Tuesday, December 13, 2016

හරි නංගි, ඒකට කමක් නැ.. ඒත් මට ඔයාව ඕන...


අක්කේ , මට ඕන නැ ඔයාගේ යාලුවා විතරක් වෙන්න.. මට ඕන හැමෝම එක්ක ඉන්න.. 
අලුතෙන් අයව අඳුරගන්න.. 

හරි නංගි, ඒකට කමක් නැ.. ඒත් මට ඔයාව ඕන...

ඔයාට මොකද වෙලා තියෙන්නේ මේ..

ඇයව මඟහැර උමාලි එන්න ආවත් ඇය දිගටම ඇවිත්.. අඬලම රතු වුනු හැඟිම්බර දෙනෙත් අතරින් පිරි ඉතිරි යන කඳුලු... මොනවද  මේ කියන්නේ.... උමාලිගේ හිත අවුරුද්දක් පිටිපස්සට දිව ගියේ ඇයව හමු වුන දවස සිහි ගන්වමින්..


එදා උමාලිත් තවත් ඇගේ යාලුවෙක් එක්ක එක්තරා පරිගණක පාඨමාලවක තෝරාගැනිමේ විභාගයකට ගියේ යාලුවාගෙ තනියට මිසක් හිතේ කිසිම අදහසක් තිබුනේ නැ ඒ පාඨමාලව කරන්න.. ඒත් අන්තිමේ උමාලි නතර උනේ ඒ ආයතනයේ උපාධිය දක්වාම ගිහින්...උමාලිගේ යාලුවා තේරුනේ නැ එදා....ඉතින් උමාලි පටන් ගන්න දවසේ ගියේ තනියම. උමාලිගේ පිටිපස්සෙන් ඇය ගානටම වගේ  උස තවත් ගෑනු ළමයෙක් ටික වෙලාවකින් පෝළිමට එකතු උනේ ඇයට අලුත් යාලුවෙක් හදාගන්න ඉඩක් හදමින්... ඒ තමයි මේ කතාවේ එන යෙහෙළියන්  දෙන්නගේ මුල්ම හමුවීම.

ටික වෙලාවක් කතා කර කර හිටිය  මේ දෙන්නා ඇතුලට ගියාට පස්සේ එකම තැන ඉඳගන්න කතා උනේ තවත් ඒ යාලුවා  අඳුරන වැඩිමල් අක්කා කෙනෙකුත් මේ දෙන්නට එකතු උනාට පස්සේ.. ඇතුලට ගිහින් ඉඳගත්තට පස්සෙ කන ලඟින්ම තවත් කටහඬක් ඇහිල බලද්දි තවත් ගෑනු ළමයෙක් අහන්නේ මේ දෙන්නා ඉන්න තැන අනිත් පුටු වල තව කවුරුත් ඉන්නවද කියලා.. ඒ වෙද්දි වෙන කවුරුත් ගැන බලාපොරොත්තුවක් තිබ්බේ නැති නිසා ඇය මේ දෙන්නා ලඟින් ඉඳගත්තේ ඇයව හඳුන්වාදෙන ගමන්.. බලාගෙන යනකොට උමාලි තමයි බාලම.. අනිත් ඔක්කොම අක්කලා.. ඔන්න ඔහොම තමයි මේ හතරදෙනා යාලු උනේ.. ඒ ආයතනයේ ගතවුනු මුලු කාලය පුරාවටම වෙන් නොවෙන්න.. එදා ඉඳන් ඒ පාඨමාලාව ඉවර වෙනකන් මේ හතරදෙනා ඉඳගත්තේ එදා ඉඳගත්ත පිළිවෙලටමයි.. බිත්තිය කොනේම උමාලි , ඊට පස්සේ උමාලිට මුලින්ම හම්බුනු  අක්කා, ඒ අක්කගේ යාලුවා අන්තිමට අලුතින්ම එකතුවුන අක්කා.. වයසෙන් අඩුම කෙනා උමාලි නිසා මේ තුන්දෙනාගෙම ආදරය සැලකිල්ල උමාලිට ලැබුනා අඩු නැතුව, උමාලිව ගොඩක් පරිස්සන් කලා මේ තුන්දෙනා....


