Saturday, December 10, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 4


Helping hands
මේ ලිපි පෙළ ලියද්දි අමතක කරන්නම බැරි කෙනෙක්ව මතක් වෙන නිසා ඒ ගැනත් ටිකක් ලියන්නම්.. අපි මෙහෙ ආව මුල් කාලේ පුතාවත් අරන් ගේ ලඟ තියන පුස්තකාලයට ගියේ පුංචි අයට තියන වැඩසටහන් වලට.. එතනදි හම්බුනු ලංකාවේ අක්කා කෙනෙක් තමයි මට මුලින්ම මේ පාරෙන් ගියොත් වඩා ලේසියි කියන අදහස දුන්නේ.. ඒ වෙද්දි මං වගේම ඇයත් ඇගේ දූ පැටියා නිසා ඇගේ අධ්‍යාපන සහ රැකියා අංශය වෙනස් කරලා.. හම්බුනු පළවෙනි දවසේ ඉඳන්ම මට ඇයගේම නංගි කෙනෙකුට වගේ සලකන්නත් උපදෙස් දෙන්නත් ඇය අමතක කලේ නැ.. මේ පාරේ යද්දිත් මුහුණ දෙන්න තියන ගැටලු ගැනත් ඒවා අවම කර ගන්න පුලුවන් විදිත් ඇය මට කියා දුන්නා.. ටික කාලෙකින් එයාලා ගෙයක් අරගෙන අපෙන් ගොඩක් ඈතට ගියත් ඇය නිසා මම ගැටලු අවම කරගෙන ඉදිරියට යද්දි කොහොම අමතක කරන්නද  ඇයව...


ඉතින් තුන්වන ලිපියෙන් නැවතුනු තැනින් අද තුන්වන ඉගැන්නුම් ක්‍රමය...

 

Learning Outcome 3: Children have a strong sense of well being.


දරුවන්ට තමන්ට වෙන්නේ යහපතක් ද අයහපතක් ද කියලා ගොඩක් හොඳින් දැනෙනවා.


මේ කරුණෙදි මගේ පුද්ගලික ජීවිතයෙදි මගේ දෙමාපියන් මාව ගෙදරින් එළියට යවන එක සීමා කරන්න ගෙදරටම ගුරුවරු ගෙනත් උගන්නන එක පොඩි කාලේ ඉඳන් A/L කාලේ වෙනකන්ම නොකඩා කල දෙයක්.. එහිදි මම අකමැතිම විෂය ඉංග්‍රිසී උගන්නන්න කාලෙන් කාලේට එක එක විදිහේ ගුරුවරු අපේ ගෙදරට ආවා ගියා.. මේ එක ගුරුවරයෙක් පොත් වලට යටින් මගේ අත අල්ලන්න ගත්ත උත්සහය මම අම්මට කිව්වට  අම්මා පිළිගත්තේම නැහැ.. පොඩි කාලේ ඉඳන් ඉංග්‍රිසී ඉගෙන ගන්න එකින් පැනලා යන මාව ඒ ගුරුවරයා එක්ක තනි කරන එක නැවැත්තුවේ මගේ තාත්තා....

 


3.1 Children become strong in their social and emotional wellbeing.

 

 

දරුවන්ට තමන්ගේ සමාජීය සහ මානසික යහපැවැත්ම ගැන ඉතා ශක්තිමත් වැටහීමක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇත. 



Feelings.. I do model myself to teach  different emotions

දරුවන් අන් අය ගැන  විස්වාශය සහ තමන් ගැන ආත්ම විස්වාසය ඇතිකර ගනිමින් තමන්ට කරදරයක්, ගැටලුවක්, ව්‍යාකූලතාවයක් මතු වූ විට අවට ඉන්න අය සමඟ කතා කරන්න පෙලඹෙන අතර තමන්ගේ සතුට, සාර්ථකත්වය, විනෝද වීම අන් අය හා බෙදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව මතක තියාගන්න ඕනම ක්‍රියාකාරකමක් කරද්දි..

 

 

 

Feel Each Other

ඔබ දන්නවද පෝළිමක ඉන්න කොට එකිනෙකාගේ උරහිස් අත් වලින් අල්ලගෙන කෝච්චියක් යනව වගේ ඉන්න දෙන එකින් මේ දරුවන් ගොඩක් සන්සුන් කරන්න පුලුවන් ඇයි කියලා.. අපට එකිනෙකාගෙන් දැනෙන ස්පර්ශයට පුලුවන් එකිනෙකාව සන්සුන් කරන්න.. මේ පෝළිමක ඉන්න එක දරුවෙක් ගත්තොත් එයාගෙ අත් දෙක ඉස්සරහ ඉන්න දරුවගෙ උරහිස් සහ එයාට පිටිපස්සෙන් ඉන්න දරුවගෙ අත් දෙක එයාගෙ උරහිස් වලටත් තද වීමෙන් දැනෙන පීඩනයට පුලුවන් ඒ දරුවගේ ශරීරයට එක විදිහකට ඉන්න ඕන කරන පණිවිඩය මොළයෙන් හදලා එවන්න.. අපි මුල් ඉගැන්නුම් ක්‍රමේදී කතා කලා එකිනෙකා මත යැපීම උගන්නන හැටි.. මේ එක ක්‍රමයක්.. තමන්ව කලබල කරන්න වගේම තමන්ව සන්සුන් කරන්නත් අවට ඉන්න අයට පුලුවන් කියන එක දරුවන් මේ කාලයෙදි ඉගෙන ගන්නම ඕන..  


