Sunday, December 4, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 2

පළවෙනි ලිපියෙන් කිව්වා වගේ අද ඉඳන් ලියන ක්‍රම 5 මුල් කරගෙන තමයි දිවා සුරැකුම් සහ පෙර පාසල් වල හැම ක්‍රියාකාරකමක්ම එය පිහිටල තියන අවට පරිසයරට ගැලපෙන විදිහට හදන්න ඒ ආයතන වල වැඩ කරන අයට මඟ පෙන්වන්නේ... එහිදි දරුවන්ට එයාලගේ අදහස් කියන්න ආසාවක් ඇති වෙන  විදිහට හදන්නේ ඒ ඇතිවන කතාබහ තමයි දරුවෙක්ගේ පෞර්ශය තීරණය කරන්නේ...  කිසිම දරුවෙක් සතුටින් නෙමේ නම් ඉන්නේ ඒ දරුවට උපතින් ලැබිලා තියන නියම පෞර්ශය එළියට එන්නේ නැහැ... එහෙම පරිසරය හදලා නොදි  කාලයක් යටපත් වෙලා තිබිලා එළියට එන පෞර්ශය අර නියම පෞර්ශයේ නටබුන් විතරයි.. 

 

ටිකක් හිතන්න අපි හැමෝගෙම දැන් එළියට ඇවිත් තියන පෞර්ශය අද අපෙන් එළියට ඒවි කියලා අපි පොඩි කාලේ අපි අවට ඉන්න අය හිතන්න ඇති ද.. අපිට උපතින් හිමි නියම පෞර්ශය අඳුරගත්ත කවුරු හරි අපේ ළමා කාලයේ හිටියද.. අද ඔබේ තියෙන්නේ ඔබට උපතින් හිමි පෞර්ශයද නැතිනම් බලෙන් අරෝපණය කරගත් පෞර්ශයක් ද... 

 
Happy Child in a Ball pit.. Spontaneous activity find broken balls  and separate by colors. loads of fun :):)

  Learning Outcome 1: Children have a strong sense of identity

 

දරුවන්ට තමන් කවුද කියා  දැනෙන ඉතා ශක්තිමත් අනන්‍යතාවයක් තිබේ.

 

පොඩි දරුවන්ට බොරු කරන්න බැහැ කියන එක, එයාලා අවංකයි කියන එක තමයි මේ තවත් විදිහකින් කියන්නේ.. දරුවෙක් තමන්ට දැනෙන දේ නොසඟවා කියන්නේ දරුවන්ගේ මොළයේ තමන් අවංක උනාට පස්සේ ඒ අවංක කමෙන් අවාසියක් තමන්ට අනිත් අයගෙන් වෙන්න පුලුවන් බව හිතන්න තරන් මොළයේ පරිපථ පෑස්සිලා නැති නිසයි...තමන් අවංක උනාට පස්සේ වෙන අවාසිසහගත  දේවල් ගැන  බයක් මේ දරුවන්ට දැනෙන්නේ නැහැ.. ඒ බය නැති තැනක එළියට එන්නේ හරි පිරිසිදු අදහස්... දැන් එතකොට ලොකු වෙනකොට වංක වෙන්නේ ඇයි...

 

  • 1.1 Children feel safe, secure, and supported.


දරුවන්ට ඉතාම හොඳින් දැනෙනවා තමන් ඉන්න තැන පරිස්සන් ද, ආරක්ෂිත ද.. තමන්ට අවශ්‍ය උදව් ලැබෙනව ද යන්න.

මෙන්න මේ අදහස නිසයි මම තදින්ම මගේ ජීවිතයේදි විස්වාස කරන්නේ කිසිම කෙනෙක් කිසිම විදිහක අනවශ්‍ය දුකක්, කරදරයකට මුහුණ දිය යුතු නැති බවත් එසේ මුහුණ දීම පිළිබඳ ආඩම්බරයෙන් සහ එය සාධාරණීකරනය කරමින් කරන කතාවලට එකඟ නොවන්නේත්.. සරලව කිව්ව්වොත් "කට්ට කාලා තමයි ආවේ" කියමින් ඒ තමන් කාපු කට්ට අනිත් අයටත් කන්න දීම මම අනුමත කරන්නේ නැ...  මම කාපු කට්ටක් කිසිම දවසක මම දන්න නොදන්න කිසි කෙනෙකුට කන්න දීලා අහක බලාගෙන මම ඉන්නෙත් නැහැ.. වෙන කෙනෙක් එහෙම ඉන්නවා දැක්කොත් නිකන් කටවහගෙන මම ඉන්නෙත් නැහැ.  හැබැයි ස්ථානෝචිතව පසුබසින්නත් මම දෙපාරක් හිතන්නෙත් නැහැ.


