Wednesday, December 7, 2016

මම හිඳිමි බලා ඔබ නිසා හමු වුන නැවතුමේ.......


කිසිවක් ලැබීත් නැහැ, කිසිවක් නොලැබීත් නැහැ,
ඒත් ඔබ නැති විටක... මම දන්නේ නැහැ

ඔබ ඉන්න විට ලඟින් ඇයි එහෙම දැනෙන්නේ










නව දිනක් ඇරඹෙන්නේ ඔබත් සමඟයි මගේ
සුන්දර හුදකලා හැන්දෑවක් ගෙවෙන්නේ ඔබත් සමඟයි
ඔබ නිසා විතරමයි...

මම හුස්ම ගන්නේ හැම තප්පරේකම
ඒ හුස්ම මතින් මගේ දිවියට අරුතක් එක් කරන්නේ ද

ඔබම පමණයි....
 












ඔබේ දෑසින් මගේ ලොව දකින 
මගේ දෑත් ඔබේ දෑත් අත්නොහරින්නේ
මගේ කියා කිසිවක් මට ඉතිරි වී නැති නිසාමයි
මගේ කතාවේ ඔබේ වදන් ඇහෙද්දි 
මුවඟට නැඟෙන හිනා සඟවමි ලොවෙන්
මගේ වී තිබු සියලු දේ ඔබේ වී ඇති
 මගේ රැයවල් ඔබේ තිලිණයකි
කියන්න මොකද්ද වුනේ









දවසක ඔබට වුනු පොරොන්දුව තනිව නොව 
ඔබත් සමඟ එක්ව ඉටු කරන්න 
අප වෙන් වුනත් වෙන් නොවන ලෙස  හදවත්  බැඳුනු
කිසිදිනක නොකැඩෙන  සිහින්  සිතුම් රැහැනින් 
ඔබ නිසා යනෙනෙ මඟ සොයා ගතිමි,  
මම හිඳිමි බලා ඔබ නිසා  හමු වුන  නැවතුමේ.........
 














ප.ලි : මේ චිත්‍රපටිය බලපු දවස මගේ ජිවිතේ කිසිම දිනක අමතක නොවන දවසක්... මිහිරි මතක  හිත පුරා පුරවපු... මම සමහර වෙලාවට කරන වැඩ හරිම අවදානම්.. ඒ වගේ තවත් වැඩක් මම කලා මහ වැස්සක් තිබුනු දවසක ගංඟාවක් සම්බන්ධ.. ඒ වගේ අවදානම් වැඩ කරන්නම හරියන අය මගේ ජිවිතේ එක එක කාලවලදි හමූ වීමත් හරි පුදුම සහගතයි. ඉගෙන ගන්න කාලෙදි තමන්ගේ වගකීම පුලුවන් උපරිම විදිහට කලාට පස්සේ ජිවිතේ විඳින්න කාලයක් එන බව අකීකරු මට කියා දුන්නේ පුංචි කාලේ අසීමිත නිදහසක් මට දීලා යොවුන් කාලෙදි මගෙන් ඒ නිදහස  ආපහු අරගෙන (හරිම කල්පනාවෙන්)   සීමා කල කෙනෙක්.. කිසිකෙනෙකුට ඕන විදිහට නැතුව මට ඕන විදිහට මගේ ජීවිතය විඳින්න කියා දුන්නෙත් ඒ කෙනාම තමයි.

5 comments:

  1. අගේ සුසුම්වල උණුහුම සීත රැයක දැනෙද්දී
    නැගේ හදෙහි අදෝනාව වෙන්වූ බව හිතද්දී
    නගේ නුඹත් එක්වන්නට දෑතෙ ඇඟිලි ගනිද්දී
    මගේ හිතත් නුඹ ගාවයි පෙරදින සිහි කරද්දී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. 'සුසුම්වල' පදය පද දෙකක් විදිහට 'සුසුම් වල' කියද්දී තමයි තාලයක් තියෙන්නේ.

      ජයවේවා!!!

      Delete
    2. හැමදාම වගේ ලස්සන පද ටිකක් දුමී...

      Delete
  2. //කිසිකෙනෙකුට ඕන විදිහට නැතුව මට ඕන විදිහට මගේ ජීවිතය විඳින්න කියා දුන්නෙත් ඒ කෙනාම තමයි.//

    ඔබට ජීවිතේ නිවෑරදි මග පෙන්වපු වටිනා කෙනෙක් බව නම් හිතෙනව ඔය කියපු කෙනා.....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ ඒ කෙනා ගැන ලියන්න මට හෝඩියේ අකුරු මදි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...