Wednesday, November 2, 2016

පෙම් කැකුළ පිපී එන විට මහදේ...2

එදා අපේ පන්තිය හදිස්සියේ නැවැත්තුවනේ අපේ මේ සැරම සැර ගුරුතුමිය.. අද එතන ඉඳන්...

ඇත්තටම අපි හැමෝම  ඉස්කෝලෙට වඩා  දෙයක් ඇයගෙන්  ඉගෙන ගත්තේ ඇයගේ ඉගැන්වීමට තිබුනු හැකියාවත් කැපවීමත් නිසා.  මගේ  ලිවිමේ හැකියාවත් මුලින්ම අඳුරගෙන මාව හරි මාර්ගේ මෙහයවපු  කෙනෙක් ඇය. ඉතින් එදා පළවෙනි වතාවට අපිට ඉඩක් ලැබුනා ගෑනු පිරිමි ළමයින්ට නිදහසේ ටිකක් වෙලා කතා කරන්න.. එහි ප්‍රතිඵලයක් විදිහට ගෙවල් වල දුරකතන අංක හුවමාරු උනා අපි අතර..

කොහොම හරි එදායින් පස්සේ ඒ පන්තිය  කෙරුනේ නැති උනත් මටයි මේ  කියන පිරිමි ළමයටයි  එහෙම නිකන් අමතක කරලා යන්න  බැරි නිසාම අපි පුරුදු උනා ගෙවල් වලට හොරෙන් දුරකතනයෙන් කතා කරන්න.. මගේ මල්ලි තමයි මේ වැඩේ අතරමැදියා. (හොර වැඩ වලදි අපි හරි එකතුයි, ඒ වගේම පාවා දිම් අදටත් නැ)  ගෑනු ළමයෙක් ගෙදරට කතා කරන  එක දඬුවම් ලැබිය යුතු වරදක් වගේ මල්ලි මුලින් කතා කරලා ඉන් පස්සේ මට  දෙනවා,  වචනයක් දෙකක්  කතා කරලා තියනවා.. මේ විදිහට   O/L විභාගේ  කිට්ටූවට එද්දි  මේ ළමයා  මට දවසක් කියනවා..

"මට ඔයාට දෙයක් කියන්න තියනවා, හැබැයි තරහ වෙන්න එපා"  කියලා..

"ඒ මොකද්ද ඒ.. මං මොකටද තරහා වෙන්නේ , යාලු වෙලා හිටියේ නැනේ " කියලා කියන්න හදන කොටම මේ ළමයා කියනවා

"මට girl කෙනෙක් ඉන්නවා"

"මොකක්ද එහෙනන් අර පන්තියේ කරපු නාඩගමේ තේරුම"  මං එහෙම ඇහුවෙ නැ මට කියවුනේ

"එතකොට ඔයා .. "    මං නැවතුනාම එයා කියනවා

"මං දන්නවා මං වැරැදක් කලේ,.. ඒත් මට හිතා ගන්න බැ ඔයාලා දෙන්නගෙන් මට වැඩියෙන් ගැලපෙන්නේ කවුද කියලා, ඒත් මට ඔයාව අමතක කරන්නත් බැ " කියලා..

මේ මොකද්ද මේ කියන්නේ.. මං තාම ඒ තරන් දුර ගිහින් නැ කියලා කියන්න හැදුවත් මං නිශ්ශබ්දව අහගෙන හිටියා. මට ඕනෙ වෙලා  තිබ්බේ මේ  පිරිමි ළමයත් එක්ක කතා කරලා අඳුරගන්න මිසක් එකපාරට මේ වගේ ස්ථීර තිරණේකට  යන්න නෙමේ. කොහොමත් ගෑනු ළමයෙක් වැඩිපුර බැලුවත්  කොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ එක්ක  යාලු වෙන්නමයි කියලනේ ගොඩක්  විට..නේද

ඔන්න එහෙනන් දැනගන්න එහෙම නැ.. ගෑනු ළමයෙක් කතා කරන්නේ හරි බලන්නේ හරි  යාලු වෙන්නම නෙමේ.. සමහර වෙලාවට ඒ වගේ ඇතිවෙන යාලුකම් පෙම්වතුන්ට වඩා කල් පවතින  විස්වාසයක් ගොඩ නැඟෙන  යාලුකම්.

