Friday, April 29, 2016

Not Without You..........





Not without you
B'Coz when I look at my life
How the pieces fall into place
It just wouldn't rhyme without you
B'coz of you I understood my past 

B'coz  of you I have me in present
B'coz of you I know my future 
B'coz of you I know what to do now.
No one will believe this
But I know its true... 
I see me, in YOU 
in Past , Present & Future .





ප. ලි: මට මෙය ලියන්න නිමිත්ත උනේ ජීවිතයේ තීරණාත්මක, බොහොම සංකිර්ණ ගැටලුවකට මුහුණ දී සිටි අයෙකුට  ඉතා අහම්බෙන් හමු වෙන තවත් කෙනෙක් නිසා ඒ කෙනාගේ ජිවිතය සම්පුර්ණයෙන් වෙනස්ම මාර්ගයක, වඩා හොඳ අතට  ගමන් කරන්න ලැබුනු අවස්ථාවක්  අත්දකින්න  ලැබුනු  නිසයි, මෙහි එන කෙනාට අහම්බෙන් හමු වූ චරිතය හරියට අනාගතයෙන් ඇවිත්  මේ විදිහට ගියොත් තමන්ට වෙන දේ පෙන්නවපු කෙනෙක් වගේ....

Thursday, April 28, 2016

බලමුද ආයෙත් අවතාර්......හැබැයි ඇස් හොඳට ඇරලා

       ඔයාලට මතක ද " Avatar " චිත්‍රපටිය, අර නිල් පාට තැනින් තැන දිලිසෙන ඇඟක් එක්ක දිග කොන්ඩයක් තියන වලිගයකුත් තියන දැවැන්ත ජිවින් එක්ක ගැටෙන මිනිස් වර්ගයා ගැන රඟ දැක්වු සම්මානලාභි චිත්‍රපටිය. මම කීපවරක් බලලත් තවත් බලන්න හිතෙන එක තාම නැවතිලා නැහැ. කොහොමත් මං මගේ හිත ගත්තු තැන් වලට නැවත නැවත යන්න ආසයි. හිත කියන්නෙ කවදාවත් "දැන් ඇතී" කියන  කෙනෙක් නෙමෙනේ :)

Friday, April 22, 2016

එක වහලක් යට දෙදෙනෙක් - දෙදෙනාගෙ සතුට වෙනුවෙන් වෙන වෙනම....

      මම කසාදය කියන වචනෙට වඩා කැමති ජීවන සහකරුවෙක් සහකාරියකගේ එකතු විමක් විදිහට කතා කරන්න, දකින්න. එතනදි මම දකින්නේ මේ එක්විම  ගැනු පිරිමි හෝ වෙනත් රටවල නම් ගැනු ගැනු හෝ පිරිමි පිරිමි අය එකතු වීමම නෙමෙයි.  ඇට මස් ලේ නහර වලින් සැදුනු ජරාජිර්ණ වෙලා යන ශරීරය ඇතුලේ ජීවත්වන සිත් දෙකක් එකිනෙකා හඳුනාගෙන එකිනෙකාව නොරිදවා දෙදෙනාම තෘප්තිමත්  ජිවිතයක් ගත කීරිම උදෙසා එක්වීමක් විදිහට.

Thursday, April 21, 2016

දික්කසාදය සහ දෙමාපියන්ගේ සමාජ භිතිකාව.....



                            සමහර අසරණ දියණියන් තම දෙමාපියන්ගේ හිත් වල දික්කසාදය නම් වදනට ඇති සමාජ භිතිකාව සහ දෙමාපියන් තුල ඇති තමන්ට සමාජයෙන් එල්ල වන වාග් ප්‍රහාර දරා ගැනිමට ඇති නොහැකියාව නමින් මලවුන් මෙන් මියැදුනු කසාදයක් තුල ජිවත් වේ.....දෙමාපියනි මඳක් සිතන්න, ඔබලා ආදරය කරන්නේ තමන්ගේ  වැදගත් කමට ද ? අකාලයේ පන පිටින් මියැදෙන අසරණ දියණියට ද ?

