මම පළමු ලිපියේ අන්තිමට කතා කලේ "Autism Spectrum
Disorder" හි ගමන් කරන පුද්ගලයන්ගෙන් දැකිය හැකි වෙනස්කම් ගැන. අද එතැන් සිට...
අනිත් වෙනස නම් හැසිරිමේ ඇති අසාමාන්‍යතා සහ එක් දෙයකට පමණක් විශේෂිත ලැදියාවක් දැක්වීම. බොහෝ විට එකම රටාවකට වැඩ කිරිමට කැමති මේ අයගේ වෙනස්වීම වලට මුහුණ දි හැඩගැසීමට ඇති හැකියාව ඉතාම සීමිතයි.. මේ නිසාම පවුලක් තුල සාමුහිකව වැඩක් කිරීමේදි මතුවෙන ගැටලු ඉතාම පිඩාකාරි දරුවාටත් අවට ඉන්න අයටත්.. මෙවැනි දරුවන් එක් දෙයකට අසීමිත ලෙස බැඳිමත් අන් දරුවන් සැලකිල්ලක් නොදක්වන නූල් කැලි , වයර් වැනි දැට සෙල්ලන් බඩු වලට වඩා ප්‍රිය කිරිමත්, වයසට ගැලපෙන ලෙස සෙල්ලන් බඩු වලින් සෙල්ලන් කිරිමට නොදැනිමත් නිසා ඔවුන්ගේ හැසිරිම් ඒකාකාරි ස්වාභාවයක් ගනී. බොහෝ දරුවන් සෙල්ලන් බඩු විවිධ රටා වලට තැබිමට මිස එවායින් සෙල්ලන් කිරිමට උනන්දුවක් හෝ කියල දුන්නත් තේරුන් ගැනිමට හෝ හැකියාවක් නොමැති කමින් පවුලෙන් දුරස් වු ලෙසක් දිස් විය හැකියි.. මෙවැනි දරුවන් සෙල්ලන් කිරීමේදි (අපි හිතමු කාරයක් දුන්නා කියා) සෙල්ලන් භාන්ඩයේ හැඩරුව එහි ලේබල් ගැන හෝ රෝද ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් එයින් සෙල්ලන් කිරීමට නොහැකි තත්වයකට පත් වේ. සෙල්ලන් කලත් එය බොහෝ ප්‍රාථමික ඝනයට මිස සමවයස් දරුවන් මෙන් පුළුල් පරාසයක සෙල්ලන් කිරිමට නොහැකියාවක් පෙන්නුම් කරයි.
මෙහි විශේෂය වන්නේ කුඩා කල පැවති මෙම වෙනස්කම් වැඩිහිටි වියේදිත් එලෙසින්ම පැවතිමයි නිසි ප්‍රතිකාර නොලැබුනොත්.. බොහෝවිට වැඩිහිටි අයගේ මෙම වෙනස්කම් යටපත් වී අවස්ථානූකුලව මතු වෙනු දැකිය හැකියි. මෙවැනි පුද්ගලයන් තෝරාගත් එක් අංශයක් ගැන ඇබ්බැහිවීමක් ලෙස තොරතුරු රැස් කිරිමට පෙළබෙන අතර එය සාමාන්‍ය ජීවිතයක් ගත කිරිමට තර්ජනයක් වීමට තරම් හේතුවක්ද විය හැකියි. ඒ වගෙම යම් දෙයක පූර්ණ පරාසයක් වෙනුවට කුඩා පරාසයක වැඩි විස්තර සෙවිමට දැකිමට පෙළබීමෙන් වැරදි වැටහිම් වැඩි ජීවිත ගෙවිමට ඇති සම්භාවිතව වැඩි විය හැකියි..
