පස්වෙනි ලිපියෙන් අපි කතා කලේ දරුවන්ට එයාලගේ අදහස් විවෘතව කතා කරන්න ඒ අදහස් ආරාක්ෂාකාරිව අත්හදා බලන්න ඉඩ හදලා දෙන හැටි ගැනනේ...අද කතා කරන්න යන්නේ ඇයි එහෙම ඉඩක් හදලා දිය යුත්තේ කියලා කරුණු 5ක් යටතේ...
අපි පුංචි කාලේ ඉඳලා අද වෙනකන්ම අපේ ඕනම අදහසක් ගෙදර අපිට කතා කරන්න පුලුවන්.. මේ නිම්නය ලියන්න හේතු වුන කරුණ ගැන උනත් අපි විවෘතව කතා කලා.. හැබැයි ඒකින් මම එක දෙයක් තේරුන් ගත්තා.. සමහර දේවල් තියනවා අපේ හිත විතරක් දැන ගත්තම ඇති...
Learning Outcome 5: Children are effective communicators.
Talk to a 2 year old to understand life again... |
දරුවන් වැඩකට ඇති දෙයක් කතා කල හැකි අය. කතා කරලම බලන්න ඕන..මගේ හිත වැඩියෙන්ම ඇදිලා යන්නේ වචන වලින් කතා කරන දරුවන්ට නෙමේ... හිටපු ගමන් ඇවිත් මාව බදා ගන්න, මගේ කොණ්ඩෙත් එක්ක හුරතල් වෙන, කිසිම සද්දයක් නැතුව මගේ ලඟින් ඉඳගෙන ඉන්න දරුවන්ට.. මේ සද්ද වහලා ඉන්න අය එකපාරට අර පාපන්දු තරඟ වල තමන් කැමති අයගේ නම් කියලා රිද්මයකට කෑ ගහනවා වගේ මගේ නම රැව්නඟන වෙලාවට නම් පොඩ්ඩක් මම රවලා බලන්නේ පාලනය කරගන්න...
උපතේ ඉඳලම දරුවන්ට එයාලා අවට වෙන ගොඩක් දේවල් වලට අපි හිතනවට වඩා ප්‍රතිචාර දක්වන්න පුලුවන් අපිට පුලුවන් නම් එක එක දරුවට ඕන කරන කාලය වෙන් කරගන්න.. නැත්නම් වෙන්නේ හැඟිම් තවත් කෙනෙක්ගේ හැඟිම් එක්ක යා වෙනවා වෙනුවට ඒ දරුවගේ මොළයේ ඇතුලෙම හිර වෙන එක... මේ ආයතන වල රැකබලා ගන්න ඉන්න අයට දරුවන් කරන කියන දේවල් හැමදාම ලියන්න තියන නිසා හැම දරුවෙක් එක්කම දිගින් දිගට කතාව පවත්වා ගන්න ඕන...ඒ ඒ දරුවා මූණ දෙන්න ගැටලු වලට විසඳුම් හොයාගෙන. මේ නිසා පුංචි පුංචි ප්‍රශ්න උනත් එළියට එනවා..
5.1 Children interact verbally and non-verbally with others for a range of purposes.
දරුවන් විවිධාකාර හේතු වලට වචන ඇතුව හෝ නැතුව තමන් අවට ඉන්න එය එක්ක ගනුදෙනු කරන්න හැකියාවක් තියන අය...
මේ වචන නැතුව අපිත් එක්ක ගනුදෙනු කරන දරුවන් අතරින් මගේ හිත වැඩියෙන්ම සසල කලේ ඔටිසම් දරුවන්... 90% ක්ම ඔටිසම් දරුවන් කතා නොකරන්නේ ශාරිරීක දුර්වලතාවයකින් නෙමේ.. කතා කරනවා කියන සංකල්පය මානසිකව තේරුන් ගන්න එයාලගේ මොළයේ අවශ්‍ය පරිපථය හැදිලා නැති නිසා විතරයි... බලන්න ඉන්න හරිම දුක හිතෙන්නේ ඒ පරිපථය හදන්න විදිහක් අපි හොයා ගත්ත ගමන් මේ දරුවෝ කතා කරන බව පර්යේෂණ වලින් හොයාගෙන තියන නිසයි..