Tuesday, April 19, 2016

" ඔන්න ඔහේ තෙමුනදෙන් "

         
              මතක් වෙන හැමදවසකම පුතුගේ රාත්‍රි නිදන ඇඳුම් හිරු එළියෙන් නහවලා ගන්න එක  හැම උදැසනකම මගේ කැඩි කැඩි හැදෙන පුරුද්දක්. අදත් ඒ වගේ මගේ උදව්  ඇතුව  (උදව් නැතුව නාන කාමරය ගඟක් කිරිමට උපන් හපන්)  පුතු මුහුණ සෝදගෙන ආ පසු, සුපුරුදු විදිහට සොඳුරු එහෙත් මඳක් වෙහෙසකර විනාඩි ගානකින් අනතුරුව අලුත් ඇඳුමක් අන්දවලා, පුරුදු විදිහට එළියට ඇවිත් ඇඳුම් රදවනය මතින් පිළිවෙලට ඇඳුම් එල්ලුවේ මේවා  "මෙන්න මෙහෙම  කරන්න" කියලා දුන්න  අම්මත් මතක් වෙද්දි  හොඳට දිග ඇරලා. හැබැයි ඒ වෙනකොටත්  ...නුවරට එතරම් තද අව්වක් පායලා තිබුනේ නැතත් අඳුරකුත් තිබ්බේ නම් නැහැ.

Monday, April 18, 2016

Know you are powerful than pain in life ...





Leave excuses behind your way
Find  reasons to go ahead 
It will give you bright new hope
That make your life full of joy


When its hard  stay still strong
Remain calm & walk  away
Hold the vision trust your heart
One day you will find your peace


Collect memories gives you smile
Leave memories gives you tears
You never know what life brings
Be happy see good in everyone



Believe in your talent  that gives you  hope
Never afraid to let go what hold  you  back
Know you are powerful than  pain in life
Be strong every second you will be blessed

If Someone likes to color the last one you are very welcome ............... 


P.S: Once upon a time in my life I had a very short time period  to listen to a story of  someone loosing everything in life. that story inspired me & eventually my words came out like this...  

Thursday, April 14, 2016

If I were a magician, I would never make you disappear...



Wake your mind to see good in life
You are free to choose in life
Keep in mind not free from outcome
This will give you lesson in life

Sleep tight with your dreams on your side
Dreamy eyes will guide you heaven
Love will find you at the right moment
It will give you peace in life

Destiny has the way its own color
It will give you hard just to be strong
Miracles happens when you believe
So always be kind to yourself

When your eyes touch morning  sunshine 
Think as a bright new  day  with hope
Rise and shine with your cute  smile
Win your world you deserve it soon ..

 

Wednesday, April 13, 2016

නිර්මාණකරු , නිදහස , නිර්මාණය

නිර්මාණකරුවෙකුට තිබිය යුතුම දෙයක් විදිහට මම දකිනවා නිදහස, තම නිර්මාණ කරන්නේ කෙසේද, එලි දක්වන්නේ  කෙසේද, කුමන තැනකදි ද වැනි දැ  තීරණය කිරිම නිර්මාණකරු සතුයි.  කුමන හෝ බලවේගයක් මඟින් නිර්මාණකරුගේ පන්හිඳට වැටබඳින සිදුවිම් වලින් ඔහුගේ හෝ ඇයගේ හැකියාව මොට වීමේ හැකියාව වැඩි විම නොවැලැක්විය හැකියි. කවුරුන් හෝ  නිර්මාණකරුවෙකුගේ නිර්මාණ රස විඳී නම් එවන් රසයක් විඳින හිතක තිබිය යුතුම දෙයක් විදිහට මම දකිනවා නිර්මාණකරුගේ නිදහසට කිසිඳු අයුරකින් බලපැම් නොකිරිම.