දරුවන් තමන් ගැන ඉගෙන ගන්නෙත් සහ තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගන්නෙත් තමන්ගේ පවුල සහ අවට පරිසරයෙන් ඇහෙන දකින දේ අනුවයි.. මොළය කියන්නේ ඉපදෙන කොට හරියට මැටි ගුලියක් වගේ සකපෝරුවක තියන.. හදන වළදේ  නිමැවුම පිටින් බලන අයට පෙන්නේ සකපෝරුව කරකවන කෙනාගේ හැකියාව අනූව.. මේ ළමා කාලයේ හිමින් හිමින් ගොඩනැඟෙන   අනන්‍යතාවය තහවුරු වෙන්නේ එක් එක් දරුවා තමන් අවට පරිසරයෙන් ලබා ගන්න අත්දැකීම් මත.


Inside A Baby Room
දරුවන්ට ධනාත්මක දේ ලැබෙද්දි ඔවුන් ඉගෙන ගන්නවා තමන් ගැනම අවබෝධ කරගන්න වගේම තමන් සැලකිය යුතු ගරු කල යුතු කෙනෙක් ලෙස පිළිගන්න... සමාජයටම අයත් කොටසක් බව ඔවුන්ට දැනෙන්න ගන්නවා.. එසේ නොලැබෙන තැන් වල ළමා කාලය ගතකල අය දැන් ඔබට අඳුරගන්න ලෙහෙසි වේවී.. ඔවුන්ට සමාව දී ඉවත් වන්න.. ඒ අඩුපාඩුව ඔවුන්ගේ නොව.. ඒ වැඩිහිටි අයගේ සහ පරිසරයේ නිසා.මේ ළමා කාලයේ ඇති වන සම්බන්ධතා තමයි දරුවෙකුගේ පදනම මම කවුද, මම කොහොමද සමාජයට අයත් වෙන්නේ, මොකක්ද මගෙ සමාජ බලපෑම මේ හැමදේම තිරණය කරන්නේ මේ 0 සිට අවුරුදු 6ක කාලයට පුලුවන් ඒ නිසා මේ ආයතන වල දරුවන් එක්ක වැඩ කරන හැම කෙනෙක්ම කිසිම වෙනසකින් තොරව ඕනම දරුවෙක් පිළිගන්නත්, දරුවන්ට විස්වාසය තැබිය හැකි අය ලෙස හැසිරෙන්නත් අනිවාර්යයෙන් මේ කරුණ යටතේ පුරුදු වෙන්න ඕන..

රැකබලාගන්න ඉන්න අයගේ සුරතලුන් මෙහි නැ.. හැමෝටම එක වගේ.. එය ලේසි නැ.. සමහර දරුවන්ට හිත ඇදිලා යන්නේ කාන්දමක් වගේ.. සමහර අය ගැන එහෙම දැනෙන්නේ නැහැ.. නමුත් අපේ හැඟිම්  මේ රාමුවෙන් බැහරව තියලයි අපි මේ ආයතන ඇතුළට යන්න ඕන.. මොකද හැමෝම අතරේ තමන්ව පිළිගන්න බව වෙනසක් නැතුව දැනුනොත් විතරයි දරුවෙක් ආත්ම විස්වාසයක් ඇතුව ලෝකේ හොයාගෙන ගිහින් ඉගෙන ගන්නේ... ළමයෙක් විදිහට සතුටක් ලබන්නේ...


  • 1.2 Children develop their emerging autonomy, inter-dependence, resilience and sense of agency.

දරුවන් හිමින් හිමින් ස්වයං පාලනයත්, එකිනෙකා මත යැපීම ගැනත්, තමන්ගේ ඔරොත්තුදීමේ හැකියාව ගැනත්, තමන් සමාජයේ කොටසක් බව දැනෙන  හැඟිමත් සංවර්ධනය කරගනී.


