අපේ තායිලන්ත ජිවිතේ
අමතක නොවෙන තැනක් තමයි මේ පින්තුරේ තියෙන්නෙ...අති නවීන පහසුකම් වලින්
යුත් ඉතාම සුවපහසු හරිම පිළිවෙලට හදල තිබ්බ භාශා ගැටලුව නිසා පුංචි ලෙඩකටත්
යන්න වුනු "සුකුම්විත්" නගරයේ සෝයි 3නේ පිහිටි ( සෝයි කියන්නේ අතුරු පාරට
කියන තායි නම, මේ නගරයේ අතුරු පාරවල් එක තැනකින් පටන් අරන් පිළිවෙලට අංක
කරල තියනවා මිසක් එක එක අයගේ නම් ගම් ගහල වෙන් කරලා නැහැ) තරු පහේ අන්තර්ජාතික රෝහල.. මේ රෝහල කරුණු කීපයක් නිසා අමතක කරන්නම බැහැ. ඒ අතරින් මගේ දඟමල්ල
දකිද්දි කිසිම දවසක අමතක කරන්න බැරි සිදුවිමක් තියනවා මේ සුපිරි රෝහල හා බැඳුනු ජීවිතයත් මරණයත් අතර සිදුවුන.