"හරි  හරි දැන් කියන්නකෝ ඔයාගේ කතාව..."

"ඔයාව දකින්න කලින් ඉඳන් මම girl කෙනෙක් එක්ක යාලු වෙලා හිටියේ.. අපේ Family friendsla " (මාව දකින්න කලින් ඒ කියන්නේ 8  වසරටත් කලින්.. මාර පොරක් නේ.)

"ඉතින් ඔයා දැන් මට මොකද්ද කරන්න කියන්නේ.. ඔයාමනේ මේක පටන් ගත්තේ..ඇයි නොකියා හිටියේ මේ තරන් කල්"

"මට තේරෙන්නේ නැ. එත් මට වෙන කරන්න දේකුත් නැ.."

ඉන් පස්සේ අපි කතා කලේ නැ...අපි දෙන්නම O/L  බොහෝම හොඳින් පාස් වෙලා A/L කරන්න යන්න තෝරගෙන  තිබ්බෙත් එකම පන්ති.. ඒත් දැන් මං  දන්නවා  ඔහුට ආදරය කරන කෙනෙක් ඉන්නවා කියන එක.. මගේ යාලුවො තවම මේ කතන්දරේ  දන්නේ නැති නිසා ඔහුව දැක්ක වෙලේ ඉඳලා හිකි  හිකිය.. මං නොදැක්කා වගේ ඉන්නවා..  මේ කාලේ ඔහුගේ නිවස ආසන්නයේ තිබුන පන්ති වලට ආවේ ගියේ ඔහුගේ කාර් එකේ...(දැන් ඉතින් නඩු දාන්න එහෙම එපා අඩු වයසෙන් ලයිසන් නැතුව කාර් එකේ ආවට)

අපිව එක්කන් යන්න ආවේ මාරුවෙන් මාරුවට මගෙයි යාලුවගෙයි තාත්තලා. ඔහොම දවසක අර පිරිමි ළමය එයාගේ කාර් එකට නැඟල මට ඔලුවෙන් කතා කලා එන්න කියලා.. ගිහින් බස්න්න.. ඒ  වෙනකොට මගේ යාලුවගේ තාත්තා ඇවිත් හිටියේ  අපිව එක්කන් යන්න. ඒත් මට තිබ්බා බොරුවක් කියලා අර පිරිමි ළමයගෙ වාහනෙට නඟින්න.. මට එහෙම කරන හිතුනේ නැ.. තව ගෑනු ළමයෙක් මේ පිරිමි ළමයට ආදරය කරන අතරේ මම ගිහින් බස්ස ගන්න එකවත් හොඳ දෙයක් නෙමේ කියලත් තාත්තා මං ගැන තිබ්බ විස්වාසය කඩන එක හොඳ නැ කියලත්  හිතුනු නිසා..(මං කලිනුත් කියලා ඇතිනේ මගේ තාත්තා කෑ ගහල බැනලා අපිව හදපු කෙනෙක් නෙමේ)   මාත් ඔලුවෙන්ම කිව්වා මට එන්න බැ කියලා.. තවත් විනාඩි 5ක් විතර ඒ ඉරියව්වෙන් හිටි ඔහු වාහනේ හරව ගෙන යන හැටි බලාගෙන මං යාලුවත් එක්ක ඇයගේ වාහනේට නැඟල ගෙදර ආවා.

එදා මට තේරුන් ගියා මේ වැඩේ  තව දුරදිඟ ගියොත් මට ඔහුව ලබා ගන්න පුලුවන්  උනත් අනිත් ගෑනු ළමයට ඒක දුකක් වෙයි නේ කියන එක.. එදා මම ඔහුගෙන් දැක්කේ නැ   හිතේ දෙගිඩියාවක්  මට කතා කරන්න වාහනේට නඟින්න කියන්න. මොකද්ද මං කරන්නේ..... ජීවිතේ පළවෙනියෙන්ම කතා බහ කරලා දැන හඳුනගන්න ඕන කියලා හිතුනු පිරිමි ළමයෙකුයි තවත් නොදැක්ක ඒ පිරිමි ළමයගේ පෙම්වතියයි අතරේ මම මොහොතකට මැදි උනා.. ඒ වෙනකොට A/L පන්ති වල අවුරුද්දක් වගේ කාලය ගත වෙලා තිබුනා.. තව අවුරුද්දකින් ජිවිතේ  ඉරණම් කඩයිමක්.. ඒ අස්සේ මම හදාගෙන යන කුරුලු කූඩුවක කුරුල්ලත් එක්ක නිහඬ කතාවක්..