මේ අක්කලා තුන්දෙනාගෙන් දෙන්නෙකුටම ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉන්න පෙම්වතුන් හිටියත් ඒ ආයතනයේ ගතවුනු මුලු කාලය පුරාවටම කිසිම දවසක ඒ පෙම්වතුන් ඒ ආයතනය ඇතුලට එක්කන් ආවේ නැ.. පෙම්වතෙක් නොහිටපු අනිත් අක්කගේ හීනය වෙලා තිබ්බේ කවදහරි කොහොමහරි වෛද්‍යවරියක් වෙන්න... ඒ නිසා ඇය පෙම්වතුන් ගැන හිතපු පාටක් උමාලි දැක්කේ නැහැ... පුදුමාකර නිදහසක් තිබ්බ මේ ආයතනයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලු උනාට පස්සේ මේ අය ගැන හොයන්න කිසි කෙනෙක් හිටියේ නැ.. මේ අයමේ අයම තමයි... හැබැයි මේ අක්කලා තුන්දෙනාම මුලු ලෝකෙටම හරියන්න පිස්සු තියන උමාලි  කියනකන් එකම එක දවසක් වත් Lectures cut  කලේ නැහැ..

ඒත් ඉතින් දවසක් lectures කරන්න ආව Sir ගෙ කටහඬ මුලින්ම ඇහුන වෙලේ උමාලිට හිනාව නවත්තගන්න පුලුවන් උනේ නැහැ... උමාලිට වගේම තමයි ඒ ශාලාවේ එදා හිටපු 100 කට අධික හැම ළමයෙක්ටම හිනාව නවත්තගෙන කියලා දෙන පාඩම අහන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ... සාමාන්‍යයෙන් කෙනෙකුගේ හැසීරිමකට හිනා වෙන එක උමාලි පිළිකුල් කරන දෙයක් උනත් ඒ කටහඬ ඇහෙද්දි ඇයඇයවම පාලනය නැති වුනේ තවත් ඒ සර් කියලා දෙන පාඩම අහගෙන ඉන්න බැ කියල හිත බල කරද්දි.. ඒ වගෙම ඇයි දෙවියනේ එහෙම කටහඬක් මේ තරන් දක්ෂ මනුස්සයෙකුට හිමි වුනේ කියලා අනුකම්පාවකුත් ඇයගේ හිත පුරා පිරිලා යද්දී ... (උගන්නපු හැමකෙනාටම වගේ මේ  සර්ටත්  කාඩ් එකක් තිබ්බා ලංකාවේ  එක්තරා ප්‍රසිද්ධ බිස්කට් වර්ගයක නමක් ) 

අතරමැදින් දුන්න විරාමයෙන් පස්සේ ඇය ආයේ ගියේ නැ.. උමාලිගේ හිත උමාලිම දොස් කියන්න ගත්ත නිසා මේ හිනාව පිටිපස්සේ තියන ඇය පිළිකුල් කරන ඇයගේම හැඟිමට... අක්කලා තුන්දෙනාට කියලා ඇය  ගියේ දෙවෙනි තට්ටුවේ තිබුන පුස්තකාලයට.. ටිකක් වෙලා යද්දි උමාලි මුලින්ම කියපු අක්කත් උමාලිව හොයාගෙන පුස්තකාලේට ආවේ පිට කරගන්න බැරි හිනාවක් තද කරගෙන.. ඒ පිට වෙන්න පුල පුලා බලා හිටි හිර වුනු හිනාව දැක්ක උමාලිගෙත් හිනාව කිසිම පාලනයකින් තොරව අක්කගේ හිනාවත් එක්ක යාවුනේ මේ දෙන්නාගේ ඇස් කඳුලෙන් පුරවමින්...

