A Teacher takes a HAND opens a MIND & touches a HEART |
මේ බ්ලොග් අඩවියේ "දුකයි ටීච" කියන පෝස්ට් එක මාව අවුරුදු ගානක් පස්සට අරන් ගියේ එක තප්පරෙන්.. මේ පොස්ට් එකේ ඉන්න අනූ වගේ එතකොට මාත් O/L කරලා ඉවරයි..අන්තිම විභාගේ දවසේ මමත් හොර ගල් ඇහින්දා මේ වගේම...ගුරු විවේකාගාරය ලඟට වෙලා එකම එක ආදරණීය ගුරුතුමියක්ව දැක ගන්න. හරියට මින් පස්සේ කිසිම දවසක දකින්න බැරි තරන් දුරකට මම යනවා වගේ.. A/L කරන්නෙත් ඒ ඉස්කොලෙම තමයි කියලා මම දැනගෙන හිටියත් මේ දුරස් වීම මට දරා ගන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ.
සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් වෙනදා එන වෙලාවට ඇය ආවේ නැ.. තාත්තයි අම්මයි මං එනකන් එළියේ බලන් ඉන්නවා උනත් මම තව ටිකක් වෙලා පඬිපෙළ ලඟට වෙලා හිටියා ගුරු විවේකාගරය ලඟ තියන.. කොයි පැත්තෙන් ආවත් එළියට යන්න ඕන ඒ පඬි පෙළ මැදින් නිසා මගේ හිත කිව්වෙම ඇයව මට මඟ හැරිලා නැහැ. තව විනාඩි 5ක් ඉන්න කියලා.. ඒත් එහෙම ඉඳලා තේරුමක් නැ කියලා යන්න හැරෙන කොටම ඇය එනවා තවත් ගුරුවරියක් එක්ක, මට ඕන වුනේ ඇයත් එක්ක තනියම කතා කරන්න.. කියන්නේ මොනවද කියලා මම හිතලා තිබ්බේ නැති වුනත්..
ඇයත් මාව දැක්ක ගමන් ඇහුවේ "මේ මොකද යන්නේ නැද්ද අද ගෙදර..." ඒ හිනාව, කරුණාව, තේරුන් ගැනීම , ඕනම රහසක් කියන්න පුලුවන් විස්වාසය අදින් පස්සේ මට නැද්ද මිස්.. ප්‍රශ්න වැළක් හිත ඇතුලේ.. ඒ උනාට එක වචනයක් වත් පිට වුනේ නැ.. ඇයත් එක්ක හිටිය අනිත් ගුරුවරියත් දැන් බලන් ඉන්නවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා..පොඩි කාලේ ඉඳලා මට කෙනෙක්ට දෙයක් කියන්න ඕන නම් මම තෝර ගන්නේ ඒ කෙනා තනියම ඉන්න වෙලාවක්.. එහෙම නැත්නම් කාටවත් එල්ල නොවෙන විදිහකට මගෙ අදහස කියනවා තොප්පිය හරි නම් දාගන්න කියලා...හැබැයි මට තේරුනා අද මට ඒ වෙලාව ලැබෙන්නේ නැ, හිතේ තියන දේ නොකියා ගෙදර යන්නත් බැ.
" මම මිස්ට ගොඩාක් ආදරෙයි මිස්, මට දුකයි"
ගුරුවරියකගේ මතක බ්ලොගයේ "දුකයි ටීච" පෝස්ට් එකේ අනූ වගේම මමත් ඇයට යන්න දුන්නේ නැ.. එදා ඒ ඇති වුනු බැඳීම ඉස්කොලෙන් අයින් වෙලා රස්සාවට ගිහින් කසාඳ බැන්දට පස්සෙත් ඒ විදිහටම තිබ්බා..අද මම වෙන රටක හිටියත් ඇයව අමතක නැහැ..ඇය මගේ O/L ගණිත ගුරුතුමිය.. ඒ වගේම අපේ පන්තිභාර ගුරුතුමිය.. හරිම ලස්සන සිත් ඇදගන්නා සුළු හිනාවත් හරි සරල හැසීරීම් රටාවත් ඇතුලේ පුංචි ආඩම්බරේකුත් තිබ්බා ඇයගේ.. ඈ ඉගැන්නූ හැම පන්තියකම ළමයි ඇයට දැක්වුයේ පුදුම කැමැත්තක්, ආදරයක්.. ඒ නිසාම සමහර ගුරුවරියන්ගේ ඉරිසියාවත් ඇයට නොමිලේම ලැබුනා..
