මීට කාලෙකට ඉහත ඉඳන් බ්ලොග් ලෝකෙත් වෙනත් බොහෝ තැන් වලත් තාත්තලා ගැන කියවා ඇති අතර ඒ හැම කියවීමකදිම මගේ තාත්තා ගැන දැනෙන්නේ අපරිමිත ගෞරවයක්.. තාත්තලා දරුවෝ ගැන හිතන එක ඒ තරන් දුලබ දෙයක් නෙමේ.. ඒත් සැමියෙක් තම බිරිඳ ගැන හිතන විදිහ එක්ක මගේ තාත්තා ගැන කියන්න මට වචන නැහැ.. දැන් නම් මම එවැනි ලිපි කියවනවා හරි අඩුයි.
එසේ අප වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් තමන්ගේ හීන කැප කරන තමන්ගේ ජිවිතය කැප කරන තාත්තලා ඇත්තේ අතලොස්සක් බව සක් සුදක් සේ පෙනෙන කියවීම් මට වැඩි වැඩියෙන් මගේ තාත්තා ගැන සිතන්න බල කරයි.. ඇයි තාත්තා සාමාන්‍ය තාත්තෙක් නොවුනේ... ඇයි හිතුමානෙපට වැඩ නොකලේ... ඇයි අම්මා වෙනුවෙන් තාත්තා ඒ තරන් කැප වුනේ.. ඇයි අපි වෙනුවෙන් ඒ තරන් කාලය වෙන් කලේ...තමන්ගේ හීන අමතක කලේ.. මේ හැම ප්‍රශ්නයකින්ම වැඩියෙන්ම හිත රිදෙන්නේ අද අපි තාත්තා මවපු ලෝකේ හිමින් හිමින් පියවර මැනලා තාත්තාගේ හීන ලෝකේ ඇතුලේ ජීවත් වෙද්දි ඔහු අපි ලඟ නැති නිසයි... විශේෂයෙන් මගේ මල්ලි අද ඉන්න තැන දකින්න ඔහු හිටියා නම්... මගෙන් තාත්තා බලාපොරොත්තු උන තැනට යන්න තව පොඩි දුරක් මම යන්න ඕන...
මම අර ඉහතින් අහපු හැම ප්‍රශ්නෙකටම පිළිතුර තියෙන්නේ තාත්තගෙම ජිවිතය පිටුපස කියලයි මට හිතෙන්නේ.. ඒ ඔහුගේ විදිහ මිස අපගේ පෙර පිනක් හෝ වාසනාවක් හෝ නොවේ යයි සිතමි.. ඔහු මගේ අම්මාව කසාඳ නොබැඳ වෙන ගැහැනියක් කසාඳ බැන්ඳා නම් ඒ ගැහැනියත් දරුවන් ලද හොත් ඒ දරුවන්ටත් මේ අප ලැබු හැමදේම ලැබෙන බව අද මට වටහා ගත හැක්කේ අන් අයගේ තාත්තලා ගැන කියවීමෙන්මය..
මම අර ඉහතින් අහපු හැම ප්‍රශ්නෙකටම පිළිතුර තියෙන්නේ තාත්තගෙම ජිවිතය පිටුපස කියලයි මට හිතෙන්නේ.. ඒ ඔහුගේ විදිහ මිස අපගේ පෙර පිනක් හෝ වාසනාවක් හෝ නොවේ යයි සිතමි.. ඔහු මගේ අම්මාව කසාඳ නොබැඳ වෙන ගැහැනියක් කසාඳ බැන්ඳා නම් ඒ ගැහැනියත් දරුවන් ලද හොත් ඒ දරුවන්ටත් මේ අප ලැබු හැමදේම ලැබෙන බව අද මට වටහා ගත හැක්කේ අන් අයගේ තාත්තලා ගැන කියවීමෙන්මය..
