දෙවෙනි ලිපියෙන් මම ලිව්වේ මේ රාමුවේ පළවෙනි ඉගැන්නුම් ක්‍රමයනේ.. අද දෙවෙනි ඉගැන්නුම් ක්‍රමය... මම පොඩි කාලේ ගොඩක් අඩු වයසින් පොත් කියවන්න පටන් ගත්තට පස්සේ මගේ මල්ලි පොත් අරන් එනවලු මගෙන් කතාව අහගන්න.. ඒ උනාට මං කියලා දෙන්නේ නැලු... මල්ලි පොතත් අරන් අඬාගෙන අම්මා ලඟට යනවලු..
ඉතින් අම්මා කියලා "පුතේ, අක්කට වඩා හොඳට ඔයාට කියවන්න පුලුවන්, තනියම පුරුදු වෙන්න" කියලා.. මම මගේ මල්ලිට උදව් කරලා නැ.. එයා අද ඉන්න තැන ඉන්නේ එයාගේ තනි මහන්සියෙන්.. හැබැයි මල්ලි මට ආපහු ගෙවන්න බැරි තරන් උදව් කරලා තියනවා. ඉතින් එයාට කවුරුහරි මොනව හරි කිව්වොත් මගේ වචන වලින් පුංචි කාලේ ඒ කිව්ව කෙනාට තුවාල කලාට මම මල්ලිට ලොකු වෙනකොට කියලා දුන්නා තමන්ගේ හිතෙන් ඒ වගේ අයව අයින් කරලා තියන හැටි... අද මගේ දඟමල්ලත් මං වගේම කවුරුත් කියලා නොදි පොත් කියවනවා... අපි එයාට පුංචි වෙනසක් කලා එයා ඉපදුන දවසේ ඉඳලා.. වෙලාවක් ලැබුනොත් මම ඒ ගැන ලියන්නම්...
ඉතින් අම්මා කියලා "පුතේ, අක්කට වඩා හොඳට ඔයාට කියවන්න පුලුවන්, තනියම පුරුදු වෙන්න" කියලා.. මම මගේ මල්ලිට උදව් කරලා නැ.. එයා අද ඉන්න තැන ඉන්නේ එයාගේ තනි මහන්සියෙන්.. හැබැයි මල්ලි මට ආපහු ගෙවන්න බැරි තරන් උදව් කරලා තියනවා. ඉතින් එයාට කවුරුහරි මොනව හරි කිව්වොත් මගේ වචන වලින් පුංචි කාලේ ඒ කිව්ව කෙනාට තුවාල කලාට මම මල්ලිට ලොකු වෙනකොට කියලා දුන්නා තමන්ගේ හිතෙන් ඒ වගේ අයව අයින් කරලා තියන හැටි... අද මගේ දඟමල්ලත් මං වගේම කවුරුත් කියලා නොදි පොත් කියවනවා... අපි එයාට පුංචි වෙනසක් කලා එයා ඉපදුන දවසේ ඉඳලා.. වෙලාවක් ලැබුනොත් මම ඒ ගැන ලියන්නම්...
Learning Outcome 2: Children are connected with and contribute to their world
උපතේ සිට දරුවන් විවිධ ක්‍රම වලට ජීවත්වීම සහ ඉගෙන ගැනීම සිදු කරන අතර තමන් අවට ඉන්න අයගෙන් ලැබෙන ප්‍රතිචාර මත ලැබෙන අත්දැකීම් වලින් තමන් උකහා ගත් දෑ ලොවට නැවත දයාද කරයි..
2.1 Children develop a sense of belonging to groups and communities and an understanding of the reciprocal rights and responsibilities necessary for active community participation.
තමන් කණඩායමකට සහ සමාජයකට අයත් බවත් එකිනෙකාගේ අයිතින් සහ වගකීම් තේරුන් ගැනීමෙන් සමාජයක ක්‍රියාකාරි සාමාජිකයන් බවට පත්වේ...