තවත් පැය භාගයක් විතර ඇතුලත අනිත් අක්කලා දෙන්නත් මේ දෙන්නට එකතු වුනේ ජිවිතේ මුල්ම වතාවට lectures cut කලා වගේ වරදකාරි හැඟිමකුත් හිතේ කොනක රඳවගෙන... මේ අය මොනවා කරන්නද.. කියන දේ නොඅහන ඇසුයි කනුයි එයාලට අවට පරිසරයේ පෙනෙන ඇහෙන දේවල් මොළේට ගෙනියන එක පාලනය කරන්න මේ අයට පුලුවන් ද... මොළේ ඒ දේවල් එකතු කරලා අපිට හදලා දෙන ඕනම ප්‍රතිචාරයක් එපා නොකියා වැලඳගන්න  හිත්නේ අපි හැමෝටම තියෙන්නේ.. අනිත් එක හිනාව තරන් මිනිස්සු විදිහට කිසිම වෙහෙසක් නැතුව කරන්න පුලුවන් ලේසිම ප්‍රතිචාරයක් මොළේ මේ අයට හදලා දෙද්දි  හරි අසරණයිනේ..නැද්ද  මං අහන්නේ.. 

ඉතින් එදා ඒ විදිහට මේ හතරදෙනා ආපහු ගියේ නැ මුලු දවසෙම lectures තිබ්බ ප්‍රධාන ශාලාව පැත්ත පළාතේ.. එදා මේ හතරදෙනා එතෙක් කල් එකිනෙකා ගැන නොදැන හිටි ගොඩක් දේවල් කතා වුනු දවසක් නිසා ඊලඟ දවසේ එද්දි හිටියේ වඩාත් හිත් වලින් ලං වුනු යාලුවෝ හතරදෙනෙක් වෙලා.. මොන හේතුවක් නිසාද මන්දා උමාලිගේ ජීවිතේ හැමදාකම කෙනෙක් තමන්ගේ පුද්ගලික දේවල් කියන්න උමාලිව තෝර ගන්න නිසාම වෙන්න ඇති මේ තුන්දෙනාත් ඒ  නොකැඩි ආව පිළිවෙතට හිමින් හිමින් පියවර මැන්නේ එක් එක් කෙනාට හොර රහසේ...

මේ විදිහට උමාලිත් එක්ක  තම තමන් මූණ දෙන ප්‍රශ්න, පවුල වල පසුබිම, තමන්ගේ හීන නොසඟවා වෙන් වෙන්ව කියද්දි උමාලි මූණ දුන්නේ ලඟ ලඟම එන Final Project එක ගැන හිතේ දෙගිඩියාවකට.. ඒ වෙනකොට ඇය ඒ ආයතනයේ උපාධිය දක්වාම යන්න තීරණයක් අරගෙනයි හිටියේ කිසිම විදිහකින් වෙනස් නොවෙන.. Final Project එක කරන්න තිබ්බේ Team එකක් විදිහට.. ඒ වෙද්දි මේ හතරදෙනා එකට ඒ Project එක කරන්න තීරණය කරලා තිබ්බේ ඉබේම.. ඒත් උමාලිගේ හිතේ වදදෙන ප්‍රශ්නයක් ඉතිරි වෙලා.. 

කණ්ඩායමක් විදිහට එකට බැඳෙනවා වෙනුවට මේ තුන්දෙනා ඇය වටා බැඳිලා ඉන්න බව ඒ වෙනකොට  තේරුන් අරන් තිබ්බත්  උමාලි පරක්කු වැඩී.. ඒ බැඳිම කඩලා දාලා කණ්ඩායමක් විදිහට බැඳිම හදා ගන්න. ඊටත් වඩා උමාලි කලබල වුනේ හිතූ දේ කරන ඒ කරන දේ අතුරු ප්‍රතිඵල ගැන නොහිතා එන දේට මූණ දිලා පසු නොබලා ඉදිරියට යන ඇයගේ  අකීකරු හිත ගැන.. උමාලිගේ ඒ අකීකරු හිතට අසීමිතව ආදරය කරපු හිත් වලට රිදවන්න  සිද්ධ වෙනවා කියලා තේරෙද්දි ඇය ටික ටික මේ තුන්දෙනාවම මඟ හැරලා කලින්ම ගෙදර ගියා Lectures ඉවර වුනු ගමන්.... තාත්තාට උමාලිගේ වෙනස තේරුන නිසා වෙන්න ඇති වෙනදට වඩා කලින් ඇවිත් හැමදාම ආව කියලා උමාලිට දෙන ඉඟිය වුනු හෝන් හඬ ටිකක් වැඩියෙන් (ඇයට එහෙම ඇහෙන්න ඇති)  හැඬෙව්වේ තට්ටු හතරකින් සමන්විත ඒ ආයතනයේ කොතනක හිටියත්  ඔහු ආව බව ඇයට මඟ නොහැරෙන්න  වෙන්න ඇති..