මේ වයස් සිමාවේදි  දරුවන්  අන් අයගේ අවශ්‍යතා සහ අයිතින් ගැන තමන්ගේ  දැනුවත්භාවය වැඩි දියුණු කර ගන්න හැකියාවක් පෙන්නුම් කරන අතර අලුත් අභියෝග වලට සහ සොයාගැනීම් වලට විවෘත කිරිම තුලින් සාමුහිකව සහයෝගයෙන් එක
වැඩ කිරිමේ හැකියාව වැඩි  දියුණු කරගත හැකියි.

මේ වැඩසටහන් කරද්දි අනපේක්ෂිත සිදුවීම වලදි දරුවන්ට  සැලකිය යුතු අවදානම් සහගත තීරණ ගන්න පරිසරයක් ආරක්ෂා සහිතව ලබා දෙන්නේ තමන්ගේ සහ අනුන්ගේ සාර්ථකත්වය අඳුරගන්න.. තමන්ගේ හැකියාව ගැන අවබෝධයක් ලබා ගන්න අවට ඉන්න අයටත්.. මේ කරුණ නිසා සමර දරුවන්ගේ හැකියාව ගැන අපි පුදුමයට පත් වෙන අවස්ථා එමටයි.. ඒ වගේ තැන් අඳුරගත්තට පස්සේ ඒ ඒ දරුවට ක්‍රියාකාරකම් වෙනස් කරමින් තමයි හැදෙන්නේ කම්මලි නැතුව ආසාවෙන් තව ඉහළට යන්න පාරවල් හදලා දෙන්න. 

Let's ride bikes - help each other.
සමහර දරුවන්ට පුලුවන් නියම වයසට වඩා අවුරුදු කීපයක් ඉහළ දේවල් කරන්න.. ඒ වගේම සමහර දරුවන් නියම වයසට වඩා අවුරුදු කීපයක් පහළයි.. මේ දෙගොල්ලො ගැනම හිත් නොරිදෙන විදිහට දෙමාපියන් දැනුවත් කරන්නත් ඕන...මම අන්තිමට ගිය ආයතනයේ හිටියා සුරංඟනාවියක් වගේ අවුරුදු 5ක දරුවෙක්.. ඇයගේ කකුල් දෙකේ මාංශපේශි වයසට අනූව ශක්තිමත් නැති නිසා තබන හැම පියවර කීපයකටම පස්සේ ඇය බිම ඇඳ වැටෙනවා...ඒ ලස්සන හිනාවත් එක්ක වැටිලා තනියම නැඟිලා එද්දි මගේ ඇස් වල කඳුලු... ඇයත් අනිත් අය වගේම හැමදේම කරගන්නේ තනියම.. කතාවත් තාම හරියට හැදිලා නැති ඇය මගේ නම කියද්දි අර පිරුනු කඳුලු වෙනුවට අපි හිනා වෙනවා එකට...

(දැන් මම යන යන තැන මේ දරුවෝ හිටියොත් මගේ නම කියලා කතා කරද්දි හැමෝම හැරිලා බලනවා.. සමහර දෙමාපියන් නම් ඇවිත් අහනවා මම කවුද කියලා...)


මේ විදිහට අලුත් ක්‍රියාකරකම් ආත්ම විශ්වාසයක් ඇතුව කරද්දි දරුවන් ඉගෙන ගන්නවා දැනුම හුවමාරු කරගන්න සහ වෙනස් අදහස් වලදි එකඟතාවයකට එන හැටි.. එක සැරයක් වැරදුනොත් ආපහු වෙනම විදිහකට නොකැඩි එය ඉගෙන ගන්න තුරු ඉවසීමෙන් වැඩ කරන්න මේ ආයතන වල ඉන්න අයගේ වගකීමක්..

තමන්ගේ හැසිරිම ගැන දැනුවත් කරමින් හොඳින් හිටියොත් මොනවද ලැබෙන්නේ කියන දේ ඇහුවේ නැත්නම් මොනවද නොලැබෙන්නේ කියන එක කරන්න ඕන නිර්මාණශිලි විදිහකින් කිසිම ශාරීරික හෝ මානසික පිඩාවක් දරුවා නොලබන විදිහකට... මෙතනදි ආසියාතික දරුවන්ගේ ඇතුලාන්තය අඳුරගන්න හරි අමාරුයි නොදන්න කෙනෙකුට.. ඒ දරුවන් තමන්ගේ අදහස්,  හැඟිම් කියන්න පෙළබෙනවා අඩු නිසා... හැබැයි ඔවුන් තෝරාගැනීම් වලට හරි පහසුවෙන් එකඟ වෙනවා ගුරුවරයගේ.. ඒ අතින් මෙහෙ හැදෙන දරුවන් තමන්ගේ අදහස් හැඟිම් නොසඟවා කියන නිසා තේරුන් ගැනීම හරිම පහසුයි හැබැයි අපේ අදහසකට නම්මවා ගන්න හරිම අමාරුයි..