එදා O/L අන්තිම විභාගය දවසේ සිදුවිමෙන් පස්සේ A/L පටන් ගත්ත දවසේ ඉඳලා ඉඩ ලැබෙන හැම වෙලාවකම මම ඇයව හොයාගෙන යන එක පුරුද්දක් උනා. විවේකාගාරයේ ඇය නැත්නම් ඇය උගන්න O/L පන්ති ලඟින් යන ගමන් හොර ගල් අහුලන මාව දකින ඇය ළමයින්ට ගාණක් හදන්න දිලා එළියට එන්න පුරුදු උනා. මම ඒ විදිහට ඇයව බලන්න ගියේ නැත්නම් ඇය පුරුද්දක් කරගෙන තිබ්බා ඇගේ පන්ති වලට යන්න අපේ A/L පන්තිය හරහා.. මම එහෙම ගියේ ඇයට දෙන්න පුංචි කවියක් ලියාගෙන ඉස්ලෝකෙන් අස් වෙලා රස්සාවට යන කාලේ ඒ කවියත් එක්ක මලකුත් ඇය වෙනුවෙන් වෙන් වුනා.. ගුරු දිනේට අනිවාර්යයෙන් මගේ වරු නිවාඩුවක් ඇයට වෙන් වුනා හැමදාම.
ඇය ගුරු විවේකාගාරයේ තනියම ඉන්නවා දකින එක ඒ දවස් වල මම බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්.. ඒ වගේ දවසට ඇයත් එකක් තනි වෙන මම හිතට එන ඕනම දෙයක් ඇයත් එක්ක කියන්නේ හරිම සැහැල්ලුවෙන්.. ඇයගේ ඕනම දෙයක් මට අවසරයකින් තොරව අරගෙන බලන්න තරටම ලං වීමක් ඒ වෙනකොට ඇති වෙලා තිබුනා. ඇය මගේ දඟකරකම් දිහා බලාගෙන හිටියා මිසක් කිසි දෙයක් කිව්වෙ නැ.. ඇයගේ අත් බෑගයේ ඇති දේ පිටතට ගෙන බැලීම, දිනපොත, මුදල් පසුම්බිය ඇර බැලීම දිහාත් ඇය හිනාවක් එක්ක බලන් හිටියා.. අපේ අම්මගේ අත්බෑගයට අතවත් තියන්න අපිට දෙන්නේ නැති නිසා මම ඒ වැඩේට හරිම කැමතියි.. ඇයගේ දියණිය මගේ වසයේ, පුතා මගේ මල්ලිගෙ වයසේ.. ඇය මට ඇතුලු හැම ළමයෙකුටම හිතන්න පුරුදු කලේ තමන් කරන දේවල් තමන්ගෙම හිතෙන් විමසා හොඳ නරක තේරුන් ගෙන කරන ලෙස.. තමන් කරන දේ හොඳ හෝ නරක තමන්ටම ලැබෙන දෙයක් මිස කිසිම දවසක මේ දේ මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා ඇය මට කියලා නැ.. ඇගේ ඇසුත් පොඩ්ඩ ඇත්නම් කඳුලෙන් පිරෙන නිසා ඇය කිසිම දවසක දඬුවම කියන බෙහෙත අපි කිසි කෙනෙකුට දීලා නැහැ. ඒ වෙනුවට ඇය වෙනත් සියුම් ක්‍රම භාවිතා කලා..