දවසක් මම යනකොට  මේ පන්තියේ මගේ යාලුවෝ අතරේ ලොකු කසුකුසුවක්..  මං බැලුවා හැමෝම කසුකුසුව අස්සේ  බලන් ඉන්නේ කොහෙද කියලා.. එතකොටයි මට තේරුනේ ඇයි මගේ යාලුවෝ ඇස් ලොකු කරන් මං දිහා කන්න වගේ  බලන් ඉන්නේ කියලා. මගේ හොඳම යාලුවා   මාවත් ඇඳගෙන පන්තියේ කොනකට ගිහින් ඇහුවේ,

"මොකද්ද මේකේ තේරුම.. අර කවුද අර.."

ඇය මේ අහන්නෙ O/L කාලේ දැක්ක දා ඉඳලා ඇස් වලින් වැඩිපුර කතා කල  කෙනා එක්ක ඉන්න ගෑනු ළමයා ගැන.. මේ කියන පිරිමි ළමයා  ටිකක්  විශේෂයි  ඒ  කාලේ ගෑනු ළමයි අතරේ. හේතු කීපයක් තිබ්බත් ඒ අතරින් ලොකුම හේතුව වෙන්න  ඇත්තේ ඔහුගෙන් ප්‍රදර්ශනය උනු පවුලේ  පොහොසත්කම.

මට ඇයට දෙන්න උත්තරයක් තිබ්බේ නැ, ඔහුව වැරදිකාරයා කරන්නත් බැ.. මට වැරදිකාරිය වෙන්නත් බැ.. කවදා හරි යාලුවෝ ඉස්සරහා මට මේ දේට මුණ දෙන්න වෙනවා කියලා මං දැනගෙන හිටියේ. ඒ නිසාම මම කා දිහාවත් බලන්නේ නැතුව ඇවිත් ඉඳගෙන ගිය සතියේ දිලා තිබ්බ ගාන ආයෙත් හරි ද බැලුවා, පන්තිය  ඇරිල යන ගමන්  මං මගේ හොඳම යාලුවට විතරක් කිව්වා මුල ඉඳන් සිද්දිය, ඔහු මේ ගැන මට කලින් කියලා තිබුනු බව. ඒ ගෑනු මයා මේ ගැන දන්වද කියලා මම තවම දන්නේ නැති   බවත්..

ඒ  අනිත් ගෑනු මයත් යන්නේ මගේ  හොඳම යාලුවා යන ඉස්කෝලෙටමයි.. ඇය කුමන හෝ සිද්දියක් නිසා මගෙ යාලුවා ඇතුලු  කිහිප දෙනෙක් එක්ක රන්ඩු වෙලා තිබ්බ මේ කියන පිරිමි මයා ඇයගේ විතරයි කියලා.. මේ කතාව මගෙ යාලුවාගෙන් දැන ගත්තට පස්සේ මම තද තිරණයක් ගත්තා ආයේ කවදාවත් මම ඔහු දිහා බලන්නෙත් නැ..ඒ පන්ති වලට යන්නෙත් නැ ඔහු කොහොම මට කතා කලත්  මේක මෙතනින් ඉවරයි... පුදුමේ කියන්නේ ඔහුවත් මම වත් වෙන මේ සිද්දිය දැනගෙන හිටි කවුරුවත් අර අනිත් ගෑනු මයට මං ගැන කියලා තිබ්බේ නැති එක..

කොහොම හරි ඉන් පස්සේ  ආයෙමත් කවදාවත් අපි දෙන්නට දෙන්නා දැක්කෙ නැ.. කිසිම විදිහකින් කතා කලෙත් නැ..  ඒත් මම කාටවත් නොපෙනෙන්න කල දෙයක් තිබ්බා.. ලොකු පොතක් පිරෙන්න ලියපු එක.. පැහැදිලිවම මට ඔහු ගැන ආදර හැඟිමක් තිබුනා කියලා මට අදටත් කියන්න බැහැ, එත් මට ඕන උනා ඔහුත් එක්ක කතා කරන්න, ඔහුව හඳුන ගන්න, ඔහුගේ හීන ගැන දැන ගන්න.. ඉතින් මම ඒ අදහස් ලිව්වා පොත පිරෙන්න..

