"අනේ අම්මේ, මොකක්ද මේ පව් වැඩේ, කෝ දෙන්න ඕක මෙහාට", හිතට ආව ආවේගය පිටින්ම දෙසවන පුරා ඇසෙන එහෙත් දෑසින් නොදකින කිචි බිචි නාදය නගන පුංචි පැටව් පිරුනු බැගය අම්මාගේ අතින් මම උදුරා ගත්තේ ඈ දිහා බලන්න වත් පමා නොවේමින්. එසැනින් මිදුලේ කොනට දිව්වේ තවත් මොහොතක් වත් ඒ හඩ මට අසා සිටිමට නොහැකි නිසයි. මගේ අතින් බෑගය විවර වු සැනින් අහසට ඉගිලුනු කුරුලු පැටව් දිහා මං බලන් හිටියේ කියා ගන්න බැරි තරහකින් වගේම අම්මා ගැන අනුකම්පාවකුත් හිතේ තෙරපෙන ගමන්. ආයෙමත් කිසිම දවසක සිත් පිත් නැති මිනිසුන් අතට පත් නොවේවා වගේම මේ අහිංසක සතුන් මිනුස්සුන්ගේ ඉරණම තීරනය කරන්න පටන් ගත්තේ කවදා ඉදන් ද කියන සිතුවිල්ලත් එක්ක ආපහු ගේ ඇතුලට ආවේ අම්මා දිහා වත් ඇවිත් හිටිය මල්ලීගේ යාලුවො දිහා වත් බලන්නේ නැතුවයි.
Thursday, February 4, 2016
අඳුර මැදින් ආලෝකය දකිමින්......1

Subscribe to:
Posts (Atom)