පුංචි පුංචි අවවාද දෙන්න ඕන වෙලාවන් ඇය හොඳට දැනගෙන හිටියා..වාර අවසන් විභාග වල ඇයගේ උදව්වට මමත් තව මගෙ යාලුවෙකුත් සම්බන්ධ කර ගන්න එක ඇගේ පුරුද්දක් O/L කාලේ, ඒකත් මේ තරන් කිට්ටු වෙන්න හේතුවක්.. ළමයි කරන නොයෙකුත් අකටයුතුකම් අහු උනාම පෞද්ගලිකව කතා බහ කරනවා විනා ඇය කිසි දවසක වෙනත් කෙනෙකුට ඒ දේවල් දැන ගන්න ඉඩක් තිබ්බේ නැ.. ළමයෙක්ව විහිලුවට අරන් වැඩ කරනවා මම ඇයගෙන් කවදාවත් නොදැක්ක දෙයක්. මේ දිහා බලන් හිටිය මමත් හුරු උනා කෙනෙක් කරන නොකටයුතුකම් තැන තැන නොකියා ඉන්න වගේම අවශ්‍යතාවයක් නැත්නම් අදාල පුද්ගලයාටවත් නොකියා ඉන්න.. එය මට වැදගත් උනා A/L කාලේ ගුරුවරුන් එක්ක එකතු වෙලා විභාග වැඩ වලට උදව් වෙද්දි තනි තීරණ ගන්න.
පුංචි පුංචි අවවාද දෙන්න ඕන වෙලාවන් ඇය හොඳට දැනගෙන හිටියා..වාර අවසන් විභාග වල ඇයගේ උදව්වට මමත් තව මගෙ යාලුවෙකුත් සම්බන්ධ කර ගන්න එක ඇගේ පුරුද්දක් O/L කාලේ, ඒකත් මේ තරන් කිට්ටු වෙන්න හේතුවක්.. ළමයි කරන නොයෙකුත් අකටයුතුකම් අහු උනාම පෞද්ගලිකව කතා බහ කරනවා විනා ඇය කිසි දවසක වෙනත් කෙනෙකුට ඒ දේවල් දැන ගන්න ඉඩක් තිබ්බේ නැ.. ළමයෙක්ව විහිලුවට අරන් වැඩ කරනවා මම ඇයගෙන් කවදාවත් නොදැක්ක දෙයක්. මේ දිහා බලන් හිටිය මමත් හුරු උනා කෙනෙක් කරන නොකටයුතුකම් තැන තැන නොකියා ඉන්න වගේම අවශ්‍යතාවයක් නැත්නම් අදාල පුද්ගලයාටවත් නොකියා ඉන්න.. එය මට වැදගත් උනා A/L කාලේ ගුරුවරුන් එක්ක එකතු වෙලා විභාග වැඩ වලට උදව් වෙද්දි තනි තීරණ ගන්න.
නාමලේඛනයේ පැමිණිම වෙනස් කිරිම, විද්‍යාගාරයෙන් නොයෙකුත් දේ ගෙදර රැගෙන යන්නන් අතටම අහු උනාම පන්තිභාර ගුරුතුමියට විතරක් ඒ ගැන දැනුම් දෙන්න මම හුරු වුනේ මගේ ආදරණිය මිස් නිසා.. හොර වැඩක් උනත් හැම තැනම හරියට නොකොලොත් අහු වෙනවා කියන එක මේ නාමලේඛනය වෙනස් කල කෙනා නිසා මම වටහා ගත්ත තව අතුරු දෙයක්.. A/L වලට පැමිනිමේ ප්‍රතිශතයක් බලන නිසයි මේ විදිහට ඒ ළමයා ආවේ නැති දවස් ආව කියල ලකුණු කරල තියෙන්නේ. ඒත් ඒ වෙනස කරන්න ඕන තැන් ගැන අවබෝධයක් නොතිබිමෙන් හරිම ලේසියෙන් අහු උනා..
I am glad, U are always there for me when I need some1 to really guise me. |
ප. ලි. : මේ ගුරුවරියකගේ මතකය බ්ලොග් අඩවිය තුලින් ඇය සහ අනිත් ගුරුවරුන් ඒ දරුවන්ට කරන මෙහෙය හරිම වටිනා දෙයක්.. එක් මිනිසෙකුට උදව් කරන්නේ තවත් එවැනිම මිනිසෙක්..දේශපාලුවන් හැමදෙයම ඉටු කර දෙන ඉටු දේවතාවන් ලෙස බහුතරයක් දෙනා හීන දකිමින් ජීවත් වන අද සමාජයේ මේ ගුරුවරිය අපිට දෙන්නේ මහඟු ආදර්ශයක් කියා මට සිතේ....එහෙත් හිත කලකිරවන සිදුවීම්වලින් ඇයටත් ගැලවීමක් නැතැයි කියාද මට සිතේ..