ඉතින් ඔහොම හිමින් හිමින් කාලේ ගෙවිලා අන්තිම විභාගයෙන් පස්සේ තමයි එතෙක් කල් හිර කරගෙන හිටි නොගැලපීම් එළියට එන්න ගත්තේ... දැන් ඉතින් අවුරුද්දක් පුරා ඉගෙන ගත් දේවල් ප්‍රායෝගිකව කරලම බලන්න වෙලාව.. "අක්කේ මම ඔයාලා හිතන බොළද කෙල්ල නම් නෙමේ" කියලා උමාලි වචන වලින් කිව්වේ නැ... "ආදරය කියන්නෙ අක්කේ මායාවක්" කියලත් උමාලි කිව්වේ නැ වචන වලින්.. ඒත් ඇගේ ඇස් කියන්න ඇති කියන්න ඕන හැමදේම..

එදා හැමෝම ගෙවල් වලට ගියේ කිසිම විදිහක තීරණයක් නැතුව Project එක කොහොමද කරන්නේ කොහෙද කරන්නේ මොකද්ද කරන්නේ.. කිසිදෙයක් ගැන පැහැදිලි නැති උනත්  උමාලි ටිකක්  පැත්තකට වෙලා බලන් ඉන්න තීරණය කලේ ඒ වෙනකොට කරන්න ඕන දේ ගැන ඇයට අවබෝධයක් වගේම වෙනස් නොවෙන තීරණේකට එන්න ඕන දේවල් ඇය එකතු කරගෙන හිටිය නිසා කියලා මේ තුන්දෙනාම දැනගෙන ඉන්න නැහැ...

උමාලිගේ ජීවීතේ වැඩියෙන්ම වෙලා තියෙන්නේ ගේ ඉවසීම පරික්ෂා කරලා බලන දේවල් ද මන්දා.. මාසෙක විතර නිවාඩුවකට පස්සේ මේ හතරදෙනා ආයෙත්  මේ ආයතනයේ පුරුදු තැනදි එකතු උනේ හිමින් හිමින් නොගැලපීම් ගලපගෙන කණ්ඩායමක් විදිහට Project එක ඉවර කරන්න හැමෝටම ඕන වෙලා තිබුනු නිසයි.. ඒත් ඒ දේ හිතන තරන් ලේසි වුනේ නැ.. කෙලින්  තමන්ගේ  හිතේ අනිත් කෙනා ගැන මතුවෙන හැඟිම් නොකියන තැනක තියන අපහසුතාවය ඒ දවස් ටිකේ උමාලි හොඳ හැටි තේරුන් ගත්තේ ඒ වගේ පරිසරයක්  ඇති වෙන්න ඇයත් වැරදිකාරයෙක් කියන හැඟිමෙන් ඇයට ගැලවෙන්න ඉඩක් නැති බවත් තේරුන් අර ගන්න ගමන්.

