් පාලකට) පණිවිඩ යවන්නේ අපිත් අපි අවට ඉන්න අයටත්  අවදානම අඩුම කාලයක්දි  වටහා ගන්න,ආරක්ෂා විය යුතු තැනක් ඇවිත් කියලා ඉක්මනින් වටහා ගන්න ඕන කරන බාහිර උත්තේජන ඇති කරන්න. හැබැයි ඒ නිසා ඇතිවන අපේ සමහර අධික්‍රියාකරිත්වයන් (කැ ගැසිම, ඇඬිම)  පාලනය කර ගන්න තරමට ආරක්ෂක ක්‍රියාමර්ග ගන්න ඕනෙ වෙන දෙවෙනි පණිඩය හදල දෙන ක්‍රියාවලිය පටන් ගැන්ම ඉක්මන්  වෙනවා... මේ දෙවනි පණිවිඩය හිමින් යන්නත් ඒක එක හේතුවක්...හැඟිම් පාලනය ලේසි නැ...

(මට මෙතනදි මතක් උනා ළමයෙක් වැටිල ඔලුවෙන් හරි කොහෙන් හරි ලේ එද්දි අඬන ඕනවට වඩා කලබල වෙන අම්ම කෙනෙකුගෙයි , ලේ දැකලා ඊලඟට කරන්න ඕනේ අයිස් තියන එක වගේ දෙයක් කියන එක තීරණය කරන අම්ම කෙනෙකුගෙයි මොළයේ වෙනස.. බොහෝ විට දෙවනි අම්මා අත්දැකිම් ඇති කෙනෙක්.. ඇගේ මොළයට පහසුයි හැඟිම් කොටසෙන් දෙන ආරක්ෂාකාරි විය යුතු ක්‍රියාවලිය අඳුරගෙන ඊලඟට කරන්න ඕනේ දේ ඉක්මනින් කරන්න. )

දැන් අපි ආපහු බෝට්ටුවට එමු.. මෝරා මේකේ හිටපු මිනිස්සුන්ව කැවද දන්නෙත් නැ මොළය මෝරව දැක්කම කරන දේවල් ලියන අතරේ... දැන් මේ මොළයේ සිදු වු ක්‍රියාවලිය නිසා බොට්ටුවේ කට්ටිය දන්නවා හැකි ඉක්මනින් මොකක් හරි කරන්න ඕනේ ඇත පේන දුපතට යන්න කියන එක.  මෙතන ඉන්න අයගෙන් "EMOTIONAL"  (හැඟීම්)   පාලනය වඩාත් සාර්ථක ලෙස කරන්න පුලුවන් කෙනා මොළය දුන්නු පණිවිඩය ඉක්මනින් තේරුන් අරන් කියනවා "ඉක්මනින් හබල් ගාමු" , "ඉක්මන්ට දුපතට යමු " කියලා. ඒ ක්‍රියාවලිය අපිට හදලා දෙන්නෙ මොළයේ "THINKING"  (හිතන) කොටසට   "THALAMUS"  (දැනීම් එකතු කරන්නා)   හිමින් ගෙන ගිය පණිවිඩය. ඉතින් අපි අර කලබලය අස්සේම හාර්ට් බීට්  වැඩි වෙද්දිම, ඇස් ලොකු වෙලා තියෙද්දිම, අත් වලට දාඩිය දාද්දිම හබල් ගාන වේගය වැඩි කරනවා. එක්කෙනෙක් කලාට පස්සේ අනිත් අයට අනුකරණය කරන්න පහසුයි දැනටමත් මොළය කරන්න ඕන දේ හදල දිලා තියන නිසා.

මෙතනදි මම ඇතින් තව දුපතක් පේන එක සඳහන් කලේ මොළය අපේ ඇස් හරහා "දැනිමක්" ලබාගෙන තියෙන්නෙ දූපතක් තියනවා  යා හැකි දුරක කියන තොරතුර..ඉතින් මෝරාගෙන් බේරෙන්න ඒ දුපතට ගියා නම් හරි කියන එක මොළයේ "THINKING"  (හිතන) ප්‍රදේශය තිරණය කරනවාත් එක්කම පුලුවන් තරන් ඉක්මනින් හබල් ගැම කලොත් බේරෙන්න පුලුවන් කියන පණිවිඩය අපිට හැකි ඉක්මනින් ලබා දෙනවා.

