Out door Activities |
මේ විදිහට මේ රාමුව හදන්න ඔස්ට්‍රේලියානු රජයේ දැක්ම (VISION) තමයි :
"All children have the best start in life to create a better future for themselves and for the nation "
මේ රාමුව ඇතුලේ දරුවෙක් හදන්නේ සම්පූර්ණයෙන් ස්වාධීනව, පුදුමත් හිතෙනවා ලංකාවේ සාමාන්‍යයෙන් මේ උපතේ සිට අවුරුදු 6ක් (නෙමේ සමහර වෙලාවට 18 ක්) කාලය කියන්නේ හය හතර නොතේරෙන දරුවෝ කියලනේ.. අම්මා තාත්තා ඇතුලු සමීප සියලු දෙනා දරුවගේ සියලු දේ කරලා දෙන පරිසරයක්නේ ලංකාවේ අපි දකින්නේ.. ඒ උනාට මෙහෙ මේ රාමුව ඇතුලේ හැදෙන දරුවෝ කැමති නැ ඕනට වඩා අනිත් අයගේ උදව් ගන්න තමන්ගේ දේවල් කරගන්න.. මුල්ම කාලේ මට බලන්න ඉන්න බැ පුරුද්දට මේ දරුවෝ තනියම එයාලගේ වැඩ කරගන්න හැටි.. පැත්තකට වෙලා උදව් ඉල්ලුවොත් විතරක් කරන්න මම පුරුදු උනේ මේ දරුවොම මට කිව්වට පස්සේ "I can do this, I don't need help" කියලා
Let's make sand-which for lunch |
මේ රාමුවේ මුලික අරමුණු 3ක් සඳහන් වෙනවා. ඒ තමයි
All young Australians become: සෑම ළාබාල ඔස්ට්‍රේලියානුවෙක්ම විය යුතුයි,
- Successful learners - සාර්ථක ඉගෙන ගන්නන්
- Confident and creative individuals - ආත්ම විශ්වාසයෙන් යුතු නිර්මාණශීලි පුද්ගලයන්
- Active and informed citizens - ක්‍රියාකාරී සහ දැනුවත් පුරවැසියන්
මේ ක්‍රමයෙදි මුලිකව කරුණු (අරමුණු) තුනක් කතා කරනවා ඒ තමයි,
BELONGING
තමන් කොහෙටද කාට ද අයිති.. එහෙමත් නැත්නම් මිනිසාගේ පැවැත්ම ගැන පූර්ව අවබෝධයක් ලබා දීම.. තමන්ගේ පවුල ගැන.. පවුලේ ඉන්න අය ගැන.. තමන් ඉපදුනු රට ජාතිය ගැන, තමන් අවට ඉන්න විවිධ ජාතින් ගැන විස්තර. මෙහිදි තමන් සහ අවට ඉන්න අයත් එක්ක තියන සම්බන්ධතා ගැන හොඳ අවබෝධයක් සෑම දරුවෙකුටම ලබාදෙන්නේ අනිත් කරුණු දෙකට යන්න ඒ අවබෝධය ගොඩක් වැදගත් ලෙස මේ රාමුව හදපු අය දකින නිසයි. මුලින්ම දරුවෙක් ඉගෙන ගන්න ඕන තමන් කොහෙන් ද කාගේ උදව් ඇතුවද මේ ලෝකේට ඇවිත් ඉන්නේ කියන එක සහ ඒ එන්න හේතු උනු අයට ගරු කරන්න.. ඇහුන්කන් දෙන්න.. තමන් විතරක් නෙමේ අවට ඉන්න අනිත් අයගේ මොලොවට පැමිණිම ගැනත් දැනුවත් කරන්නේ එකට මිසක් තනි තනිව වැඩිහිටි ලොවට යන්න නම් නෙමේ...