We take care of ourselves, each other, our school & our world. |
මේක තමා ලංකාවේ අඩුම.. ලොකු වෙන්න වෙන්න පුංචි කොටුවකට හිර වෙනවා මිසක් සමාජයේම කොටසක් වෙන්නේ නැහැ... ඉපදුනාට පස්සේ අධිවේගී තරඟකාරී අධ්‍යාපනයක නිරත වෙලා රස්සාවක් හොයාගෙන කසාඳ බැඳලා ගෙවල් හදලා ළමයි හදලා ළමයින්ගෙත් ළමයි හදලා මැරිලා යනවා..
තමන් සමාජ ජාලා කීපයකට අයත් විය හැකි නිදහස් ජීවියෙක් බවත් කොටු විය යුතු නැති බවත් මේ කරුණට අඳාලව හැදෙන ක්‍රියාකරකම් වලින් දරුවන්ට කියා දෙන්නේ අනිත් අයත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරන්නන් බවට පත් වීම තුලින් ගැටලු අවම කරගන්න.
2.2 Children respond to diversity with respect.
දරුවන්ට හැකියාවක් තියනවා විවිධත්වයට ගෞරවයක් ඇතුව ප්‍රතිචාර දක්වන්න.
I can wait & treat each other with respect. |
ඇත්තටම දරුවන්ට මේ හැකියාව තියනවා.. ඒ හැකියාව අනුකම්පා විරහිතව හොරා ගන්නේ සමාජයක ඉන්න මේ හැකියාව නැති වැඩිහිටියන්... හැබැයි බනින්නේ දරුවන්ට...
මෙතනදි දරුවන්ගේ උදව්වෙන් සමාජශීලී නොවන දරුවන් හැමෝම එක්ක ඉන්න හුරුකරවන්න ක්‍රියාකරකම් හැදෙනවා.. මේ එක ආයතනයක ඉන්න අවුරුදු 5ක ඉන්දියානු දැරිවියක් ඒ ආයතනයට එන ඒ වගේ සමාජශීලි නොවන දරුවන් කතා කරවලා සෙල්ලමට ගන්න හරිම දක්ෂයි..
2.3 Children become aware of fairness.
දරුවන් සාධාරණත්වය ගැන දැනුවත් අය බවට පත්වේ
අර ඉහතින් කිව්ව ඉන්දියානු දැරිය ඒ අපහසුතාවයට මූණ දෙන අනිත් දරුවා වෙනුවෙන් කතා කරන්න ඕනම වෙලාවක ඉදිරිපත් වෙනවා, වගේම හරියටම දැනගෙන මිසක් ඒ දරුවව දාල යන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා...සමහර වෙලාවට ඒ වගේ දරුවෙක් වෙනුවෙන් තමන් එක්ක ඊට කලින් හිටිය යාලුවෙක්ව තනි කරලා දාන්නත් මේ දරුවෝ පෙළබෙනවා වෙලාවකට..
2.4 Children become socially responsible and show respect for the environment.
දරුවන් සමාජීය වගකීමක් ඇත්තවුන් සහ පරිසරයට ගරුකරන්නන් බවට පත්වේ..
මේ දේ ළමා කල ඉගෙන ගත් දරුවන් ලොකු උනාට පස්සේ එක එක අය තමන්ට කල අසාධාරණ දේ නිසා තමන්ගේ සමාජ වගකීම අමතක නොකරන අය... අනිත් අය වැරදි කලාට තනියම හරි පරිසරය රැකගන්න අය..