මම මගේ සැමියා වෙනුවෙන් කල හැමදෙයක්ම පිටුපස ඉන්නේ මගේ තාත්තගේ හෙවනැල්ල බව කියද්දි ඔහු මාත් එක්ක තරහ ගන්නේ තාත්තා ගැන මගේ හිතේ තියන ආදරය ලඟට ඔහුට කිසිදිනක එන්න නොහැකි බව පෙනෙන නිසා වෙන්න ඇති.. ඒ ගැන ඔහු මට රිදවන හැම මොහොතකම තවත් වැඩියෙන් තාත්තට ලං වෙන බව ඇයි ඔහුට තේරුන් ගන්න බැරි... ඔබට බොරු කරන්න මට බැහැ.. ඒ ආදරය ලඟට එන්න ඔබට බැහැ......
මගේ මල්ලියි මමයි බාහිර පෙනුමෙන් පොඩ්ඩක්වත් එක වගේ නැහැ... හරියට වෙන දෙමාපියන්ගේ වගේ.. (ඒ වගේ තවත් අයියෙකුයි, නංගියෙකුයි ඉන්නවා අපේ පවුලේ..) මල්ලිට ඉස්සර අපි විහිලු කරනවා කාගෙන් හරි ඉල්ලන් ඇවිත් කියලා.. අඬන එක තමයි එයාගේ උත්තරේ... අපි දෙන්නා පොඩි කාලේ රන්ඩු වෙද්දිත් හැමදාම මල්ලි මට දිනන්න දෙන්නේ එයාගේ ඇස් වල කඳුලු පිරිලා තියෙද්දි.. ගෙදරින් බැනුන් අහන්නෙත් එයා... O/L කාලේ මට හොඳට මතක සිදුවීමක් තියනවා මගේ වැරැද්දකට තාත්තා හොයන්නේ බලන්නේ නැතුව මල්ලිට බැනපු.. එදත් මගේ මල්ලි වචනයක් වත් මට එරෙහිව කිව්වේ නැහැ.. අපි අතර තියන ආදරය වචනයෙන් ප්‍රකාශ උනු දවසක් තියනවා මගේ ජිවිතයේ කිසිදවසක අමතක නොවෙන...එදා තමයි මම හරියටම තේරුන් ගත්තේ මම මොනවා කලත් මල්ලිගේ ආදරය වෙනස් නොවෙන බව...
ඉතින් මගේ සැමියා මෙන්න මේ ආදරයත් තේරුන් ගන්නේ නැහැ.. ඔහු කියන දේ නොඅහන මම මල්ලි කියන දේ එක පාරින් අහන බව මට රහසින් කියමින් මගේ හිත රිද්දන ඔහු කොහොමද මගේ හිතට ලං වෙන්නේ... ඔබට බොරු කියන්න මට බැහැ.. ඔබට ඒ ආදරය ලඟට එන්න බැහැ...
මගේ ඉවසීමේ සිමාව පනින්නේ ඔහු මාව රිදවන්න මගේ පුතාව භාවිතා කරපු දවසේ ඉඳලා... ඔබට බොරු කරන්න මට බැහැ.. අම්මා කෙනෙක්ගේ ආදරය ලඟට එන්න ඔබට බැහැ... රිදවන්න එපා මාව මට වෙනස් කරන්න බැරි දේවල් වලට.. මට අද ඔබව දකිද්දි මතක් වෙන්නේ පුංචි කාලේ කියවපු කතාවක්. මගේ ජිවිතයේ ඉන්න ඕන නියම තැන ඔබ ඉන්න.. අනිත් හැමෝම ඒ ඒ අයට හිමි තැන් වල ඉඳිවි නොවෙනස්ව...
Don't Hurt Me. |
ඔබට ආදරය කරන්න මම හිතුවේ නැහැ.. ඒත් දැක්ක දවසේ ඉඳලා මම ඔබට ආදරය කරන්නේ අද මම ඉන්න තැනට එන්න හදපු ඉණිමඟ කඩලා බිඳලා දාන්න නම් නෙමේ.. ඔබට මාව අද හිමි වුනේ ඒ ඉණිමඟ කැඩෙන්න නොදි මට ඉහළට නගින්න තමන්ගේ කාලය වැය කරපු අය නිසයි... ඒ ඉණිමඟේ එක ඉණ්නක් හරි හරියට නොබැන්දා නම් මම අද මෙතන නැහැ... අන්න ඒක ඔබට තේරුන්ගන්න පුලුවන් නම් මම හැමදාම ආදරය කරපු ඔබේ ඇස් දිහා බලන්න මම බය නැහැ... ඔබට එය තේරුන් ගන්න බැරි නම් ඕනම වෙලාවක මගේ ජීවිතයෙන් යන්න දොරඟුලු ඇරලා...