මේ අක්කලා තුන්දෙනාගෙන් එක කෙනෙක් දැනටමත් රැකියාවක් කරන ලඟදිම ඇයගේ පාසල් පෙම්වතාව විවාහ කර ගන්න බලාපොරොත්තුවෙන් හිටි නිසා ඇයට ලොකු ඔනේ කමක් තිබ්බේ නැ මෙතනින් එහාට යන්න.. පෙම්වතෙක් නැති වෛද්‍යවරියක් වෙන්න හීන දැක්ක අක්කත් හිටියේ ඒ හීනයේ අතරමන් වෙලා මිසක් මේ Project එක ඉවර කරන හීනේක නෙමේ.. පෙම්වතෙක් හිටියත්  අනිත් අක්කත් උමාලි වගේ මෙතනින් එහාට යන්න හීන දකින කෙනෙක් නිසා ඇයට ඕන කමක් තිබ්බත් ඇය සතුව හැකියාවක්  තිබ්බේ නැ තනියෙන් මේ වගේ Project එකක් කරන්න..

එක දවසක් හතරදෙනා කිසිම විදිහකින් ඉදිරියට නොයන තැනක හිර වෙලා ඉද්දි උමාලි එතෙක් දවස් පිට වෙන්න නොදි හිටි වචන ටිකක් ඇය දාල තිබ්බ වැටකඩොලු හැම දෙයක්ම බිඳගෙන එළියට ආවේ ඇයවත් නොහිතපු වෙලාවක... හරිම ලේසියෙන් මේ හීනයෙන් ගැලවිලා වෙන හීනෙක පාවෙන්න මඟ බලාගෙන හිටපු අක්කා  එක පාරටම සමුදීලා නැගිටලා ගියේ කිසිම විදිහකින් ඇයගේ අදහස් මේ අයටවත් මේ අයගේ අදහස් ඇයට වත් පැහැදිලි කරන්න ඉඩක් ඉතිරි නොකරමින්....

(ඇය ඊට අවුරුදු ගානකට පස්සේ උමාලිගේ තාත්තා නැති වුන දවසේ ඇයගේ සදාකාලික හීනය වෙලා තිබ්බ වෛද්‍යවරියක් වීමේ හීනය සැබැ කරගන්න ගිය රටෙන් නිවාඩු අරගෙන ඇවිත් උමාලිට කතා කරන්න ලැබුනු පළවෙනි වතාවෙම ඇහුවේ "ඇයි නංගි ඔයා එහෙම කිව්වේ"  කියලා.. උමාලිගේ තාත්තගේ හදිසි වෙන් වීමේ ඉඳලා ඒ වැඩ කටයුතු ඉවරයක් වෙනකන් මේ අක්කගේ  දෙමාපියනුත් ඇයත් එක්ක හිටියේ ආයෙත් මේ අක්කට දිඟු කාලෙකට සමු දෙන්න වෙන්න වේදනාව කඳුලු හරහා උමාලි ඉදිරිපිට පිට කරමින්.. )


ඉතින් ඒ අක්කා එහෙම සමු අරගෙන ගියාට පස්සේ විවාහය සිහිනයක් කරගෙන හිටි අක්කත් මේ අයගෙන් ඈත් වෙලා ගියේ ඇයට මේ Project එක ඉවර කරනන්වත් මේ පාඨමාලාව ඉවර කරන්නවත් ඕනේ කමක් නැති බව නොකියා කියමින්.. ඉතිරි උනේ උමාලි මුලින්ම කියපු ඇයට මේ ආයතනයේදි මුලින්ම හම්බුනු අක්කා විතරයි.. උමාලිගේ දෙමාපියන් කිසිම දවසක ඇයට ගේ යෙහෙළියකගේ ගෙදරක යන්න දිලා නැ පාසල් කාලේ... ඒත් මේ අක්කලාගේ ගෙදර නැවතිලා Project එක ඉවර කරන්න උමාලි ඉල්ලුවම මුකුත්ම නොකියා ගිහින් බස්සලා එයාලා ගෙදර ගියේ ඊට දවස් 2-3 කට පස්සේ ආපහු එක්කන් යන්න එන බලාපොරොත්තුවෙන්.. ඒ දවස් කීපයේ ඇය උමාලිට එතෙක් කී ප්‍රශ්න ගොඩක මුල වටහා ගන්න පුලුවන් දේවල් ඒ ගෙදර උමාලි දැක්ක නිසා ඇයගේ නොහැකියාව ගැන වචනයක්වත් නොකියා මුලු Project එකම එතෙක් එකතු කරගෙන තිබ්බ කරුණු ආශ්‍රයෙන් තනියම කරන්න උමාලි තීරණය කලේ පැහැදිලි හේතුවක් ඇතිව නෙමේ...