ඔන්න ඔය ක්‍රියාවලිය තමයි පිරමිඩයේ "FEEL" කියන  කොටසින් සිද්ධ වෙන්නේ..ඒ ඒ සිදුවිම අනුව අඩු වැඩි විම් සිදුවෙන අතරෙම.. උදාහරණයකට ඉස්කොලේ යන කාලේ  ඇතින්  සැර ගුරුවරයෙක් එනවා දකිනකොට වෙන්නෙත් මේ වගේ ක්‍රියාවලියක් තමයි. වඩාත් විමසිලිවන්ත "දැනිම්" පද්ධතිය හිමි කෙනා නායකයා වෙනවා නිතරඟයෙන්.. මෙතන්දි අපි තේරුන් ගන්න ඕන වැදගත් දෙය තමයි , අපිට දැනෙන "හැඟීම්" නිසිලෙස පාලනය කර ගන්න පුරුදු විමෙන් තමයි ඊලඟ පියවර වෙන  අලුතින් ඉගෙන ගන්න , ඉගෙන ගත්ත දේවල් හොඳින් මතක තියාගෙන භාවිතා කරන්න තියන හැකියාව වැඩි වෙන්නේ.

ගොඩක් සංවේදි හැඟිම් පාලනය කර ගන්න අමාරු කෙනෙකුගේ "AMYGDALA" (ආරක්ෂක හැඟිම් පාලක)  යවපු  පණිවිඩ වල ක්‍රියාකාරි වෙලාව වැඩියි, "THALAMUS"  (දැනීම් එකතු කරන්නා) මොළයේ හිතන ප්‍රදේශයට හිමින් යවපු පණිවිඩය ක්‍රියාකාරි විමට යන කාලයටත් වඩා. එවිට එවැනි අයට අවස්තානුකූලව "හැඟීම්" පාලනය කරගෙන ඉක්මනින් හිතලා වැඩ කරන බැහැ හදිසි වෙනසකදි. මොකද "AMYGDALA" (ආරක්ෂක හැඟිම් පාලක) තමන් යවපු පණිවිඩ වල ක්‍රියාකාරිත්වය අඩු කරන්නේ  ආපහු "THALAMUS" (දැනීම් එකතු කරන්නා) අවට පරිසරයෙන් SENSE හරහා ලබා ගත්ත දත්ත එකතු කර විශ්ලේෂනය කරලා දෙන පණිවිඩ වලින් නිසා.  ඉතින් ඉක්මනින් අන්තරාකාරි උවදුර සමථයකට පත් උනේ නැත්නම් දිගින් දිගටම අපි කලින් ලිපියේ කතා කල සැම SENSE වර්ගයක්ම තමන්ගේ රාජකාරිය අකුරටම සිදු කරමින්  අවට තොරතුරු මොළයට සම්ප්‍රේශනය කරනවා... ඒක හරියට චක්‍රයක් වගේ..

ඒ වගේම මේ වැඩියෙන් සංවේදි අයගේ "THINKING"  (හිතන) මොළයත් බොහෝ විට අනිත් අයට වඩා ක්‍රියාකාරි. ඉතින් එයාලා ඉගෙන ගත්තොත් හැඟිම් පාලනය කරගෙන සන්සුන්ව  පරිසරයේ ඇතිවන වෙනස්කම් වලට  මූණ දෙන්න අනිත් අයටත් වඩා දස්කම් පාන්න පුලුවන් ජීවිතේ.. පොඩි කාලේ නිතරම අනිත් ලමයි අඬන්නේ නැති දේවල් වලටත් අඬන කලබල කරන දරුවන්ට මඟ පෙන්නුවොත් තමන්ගේ හැඟිම් තමන් ඇතුලේ කොහොමද පාලනය කරගෙන සන්සුන් වෙන්නේ කියලා එයාලට පහසුවක් වේවි ඉගෙන ගන්න, ජිවිතේට සැහැල්ලුවෙන් මූණ දෙන්න..