හැබැයි අපි ඉගෙන ගන්න වැඩත් කලා..ඒ විදිහට කාලේ සිඝ්‍රග්‍රාමි දුම්රියක් වගේ  ගත වෙලා ගිහින් අපි A/L කරලා එතනින් එහාට ඉගෙන ගන්න දේවලුත් රස්සාවලුත් කරන කාලෙත් ආවා,  ඉතින් කාලේ යනවා දැනුනෙ නැ.. මට ඔහු ගැන ආරන්චි  නම් අතරින් පතර ආවා..  ඒ අතරේ මගේ කසාඳයත් හිතපු නැති වෙලාවක සිදුවෙලා  රටින් යන්නත් උනා..ඔන්න ඔහොම ලංකාවෙන් ගිහින් ඉන්න කාලේ හරිම අහම්බෙන් දවසක් අපි දෙන්නට  කතා  කරන්න අවස්ථාවක් ලැබුනා..  ඉතින් එදා තමයි මමත් ඔහුත් අවුරුදු ගානකට පස්සේ (10කට විතර ) මේ වගේ චැට් එකකින් හරි කතා කලේ.. ඒ වෙනකොට දෙන්නම කසාඳ බැඳලා.. රස්සාවල් කරනවා.. එදා ඔහු පුදුම විදිහට විවෘතව කතා කලා  අතීතයේ කිසිම දවසක නොකල විදිහට..

ඔහුට ඕන වෙලා තිබ්බා අපි අන්තිමට හම්බුනු දවසෙන් පස්සෙ මගේ ජිවිතේ  උනු හැමදේම දැන ගන්න.. මම කෙටියෙන් කිව්වම කියනවා එහෙම බැ.. මට හැමදේම දැන ගන්න ඕන කියලා.. ඉතින් මම A - Z ඔහුට මං ගැන කිව්වා..(මගේ සැමියටවත්  ඒ තරන් විස්තර මම කියලා නැ.. ඕන නම් හොයාගනීවිනේ හි හී ) එකක් ඇරෙන්න  පොත් පිරෙන්න ඔහුට ලිව්ව බව ඇරෙන්න...හැමදේම අහගෙන ඉඳලා ඔහු මට කිව්ව දේ මම බලාපොරොත්තු නොවුන දෙයක්.. එහෙම වෙන්න පුලුවන් ද....

"අදත් එදා වගේම මට ඔයාව  දැනෙනවා,  දැනෙන   හැඟිම වචන වලට පෙරලන්න බැ , හිත පතුලෙම තියන ගලවන්න බැරි තරන් තද බැඳිමක්"

කොහොමද මම පිලිගන්නේ අවුරුදු ගානකට කලින් මේසේ යටින් විහිලුවට වගේ වැදුනු කකුල් වල ස්පර්ශය ඇරෙන්න කිසිම විදිහක ලං වීමක් නැති මේ වගේ බැඳිම් තියෙන්න පුලුවන් ද ? එදා වගේම මට අදත් ඕන ඔහුව දැන ගන්න කතා කරන්න. මම ඒ  ටික එදත් ඔහුට කිව්වේ නැ, ඔහු මගෙන් ඇහුවෙත් නැ, මම ඔහු ගැන මොනවද හිතන්නේ කියලා.. (ඒ අතින් ලංකාවේ පිරිමි හරි ඒකපාර්ශවියයි  කියලත් මට හිතුනා)  මං ඔහුව දන්න විදිහ හරි නම් එදා දවස  විතරයි අපි කතා කරන්නේ ආයෙත් නොදන්නා කාලයකට සමුගනිවි කියලා මට හිතුනා.. හිතුවා වගේම ඊලඟ දවසේ චැට් එකේ සමුගැනිමේ   පණිවිඩයක් ඔහුගෙන්..

"ආයෙමත් මගේ හිත ඔයා ලඟට ඇඳිලා එන එක නවත්තන්න  මං දන්නේ මේ විදිහ විතරයි. එදා දැනුන හැඟිම ඒ විදිහටම අදත් ඔයා ගැන මට දැනෙනවා...."

