Monday, December 5, 2016

නොයදිමි මා නැවතීමක් - නොපතමි මා පැවතීමක්...





සීත නිම්නයක  නැවතුනු හදවතේ
වල්මත් වු මා මන්මත්  වු නාදේ
හිරු නැඟෙන සඳු බසින යාමේ
සඳු නැඟෙන  හිරු බසින  යාමේ
වෙලෙමි ඇස ගැටෙනා හැම මතක ඉමේ


නෙලනු සඟවනු එපා මලින් මලේ
කොතන සැඟවිනිද නොනිදා මා හදේ
කෙලෙස ගෙවම්ද නිදි නැති රැයවල්
මතකයන් මා හදේ රැව්පිලි රැව් දේ
හිරු නැඟෙන මුත් නුඹ දෑස නොපෙනා


මකනු නොහැකි මතකයන් අඳිනා සිතුවම්
රැව්දෙනා   නුඹේ හඬ මවනා  කවිකම්
සිනා සපිරි මුව ගෙනෙනා  සඳ මනරම්
කෙලෙස ගොතම්ද දෙහදේ බැමි නම්
සොයනෙමි නුඹේ හඬ ඇසෙනා තැන්නම්


දිලි දිලි නිවී නිවී යන මේ රැයෙ මා පැතු
තොල්පෙති නළලත  මා උමතු කරනා නෙතු
උණුසුමින් සිප ගනිමි කෙසේ පෙර මා සිතු
දුරින් ඉදිම් කෙසේ  නුඹට මා දිනක මතු
පෙමින් සනහා සුව යහනේ  මා සැදු


නොයදිමි මා  නැවතීමක්
නොපතමි මා පැවතීමක්
රිසි සේ නුඹට මා විඳිමක්
මේ අසාර දිවියේ ලද දිනක්
මිස නැ මා ලබන්නේ  පලක්...

13 comments:

  1. මතක තැවරෙන හද දවාලන අතීතෙක සුව දැනි දැනී
    සිතක ඳගලන පෙම් හැඟුම් ගෙන නුඹ ළඟම මම නැවතුනී
    නෙතක ඇරයුම හාදු වැස්සට වඩා ඉපිලී ඉගිලුනී
    ගෙලක මාලය අරුත්ගැන්මට නොපැතුවත් නුඹ මම දනී.......

    ලස්සන කවි ටිකට හැකි විදිහට උත්තරයක් ලිව්වා හීන දකින්නී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හද සනසන මතක තැවරුනු අතීතයක සුවඳ දැනේ
      සිත දැහන් ගත කරවු පෙම් හැඟුම් දුන් ඔබව දැනේ
      හාදු වැස්සක් තිලිණ දුන් ඔබේ නෙතක ඇරයුම දැනේ
      කිසිදිනක නොපැතු ඔබේ අරුත්බර ආදරය මට දැනේ......

      Delete
  2. මේ මොකදෑ මේ.
    K නැන්දා

    ReplyDelete
    Replies
    1. ආඅ ඇනෝ.. ඒ පාර නමත් වෙනස් කර ගත්තද..

      Delete
  3. සිනා සපිරි මුව ගෙනෙනා සඳ මනරම්
    කෙලෙස ගොතම්ද දෙහදේ බැමි නම්....?

    ReplyDelete
    Replies
    1. අයියෝ චෙෆාකි..හරි ලේසිනේ.. වෙලාවක වූල් බෝල කීපයකුයි ගොතන කටු ටිකකුයි අපේ අම්මට ගෙනත් දෙන්න.. ලස්සනට ගොතලා දේවි බැමි...:)

      Delete
    2. හුටා වූල් ඇලජික්නේ..! :)

      Delete
    3. අපරාදේ... චෙෆාකිට පින නැ...ඒ තරන් සනීපෙට දැනෙන බැම්මකින් වියපු ඇඳුමක් අඳින්න..:)

      Delete
    4. ඇලජි පිල් එකක් අරන් බලන්න ඕනි...!

      Delete
    5. කරුණාකර, විශේෂ වෛද්‍ය ප්‍රතිකාර විමසා පැමිණෙන්න, වග කියනු නොලැබේ after effects වලට....:)

      Delete
  4. අද ටිකක් වෙනස් වගේ... ඒවුනාට හරිම ලස්සනයි පද පේලිය චතූ....

    ReplyDelete
    Replies
    1. වෙනසක් හිතලා ලිව්වේ නැ නිර්මාණි.. ලියන්න හිතුනම ලිව්වා.. ලියවුනේ මෙහෙම... ස්තුතියි ඔයාට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...