තුන්වන කොටස
පසුගිය ලිපි වලින් අපි කතා කලේ "හැසිරිමක්" ගොඩනැඟෙන විදිහ පියවරෙන් පියවර මේ පිරමීඩයේ ඉහළට ගමන් කරද්දි. අපි දැන් පියවර තුනක් දන්නවා. SENSE(දැනෙන විදි) +FEEL (දැනීම්) + THINK (හිතන විදි). අද තියෙන්නේ හතරවන පියවර. LEARN "ඉගෙන ගැනීම".
මේ පීරමීඩය මේ විදිහට ගොඩනඟලා තියෙන්නේ මුලින්ම කෙනෙකුට දැනෙන ක්‍රම (SENSE) ගැන දැනුවත් වෙලා එමඟින් දැනෙන දැනීම් (FEEL) ගැන අවබෝධයක් ලබාගෙන ඒ දැනුනු දැනීම් අනූව කෙනෙක් හිතන (THINK) විදිහ තේරුන් ගත්තොත් තමයි වඩා සාර්ථකව සතුටින් ඉගෙන ගන්න හැකියාවක් ලැබෙන්නේ...මම හිතන්නේ හැමදේකම මූලික දේ වෙන්න ඕන සතුට... අසතුටින් අකමැත්තෙන් කරන දෙයකින් අන්තිමේ අපි බලාපොරොත්තු වන සතුට සැහැල්ලුව පිරි සාර්ථක ජීවිතයක් ලැබෙයි කියලා අපිට අනාවැකි කියන්න බැරි නිසා මේ ඉන්න මොහොත සතුටින් ගත කරන්න පුලුවන් දෙයක නියැලෙන එක වඩා අර්ථාන්විතයි කියලා මට හිතෙනවා...ඉතින් මේ පිරමීඩයේ පහළ තියන පියවර 3න්ම ලබාගත් තොරතුරු එක් කරගෙන අපි කොහොමද දෙයක් සතුටින් ඉගෙන ගන්නේ කියලා බලමු එහෙනම්...

මම කලින් ලිව්ව පහත ලිපි පෙළ ගොඩක් උදව් වෙවි කෙනෙකුට කෙනෙක් ගැන මේ විදිහට දැනුවත් වෙන්න.
අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - පළමු කොටස
අවුල් නොවෙන OWLing එක්ක ROCK වෙමුද ? - දෙවන කොටස


හරි දැන් අපි ආපහු පාඩටම එමුකෝ. "ඉගෙන ගන්නවා" කිව්වම මට එක පාරට මතක් උනේ අපේ පුතාට වයස අවුරුද්දක වගේ ඉඳලා එක එක දේවල් ඇඳලා කියලා දෙන පුරුද්දක් එයාගේ තාත්තට තියනවා. ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය කල නිසාමද මන්දා ඒ අතරේ ටික කාලයකට පස්සේ දවසක් තාත්තා පුතාට ඇඳලා පෙන්නලා එක එක ජ්‍යාමිතික හැඩතල. සරල එවා ඇඳල ඉවර වෙලා ටිකක් සංකිර්ණ එවත් ඇඳලා. හිතපු නැති විදිහට පුතා ඒ හැඩතල "මතක" තියාගෙන කියලා ටික කාලයකට පස්සේ අපිට තේරුනා. කොහොමද එයාගේ "මතකය" ඇති උනේ කියලා අපි බලමු පාඩම ඇතුලෙදි අද...
කෙනෙකුගේ "ඉගෙන ගැනිමේ" හැකියාව උපරිම තත්වයකට ගෙන එන්න නම් ඒ කෙනා තුල තිබෙන ඉගෙන ගන්න පුලුවන් හැකියාවන් එකින් එක මතු කර ගන්නත්, "මතක රටා" විදිහට මොළය තුල කරුණු තැන්පත් කර ගන්න උදව් කරන්නත් අවශ්‍යයි බහුවිධ දැනීම් හරහා...මේ "බහුවිධ දැනීම්" (Multi Sensory) කියලා හැඳුන්නුවේ අපි මුල් ලිපියේ කතා කල එක එක විදිහේ SENSE හරහා එකම කරුණ මොළය වෙත විවිධාකරයෙන් ගෙන යමින් මොළයේ සෛල අතර වැඩි පරිපථ ප්‍රමාණයක් පාස්සා ගැනීම එකම මතක පද්ධතියක සඳහා..