"AMYGDALA", මොළයේ හැඟිම් පාලකය නිකුත් කරන පණිවිඩ අඳුරගෙන එය පාලනය කරගෙන "THALAMUS" (දැනීම් එකතු කරන්නා)  "THINKING"  (හිතන) මොළයට යවපු පණිවිඩයට අනූව  හරියාකරව ක්‍රියාත්මක වෙන්න මුල් වුනු අය තමයි කරදරයකදි අපිව බේර ගන්නේ. මේ හැකියාව ඒ වගේ අවස්ථාවනට මුහුණ දීමෙන් මිසක් වැඩි දියුණු කර ගන්න බැහැ. ඒක තමයි අපි ගොඩක් වෙලාවට කියන්නේ  බය දෙයක් එක පාරක් කලාම බය ඇරෙනවා කියලා.. මොළය හුරු වෙනවා කොහොමද අපිව බේර ගන්නේ කියන එකට. ඒ අතින් මොළය කියන්නෙ හරිම පුදුමාකාර අවයවයක්.. ඒ නිසා බය නැතුව අවදානම් තීරණ ජීවිතේ ගන්න. එක සැරයක් වැරදුනත් මොළය ඊලඟ පාර හරියට පාර පෙන්නයි යන්න දිනුම් කනුව ලඟට.  මෙතනදි මට මතක් වෙනව මගේ පියා පෙන්නලා දුන්නු පාඩමක්.. "නීති ඉගෙන ගන්න, ඒ වගේම නීති හරියාකාරව කඩල හදන හැටිත් ඉගෙන ගන්න, දඬුවම් නොලබන්න".


(බැංකොක් වල රතු කලබල තියන කාලේ මට එක දවසක් Station එකට යන්න උනා හවස 5.30 ට විතර තනියම..මාත් ඉතින් වෙනදා වගේම ගියා.. අපේ නවාතැන තිබ්බ පාරෙන් හැරිලා මහ පාරට එනකොට මම දැක්කේ සිය ගානක් තායි හමුදා හැමතැනම කලුම කලු පාටින්.. සාමාන්‍යයෙන් තායි පිරිමි දැක්කට බය හිතෙන්නේ නැ.. ඒත් ඇඟටම තද වෙන්න  කලු ඇඳුම් ඇඳලා හරි කෙලින් ශක්තිමත් විදිහට හිටපු හමුදා සේනාංක දැක්ක මට ආපහු හැරිලා ගෙදර යන්න තරන් බය හිතුනා.. හැබැයි දැන් එයාල මාව දැකල ඉවරයි.ඕන එකක් කියල මම එයාලා මැදින් ඉස්සහරට යන්න ගත්තා... මම විතරයි , කලුම කලු පාට කූඹි ගොඩක් මැද්දෙන්.. ටික දුරක් යනකොට එයාලා ඉන්න විදිහටම ඉන්නව දැක්ක  මගේ බය ඇරුනා..  ඊට අවුරුදු ගානකට පස්සේ ඔස්ට්‍රේලියාවෙදි අඩි හයකටත් වඩා උස සද්ධන්ත හැම පැත්තෙන්ම ආයුධ එල්ල ගත්ත පොලිසීයේ අය දකිද්දි මට එහෙම බය හිතුනේ නැ අර මතකය නිසා.. )