  • 1.3 Children develop knowledgeable and confident self identities.


දරුවන්ට දැනුවත් ආත්ම විස්වාශයෙන් යුතු තමන්ගෙම අනන්‍යතාවයක් ලබා ගත හැකියි.

තමන්ව තමන් ලෙස අඳුරාගත් බව දැනීම තුලින් දරුවන්ට තමන්ටම ගරු කරන්න හුරු කරන අතර එසේ කිරිමෙන් කිසිම විටක තමන්ට වෙන අසාධාරණයකදි සද්ද නැතුව විඳ දරාගෙන ඉන්න මේ දරුවන් පුරුදු වෙන්නේ නැහැ.. ඒ වෙනුවට මේ දරුවන් ඒ අසාධාරණය ගැන කතා කරන්න පෙළබෙනවා..

වෙනස් පුද්ගල අනන්‍යතාවයන් සහ අනිත් අයගේ මත පිළිබඳ  අවබෝධයක් නාට්‍යානුසාරයෙන් ඉගෙන ගන්න අවස්ථා හදලා දෙන්නේ තම තමන්ගේ සංස්කෘතියේ තියන වැදගත් අංග අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඉඩ හදලා දෙන්න.  පුලුවන් සහ අවශ්‍ය  වෙලාවට තමන්ගේ මව් භාශාව කතා කරන්න ඉඩ හදලා දිලා තියෙන්නේ බහුජාතික රටක් නිසා වෙන්න පුලුවන් අපහසුතා මඟහරවන්න.. මේ නිසා තමන් අයිති ජාතිය ගැන හොඳ අවබෝධයක් වගේම අවට පරිසරයේ ඉන්න අනිත් ජාතින් ගැනත් ශක්තිමත් පදනමක් දරුවන්ගේ මනසේ හැදෙන්නේ වඩා පුළුල් සමාජිය සහ සංස්කෘතික උරුමයක් වැඩිහිටියන් සහ අවට පරිසරයෙන් ලබා ගන්න පුලුවන් වෙන විදිහට.. 
Preschool room


මෙතනදි මුලු ආයතනයේම ඉන්න විවිධ ජාතින්ගේ භාශාවේ මුලික දේවල් දරුවන් එක්ක කතා කරන්න ඕන වගේම මේ දරුවන්ට පුදුම මතක ශක්තියක් තියනවා ඒ කියා දෙන වචන මතක තියාගෙන ආපහු කියන්න. උදාරහණයකට එක එක භාශා වලින් හෙලෝ, සුභ උදැසනක් වගේ දේවල් කියන හැටි සහ ඒ ඒ ආයතනයේ ඒ ඒ ජාතියට අයිති අයව ඒ ඒ භාශාවෙන් අඳුරගන්න කියා දීම....

මේ සුහද පරිසරය නිසා ඕනම වෙලාවක ඕනම දරුවෙක් මූණ දෙන ඕනම විදිහේ අපහසුතාවයක් බය නැතුව ගුරුවරයට කියන්න උදව් ලබා ගන්නත් තමන්ට ගැලපෙන අය ඇසුරු කරන්න තොරා ගන්නත් දරුවන් හුරුවෙනවා.. නොගැලපෙන අයත් එක්ක තරහා නොගෙන අතේ දුරින් ඉන්නත් දරුවන්ට හුරු කරන්නේ අනවශ්‍ය ගැටුම් අඩු කරගන්න.... මේ හේතු නිසා සාමකාමි පරිසරයක් ඇතුලේ කෙරෙන ක්‍රියාකාරකම් වලට  තමන්ගේ දායකත්වය සතුටින් ලබාදෙන්නත්, ලබාගන්න සාර්ථකත්වයේ සතුට අනිත් අයත් එක්කම විඳින්නත් දරුවන්ට ඉඩ ලැබීම ලොකු වාසනාවක්.. 