හැබැයි එතනින් එහාට ඇයත් එක්ක දිගින් දිගට යාලු කමක් තියා ගන්නවද කියන එක ගැන උමාලි හිතන්න ගත්තේ මේ විදිහට ගියොත් කීප දෙනෙක් එකට එකතු වෙලා කරන්න තියන වැඩ අනාගතයේදි තනියම කරන්න උමාලිගේ හිතේ සංවේදිකම දෙපාරක් හිතන්නේ නැති බව තේරුන් ගන්න තරන් ඇයඇයව තේරිලා තිබුන නිසයි.. කොහොමහරි ඉබි ගමනින්  ගිය Project එක Present කරන දවසෙදි අර විවාහය සිහිනයක් කරගෙන අතරමඟදි නැවතුනු අක්කගෙත් නම දාලා ඇයට පහසු පොඩි කොටසක් Present කරන්න පැවරුවේ මේ පාඨමාලාවල් කෙරුනේ  ඇයගේ දෙමාපියන්ගේ මුදලින් මිසක්  නොමිලේ රජයෙන් කරන ඒවා නෙමේ නිසා...(රජයෙන් නොමිලේ කලා කියලත් ඒ ගත්ත තීරණය වෙනස් වෙන්නේ නැහැ) ඉන් පස්සේ තමයි උමාලි අමාරුම කොටසට මූණ දුන්නේ...

ඒ වෙනකොට උපාධියේ දෙවනි අවුරුද්ද  පටන් අරන් තිබ්බ නිසා අලුත් ළමයි එක්ක වැඩ කරන්න ලැබුනා නිතර.... ඒ අතරින් උමාලි  සුවිශේෂි  යෙහෙළියක් අඳුරගන්න ලැබීමත් ඇගේ ජීවිතේ එක්තරා සුවිශේෂි සිදුවීමක්.. ඒ යෙහෙළිය සමබරව හිතන කෙනෙක් බව වැටහුනාට පස්සේ ඇයත් එක්ක උමාලි   මේ මූණ දිලා හිටිය ප්‍රශ්නේ කතා කලේ උමාලිගේ හිත නිදහස් කරගන්න මිසක් විසඳුමක් හොයාගන්න නෙමේ.. විසඳුම උමාලි  හොයාගෙන තිබ්බත් ක්‍රියාත්මක කරන්න පැකිළුනේ ඒකින් ඇයට හොඳක් උනත් අර අක්කට වෙන්නේ හොඳක් නෙමේ කියලා හොඳින්ම තේරුන් අරන් හිටිය නිසයි...ඒ වෙද්දි ඇගේ පාසල් පෙම්වතාගෙන් සමු අරන් හිටිය ඇය හිටියේ නූල කැඩුනු සරුංගලයක් වගේ ජීවිතයක් ගත කරමින්..

අන්තිමේ මේ ප්‍රශ්නේ දෙන්න අතරේ උඩු දුවලා තව දුරටත් සඟවන්න බැරි තැනකදි උමාලි  අලුතින් අඳුරගත්ත සමබරව හිතන යෙහෙළිය දෙපැත්තේම අදහස් නිහඬව වෙන් වෙන්ව අහන් ඉඳලා  දෙන්න අතරේ අතරමැදියෙක් වෙලා තිබුනු නිසා උමාලිට ලේසි වුනා උමාලි  තෝරගෙන තිබ්බ විසඳුමට තටු හොයලා දෙන්න පියාඹලා ගිහින් ඒ විසඳුමින් හිත රිදවගන්න ඇයත් එක්ක පුරා අවුරුදු 3ක් මේ ආයතනයේ දුක සැප බෙදාගෙන හිටිය   ඇයට ගිහින් කියන්න..