අපිට කෙනෙක් දැක්කම ආදරය කියන "හැඟිම" (EMOTIONAL BRAIN)  දැනෙන විදිහ සහ අපි "හිතන" (THINKING BRAIN)  විදිහ වෙන් කරලා තේරුන් ගන්න පුලුවන් නම් , ඒ ආදරය කියන හැඟිම දැනුනු කෙනා අපේ සිතුම් පැතුම් වලට ගැලපෙන කෙනෙක් ද කියන එක, ජිවිතේ දිගටම එකට එකතු වෙලා අරන් යන්න පුලුවන් කෙනෙක් ද කියන එක තීරණය කර ගන්න පහසුයි.. හැබැයි හැඟිම් පාලනය කර ගත්තොත් විතරයි ඒ දේ දැන ගෙනම අපිට කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න පුලුවන්...මේ දේ කරලා බැලුවොත් අපිට තේරුන් ගන්න පුලුවන් ආදරය කියන හැඟිම දැනෙන අය ගොඩක් වෙලාවට අපේ සිතුම් පැතුම් වලට ගැලපෙන අය නෙමේ... මේ ගැලපීම් දෙකම එකවිට තියන කෙනෙක් හොයා ගන්න කෙනා හරිම වාසනාවන්තයි.. ඒ වගේම ඒක හරිම අමාරුයි දෙයක් හොයාගන්න. අනිත් අයට වෙන්නේ ගැලපිම් ගැලපිම් විදිහටත් නොගැලපිම් නොගැලපිම් විදිහටත් තියාගෙන ආදරය කියන හැඟිම (දිය වෙන්න කලින් ) දැනෙන දුර දක්වා යන්න...ඊට පස්සේ...........

ආදරය කියන හැඟිම අපිට මොළය ලබාදෙන්නේ ජීවවිද්‍යාත්මකව ජීවයක් බිහි කිරීමට ගැලපීමක් ඇති කෙනෙක් ගැන..එතනින් එහාට අපි ජීවත්වන සමාජය හදලා දුන්න විදිහටයි අපි හිතන්නේ..එහෙම නැතුව නිදහස්ව අපිට හිතන්න පුලුවන් නම් අනිත් හැඟිම් වගේම ආදරයත් ඇති වි නැති වෙන එදිනෙදා ජිවීතයේ දැනෙන තවත් එක් හැඟිමක්... 

දැන් අපේ කට්ටිය පණ එපා කියලා බෝට්ටුව හබල් ගාලා කොහොම හරි දූපතට ආවා කියමුකො. මොළයේ ක්‍රියාකාරිත්වයට පින් සිද්ද වෙන්න.. ඊට පස්සේ මේ මුලුමහත් ක්‍රියාවලියම නිසා ඇති උනු ක්‍රියාකාරි වෙනස හිමින් හිමින් තමයි සාමාන්‍ය තත්වෙට හැරෙන්නේ. එකයි අපි ගොඩක් වෙලා හති අරින්නෙ, තාම බයයි කියන්නෙ..බීට් රූට් වුනු හාර්ට් එක  තාම වේගෙන් ගැහෙන්නේ, වතුර තිබහා දැනෙන්නේ. එහෙනන් දැන් කට්ටිය හති ඇර ගන්න වතුර ටිකක් එහෙම  බිලා, කියවලත් මහන්සි ඇතිනෙ...අදට පාඩම මෙතනින් අවසානයි. 




ප.ලි : අපි මේ විදිහට බෝට්ටු දෙකකින් ඈත පෙනුනු දූපතට යන්න හිතලා වෙරළේ බෝට්ටු කුලියට දෙන කෙනෙක්ගෙන් බෝට්ටු අරගෙන "Life Jacket" දාගෙන හරි අමාරුවෙන් හබල් ගානව අර පේන දුපතට යන්න. අපි මෙහෙම අමාරුවෙන් හබල් ගාගෙන ගමනෙන් 3/4 වගේ යද්දි මෙන්න සුද්දො සුද්දියෝ විතරක් නෙමේ පොඩි එවුනුත් කිසි ගානක් නැතුව පයින් මූද හරහා එනවා අපි යන පැත්තටම... බලන කොට ඒ දූපත් දෙක හරහා මුහුද ගැඹුරු නැහැ, පයින් යන්න පුලුවන්... කාට කියන්නද ,අපි ඉතින් ඉතිරි ටිකත් හබල් ගැවා..