"ඉගෙන ගන්නවා" කියලා කියන්නේ මොළය, අවට පරිසරය සහ අපේ ස්නායු පද්ධතිය එක් වෙලා අලුත් දැනුම සහ විවිධ හැකියාවන් පියවරෙන් පියවර එකතු කිරිමක් කියලා සරලව කියන්න පුලුවන්. එතකොට "මතකය" කියල කියන්නේ ඒ ලබා ගත් දැනුම සහ හැකියාවන් අනාගත භාවිතය සඳහා පියවරෙන් පියවර එක් රැස් කර තබාගැනිම කියලත් ඉතාම සරලව මතක් කරන්න පුලුවන්.. යම් සිදුවීමකදි හැමවිටම එකම රටාවකට කම්පනය වන එකට ගොනු වුනු ස්නායු සෛල රැසක් විදිහට තමයි මොළය මතකය දකින්නේ."මතකය" හරියට මකුලුවෙක් පරිස්සමින් වියන දැලක් වගේ එකිනෙකට යා උනු අත්දැකිම් ගොඩකින් නිර්මිත වියමනක් වගේ. මේ වියමන බලන බලන අතින් ශක්තිමත් නම් කෙනෙකුගේ "මතකය" ඉතාම හොඳයි...වියමනේ තැනින් තැනින් මේ දැන් කැඩෙයි වගේ නම් "මතකය" දුර්වලයි, හැබැයි දුක් වෙන්න එපා "මතකය" ශක්තිමත් කරගන්න කරන්න ඕනේ අර වියමනේ දුර්වල තැන් ආයෙත් පරිස්සමින් හොයල බලල වියලා ශක්තිමත් කර ගැනිම පමණයි..
ඉතින් ඒක කරන්න කලින් අපි දැනගන්න ඕනේ කොහොමද "මතකයන්" විදිහට මොළයේ ස්නායු සෛල ගොනු හැදෙන්නේ කියන කාරණය.. ඒක තමයි පහත රූපසටහනෙන් පැහැදිලි කරන්න යන්නේ...
අපි හිතමු අපිට ඕන පොඩි ලමයෙකුට වතුර ගැන කියලා දෙන්න කියලා.. දැන් මේ A කියන රූපයේ "Initial Stimulus" (පටන් ගැන්ම) විදිහට අපි හිතමු වතුර පුරවපු විදුරුවක් අපි පෙන්නුවා කියලා, එතකොට මොළයේ අංක 1 කියන සෛලය ක්‍රියාත්මක වෙන්න ගන්නවා, ඒත් එක්කම ඒ ලඟම තියන අංක 2 කියන සෛලයත් ක්‍රියාත්මක වෙන්න ගන්නවා..මේ ක්‍රියාත්මක වීමේදි සෛල වල රසායනික වෙනසක් සිදු වෙලා සෛල වල තියන ස්පර්ශක ස්නායු (Receptors) මතුපිටට ඇවිත් ලැස්ති වෙලා ඉන්නවා බාහිර වෙනස අඳුරගන්න.. එක් වරක් මේ විදිහට සෛල වල ඇති උනු වෙනස බොහෝ විට ගොඩක් වෙලා (සමහර විට දවසක් උනත්) පවතින විදිහට අපේ මොළය හැඩ ගැහිලා තියෙන්නේ ඊලඟ සැරේටත් ආපහු වතුර දැක්කම අඳුර ගන්න පහසු වෙන්න..
අඳුර ගැනිම පහසු වෙන විට මේ අංක 1 සහ 2 අතර ක්‍රියාකාරි බැඳිම ඉක්මනින් සිදු වෙලා ශක්තිමත් බැඳිමක් සෛල දෙක අතර ඇති වෙනවා. මේ විදිහට වතුර එක ලඟ දවස් කීපයක් දරුවට පෙන්නන වාර ගනනත් වචනය ඇහෙන වාර ගනනත් වැඩි වෙන විට වතුර අඳුනාගැනිමට අවශ්‍ය කරන මොළයේ මතක සෛල අංක 1 සහ 2 අතර නොකැඩෙන දිඟු කාලීන බැඳිමක් හට ගන්නවා.. (B රූපය ) එකේ තේරුම තමයි අංක 1 සෛලය ක්‍රියාකරි වෙන ඕනම වෙලාවක අංක 2 සෛලයත් , අංක 2 සෛලය ක්‍රියාකාරී වෙන ඕනම වෙලාවක අංක 1 සෛලයත් ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා.
