හිමි සදුනි නුඹේ මුවින්
එකම එක් වරක් කියන්
නුඹේ සිතේ දැවෙන ගිනි
හැකි උනොත් නිවමි මං පෙමින්
එකම එක් වරක් කියන්
නුඹේ සිතේ දැවෙන ගිනි
හැකි උනොත් නිවමි මං පෙමින්
දිවියේ බර මං දරන්
ආපු මඟ අත් බැඳන්
ඇයි අපිට තව දුරක්
යන්න බැරි හිත් බැඳන්
ආපු මඟ අත් බැඳන්
ඇයි අපිට තව දුරක්
යන්න බැරි හිත් බැඳන්
නුඹට හිමි මගෙ සෙනෙහේ
දෙනු එපා ගනු සොරෙන්
බිඳින් බිඳ මගෙ සිතේ
නුඹේ හිස් තැන පිරේ
දෙනු එපා ගනු සොරෙන්
බිඳින් බිඳ මගෙ සිතේ
නුඹේ හිස් තැන පිරේ
හෙට දිනක් තියේ නම්
නුඹත් එහි නොමැති නම්
සිත් පුරා පෙම වැඩේ නම්
නිසංසලේ ඉමි කෙසේ මම්....
නුඹත් එහි නොමැති නම්
සිත් පුරා පෙම වැඩේ නම්
නිසංසලේ ඉමි කෙසේ මම්....
ප.ලි. : වර්ෂ 2000 ඔක්තෝම්බරි මස 6 වෙනි දින මුලින්ම තිරගත වුනු "Astitva" (පැවැත්ම ) නම් Mahesh Manjrekar අධ්‍යක්ෂනය කල Sukhwinder Singh, සහ Rahul Ranade සංගීතයෙන් හැඩගැන්වු විවිධ සම්මාන 4ක් දිනා ඇති මේ හින්දි චිත්‍රපටයේ වර්ථමාන සිදුවිමක් ඊට අවුරුදු 25 කට පෙර සිදුවීමක් හා යාවිමෙන් ඉන්දීය පවුලක පැවැත්මට බලපැ අයුරු විදහා පෙන්වයි......
විවාහයෙන් පසු ගෙදරට වි ඉන්නා නිසා කලින් ඉගෙන ගත් සංගිතය නැවත පුහුණු විමට ගෙදරට එන සංගීත ගුරුතුමා හා තනිවෙන තරුණ බිරිඳත් , රැකියාවේ ඉහළ නැගිමත් විසල් බංගලාවත් ගැන සිහින දකින සැමියාත්, එම දෙපලගේ එකම දරුවා සහ ඔහුගේ පෙම්වතියත් වටා ගෙතුනු මේ කතාව ප්‍රශ්න කරන්නේ කුමක්ද ???
බොහොත් අච්චා හේ..
ReplyDeleteබොහොත් තැන්කු ලලිත්...
Deleteහරිම අපූරුයි . සිනමාපටය ගැන කීවාටත් බෙහොම තුති !
ReplyDeleteස්තුතියි මෙතූ.. සිනමාපටය අන්ත් අයටත් බලන්න පුලුවන් ලින්ක් එකක් හෙව්වා, හම්බුනේ නැ මෙතූ.
Deleteහරිම ලස්සන අදහසක්.....
ReplyDeleteතම ප්‍රිය බිරිද ඈගේ අදහස ක්‍රියාත්මක කිරීමට පෙර ස්වාමියා එවූ හසුන් පත.....
දන්නවා නුබේ සිත....
ගිනි අරන් තියෙන හෑටි...
කෙසේ නම් කියන්නද .....
මගේ සිත නිවන හෑටි....
දිවි මගේ කටු පදුරු.....
හෑම තෑනම තියෙන හෑටි...
දකින විට යන්න බෑ....
තව දුරක් නොවී වෑටි.....
මටම හිමි නුබේ සිත...
දියවි දියවීම යන හෑටි....
කෙසේ නම් කියන්නද
මගේ සිත ලතවෙනා හෑටි.....
නදී අක්කා
රැල්ලෙන් රැල්ලට පාවී මගේ ලඟින් ඉඳපන් මගෙ දෙයියෝ
Deleteකටුක දිවිය මිනි කිංකිණි පුරයක් කරපන් මගෙ දෙයියෝ
හිතේ සෙනේ රැකවල් ලා රකිමි මගෙ පණ සේ දෙයියෝ
වඩින තුරා නුඹට හිමි මගෙ හඳ මඩලට මගෙ දෙයියෝ
නුඹටමයි හිමි මගේ සෙනේ හිත පැටලුනත් නාද රටාවේ
ලතවෙනා සිත මෙලෙස පවසන් හැමදිනේ ලඟින් ඉන්නාසේ
කටු පදුරු වල රිදුම් නොදෙමි නුඹට දැනෙන්න කිසිදිනේ
රිදුම් දෙන හදවතින් නැගෙන සිනා නිවයි නම් නුඹේ ගිනි....