 තුන්වන කොටස
 

22 comments:

  1. කලින් පෝස්ට් එක දැක්කට කියවන්න බැරි වුණා කියලා මතක් වුණේ මේක දැක්කම. ඉස්සෙල්ලා ඒක කියවලා එන්නම්කො

    ReplyDelete
    Replies
    1. බොහොම අගේ ඇති ලිපි පෙළක්. ගොඩක් දේ දැනගත්තා.
      Emotional ප්‍රදේශය වැඩිපුර පාවිච්චි වෙනකොට Thinking ප්‍රදේශයෙ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා කියනකොට මට මතක් වුණේ ලංකාවෙ අම්මලා සහ තාත්තලා එකම ප්‍රශ්ණයක් දිහා බැලීමෙ තියෙන වෙනස.

      අපේ පුතා එයාගෙ වයසට නොගැලපෙන තරමට හැගීම් යටපත් කරගෙන ඉන්නවා. ඒක මට වෙලාවකට ලොකු බයක්. ඒවා එලියට එන්නෙ කලාතුරකින්. පුංචිම කාලෙ පහු වුණාට පස්සෙ විශේෂම හේතුවකට ඇරෙන්න අඩලා නෑ. ඒ නිසා එයා අඩනවා කියන්නෙ මට ලොකු ෂොක් එකක්. ඔන්න බලන්න අම්මලාට ළමයි නිතර අඩන එක වගේම අඩන්නෙ නැති එකත් ගැටළුවක්

      Delete
    2. ඇත්තටම සඳ වියමින් අම්මයි තාත්තයි එකම දේ දිහා බලන්නෙ වෙනස්ව තමයි. අම්මා කෙනෙක් හැඟීම් පාලනය ඉගෙන ගන්න එක හරිම වැදගත් දරුවගේ පෞර්ශය වර්ධනයට..

      ඔයාගෙ පුතාගෙ හැඟීම් නොකියන එක අපේ  රටවල් වල දරුවො ටික ටික ලොකු වෙද්දි ඉබේ වෙන දෙයක් කියලයි මට හිතෙන්නෙ. ගොඩක් වෙලාවට පිරිමි ලමයි හැඟිම් නොකියන තැනට එන්නේ පිටතින් එයාල දකින විදිහ නිසා.. ගැනු ලමයි ඇඬුවට හැඟිම් කිව්වට පිරිමි ලමයි එහෙම කියන්නේ කරන්නේ නැනෙ ලංකාවෙ...( ලොකේ කොහෙත් ) එහෙම කලොත් අයියෝ ඔයා කොල්ලෙක්නෙ ඇයි අඬන්නේ කියලා අහනවනෙ ගොඩක් වෙලාවට.

      මගෙ මල්ලි ගත්තත් ඒ වගේ.. ඒත් එයා මාත් එක්ක හැඟිම් බෙදා ගන්නවා.. එහෙමත් නැත්නම් කවි ලියනවා..අම්මට තාත්තට යාලුවන්ට කිව්වේ නැති උනාට.. පුතාට හැඟිම් වලින් කිට්ටු උනොත් එයා එයාට දැනෙන හැඟිම් කියාවී. හැඟිම් කියන එක මදි කමක් නෙමේ කියන ආකල්පය අපි දරුවන්ට දෙන්න ඕනේ කියලයි මම හිතන්නෙ...

      නැත්නම් ලොකු වෙද්දි තමන්ගේ හැඟිම් තමන් ඇතුලෙම තියාගෙන ඉන්නවා මිසක් ලඟම අය එක්කවත් කතා කරන එක හුරු වෙන්නේ නැහැනේ..