මෙම ගැටලුකාරි තත්වයට මුහුණ දෙන බොහෝ දරුවන්/වැඩිහිටියන් නොයෙකුත් සංවේදිතා දැනිමේ වෙනස්කම් වලින්ද පිඩා ලබනව නිරන්තරයෙන්ම ජීවිතයේ... සමහර වෙනස්කම් නිසාවෙන් ලබන වේදනාව දාරගැනීමට නොහැකි නිසාම සමහර පුද්ගලයන්ට ජීවිත කාලයම එවැනි දේට නිරාවරණය නොවි දිවි ගෙවීමට සිදුවේ. මේ අතර වැඩි වශයෙන්ම දැකිය හැක්කේ ශබ්ධයට, හිරු ආලෝකයට , නොයෙකුත් ස්පර්ශයන්ට, පාට වර්ග වලට, ආහාර වලට ඇති දැඩි අකමැත්ත වැනි දේ. මේ තත්වයෙන් පෙළෙන අය බොහෝ විට නොදන්නා බොහෝ පිරිසක් අතර ගැවසීමට කැමැත්තක් නොදක්වයි, ඔවුනට එය දැඩි අපහසුකාරි හැඟිමක් ඇති කරවන නිසාවෙන්. තමා සහ අවට අය සමඟ සුහද සම්බන්ධයක් ඇති කරගැනිමට අපහසු ගතියක් පෙන්වන මොවුන් සම්බන්ධයක් ඇති කර ගත් පසු බොහෝ විට ඒකපාර්ශවීයව වැඩ කරනු දැකිය හැකියි එකතු වී සාමුහික වෙනු වෙනුවට.
අප භාශාව භාවිත කරන්නේ අපගේ හැඟිම් අන් අයට සම්ප්‍රේශ්නය කිරිමෙන් අවබෝධාත්මක බැඳිමක් ගොඩනඟාගැනිමට වුනත් මෙවැනි පුද්ගලයන් ඒ සඳහා බොහෝ විට භාවිතා කරන්නේ තමන්ගේ හැසිරිමයි.. එය බොහෝ විට අන් අයව ඕනකමින් නොසලකා හැරිම, ගනන් නොගෙන සිටිම, අපහසුතාවයට හිතාමතා පත් කිරිම වැනි ක්‍රියාමාර්ග විය හැකියි.. මේ නිසා මෙවැනි අය සමඟ වැඩ කීරිමේදි ඉතාම පීඩනයට පත්විය හැකි සිදුවීම වලට අන් අයට මුහුණ දිමට ද සිදුවිම නොවැලැක්විය හැකි දෙයක්.
ස්වාභාවිකවම අපේ හැඟිම් දැනීම් පද්ධතිය හැඩ ගැසී ඇත්තේ අප අවට ඉන්න ඕනම කෙනෙකුගේ හැඟිමක් අපේ වගේම සන්නිවේදනය විය හැකි ආකරයකට උනත් මේ "Autism Spectrum Disorder" ඇති අයට එම හැකියාව උපතින් පිහිටන්නේ නැහැ.. ඔවුන් බොහෝ විට පොතේ ඇති ලෙස මිස තැනට ගැලපෙන හැඟිම් දැනිම් වලින් අන් අය සමඟ වැඩ කිරිමට නොදැනීමෙන් සාර්ථක තෘප්තිමත් මිනිස් සබඳතා ගොඩනඟා ගැනිමට අසමත් වෙන අතරම එය තමන්ගේ නොව අනිත් පාර්ශවයේ වරදක් බවද හැඟි යාමෙන් අවුලෙන් අවුලට පත් වෙන ස්වාභාවයක් නිරතුරු දක්නට ලැබේ.
මෙම Spectrum එකට වැටෙන අයට විශේෂිත විදි වලින් මිසක් දෙමාපියන්ගේ ආදරය, කැපවිම, විශ්වාසයවත් දැනෙන්නේ නැහැ කොයි තරම් දෙමාපියන් වෙහෙස උනත් සාමාන්‍ය විදිහට.. ඒ වගේම තමන්ගේ හැඟිම් උචිත ලෙස පැවසීමේ ගැටලුවක් ද, හැඳුනා ගැනිමේ ගැටලු වලින් ද (සමහර විට තමන්ට බඩගිනි ද නිදිමතද තිබහද කියා මෙවැනි කෙනෙකුට හරිහැටි තේරුන් ගන්න අපහසුයි) මේ නිසාම තමන්ගේ අවශ්‍යතා ඉටු නොවීමෙන් ඇතිවන ප්‍රබල මානසික කඩාවැටිම හේතුවෙන් කුඩා කල වුවද දරුණු පාලනය කලනොහැකි හැසිරීම් වරින් වර මතු විය හැකියි..