ඒ වගේම ඒ අවට තියන ඒ තරන් තද බැඳිමක් නැති අංක 3 වගේ සෛලත් ක්‍රියාකාරි වෙන්න පටන් ගන්නවා.(C රූපය) මේ විදිහට සෛල අතර එකිනෙක හා Back fire වෙන සුහද ක්‍රියාකරකම් වැඩි වෙනකොට ඒ "මතකයට" අඳාලව මොළයේ සෛල අතර හොඳ දිඟු කාලීන ශක්තිමත් බැඳිමක් ඇති වෙනවා..

(මේ විදිහට හදපු රොකට් අරගෙන මේසයකට හරි පුටුවකට හරි නැඟලා Count Down එකක් කරල Blast Off කියල බිමට පනින්න හරිම කැමතියි පුතා.. හැබැයි මම ඒකට ඉඩ දුන්නේ ලොකු කෙනෙක් ලඟ ඉන්නවා නම් විතරයි. මුල ඉඳන් දරුවෙකුට දෙයක් කරන්න ඕන විදිහ කියලා දුන්නම හරි ලේසියි එයාලව මෙහෙයවන්න.)
මේ තියෙන්නේ පුතාට අවුරුදු 3ක් විතර වෙනකොට එයත් එක්ක කල දේවල් වලින් කීපයක්. මේ සුදු පාට මේස් පාට කරද්දි එක එක පාට කලවම් උනාම හැදෙන පාට ගැනත් පෙන්නලා දෙන්න අවස්ථාවක් හම්බුනා. 3වෙනි රූපේ තියෙන්නේ පාට කරපු (පරණ) හාල්. (පුතාට මාස 13/14 වගේ කාලේ අපේ ගෙදරට ආපු මේ පෙට්ටිය එක එක කාලේට එක දේවල් වලින් පිරෙනවා තාමත්)
දරුවෙකුට හරි කාටහරි දෙයක් කියලා දෙන්න කලින් හිතන්න මෙන්න මේ පියවර හතර. මෙතනදි මුලින්ම 4 වෙනි පියවරෙන් පටන් ගන්න. අනිත් කෙනා වෙනස් කරනවට වඩා තමන් අනිත් කෙනාට අවශ්‍ය දේ තේරුන් අරන් වැඩ කරන එක තමයි වඩාත්ම සාර්ථක,එහෙම බැරි නම් තමන්ගේ පාඩුවේ ඉන්න එක ඇඟට ගුණයි..
1. ඇයි මේ දෙය ඉගෙන ගන්න ඕන ?
2. මේ ඉගෙන ගන්න දෙයින් ඉගෙන ගන්න කෙනාට තේරුමක් තියනවද ?
3. මේ ඉගෙන ගන්න දෙයහි සංකිර්ණකම/ගැඹුර ඉගෙන ගන්න කෙනාට ගැලපෙනවද?
4. මොනවද ඒ කෙනාට ඉගෙන ගන්න ඕන වෙලා තියෙන්නේ ?
