පුංචි අයත් එක්කම කාලයක් වැඩ කල නිසාම ලියන්න හිතුනා පුංචි අයට බලන්න, කියවන්න දෙන්න පුලුවන් දේවල් කීපයක් ගැන. කාටූන් බලන්න හැම පොඩි ළමයෙක්ම කැමතිනේ.. (ලොකු වෙලත් අපි තාම බලන්න ආසයිනේ..) ඒ බලන කාටූන් හරහා වැඩි යමක් පුංචි අයට දෙන්න පුලුවන් වේවී මේ දේවල් එක්ක..පොත් කියවන වැඩේ නම් හැම දරුවටම එක වගේ කරන්න අමාරු වුනත් ඒ ඒ දරුවට ගැලපෙන පොත් හොයාගන්න කාලයක් වෙන් කර ගත්තොත් වැඩි අමාරුවක් නැහැ හුරු කරන්න..
යුකී (UKi)
මේ කාටූන් මාලාවේ එක කාටූන් එකක් විනාඩි 4යි..වැඩිම උනොත් 5යි.. හැම කාටූන් එකේම තියෙන්නේ හරි සරල වර්ණවත් ප්‍රාණවත් හැඟීම් පිරුනු පරිසරයක්.. අලුත් චරිත අලුත් සිදුවීම් හඳුන්වලා දෙන්නේ හරිම හිමින්.. දරුවෙකුට එක සිදුවීමක් අවට පරිසරයෙන් වෙන් කරගෙන වුනේ මොකද්ද කියලා නැවත හිතන්න හුරු කරවන මේ කාටුන් මාලාව කතා කරන නොකරන ඕනම වයසක දරුවෙකුට තනියම උනත් හරි ලේසියෙන් තේරුන් ගන්න පුලුවන් විදිහට හදලා තියෙන්නේ දෙයක් ස්වාධීනව ඉගෙන ගන්නත් එක්ක..
බලන්න මේ කාටූන් එකේ සරලව කියලා දෙන්නේ කෙනෙක් ලෙඩ උනාම අපිට මොනවද කරන්න පුලුවන්... කොහොමද ඒ කෙනාගේ අපහසුතා ඒ කෙනාගේ හැසිරීමෙන් අඳුරගන්නේ.. ඒ වගේම ලෙඩ හැදෙන්නේ එක් කෙනෙකුට විතරක් නෙමේ.. අපි ඕනම කෙනෙක් ලෙඩ වෙනවා...දරුවන්ගේ හිත ඇඳලා ගන්න පුලුවන් ඒ අයට හිතාගන්න බැරි නම් මේ දේ වෙන්නේ කොහොමද කියන එක... ගොඩක් සුරංඟනා කතා බිහි වෙන්නෙත් ඒ පදනම යටතෙනේ.. මේ කාටූන් මාලාවෙත් "මැජික්" භාවිතා කරන්නේ මේ පුංචි හිත් වලට "පුදුමය" කියන හැඟීම කාවද්දලා ඇඳලා තියාගන්න මුලු කාලය පුරාවටම..
පටන් ගනිද්දි මේ කතා මාලවේ ප්‍රධාන කතා නායකයා (යුකී) හැමදාම ඒ දවසේ කතාවට අඳාල දෙයක් සම්බන්ධ කරගෙන පොඩි පාඩමක් කරන්නේ ප්‍රශ්නයක් වැරදි වැරදි විසඳගන්න හැටි කියලා දෙන්න.. තනියම ප්‍රශ්නයක් විසඳගත් විට දරුවෙකුට දැනෙන ආත්ම තෘප්තියත් හරි අපූරුවට යුකී රඟපාලා පෙන්වන එකින් දරුවයි යුකියි වෙන් කරන්න බැරි විදිහට හිත් වලින් බැඳෙන්නේ දෙන්නෙක් නෙමේ එක් කෙනෙක් වෙලා.
හැමදාම කතාවේ අන්තිමට ඒ කතාවේ හැඟිම් වලට මුල් වුන දෙයක් හෝ ඇති වුනු ප්‍රශ්නය විසඳන්න භාවිතා කල දෙයක් හරි වෙන් කරගන්නත් යුකී හදන පින්තූර කතා පොතකින් දවසේ සාරංශයත් පෙන්වන්න අමතක කරන්නේ නැත්තේ පොඩි කාලේ ඉඳන්ම දෙයක් ආපස්සට හිතලා බලන්න හුරු කරන්න.. මෙන්න මේ දේ හුරු වෙන දරුවෙක් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා තනියම..
මට මතක් වුනා කොහේදි හරි කියවපු මේ වැකිය,
"The illiterate of the 21st century will not be those who cannot read and write, but those who cannot learn, unlearn, and relearn. ”
(ගොඩක් අය මේ එක එක වැකි කියපු අයව ගලේ කොටපු අකුරක් වගේ හිතේ ඇඳගත්තට ඒ අය
කියලා තියන දේ තමන්ගේ ජිවිතේට එකතු කරගන්න නම් උත්හසයක් ගන්න පාටක් පෙන්නේ
නැහැ )
Baby Einstein Series
මේ කතා මාලාවත් හරි වැදගත්.. මේ වගේ සිංහලෙනුත් හැදෙනවා නම්....