මීට අවුරුදු ගානකට කලින් ආසාවෙන් බලපු එකක් තමයි 'අස්තිත්වා'. තව ' තක්ශක් ' කියල එකකුත් ඒ කාලෙදිම බැලුවා. ඒකත් ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
මාත් මේ ෆිල්ම් එක දූමී බලල ගොඩක් කල්, මේකේ එක දෙබසක් මට කවදාවත් අමතක වෙන්නේ නැ.. ගෑනු කෙනෙක් මොන තරමක් අසරණ වෙනවද මේ දෙපැත්තටම එකම විදිහට දැනෙන හැඟිම් බෙදලා වෙන් කරන සංස්කෘතික මායිම නිසා කියලා තේරුන නිසා...
Deleteඔබ කිව්ව අනිත් ෆිල්ම් එක මම බලලා නැහැ, ස්තුතියි කිව්වට හොයගෙන බල්න්නම්....
ෆිල්ම් එක බලලනම් නෑ.. කියල තියන පුංචි විස්තරෙන් හිතෙනවා සුන්දර කතාවක් දිගහැරෙනවා ඇති කියලා...
ReplyDeleteහින්දි සිංදුවලට ගොඩක් කැමති... ඒ සංගීතය, හඬවල්, හරිම සුන්දරයි...
නිර්මාණි.. මේ කතාව සුන්දර නැ.. අන්තිමේ අපිට හිතන්න ඉතුරු කරල ගොඩක් පැති මේ ආරථි සමු අරන් යනවා ඇගේ ගෙදරින්.. ඇය එතෙක් කල් ඇගෙ ජීවිතයම කැප කල ඇගෙ දරුවත් ස්වාමියාත් එකම එක තප්පරයක ඇයට ඇගේ හැඟිම් පාලනය කර ගන්න බැරි වූ වරදට හරිම අනුවේදනීය දරුණු විදිහට ඇයව ප්‍රතික්ශේප කරනවා.. එත් ඒ අතරෙම ස්වාමියා කියනවා පිරිමියෙක් නිසා ඔහුට කල හැකි ඇයට කල නොහැකි තමනගේ හැඟිම් සංසිඳුවා ගැනිම ගැන මේ රේස් යන ජීවිතේ..අන්තිමේ ඇයගේ තනි නොතනියට ඉන්නේ ඇයගේ පුතාගේ පෙම්වතිය විතරයි..
DeleteWhen you tak about hindi songs Nirmani..Wolrd most melodies language with thal as I feel is hindi.. I think majority feel the same..
වෙනස්ම විදිහේ කතාවක්... කතාව සරලව කියුවට ස්තුතී චතූ..
Deleteසුන්දර සටහනක්...සිනමා පටය නරඹා නැහැ...ඔත්තුවට බොහොම ස්තුතියි...
ReplyDeleteස්තුතියි පොකුරු වැහි...
Deleteහිමි සදුනි නුඹේ මුවින්
ReplyDeleteඑකම එක් වරක් කියන්
නුඹේ සිතේ දැවෙන ගිනි
හැකි උනොත් නිවමි මං පෙමින්
බ්‍රෙක්සිට් දිනලා පවුමත් වැටිලා
යුරෝපෙ කැඩිලා මාකට් වැටිලා
රෙෂෙසන් ඒවිද දන් නෑ කියනව
දීපන් විසඳුම ප්‍රේමෙන් විමලා
බෝංචි ගණන් යනකොට හිමියනි
මමත් හිතුවා ඕක වෙයි කියා
ලව් එක කාලා වතුරත් බීලා
ඔන්නොහො අපි ඉමු අයිනක් අල්ලා
:) :) will reply later.
Deleteලව් එක දිය කර වතුරත් දාලා
Deleteබිව්වා දැන් ඇති පුරවා වීදුරු
අයිනක් මොකටද ඉමු අපි මෙලෙසම
බල බල බ්‍රෙක්සිට් දිනලා එන හැටි
බෝංචි බැරි නම් අමු මිරිස් හොඳද
මාර්කට් පවුම වැටුනට අපිට මොකද
යුරොපේ කැඩුනට අපිට මොකද
ඉමු අපි නොවැටී නොකැඩි තව කල් හිමියනි.
ඉයන් , දෙපාරක්ම කියෙව්වා, අවංකවම කියනවා නම් අනුකම්පාවක් මිස වෙන යමක් මට දැනුනේ නැ, බොහෝ බලාපොරොත්තු පොදි බැඳ කඩා වැටි ඇති බවක් දැනෙන්නේ ඇයි කියන්න මට තේරෙන්නේ නැ ඒ ලියවිල්ලේ...
ReplyDelete