මේ ඉගැන්නුම් ක්‍රමය ඇතුලේ ඉතාම හොඳින් ළමා මනෝවිද්‍යාව සැඟවුනු අමුත්තෙක් වගේ හැමවෙලේම වැඩ කරන නිසා සාමුහික පරිසරයක හැම දරුවෙක්ම ඔස්ට්‍රේලියානුවෙක් විදිහට තමන්ගෙම ශක්තිමත් අනන්‍යතාවයක් ගොඩනඟාගෙන අභිමානයක් සහ විස්වාසයක් ඇතුව තමයි පාසලට යන්නේ... ඒ අනන්‍යතාවයේ ධනාත්මක/සෘනාත්මක බව තීරණය කරන්න පුලුවන් දෙමාපින්ගේ දරුවන් වෙනුවෙන් වෙන් කරන කාලයට..

දරුවන් එක්ක කතා කරන්න තියන මාතෘකා අතරින් මිනිසුන් වන අප හැමගේ තියන සමානකම් සහ වෙනස්කම් ගරුත්වයක් ඇතුව කතා කිරිම ලංකාවට නම් අලුත් දෙයක්.. ලංකාවේ පුංචි දරුවෝ ලොකු අයව නොගැලපෙන ලෙස අනුකරණය කරන එක ලොකු අය කියන  වචන කියමින් මිනිසුන්ව හඳුන්වන එක සමහර වැඩිහිටි අය දකින්නේ හිනා වියහැකි විහිලුවක් ලෙසනේ.

ඉතින් මේ හැමදෙ
කින්ම පොහොසත් පරිසරයක් තුල කෙරෙන ක්‍රියාකාරකම් තුලින් ලැබෙන උදව්වෙන්  දරුවන් තමන්ගේ සමාජීය  ලෝකය වඩාත් සාර්ථකව සහ ගැලපෙනම අය එක්ක හදාගනිද්දි ගුරුවරුන්  හැම දරුවෙකුටම සාවධානව හොඳින් ඇහුන්කන් දෙමින් හැම දරුවෙක්ටම  අව්‍යාජ තමන්ව වටහාගන්න මඟපෙන්වන්නන් ලෙසින් මේ ආයතන ඇතුලේ උදේ 6 සිට හවස 6 දක්වා රඟපාන්නේ තමන්ට ලැබෙන මුදල නිසාම නෙමේ... මේ දරුවන්ට තියන ආදරය ලෙන්ගතුකම නිසාමයි.


  • 1.4 Children learn to interact in relation to others with care, empathy and respect.

මේ කරුණට අඳාලව ක්‍රියාකාරකම් හදද්දි ගුරුවරයෙක් මතක තියා ගන්න ඕන.. දරුවන්ට  තමන් අවට ඉන්න අනිත් අයත් එක්ක කාරුණිකව, සංවේදීව සහ ගරු කිරිමක් ඇතුව වැඩ කරන්න ඉගෙන ගැනිමේ හැකියාවක් ඇති බව.

 

ඒ කරුණු තුන වයසට අඳාලව නොතේරෙනවා නම් එතන සලකා බැලිය යුතු ගැටලුවක් දරුවගේ මානසික වැඩීමේ පසුබෑමක් ඇති බවත් මතක තියාගන්න ඕන. එහෙම නැතුව මේ පොඩි ළමයි.. මෙයාලට තාම කිසි දෙයක් තේරෙන්නේ නැ, ලොකු වෙනකොට තේරුන් ගනී කියලා නම් ඉන්න විදිහක් මේ රාමුව ඇතුලේ නැහැ.. 


මෙහිදි දරුවන්ගෙන් නිරික්ෂණය කල යුතු කරුණු කීපයක් තියනවා ගුරුවරයෙක්.. ඒ අතරින් දරුවෙක් අනිත් දරුවන් ගැන කැමැත්තක් දක්වනවද, පිරිසක් මැද ඉන්න එකෙන් සතුටක් ලබනවද, අනිත් අයත් එක්ක කැමැත්තෙන් එකතු වෙලා බෙදා හදාගෙන සෙල්ලන් කරනවද,  පුළුල් පරාසයක තමන්ගේ හැඟිම්, අදහස්,සාධාරණීය දැක්මක් කියනවද ( ඒ කිව්වේ වැඩිහිටියන්ගේ දැක්ම කොපි කරන්නේ නැතුව),  අනිත් අයගේ හැඟිම් තේරුන් ගෙන ඒ ගැන කතා කරනව ද, අනිත් කෙනාගේ මතය වටහාගෙන එයට ගරු කරමින් වැඩ කරනවාද, තමන්ගෙ ක්‍රියා වලින් අනිත් කෙනාට වෙන දේ ගැන එහෙමත් නැත්නම් තමන් කරන දේ ප්‍රතිවිපාක ගැන වැටහීමක් තියනව ද කියන කරුණු ප්‍රධානව නිරික්ෂණය කරන්න ඕන...