මම පටන් ගත්ත දවසේ ඉඳලා ගොඩක් වචන ලිව්ව නිසා මේ විඩියෝ දෙක ගැන ලියන්නේ නැහැ.. ඔයාලා බලලා ලියන්න...
විශේෂ අවශ්‍යතා තියන දරුවන් ගැන කරන්න තිබුනු එක ව්‍යාපෘතියකදි භාවිතා කල දේවල් ගැනත් ලියන්න හිතුනා. එක වචනයක් ඒ දරුවගෙන් පිට කරගන්න, පුරා මාස 6ක් නොකඩවා අපිට වෙහෙස වෙන්න උනා ඒ දරුවගේ අවධානය අපිට තප්පරේකට වඩා ගන්න.. සාමාන්‍යයෙන් දෙයක් කරන්න පටන් ගත්තට පස්සේ නවතින්නේ නැති මට ලොකුම අභියෝගයක් වුනේ මේ අවුරුදු 2.5 පොඩ්ඩා.. කිසිකෙනෙකුට පාලනය කරන්න බැරි තමන්ගෙම ලෝකෙක ඉඳන් සැරින් සැරේ අපේ ලෝකෙටත් එබිලා බලන මේ පොඩ්ඩව අපේ ලෝකේ විතරක් තියා ගන්නයි මට ඕන උනේ.. අනිත් අයත් එක්ක මනසින් බැඳෙන්නේ නැති තැනක කෙනෙකුට තියනවා අසීමිත ශක්තියක් තමන්ට ඕන දේ කරන්න.. මේ පොඩ්ඩා අපිට වඩා ශරීරයෙනුත් පුංචි උනාට අපිට පුලුවන් වුනේ නැ අපි කියන දේකට නම්මගන්න.. අවසානයේ අපිට යතුරක් හම්බුනා හිතපු නැති වෙලාවක.. එක වචනයක් කියවගන්න අපි ගත්ත මහන්සිය අද මේ දරුවා සාමාන්‍ය දරුවන්ට වඩා හොඳින් කතා කරද්දි දැනෙන්නේ නැති තරන්...
අනිත් අතට පිරිසිදු මනසකට හැඟීම් පිරෙව්වා කියන වරදකාරි හැඟිමකුත් මට දැනෙනවා අද ඒ දරුවා අපේ ලෝකේ ඉස්සරහට යද්දි මුණ දෙන දේවල් දකිද්දි.. ඒත් වැටෙන්න නොදී අරන් යන්න පාලම් හදන අය මෙහෙ ඉන්න නිසා ඒ හැඟීම එළියට එන්න කලින්ම වැලළිලා යනවා මගේ හිත ඇතුලේ...
මම මෙතනදි අපි ඒ දරුවට මුල ඉඳන් කියවපු පොත් විතරයි එකතු කරන්නේ.. මේ එක පොතක් කියවන තැනට එන්න පොත් සීයක් කියවන කාලයයි මහන්සියයි වැය වුනා ගොඩක් අයගේ.. (මේ හැමදේකම කොපියක් අපි ලඟ තියාගන්න කියලා මුල ඉඳන් මේ ගුරුවරු කියලා තිබ්බ නිසා හොඳයි.. හැම විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුටම ඔස්ට්‍රේලියානු රජයෙන් $12,000ක මුදලක් ලැබෙනවා කැමති ඕනම විදිහකට භාවිතා කරන්න මුල් අවුරුදු 7 ඇතුලත)
Feelings books |
Basic Reading about life |
මේ ව්‍යාපෘතියේදි ලොකු පිරිසක් එක්ක නොකඩවා විනිවිද පෙනෙන හොඳ විවෘත සන්නිවේදනයක් පවත්වාගන්න ඕන.. පුරුදු විදිහට මාව අතරමැදියෙක් කරගන්න එක බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ ඒ වගේ සිදුවීම් වෙන පාර්ශව දෙකම අයින් කරලා.. අදටත් දැක්ක තැන කතා කරනවා වගේම ලංකාවේ අයට වඩා ඒ ගත්ත තීරණ දිහා තේරුන් ගැනීමකින් බලන්න ඒ අයට පුලුවන් වීම නිසා බැඳිම් දිගටම තියනවා අපි අතර...
අපේ ගෙදරට මේ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක එන්න යන්න පුලුවන් තරන් නිදහසක් තිබුනත් හැමවෙලාවකම මට කරදරයක් නොවෙන වෙලාවල් හොයලා එන්න තරන් හිතනවා වගේම කරන්න තියන වැඩ වලින් මාව පුලුවන් තරන් අඩුවෙන් වෙහෙසන්නත් හැම කෙනෙක්ම හිතන එක අපි හැමොගෙම වාසනාවක්..
