Monday, March 7, 2016

බුදු සමිදුනු වඩිනු මැන - කාලයයි මේ බන පදයකට....


ලොවට හොරා වෙස් බදින
නැට්ටුක්කරුවන් රඟන
රඟ මඩල මේ දිවිය
හදවත් ඇත්තවුන් දවන


නොහඳුනන මුත්  අප අවට
සිටින වෙස් මුහුනු පැලද
මිනුසුන් යැයි හඬ ගා කියන
නොමිනුසුන් පොර බදින


නිවනක් සොයන සිතකට දැනෙන
දාහය කෙසේ නම්   නිවමුද
කවියට හැරෙන සිත රිදුන
වැටහෙන කෙනෙක් හමු වේවිද


ලොවම මහ මිරිඟුවක
දුවන හැම දන හති වැටෙන
බුදු සමිදුනු වඩිනු මැන
කාලයයි මේ බන පදයකට.....

Related Posts Plugin for WordPress, Blogger...