Thursday, December 8, 2016

වෙනස් වීම ද වෙනස් නොවීමද වඩා හොඳ......

Change- Colorful background
අපි මේ ලෝකෙට ආව දා ඉඳලා, නැහැ හරියට බැලුවොත්  ඊටත් කලින් ඉඳලා තියන දෙයක්නේ මේ වෙනස් වීම.. ඉතින් මේ කාලෙත් එක්ක වෙනස් නොවෙන වෙනස් වීම ඔබට සහ ඔබ අවට ඉන්න අයට කොහොමද බලපාන්නේ.. ඔබ ඔබ අවට ඉන්න අයට ඕන විදිහට වෙනස් වෙනවද... වෙනස් වෙනවා නම් ඇයි ඒ... වෙනස් වෙන්නේ කුමන විදි වලින්ද.. කොයි තරන් ඔබව ඔබ වෙනස් කරගන්නවද අනිත් අයට ඕන විදිහට... කැමැත්තෙන්ද ඒ වෙනස ඔබ කරන්නේ...


ඔබ හිතනවද ඔබ එහෙම
වෙනස වෙන්නම ඕන කියලා ඔබ අවට ඉන්න අයත් එක්ක එකට ඉන්න.. සම්බන්ධතා පවත්වා ගන්න.. වෙනස් වීම ඔබ ඇත්තටම කරන වෙනස් නොවෙන  වෙනසක් ද තාවකාලික වෙනසක් ද..

දඟමල්ලගේ තාත්තා මට හම්බෙලා ටික දවසකින් ඔහුගේ සිහින ගැන කියද්දි වෙන රටවල් වලට යන සිහිනය නිසා අකමැත්තෙන් උනත් මමත් ඔහුත් එක්ක ගියා IELTS ක්ලාස්... දවසක් අපිට ලියන්න දුන්නා මේ
වෙනස් වීම ගැන රචනාවක්.. එදා මම ගෙදර ඇවිත් ඒ රචනාව ලියද්දි මං හිතන්න ගත්තා ඇයි මං වෙනස් වෙන්නේ.. ඇයි මම මං අකමැති දෙයක් කරන්නේ..කොහොමහරි රචනාව ලියලා ඉවර වෙද්දි ඊලඟ දවසේ ඔහුව හම්බුනා ආයේ ක්ලාස් යන්න මට බැහැ කියන්න හිතාගෙන තමයි මම ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටෙ.. ඒත් මගේ අකමැත්ත හේතු ගොඩකින් සෑහෙන දුරකට වෙනස් කරන්න ඔහුට තිබුනා හැකියාවක්.. (ඔහුට  නෙමේ හැමදාම මම කියන ඔහුගේ ඇස් දෙකට) ඒත් සම්පුර්ණයෙන්  මාව වෙනස් කරන්න බැරි උනු නිසා ක්ලාස් වලට සල්ලි ගෙවලා තියෙද්දි උනත් නවත්තලා  දාන්න ඔහු කැමති උනා වගේම ඒ තීරණේ නිසා අපි අතර ප්‍රශ්නයක් මතු නොවෙන විදිහකට හැසිරෙන්නත් ඔහුට තිබුනා හැකියාවක්.   පාඩුව විඳ දරාගෙන මුකුත්ම නොකියා ඉන්න එක හරි අමාරු වැඩක් උනත්...මම ඔහුට ඕන විදිහට වෙනස් නොවුන නිසා ඔහුට මං වෙනුවෙන් කරන්න පුලුවන් කිසිම දෙයක් අඩුවෙන් කරන්නවත් ඔහු වෙනස් වුනේ නැහැ.

ඉතින් ආපහු එමු මාතෘකාවට දෙදෙනෙක්  හෝ ඊට වැඩි ගණනක් එකට යද්දි අනිත් කෙනාට ඕන විදිහට ඔබ
වෙනස් නොවෙන තැන් වලදි ඔබට බලා ගන්න පුලුවන්  ඔබ ගැන ඇත්තටම හිතන අය..

ඔබ කෙනෙකුට ඕන විදිහට
වෙනස් නොවෙද්දි ඔබව ඔබ විදිහට  තරහා නොගෙන අමනාප නොවි පිළිගන්න පුලුවන් අය ඔබේ ජිවිතයට ලං කර ගන්න අතරේ අනිත් අයට ඔබේ ජිවිතයෙන් යන්න පාර හොයලා දෙන්න හිමින්.. එය ඔබටත් අනිත් අයටත් සහනයක් ගෙන දේවි.. ඒ වගේම එය වරදකුත් නෙමේ.. ඒ ඒ අයට ගැලපෙන අය ඉදිරි කාලවල හමු විය හැකි බවත් ඔබ අකමැත්තෙන් බලෙන් වෙනස් වී ඒ අය හා එකට යාමේ අවශ්‍යතාවයක් නැති බවත් ජිවිත ගමනේ ඉදිරියට යද්දි ඔබට වැටහේවී..