ඊලඟට මම තුන්වන ලිපියේ සඳහන් කල "ඉගැන්නුම් පිරමීඩය" ටිකක් පැහැදිලි කරන්නම්.. එදා කිව්වා වගේම මෙහි පහත පේළි දෙකෙන් නිරූපනය වෙන්නේ පළවෙනි ලිපියේ අපි කතා කල අපිට අවට පරිසරයේ දේවල් දැනෙන විදි (SENSE) ගැන. ඊට ඉහළ පේළියේ ඉඳලා උඩට යනකන් අංක 1 සිට 15 තෙක් නම් කරලා තියන කොටු ගැන ටිකක් විස්තර කරන්නයි යන්නේ. (පිරමිඩයේ උඩට යද්දි ටිකක් පැහැදිලි මදි තමයි හැබැයි කොටු පනින්නව හෙම නෙමේ කවුරුත්.... )
අංක 1 : POSTURAL SECURITY - මේ මොකද්ද මේ කියන්නේ. අපිට අපේ ඇඟ ගැන තියන අවබෝධය, කොහේ හරි රිදෙනවා නම් රිදෙන්නේ බඩ ද, පිට ද, කකුලද, උරහිස් ද, රිදෙන්නේ පිටින් ද, ඇතුලතින් ද , ඉහළ ද , පහළ ද වගේ තමන්ගෙම ශරීර ඇතුලාන්තයේ දැනීම් ගැන හොඳ අවබෝධයක් තිබීම.
අංක 2 : AWARENESS OF TWO SIDES OF THE BODY - ශරීරයේ වම/දකුණ දෙකම එකවර භාවිතා කිරිමට ඇති හැකියාව.
අංක 3 : MOTOR PLANNING - කිසියම් වැඩක් පටන් අරගෙන අවසානය දක්වා පිලිවෙලට කිරීමට ඇති හැකියාව. හැමෝම කරල ඇති නේද බාධක දීවිමේ තරඟ. අන්න ඒ වගේ තැන් වලදි කරන්න ඕන විදිහ එක සැරයක් පෙන්නලා දුන්නම ඒ පියවර එකින් එක මතක තියාගෙන පිළිවෙලට ඉවර වෙනකන් කරන්න තියන හැකියාව තමයි මේ කියන්නේ..පොඩි ළමයින්ට මේ පිළිවෙල මතක තියාගෙන කරන්න අමාරු බව ඔයාල හැමෝම දැකල ඇතිනේ..ඒ වගේ වෙලාවට බලාගෙන ඉවසගෙන ඉන්න බැරුව අපි දරුවන්ට එක එක විදිහෙන් උදව් කරන්නත් පෙළබෙනවා ඊලඟට කරන්න ඕන දේ මතක් කරන්න..උදව් කලාට කමක් නැ හැබැයි මුණේ තියා ගන්න හිනාවක්, බැරි උනාම අපේ මුණේ නැඟෙන නොසතුට කියවන්න එයාලට හොඳට පුලුවන් නිසා...
අංක 3 : MOTOR PLANNING - කිසියම් වැඩක් පටන් අරගෙන අවසානය දක්වා පිලිවෙලට කිරීමට ඇති හැකියාව. හැමෝම කරල ඇති නේද බාධක දීවිමේ තරඟ. අන්න ඒ වගේ තැන් වලදි කරන්න ඕන විදිහ එක සැරයක් පෙන්නලා දුන්නම ඒ පියවර එකින් එක මතක තියාගෙන පිළිවෙලට ඉවර වෙනකන් කරන්න තියන හැකියාව තමයි මේ කියන්නේ..පොඩි ළමයින්ට මේ පිළිවෙල මතක තියාගෙන කරන්න අමාරු බව ඔයාල හැමෝම දැකල ඇතිනේ..ඒ වගේ වෙලාවට බලාගෙන ඉවසගෙන ඉන්න බැරුව අපි දරුවන්ට එක එක විදිහෙන් උදව් කරන්නත් පෙළබෙනවා ඊලඟට කරන්න ඕන දේ මතක් කරන්න..උදව් කලාට කමක් නැ හැබැයි මුණේ තියා ගන්න හිනාවක්, බැරි උනාම අපේ මුණේ නැඟෙන නොසතුට කියවන්න එයාලට හොඳට පුලුවන් නිසා...
අංක 4 : BODY SCHEME - ශරිර අවයව ගැන දැනුමක් අවබෝධයක් තිබීම.