ඉතින් ඔන්න  ඕකයි  (පෙම්) කතාව.. අපි මුලින්ම හම්බුනු පන්තිය කල ගුරුතුමිය  පස්සේ කාලෙක අම්මත් එක්ක කියලා තිබුනා මාත් ඔහුත් අතර එවැනි සම්බන්ධයක් ඇති උනා නම්  එය කිසිසේත්ම ගැලපෙන්නේ නැති  බව.

මගෙ අතින් පිටු ගණන් ලියවූනු ඒ  කවි කවදහරි ඔහුට මං දෙන්න ඕනෙ. (පොත කාවෝ කාලා නැත්නම්..) මම අදටත් දන්නේ නැති දේ තමයි ඔහුගේ පෙම්වතිය (අද බිරිඳ) මේ සිදුවීම් දන්නවද කියන එක.. ඇය කිසිම දවසක මාත් එක්ක කිසිම ගැටුමක් ඇති කරගෙන නැ.. අදත් මට ඕන ඔහු කවුද කියන දේ කතා කරලා දැනගන්න, ඔහුගේ ආත්මයට එබිලා බලන්න... ඔහුට ඕන එදා දැනුනු හැඟිම විඳින්න..මගේ ආත්මයම ඔහුගේ කරගෙන..


ප. ලි. : හොදම යෙහෙළිය කියාදුන් පාඩම් ලිපියේ  ලිව්ව  පිරිමි ළමය තමයි මේ.. ඒ  ලිපියෙ අන්තිමට මම අහපු ප්‍රශ්නෙට උත්තරේ දැන් ඔයාලා දන්නවා... 



ළමයෙකුට ලැබිය යුතු ආදරය, රැකවරණය, තේරුන් ගැනිම, අවධානය උපරිමව ලබපු මටත් මගේ මල්ලිටත් ඕන උනේ අපේ සිතුම් පැතුම් වලට ගැලපෙන සහනදායි ජිවිතයක් ගෙනියන්න පුලුවන්  දිඟුකාලීන ගමන් සඟයෙක් හොයාගැනිම මිස අපිට තියන අඩුවක් නොලැබෙන දෙයක් ලබාගන්න කෙනෙක් නෙමේ.. ඉපදුනු දා ඉඳලා අම්මයි තාත්තයි  (විශේෂයෙන් මගේ තාත්තා) අපි වෙනුවෙන් කරපු කැපවිම් ඇඟිල්ලෙන් ඇන ඇන අපිට කියලා නැ, හැසිරීමෙන් සහ අප අවට උනු දේවල් වලින් ඒ කැපවීම් වල තරම හිතා ගන්න තරන් තේරුන් ගැනීමක් පොඩි උනත් අපිට තිබුනා..

හැම දෙමාපියෙකුටම ඒ වගේ දරුවෝ ලැබෙන්නේ නැ, හැම දරුවෙකුටම ඒ වගේ දෙමාපියන් ලැබෙන්නෙත් නැ.. හැබැයි මේ දෙපාර්ශවයටම කරන්න පුලුවුන් අද ඉඳලම තමන් ගැනම නොහිතා තමන් අවට වෙන දේවල් අනිත් අයගේ කෝණයෙන් බලන්න උත්සහ කරන්න, එක පාරටම තමන් දකින දේ විතරක් හිතලා ආවේගශීලි වෙලා තීරණවලට එන්න කලින්.  මම ගොඩක් විට දකිනවා වෛරය, දුක,  කණස්සල්ල , පලිඟැනිම මුලික කරගෙන ලියැවුනු ලිපි වලට අනවශ්‍ය විදිහේ අවධානයක්.. එයින් වටහාගන්න පුලුවන් අප අවට ඉන්න මිනිසුන් මොන තරමක් අසතුටින් ද ජීවත් වෙන්නේ කියන එක එකිනෙකා ගැන..  