      මේ ලඟදි මගේ අතින් පුතා කාර් එකේ ඉස්සරහ දොරට අත තියාගෙන ඉද්දි දකින්නේ නැතුව දොර මම සම්පූර්නයෙන් වහලා,දරුවා අඬන සද්දේටයි මම දැක්කේ එයා අත තියාගෙන ඉඳල තියන තැන... මම සාමාන්‍යයෙන් ඒ වගේ සිදුවිම වලින් පස්සේ පුතා එක්ක හැඟීම් ගැන කතා කරනවා.. ඒ වේලාවේ එයාට දැනුන දේ වගේම මට දැනුන දේ ගැනත්..මං උත්සහ කරනවා එහෙම අපි අපේ හැඟීම් බෙදා ගන්න එකින් අපිට ජීවිතේට මූණ දෙන්න ලේසි වෙන බව අපි තනි වෙලා නැති බව එයාට වටහල දෙන්න.. ඒ වගේම ගොඩක් රිදුනු (හිත හෝ ශරීරයේ කොතන හරි  ) වෙලාවට හග් එකක් කිස් එකක් හුවමාරු කර ගන්නත් හුරු කල නිසා මං දන්නවා එයගේ රිදිල්ලේ තරම වචන වලින් නොකිව්වට...

      Delete
    3. ඇත්තටම එයා ප්‍රකාශ නොකරන්නෙ අදහස් නෙවෙයි හැඟීම්. එයා අඩුවෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. කොයිවෙලෙත් කියවන දහසක් ප්‍රශ්ණ අහන කටකාරයෙක්.

      ඒත් මට දැනෙනවා එයා සමහර හැඟීම් ප්‍රකාශ නොකරනවා කියලා. ඔය අඬන්නෙ නැති එක ලොකු වයසෙදි නෙවෙයි බොහොම පුංචි කාලෙදි නිරීක්ෂණය කළේ. අවුරුදු දෙකෙන් විතර පස්සෙ අඬපු වාර ගාන මට මතකෙන් කියන්න පුළුවන් තරම්. ඔයා කියනවා වගේම ඔය හැඟීම් බෙදාගන්න ඕනි බව අපි එයාට කියනවා, දනවනවා. ඒත් තාම වෙනසක් නෑ.

      Delete
    4. සඳවියමන් , හැඟිම් වචන වලින් කියන එක ලේසි නැ ඒ ඒ සිදුවීමේදි දැනෙන හැඟිම අපි කියලා දුන්නේ නැත්නම්..පොඩි අය විතරක් නෙමේ... අපි උනත් කතා කරන්නේ අදහස් ගොඩක් වෙලාවට හැඟිම නෙමේ...හැඟිම් යටපත් කරගෙන අපිත් ඉන්නේ..අපි අපේ සමීපතයන් එක්ක බය නැතුව හංගන්නේ නැතුව හැඟිම් බෙදා ගත්තොත් දරුවන් හරිම ලේසියෙන් ඒක ඉගෙන ගන්නවා..බටහිර රටවලයි අපෙයි වෙනසක් එතන තියනවා සඳවියමන් මම දකින විදිහට..

      මෙන්න මේ පොත් වලින් පුලුවන් ආරම්භයක් ගන්න.. මුලින්ම අපි ඉගෙන ගන්න ඕන හැඟිමක් වචන වලින් කියන විදිහ...මීට වඩා අඩුවට මේ පොත් හොයා ගන්න පුලුවන් ටිකක් හෙව්වොත්.


      The When I'm Feeling 8 Books Collection

      The Things I Love About ... 8

      Delete
  2. කවදත් හීන දකින්නිගේ ලිපි අගෙයි. අදත් ඒ වගේමයි.
    ඇත්තටම හැගීම දැනීම නිසාම පසුතැවිලි වුනු වෙලාවලුත් නැතුවාම නොවෙයි. අත්දැකීම් ලෙසට ඒවා හරවගත්තාම සහනයක් දැනෙන්නේ. ලිපිය අගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී හැමදාම වගේ ඔයාගේ අදහස් නිම්නයේ ලියනවට.. ඒක ඇත්ත.. වෙලාවකට හැඟිම් දැනිම් දැනෙන්නේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා තමා... ඔබ කිව්වා වගේ ඒ මතකයන් අත්දැකීම් කර ගෙන ජිවීතේට මූණ දෙන කොට සැහැල්ලුවක් දැනෙනවා..