People with Autism may find hard to express their feelings. |
බොහෝ විට අප තීරණ ගනිද්දි අප අවට ඉන්නා අනිත් අයගේ හැඟිම් ගැනද නොදැනුවත්වම සලකා බැලිමක් සිදුවෙනවා.. උදාහරණයක් විදිහට අපි තේ එකක් හදනව නම් අපිත් එක්ක ඉන්න අනිත් අයටත් ඕනද කියල ඉබේම අපි අතින් ඇහෙනවා.. ඒත් මේ Spectrum එකෙ ඉන්න අයට එහෙම දැනෙන්නේ නැහැ.. ඉල්ලුවොත් අනිත් කෙනා හදල දිමක් මිස තමන් තනිව සිතා අනිත් අයගේ හැඟිම් ආශ්‍රිත අවශ්‍යතා නිසි පරිදි ඉටු කර දිමට ඇති හැකියාව ඉතාම සිමිතයි මේ අයගේ.....
බොහෝ
විට විවිධාකරයේ මොළයේ ඇති වෙනස්කම් නිසාවෙන්
මෙවැනි අයට විහිලු නොතේරෙන ගතියක්, වචන වල වක් අරුත නොවැහෙටන ගතියක්,
සම්බන්ධයක තිබෙන සාමාන්‍ය දැනුම ඉතාම සීමිත වීමත් නිසා නොයෙකුත් අනවශ්‍ය
ගැටලු ඇති වීමත් ඒවා විසඳාගැනිමට ඇති නොදැනුවත්කම නිසාත් යම්කිසි
නොගැලපීමකදි එය සමථයකට පත් කරගැනීම ඉතාම අසීරු කටයුත්තකි. කොයි තරන්
කාලයක් ආශ්‍රය කලත් කෙනෙක්ව හරිහැටි තේරුන් ගැනිමත්, කෙනෙක්ගේ හැඟිම්
ආශ්‍රිත අවශ්‍යතා හරිහැටි තෙරුන් ගැනීමත් සැබැවින්ම මෙවැනි අයට අභියෝගයක්.
මුහුණේ හැඟිම් ප්‍රකාශනය ද මෙවැනි අයගේ ඉතාම සීමිත වන අතර බොහෝ විට මුහුණ සහ ඇඟපත ඇල්මැරුනු ගතියක් දිස්වේ.. කතාවෙන් නොව හැසිරිමෙන් අදහස් ප්‍රකාශ කිරීමට පෙලබිමෙන්ද ශාරිරික අභිනය ඉතාම සිමිත බැවින්ද, මෙවැනි අයව තේරුන් ගැනිම අන් අයට ඉතාම අපහසුකාරීයක් වුනත් එය පැහැදිලි කර දිම ද ඉතාම අසීරු වනුයේ අන් අයට තමාට වඩා වෙනස් අදහස් ඇති බව තේරුන් ගත් හැකි මොළයේ කොටස් මේ අයගේ හරිහැටි නොවැඩිම නිසයි. මේ නිසා ඉගෙනීම හා සම්බන්ධව මොළයේ ඉතා ඉහළ වර්ධනයක් අන් අයට වඩා වැඩි දියුණුවක් ලැබුවත් මිනිසුන් හා එකට සුහදව වැඩ කිරිම ජිවිතයේ සෑම කලකම අසීරු කරුණකි නිසි ප්‍රතිකාර නොලැබුනොත්...
විශාල පරාසයක විහිදි ඇති මෙම වෙනස්කම් නිසාමයි මෙම ගැටලුකාරි තත්වයට "Spectrum" කියලා නම් කරලා තියෙන්නේ..
තමන් අවට ඇති දෑට නිගරු කර හෝ අවට ඉන්න අයට රිදවා හෝ අපහසුතාවයට පත්කර වින්දනයක් ලබනවාට වඩා යමක් මෙලොව ජීවිතය විඳිමට ඇති බව වටහාගැනිමට උදව් කිරීමත් එය කරන්නේ කෙසේද කියා වටහාහැනීමට ආදරයත් තේරුන් ගැනිමත් එක්වුනු මාවතක දිගටම තනි නොකර අත්නොහැර ගමන් කිරීමත් මෙවැනි ගැටලු වලින් පෙළෙන ඕනම වයස් කාණ්ඩයක කෙනෙකු වෙනුවෙන් අපට පමණක් කල හැකි කාර්යයක් වන්නේ අමතක කිරිම සහ සමාව දීම යන සංකල්පයන් මොළයේ වර්ධනය වන්නේ අපගේ මිස "Autism Spectrum Disorder" හි ගමන් කරන්නන්ගෙ නොවන බැවිනි....