උපාධියේ දෙවෙනි අවුරුද්ද අවසාන වෙනකොටම උමාලිට රැකියාවක් ලැබුනු නිසා ඒ විසඳුම නිසා ඇය විඳවන හැටි බලන්න උමාලිට වැඩි වෙලාවක් ලැබුනේ නැති උනත් මේ සිදුවීමෙන් පස්සේ ඕනවට වඩා යෙහෙළියන්ට ලං විමේ ප්‍රතිවිපාක දැනගෙන හිටිය නිසා මෙතනින් එහාට යන්න ඕන පාරේ සිමා මායිම් ගැන තීරණය කරලයි උමාලි යන තැනක ගියේ.. මේ සිදුවීමෙන් පස්සේ ඇයත් එක්ක උමාලිට ආපහු කතා කරන්න හිතුනේ විවාහය සිහිනයක් කරගත් අක්කා ඇය ගැන දුක් මුසු පුවතක් උමාලිත් එක්ක කිව්ව දවසේ.. එදා උමාලි පරණ පොත් පත් අවුස්සලා ඇයගේ ගෙදර දුරකතන අංකය හොයාගෙන කතා කලේ ඇයට උදව් කරන්න බැරි උනත් එදා ඇයට කියන්න ඕන වුන ඕනම දෙයක් අහන් ඉන්න හිතාගෙන...

"අක්කේ මට අදත් ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් අහන් ඉන්න එක විතරයි... තමන්ගේ ජීවිතේ මෙන්න මේ විදිහට ජීවත් වෙන්න කියලා අපි කාටවත් වෙන කෙනෙකුට කියලා දෙන්න බැහැනේ.. එහෙම කියලා දුන්න කියලා වෙන කෙනෙක් කියන විදිහට තමන් ඉන්න ඕන කියලත් මම හිතන්නේ නැහැ.. සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ  නිකන් නම් නෙමේ අක්කේ...  තමන්ට ජීවත් වෙන්න ඕන විදිහ හොයාගන්න ගන්න  ඕන තමන්මයි.. අනිත් අයට ඒ වගකීම දෙන්න එපා..."





ප. ලි. :  මේ වචන ටික කියන්න පුලුවන් තැනක නෙමේ එදත් ඇය හිටියේ...ලංකාවේ ඉන්න හිතින් (ගතින්) දුක් විඳින භාගෙට භාගයක් ගෑනු ළමයින්ට හැම අතින්ම ස්වාධීන වෙන හැටි කියා දෙන්න දෙමාපියන්ට පුලුවන් නම්.....සංස්කෘතික රාමුවෙන් මිදිලා.. කිසිම කෙනෙක් දුකෙන් ඉන්න ඕන නෑ වෙන කෙනෙක් සතුටු කරන්න. තමන් සතුටෙන් නෙමේ නම් ඉන්නේ කොහොමද වෙන කෙනෙක්ව සතුටු කරන්නේ....

10 comments:

  1. තවත් කතාවකින් අපූරු පාඩමක්. මිතුරු ඇසුර ගැන කොහොම කියන්නද ? එකිනෙකාට වෙනස් ගතිගුණ ඇති මිතුරන් අතරේ හොඳ මිතුරෙක් සොයා ගැනීමට ප්‍රමිතියක් නෑ. ඒක එකිනෙකාට වෙනස් වෙනවා.
    හීන දකින්නී කිව්වා වගේ අපි කොහොමද තවකෙක් සතුටු කරන්නේ අපි අසතුටින්නම්. ඒත් හිතේ ගැටළු හන්ගගෙන හිනාවෙන චරිත් අපි අතරත් ඉන්නවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ දුමී, හොඳ මිතුරෙක් හොයනවට වඩා තමන් හොඳ මිතුරෙක් වෙන්න උත්හස කලා නම් යාලුවෝ එන්නේ හොයාගෙන..

