Thursday, June 9, 2016

නොනවත්වා අහන්න හිතුණු නාද රාටා හඬ හතක්....






"සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත්  ඟං ඉවුරේ - ඉන්නෙ අප වැතිරගෙන
සිහියට නැඟෙන විට පැතූ නිදහසේ රාජධානිය - දැසින් කඳුලු කැට කඩා හැලේ...

බිඳ වැටුන විට අප -  රැඟෙන යන්න ඈතට මේ සිරකඳවුරෙන්
අවැසි නම් අප ගයනා ගී - කෙසේ ගයම් ද අප දෙවියන්ගේ ගීතය
මේ අරුමැසි දේශයේ..
ඉඩදෙන්න මුවින් පිටවෙනා වදන් - හදවතේ පිරී උතුරනා ප්‍රාර්ථනා
පිලිගනු මැන අද රාත්‍රියේ මේ දසුන්

සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත්  ඟං ඉවුරේ - අඳුරු කඳුලු රැඳි
වැතිර ඉන්නේ අප - ඔබ ඔබගේ ගීය  ගයන්න
අප බිඳ වැටුන විට - ගයන්න ආදරයේ ගීතය
සිහියට නැගෙන විට පැතූ නිදහසේ රාජධානිය 

සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත්  ඟං ඉවුරේ - රළු පරළු
වැතිර ඉන්නේ අප  - ඇසෙනවද ඔබට මිනිසුන් හඬනා හඬ
සිහියට නැඟෙන විට පැතූ නිදහසේ රාජධානිය - ශක්තිය ලඟා වෙවී....."



  ***************************************************************************



"මගේ හදවත  දඟකාර පිරිසිදු හැසිරිම් වලින් පමණක් සොරා ගත් නුඹ
පවසනු මැන කෙලෙසද නුඹ එසේ කලේ
අරුමයකි දැසින් පමණි යා වුනේ
මගේ ආදරණීය නුඹ කෙලෙසද එසේ කලේ

නුඹ මා හදවත හැඟුමින් පිරවු
කුමක්ද මා ඒ කලේ
හදවත මගේ වේදනා දුන්  නුඹේ හැසිරිම්
ආදරය කරන්නාගේ කතාව.. මජ්නුගේ කතාව
තවත් එක් කතාවක්
වෙනසක් නොමැත ඒ මගේ ද කතාවයි.. 

ආදරය කරන්නවුන් නොපෙන්වයි 
හදවතේ ගීතය අපගේ - සඟවමු ලොවට
කිසිවෙකුට නොඇසෙනා ලෙසින්
මිහිර විඳින්නේ අපම පමණි
අප ආදරයේ ගිවිසුම

නුඹත් සමඟයි මා - නුඹම පමණි මුලු ලොවින්
සැනසුවේ මා හැමදිනේ
නුඹම පමණයි නුඹත් සමඟයි මුලු ලොවින්ම...."

  ***************************************************************************




"I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream - I have a dream"

***************************************************************************



"චික්කියිටිටා, කියන්න මට වැරදූනේ කොහෙද
ඔබ ඔබේම වේදනාවෙන් පිඩිත වි යදමින් බැඳි සිරවි සිටි
ඔබේ ඇස් වල බලපොරොත්තුවේ සේයාවක්වත් නැත හෙට දිනක් ගැන
ඔබ එලෙස දැකීමට මම වෛර කරමි දහස්වර
කෙලෙසිකින්වත් ඔබට එය වලකනු නොහැකියි
මම දකිමි ඔබ , ඔබේ වේදනාව , ඔබේ නිහඬබව

චික්කියිටිටා, මට කියන්න ඇත්ත
ඔබට මගේ උරහිස හිමියි හඬන්නට ඇති තරම්
ඔබේ හොඳම යහලුවා, මමයි ඔබට සිටින එකම මිතුරා බලාපොරොත්තු තැබිය හැකි
ඔබ ඔබ ගැන හැමවිටම විශ්වාසයෙන් සිටියේ
නමුත් දැන් මම දකිනව ඔබ බිඳ වැටිල හරියට පිහාටුවක් වගේ පා වෙනවා
මම හිතනව අපිට එය තිබු පරිදි අලවන්න හැකි වේවි