එනිසාවෙන් සංවේදිවන්න ඔබට හැඟෙනවා නම් සාමාජීය ඇසුරෙහි කෙනෙකුගේ පිළිගත නොහැකි වෙනස්කම් දිගින් දිගටම දැනෙනවා නම් පෙනෙනවා නම්.. රිදවන්න එපා තවත් එවැනි අයව.. ඔවුන්ව එයින් මුදවා ගැනීමට ඔබට ධනාත්මක යමක් කල නොහැකි නම් ඈත් වෙන්න..
මම ඊලඟ ලිපියෙන් දරුවන්ගෙන් දැකිය හැකි කල්පනාකාරී විය යුතු රතු එළි ගැන ලියන්නම්.හැබැයි මේ ලක්ෂණ තිබු පමණින් කලබල වෙන්න එපා... කිසියම් සැකයක් දැනෙනවා නම් ටික කාලයක් හොඳින් දරුවාව අධ්‍යයනය කරලා ඔටිසම් ගැන දැනුවත් පළපුරුදු වෛද්‍යවරයෙක් හමුවෙලා ඔබේ අදහස් ගැන කතා කරන්න.
මේ ගැන අදහසක් ගන්න ඉදිරි ලිපි මාලාවම කියවලා ඉන්න වෙනවා. මම මීට කළින් දවසකත් අහළා තියෙනවා හීන දකින්නී මනෝ විද්‍යා උපදේශකවරියක්ද ?
ReplyDeleteජයවේවා!!!
මම මේ ගැන වැඩිදුර දැන්ම ලියන්නේ නැ දුමී..
Deleteනැ මම එහෙම කෙනෙක් නෙමේ දුමී.. ඒත් මට මනෝවෛද්‍ය ව්ද්‍යාව තරමක් දුරට ඉගෙන ගන්න වෙනවා මම තෝර ගෙන තියන විෂය නිසා..
හීන දකින්නී ලියන අකාරය තෙරුම් ගන්න පහසුයි. ගැඹුරු දෙයක් වුණත් සරළව ලියන නිසයි මම එහෙම ඇහැව්වේ. කොහොම හරි තෝරාගත් අංශය සාර්ථකව කරගැනීමට සුභපැතුම්.
Deleteජයවේවා!!!
ස්තුතියි දුමී, මම ඉගෙන ගන්න එක දෙයක් තමයි ජිවිතේ කොහොමද සරල කරගන්නේ කියන එක.. මේ තෝරාගැනීම කල විදිහ ගැන ලිපියක් මම ලියාගෙන යනවා, ඉරිදියේදි කියවන්න පුලුවන් ඒ ගැන වැඩි විස්තර.
Deleteහපොයි...මේක කියෙව්වම මමත් ඔය ස්පෙක්ට්‍රම් එකේ ලඟින්ම යනවා කියලමයි හිතෙන්නේ.....කවුන්සලින් පාරක් දාගන්න ඕනි ඉක්මනට....!
ReplyDeleteචෙෆාකී, අපි හැමෝම මේ ගැටලු අඩු වැඩි විදිහට තියන අය. එය විසඳිය යුතු ගැටලුවක් තරමට පත් වෙලාද කියලා කියන්න පුලුවන් මේ ගැන පළපුරුදු කෙනෙකුට....
Deleteදැන් පරක්කු වැඩියි නේ...ට්‍රයි කරන්න ඕනි හොඳ කෙනෙක් වෙන්න...!
Delete:) :) Never too late චෙෆාකී..
Deleteමේ වගේ ලිපියකදී අක්‍ෂර වින්‍යාසය ඉතා වැදගත් බව අමතක කරන්න එපා.