BE Rules |
අනිත් අයගේ හැසීරීම් හිමින් කියවමින් නිසි ප්‍රතිචාර දක්වන්න දරුවන්ට හැකිවෙන විදිහට තමයි මෙතනදි වැඩ කරන්නේ.. මේ වැඩේ රේස් යන ගමන් කරන්න බැහැ.. කාගේ හරි හැසිරීමකට හරි ප්‍රතිචාරය ලැබෙනකන් කරන වැඩේ නවත්තලා දාන්න වෙන තැන් හරි බහුලයි.. එකම වැරැද්ද නැවත නැවත වෙන්නේ නැති වෙන්නයි එහෙම හදලා තියෙන්නේ.. මේ රාමුව හැදිලා තියෙන්නේ හොඳ සිරිත් විරිත් පුරුදු කරන්න මිසක් දිපු වැඩේ යම්කිසි කාලයක් ඇතුලත ඉවර කරන්න නෙමේ..
ඒ නිසා හැසිරීම හදන්න බැරි දරුවන් ගැන දෙමාපියන් දැනුවත් කරලා විශේෂ විදි වලට යොමු කරන්නේ හැසිරීමක් නිසා දරුවෙක් සමාජයෙන් අයින් කලයුතු නැහැ කියලා මේ රාමුව හදපු අය දකින නිසයි...
අපේ පුතා යන පාසලටම යන්න ඉන්න මම ගිය ආයතනයක මේ රටේ ඉපදිලා හැදුනු ළමයෙක් ඉන්නවා හැසීරීම හදන්න ගොඩක් අමාරු... ඒ ළමයව දින කීපයක් දවසේ එක් වෙලාවක අනිත් දරුවගෙන් වෙන් කරලා හිමින් හිමින් නැවත හැසිරීම හොඳ අතට හැරෙද්දි එකතු වෙන්න ඉඩ හදලා දුන්නේ දෙමාපියන්ගෙත් කැමැත්ත ඇතුව. මෙතනදිත් අර මම කලින් කිව්ව ඉන්දියානු දැරිය ගොඩක් උදව් වුනා..
දරුවෙක් හදන්න ඕනම වෙලාවක අවට පරිසරය එක්ක යා වෙන්න පුලුවන් විදිහට.. ඒ වෙලාවෙම හොයාගන්න දෙයකින් සතුටු වෙන විදිහකට.. කවදාවත් එහෙම හදන දරුවෙක් තනි වෙන්නේ නැ මේ ලෝකේ... මගේ පුතාට iPad එකයි Forest Walk එකයි දුන්නොත් එයා තෝරගන්නේ Forest Walk... ළමයි හදන්න එපා ගෙවල් ඇතුලේ හිර කරලා...
ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ දරුවන්ගේ පළවෙනි අවුරුදු 6 -7 මඟ හැරෙන්න නොදී හදාගන්න තමන්ගේ හීන පොඩ්ඩක් පැත්තකින් තියලා.. අපි පුංචි කාලේ මගේ තාත්තා රැකියාවට අමතරව නීතිය ඉගෙන ගත්තේ වෙන රටකට යන්න වුනත් ඒ හීනේ එක දවසක තාත්තා අල්මාරියක් ඇතුලට දාලා වැහුවේ ඇයි කියලා මම දැන් දන්නවා... මගේ තාත්තා අල්මාරිය ඇතුලට දාලා වහපු හීනේ තමයි මම මගේ සැමියට අල්මාරියේ යතුර හංගලා තිබ්බ තැනින් හොයාගෙන ඇරලා දුන්නේ...
කුරුල්ලෙක් වගේ ඉඟිලිලා යන්න අත්තටු ලැබුනත් තවමත් මගේ වටේම කැරකෙන ඔහුට මම කොහොමද කියා දෙන්නේ දැන් මම පොඩි ළමයෙක් නෙමේ කියලා...
ඊලඟ ලිපියෙන් තුන්වෙනි ක්‍රමය ගැන විස්තර අරගෙන මම එනකන්.....
අපිට ඉඩක් නැ සෘනාත්මක විදිහකට දරුවෙකුට දෙයක් කියන්න.. ඉතින් මේ අයගේ කටවල් වහන්න තියන හොඳම විදිහ තමා මේ විනාඩියකට විතර....Put a bubble in Ur mouth. |
කවදත් හීන දකින්නිගේ ලිපි අගෙයි. අදත් ඒ වගේමයි.