ප. ලි. : මගේ ජීවිතයට මෙතෙක් ලොකුම බලපෑමක් කල ඔහුට යන්න කියලත් නොයන එක වෙනම කතාවක්.... මම ඔහුගේ දෙමාපියන්ගෙන් බැනුන් අහනවා ඔහුව වෙනස් කලා කියලා.. මම කලේ ඔහුට ඔහු වෙන්න දීපු එක විතරයි කියලා කොහොමද මම පැහැදිලි කරලා දෙන්නේ...බැඳිම් කියන පැටලුනු නූල් බෝලය ටිකෙන් ටික ලිහාගෙන යන ගමනේ අහම්බෙන් නැවතුනු මේ නිම්නය දිහා ඉහළ අහසේ ඉඳලා බලන්න, වළාකුලක් වගේ සැහැල්ලුවෙන් පියාඹලා යන්න, තටු ලැබෙනකන් හිටිය කාලේ හිමින් හිමින් ගෙවිලා ගිහින්....
හප්පච්චියේ...අද නිවාඩු දවසෙ පොඩි අඩියක් ගහලම කල්පනා කරන්න තරම් කරුණු තියෙනව නෝනගෙ මේ ලියවිල්ලෙ....
ReplyDeleteඔබට මගේ ගෞරවනීය ආචාරය අවංකව තම හැඟීම් ප්‍රකාශ කිරීම පිළිබඳව...ඔබ හරියටම හරි..පියාණන්ට සහෝදරයින්ට සැමියාට සහ පුතාට කාන්තාවකගෙන් පිදෙන ආදරය වෙනස්..එහෙම වෙන්නම එපාය නැද්ද? ඒ සරල සත්‍යය තේරුම් ගත්තානම් ඒ යථාර්තය පිළිගත්තානම් කිසි අවුලක් නෑ මෙතන...
අපෙ උන්දැත් එහෙමයි..අප්පච්චිට අයියල දෙන්නට පණ ඇරල.ඇත්තම කිව්වොත් මට කිසිදවසක ඒ තත්වය ප්‍රශ්ණයක් වුනේ නෑ. ප්‍රශ්ණයක් කරගන්නව වෙනුවට මම කලේ ඒ තත්වය තව වැඩිදියුණු කරල පොඩි පොඩි වාසි ගන්න එක.හෙහ්..හෙහ්..උදාහරණයක් ලෙස මත්පැන් පානය ගමු...බඳිනකොට අපෙ උන්දැ හිතාගෙන හිටියෙ ඔය සුට්ටක් බොන එක ආනන්තරිය පාපකර්ම වලින් එකක්ය කියල.මම කලේ සද්ද නැතුව ඉඳල උන්දැගෙ ලොකු අයියව අල්ලගෙන වැඩේට සෙට් කරගත්ත.එදා ඉඳල අපෙ උන්දැ එක වචනයක් කියන්නෙ නෑ ඒ ගැන.අන්න එහෙමයි උපායමාර්ගික මෙහෙයුම් කියන්නෙ..නොහොත් ස්ට්‍රැටජිකල් ඔපරේෂන්ස්...:)
මම මේක කියෙවුවේ නෑ.මම වැඩ ඇරිලා එනකොට කියෙවුවේ කලින් පෝස්ට් එක.ඒ ඇවිල්ලා කමෙන්ට් කරන්න එද්දී තියෙන්නේ තව එකක්.ඔයාගේ නිදහසට බාදාකරන්න කාටවත් බෑ.ඒක ඔයාගේ අයිතිය.ඒ වුනාට කියවන කෙනාගේ අයිතිය ගැනත් හිතලා පෝස්ට් පබ්ලිශ් කරන්න.ඇරියස් කවර් කරනවා වගේ පොඉස්ට් පබ්ලිශ් කරන්න එපා "මහත්මිය".