චික්කියිටිටා ඔබත් මමත් දන්නව
කොහොමද හදවතේ රිදුම් ඇවිත් යන්නේ කියල , සටහනුත් මකා දමා යන හැටි
ඔබ නැවත රඟදේවි අමතක කර වේදනාව අවසානයේ
ඔබට වෙලාවක් නැහැ වැලපෙන්න

චික්කියිටිටා ඔබත් මමත් හඬනවා අප දෙදෙනාම
නමුත් හිරු තාමත් අහස් කුසේ දිලෙනවා ඔබට ඉහළින්
මට ඉඩ දෙන්න අහන්න තව එකම එක සැරයක් ඔබ ගයනවා
පෙර ලෙසම
අලුත් ගීතයක් ගයන්න චික්කියිටිටා
තව එක සැරයක් උත්සහා කරන්න ඔබ කලා වගේ ඉස්සර
අලුත් ගීතයක් ගයන්න චික්කියිටිටා

එවිට බැඳ ඇති පවුරු බිඳ වැටෙවි මහහඬින් සෙලවි සැණෙකින්
ඔබේ ආදරයෙන් නිවෙවී දැල්වු පහන්
හැමදෙයක්ම වියැකෙවි දරාගන්න අමාරු තරන්
චික්කියිටිටා කියන්න මට ඇත්ත

කිසිලෙසිකින්වත් ඔබට එය වළකනු නොහැකියි
මම දකිමි ඔබ , ඔබේ වේදනාව , ඔබේ නිහඬබව.....

අලුත් ගීතයක් ගයන්න චික්කියිටිටා
තව එක සැරයක් උත්සහා කරන්න ඔබ කලා වගේ ඉස්සර
අලුත් ගීතයක් ගයන්න චික්කියිටිටා......."

***************************************************************************



"රහතුන් පිරිවැරු මුනිඳුන්
තරුවට දිලි සඳ විලසින්
අහස්කුසින් සමන්ඟිරට
සෙමින් වැඩමනා
සාදු සාදු දසුන් මැවේ
නුවන් වන්දනා

සුමන සමන් දෙව් රජිඳුන්
ඇරයුම පිළිඟෙන සතුටින්
නීල මැණික මත හිමි පා
පියුම රන්දනා
සාදු සාදු පාද පත්ම
කරමු වන්දනා

රන්වන් රන් සඳක් ලෙසින්
රන්වන් අප මුනිඳු වෙතින්
සමනොළ ගිරිහිස රන් පා
කිරුළ නැංවුනා
සාදු නදින් නින්නාදෙන්
නැඟුනි නන්දනා

දිවමල් වැගිරේ අහසින්
දෙව්තුරු නද දේ දසතින්
දේවසරින් ගී ගයමින්
නගති නන්දනා
සාදු සාදු දේව බඹුන්
කරති වන්දනා

සමන් සුරිඳු කරුණාවෙන්
සමන්ඟිරි හිසේ සුරැඳුනු
ගොයුම් පා පියුම සතුටින්
කරමු වන්දනා
සාදු සාදු පින් පුරවමු
නිවන කැන්දනා...."



මිනිස් කටහඬ තරම් සුසුර කලහැකි වෙනත් නාදය උපදවන තැනක් නැතුව ඇති මේ විශ්වයේම.. මොන භාශාවකින් මොන විදිහේ පසුබිම් සංගීතයක් එක්ක මොන විදිහේ කෙනෙක් කුමක් අරභයා ගැයුවත් මගේ හිත හැමදාම නවතිනවා ඒ කටහඬවල් ලඟ......

අපි  කවුරුත් පුංචි කාලේ ඉඳලා අහල තියන "නිල් අහස් තලේ අගේ" ගීතය මේ විදිහට අහලා තියනවද බලන්න මීට කලින්..