Tuesday, April 12, 2016

කාලය -- අපුරු නිර්වචනයක්.....



මුහුණු පොතේ දැක්ක  මේ කතා කරන පින්තුරයක් එක්ක මගේ අතැඟිලි යාවෙලා මෙන්න මෙහෙම ලියවුනා..

කාලය ඉබිගමනින් යනු ඇත ඔබ මඟ බලමින් සිටි නම්,
කාලය විදුලි වේගයෙන් යනු ඇත ඔබ පමා වී නම්,
කාලය මරණීය විය හැක ඔබ දුකින් නම්,
කාලය නිමේෂයක් වනු ඇත ඔබ සතුටින් නම්,
කාලය නොනවතිනු ඇත  ඔබ විඳවයි නම්,
කාලය රබර් මෙන් ඇදෙනු ඇත ඔබ කුසීත නම්,

 හැමවිටම කාලය තිරණය වනුයේ ඔබගේ හැඟිම් හා ඔබගේ මනසේ ස්වාභාවය මත මිස ඔරලෝසුව මත නම් නොවේ.. එබැවින් හැමවිටම  තමා ගැනම සොයන්න. එවිට ඔබට හොඳ කාලයක් එනු ඇත. 


ඒ අතරේ මේකත් මතක් වුනා කොහේදි හරි කියවලා තිබුන....

ඔබ සිපගන්නා විට කෙනෙක් කාලය නවතී
ඔබ කියවන විට යමක් කාලය හරහා ගමන් කරයි
ඔබ සවන්දෙන විට සංගීතයට, රිද්මයට කාලය පැන යයි
දැනෙන්න නම් ඔබට කාලය ලියන්න යමක්
නිදහස් වෙන්න නම් කාලයෙන් ඔබ ගන්න  හුස්මක්

Monday, April 11, 2016

මව, පියා, දරුවන් සහ විදේශ ගමන් බලපත්‍රය.

මගේ හිත සසල කල පහුගිය මාසය තුල සිදු වූ මේ හා සමාන දෙවන සිදුවීම මට අහන්න ලැබුනේ හිනෙන්වත් බලාපොරොත්තු නොවූ යුවලකගෙනි.

"පියා අවු:10 ට අඩු තම ගැහැනු දරුවන් දෙදෙනා මවට නොදන්වා වෙනත් රටකට රහසේ ගෙන ගොස් සඟවා  ඇත."

මේ තවත් එක් ත්‍රාසජනක චිත්‍රපටයක දසුන් පෙළක් සිහිගන්වන වදන් පෙළක් නම් නොවේ. සැබැ ලෝකයේ මෙම සිදුවිම සිදු වී තවමත් ගතවී ඇත්තේ දින කීපයක් පමණි.

වැඩිහිටියන් විදිහට විවාහක යුවලක් අතර අඬදබර, නොහොඳ නෝක්කඩු, මත ගැටුම් ඇති විම නොවැලක්විය හැකි බව සාධාරණව හිතන්න පුලුවන්, එනමුත් මෙම  නොගැලපීම් ගලපාගන්න තම ලෙයින් උපන් හය හතර නොතේරෙන නොදරුවන් ඉත්තන් කරගැනීම.........

Saturday, April 9, 2016

මහ පොළොව, ගල් කැටය සහ අපි...

මහ පොළොව මත  තියන හැම ගල් කැටයක්ම  අහසට විසිකලාම එකම දුරකට  ඉගිල්ලෙන්නේ නැහැ. එ ඒ ගලේ බර අනුවයි, විසි කරන කෙනාගේ බලය එක්කයි  දුර තීරනය වෙන්නේ..