ReplyDeleteකියන්නේ මොකද්ද කියලා අනිත් අයට තේරුම්ගන්න කාලයක් දෙන්න කරුණාකරලා. දැන් කියන්න එපා, මට කාගෙවත් අදහස් වැදගත් නෑ.මගේ බ්ලොග් එකේ ලියන්නේ මට ඕනේ දේවල් " කියලා.එහෙම ලියන්න ඕනෙනම් cr පොතක් අරගන ලියනවනේ. මේ ලියන ලිපියකට සංවාදයක් ඇතිවෙන්න ප්‍රමාණවත් කාලයක් දෙන්න.ඒක එහෙම කරන්න බැරිනම් cr පොතක් අරගන ලියලා මැරෙන වෙලාවක පුතාට දෙන්බ මේ .අගේ සිතුවිලි කියලා.
කොටින්ම අපේ අක්කගේ හස්බන්ඩට අපේ අක්කට කියල තේරුම් කරලා දෙන්න බැරි දේවල් පොර කියන්නේ මට. ඊට පස්සේ මම අක්කට කියනවා ඒක මගේ අදහස වගේ. මස්සිනාගෙයි මගෙයි කුමන්ත්‍රන. අන්තිමට අපි දිනනවා. හෙහ් හෙහ්.. අනිත් පැත්තට අක්කත් ඔය වැඩේම කරනවා. "මල්ලි මේ තමුසේ ශේප් එකේ පොඩ්ඩක් කතා කරලා බලනවා කියල" හෙහ් හෙහ් මම ඉතින් අනිත් පැත්තටත් ඕක කරනවා. අරූව හැබැයි අන්දන්න අමාරුයි. ඌ දන්නවානෙ වැඩේ යන විදිය. හැබැයි ඉතින් අන්තිමට ප්‍රශ්නේ වින්-වින් විදියට විසඳිලා යනවා.
ReplyDeleteඔය බැඳීම් හරි සරලව තේරුම් ගන්න ඕනේ. කාටවත් කාවවත් වෙනස් කරන්න බෑ. හැබැයි ආතල් එකේ ජිවත් වෙන්න පුළුවන් සරල දේවල් ටිකක් හරියට තේරුම් ගත්තම..
උපුටාගැනිමකි
ReplyDelete//
හිතක් තිබිය හැකිද, කියවන්න හැකි මුළුමනින්ම? හිතක් ඒ සිතුවිලි ගොන්නත් එක්කම එකට ගත්තත් හිතාගන්නට බැරිනම් අපේ හිතුවිලි? කොතරම් දුර්වලද එහෙම හිතන එක..
ගොඩක් දේවල් බැඳිලා තියෙන්නේ අපේ හිතත්, ඒ හිතේ ඒ දේවල් ගැන තියෙන ආකල්පයත් හින්ද. දරුවෙක් තමන්ගේ නම් එක ආදරේකුත් අනුන්ගේ නම් තව ආදරේකුත් වෙන්නේ අපේ ඒ බැඳීමේ පරතරය පෙන්නන මිනුම්දඬු වගේ. ඒ වගේමයි... මෙතෙක් කාලයක් නිකන්ම යාළුවෙක් , අදහස් දක්වන්නෙක් වෙලා ඉඳල එක පාරටම ( ඇත්තටම කියනවා නම් එකපාරටම නෙවෙයි, 'එක පාරටම ටික ටික' ) වෙනත් අර්ථයකින් දකින්නෙක් උනහම අපේ හිතේ ඒ අදහස්, අංගචලන, ප්‍රතිචාර ගැන වෙනස් චිත්‍රයක් මැවෙන්නේ...
කොතරම් ආදරයක් තිබිය හැකිද හිතක් තුල සැඟවිලා..? කියාගන්නට , මනින්නට බැරුව..?
මගේ සෙනෙහස
මෙතෙක් වේයැයි
මනින්නට තව
උගෙන නැත ඔබ
මගේ අවසන්
සුසුම පමණද
අවැසි ඔබහට
මා දකින්නට......
