Friday, November 4, 2016

කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන... ඔබ.....


හරිම පුදුමයි ඔබ මගේ හදවතටම කතා කරන හැටි
එක වචනයක් වත් කියන්නේ නැතුව මට
ඔබට පුලුවන් පහනක් දල්වන්න අඳුරේ
මම උත්සහ කලා ඒත් මට බැහැ පහදන්න
ඔබ කතා නොකරන විට මට ඇහෙන්නේ
මොනවද කියලා කියන්න...

ඔබේ මදහස මට කියන්නේ ඔබට මාව ඔනේ
කිසිදිනක බොරු නොකියන ඔබේ  ඇස්  කියන්නේ
කිසිදිනක ඔබ මාව තනි කරන්නේ නැති බව
ඔබේ සිනිඳු අත් වල පහස මාව වැටෙන ඕනම වෙලාවක මං ලඟ..
ඔබ මේ හැමදේම කියන්නේ හරිම නිහඬව..

හැමකෙනාගෙම හඬ ඇහෙනවා මට හැමවෙලේම
නමුත් ඔබ මගේ ලඟ නම්  මුලු ලොකේම නිහඬයි
කවුරුන් උත්සහ කලත් කිසිදිනක බැහැ
ඔබේත් මගෙත් හදවතේ කතාව කියන්න...



 සිතට පණ පොවන  දැනුනු ආදරයක්... කිසිදා වෙනස්  නොවන...
කිසිදා හමු නොවන...ඒ නිසාම කිසිදා වෙන් නොවන ..
කිසිදා නොකියන
වචන වලින්....
ඔබට මා හමු නොවන බව දනිමි... මට මා හමු වු  බව ද දනිමි.
යම් දිනක  ඔබට ඔබ අහිමි නම්
ඔබ නිසා හමු වු මා ඔබට හිමියි..  
ඔබේ නිහඬ බව එදාටවත් බිඳින්න
මා හද දවන
මම ඔබට කියලා දුන්නා  ලොව නිහඬ කරන හැටි
ඔබට කතා කරන්න...

28 comments:

  1. Replies
    1. ස රසට , වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද :)

      Delete
    2. සරසට හූ.. කියන්නත් පුළුවන් මගේ හිතේ

      Delete
    3. ඇත්තට, අපි වෙලාවක් Adventure tour එකක් යමු.. සදාහරිත වැසි වනාන්තරයක කාටවත් පේන්නේ නැතිව කරදරයක් වෙන්නේ නැතුව හූ කියන්න.. bangee jumping ඒකට හොඳ තැනක්..:):)

      Delete
  2. හරිම හරි ලස්සනයි.....නිම්නි.

    හෑම වචනයක්ම හදවත පතුලටම ගිහින් නෑවතුනා.
    මට හිතුනෙ...
    හිත ගෑන...
    හිතේ ඈතිවෙන සිතුවිලි ගෑන.....
    සින්හලෙන් සින්දු ලියවෙනවා මදි කියලා....

    නදී අක්කා.

    ReplyDelete
    Replies
    1. සින්දුව අහන වෙලාවක නිකමට සිංහලට හැරෙව්වා අක්කේ, සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..

      Delete
    2. /// සිංහලෙන් ලියන්න කලින් හිතන්න වෙනවා අක්කේ..පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..////
      Good thinking....!

      Delete
    3. // පොඩ්ඩක් රේස් යන එක නවත්තලා..//

      ඒක නම් ඈත්ත නිම්නි...
      මමත් කොහොමත් කිසි දවසක රේස් යන්නෙනෑ....දුවන අය දුවන හෑටි බලාගෙන ඉන්නවා මිස. වෑඩිපුර කරල තියෙන්නෙ දුවන අයට වතුර දෙන එක....මහන්සි නිවා ගන්න.

      Nadee akka

      Delete
  3. කිසිදා හමු නොවෙන එනිසාම කිසිදා වෙන් නොවන.. අගෙයි..

    ReplyDelete
  4. දැනෙන
    දැවෙන
    නිවෙන
    හැඟුමන් අතරේ
    කවුද
    කොහෙද
    ඒවිද
    පැතුමන් විසිරේ.......

