Monday, December 12, 2016

අත්, අත්ල, අතැඟිලි සහ ඇසූ අදහස්



My hands.. That ring now 20years with me.. තාම අපලේ ගෙවිලා නැලූ :)



"අනේ හරී සිනිඳුයිනේ, Cute  අනේ , ගෙදර වැඩක් නම් කරන්නෙ නැ වගේ නේද?

"හරි Soft නේ , මොකො ඒ ,  නරකද දැන්වත් ගෙදර වැඩක් පලක් කරා නම්"


"කොහොමද අනේ ඔයා මෙහෙම තියාගන්නෙ, කෝ බලන්න , හරියට පූස් පැටියෙක්ගේ  වගේ"

"අප්පා, හොඳට  maintain කරනවා වගේ, හරි වෙලාවක් යනවා ඇති නේද, මේ ඇත්තටම  ඔයාට ඕවට වෙලාව තියනවද"

"Not bad , ඇයි මේ දිලිසෙන්නේ ? මොනවද ගැවේ ? "

"ම්ම්ම්ම්, කෝ මේකේ රේඛා නැනේ, ඉතින් කොහෙද සාස්තර කියන්නෙ, මේකේ හැටියට අක්කේ, ඔයාට luck එක තියනවා, හැබැයි......  එක්කෝ ඕන නැ "


"තාමත් ඉස්සර වගේමයි......."



ප.ලි. : ලිව්වට පස්සේ පබ්ලිශ් කරනවද නැද්ද කියලා දෙපාරක් හිතපු එකම ලිපිය....

29 comments:

  1. මගේ නන්ගිටත් තියෙන්නෙ ඔය වගෙ ඈගිලි....පොඩි කාලෙ එයා ඉපදුනාම අම්මා එයාගෙ අත් දෙක ඩොක්ටට පෙන්වල වතුර පිරිලා කියල බය වෙලා....
    මගේ වෑඩේත් ඉස්සර එයා පොඩි කාලෙ අත අල්ලගෙන ඈගිලි ඔබල බලන එකලු....
    තාමත් අත් දෙක ඔය වගේම තමයි...පොඩි කොල්ලො තුන් දෙනෙක්ගෙම අම්මා වෙලත්....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ, කාලෙත් එක්ක වෙනස් වේවි මේ හැමදේම...

      Delete
  2. මොකක්ද හලෝ අපලේ?

    ReplyDelete
    Replies
    1. අම්මලගෙන් තමයි හලෝ අහන්න ඕන... මට කිව්වා දාන්න කියලා.. එකපාරක් මං බෑ කිව්වට ඇහුවේ නැ අම්මා.. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මුද්ද අතේ.. මේ මුද්ද කීප සැරයක් නැති වෙලත් හම්බෙලා තියනවා... කවුරුහරි හොයලා ගෙනත් දෙනවා...

      Delete
    2. ඒක තමයි එහෙනං අපලේ...:)

      Delete
  3. පෙර දින නුඹත් දඟ මල්ලක් වෙන්න ඇතී
    ඉර පරදනා සැර ළමයෙක් වෙන්න ඇතී
    කර දර නුඹේ ඉවසන්නට බැරුව ඇතී
    සිර කොට නුඹව ඔය මුදු දම්මන්න ඇතී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමීට අපේ අම්මා තෑග්ගක් දේවි මේ කවිය දැක්කා නම්.. :) :)

      Delete
    2. එහෙනම් ඉක්මනට අම්මට පෙන්නුවනම් හරි...

      Delete
    3. අර මගේ පින්තූරය ඇන්ද දාට අම්මා දෙන්න යන තෑග්ග මම දුමීට දෙන්නම්...:)

      Delete
    4. දුමීගෙ කවිය කියවලා මට හිනාව නවත්ත ගන්නත් බෑරි උනා....
      හරිම ලස්සන පද ගෑලපීමක්....

      නදී අක්කා

      Delete
    5. හ්ම්. හීන දකින්නිගේ තාත්තාගේ පින්තූරයක් නේද අඳින්න ඔනේ. ( අද දෙරනෙ 1.30 ට කරු සර්ගෙ වැඩසටහනක් ගියා. ඒකෙ මම ඇඳපු සර්ගෙ පින්තූරෙත් පැත්තක පේන්න තිබුණා)

      Delete
    6. ස්තූතියි නදී අක්කේ. කවියට කැමතිනම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න.

      Delete
    7. නැ දුමී, මට ඕන මගේ පින්තූරයට දුමීට කියලා ඇඳගන්න.. කොහොමද දුමී ඒ වැඩසටහන බලන්නේ.. මොනා කලත් තමන්ගේ හැකියාවන් නොමිලේ කාටවත් භාවිතා කරන්න එපා දුමී මේ ලෝකේ...