ඒ වගේම  එක එක  දරුවත් ඉහළට යන්නේ එ ඒ දරුවගේ හැකියාවයි, අවට පරිසරයෙන් ලැබෙන උදව්වයි මත කියල තේරුන් ගන්න පුලුවන් දෙමව්පියෝ සහ සමාජයක් හිමි දරුවෝ වාසනාවන්තයි...හරියට මහපොළවෙන් ඇහිඳ ගන්න ගල් කැටය හැදිලා තියෙන්නේත් මහ පොළොවෙන්ම කියලා තේරුන් ගන්නවා වගේ.

කව්ද දුන්නෙ නුඹට ඔය තරු නෙත් මා උමතු කරවන ??





තරු කැට සේ දිලෙන නෙත් , රැ පුරා දකින්නෙමි
නොහැඟේ රැයක් ගෙවි නව දිනක් නැඟෙනු මට
හිඳිමි මම මඟ බලා තරු නෙත් හැබැහින් දකින්නට
කියන් මට
කව්ද දුන්නෙ නුඹට ඔය තරු නෙත්
මා උමතු කරවන ???????

අවුරුද්දත් කිට්ටු කිට්ටු --- මෙහේ කොහෙද ටුක්කු ටුක්කු

අවුරුද්දත් කිට්ටු කිට්ටු
මෙහේ කොහෙද ටුක්කු ටුක්කු
කියන කොහෝ රංචු රංචු
ලඟම හිටිය බිංදු බිංදු
ආදරේම දුන්නු දුන්නු
අම්මයි මල්ලියි මමයි
තුන් තැනක ලොවේ ඉන්නු ඉන්නු

හිත ඇතුලේ පිරුනු පැතුම්
පා කරන්න වළාකුලක්
හනි හනිකට මේ පැත්තට
එවන්න හැකි නම්
පින්සිදුවේ සුලං කැරැල්ලෙ.....

Friday, April 8, 2016

පූස් පැටියයි, ජූඩියි, මමයි....ජීවිතං අනියතං මරනං නියතං


අපේ ගෙදර අපි පුංචි කාලේ හිටියා ජූඩි කියලා හුරතලේට ඇති කරපු බලු පැංචෙක්,නෙමේ බලු පැංචියක්. එයාව අපේ තාත්තා ගෙනත් තිබ්බේ ඇත හීතල කඳුකරයේ තේ වත්තකින්. සැහෙන කාලයක් අපේ ගෙදර හැමෝගෙම හිත් වල පිරුනු ආදරය විශේෂයෙන්,මගේ ආදරය  නොමඳව විදගත් ජූඩි හරිම කඩිසර දඟකාර , එඩිතර දුබුරු පාට පුලුන් ගොඩක්.

පුංචි කාලේ ඉදලම මට ඕනේ උනා පූස් පැටියෙක්, ඒත් අපේ  අම්මා කොහෙත්ම එකඟ කරගන්න  ඇගේ හිත වෙනස් කරගන්න මගේ මායම් සමත් වුනේ නැහැ. එහෙම තිබුනු ඇගේ හිත වෙනස් කරන්න සමත් වූ එක් පූසියෙක් හිටියා. අපේ අම්මා මටත් වඩා පූසන්ට ලැදි කරවු ඒ පූසිගේ කතාව වෙනම දවසක ලියන්නම්.

Thursday, April 7, 2016

හිතට වහල් වූ නුඹට ලියමි....


නිකිණි මේඝයට සෙනහසිනි ලිපියට පිළිතුරු උත්සාහයකි


හිතට වහල් වූ නුඹට ලියමි,

මට බොහෝ දැ මගහැරි ඇති නැති බව මෙයින් නුඹට වැටහෙවියි සිතමි. කරුනාකර නුඹට පුරුදු කලබලයෙන් නොව ඉවසිමෙන් කියවෙන මෙන් ඉල්ලමි පුරුදු ලෙසම.