මේ අතරේ මට තව දෙයක් මතක් උනා විශ්වාසය කියන CONCEPT එක මොළේ හැදෙන්නේ අවුරුදු 1.5 දි විතර. එනිසාවෙන් දරුවෙකුට අවශ්‍ය කරන නිසි ආදරය රැකවණය පමණක් නොවේ දරුවාගේ අවශ්‍යතා ඔබ හඳුනාගෙන ඉටු කිරිමෙන් මොළය ඉගෙන ගන්නවා බලාපොරොත්තු තැබිය හැකි අය මෙලොව සිටින බව.  අවශ්‍යතා හඳුනා නොගත්තොත් තමා නොසලකා හැරිය බව තමා මොළය දකින්නේ, ඒ පරිපථය නැවත ගොඩ  නඟන එක ලේසි නම් නැ, ඒ වගෙම ඕනවට වඩා යැපෙන්නෙක් කලොත් ඕන කෙනෙකුට රැවටෙන කුසීත මොළයක් නිර්මාණය වේවි.

 

Keep quiet , Keep my hands to myself

තමන් තනියම ඉන්න වෙලාවල් වලදි තමන්ගේ තනි මහන්සියෙන් කරන දේවල් වලින් ලොකු සතුටක් ලබන මේ දරුවෝ තෝරාගැනීම්, අලුත් අභියෝග, සැලකිය යුතු තරමේ අවදානම් ක්‍රියා, වෙනස් කම් වලට හුරු වීම්, බලාපොරොත්තු කඩවීම් සහ අනපේක්ෂිත ක්‍රියා වලට නිරාවරණය වීමෙත් ජිවිතය ගැන බොහෝ දේ ස්වාධීනව ඉගෙන ගන්න බවත් තමන්ගේ හැඟිම්  පාලනය කරගැනීමට අවශ්‍ය  කරන තේරුන් ගැනීම වැඩි කරන ක්‍රියාකාරකම් තුලින් ස්වයං පාලනයක් තමයි දරුවන්ගෙන් ආපස්සට බලාපොරොත්තු වෙන්නේ..

 

ටික කාලයක් ඉන්න කොට මේ අඬන්නේ බොරුවටද ඇත්තටද කියන එක අඬන සද්දෙන් තේරුන් ගන්න පුලුවන් නිසා එහෙම වෙලාවට මම ඒ සද්දේ නොඇහෙන තැනකට යන්නේ මගෙන් වෙන්න පුලුවන් වැරදි අඩු කරගන්න... කලු ජාතික දරුවෙක් ගැන මගේ හිත කඩාගෙන ගිය අත්දැකීමක් තියනවා.. ඇවිත් පළවෙනි සතියේ අම්මව දාලා යන්න බැ කියලා අඬපු... එයාට බඩගිනි උනත් කෑවේ නැ මුකුත්.. සෑහෙන වෙලාවකට පස්සේ පලතුරු ටිකක් විතරක් කලා නිදා ගත්තේ මහන්සියටම වෙන්න ඇති අඬලම... බැඳිම් කියන්නෙම දුකක් කියලයි මට හිතෙන්නෙම..  හැබැයි පළවෙනි සතියෙන් පස්සේ අපි කියන්න ඕන නැ කන්න, බොන්න, නිදාගන්න, නැගිටින්න, සෙල්ලන් කරන්න.....

 

3.2 Children take increasing responsibility for their own health and physical wellbeing.

 

දරුවන්ට හැකියාවක් තියනවා ටිකෙන් ටික තේරුන් ගන්න තමන්ගෙම සෞඛ්‍ය ගැනත් තමන්ගේ ශරීරයේ පැවැත්ම ගැනත්.

 

Veg & Fruit Sorting

කන්න අදිමදි කරන දරුවෙකුට බලෙන් කවන්නේ නැ කියලා මම මුලදිම කිව්වනේ මේ ආයතන වල.. ඉතින් කොහොමද නොකන දරුවන්ට කන්න දෙන්නේ.. එක ක්‍රමයයි තියෙන්නේ කෑම කන වෙලාවල් වලදි ඇරෙන්න අනිත් වෙලාවල් වලදි කෑමෙන් මොකද වෙන්නේ කියලා තේරුන් ගන්න ක්‍රියාකාරකම් හදන එක.. නොකෑවොත් මොකද වෙන්නේ කියල එක සාකච්ඡා කිරීම.. පොඩි ළමයි හරි කැමතියි ඉක්මනට ලොකු වෙන්න (අපිනේ දන්නේ අපි ආපහු පොඩි කාලේට යන්න හිතන තරන්) ඉතින් අනිත් අය කාලා ලොකු වෙන එක  තමන් නොකැවොත්  පුංචි වෙන එක තරන් මේ දරුවන්ව කන්න යොමු කරන තවත් දෙයක් නැහැ... හැබැයි ඒ අතරේ ඉන්නව මං වගේ අය.. කන්නේ තමන් කැමති දේ විතරයි...