BEING
මෙහිදි අදහස් කරන්නේ ළමා කාලය කියන්නේ ලෝකය ගැන හොයාගෙන ගිහින් ඉගෙන ගන්න කාලය කියන එක. නොදන්න ලෝකය හොයාගෙන යන්න නම් ළමයෙක් බය නැති වෙන්න ඕන.. ඒ බය නැති පරිසරය හදලා දීම මේ ආයතන සතු වගකීමක්. වර්ථමානයේ තමන් කොහෙද ඉන්නේ, මිනිස් ජීවිතයක ඇති වැදගත්කම කියලා දෙන්න අනිත් අයත් එක්ක සම්බන්ධතා පටන් අරන් පවත්වාගෙන යාම, ජීවිතේ සතුට සහ සංකිර්ණතා පිළිබඳ හොඳින් දැනුවත්වීමට අවස්ථා ලබා දීම සහ එදිනෙදා ජිවිතේ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද කියන කරුණු මෙහිදි සලකා බැලෙනවා..
BECOMING
මේ කරුණ තමයි වැදගත්ම.. එක් එක් දරුවගේ අන්‍යතාව, දැනුම සහ තේරුන් ගැනිමේ හැකියාව තමයි මෙහිදි සලකා බලන්නේ..මේ කරුණ මේ රාමුවේ තියන නිසා තමයි විශේෂ අවශ්‍යතා (පසුගාමි සහ ඉදිරිගාමි ) තියන දරුවන් ඉක්මනින් හඳුනාගන්න ඉඩ හැදිලා තියෙන්නේ... කවුරු උනත් මේ ක්‍රමය හදපු අය නිසා මේ විශේෂ අවශ්‍යතා තියන දරුවන් අනවශ්‍යව දුක් විඳින එක අඩු කරන්න පුලුවන් වීම ඉතාම හොඳ අගය කල යුතු දෙයක්..
අපේ ලංකාවේ දරුවෙක් ලැබුනම රෝහලෙන් පොතක් හම්බෙනවනේ (නිල්/රෝස),. මතක ඇතිනේ දරුවෝ ලැබුන අයට, මේ පොතේ තියනවා එක් එක් දරුවගේ බර, උස යන්න ඕන විදිහ ගැන ප්‍රස්ථාරයක්.. ඒ ප්‍රස්ථාරය එක් එක් දරුවට ආවේණිකයි.. ඉතින් ඇයි ඉගැන්නුම් පද්ධතිය ඒ වගේ ආවේණිකව නොහැදෙන්නේ... පුද්ගලිකව මං ගැන කිව්වොත් මේ හැමෝටම එක වගේ යන්න තියන අධ්‍යාපන ක්‍රමය එක්ක මගේ හැකියාව ගලපගන්න මට සෑහෙන වෙහෙසක් ගන්න සිදු උනා ලංකාවේ.. මම කරන්න ආස මගේ හදවතට (Satisfy) දැනෙන දේවල් මිසක් මගේ මොළේට (Successful) ඕන දෙවල් නෙමේ පොඩි කාලේ ඉඳන්... ( I believe satisfied life is better than successful life.. මගේ තාත්තා පොඩි කාලේ මට කිව්වේ මගේ පණ්ඩිත කෙල්ලේ මෙන්න මේක ඉවර කරලා ඕන දෙයක් කරන්න කියලා)
අනිත් එක පොඩි දරුවෝ හරි කැමතියි හැමදේදිම කැපිලා පේන්න.. (පොඩි නෙමේ ලොකු අයත් කැමතිනේ නේද...) එක් කෙනෙකුට හොඳයි කිව්වොත් අනිත් කෙනාගේ ඇස් වල කඳුලු.. මේ මානසික අවශ්‍යතාවය නිසා තමන්ගෙන් අනිත් අයට වෙන්න පුලුවන් සිත් රිදිම් නොවෙන්න දරුවා හැසිරවීම මේ ආයතන වල ඉන්න අයගේ තවත් වගකීමක්...
