![]() |
| I'm not Misbehaving, I have Autism.Please be Understanding. |
අද මම "Autism Spectrum Disorder" ඝනයට වැටිය හැකි පුංචි දරුවන්ගේ කල්තියා අඳුරගන්න පුලුවන් ලක්ෂණ කීපයක් ගැන ලියන්නම්. කලින් ලිපියෙන් කිව්වා වගේම මේ ලක්ෂණ තිබූ පමණින් කලබල වෙන්න ඕන නැ..ඒත් මේ ලක්ෂණ කීපයක් එකට තිබෙනවා නම් ටිකක් අවධානයෙන් ඉන්න දරුවගේ චර්යාවන් ගැන. පළමු අවුරුදු දෙකේ දරුවෙකුගේ කෑම බීම බර වැඩි වීම වගේම සමාජීය සහ සන්නිවේදන හැකියාවන් වැඩීම ගැනත් කල්පනාවෙන් ඉන්නව නම් මේ ලක්ෂණ ඉතාම පහසුවෙන් අඳුරගන්න පුලුවන්. එතනදි දරුවගේ අම්මා විතරක් නෙමේ තාත්තත් මේ ගැන අවබෝධෙන් වැඩ කරනවා නම් පවුලක් විදිහට දරුවට උදව් කරන්න පහසු වේවි.