ඒ ඒ දරුවගේ තීරණ වලට තැනක් දෙන අතරේ අව්‍යාජ සෙනෙහසක් දැනෙන විදිහට හැම දරුවෙක් එක්කම කතා කරමින් ඒ ඒ දරුවා අපිත් එක්ක කියන දේවල් මේ එක් එක් ක්‍රියාකාරකමේදි ගත් පින්තූරත් එක්ක දෙමාපියන්ට දෙන්න පොතක් හදන්නත් ඕන...


Body Map
Learn about skeleton

මේ දරුවන්ට වයසට ගැලෙපන විදිහට තමන්ගේ ශරිරය ගැන කියලා දෙන වැඩසටහන් මම දැක්ක අලුත් දෙයක් වගේම හරිම නිර්මාණශිලී දෙයක්.. තමන්ගේ ශරීරය අයිති තමන්ට බවත් කිසිම කෙනෙකුට එය අයුතු විදිහට භාවිතා කිරිමට තමන් ඉඩ නොදිය යුතු බවත් මේ පුංචි මනසවල් ඇතුලට හිමින් හිමින් ඇතුල් කරන්නේ මෙතනින් එහාට එයාලා යන්නේ අම්මලා තාත්තාලා නැති තැනක දවසේ වැඩි කාලයක් ගත කරන්න නිසයි....මෙන්න මේ කරුණ ඔබෙත් වෙනවද ඔබේ දරුවන්ට...

 

ඊලඟ ලිපියෙන් කියන්න යන දෙයින් තමයි මම අපේ පුතාගේ ඇයි කියලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරියට ඉගෙන ගත්තේ මුලු ගෙදරම පුංචි ඉස්කෝලයක් කරලා.. හැම මාස කීපයකටම සැරයක් මම මුලු ගෙදරම වෙනස් කරන්නේ ඊලඟ ලිපියෙන් කතා කරන්න යන කරුණු හතර නිසා...

 

See You Soon!!!

 

4 comments:

  1. වටිනා ලිපියක් වෙනද වගේම....
    කෑම කන එක ගෑන නම් මට පුදුම අත්දෑකීම් තියෙනවා පුතා එක්ක ඉස්සර....ලොකු වෙනකොට කෑම දෙන එක ලේසියි කියන දේ තේරෙන නිසා ....

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. අක්කේ, මගෙත් ඉවසීම බින්දුවට යන තැනක් පොඩි කාලේ පුතා කෑම නොකා හිටිය කාලය...

      Delete
  2. කුඩා ළමයින්ට කෑම කවන එක සමහරුන්ට මහ වදයක්. මගේ දෙවෙනි අක්කගේ පොඩි දුවටත් කවන්න බැරුව අන්තිමේට හැම ප්‍රශ්නෙකට වගේම දුවන් එන්නේ අපෙ අම්මා ළඟට. අම්මා කරන්නේ දුවව මේසෙ උඩ තියලා දුවට බෙදාපු කෑම පිඟානත් එයාට පේන්න ඒ ළඟින්ම තියන එක. ඊට පස්සෙ අම්මත් බත් බෙදාගෙන දූට පේන්න කනවලු. මුළින්ම තමන්ගේ බත් ටික එහෙ මෙහෙ දැම්ම දුව ටික වෙලාවකින් අම්මගේ පිඟානට අත දාලා බත් ඇටෙ ඇටෙ කන්න ගත්තලු. ඒ අතරේ පොඩි බත් ගුලියක් දුන්නාම කෑවලු. ඔහොම ටික දවසක් යනකොට දූට කවන එක එතරම් අමාරුවෙලා නෑ හීන දකින්නී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කෑම කන නොකන එක දුමී හරිම ආවේණිකයි.. සමහර දරුවෝ ඉන්නවා එයාල අකමැති කෑම කන්න නෙමේ.. කෑමේ වර්ණය, විදිහ වගේ sensory දේවල් වලට එයාලගේ තියන අකමැත්ත.. ඒක කෑම නොකා ඉන්න කරන බොරුවක් නෙමේ.. වද කරලා ඒ කෑම එක කොයි තරන් ගුණ උනත් බලෙන් කවන්න මේ ක්‍රමේ ඇතුලේ ඉඩක් නැත්තේ මේ දරුවන්ට දැනෙන ආවේණික විදිහට ගරු කිරිමක් ලෙස..

      දුමී කියන ක්‍රමය තමයි දරුවන් වැඩිහිටියන් අනුකරණය කරමින් ජිවිතයේ දේවල් ඉගෙන ගන්න බවට දෙන්න පුලුවන් හොඳ උදාහරණයක්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...