බිරිඳක් ලෙසට , සැමියෙක් ලෙසට, පෙම්වතෙක්; පෙම්වතියක් ලෙසට අපි දකින ආදරේ දරුවෙක් ලෙසට, මවක් ලෙසට විඳින, ලබන ආදරේට වඩා වැඩියෙන් ගුප්තයි.
මට ලියන්නට අවැසිවුයේ මෙපමණයි....
මගේ හිත තුල , ඔබ ගැන තිබුණු ආදරේ ගුප්තයි. ඔබ පිරිසිඳු ජලතලාවක් සේ පැහැදිලි වුවත් මම ගොහොරු මඩක් සේ අඳුරුයි. චපල මගේ හිතට දෙන්නට ඔසුවක් ඔබ ළඟ තිබෙනවා නිසැකයි. ඒ ඔසුව නොලබාම මියයන්නට මට ආසයි....
// උපුටාගැනීම අවසන්
දියණිගෙ සෙනේ වැඩිපුර පියතුමා ලබයි
ReplyDeleteඅක්කගෙ සෙනේ ටොකු කෑ සොහොයුරා වෙතයි
අම්මගෙ සෙනේ ඇති පුතු ඇගෙ පණට සමයි
බිරිඳගෙ සෙනේ අඩු ඇයිදැයි සැමිය අසයි........
හීන දකින්නිගේ බ්ලොගයට ආව දවසේ ඉදන්ම මට දැණුනු දෙයක් තියෙනවා. ඒ තමයි තම පියාට බොහෝ සෙනෙහසක් ඔබ තුළ තිබෙන බව. බොහෝ දුරට කථා කරන දේ අතරේ තාත්තා ගැන සඳහන් කරන්න හීන දකින්නී අමතක කරන්නෙම නෑ. අම්මා, මල්ලි ගැනත් දඟ මල්ල ගැනත් වරින් වරේ මතක් කෙරුවත් ඊට වඩා තාත්තා ගැන ලියූ බවයි මට හිතෙන්නේ.
ආදරය එකිනෙකාට බෙදෙන ආකාරය, එකිනෙකා විඳින ආකාරය වෙනස්. ඒ කොහොම වුණත් ආදරයට කවුරුත් ආදරෙයි. ඒක තේරුම ගැනීමයි වැදගත්.
පැතුම්ගේ කතාවත් හරි.
ජයවේවා!!!
ආදරය සාපේක්‍ෂ නිසා සංසන්දනය කිරීම වැරදියි කියලයි මම හිතන්නේ... ජයවේවා...
ReplyDeleteමේක ටිකක් අවුල් සහගත තත්වයක්. අපිම තමයි පටලවගෙන තියෙන්නේ. නිම්නි...මම මගේ අම්මාට ආදරෙයි. නමුත් මගේ ජීවිතයේ සවිමත්ම බැඳීම තියෙන්නේ මගේ සහකාරිය එක්ක. එතනින් තමයි ජීවිතේ ඊලඟ පරම්පරාව තුලට පවුල් ඒකකය අරන් යන්නේ. ඒ විදිහටම තමයි ඇය මා පිලිබඳව සිතනවා ඇත්තෙත්. දෙමව්පිය සහෝදර, සහෝදරියන් හා ඇති බැඳීම් විශිෂ්ඨ විය යුතුයි. ඒත් අපි අමතක කරන දේ තමයි, ඊටත් ඉහලින් තම කුටුම්බය ස්ථාන ගත විය යුතුයි කියන කාරනය. අපේ වැඩිහිටි දියණිය එදා වගේම අදත් මගෙන් අහන බොරු ප්‍රශ්නයක් තියෙනවා.එයාට වයස විසිහතක්. තාත්තේ ඔය වැඩියෙන්ම ආදරේ අම්මාටද මටද කියලා. මගේ උත්තරය තමයි..ඔයාගේ අම්මාට. එයා තමයි මගේ බිරිඳ කියන එක. ඔය ප්‍රශ්නෙම එය මගේ වයිෆ්ගෙනුත් අහනවා. ඒකට උත්තරේ වඩාත් ආදරේ තාත්තට..ඊට පස්සේ ඔයාට කියන එක. මම හිතන්නේ අප අපේ පවුලට තමයි වඩාත් ආදරය කරන්න ඕන. ඒකට දෙමව්පියන්, සහෝදර, සහෝදරියන්, දරුවන් තරහ ගන්නේ නැහැ. ඒක තමයි විය යුත්තේ. මේක ඉතා සියුම්ව සහ වහාම වටහාගත යුතු තත්වයක්. මේ මගේ පෞද්ගලික අදහස.