      හිතේ ගැටලු හංගන එක හොඳ දෙයක් නෙමේ දුමී.. තමන් හොයාගන්න ඕන ගැලපෙන විදිහක් ඒ හංගන දුක් ගැටලු හරි විදිහට විසඳගන්න විදිහක්...

      Delete
  2. හ්ම්ම්ම් හීන දකින්නි "සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නේ නිකන් නම් නෙමේ අක්කේ... තමන්ට ජීවත් වෙන්න ඕන විදිහ හොයාගන්න ගන්න ඕන තමන්මයි.. අනිත් අයට ඒ වගකීම දෙන්න එපා..."

    ReplyDelete
    Replies
    1. රොමාරස්... වෙන කියන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ...ඉන් පස්සේ කිසිම දවසක මම ඇයට කතා කලේ නැ.. කෙනෙක් එහෙම හිර වෙලා දුක් විඳිනවා බලන්න මට බැරි නිසා...

      සමහර තැන් තියනවා විසඳුම දැන ගත්තට එය ක්‍රියාත්මක නොකරන... ඒ විසඳුම තවත් ප්‍රශ්න ගොඩකට මුල් වෙනවා නම් ඊට වඩා හොඳයි තමන් ඒ අනිත් ප්‍රශ්න වලට මූණ දෙන්න සුදානම් වෙනකන් නිහඬව ඉන්න එක..

      Delete
  3. මම නිම්නය හොයාගෙන් එන එක හේතුවක් තමයි සිත සහ සිතුවිලි ගෑන එක එක පෑති වලින් බලල අව්යාජව ලියන ලිපි කියවන්න තියෙන කෑමෑත්ත....
    බිදි බිදී නෑගෙන සිතුවිලි එක් එක් තෑන් වලින් නවත්තල බලනකොට හරිම සුන්දරත්වයක් එකතුවෙනව අපේ ජීවිත වලට...

    හෑම මොහොතෙම දකින දකින හෑම දෙයක්ම හිනෙන හිතෙන හෑම දෙයක් ගෑනම ලියන්න නවතින්නෙ නෑතුවම...

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ , නිම්නය මේ විදිහටම දිගටම ලියවේවි අක්කේ නිම් සහ නිම්ගේ හදවත් වල....

      Delete
  4. ටිකක් කළබලෙන් කියෙව්වේ. සමහර දේවල් ටිකක් කම්ප්ලෙක්ස්. හරියට කියවලා කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. වෙන පෝස්ට් එකක් උඩින් වැටිලා තිබ්බත් අදහස පස්සේ ලියලා යන්න කුරහන්.......

      Delete
  5. සමාජයකට සංස්කෘතික රාමුවෙන් මිදෙන්න කාලය විතරයි ඉඩදෙන්නේ...!
    මේ වගේ වියමන් තුලින් ඒ කාලය කෙටිකිරීමක් වෙන්නේ...ඒකයි නිම්නාට අපි ගෞරව කරන්න ඕනි..නිම්නා රාමුවෙන්නොපැන්නත්, නිම්නා කියවීම තුලින් කුමන හෝ හේතුවක් නිසා හිරවෙලා ඉන්නකෙනෙකුට එයින් එලියට එන්න හිතේ සවිය ලැබේවි කියලයි මට හිතුනේ..එතනට එන්න කී පාරක්නම් මේ වියමන කියවන්න උනාද අප්පා..ඒත් පාඩු නෑ..
    ජය...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි..ඔබත් එක්ක විහිලු කරලා මේ විදිහේ කමෙන්ට් එකක් මම බලාපොරොත්තු උනේ නැහැ...ස්තුතියි...මං ලියන්නේ අපි හැමෝම ඉන්න සමාජයේ වෙන දේවල් මගේ කෝණයෙන්..කෙනෙක් අවට ඉන්න අය මීට වඩා පොඩ්ඩක් ඒ කෙනාගේ ඇතුලත තේරුන් ගන්න උත්සහ කරනවා නම් අඩුම ගානේ හිර වෙන තැනවත් අඳුරගන්න පුලුවන් වේවි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...