Friday, December 16, 2016

Early Years Learning Framework - මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 5

මේ ලිපි පෙළේ  හතරවන ලිපියෙන් නතර උනේ අපේ දඟමල්ලගේ "ඇයි" කියලා අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ඉගෙන ගත්ත විදිහ ගැන ලියන තැනින්නේ.. අද ඒ කරුණු හතර ගැන ලියන්න යන්නේ... මේ ක්‍රමය එක්ක ගෙදර වෙනස් කරද්දි මගේ සැමියගේ අදහස් සෑහෙන්න මට හරි පාරේ යන්න උදව් උනා.. මගේ කඳුලු වලට බය නැති ඔහු කියන දේ නොඅහන මාව ඉතාම හොඳින් මෙහෙයවපු කෙනෙක්.  හිත රිදුනත් ඒ මෙහෙය වීම මගේ ජීවිතේට අවශ්‍යම වෙලා තුබුනු දෙයක් කියලා අද හිතෙනවා. දෙමාපියන් හැමදේම මට උගන්නලා තිබ්බත් ඔහු මාව විස්වාස නොකලා නම් මට මේ තරන් දුර එන්න ලැබෙන්නේ නැහැ. (කොහෙද මම යන්නේ එන්නේ කියලා ඔහු අහන්නේ නැ, මගේ වෙනස්කම් අඳුරගන්න ඔහුට තියනවා සුපිරි හැකියාවක් )

 

හරි දැන් බලමු හතරවෙනි ඉගැන්නුම් ක්‍රමයෙන් මොනවද කියන්නේ කියලා..

 

 

 

Learning Outcome 4: Children are confident and involved learners.

 

 

දරුවන් අපිත් එක්ක එකට එකතු වෙලා විස්වාසයෙන් ඉගෙන ගන්න පුලුවන් අය..

මේ වැකිය ලියද්දිම මට මතක් උනේ මගේ සැමියගේ අම්මා.. අපි ඒ ගෙදර ගිහාම අම්මත් එක්ක මාත් අම්මා කරන ඕන දේකට එකතු වෙනවා.. පළවෙනි දවසේ ඉඳන්ම ඒ අම්මා පිට කෙනෙක් කියලා මට හිතුනේ නැ.. ඉතින් දවසක් මම කුස්සියට යද්දි අම්මා තනියම හදනවා කොළ කැඳ.. මම උදව් කරන්නද ඇහුවම  "දුවේ මම අපේ ළමයි දෙන්නටම කියන්නේ නැ උදව් කරන්න කියලා, මගේ වැඩේ තවත් අවුල් කරන නිසා" ඒ වචන ටිකට මට හිනා ගියේ අක්කගෙයි මගේ සැමියගෙයි "පිළිවෙල" ගැන ඒ වෙනකොට මම දැනගෙන හිටිය නිසයි..  (හැබැයි ඉතින් අම්මම තමා වැරදිකරුත්, මගේ සිතුවිලි සැබැ ලෝකයෙදි එළියට එන්නේ පෙරහන් කඩදාසියක් තුලින් ගිහින්...)

 

 

4.1 Children develop dispositions for learning such as curiosity, cooperation, confidence, creativity, commitment, enthusiasm, persistence, imagination and reflexivity.

 

 

දරුවන් ටිකෙන් ටික වැඩිහිටි පුද්ගලයන් වෙද්දි කුතුහලය නිසා සහයෝගයෙන්, ආත්ම විශ්වාසයෙන්, නිර්මාණිශිලිව, කැපවීමෙන්, විනෝදයෙන්, තමන්ගේම පරිකල්පනයෙන්, තමන්ගේ හිතට දැනෙන විදිහ අනූව  අඛන්ඩව  ඉගෙන ගන්නවා ලැබෙන  අවස්ථාවන් එක්ක.  (ඉතින් අවස්ථාවන් ලැබෙන්නේ නැත්නම් ....) 