     ***************************************************************************

"" හදවතේ ගැස්ම එතරම් වෙහෙසකර අසම්පූර්න වු මොහොතක මාගේ ආත්මයම දෙදුරුම්කන වේදනාවන් මගේ හදවත දැවෙද්දි,   ඔබ ඇවිදින් මගෙ පසෙකින් ඉඳ ගන්නා තුරු , මම නිහඬව නිසලව සිටියෙමි අනන්තය දෙස නෙත් යොමා සමහර විට, ඔබේ උරහිස් ලඟ මහ මුහුදත් එහි කුණාටුත් පරදා දුන්  ශක්තියෙන් නොවැටි ඇවිද ආවෙමි සුළි කුනාටුවලත්, දැන් ඔබ මා දෙපයින්   සිටුවා ඇත කඳු මුදුනේ , මට සිතා ගන්නත් නොහැකි තරම්.. මහත් වූ පුදුමයකි මේ නම් ,ඒ වෙන කවුරුත් නොව මගේම හිත...මගේම හිතේ ආත්ම ශක්තියයි.....ඔබ සියලුදෙනා මට ලබාදුන්.....ජීවත්වීමේ ආශාව තරම් තවත්  ජීවිතයට ආලෝකයක්  දෙන ආශාවක් තිබේද ? ""









ප.ලි. : මීට සති කිපයකට කලින් ඉඳල මට ගොඩක් ලඟින් අප්‍රිකානු ජාතික තරුණියක් එක්ක වැඩ කරන්න වෙලා හැම සතියෙම.. මට වඩා දෙගුණකටත් වඩා උස, උසට සරිලන දේහයකුත් හිමි  ඈව දැක්ක පළවෙනි දවසේ මගෙ හිත ගැස්සුනෙ, අක්බමරු හිස කෙස් අතරින් දිස්වෙන ඇගේ කාලවර්ණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පළල් තොල් සඟල අතරින් සුදට සුදේ පේන දසන් පෙල මැදින් ඇහුන කටහඬ ඉතාම ගොරෝසු නිසා..  ඒත් දවසක් දෙකක් ඇතුලත ඇ මගෙන් අතපසු වෙන දේවල් පවා සොයා බලා කරන්න ගත්තම,  බාහිර පෙනුමෙන් පෙනුනු දරදඬු ගතියට යටින් තියන ඇගේ හදවතේ උණුසුම මට දැනෙන්නේ තාමත් ඇගේ කටහඬ ඇහෙද්දි හිත ගැස්සිලා යද්දී.......


17 comments:

  1. හිතට වේදනාවක්, වෙහෙසක් දැනෙන වෙලාවක එකම හොඳම ඖශධය සංගීතය... ඒ වගේම සතුටට, හිතේ සැහැල්ලු වෙලාවට හිත එක්ක අත්වැල් බැදගන්නේත් සංගීතය...

    ඔයා කියුව වගේ මේ ලෝකෙ ඕනෑම භාෂාවකට සංගීතය මුසු උනාම අහන්න ආසයි.. වචනයක්වත් දන්නැතුව අපි කොච්චර සිංදු අහනවාද?? ඒ වචනවලයි, සංගීතෙයි මිහිර නිසා... ඒක නිසා තමයි චතූ සංගීතය විශ්ව භාෂාවක් කියන්න ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නිර්මාණි..සංගීතය විශ්වීය බාශාවක්.. මම මේ පෝස්ට් එක ලියද්දි මං කියන අප්‍රිකානු තරුණියත් මාත් එක්ක හිටියා. ඇයත් මෙහි එන ගොඩක් සින්දු රසවින්ඳා...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මනුස්සයෙක් තනිවුනහම හිතට තියන හොදම බෙහෙත තමයි සන්ගීතය.ජීවිතේ එක එක කාලවකවානු වලදී මම ඒදේ පෞද්ගලිකව අත්විදලා තියනවා.හෙඩ් ෆෝන් එක කනේ ගහගන ඇද උඩටවෙලා ඉන්නකොට දැනෙන සැහැල්ලුව මාරයි මටනම්.ඒ ඒ කාලවලදී ජීවිතයට සමීපවෙන ගීත වගේම කවමදාවත් හිතෙන් මගනොඇරෙන ගීතත් ගොඩයි.සමහර ගීත අපිව ජීවත්කරවනවා සමහර වෙලාවල් වලදී.