ReplyDeleteමම නිම්නා කියවල තේරුම් අරන් තියෙන තරමට, මේ වියමන නිම්නාගේ පෞද්ගලික ගැටලුවක් විතරක්ම වෙන්න බෑ..සෑම සම්බන්ධයක්ම, බැඳීමක්ම සීයට සීයක් සාර්ථක වීම හෝ කිරි සුදු වගේ පිවිතුරුබවක් තිබීම හෝ ස්වභාවික වෙන්න බැහැ...අපි කවුරුවත් සර්ව සම්පූර්ණ මිනිසුන් නෙවෙයි..එහෙම හිතන එකම දුර්වලතාවයක් සිතිවිලි වල...නිම්නා මේ ලියමන කරන්න ඇත්තේ මේ වගේ අඩුලුහුඩු කම් තියෙන තවත් සම්බන්ධවල වෙලී සිටින ඈත්තන්ගේ ඇත්තියන්ගේ ඇස් අරින්න වෙන්නත් ඕනි...
ReplyDeleteවිශ්වාසයෙන් අදහස් හුවමාරු කරගැනීම ඕනෑම සම්බන්ධයකට අවශ්‍ය මූලික අංගයක්. කොමියුනිකේෂන් ගැප් එකක් නිසා, ඒ කියන්නේ දෙන්නා දෙමහල්ලො තමන්ගෙ සිතැඟි ඒ අයුරින් එලිදක්වන්නෙ නැති තත්වයක් උනාම, සම්බන්ධතාවය ඉදිරියට ගෙනයෑමේදී, පාර්ශව දෙකටම අන්ත පාඩු සිදුවෙනවා නිරපරාදේ..මම හිතන්නෙ, නිම්නා ලියන දේවල් වලින් හැඟෙන්නේ, මෙතන ආදරයක් නැතුව නෙවෙයි ඇති ආදරය බෙදාහදාගැනීමේ ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ..
ඇස් වලින් විතරක් කතා කරලා, ව්‍යාංගයෙන් විතරක්ම අදහස් ප්‍රකාශනය කරන අවදිය ඉක්මවු සම්බන්ධයක් විවාහය කියන්නේ...එහෙම උනාට ඒ අංගයන් විවාහ ජීවිතයෙදි තිබිය යුතුමයි...දිග කාලයක් දෙදෙනා අතර දෑත් අල්ලගෙන ඇස් දිහා බලාගෙන ආදරෙන් කෙරෙන අදහස් හුවමාරු නැවතුනාම, සංවේදී පාර්ෂවය අනාත තත්වයකට පත්වෙනවා...අවුරුදු හය හතක විවාහ ජීවිතයක් පසු වෙනකොට දෙපාර්ෂවයේ අඩුපාඩු වාගෙම , අදහස් හුවමාරු කරගැනීම ක්‍රම්වේද ඉබේම සොයාගන්න ඕනි..පුද්ගලයාගෙන් පුද්ගලයාට එය වෙනස් වෙන නිසා වෙන්නැති කාලය අවශ්‍ය එය හඳුනාගැනිමට...
අපි හුඟදෙනෙක්, විශාල කැප කිරීම් කරනවා විවාහ සංස්ථාව පවත්වාගෙන යන්න...ප්‍රධානතම දෙය තමයි හැඩැගැසීම...තරුණවිය පසුකරමින් මැද වියට පාතබන යාමයේ වෙන විවාහය සමග කිසිමදිනක නොදුටු, නොහිතපු තව කෙනෙක් එක්ක අතිශය පුද්ගලිකත්වය බෙදාහදාගන්න එක, මනුෂ්‍ය ආත්ම ලබපු අප වැන්නන්ට හරිම අසීරු කරුනක් උනත්, කාලය එය විසඳනව කාටත් නොදැනී...අපට හුරු පවුල් සමාජය, චාරිත්‍ර වාරිත්‍ර වගේම යහලු යෙහෙලියන් පවා වෙනස් වෙනවා විවාහයත් සමගම. අප එයට සමගාමිව වෙනස් වියයුතුමයි. අප වෙනස් නොවී අනික් පාර්ෂවයට වෙනස් වෙන්න කීමවත්, අනිත් පාර්ෂවයේ සිතැඟි පරිදි සීයට සීයක් අප වෙනස් වීමවත් නෙවෙයි ඒ...ගිව් ඇන්ඩ් ටේක් සංසිද්ධියක් විය යුතුයි..