 

 

Salad Making - Preschoolers

ආරක්ෂාකාරීව හරි විදිහට  අත්හදා බලන්න ඉඩ දීම තුලින් දරුවෙක් ඉගෙන ගන්නවා ආත්ම විස්වාසයක් ඇතුව අලුත් දේවල් කරලා ඉගෙන ගන්න.. මේ කරුණෙදි තරන් ඉවසීමක් ඕන වෙන්නේ නැතුව ඇති මේ ලෝකේ කිසිම දේකට.. එක තප්පරයක් අහක බැලුවොත් ඇති...ඒත් මේ අහිංසක මුණවල් දිහා රවලා බලන්න මට බැරි නිසා ඉවසීම මම ඉගෙන ගන්නවා..

 

 

Toddlers - Cookie Time

දරුවෝ හරි කැමතියි ගෙදර දොරේ වැඩ, එයාලා අවට පරිසරයේ කෙරෙන වැඩ වලට උදව් කරන්න.. වැඩිහිටියන්ගේ හදිස්සිය නැත්නම් මේ කැමැත්තෙන් සෑහෙන දෙයක් කරන්න පුලුවන් ඒ දරුවගේ අනාගතයට.. (මගේ ජීවිතේ නිම්නයක නැවතුනෙත් මේ අයත් එක්ක හිමින් යන්න වෙලාව හදාගන්න ගිහින් )



 

 

4.2 Children develop a range of skills and processes such as problem solving, inquiry, experimentation, hypothesising, researching and investigating.

 

දරුවන්ට මේ කාලය ඇතුලත හැකියාවන් ගොඩාක් ඉගෙන ගන්න පුලුවන්.. අකුරු ලියනවට වඩා.



I did it... Wow what this. Babies explore toys

ප්‍රශ්නයක් විසඳන හැටි, එක එක දේවල් පරීක්ෂා කරලා නීරික්ශණ වලින් නිගමන වලට එන්න, අත්හදා බැලීම් වලින් වැරදිලා හරියන බව ඉගෙන ගන්න, කල්පිත අදහස් හරහා සොයා ගිහින් පර්යේෂණ කරලා ඉගෙන ගන්න පුලුවන් විදිහට හරිම නිර්මාණශිලිව තමයි මේ ආයතන වල එදිනෙදා හදන ක්‍රියාකාරකම් වලින් කියා දෙන්නේ.



 

4.3 Children transfer and adapt what they have learned from one context to another.

 

දරුවන් එක තැනකින් ඉගෙන ගත් දෙය තව තැනකට භාවිත කර හැඩ ගැසීම ඉගෙන ගනී..

 

 

අපේ ගෙදර වෙනස් කරන කාලේ අපේ පුතාට සාලේ තියන සෙල්ලම් බඩු අස් කරන්න කියලා දුන්නම එයාම තනියම අනිත් කාමර වල තියන සෙල්ලම් බඩු අස් කරන්නත් ඉන් එහාට දැන් ගෙදර ඕනම දෙයක් ගත්තොත් ආපහු තියන්න ඕන තැන දන්නවා වගේම කවුරු ගත්තා උනත් එයා දැක්කොත් නියම තැනින් ගිහින් තියලා එද්දී මම හොරැහින් බලන්නේ පුතාගේ තාත්තා දිහා... (ඔහුගේ නිහඬ බව මටත් හුරු වෙලාද මන්දා... මෙහෙම ගිහින් අපි දෙන්නා ඇස් වලින් විතරක් කතා කරයි ද දන්නෙත් නැහැ...)

 

 



Toy Corner- Limited toys

හැබැයි දරුවට දරන්න පුලුවන් ප්‍රමාණයට විතරක් සෙල්ලම් බඩු එළියෙන් තියන්න.. අනිත් දේවල් නොපෙනෙන තැනක තියලා මාස කීපයකට සැරයක් මාරු කලා නම් විවිධත්වයක් ඇතුව සෙල්ලම් කරන්නත් අස් කරන්නත් ඉගෙන ගන්නවා ඉබේම..



