Wednesday, June 1, 2016

පාළු කුඹුරක පිපුනු දාස් පෙතිමල් - ගැලපේ හැමකල්...ලියූ ලියුම්කරු???


ඔහු බිරිඳගෙන් ඈත්වි ජිවත්වේ.
ඔහුට සිඟිති දියණියක් සිටි
දියණිය සිටින්නී
බිරිඳගේ සෙවණේය.
මසකට වරක් දුව බලන්නට ඔහු
නිවසට යයි.

වරක් ගිය දවසක මිදුලේ වැවී තිබුණු
දාස්පෙති මල් පඳුරෙන්
ඇට මිටක් කඩා
"තාත්ති මේ ටික කොහේ හරි පැළකරන්නැයි"
දියණිය ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමිස සාක්කුවේ දමාගත්තේය.
ඔහු නතරවී සිටියේ බෝඩිමකය.

ඔහුට එවා හිටවන්නට තැනක් නොතිබුණි.
ඔහු බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

***********

ඊලඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගිය විට
"තාත්ති මං අර දුන්න දාස් පෙති ඇටටික පැළවෙලාදැ "යි දියණිය ඇසුවාය.
"අනේ නැ දුවේ ...!" ඔහු කීය

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස් පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු එවා කමිස සාක්කුවේ දමාගත්තේය.
අනතුරුව බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.

***********

ඊලඟ මාසයේ දියණිය බලන්නට නිවසට ගිය විට
"තාත්ති මං අර දුන්න දාස් පෙති ඇටටික පැළවෙලාද "යි දියණිය ඇසුවාය.
"අනේ නැ දුවේ ...!" ඔහු කීය

එදිනද ඔහු ඇයගෙන් සමුගෙන එන්නට පෙර
ඈ දාස් පෙති මල් පඳුරෙන් ඇට මිටක්
කඩා ඔහු අත තැබුවාය.

ඔහු ඒවා කමිස සාක්කුවේ දමාගත්තේය.

***********

එදා අඳුරු රාත්‍රියකි.
ඔහු ගුරු පාරට ආවේය.
කළුවරේ පිය මැන්නේය.
හිටි අඩියේ පාරට පැනගත්  සොරුන්
පිරිසක් ඔහු වටකරගත්හ. ඔහුගේ මුදල් පැහැරගන්නට තැත්කළහ.
බැරිම තැන ඔහු කැ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ලය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරි වැටුණි.

බියපත් සොරුන් ඔහුගේ මළකඳ දෙපයින් බිමදිගේ
ඇදගෙන ගොස් අසල වු පාළු කුඹුරක
මඩෙහි ඔබා යට කර දැමීය.


***********

ඊලඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියේය.
එහෙත් ඔහු ආයේ නැත.
ඔහුට කුමක් වී දැයි කිසිවෙක් නොදත්හ.

පාළු කුඹුරක දාස් පෙති මල් දාහක් පිපි තිබුණි.




ගීතනාත් කුඩලිගමයන් ගවේෂණය සහ සංස්කරණය කල   " සසර සැරිසරන තෙක්....ප්‍රේමකීර්ති නැවත කියවමු"  පොතේ පිටුඅංක 256 - 257 උපුටා ගත්තකි.

******************************************************************************
******************************************************************************

සොඳුරු මල් යායක් පීදිමට සොඳුරු මිනිස් සිත් මියෙන්නම අවැසිද ?


මේ සටහන පළමුවරට කියවා අවසානයේ මගෙ නෙත් තෙත් වී තිබුනේ කාවෙනුවෙන් ද කියල මට පැහැදිලි නැහැ... ඒත් දරාගන්නට නොහැකි තරම් කඳුලක බර නම් ගලාගෙන යනවා මට දැනුනා සීතලට .......


  "අදත් මේ සොඳුරු  ලියුම්කරු ජිවත් උනා නම්..."


ප. ලි. : මේ පොතේ එක තැනක ඔහුගේ දෙවන බිරිඳ පැහැදිලි කරනවා ඔහුගේ මුහුණ රුපවාහිනියෙන් පෙවන්වන්න බැහැ කියල වැඩසටහන් වලින් ඉවත් කල කාලය ගැන.. ඒත් එක්ක මට මතක් උනේ පුංචි කාලේ ඒ කතා අහන්න , හිනා බලන්න  අම්මත් එක්ක මාත් මඟ බලන් හිටපු හැටි....මේ පොත කියවන්න කලින් මං කීපපාරක් හිතුවා  අනිවාර්යය්යෙන් අඬන්න වෙන නිසා....කවදා මේ ඉහළ නඟින ඉනිමං ඉතුරු කරගන්න මිනිස් ජිවිත ඉතුරු නොකිරීම නවතී ද .................



26 comments:

  1. අර දියණියගෙ කථාව නම් සංවේදීයි. සුමාන දෙකකට සැරයක් මගේ දියණිය බලන්න ගිය කාලයක් මටත් තිබුණා. මේ පොත හොයාගන්න ඕන. මොහොම ස්තූතියු චතූ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ජීවිතේ හැටි ඉයන්.. එවන්න විදිහක් තියනවා නම් මට පොත දෙන්න පුලුවන්..