ReplyDeleteළමා මනෝවිද්‍යාව පිළිබඳව කියවා ඇති පුවත්පත් ලිපි මතක් වුණා.
හැකි තරම් නිවැරදිව ලියන්න උත්සහ කරනවා විචාරක, වැරදි දැක්කොත් අනිවාර්යයෙන් පෙන්නන්න..ළමයි හැදීම හිතන තරන්ම ලේසි නැ නේද විචාරක..
Deleteදැන්නම් මටත් මහා බයක් දැනෙනවා හීන දකින්නි
ReplyDeleteමමත් මේ රෝගි තත්වයට පත් වෙලාද කියලා
ඕකනේ දොස්තරලා වෙන්න යනවනේ කියවලා.. ඒකමයි මම මේ ගැන කලින් ලිව්වේ නැත්තේ.. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි තරන් මේ කරුණු කෙනෙක් තුල තියනවා නම් තමයි අපි හිතන්න ඕන මොකද්ද ඊලඟට කරන්නේ කියලා..
Deleteඅනිත් එක රොමා මේ වෙනස (මම පෞද්ගලිකව මෙය රෝගයක් ලෙස දකින්න කැමති නැ) උපතින් එන දෙයක්, හිටි හැටියේ හැදෙන දෙයක් නෙමේ...
දැන්නම් මටත් මහා බයක් දැනෙනවා හීන දකින්නි
ReplyDeleteමමත් මේ රෝගි තත්වයට පත් වෙලාද කියලා
හොඳ ලිපියක්. මේ ලක්ෂණ තියෙන දරුවන්ට වඩා මම දැකලා තියෙන්නේ වැඩිහිටියන්. ඉතිරි කොටසත් කියවන්න ඕනි (නිම්නයගේ කී බෝඩ් එකේ අල් මයන්න වදින්නේ නැද්ද? උදා: සෙල්ලන් , තෙරුන් D )
ReplyDeleteස්තුතියි තිලක සිත.. අපේ රටේ ගොඩක් වෙලාවට පොඩි ළමයින්ගේ මෙවැනි වෙනස්කම් දකින්නේ හුදෙක් ළමා වියේ දඟකාරකම් හරි පොඩි අයගෙ හැටි ඔහොම තමයි ලොකු වෙනකොට ඕව ඇරිලා යනවා වගෙ ආකල්පයකින්.. මේ ඝනයට වැටෙන දරුවන් ලොකු වෙන කොට තමයි ඒ වැකි වල නියම අරුත පේන්න පටන් ගන්නේ.. එතකොට නම් ටිකක් පරක්කු වැඩි...
Deleteමෙහෙත් ආසියාතික දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස්කම පෙනවා දුන්නත් පිළිගන්න ටිකක් පස්ස ගහනවා..
හි හි තිලක සිත...එහෙමනේ අපි කියන්නෙ ගෙදරදි... කීබෝඩ් එකේ T අකුර නම් කැඩිලා..
සෙල්ලං..තේරුං....:)
Deleteඔය වගේ ලම් ඉන්නවා මඩේ ඥාති සහෝදරියකටත්.
ReplyDeleteමේ ලිපිය කියෝන කොට මට මතක් වුනේම ඒ ළමයාව තමයි.
මොනා වුඅන්ත් මේ වගේ දැනුම බේද අගන්න එක බොහොම ප්‍රශංසනීය කටයුත්තක්.
ජය වේවා..
ස්තුතියි විභී..පුලුවන් විදිහට මම ඉගෙන ගන්න දේවල් අනිත් අයට බෙදලා දෙන්න මම කැමතියි..
Deleteවෙනද වගේම හීන දකින්නි ඉතාම වෑදගත් ලිපියක් ලියලා...හෑම වචනෙකම දෑනුම පිරිලා ඉතිරිලා තියෙනවා.....
ReplyDeleteනදී අක්කා
ස්තුතියි නදී අක්කේ. මේ ටිකේ දැක්කේ නැ.. කොහෙද ගිහින් හිටියේ..
Deleteමම ගියා මාව හොයන්න....
Deleteයන්තම් හම්බ උනා....
හරියට වෙනස් වෙලා....
මම අදුන ගත්තෙත් හරිම අමාරුවෙන්...
Nadee akka