Inside of preschool room |
මේ කරුණ යටතේ තමන් ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා කොටසකුත් තියනවා දරුවෝ එක්ක කරන්න.. අපේ පුතා ගිය දිවා සුරැකුම් ආයතනයේ වර්ෂ අවසානයේ පාසල් යන නිසා සමුගන්න අවුරුදු 6 සම්පුර්ණ වුන දරුවන් ගේ සමු ගැනිමේ සාදයෙදි එයාලට තිබුනා තෝරන්න තමන් ලොකු උනාම වෙන්න කැමති කවුද කියන එක.. පුංචි අය දීල තිබුන උත්තර වල ලොකු වෙනසක් වගේම ලොකු පරාසයක් ලංකාවට වඩා මම දැක්කා..මේ රාමුවට අඳාලව මේ ආයතන ක්‍රියාත්මක වීම තුලින් ඔස්ට්‍රේලියානු රජය බලාපොරොත්තු වෙනවා උපතේ සිට අවුරුදු 5 සම්පුර්ණ වෙනකන් හැම දරුවෙක්ටම උපරිම විදිහට ඉගෙන ගන්න අවස්ථා ලබා දීමත් සාර්ථකව පාසල් අධ්‍යාපනයට දරුවා හුරු කිරිමත්, පාසලට සාර්ථකව දරුවා බාර දීමත්..
අපි ඉහතින් කතා කල BELONGING, BEING , BECOMING කියන අරමුණු තුන ඉගැනුම් ක්‍රම පහකින් (LEARNING OUTCOMES) නිර්මාණය කෙරෙන විදිහට තමයි මේ මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව හැදිලා තියෙන්නේ.. ඒ එක් එක් ඉගැන්නුම් ක්‍රමය (LEARNING OUTCOMES) ගැන මම වෙන වෙනම ඉදිරි ලිපි වලින් ලියන්නම්.. අදට ගිහින් එන්නම්..
ඔය ලොකු වුණාම කවුද වෙන්න කැමති කියන කතාව ඇහුවාම මට මතක් වුනේ මේකයි. දවසක් මං අහගෙන මගේ නෝනා එයාගේ අයියාගේ පුතාගෙන් අහනවා ඔයා ලොකු වුණාම වෙන්නේ දොස්තර කෙනෙක්ද? ඉංජිනේරුවෙක්ද? ඉස්කෝලේ සර්කෙනෙක්ද??? මේ විදිහට පෝළිමක් අහනකල් ඉදලා අරූ ගත්තු කටටම කියපු
ReplyDeleteමං වෙන්නේ ගමේ කොල්ලෙක්..................... කියලා....
සිරි පැරකුම් බලලා ඇති පොඩ්ඩා එහෙනන් කුරුටු.. :) :)
Deleteමේක කියවද්දී මතක්වුණේ සඳවියමන් මීට කාලෙකට ඉහතදී ලියපු ලිපිමාලාව. ඒ වගේම මේ ලිපියත් වටිනවා. හීන දකින්නී මේ දේවල් කියවද්දී හිතෙනවා ඇයි අපේ රටේ මේ වගේ සිදුනොවන්නේ කියන කාරණය. කොහොමහරි මේ ඉදිරි ලිපිමාලාව කියවන්න මග බලාගෙන ඉන්න බව කියන්න ඕනෙමයි.
ReplyDeleteජයවේවා!!!
සඳවියමන් ලිව්වේ ජපන් පාසල් ගැන නේද දුමී , මටත් මතකයි ඒ ලිපි පෙළ... කියවන්න එන ඔයාලා නිසා මම ලියන්න අලුත් අලුත් විදි හොයනවා කම්මැලි නැතුව කියවන්න පුලුවන් වෙන්න....
Deleteලංකාව මේ විදියට කවදා වෙනස් වේවිද දන්නේ නැහැ...මගේ මල්ලිගේ දුව යන මොන්ටිසෝරියේ තරුණ ගුරුවරු පොඩි දරුවන්ට කියන්නේ ගැහුවොත් ගහන්න කියලා...අපි හැමෝම සෑහෙන්න පසු තැවෙනවා දරුවාව එයට ඇතුලත් කලාට...දරුවන්ගේ මනස ගැන කොහෙත්ම අවබෝධයක් නැතුවයි එයාල කටයුතු කරන්නේ...වෙනදා වගේම වටිනා ලිපියක් නිම්නා...