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඔබගේ බ්ලොගය ගැන හොඳවයින් දෙකක් මෙතැන ලියා අැත.
    පාඨයකාගේපිටුව

    ReplyDelete
    Replies
    1. කෝ බලන්න මොනවද ලිව්වේ කියලා....:)

      ප්‍රභාත් ලින්ක් එක වැටිලා තියෙන්නේ මේ පිටුවටමයි....

      Delete
    2. ප්‍රභාත්, මම කියෙව්වා ඔබ නිම්නය ගැන ලියා ඇති හොඳවයින් දෙක.. ඔබට බොහෝම ස්තුතියි.. මම කැමතියි නිම්නයේ අඩුපාඩු වැරදි එකකට වඩා ඔබ පෙන්වා දුන්නා නම්.. මම ඔබේ පෙර විවේචන කියාවා දිනක් කමෙන්ටුවකින් ඔබට ආරධනාවක් කලේ නිම්නය ගැනත් ලියන්න කියා මට දැන ගන්න ඕන නිම්නයේ පාඨකයන් දකින අඩුපාඩු, වැරදි, වෙනස් විය යුතු තැන්..

      එවිටයි මට වඩා හොඳින් සහ ලේසියෙන් මම දකින හීන වලට ඔබ සැම අරන් යන්න පුලුවන් වෙන්නේ..ඔබ ලියු ලිපියට පහත ලින්කුවෙන් යනන් පුලුවන් නිම්නයට ගොඩවදින හැමෝටම..


      පාඨයකාගේ බ්ලොග් විචාරය : 'නිම්නයක තනි වී හීන දකින්නී'...

      Delete
    3. ඔව්නේ. මම ලින්ක් එක දාපු විදියේ තාක්ෂණික අවුලක් වගේ.

      Delete
  6. මෙම සිංදුව විඳින්න නම් Notting Hill film එක බැලිය යුතුමයි. ඔය විස්වල් එකේ තියෙන බංකුවත් එකේ සීන් එකකට අදාලයි. One of my all time favorites

    ReplyDelete
    Replies
    1. ඉයන්, ෆිල්ම් එක බලනන් පුලුවන් ලින්ක් එකක් තියනවා නම් එවන්න.. මේ බොහෝ ඉංග්‍රිසී ගී මගේ මල්ලිගේ ප්‍රියතම ගී.. ඔහු ඉස්සර ඉඳන් පාඩම් කරන්නේ සින්දු අහන ගමන්.. ඉතින් අපිත් ඉබේම අහනවා..

      Delete
    2. නොටින් හිල් - ජූලියා රොබර්ට්ස් සහ හියූ ග්‍රාන්ට්.

      Delete
    3. ස්තුතියි රසික නලු නිලි යුවල මතක් කලාට...

      Delete
  7. මම නං හරි බයයි මෙහෙම ඒවට කමෙන්ට් කරන්න , හරියටම කියනදේ තේරෙන්නේ නැනේ . වැරදි දෙයක් ලිය උනොත් කියල බයයි

    ReplyDelete
    Replies
    1. මෙතන සැඟවුන වෙන අරුතක් නැ අටම්.. විඩීයෝ එකට උඩින් තියෙන්නේ මේ සින්දුවේ සිංහල අදහස.. ඊට යටින් ඒ වෙලාවේ මගේ හිතට ආපු අදහස් ටිකක් එකතු කරලා ලිව්ව වැකි ටිකක්...

      Delete
  8. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

    හිමිවීම සහ අහිමිවීම කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත. ඔය දෙකම විඳින්නෙ නැතුව එකක් හරියට විඳින්න බැහැ

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත කොච්චී, අපිට ලැබිලා තියන දේ වටිනාකම දැනෙන්නේ එය අහිමි උනාට පස්සේ..

      Delete
    2. හිමි වීම් සහ අහිමි වීම් ගැන බලන්න ඕන ළඟින්... අපි දුරින් බලන නිසයි ඔය දුක සතුට වගේ ෆීලින්ග්ස් එන්නෙ.

      Delete
  9. අගේ ඇති පරිවර්ථනයක්.......... ගමනක සුභ මං සලකුණු....................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...