මගේ අවට පරිසරයේ මම ගොඩක් විට දකින ප්‍රශ්න වලට හේතු වෙනස්  නොවිය යුතු තැන් වල
වෙනස්  වීම කියලත් මට හිතෙනවා.. ඒ වගේ වෙනස්  නොවුනු අයව බොහොම සීරුවෙන් තෝරලා තමයි මම ලං වෙන්නේ... ඒ අයට පුලුවන් මාව වෙනස්  නොකර මාත් එක්ක වෙනස්  නොවී ඉන්න...
Missed Target


මම ගොඩක් කැමති වැකියක් දැක්ක තැනකුත් මතක් උනා මේ ලිපිය ලියද්දි බ්ලොග් ලොකේ...

"සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි."

කාටහරි මතකද මේ වැකිය තිබ්බෙ කොහෙද කියලා.....



8 comments:

  1. වෙනස්වීමේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා.
    හීන දකින්නී පහළින් ලියා ඇති පේළිය අපේ ඉයන්ගේ බ්ලොග් එකේ තේමාව නේද? මාත් ඒ තේමාවට කැමති හින්දම ඒක හොදට මතකයේ තියෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙනස්වීම තමන් හොඳින් හිතලා කැමැත්තෙන් කරනවා නම් තමයි දුමී මම දකින්නේ වඩා හොඳ.. එතකොට නරක උනත් හොඳ උනත් පසුතැවෙන එකක් නැ...

      දුමී හරි.. මේ වැකිය තිබුනේ ඉයන්ගේ බ්ලොග් එකේ තමයි....

      Delete
  2. වෙනස්වීම හෝ නොවීම හෝ වෙනත් ඕනේම තීරණයකදී හෝ මගේනම් තියෙන්නේ එකම තියරියයි. මම ගන්න තීරණයෙන් බලපෑමක් වෙන්නේ මගේ ජීවිතේට විතරක්නම් වැඩිය හිතන්නේ නැතුව ඒ දේ කරන්න.ඒත් ඒ තීරනය ක්‍රියාත්මක කිරීමේදී තව කෙනෙක්ගේ ජීවිතේට බලපෑමක් සිද්දවෙනවනම් දෙපාරක් නෙමෙයි, තුන් හතරවතාවක්ම හිතන්න.

    මේ ලෝකේ වෙනස්නොවෙන කිසිමදෙයක් නැති එකේ මනුස්සයෙක් වෙනස්වෙනවා කියන දේ ,යටි පතුලෙන් උඩට ගන්න ඕනේ දෙයක් නෙමෙයි මටනම්.

    ReplyDelete
    Replies
    1. කටුස්..මම මේ ලිපියෙන් මතු කරන්න උත්සහ කලේ අන් අය (පරිසරය ) නිසා තමන් වෙනස් වීම නොවීම ගැන සහ ඒ වෙනස් වීමේ නොවීමේ අතුරු ප්‍රතිඵල..වෙනස් වීම් ගැන නොහිතා මේ ලෝකේ කොහොමද කටුස් ඉස්සරහට යන්නේ...

      Delete
  3. අර වැකිය නම් ඇරඹුණේ කොහෙන්ද කියල දන්නේ නැහැ. නමුත් ඉයන්ගේ බ්ලොග් එකේ ස්ලෝගන් එකට නම් යොදාගෙන තියෙනවා දැකල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මාත් දන්නේ නැ මේ වැකියේ ඇරඹුම කොහෙද කියලා .. බ්ලොග් ලොකේ දැක්කේ ඉයන්ගේ බ්ලොගයේ ඔබ කිවා වගේ...

      Delete
  4. අපේ ජීවිතවල වෙනස්වීම් එක්ක ලොකු දියුණුවක් ගන්න පුලුවන්. මම අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. කුරහන්, වෙනස් වීම් එක්ක ලබන දියුණුව එක එක අය "දියුණුව" අර්ථ දක්වන විදිහ අනූව එකිනෙකාට සාපේක්ෂයි කියලයි මට හිතෙන්නේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...