මේ අපි ටිකෙන් ටික තුරුණුවියට පා නඟන තවත් දරුවෙකුට තෝර ගත් අලුත්ම පොත් ටික.
Basic Rules in life |
ඊලඟට මෙන්න මේ පොත මට ගෙනත් දුන්නේ අම්මා, පුතා ලැබෙන්න හිටිය කාලේ... මේ පොතේ තියනවා අකුරෙන් අකුර කියවන්නේ නැතුව වචන කියවන්න හුරු කරන්න ක්‍රමයක්.. මම ඒ ක්‍රමේ අපේ පුතාට කලා එයා පොඩි කාලේ.. මේ පොතේ එන හැම අදහසක් එක්කම මම එකඟ නැහැ.. ඒත් කියවන්න වටින පොතක්.. කියවලා ඉවර වෙලා ලංකාවෙන් එන්න කලින් මම ගියා මේ කතුවරිය හම්බෙන්න.. එදා ඈ හිටිය තත්වය එක්ක කොහේ හරි ඇයට වැරදිලා කියලයි මගේ හිත කියන්නේ... දරුවන් හදලා යන්න පුලුවන් ඉහළම තැන් වලට යවලා දෙමාපියන් ඒ වගේ තනි වෙන්න ඕන නැ කියලයි මට හැමදාම හිතෙන්නේ...
ප.ලි : එක දිගට ලියන්න අරන් ගතවුනු අවුරුදු කීපයේ ලියන ඕනම දේකට දාන්න නමක් ඉබේ හිතුනට මේ ලිපියට දාන්න නමක් මගේ හිතට ආවේ නැ.. පුලුවන් නම් කවුරුහරි දාන්න...ආපස්සට හිතලා බැලුවම මගේ ජිවිතේ මම වැඩක් ඇති වැඩක් කරලා තියෙන්නේ එක්කෝ ලොකු දුකක හිටිය කාලෙක.. එක්කෝ ලොකු සතුටක හිටිය කාලෙක...හැබැයි ඒ හැඟිම් දෙකම මගේ පිටතින් අඳුරගන්න නම් කෙනෙකුට ලේසි නැහැ.....
‘‘පුංචි පැංචන්ට තෑගි මල්ලක්..‘‘
ReplyDeleteඅගෙයි...
බොහොම ස්තුතියි නමක් දුන්නට තරු.. තව කීප දෙනෙකුගේ අදහස් බලලා මම එක නමක් දාන්නම්...
Deleteනමක් නෑති උනාට මේ ලිපියත් නිමිනිගෙ හදවතේ තියෙන වටිනා අදහස් .....
ReplyDeleteඒවායින් ඵලක් ලබන හෑම දෙනාගෙම සුභ සිද්දිය වෙනුවෙන්.....
බ්ලොග් ලොවෙන් එහා ගිහින් නිම්නිගෙ ආදරනීය අරමුන සම්පූර්න කරන බව නම් නොඅනුමානයි.....
නදී අක්කා
ස්තුතියි අක්කේ අගය කිරීමත්, සුබ පැතීමටත්...:) :)
DeleteNice cartoons compared to the dubbed crap we see on local tv. but I wonder why those youtube videos got many dislikes.
ReplyDeleteThank you Ano & I don't know.....
Delete" චුටියාට - ඇති පදමට " වගේ නමකුත් හොඳයි වගේ.
ReplyDeleteහොඳ ලිපියක් හීන දකින්නි.
ජයවේවා!!!
බොහොම ස්තුතියි දුමී නමට.. බලමු තව නම් එවීද කියලා....:)
Deleteඅම්මාගෙන් දඟ මල්ලට
ReplyDeleteබොහොම ස්තුතියි කුරහන්.. :)
Deleteබිත්තියක් නොවීමට නම්.....!
ReplyDelete:) :) :)
Deleteහොඳ විස්තරයක්. පොඩි ළමයින්ට නිසා මේවා නම් බැලෙන්නේ නැහැ අපිට. දූලා දෙන්නට පි මුලින්ම කරපු දෙයක් තමයි පුස්තකාලෙක සාමාජිකත්වය අරන් දුන්න එක.
ReplyDeleteස්තුතියි අජිත්...ඒ අදහසත් ගොඩක් හොඳ දෙයක්...
Deleteදෙමාපියන්ට උපදෙස්
ReplyDeleteඒ නමත් නරක නැ කොච්චී..
Deleteපේනවට වඩා ගැඹුරුයි ඒ නම
Deleteඇත්තටම ගැඹුරක් ඒ නමේ තියනවා කොච්චී.. මම යන වේගෙට බ්ලොග් ලෝකේ නොයන නිසා තව අදහස් එකතු වෙනකන් මම ඉන්නේ නමක් තෝරන්න....
Delete