ReplyDeleteNadee akka
ස්තුතියි අක්කේ...
Delete//ළමයි හදන්න එපා ගෙවල් ඇතුළේ හිරකරලා //
ReplyDeleteඔව්. සමහර දෙමව්පියෝ මේ ගැන දැනුවත් වුණත් ඒ දේම කරනවා. මෙතනදි ළමයින්ගේ මානසික වගේම කායිකවත් බලපෑමක් වෙනවා නේද හීන දකින්නී.
ජයවේවා!!!
ඔව් දුමී.. වැඩ කරන්න කරන්න තමයි මොළෙයි ඇඟයි දෙකම හැදෙන්නේ...මතකද මම කලින් ලිපියේ කිවා කකුල් දෙකේ මාංශපේශි වැඩිලා නැති දරුවෙක් ගැන...එයාට වැටි වැටි හරි ඇවිදින්න දෙන්නේ ඒකෙන් නොවැඩුනු මාංශපේශි වලට නොමිලෙම ව්‍යායාමයක් ලැබෙන නිසයි....
Deleteමේ දේවල් පිලිවෙලකට එකතු කරලා ලංකාවේ පත්තරේකට දෙන්න. හුඟදෙනෙකුට ප්‍රෙයා්ජනවත් වෙයි.
ReplyDeleteස්තුතියි කුරහන්.. නිම්නය කියවන තවත් කෙනෙකුගෙන් එහෙම ආරාධනාවක් ආවා, එක් ලිපි පෙළක් නම් ඒ ආරාධනාව ලැබුනු තැනට යොමු කලා.. තාම ආරංචියක් නැ.. මේ නිම්නය ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියල හිමින් ඒ වැඩේ ගැන බලන්න ඕන කුරහන්...
Deleteඉතාමත්ම වටිනා අදහසක්....
DeleteNadee akka
නිම්නි......සිංහල බ්ලොග් ලෝකයේ ලිපි ලියපු බොහෝ ගැහැනුන් අද ඒ වැඩෙන් පොඩ්ඩ පොඩ්ඩ ඈත් වෙන බවක් පේනවා. නමුත් ඔබ වගේ කිහිප දෙනෙක් තවමත් මේකේ කරක් ගහනවා. ඒක ලොකු දෙයක්. ඒ නිසා මම පලමුව, නිම්නිට බ්ලොග් කියවන්නෙක් ලෙස ඒ පිලිබඳ ස්තූති කරනවා. මම ඔබව කියවනවා.
ReplyDeleteමොකද මේ ස්ත්‍රී පක්ශය ඈත්වෙලා ඉන්නේ. බ්ලොග්ස් ලියන පිරිමි වාතයක් වෙලාද :D
ස්තුතියි අරුන නිම්නය කියවන එකට... මම දන්නවා ඔබ කියවන බව..:)
Deleteඅනිත් ගැහැනු අය ගැන ( සමහර පිරිමිත්) මම කියන්න දන්නේ නැ අරුන.. මට නම් මෙහි ඉන්න ගැහැනු හෝ පිරිමි උත්තේජනයක් උනා මිසක් ලියන්න එපා උනේ නැ.. ඔබ කියනවා වගේ වාතයක් වෙලා නැහැ :) (මම ඒ අයට වාතයක්ද කියලා නම් මම දන්නේ නැ :) )
ලියන එක ජිවිතයෙම කොටසක් උනාට බ්ලොග් ලියන එක ජිවිතයේ තවත් එක කොටසක් විතරයි මට. ලියන්න පුලුවන් උනාට ආයාසයෙන් ලියන්න මම කැමැති නැ. අනායාසයෙන් නොලියා ඉන්න බැරි තරන් හිතට ආපු දේ ලියවෙන්නේ නැත්නම් මට මීට වඩා කරන්න දේවල් තියනවා අරුන.....:D