ReplyDeleteලංකාව පොකුරු වැහි, සරල දේ සංකීර්ණ කරන රටක්.. අපේ කෑම වේල බලන්න.. අපිටම තමයි පුලුවන් වෙනස් කරගන්න අපේ රට යන පාර.. වැරදුන තැන අවබෝධ කරගත්ත එකත් ලොකු දෙයක්නේ පොකුරු..
Deleteඑක ගුරුවරයෙකුට දරුවන් ගණන වැඩි උන ගමන් ගුරුවරයගේ මනසට දරන්න අමාරුයි.. දරුවෙක් පෙර පාසලකට දාන කොට ඉන්න ළමයි ගාන ගැනත් ටිකක් බලන්න ඕන ගුරුවරයගේ සුදුසුකම් වගේම.. නොදැනුවත්කම තරන් භායනක දෙයක් නැ..
මෙහේ අවුරුදු 0 සිට 2 දක්වා ළමයි ඉන්න තැනක අනිවාර්යයෙන් ළමයි 4 දෙනෙකුට එක ගුරුවරයෙක් ඉන්න ඕන. අවුරුදු 2 සිට 3 දක්වා ළමයි ඉන්න තැනක අනිවාර්යයෙන් ළමයි 5 දෙනෙකුට එක ගුරුවරයෙක් ඉන්න ඕන.. අවුරුදු 3 සිට ඉහළ ළමයි ඉන්න තැනක අනිවාර්යයෙන් ළමයි 10 දෙනෙකුට එක ගුරුවරයෙක් ඉන්න ඕන.. ස්තුතියි කියවලා අදහස් ලියලා යනවට නිම්නයේ..
ඉතාමත්ම වටිනා ලිපියක් දරුවන්ට වගේම වෑඩිහිටි අපිටත් වෑරදුනු තෑන් හදා ගන්න....
ReplyDeleteකමෙන්ට් නොකෙරුවත් ඔයාගෙ ලිපි හෑමදාම මම කියවනවා හරිම ආසාවෙන්....
නදී අක්කා
ස්තුතියි අක්කේ.. වැරදෙන්න නැතුව ඉගෙන ගන්න බෑනේ...
Deleteලංකාවේ මේ දේවල් හැදෙන්න තව ගොඩක් කල් යයි. අපේ රටේ දේශපාලකයින්ට මේවා ගැන තේරුමක් නෑ. නිලධාරීන් ප්‍රපත්ති සම්පාදනය කලාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ අඩුවෙන්. මේ වගේ දේවල්වලට මුදල් වෙන් වෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා හරියට මේ වගේ දේවල් නියාමනය වෙන්නේ නෑ.
ReplyDeleteමට ඔබේ ඊමේල් ලිපිනය එවන්න පුලුවන්ද. කරුණු කිහිපයක් ගැන වැඩිපුර දැනගැනීමට.
Deleteඇත්ත කුරහන්... මෙහෙම වෙනස්කම් වෙන්න තව ගොඩක් කල් බලන් ඉන්න වේවි ලංකාවේ.. nimnayakatanivi@gmail.com හරි මුහුණු පොතේ නිම්නයෙන් හරි එවන්න කුරහන්
Deleteනිමිමි වෙලාවකට මගෙත් මුල් ළමා විය සංවර්දනය වෙලා නැද්ද කියලා හිතෙනවා
ReplyDeleteඑහෙනන් දැන්ම පටන් ගන්න, අඩුපාඩු හොයාගෙන හදාගන්න.. වැඩිය හිතන්න එපා රොමාරස්.. අපි කාගෙවත් 100 % මේ කරුණු හැදෙන්නේ නැ...:)
Delete