අංක 5 : REFLEX MATURITY - වයසට අනූව මනස වර්ධනය වීම
අංක 6 : ABILITY TO SCREEN INPUT - සිදුවීමක වැදගත් කරුණු තෝරා බේරා ගැනිමට ඇති හැකියාව
අංක 7 : EYE-HAND COORDINATION - අත් සහ ඇස් එකට මෙහෙයවීමේ හැකියාව
අංක 8 : OCULAR MOTOR CONTROL - ඇස් වල මාංශපේශි පාලනය කිරීමේ හැකියාව
අංක 9 : POSTURAL ADJUSTMENT - ශරිරයේ පිහිටීම තැනට අඳාලව වෙනස් කරගැනීමට ඇති හැකියාව
අංක 10 : AUDITORY LANGUAGE SKILLS - කතාව සහ කතා කරන භාශාව පිළිබඳ අවබෝධය
අංක 11 : VISUAL SPATIAL PERCEPTION - අවට පරිසරයේ තොරතුරු ඇස් ඇතුලු අනිත් දැනීම් හරහා ලබාගෙන අවකාශයේ අපේ පිහිටීම පිළිබද ලබා ගන්න නිවැරදි අවබෝධය
අංක 12 : ATTENTION CENTER FUNCTIONS - වැඩ කිහිපයක් අතර අවධානය නිසි ලෙස පවත්වා ගැනිමේ හැකියාව
අංක 13 : DAILY LIVING SKILLS - තමන්ගේ එදිනෙදා අවශ්‍යතා කරගැනීමේ හැකියාව
අංක 14 : BEHAVIOR - තමන්ගේ හැසිරිම් පාලනය කරගැනීමේ හැකියාව
අංක 15 : ACADEMIC LEARNING - කියවීම, ලිවීම, ගණිතය
අංක 6 : ABILITY TO SCREEN INPUT - සිදුවීමක වැදගත් කරුණු තෝරා බේරා ගැනිමට ඇති හැකියාව
අංක 7 : EYE-HAND COORDINATION - අත් සහ ඇස් එකට මෙහෙයවීමේ හැකියාව
අංක 8 : OCULAR MOTOR CONTROL - ඇස් වල මාංශපේශි පාලනය කිරීමේ හැකියාව
අංක 9 : POSTURAL ADJUSTMENT - ශරිරයේ පිහිටීම තැනට අඳාලව වෙනස් කරගැනීමට ඇති හැකියාව
අංක 10 : AUDITORY LANGUAGE SKILLS - කතාව සහ කතා කරන භාශාව පිළිබඳ අවබෝධය
අංක 11 : VISUAL SPATIAL PERCEPTION - අවට පරිසරයේ තොරතුරු ඇස් ඇතුලු අනිත් දැනීම් හරහා ලබාගෙන අවකාශයේ අපේ පිහිටීම පිළිබද ලබා ගන්න නිවැරදි අවබෝධය
අංක 12 : ATTENTION CENTER FUNCTIONS - වැඩ කිහිපයක් අතර අවධානය නිසි ලෙස පවත්වා ගැනිමේ හැකියාව
අංක 13 : DAILY LIVING SKILLS - තමන්ගේ එදිනෙදා අවශ්‍යතා කරගැනීමේ හැකියාව
අංක 14 : BEHAVIOR - තමන්ගේ හැසිරිම් පාලනය කරගැනීමේ හැකියාව
අංක 15 : ACADEMIC LEARNING - කියවීම, ලිවීම, ගණිතය

ඔයාලත් අහලා ඇති සමහර වෙලාවට දෙමව්පියො, ගුරුවරු එහෙම කියනවා ළමයෙක්ට උගන්නන අමාරු අවස්ථාවල "හැන්දකින් අරන් පෙව්වොත් මිසක් උගන්නන නම් බැහැ" කියලා කියන.. මට මේ පහත රූපසටහන අඳිනකොට ඒක මතක් උනා.. පහත රූපයේ තියෙන්නේ ඉගෙන ගන්න/මතක තියා ගන්න ඕනම කරන අවශ්‍යතා 7ක්. මුලින්ම උගන්නන කෙනා සහ ඉගෙන ගන්න කෙනා එකට සම්බන්ධ වෙන්න ඕන. ඇහුන්කන් දෙන්න ඕන. (අපේ ගෙදර මල්ලිව එක විදිහකට තියාගෙන එක අරමුණකට යොමු කරගෙන උගන්නන එක හරිම ලේසියි, මාව ඒ වගේ එක විදිහටකට තියාගන්න එක ලේසි නැති නිසා අම්මා මට උගන්නන එක බාර දුන්නේ තාත්තට , තාත්තා මාව සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් අරන් නොයන තැන් වලට පවා අරන් යමින් කියලා දුන්නු දේවල් වලට මම තාත්තට ණයගැතියි හැමදාමත්)
ඊලඟට මම ක්‍රම 5 ක් කියලා දෙන්නම් මේ අවශ්‍යතා 7 කෙනෙකුගේ වැඩි දියුණු කර ගන්න අපිට උදව් කරන්න පුලුවන් වෙන. මෙන්න මේ ක්‍රම පහ (5) හරිම ආදරණියව හරිම ඉවසීමෙන් අවබෝධෙන් නිර්මාණශීලිව මගේ තාත්තා මං වෙනුවෙන් එක දිගටම (අප අතරින් සමු ගන්නකන්ම) එක සැරයක් වැරදුනත් කිසිම වෙලාවක මාව අධෛර්ය නොකර,අසාධාරන දේවල් වලට මුහුණ දෙන විදිහ පෙන්නමින් කල නිසා තමයි අද මම ඔයාලට මේ විදිහට ලිපි ලියන්නේ..