ඔස්ට්‍රේලියාවෙත් මේ විශේෂ අවශ්‍යතා තියන හැම දරුවෙක්ටම හැම පහසුකමක්ම දෙන්න හැකියාවක් නැහැ...වයස 6 සම්පුර්ණ උන දරුවන් අනිවාර්යයෙන් පාසල් යවන්න ඕන කියන නීතිය ඉදිරියේ බොහෝ දෙමාපියන් අසරණ වෙන්නේ කිසිම ශාරිරීක වෙනසක් නැති තමන්ගේ දරුවට සාමාන්‍ය දරුවන් එක්ක නැතුව විශේෂ දරුවන් ඉන්න පාසලකට යන්න රජයෙන් කරන ඉල්ලීම නිසා පහසුකම් දෙන්න තියන නොහැකියාවත් එක්ක... මේ රටෙත් ඉන්නවා සල්ලි වැහි වහින්න තියන අයයි නැති අයයි.. සල්ලි තියන අය මොන විදිහෙන් හරි තමන්ගේ දරුවට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම ගෙදරම හදලා දෙන කොට තවත් දෙමාපියන් පිරිසක් ඔස්ට්‍රේලියානු රජය එක්ක හැප්පෙන්නේ තමන්ගේ දරුවට නැතත් අනාගතයේ හරි මේ වගේ දරුවනට ලැබෙන්න ඕන පහසුකම් ලබා ගන්න..
Never give up |
ඔබේ ලිපි මාලාව හරිම වැදගත් , මේ විෂය ගැන අධ්‍යයනය කරන්නෙකුට ලොකු “සමපතක්“ වනවා නිසැකයි.
ReplyDeleteඔබේ පසු සටහන , මගේ හිතගත්තා , ඒ එහි එක් වචනයක් පමණක් වෙනස් කිරීමෙන් , මටත් පුර්ණව අදාල වන නිසා . දුන් චවනයකට පවා “පොලියක්“ අපේකෂා කරන මිනිසුන් අතරේ “ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවන“ සමාජයකට ඇතුළු වන්නට ලැබීමම වාසනාවක් ! . ස්තුතියි සටහන වෙනුවෙන් වූ වෙහෙසට.
ස්තුතියි මහේෂ්.. ඔබ වෙනස් කල වචනය මගේ ජීවිතයටත් අඳාලයි.. එක් කෙනෙකුට ඇරෙන්න...ඒ වගේ තව කීපදෙනෙක්ගෙ සෙවනැලි මට පේනවා.. හරියට කියන්න තාම කල් මදී...
Delete//ඔස්ට්‍රේලියානු සමාජය මට කාන්තාරයක හම්බුන ක්ෂේම භුමියක් ඒ ඒ පුද්ගලයට ආවේණිකව පාඩුවේ ඉන්න දෙන.. (මට විතරක් නෙමේ කාට උනත්)//
ReplyDeleteඒ හේතුවම ඈති මිනිසුන්ට හිතේ සහනයෙන් ඉන්න.
මේ අවස්තාවෙන් වෑඩිම ප්‍රයොජනය ගන්නෙ ලමා කාලයේදි නිසි මග පෙන්වීමක් ගෙදරින් ලෑබූ දරුවන්....
නිම්නිගෙ ලිපි වල තියෙන දරුවන්ට අහුම්කන් දී දරුවන් සමග ගෑවසෙන ඉඩ වෑඩිකර ගත් දෙමාපියො මෙලොවදීම දිව්යලොකෙ ඉන්න වාසනාව ලබනව මහලු උනාම.....
මට මේ ලිපි කියවනකොට ගුරුවරුන් උන මගෙ දෙමාපියන් ගෑන පුදුම සතුටක් දෑනෙනවා...තාමත් අපි කියන දේවල් අහගෙන ඉදල මගෙ පුතාටත් නිවෑරදි පාර ආදරයෙන් ඉවසීමෙන් කියල දෙන හෑටි දෑක්කාම මට හිතෙනව ඉවසිලිවන්තව අනුන්ව අහගෙන ඉදල මොන තරම් දෙයක් ලොකෙට කරන්න පුලුවන්ද කියලා.....
නදී අක්කා
ස්තුතියි අක්කේ...
Delete