පුංචිම පුංචිම හිනාවක්
පුංචිම පුංචිම සතුටක්
දිලෙන පුන් සඳෙන් බිඳක්
රැඟෙන හදමු ද හීන පිරුනු
පුංචිම පුංචිම නිවහනක්..
පුංචි පුංචි නිහඬ පියවර මනිමින් අමාරුවෙන්
හිමින් හිමින් එවී ජීවිතය
තොල්පෙති මගේ සිප ගනීවි සිරකර
එන්න
ගයන්න නිහඬව හිමින් රහසින්
මේ මිහිකතේ හදවත
අපි බෙදා ගනිමු ද රිද්මය
එවිට එහි බිඳක් ඔබේ , බිඳක් මගේ
මේ හීන පිරි අපේ පුංචි නිවහනේ..
තොල්පෙති මගේ සිප ගනීවි සිරකර
එන්න
ගයන්න නිහඬව හිමින් රහසින්
මේ මිහිකතේ හදවත
අපි බෙදා ගනිමු ද රිද්මය
එවිට එහි බිඳක් ඔබේ , බිඳක් මගේ
මේ හීන පිරි අපේ පුංචි නිවහනේ..
බිත්ති සතරකින් වට වුනු සීමා මායිම් ඕන නැ
නමුත් කවුළු තවමත් ඇරලා
සුදෝ සුදු වලාකුළු තියේවි ඉහළින් සෙවණ සදමින්
කොළම කොළ පැහැති අතුපතර අපව වටා පවන් සලාවී
පුංචිම පුංචි රන්ඩුවක් වත් ඕන නැනේ දෙසවනේ මගේ
ඒ වෙනුවට නිම්නැති සතුට රැගෙන විඳින්න
හැම මසකම ආදරය නමැති කාසි වැසි වසීවි......
ප.ලි: රයිගම් හන්දියේ , සුපිරි සඳ පෝස්ට් එකේ සඳේ පින්තූර ටික දැක්ක ගමන් මට මේ සින්දුව මතක් උනා.. මට තියනවා හීනයක් වගේ ආසාවක් තට්ටු ගානක් උස ගොඩනැගිල්ලක වහළයට නැඟලා (එක්කෝ නිම්නයක) පුර හඳ පායාලා අතරින් පතර වළාකුලුත් මඳ පවනත් තියන දවසක මුලු රෑම හඳ දිහා බලාගෙන ඉන්න...
ලොවම නිදන කඩුපුල් හිනැහෙන රැයක
ReplyDeleteගතම විඳින සඳ කිරණැති නිම්නයක
සුවම දැනෙන උඳුපියලිය හරිතයක
රැයම ගෙවනවිට අප තනිකර යාවි දුක.......
. ජයවේවා!!!
ලස්සන කවියක් දුමී, ස්තුතියි...
Delete