අපි හැමෝම හොයන්නේ ආදරය.. ආදරය ගනුදෙනුවක් නෙමේ.. එය කොන්දේසි විරහිතව අනිත් කෙනා වෙනුවෙන් ලබාදෙන දෙයක්.. තමන්ට නැවත ලැබෙයි ද ලැබුනේ නැත්නම් බලෙන් ගන්නවා කියලා හිතන අයට අන්තිමේ ඉතිරි වෙන්නේ දුකක් කලකිරීමක් පමණමයි...මිනිස් හිත කියන්නේ ලැබෙන්න ලැබෙන්න මදි කියන තැනක්.. ඉතින් ඔබ අවට සිටින්නන් නොයෙකුත් ජීවිත අත්දැකිම් මත තමන්ට නොලැබුනු දේ සොයමින් සිටින්නන් බව හොඳින් මතක තියාගෙන ජිවන ගමනේ පියවර තබන්න ඉදිරියට..

18 comments:

  1. කොටස් දෙකම එකපාර කියෙව්වා.

    මේ කොල්ලෝ මෙහෙමමයි. පේනවනේ එක්කෙනෙක් ඉඳගෙන වෙන කෙනෙක් දිහා බලමින්, කකුල් ස්පර්ශ කරමින් ඉන්න හැටි!

    //කකුල් වල ස්පර්ශය ඇරෙන්න //මේ ඇති ආදරයක් ඇතිවෙන්න.

    මෙන්න අපි දැන් දන්නවා නිම්නා කවි ලිය ලිය ඉන්නේ ඇයි කියලා. :P

    ReplyDelete
    Replies
    1. හි හී මෙඩූසා,කොල්ලන්ව විස්වාස කරන්න කලින් දහස්වාරයක් හිතන්න වෙනවා කියන එක බොහෝම ප්‍රයෝගිකව ජිවිතේ ඒ අත්දැකීම අවශ්‍යම කාලේක මම ඉගෙන ගත්තා..

      මේ කියන පිරිමි ළමයා ගැන මට හැඟිම් වලින් දැනෙන සෘන්ගාරාත්මක ආදරයක්(කකුල් වල ස්පර්ශය ලැබුනත්) දැනෙන්නේ නැ.. ඉතින් නිම්නයේ තියන සහ ඉදිරියට ලියවෙන කවි ඔහුත් එක්ක ගැලපෙන්නේ නැ..

      ලංකාවට ගිය වෙලාවක ඔහුට ලිව්ව කවි පොත් මම අරන් එන්නම්, නිම්නයේ ඔහු ගැන කවි ලියන්න...:) :)

      Delete
  2. මුල කෑල්ල පොලිසියට දුන්න කට උත්තරයක් වගේ.

    මේ මිනිහා අවස්ථාවාදියෙක් වගේ. කොහෙද? මේ ගෑණු ළමයින්ට කාර් එකකින් කොල්ලෙක් පන්ති ආවම ලොකු දෙයක්නේ. මේව මොනවද. අපි පන්ති ගෙනියන්න ඩ්‍රයිවර් ලත් හිටියා. ඒ මදිවට කොන්දොස්තර කෙනෙකුත් හිටියා. එක එක දවසට එක එක වාහන. ඔය කාර් වගේ 5 ගුණයක් විසාල අශොක් ලේලන්ඩ් වගේ වාහන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්. මට මුල කැල්ල ලියන්න ඕන උනේ ඒ වගේ තමා.. මම ඔහු ගැන වැඩි විස්තර දන්නේ නැ.. අවස්ථාවදීන් කොහෙද නැත්තෙ ඉයන්.. කල්පනාවෙන් හිටියේ නැත්නම් ඕනම තැන්ක අවස්ථාවාදීන්ට අහු වෙනවා ඕනම කෙනෙක්..

      A/L කාලෙන් පස්ස මමත් ඔබ කියන ඩ්‍රයිවරුත් එක්ක යන වාහනේ ගියා කාලයක් ඉයන්..ඒකෙත් වැඩිපුර ඉන්නේ අවස්ථාවාදියෝ හි හී..

      Delete
    2. ආයිත් අහලා... ඒ කාලේ අනිත් එවුන් කාර් ජීප් වල පන්ති එද්දී තිබුන ලොකුම වාහනෙන් තමයි මම පන්ති යන්නේ.මම බස් එකෙන් බහිනකොට හැමෝම කට ඇරගන බලාගන ඉන්නවා මමදිහා.