      Delete
    2. චතූ ගේ බ්ලොග් වෙලාව අනුව ඔබ ඉන්නේ විදේශ රටකනෙ. ඒ නිසා මම පොත හොයාගන්නම්. අනික ඔය වගේ පොත් ජීවිත කාලෙම තියාගන්න ඕන ඒව. එසේවුණත් බොහොමත්ම ස්තූතියි පොත එවන්න offer කලාට.

      Delete
    3. You are welcome Iyan. I'm not collecting books. When I'm finish reading donate to the libary or whoever wants to read. However this book I can't read more than once.

      Delete
    4. Cahthu, In that case send it through someone coming to sri lanka. If you let me know when and where to collect through my email lankan.ian@gmail.com i will collect it. Thank you very much for this.

      Delete
    5. Ok Iyan. I'll check & let you know. if I found someone sure will send it.

      Delete
  2. ඔයාට වගේම මටත් ලොකු වේදනාවක් දැනුනා.. හරිම සංවේදී...

    ඒ සුන්දර මිනිසා අදත් හිටියනම් කියලා හිතුනා... ඒ දේවලට නැවතීමේ තිත තියෙන දවසක එහෙම වෙයි චතූ...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි, කෙනෙක් තමන්ට වඩා ඉහලට යන එක ඉවසන්න බැරි මිනිස්සු ඉන්නකන් මේ ක්‍රමේ අඩු වැඩි විදිහෙන් වෙයි..ආත්මාර්ථකාමි විදිහට හැසිරෙන මිනිස්සුන්ට වඩා ගොඩක් අයට දරාගන්න අමාරුයි පරාර්ථකාමිව ඉහළට එන අය දිහා බලන්න ඉන්න.

      Delete
  3. අපේ අවාසනාවට අපේම මිනිසුන් විසින් අපට අහිමි කල සොඳුරු මිනිසා...

    ReplyDelete
    Replies
    1. පොකුරු වැහි, ඔහු ලියලා තියන පරාසය බැලුවම අපේ අවාසනාව තමයි ඔහුගේ අහිමිවීම.. මට මේ සටහනේ වැඩියෙන්ම දැනුනු තැන " ඔහුගේ මළකඳ දෙපයින් බිමදිගේ ඇදගෙන ගොස් " කියන පේළිය. මුහුණපාන්න පුලුවන් උපරිම අපහසුතා ගැන වෙන්න ඕන ඔහු ඒ කියන්නෙ..මේකත් එක්ක මට මතක් උනා කාලෙකට කලින් බලපු "Confessions of a Shopaholic" කියන ෆිල්ම් එකේ අන්තිම දර්ශනය.. එහි එන තරුණිය ගෙවන්න තියන විශාල ණය මුදල කාසි වලින් ගෙවනවා..ඇයව මුලු රටක් ඉස්සහර ඒ නිලධාරියා අපහසුතාවයට පත් කල නිසා.. තමන්ගෙ රාජකාරිය දේවකාරිය වගේ කරන්න ඕන.. හැබයි මනුස්සකම තියාගෙන...

      Delete
  4. අදත් මොහු ජීවත් වුනානම් සිත් රිදවීම් මිස යමක් ඔහු ලබාවි යෑයි නොසිතමි කිසි විට.......

    මිනිස් ජීවිතය ජීවත් නොවෙන......
    තරගය පමනක්ම ජීවත් වන.....
    මාගේ දේශය .....
    බුදු බණ නිරතුරු ඈසෙන දේශය...
    ජීවත් වන විට නොවටිනා....
    මිය ගිය පසු පමණක්ම සෑමට වටිනා.....
    ජීවිත බොහො ඈති මාගේ දේශය......
    තරගය ඈරබුම....
    පෙර පාසලේ සිට ලෑබෙන ප්‍රගථි වාර්ථා පොතද......???????

    Nadee akka

    ReplyDelete
    Replies
    1. අක්කේ මට මේ පොත කියවද්දි හිතුනේ දුක් විඳල ජිවිතෙ වැරදිලා යාන්තන් ඔලුව උස්සන් ආපු වෙලාවක ඇයි එහෙම දෙයක් උනේ. අපි කවුරුත් සර්වසම්පුර්ණ නැ. ඒත් දෙවනි අවස්ථාවක් ලැබීම සාධාරණ නැද්ද...

      Delete
  5. මේ පොත හොයාගෙන කියවන්න ඕනි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මහ ගොඩක් මිනිස්සු අහිමි වුණ කාලෙක අහිමි වුණ සුන්දර නිර්මාණකරුවෙක්.

    මට මේක කියවනකොට මතක් වුණේ, සුරංගි අල්විස් ගොඩාක් කාලෙකට කලින් පත්තරේට ලියපු කවි. එකක තිබුණා මේ වගේ කෑල්ලක්,

    "ටොෆි චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලා
    දූ ඇඬුවේ නෑ වෙන ළමයි වගේ"

    ReplyDelete
    Replies
    1. සඳවියමන්,  ඒ කාලෙ කී දෙනෙකුට කොයි තරන් අය නැති වෙන්න ඇත්ද නිරපරාදේ
      මට සුරංගිට වඩා මතක පුර්ණ.. හපන් පැදුර නිසා...