    ඔය අප්‍රිකානු තරුනියන් ගැනනම් මම වැඩිය මුකුත් කියන්නෙම නෑ.හරිම මිත්‍රශීලී සුහද මිනිස්සු ටිකක්.කාලා ඇදලා ඉවසන්න බැරි උන් එක්ක ඉන්නකොට "උඹත් අප්‍රිකාවෙන්ද" කියලා මගෙන් අහන එක තමයි.

    ReplyDelete
    Replies
    1. කටුසු, තනි උනාම  අපි වටේටම පෙන්න තියන කිසිම පාටක් නැති පරිසරය පාට පාටින් පාට කර ගන්න හොඳම බෙහෙත තමා කිව්වත් වගේ හෙඩ් ෆෝන් එක ගහලා හරි නැතුව හරි තමන් ආසා කරන සින්දු අහන එක.. අපේ ගෙදර වැඩියෙන්ම සින්දු ඇහෙන්නෙ තනි උනාම නෙමේ.. දවසෙ වැඩ පටන් ගන්න හරි ඉවර වෙලා හරි ඔක්කොමල එකට ඉන්න වෙලාවට ඉස්සර ඉඳන්ම.

      මාත් ඒ අප්‍රිකානු තරුණිය ගැන ඊට වඩා කතා කරන්නෙ නැ කටුසු :)

      Delete
  4. ගීත දෙකක් ඇරුණම අනික්වා මගෙත් ප්‍රියතම ගීත. බෝනිM සහ ඇබා ගීත සමඟ තමයි අපේ තරුණ කාලය ගෙවුනෙ. මගේ 18 උපන්දිනය දා කරපු එක දෙයක් තමයි 'ABBA the movie' එක බැලීම.

    ReplyDelete
    Replies
    1. ඉයන් , මෙතන තියන හැම සින්දුවක්ම පහුගිය ටිකේ මං (FB/Youtube) අහම්බෙන් අහලා හිතේ රැඳුනු හඬවල්..සමහර ඒවා ඊට කලිනුත් අහලා තියනවා.. මෙහෙම එකට එකතු කරන්න හිතුනෙ මං කිව්ව අප්‍රිකානු තරුණියගෙ කටහඬ ඇහුනාම...

      Delete
  5. කළු ජාතිකයන්ගේ හිත් ගොඩක් සුදුයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත්.. මටත් කියන්න ඕනෙ උනේ එක තමා.

      Delete
  6. සන්ගීතය විශ්ව භාශාවක්...
    භාවනාවක්....
    ගත සිත නිවා සනසන.....
    සොම්නසින් සිත මුසපත් කරවන.....
    දොම්නස අනන්තයට පාකර හරිනා....
    කුමන ආකාර භාශාවකින්...
    කවර චවි වර්ණයේ මිනිසුන් ගෑයූවත්....
    කිසිදු වදනක අරුත නොදෑන මුත් වින්දනය කල හෑකි...

    හරිම සුන්දරයි...
    මා බොහො ඈලුම් කල ගී පොකුරක් එකම තෑනක

    Nadee akka

    ReplyDelete
  7. ඔයා පාවිච්චි කරන්නෙත් මගෙ බෙහෙතම තමයි නිම්නි...සංගීතය

    ReplyDelete
    Replies
    1. හිතේ ලෙඩට අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.. ලෙ. පා. හීන. පොඩි උනාට දැනටම මගේ දඟ මල්ල එක එක ගායක ගායිකාවන්ගෙ කටහඬවල් සංගීත භාන්ඩ වල හඬ වෙන වෙනම අඳුරන තරමට සංගීතය අපෙ ජීවිත වලට කිට්ටු වෙලා..

      Delete
  8. I am a huge ABBA and Boney M fan

    ReplyDelete
    Replies
    1. I think Dude,  ABBA & Boney   have pure joy to their music and that's what makes them extraordinary. Old is Gold.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...