- LEVEL OF FUNCTIONING - ඒ ඒ වයසට/තැනට අනූව වැඩක් කිරිමට ඇති හැකියාව
- EXPECT A RESPONSE - ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටීම
- WAIT - ඉවසීම
- REPETITION,SIMPLICITY,SAMENESS - නැවත කිරිම, සරල බව,එකම විදිහට කිරීම
- THE WAY WE SPEAK - කතා කරන විදිහ , ස්වරය
මේ පියවර 5න් අන්තිම පියවර ගැන ටිකක් විස්තර සහිතව කතා කරල අදට පාඩම නවත්තනම්..


කල් යන අයටත් නැති අයටත් දෙගොල්ලන්ටම අපිට කරන්න පුලුවන් උදව් තමයි කතා කරන වේගය අඩු කිරීම, වචන වලට සංගීතය මුසු කොට කතා කිරීම, වචන වල සමහර අකුරු වැඩියෙන් බර කර ඇඳලා කතා කිරිම, වාක්‍යයක සමහර වචන වලට වැඩි බරක් දී කතා කිරිම, කතා කරන ස්වරයෙන් අවස්ථාවට ගැලපෙන හැඟිම (තරහ, දුක,සතුට) දැනෙන්න කතා කිරීම. මේ ක්‍රම මඟින් ඕනම දරුවෙක් තමන්ට ගොඩක් ලං කරගන්නත් කියන දේ අහන ගතිය වැඩි කර ගන්නත් පුලුවන්.

මං හිතන්නේ අද නම් මම ගොඩක් කරුණු ගැන කතා කල නිසා ඊලඟට අපිට කතා කරන්න තියන අවසාන පියවර වන "හැසිරිම්" ගැන මම දැන්ම ලියන්නේ නැ. ටික කලකට මේ ලිපි පෙළට සමුදෙන ගමන් මෙන්න මේ WHEEL එක ඔයාලට හිතන්න දෙයක් එක් කරයි කියලා හිතුන නිසා ඉගෙන ගැනිම වගේම ජීවිතෙත් සාර්ථක කර ගන්න අවසානයට එක් කරන්න හිතුවා. කරකැවිල්ල හදාගන්නේ නැතුව බලන්න.
දවසින් දවස පාඩම්වල ගුණාත්මක පැත්ත ඉහල යනවා, හීන දකින්නී. ඇත්තමයි වටිනාම ලිපියක්. කොහොම කියන්නද මේ වටිනාකම. තව තවත් ඔය දෑත් ශක්තිමත්....නෑ නෑ එහෙම කිව්වොත් දේශපාලනික පැත්තක් වෙන හින්දා තව තවත් වටිනා ලිපි ලියන්න ඔබේ බුද්ධියට ශක්තිය ලැබේවා.
ReplyDeleteජයවේවා!!!
බොහෝම ස්තුතියි දුමී. මම මේ වගේ ලිපි ලියලා නැ කවදාවත්. මේ පළවෙනි වතාව. ඔයාලා කියවලා ජිවිතේට දෙයක් එක් කර ගන්නවා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව මේ ලිපි ලිවීමේ.