පාසල් කාලය පුරාවට දෙමව්පියන් වගේ ළංවුණු බොහෝ ගුරුවරු පිරිසක් මටත් හිටියා. අදටත් මගතොටේදී දැක්කම ඔවුන් ළගට ගොස් කථා කරන්නනම් අමතක කරන්නෙම නැහැ.
ReplyDeleteමම 9 පන්තියේ ඉන්න කාලේ අපිට ඉංග්‍රීසි උගන්නපු ගුරුවරියක් හිටියා. මගේ අම්මාගේ රුවට බොහොම සමාන වූ මේ ගුරුවරිය මට බොහෝම කාරුණිකවුණා. මට කථාකලේ 'පුතා' කියා. 'අපේ ගෙදර යමු. එහෙ ඉදන් ඉස්කෝලේ එන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙනගන්නත් පුළුවන්' කියළා ඈ නිතරම මට කිව්වා. ඒත් අපේ ගෙදරින් ඊට අවස්ථාවක් ලැබුණේ නෑ. කොහොම හරි අදටත් ඒ ගුරුවරිය හමුවුණාම මම එදා නොගිය එකගැන ඈ මතක් කරමින් තමයි කථා කරන්නේ. ඉතින් මේ ලිපිය කියවද්දී මට අතීතය මතක්වුණා හීන දකින්නී.
ස්තූතුයි ලිව්වාට.
ජයවේවා!!!
අද දුමීට හිතෙනවද ඒ ගුරුතුමි එක්ක ගියා නම් හොඳයි කියලා :).. ඔව් දුමී පාසැල් කාලේ ලං වුන ගුරුවරු/ගුරුවරියන් අපිට අමතක වෙන්නේ නැ..
Deleteළොකු පසුතැවීමක් නැහැ. ඒත් සති අන්තෙකවත් ඔවුන්ව බලන්න ගියානම් හොදයි කියළා දැන් හිතෙනවා. ඒත්...... හීන දකින්නී මේ පෝස්ටුවෙන් මාව ඇඩෙව්වා.
Deleteජයවේවා!!!
දුමීට අද උනත් සති අන්තෙ ඔවුන්ව බලන්න යන්න පුලුවන්නේ .. එත් දුමී අපි වගෙ රටෙන් පිට උන අයට එහෙම දවසක් හිතා ගන්නවත් බැනේ... ඒ නිසා දුක් වෙන්න එපා..
Deleteබොහොම සංවේදී සටහනක් නෝනා.....බොහොම අපූරුයි..බොහොමත්ම අපූරුයි...:)
ReplyDeleteබොහෝම ස්තුතියි රවී...සමහර බැඳිම් සදාකාලිකයි කියලත් වෙලාවකට මට හිතෙනවා.. ඇගෙයි මගෙයි අදහස් නොගැලපීම් පහුකාලෙක ඇති වුනත් ඒ නිසා හිතේ බැඳිම ලිහිල් වුනේ නැ..
Deleteඔබේ බ්ලොගයේ මෙවැනි සටහනක් ලියැවීම අපමණ සතුටක් නිම්නි.
ReplyDeleteමගේ ලෝකයේ වීරවරුන් හා වීරවරියන් වන ගුරු මව්පියවරුන්ගේ ලයිස්තුව මට සිහිපත් වුණා මේ සටහන කියවද්දි.
බොහෝම ස්තුතියි ප්‍රභාත්.. මම පාසැල් 4කට ගිහින් තියනවා.. හැබැයි ඒ හතරෙදිම මට ඉගෙන ගන්න හම්බුනේ ගුරුවරියන් යටතේ විතරයි. ඇත්තටම මේ වගේ සටහනක් ලියද්දි ඉගෙන ගත් හැම ගුරු මවක්ම පියෙක්ම සිහිපත් වෙනවා..ඔබව ඒ මතක සටහන් අතරට ගෙන යන්න ලැබීම මට සතුටක්..
Deleteසසෝදරා ගුණසේකර තමන්ගේ පාසල් ජීවිතයේ අත්දැකීම් ඇසුරින් ලියූ පොතක් ('ඉඩක් දෙන්න අැස් අරින්න' - සූරිය ප්‍රකාශනයක්) මම පසුගිය දවසක කියවූවා.