      Delete
  3. බොහොම වැදගත් නොදන්නා තොරතුරු ගොන්නක් දැනගත්ත. ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා.. ඔබ ඔබේ පියා ගැන ලිපියක ලියලා තිබුනා නේද ලඟදි.. එතනදි ඔබේ පියා කරන්නෙ මේ "Emotional Brain" එක පොඩ්ඩක් පැත්තකින් තියලා "Thinking Brain" එකින් වැඩ ගන්නවා.. හවසට ඇති වෙන්න "Emotional Brain" එකින් වැඩ ගන්නවා ආපහු මිනිසුන්ගේ හිත් එක්ක යා වෙන්න..ඒක ස්ජ්ජා කලාවක් තමන් පුරුදු කලයුතු.. ඉස්සර මිනිස්සු ලඟ ඔය කලාව තිබුනා අත්දැකීමෙන් ඇවිත්.. අපේ පරම්පරාවල් වලදි අපි ගොඩක් යොමු වෙන්නෙ පොත පතට.. හැඟිම් දැනීම් නැති.. පොත් එක්ක අවුරුදු 12- 13 ගත කරපු අපිට අපේ තාත්තලා ලඟට එන්න අමාරු අත්දැකිම් නැති ඉගැන්නුම් පද්ධතිය මං හිතන්නෙ...

      Delete
  4. කවදත් හීන දකින්නිගේ ලිපි අගෙයි.

    හෑම වචනයක්ම ජීවිතයට එකතු කර ගන්න උත්සාහ කරන්න හිතෙන.....
    හරිම වෑදගත් ලිපි දෙකක්....
    හිත ගෑන හිතන්න ගොඩාක් වෑදගත් දේ ඈතුලත් උනු....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ... සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි... මේ වෙලාවේ කියවන්නේ ක්ලැරා පොත.. :)

      Delete
  5. ජීවිතේට වැදගත් ලිපියක් චතූ.. අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි, ජීවිතේට හොඳ දෙයක් එකතු කරන්න පුලුවන් උනා නම් මට සතුටුයි...

      Delete
  6. ශා.. සෑහෙන්න වැදගත් ලිපියක්. බොහොම ස්තූතියි අපිවත් දැනුවත් කලාට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්, පුලුවන් හැමවෙලේම " Emotional Brain" එකින් දෙන පනිවිඩ "Thinking Brain" එකත් එක්ක සහයෝගෙන් එකතු වෙලා තේරුන් ගන්න උත්හස කරන්න.. එතකොට හිතෙන් හිතලා මොළෙන් වැඩ කරන හැකියාව වැඩි කර ගන්න පුලුවන්... හැමවෙලේම තමන්ගේ හෘදසාක්ෂියට එකඟව වැඩ කලාම පස්සේ පසු තැවෙන්න වෙන්නේ නැහැ.. ඒ වගේම මොළේට හිතලා වැඩ කරන්න වෙලාව දුන්නම වරදින වාර ගාන කාලෙත් එක්ක අඩු කරන්න පුලුවන්...

      Delete
  7. ලිපිය අනර්ඝයි. ඒ ගැන වැඩි දෙයක් කීමට හෝ විද්වත් කමෙන්ට් එකක් දැමීමට මගේ දැනුම මදි. ඒ නිස සෙමෑන්ටික් කරුණක් අමාරුවෙන් හොයා ගත්තා.

    //දැන් අපේ කට්ටිය පණ එපා කියලා බෝට්ටුව හබල් ගාලා කොහොම හරි දූපතට ආවා කියමුකො.//

    පන එපා නම් මෝරා ඉන්න පැත්තට එපැයි බෝට්ටුව පදින්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්. ඉයන් තමයි හැමදාම මගේ ලිපි වලට "Humor" (හාස්‍ය) එකතු කරන්නේ... මම කැමතියි ජීවීතේ බැරැරුම් දෙයක්දි උනත් කිසියම් විදිහකින් "Humor" එකතු කරන අයට පොඩි කාලේ ඉඳලා හිනා වෙල ඉන්න මම ආස නිසා..