Deleteමේ ලිපි ටික කියවල දැං මම මේ කල්පනා කරන්නෙ මම මොන වගේද් කියල.
ReplyDelete" ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද"
ඉවාන්,මං හිතනවා එහෙම හිතන්න පෙළබෙන අය ටිකක් හරි තමන්ව අඳුර ගන්නවා කියලා...
Delete""මොහොතින් මොහොතට ගෙවෙනා කාලය දැනෙනවා කාටත් එක විදියට...""
හෑමදාම නිම්නිගෙ ලිපි අපේ ජීවිත වලට හිතන්න ගොඩක් දේ එකතු කරනවා.....හරිම වටිනා ලිපියක්. මට නම් ලිපියක් නෙවේ පොතක් කියෙව්ව වගේ දෑනුනා. බොහොම ස්තූතියි ඔයාට....
ReplyDeleteNadee akka
ඇත්තටම අක්කේ මං මේ පොතක් තමයි හිමින් හිමින් පියවරෙන් පියවර ඔයලට ගෙන්නෙ සරලව.
Deleteලොකේ කොහේ උනත් මිනිස් වර්ගයා සහ මොළය ගැන වැඩිදුර ඉගෙන ගන්න එක හරිම මිල අධික වැඩක්. එත් මං මේ දේවල් ඉගෙන ගන්නේ ඇත්තටම නිකන් වගේ. ඒ නිසා පුලුවන් හැමවෙලේම ඕනම කෙනෙක්ට මං ඉගෙන ගන්න දේවල් බෙදලා දෙන්නේ ලේසියෙන් කෙනෙකුට මේ දේවල් ගැන දැනුවත් වෙන්න ඉඩක් නොලැබෙන නිසත් දැනුවත් උනොත් ගැටලු අඩු කර ගන්න පුලුවන් වෙයි කියලා මම හිතන නිසත්.
මුල ඉඳලම කියවන් ආව.. හති හොඳටම.. ෆූහ්... හැබැයි වටිනා වැදගත් ලිපි පෙලක්..
ReplyDeleteනිම්නගේ වෑයම අපතේ යන එකක් නොවෙයි... දවසක මේව එක්කරල පොතක් පළ කළොත් වටියි කියල හිතෙනව
ජයවේවා
මහේෂ් එකපාර හැම ලිපියක්ම කියෙව්වම මහන්සි තමයි. එක පාර කියෙව්ව කියන එකත් ලොකු දෙයක් අත ඇරලා දාන්නේ නැතුව. ඒ නිසාමයි මං ලිපි දෙකක් අතර වෙන වෙන ලිපිත් දැම්මේ. ලිපි එකින් එක හොඳට කල් අරන් කියවන්න.
Deleteපොතක් නේද.. දැනට නම් මගේ එහෙම අදහසක් නැ. පොතක් කියන්නේ ලොකු වගකීමක් නෙ මහේෂ්...
මට නම් paradox එකක් වගේ..
ReplyDeleteයසිත් හිමින් හිමින් එකින් එක වෙන් කර ගන්න.
Deleteපොඩි දරුවන්ගේ දැනුම වර්දනය කරන දෙමාපියන්ට කරන්න පුළුවන් ක්රියකරමං ගැන ලිපියක් ලියන්න පුලුවන්නම් වැදගත්.
ReplyDeleteමම උත්හස ගන්නම් තියන වෙලාවත් එක්ක ඒ ගැන ලියන්න. ඔබ දැනට පුලුවන් තරන් දරුවත් එක්ක ගත කරන කාලය හදා ගන්න. දරුවට ඇහුන්කන් දෙන්න, ඔබේම මනස ඔබට උදව් කරයි නිර්මාණාත්මකව හිතන්න දරුවා සතුටු කරන්න සහ මෙහයවන්න. පුලුවන් හැමවිටම ඔබට සහ පවුලට සම්බන්ධ කර ගන්න, පුංචි පුංචි වගකීම් දෙන්න, පනිවිඩ හූවමාරු කරගන්න, ආදරය නිතර දැනෙන ලෙස ජීවන රටාව හදාගන්න. දරුවගේ අපහසුතා අඳුරගන්න, ඒ අනූව ඔබ වෙනස් වෙන්න.
Delete