 

මෙතනදි තමන් මේ දරුවන් එක්ක ඉන්න කාලය කලමණාකරනය කරගෙන හැම දරුවෙක්ම 1:1 එදිනෙදා නිරික්ෂණය කරන්න ඕන.. ඒ විස්තර වෙන වෙනම ලියන්නත් ඕන.. (හොඳ වෙලාවට ලියන්න හැකියාවක් තියෙන්නේ, නැත්නම් එපා වෙනවා...) මේ නිරික්ෂණය මත තමයි ගුරුවරයෙක් සංවිධානය කරන්න ඕන එදිනෙදා ක්‍රියාකාරකම්  පුංචි පුංචි කණ්ඩායම් විදිහට මේ දරුවන්ව හසුරවන්න සෙල්ලමක් කරනවා කියලා දැනෙන විදිහට මේ අපි මුල ඉඳන් කතා කල දේවල් උගන්නන්න.

 

මේ දරුවන් එක්ක ඉන්න ඕනම කෙනෙකුට තේරුන් ගන්න වෙන සංකිර්ණම දෙයක් තමයි මේ දරුවන් අතර තියන යාලුකම්.. මේ හොඳට ඉන්න අය තරහා වෙලා මුණවත් නොබලා හිටියට ඊලඟ තප්පරේ අත්වැල් බැඳගෙන..අර තරහ වුනු වෙලේ නඩුව අහපු අපේ කාලයයි වචනයි ගඟට කැපුව ඉණි වගේ... 

 

ආදරය කියන්නේ මගේ ජිවිතේ මම ඕනවටත් වඩා ලබපු/ ලබන මගේ ජීවිතයේම කොටසක් නිසා පුංචි දඟමල්ල ලොකු වෙනවා බලන් ඉද්දි.... ලිපියේ ලිව්වා වගේ  මගේ හදවත පුරා පිරිලා ඉතිරිලා යන ආදරය මේ දරුවන් අතරේ බෙදා දිලා සමු අරන් එද්දි දැනෙන වේදනාව නිසා ගෙදර ඇවිත් පැවරුම් කරද්දි මගෙ ඇස් වල කඳුලු.....

 

I''ll be back Soon...

 

4 comments:

  1. අපි ලඟට ප්‍රතිකාර සඳහා එන දරුවන් ට කට අරින්න කීවාම ලැබෙන ප්‍රතිචාරයෙන් අපට වචනයක් වත් කතා නොකර එයාලා ගැන ගොඩක් දේවල් හිතා ගත්තෑකි!

    :D

    ReplyDelete
    Replies
    1. මට මතක් උනා ස රස , පොඩි කාලේ මගේ තාත්තගේ නංගිලාගේ (ඒ නැන්දා දොස්තර කෙනෙක්) ගෙදර ගිහාම කෑම කන වෙලාවට තොරන්නේ නැතුව උයලා තියන හැමදේම ඒ නැන්දා බෙදන ප්‍රමාණය බෑ නොකියා කන්න ඕන... දවසක් හදලා තිබ්බා අගුණ කොළ මැල්ලුම්.. මට බෙදන්න එපා කිව්වට ඒ නැන්දා ඇහුවේ නැ....බෙදුවා..ටිකක් කාලා බැලුවත් ඒ රසට මම අකමැති නිසා මම ඒවා කෑවේ නැ...

      මගේ තාත්තා නැන්දට කිව්වා එපා කියනවා නම් බල කරන්න එපා කියලා.. ඒ කියපු දේ හරියට නැන්දා තේරුන් ගත්තද දන්නේ නැ :D

      Delete
  2. අපූරුයි හීන දකින්නී. අදත් අපට ඉගෙනගන්න බොහෝ දේ මේ ලිපියෙ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...