නුඹව දුටු දාම නුඹ සල්ලාලයෙක් බව වටහාගන්න එක් තප්පරයක්වත් ගියේ නැතත් නුඹ  ගැන මගේ ආත්මය පුපුරුවාගෙන මතු වී එලියට පනින්න දඟලන, බුර බුරා මතුවෙන ගිනි දලු හංගන්නට මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ. ඒ කිසිම දවසක  හිතට හොරා වැඩ කරලා පුරුද්දක් මට නැති නිසා කියල තේරුනේ නුඹගෙන් අතුල් පහරවල් වගේ කනට මිහිරි ඒත් හිතට අමිහිරි මුසාබස් එකපිට එක මගේ හිත තලාගෙන රිදවගෙන ආත්මයටම කිදාබැස්ස නිසාමයි.

පාර වැසුවේ නුඹම නේද......

නිබඳ සිහිවේ නුඹව මට
මැවෙන සිනා නුඹේ නිල් දෙනෙත් පුරා...
කුමක් කරන්නද
රටා මවා මං ඇතිරු සිනිඳු සුමට
පාර වැසුවේ  නුඹම නේද 
කටු අකුල් එක්ක සදහටම........

Wednesday, April 6, 2016

අපිට බැරිද වෙන් නොකර ඉන්න .. බෙදෙන්නෙ නැතුව ඉන්න..


      මට හැමදාමත් හිතුනු දෙයක් තමයි එක එක රාමු වලට මිනිසුන් කොටු උනේ නැත්නම් නිදහස් මනසින්  දකින්න පෙලබෙනවා නම් අපි අවට තියෙන්නෙ ගොඩක් ලස්සන ලොකයක් කියන දේ. අද මට මගේ ලඟම මිතුරියකගේ කතාව ඇහුවාම මේ දේ තවත් තදින් හිතට දැනුනා..

මට හිතෙනවා විවිධ  ආගම් ,සංස්කෘතින්   තියන එකත් ලෝක සාමයට ලොකු මරු පහරක් කියලා. අපි හැමෝගෙම ඇග ඇතුලේ දුවන්නේ එකම රතු පාට ලේ.. එවා නිල් පාට වෙනවා හැමකෙනාගෙම අපිරිසිදු උනාම. හැමෝටම තියෙන්නෙ එකම නම් වලින් හදුන්වන ඇට සැකිල්ලක් මුල් කරගෙන හැදුනු   එක එක පාට සමෙන් වැහුනු රූපයක්..

මගේ පුතාට ආදරයෙන් ලියමී..


     මගේ පුතේ, අපිට අපේ ජීවිතවත් අයිති නැතිකොට කොහොමද පුතේ පුතා මට අයිති කෙනෙක් වෙන්නේ ?  මගේ පුතා නිදහස් කෙනෙක්. මගේ වගකීම පුතාට අයිති ඒ නිදහස උපරිමයෙන්, කාටවත් කරදරයක් නොවි විඳින්න ඕන කරන ජීවිත මෙවලම් පුතාගේ  ජීවිතයට ලං කරලා දෙන එකයි.

මට ඔනේ නැහැ  මගේ පුතා කිසිම තරඟයක කොටස්කරුවෙක් වෙනවා බලන්න. මොකද තරඟය නිසයි පුතේ  මේ ලොකේ මනුස්සකම දියවෙලා යන්නේ. ජීවත වල සතුට තරඟයත් එක්ක අතුරුදහන් වෙන හැටි පෙනි පෙනී මං අවට ඉන්න කිසිම කෙනෙක් තරඟ මානසිකත්වයට යොමුවෙන දෙයක් මගේ අතින් වෙන්නේ නැහැ පුතේ..

Sunday, April 3, 2016

රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම...




සිතකට  දැනෙන හැඟුම්
නියම අයිතිකරුවන් ලඟ තබා ආ විට
දැනෙන සහනය
නොලැබෙනු ඇත කිසිම දිනක
ජිවිතයම එලිය කරන සහන් එළිය
තමා තුලම සොයනු මිසක
රැදෙනු එපා කිසිම දිනක අන් සතු හැගුම් වලම......

Related Posts Plugin for WordPress, Blogger...