      Delete
    3. කටුස්ට තිබ්බේ බනිස් ගෙඩිය ගානේ ඒ කටවල් වලට ඔබාගෙන යන්න හි හී :)

      Delete
  3. මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා වගේ.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම් ඒ වගේ තමා නේද..:) අපි දෙන්නම තරහා නැ.. ආයෙත් දවසක හම්බුනාමත් කතා කරනවා වෙනදා වගේම...

      Delete
  4. කියන්න ගොඩාක් දේ මේ ලිපිය පුරා තියෙනවා. පසු සටහනට මාත් එකඟයි. හැබැයි හැම පිරිමියාම ඒක පාර්ශවියයි කියන එක පිළිගන්න බැරි බව කියන්න ඕනෙමයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දුමී.. මම ඔබ සමඟ එකඟයි.. එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ හි හී :) :)

      Delete
    2. මකුණු ගොඩේ කාපු මකුණුවා හොයාගන්න බැරි නිසා :P

      Delete
    3. එලඹි සිහියෙන් ඉන්න කියලා අපි අවුරුදු ගානක් ඉස්කොලෙදි බුද්ධාගම විෂයක් විදිහට ඉගෙන ගද්දි ඉගෙන ගන්නවනේ මෙඩූසා..නේද...

      කාපු මකුණා හොයා ගන්න බැරි එක තමන්ගේ අඩුපාඩුවක් මිසක් මකුණගෙ වැරැද්දක් නෙමේ.. මකුණෝ කොහොමත් කනවා.. :)

      Delete
  5. කෙල්ලො දෙන ගේම් ගැන දන්නැතුවද හිතා මතා අමතක කරලද මන්දා කොල්ලො චා කරලා සමහර දේ කියල තියෙන්නෙ.ගොඩක් වෙලාවට එලියට එන්නෙ කොල්ලන්ගෙ පැත්තෙන් උං හැම දේම කියවන නිසා.කෙල්ලො හංගන් ඉන්න ඒව ඇදුනොත් ජීවිතෙත් එපා වෙනවා.(එහෙම කතා දෙක තුනක් එයාලගෙ කටින්ම අහල තියනවා.)
    ඇත්තටම වංචාවට,චපල කමට ලිංග බේධයක් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ඔබ කියනවා වගේ දෙපාර්ශවයේම බැහැර කල යුතු දේ තියනවා..

      මේ සිදුවීමේදි ඒ ළමයත් මමත් දෙන්නම කලේ ජිවිතේ කවදත් අපිට කරන්න වෙන තෝරාගැනීමක්.. කිසිම කෙනෙක් වැරදියි කියන්නවත් හරියි කියන්නවත් බැ.. සිදුවීම් වෙනවා..

      අපි කෙනෙකුට ඇත්තටම ලෙන්ගතු වෙද්දි ඒ කෙනාට රිදවන්න වෙන තැන් ගැන ඉබේම හිතනවා..මොන විදිහෙන් හරි ඉඟි දෙන්න උත්සහ කරනවා එයින් ගලවගන්න.. ඒ ඉඟි තේරුන් ගැනීම තමයි අමාරු වැරදි වැටහීම් වලට නොයා..

      Delete
  6. හිතුවේ නැති සීන් එකක්නේ අන්තිමේ වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.. ටිකක් නැවතිලා බලනවා නම් ගොඩක් ප්‍රශ්න ඇති නොවෙන්න අපිට ඉඩ හදාගන්න පුලුවන්.

      Delete
  7. http://www.bing.com/videos/search?q=api+aye+dawasaka+lyrics&view=detail&mid=92071BF3F02D605D114492071BF3F02D605D1144&FORM=VIRE&PC=CMPF


    මම අදටත් ආදරේ තියන ලස්සනම කොටස විදිහට දකින්නේ ආදරේ හිතේ හිරකරගන කියාගන්න විදිහක් නැතුව තටම තටම ඉන්න කාලේ. කොච්චරනම් හීන මවන්න පුළුවන්ද එහෙම ඉන්නකොට.

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් කටුස්..එහෙම හීන බලන්න ගිහින් සෑහෙන අය හීන වලම අතරමන් වෙනවා කටුස්.. ඒත් හැමදාම හීන අපිව ලස්සන ලෝකෙකට ගෙනියනවා.. ඒකනේ මමත් මේ නිම්නයකට වෙලා හීන දකින්නේ....:):)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...