      Delete
    2. සඳවියමන් , මට පොත ඉයන් ට එවන්න පුලුවන් උනොත් ඉයන් කියවලා ඉවර උනාම ඔයාට ලැබෙන්න සලස්වන්න විදිහක් තියනවද ?

      Delete
  6. ප්‍රේමකීර්ති ද අල්විස් ගේ නැතිවීම නිසා අපිට අහිමි වුණ සිංහල ගීත කන්දරාව කොච්චරක්ද කියල හිතා ගන්නවත් බැහැ නේද? අද වෙනකම් හිටියානම් දැනෙන සිංදු තව සීයක් වත් ලියල.

    ReplyDelete
    Replies
    1. හිතාගන්නත් බැහැ ඔහු කොහොමද ඒ තරම් පරාසයක විවිධාකාරයේ අදහස් ලිව්වෙ කියලා....එකකට එකක් සම්පුර්ණයෙන් වෙනස් නැවුම්.. අර්ථාන්විතයි.. උපහාස රසය පිරිලා..හරසුන් පදමලා ඇහෙද්දි මේ වගේ අපට අහිමි උනු රචකයො වැඩියෙන් සිහිවෙනවා ඉයන්.

      Delete
  7. අනේ... පව් ඒ දෝණි.
    /අදත් මොහු ජීවත් වුනානම් සිත් රිදවීම් මිස යමක් ඔහු ලබාවි යෑයි නොසිතමි කිසි විට/ මේ ඇනෝ කියා ඇති දේ නං ඇත්ත කියල මට හිතුනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒ කතාව ඇත්ත.. හිත රිඳවන මිනිස්සු වත් සිදුවුම් වත් අඩුවක් නැතුව සිදුවෙවේ. නමුත් පරිණත වීමත් එක්ක ඔහුට ඒ සිත් රිඳවිම් සුන්දර නිර්මාණ හරහා එළිදැක්වීමෙන්ම ශක්තිමත් වෙන්න තිබ්බා ජීවත් උනා නම් ලේ. පා. හීන..මට හිතුනෙ ඔහුට ඒ සඳහා මාර්ගය විවෘත වු තැනකදි මේ අවාසනාවන්ත සිද්ධිය උනේ කියලා...

      Delete
  8. මට මතක් උනේ ප්‍රේමකීර්තිගේ ආදාහනය සිදුවුනදා. ඔහු ඇතුල්කල චිතකය ගිනිගද්දී නොහඬපු කෙනෙක් එතන හිටියේ නෑ කිව්වොත් හරි.

    ReplyDelete
    Replies
    1. හැලපේ....මමත් එතන හිටිය කෙනෙක් නිසා ඔය කතාව ඇත්ත කියනවා හැර වෙන කියන්න දෙයක් නැහැ.

      Delete
    2. ඒකම හොඳ සාක්ෂියක් කිසිම බේදයක් නැතුව මුලු රටක් ඔහුට ආදරය කල බව.. හැලප කඩේ මේ පැත්තෙ ආවට ස්තුතියි..

      Delete
  9. මට ඔහු හා කෙටි කාලයකට හෝ ඇසුරුකරන්න ලැබුනා. ඔහුගේ පෞද්ගලික ජීවිතය හරි අමුතුම කතාවක්. ඉතාමත් විවෘත, සුන්දර, නිහතමානී මිනිහෙක්. මොහුව ඝාතනය කල ආරංචිය ලැබුන විට මම හෝමාගම කටුවාන නිවසට පයින්ම ගිය හැටි තාම මතකයි..

    ReplyDelete
    Replies
    1. අරුන.. කෙටි කලකට හරි ඔහුව දැකල ඇසුරු කරන්න ලැබිම වාසනාවක් මං හිතන්නේ..ඔහුගේ ඝාතනය ගැන ඔබට දැනුනු කම්පනය මට හිතාගන්න පුලුවන් ඔබේ වචන වලින් අරුන.

      ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන මං මෙතෙක් කියවා ඇති හැමදේම මට ජිවිතෙ වෙනමම පැත්තක් ගැන හිතන්න පොළබවනවා.

      Delete
  10. සංවේදී කවියක් ප්‍රේමකීර්ති ඩ අල්විස් කියන මානව හිතවාදියගෙන් ලියවුනු. ඔය පොත මාත් කියෙව්වේ, කියන්න වගේ අයෙත් කියවන්න අමාරු පොතක්.

    ReplyDelete
    Replies
    1. ඔව්.. පළමුවරට කියව්වෙ ගිය අවුරුද්දේ.. කාගෙ හරි බ්ලොග් පොස්ට් එකක් දැකල මේ ලගදි මං ආයේම අතට ගත්තම මේ කවිය ලඟ හිත නැවතුනා.. අතරින් පතර මිසක් මුල ඉඳලා පිටු පෙරලන්න මට හිතුනෙ නැ මේ පාර..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...