      නදී අක්කේ, දුමීගේ කවි කවදවත් හරි ලස්සනයි...

      Delete
    8. ඒත් හීන දකින්නී මම ඇඳපු පින්තූරෙකින් කෙනෙක් සතුටු වෙනවානම් මටත් සතුටුයි. එදා සර්ට මම ළමයි 40 ඉදිරියේ පින්තූරෙ දුන්නාට පස්සෙ සර්ගෙ ඇස්වල කඳුලු පිරුනා. සතුට වැඩි කමට මගේ ඔලුවත් ඉම්බා.

      Delete
    9. තමන් ගරු කරන කෙනෙක් වෙනුවෙන් එහෙම කලාට දුමී අනිත් අය ගැනත් එහෙම හිතලා හැකියාව දිය කරලා දාන්න දෙන්න එපා..හැකියා වලින් උඩට එන්න නම් නමට මිලක් තමන් හදාගන්න ඕන..

      Delete
    10. ඒකත් ඇත්ත.

      ජයවේවා!!!

      Delete
    11. දුමී.. මම හිතට ඕන විදිහට ජීවත වෙන්න ආස කෙනෙක් පොඩි කාලේ ඉඳලා.. හැබැයි මගේ හැකියාවන් එකින් එක හොයලා ඒ හැම හැකියාවකටම දෙන්න ඕන නියම තැන මාව තියන්න හැදුවේ මගේ දෙමාපියන්.. අපිට ලෝකේ යන අත වෙනස් කරන්න බැ දුමී.. පැවැත්ම ගැනත් හිතන්න වෙනවා , හිතත් සතුටු කරන ගමන්...:)

      Delete
    12. කමෙන්ට් නොකෙරුවාට දුමීගෙ බ්ලොග් එකටත් නිමිනය හරහා මම නිතර යනවා...
      ( නිවාඩුවක් ලෑබුන ගමන් නෑයො බලන්න යනවා වගේ තමයි...)
      හරිම ලස්සන පද වෑල් බ්ලොග් එක පුරාම දකිනවා.
      ඔයාලා හෑමොගෙම දක්ෂතා දෑක්කම මට හරිම සතුටක් දෑනෙනවා .....
      Nadee akka

      Delete
    13. ස්තුතියි. නදී අක්කටත් බ්ලොග් එකක් පටන් ගන්න බැරි නෑනේද?

      Delete
  4. ඇයි ගෑනු ලමයි වාඩිවෙලා ඔය විදිහට අත් දෙක තියාගන්නේ :D

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ අරුන.. අහසේ තරු ගනින්න වෙයිද දන්නෙනැ මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේනැ.. අපිව දන්නේ නැ කවුරුත් අපිව දන්නේ නැ..... :D

      Delete
    2. @අරූ...මුද්ද පෙන්නන්න....;)

      Delete
    3. ශෙෆෝ.........මම සස්වාමිකයි ස්වාමි....සින්දුව මතක්වුනා මට.

      Delete
  5. මගේ කටේ හැඩය මෙහෙමයි, නහයේ හැඩය මෙහෙමයි, අතේ පයේ හැඩය මෙහෙමයි කියා, හිතෙන් දුක් විඳින අය සෑහෙන්න ඉන්නවා. ඔබ ඒ මෝඩ සිතුවිල්ලේ නොසිටීම සතුටක්.

    හොඳම හැඩය සහ ලස්සන තිබෙන්නේ ඔබේ සිතේ. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඔබත් එක්ක මම එකඟයි විචාරක..පිටින් පේන අපේ රූපේ මොන තරන් ලස්සන උනත් ඒ වගේම අඩුපාඩු තිබ්බත් ඇතුලතින් ලස්සන හිතක් හදා ගන්න ඒක ගැටලුවක් නෙමෙයි..

      ඇතුලතින් ඉන්න "ඔබ" අඩුපාඩු සහිත කෙනෙක් නම් පිටතින් පේන ලස්සන වැඩිකල් තියෙන්නේ නැ.. වැඩක් ගන්නත් බැ...

      Delete
  6. පින්තූරයක් ගන්න ඉස්සෙල්ල කොණ්ඩෙ බැඳගන්න එපායැ?

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ කඩලා ඉන්නේ ගෙදර ඉන්න නිසා ඉයන්..අනිත් එක පින්තුරේ ගන්නම තමයි කොන්ඩේ කැඩුවේ...:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...