කාලයට පොඩ්ඩක් ඉඩදෙන්න....පිරිසිදු, පිරිච්ච හිතකින් දෙදෙනාම සොඳුරු සංවාදයකට මුල පුරන්න...සංවාදය නිහැඬියාව බිඳීවි..ඔබ දෙපොලම නිහැඬියාව නිසා වද විඳිය යුතු අයවලුන් නෙවෙයි....!
සංසංදනය කිරීම දුකට, අසහනයට මෙන්ම විනාසයකටද මුල් විය හැකි බව අත්දැකීමකි. එමෙන්ම සම්‍යක් ප්‍රයෝග නොදත් අයට පසුතැවිලි වීමට සිදුවිය හැක. මෙමලිපිය ඉවත් කරන ලෙස යෝජනා කිරීමෙන් වැඩක් වේ දැයි නොදනිමි.
ReplyDeleteමේ ලිපියට ඔබ ලියු අදහස් වලට මගේ අදහස් එකතු කිරිමෙන් වැළකි සිටින්නේ මෙතන කිහිප දෙනෙකුගේ කතා වල එකතුවක් ඇති නිසයි.. කියවා ඔබේ අදහස් නිම්නයේ ලියා ගිය සැමට බොහෝම ස්තුතියි..
ReplyDeleteකටුස්සෝ.. මම ලියන දේවල් වල හිමි කරුවන් සංවාදයට එන්නේ නැතුව කොහොමද අහක ඉන්න අපි සංවාද ගොඩ නඟන්නේ.. එතකොට ඒකපාර්ශවීයයි නේද..මං හැමදාම ලියලා ඇති මේ මගේ කෝණය විතරයි..
ඒකනේ කටුස්සෝ කාටවත් නිම්නය කියවන්න කියලවත් අදහස් දක්වලා යන්න කියලවත් මම ඉල්ලීමක් කරලා නැත්තේ..අපි හැමෝටම පුලුවන් අපේ අදහස් නිම්නයේ ලියලා යන්න විතරයි...අසම්පූර්ණ කතිකාවතක් ගොඩ නඟන්න මහන්සි වෙන්න මට ඕනි නැහැ.. මම මේ ලියන්නේ මගේ හිතට ඕන නිසා...තව වැඩි දවසක් මේ ලියවිලි එළිදකින එකක් නැහැ...
මේ ලෝකේ හැමෝම එකම විදිහට එකම වේගෙන් එකම රාමුවක් ඇතුලේ යන්න ඔනේ නැ කටුස්.. එහෙම යන්නත් බැ.. වෙනස්කම් තිබුනට කමක් නැ...ඒක ඔබත් ඔබ වගේ හිතන අනිත් අයත් තේරුන් ගන්න ඕන මම හිතන්නේ...
කටුස්සෝ ඔබට තියා කාටවත් පුලුවන්ද ඉර නැගෙනහිරින් පායලා බටහිරින් බැහලා යන එක නවත්තන්න..
මෙන්න මේ සිංදුව අහලා බලන්න..
ඉයන් දෙයක් උනාට පස්සේ ඒක අයිති අතීතයට.. ඉවත් කලා හා සමානයි නේද එහෙම හිතුවම...ඒ වගේම කෙනෙක් දෙයක් කරන්න කලින් හිතන්න ඕන එයින් වෙන ප්‍රතිවිපාක..මේ ලිපියේ ඉන්න චරිත වල ලිංග බේධය මාරු කරලා තව විදිහකට මේ කරුණ දිහාම බලන්නත් පුලුවන්...