 

 

 

 

4.4. Children resource their own learning through connecting with people, place, technologies and natural and processed materials.

 

 

Colored Rice Table- Touch & Feel (Sensory)

දරුවන් තමන් අවට ඉන්න අයගෙන්, අවට පරිසරයේ ඇති ස්ථාන වලින්, නව තාක්ෂණයෙන්, ස්වාභාවික සහ කෘතීමව සකස් කල අමුද්‍රව්‍ය කියන මේ හැමදේකින්ම තමන්ගේ ඉගෙනීමට පුංචි පුංචි දේවල් ටික ටික එකතු කරගන්නේ තම තමන්ට උපතින් හිමි වෙලා තියන මොළයේ පරිපථ පාස්සා ගන්න ගමන්.. ඒ නිසා විදුලි සැර වැදෙන්න නොදී හරි පරිස්සමින් බලා ගන්න ඕන කාලයක් මනස දරුවන්ගේ.. 

 

දරුවන්ගේ මනස ගැන කියද්දී මමත් සැමියත්  අතර තියන ඕනම ප්‍රශ්නයක් අපි පුලුවන් තරන් කතා කරන්නේ පුතා නැති තැනක... වැඩියෙන්ම ලියන එක.. මට තමයි වචන කටින් පිට නොකර ඉන්න අමාරු...ඒත් දරුවෙකුගේ පළවෙනි අවුරුදු 3නේ එයාගේ ලෝකේ වීරයා තාත්තා කියන සංකල්පය හැදෙන්න ඕන ආත්ම විශ්වාසයක් ඇතුව ඉදිරියට යන්න නම්.. ඒ නිසාම මගේ වචන ගොලු වෙනවා.. අම්මා කෙනෙක් ඒ කරුණ හොඳට මතක තියාගන්න ඕන තම සැමියගේ වැරදි අඩුපාඩු දරුවන් ඉදිරිපිට නොකියන්න..

 

හරි ආයෙත් පාඩමට...මේ හදන හැම ක්‍රියාකරකමක්ම නම්‍යශිලීව සහ විවෘතව තියලා තමයි හදන්න ඕන කොටු වීමක් ඇති නොවෙන්න.. පොඩි අයට එක එක විදිහේ විලාසිතා වලට ඇඳුම් ඇඳලා බලන්න තියන තැන තියනවා මේකට හොඳ උදාහරණයක්.. ගෑනු පිරිමි කියලා බේධයක් නැතුව තමන් කැමති ඕනම ඇඳුමක් ඒ වෙලාවේ අඳින්න පුලුවන්.. ගොඩක් පිරිමි දරුවන් කැමතියි රැළි සායවල් ඇඳලා කැරකිලා බලන්න.. එය වලක්වන්නේ නම් නැ.. මෙන්න මේ කොටු වීම නැති නිසා ගෑනු පිරිමි අපිට පුරුදු විදිහට අඳුරගන්න එකත් මට වෙලාවකට ප්‍රශ්නයක්...

 

ඉතින්  මම ලියන්න යන අවසාන  දිඟු ලිපි පෙළේ අවසාන ලිපියෙන් ඊලඟ දවසේ කියන්න යන්නේ සන්නිවේදනයේ තියන වැදගත්කම මේ අවුරුදු 7 වෙනකන් දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න... මම ආසම කරන විෂය මෙන්න මේක.. අද අපේ අම්මා කියන්නේ අපරාදෙලු මට කතා කරන හැටි ඉගැන්නුවේ.. පුංචිම පුංචි සිදුරක් ඇති අද මට ඕන දේ වචන ඇතුව හෝ නැතුව කරගන්න... හීන දකින එකයි හීන හැබෑ වෙන එකයි අතරේ මොන තරන් වෙනසක් තියනවද......

 

and last, but certainly not least....

 

 

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...