Deleteගුරු වෘත්තියට නිගා දුන් 'ගුරු කාන්තාවන්' දෙදෙනකු ගැන එහි සඳහන් වෙනවා.එ් පාෙත පාසල් දරුවන් වගේම, ගුරුවරුනුත්, මව්පියවරුනුත් කියවිය යුතුම පොතක්.(ඔබට පුලුවන්කමක් තිබුනොත් ගෙන්වාගෙන බලන්න.)
එවැනි 'ගුරුවරුන්' අතර 'ගුරුවරියකගේ මතකය' ලියන සහෝදරිය සිදුකරන මෙහෙවර අගයන්න වචන ප්‍රමාණවත් මදි කියා සිතෙනවා.
හොයාගන්න බලන්නම් ප්‍රභාත්, ස්තුතියි පොත ගැන කිව්වට..හැම ක්ශේත්‍රයකම ඉන්නවා මේ වගෙ නොමිනිසුන්, ඔවුන් ගැන දැනුවත් වීම හරි වැදගත් මමත් හිතන්නේ...ඒ වගේම ඒ වගේ අයගේ පසුබිම හොයලා කල්පවතින විසඳුමකට යොමු කරන එකත් වැදගත්..
Deleteහ්ම්..
ReplyDeleteමිස් මම මිස්ට ගොඩාක් ආදරෙයිx2
yela yela
මොකෝ දේශක හ්ම්...මොකද්ද මේ "yela yela" කියන්නේ....
Deleteහැක් හැක්
Deleteඅපිටත් කවද හරි ඔයවගේ ගුරුවරු වෙන්න පුළුවන්නම්......
ReplyDeleteඋත්සහ කලොත් බැරි වෙන එකක් නැහැ ඔබටත්...
Deleteඅපූරු සංවේදී සටහනක්. සමහර බැඳීම් සදාකාලිකයි.
ReplyDeleteස්තුතියි ඉවාන්.. ඔව් ඒ වගේ හිතට තදින් දැනුනු බැඳිම් වෙන් උනත් වෙනස් වෙන්නෙ නැ...
Deleteහ්ම්ම්....!!!
ReplyDeleteචෙෆ් "හ්ම්ම් !!!" කිව්වේ මේ වගේ අමතක කරන්න බැරි ඒත් හිතුනු ගමන් ලඟට ගිහින් කතා කරන්න විදිහක් නැති බැඳිම් හිතේ තියෙනවද....
Deleteජීවිතේ ඉර බහින දිහාට ලංවෙනකොට ඔවැනි බැඳීම් පාසැලෙන් පිටත ප්‍රොෆෙශනල් ලයිෆ් එකෙත් විඳිනවා...රටවල් ගානක සැරිසැරුවම එවන් බැඳීම් ඈත්වෙනවා වැඩියි...ගුරුවරු ඉන්නේ පාසැලෙන් පිටත ජීවිතේ මගේ නං..හේතුව මම ලේට් ඩිවෙලෝපර් කෙනෙක් වෙච්චි....ඕං...!
Deleteහ්ම්ම්....!!!
Deleteමගේ මව්පියන් දෙදෙනා තුළින් මං සැබෑම ගුරු භූමිකාව අත්වින්ද කෙනෙක්.. ඒ වගෙම පාසල ඇතුළෙදි යහපත් වගේම යහපත් යැයි කිව නොහැකි ගුරුවරුත් මුණ ගැහුණා.සැබෑ ගුරු භූමිකාව තේරුම්ගත් ගුරුවරු කියන්නෙ මහ පුදුමාකාර ගැහැණු-මිනිස්සු කොටසක්.පින් කරගන්න පුළුවන් හොඳම රස්සාවත් ගුරු වෘත්තිය.
ReplyDeleteඅනිත් එක හැම කෙනෙකුටම මේ වගේ ජීවිතය ඇතුළෙ එළිය දල්වාගෙන ඉන්න ගුරු තරුවක් ඉන්නවා ම තමා..
ඔබ හරි වර්ෂා, මගෙත් හිත රිදවපු ගුරු මතකත් තියනවා.. ළමයෙකුගෙන් ගරු කිරීම , ආදරය ගුරුවරයෙකුට බලෙන් ගන්න බැ. ඊට කලින් ගුරුවරියක්/ගුරුවරයෙක් විදිහට තමන්ගෙන් වෙන්න දේවල් ගොඩක් තියන බව සමහර අයට මතක් වෙන්නේ නැ..