      ඉයන් අනිද්දට (8) මගේ ජිවිතෙන් අවුරුදු 35 ක් ගෙවලා ඉවරයි..ඒ මුලු කාලෙන්ම මම වැඩියෙන්ම ඉඩ හදලා දුන්නේ හිනාවට, කඳුලට නෙමේ.. මගේ අවට ඉන්න අයටත්.. ඒත් අඬනවා නම් මූදක් පිරෙන්න තරන් අඬන්න මට හේතු තියනවා.. මම කැමතියි " Thinking Brain" එකට වැඩි ඉඩක් දෙන්න..

      Delete
  8. හීන දකින්නිගෙ උපන්දිනේ ලගයිනෙ......
    සුබම සුභ උපන් දිනයකට වේලාසනින්ම සුභ පෑතුම්...
    කොහොම හරි මටත් කේක් කෑල්ලක් එවන්න හොදේ.....

    Nadee akka

    ReplyDelete
  9. කොයි වෙලාවෙත් හිනාවෙලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඉගෙන ගත්තාම ඔහොම කලබල වෙන්න ඕන නෑ.. මම නම් හිතන්නේ භාවනාව මොළයට හොඳ එක්සයිස් එකක්...

    ඒත් ඔයා අහයි එහෙනම් මාතලන ඇයි සමහර වෙලාවට කළබල වෙන්නේ කියලා.. ඒවට කළබල නූනොත් මේ රට ලස්සන රටක් කරන්න අමාරුයි... ඒකයි තද බල නීතී රීතී පවා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන්.. කොයි වෙලෙත් හිනා වෙලා ඉන්න නම් භාවනාව හොඳ පුහුණුවක් දෙන එක නම් සම්පූර්ණ ඇත්ත..

      ඒ වගේම අපිට පේන දැනෙන දේවල් එක්ක කලබල උනේ නැත්නම් අපි මිනිස්සු නෙමේ මැෂින්.. මැෂින් වෙලා මිනිස්සු ජිවත් වෙන සමාජයක් ලස්සන කරන්න බැහැනෙ.. අපි එක එක කෙනා හිතන විදිහයි ( ආකල්ප ) ඒ ඒ සිදුවීමේ ස්වාභාවය අනූවයි කොයි තරමක් කලබල වෙලා ඉක්මනින් වැඩ කරනන ඕනෙද කියන එක තීරණය වෙනවා.

      වැදගත් වෙන්නෙ ඒ කලබල වීම එහෙමත් නැතන්ම් දැන් ක්‍රියාත්මක වුනේ නැතාන්ම් අනාගතය අඳුරු වෙයි කියල හැඟිම තේරුන් අරන් හිතලා වැඩ කරන්න තරන් සන්සුන්විම විතරයි... එහෙම නැත්නම් පුස් වෙඩිල්ලක් වගේ හරි සෝඩා බොතලේ කැඩුව වගේ හරි එහෙමත් නැත්නම් ගැහුව බෙරේකුත් නැ බෙරේ පලුවකුත් නැ වගේ තමා... හොඳට මේක පුරුදු කලාම අවට ඉන්න කෙනෙකුට අපි කලබල වෙලාද කියලා තේරුන් ගන්නත් අමරුයි.. හිත ගත දෙකම එක වගේ සංවර කර ගත්තම..අන්න එහෙම කෙනෙකුට පුලුවන් මාතලන් කියලා තියන තදබල නීති භාවිතා කරලා හිමින් සැරේ අකටයුතුකම් වලට වැට බඳින්න මං හිතන්නේ...

      අනිත් එක කලබල වීමක් මොළෙන් දැනුනේ නැත්නම් මං වගේ හරිම කම්මැලි කිසිම දෙයක් ප්ලන් කරලා කරන්න අකමැති එන දේට මූණ දෙන කැමති අයට ජිවීතේ කියන්නේ වැඩකට නැති කම්මැලි දෙයක් කියල හිතේවී.. :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...