Deleteමම ගිය පාසැල් හතරෙම "ගුරු තරු" තමයි වැඩියෙන් හම්බුනේ.. "ගුරු හොරු" හම්බුනේ අඩුවෙන්..
හරිම සංවේදී සටහනක්. අපූරුයි!
ReplyDeleteස්තුතියි හැලපේ...ජීවිතේ මට විසඳුමක් පෙන්නේ නැති කුමන හෝ ගැටලුවකට මැදි උනාම ඒ ගැන කතා කරන්න පුලුවන් කීපදෙනාගෙන් එක් අයෙක් ඇය...හැබැයි හැමෝගෙම අදහස් අහලා මම කරන්නේ මට වඩාත්ම ගැලෙපෙනවා කියලා හිතෙන දේ...
Deleteඅපූරු සටහනක් නිම්නා...
ReplyDeleteගුරුවරු කියන්නේ දරුවෙකුගේ ජීවිතය ඕනෑම අතකට වෙනස් කරන්න හැකි චරිත...
ඇත්තෙන්ම, ස්තුතියි පොකුරු වැහි...
Deleteහුඟක් සංවේදිව දැනුනා.. මතකයන් ගොඩකුත් හිතට ආවා.. හෙමිහිට ඒ ටික අකුරු කරන්නම්කෝ...
ReplyDeleteතුශානි, හරිම සතුටුයි ඔයාගේ මතකයන් අලුත් වුනා කියලා අහන්න ලැබීමත්, බලාගෙන ඉන්නම්කෝ ඔයා ඒ මතක වචන වලට පෙරළනකන්...:)
Deleteඇඩෙනවා!!! මේක කියෙව්වම මතක් උනේ බ්ලොග් රෝලේ තිබ්බත් ගුරුවරියකගේ මතකය සෑහෙන්න දවසකින් කියවන්න බැරි උනා.. ඔක්කොම තියලා ඒ ටික කියවලා එන්න ඕනි.
ReplyDeleteඇඬෙනවා තනි ඇහට ද කලණ ....ඉක්මනට කියවලා එන්නකෝ එහෙනන්...
Deleteනියම ගුරුවරියක්.
ReplyDeleteස්තුතියි ඉයන්...
Deleteමගෙ අම්මව මතක් වුණා. දැන් ඈ විදුහල්පති කෙනෙක්, කලින් ඉංග්‍රීසි භාෂාව උගන්නපු ගුරුතුමියක්. මං එයා එක්ක පාරෙ යද්දි නිම්නි, පාරෙ ඩියුටි ඉන්න දන්ඩො සයිස් පොලිස් නිලධාරියො පවා ඇවිත් අම්මට වඳිනව මං දැකල තියෙනව. අම්ම අපිට දෙන ආදරේ ලෝබ නැතුව ඊ දරුවන්ටත් බෙදල.
ReplyDeleteහලෝ... කොහෙද ගිහින් හිටියේ... ඔයාගේ අම්මා මූණදෙන ඒ සිදුවීම් හොඳම සාක්ෂියක් ගුරුවරියක් විදිහට ඇය සාර්ථක බව..ලේ. පා. හීන
Deleteගස්ලබ්බට ලැබුනු හොඳම ගුරුවරු ලැබුනෙ ගෙදරින් මයි.ඒ දෙන්නත් ගුරුවරුම වෙච්චි, සමාජයේ ඕන දෙයක් සාකච්ඡා කරගන්න තරම් හැකියාවක් තිබුනා.හැබැයි අම්ම නම් ප්‍රාථමික පංති කරන හිංදමද කොහෙදො අදටත් ගෙදරදි දෙක වසරේ තුන වසරේ එකෙක් සාරි පොටේ හංගගෙන ඉන්නවා වගේමයි සලකන්නෙ.
ReplyDeleteජයවේවා..!!
ගස්.. ගෙදරම මේ වගෙ ඕන දෙයක් කත්ව කරන්න පුලුවන් ගුරුවරු ඉන්න එක මොන තරන් දෙයක් ද..
Deleteඅම්මල ළමයි වැඩිහිටි උනාට පස්සේ ඒක ළමයට දැනෙන්න වැඩ කලා නම් තමයි හොඳ හි හි.. විශේෂයෙන් පිරිමි ළමයින්ට...