Wednesday, November 9, 2016

How lucky am I ???

Once in a while count Ur blessings.
කවදාහරි ඔබට හිතිලා තියනවද තමන් කොයි තරන් වාසනාවන්තද කියලා හිත පුරාම පැතිරිලා යන සැහැල්ලුවක් එක්ක හිතලා බලන්න.. තමන් ගාව තියන දේවල්.. තමන් මෙතෙක් ආ ගමන් මඟේ සතුටුදායක මං සලකුණු.. ලැබූ ඇගයීම්.. දිනූ ලබැඳි හදවත්  මොන තරම්ද තමන් වටා.. අද උදේ නැගිටින කොට මට එහෙම හිතුනා....

අපේ දඟමල්ල අපි හැමෝටම කලින් නැඟිටින නිසා හරිම ආදරණිය මුදු මොළොක් ස්පර්ශයක් එක්ක හුරතල් කටහඬක් තමයි මාව උදේට ඇහැරවන්නේ..  මං ඇහැරුන ගමන් ගෙදර හැමෝටම මේ දඟමල්ල පණිවිඩයක් ගෙනියන්නේ  "අම්මිට තේ හදන්න ඕන" කියලා.. ඉතින් නැඟිටලා ඇඳෙන් බැහැල ඉන්න ඕනම කෙනෙකුට වෙනවා තේ හදන්න පටන් ගන්න.. මේ හුරතල් කටහඬ ඇහෙද්දි කොහොමද බැ කියන්නේ...මේ දඟමල්ල  පොඩි උනාට දන්නවා තේ හදන්න ඕන මොනවද කියලත් හදන්නෙ කොහොමද කියලත්, ඉතින් හදන කෙනාට පියවරෙන් පියවර කියන්නේ හරියට වරද්දයි වගේ. 

අපේ මේ දඟමල්ල හිතාගෙන ඉන්නේ එයත් එක්ක නටන්න දඟලන්න සින්දු කියන්න අම්මට යෝධ බල යෝධ හයිය ලැබෙන්නේ උදේ තේ එකින් කියලා..කාර් එකට නැග්ග වෙලේ ඉදලා එයත් එක්ක මමත් සින්දු කිව්වේ නැත්නම්  කියන්නේ තේ බිව්ව නිසා මහන්සි වෙන්න බැ, එහෙනන් තව තේ එකක් බීලා සින්දු කියන්න කියලා කියන මේ දඟමල්ල සිංහල සින්දු බොහොමයක්  කටපාඩම් කරගත්තේ පෙර පාසලට යන අතරමඟ කාර් එකේදි ඇහිලා.. දැන් දැන් වචන වල තේරුමත් අහද්දි නම් මම ටිකක් අමාරුවේ වැටෙනවා..

දඟමල්ලේ ආසම සින්දු තියෙන්නේ අපෙන් දින කීපයකට කලින් සමුඅරන් ගිය අමරදේවයන් ලඟ.. ඒ සිඩී එකේ අමරදේවයන්ව හඳුන්වාදෙන පූර්ව වැකිය භාෂා දෙකින්ම කටපාඩමින් කියන්න පුදුම ආසාවක් තියෙන්නේ...අනිත් හැම සිඩී එකක්ම පරද්දලා තනියම මේ අමරදේවයන්ගේ සිඩී එක හොයලා දාන්න මේ දඟමල්ල හරි හපනා.. අමරදේවයනි, ඔබ ඇත්තෙන්ම අමරණීයයි..

"සිංහල සුභාවිත සංගීතයේ භාවපථය ප්‍රසාරනය කරමින් පුරා අර්ධ ශතවර්ශයක් තුල දේශයේ අග්‍ර ගාන්ධාරවරයා ලෙස කිත්මිණි කිරණ විදාලූ රැමෝන් රැමොන් මග්සසෙයි ත්‍යාගයෙන් සම්පූජිත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ස්වකීය රසිකජන මනෝරංජනය අරභයා පුද දෙන සංගීතාන්ජනයි"


අවුරුදු පහක් උනාට අපේ මේ දඟමල්ලට පුලුවන් එයාගේ වැඩ ගොඩක් තනියම කර ගන්න.. මැජික් 5 වලින් චුට්ටක් තල්ලු කලාම ඇති.. ඒ නිසා මම කවදත් ආස නිහඬ වැඩි කලබලයක් නැති  උදැසන තාම මං ලඟ..දඟමල්ල යන පෙර පාසලේ ගිය වාරේ හිටියා ස්වෙච්ඡාවෙන් වැඩ කල අවුරුදු 95ක් වයස ගුරුතුමියක්.. ඇය හැමවෙලේම ඉන්නේ හිනා වෙලා හරිම කඩිසරයි.. කොහොමත් මම මෙහෙ දැක්ක ලොකු වෙනසක් වයසක අය වයසට නොගැලපෙන ලෙස කඩිසරයි වගේම  කාටවත් චෝදනා එල්ල කරනවත් හරි අඩුයි..දෙන උපදෙස් හරි නුවණක්කාරයි වගේම හරිම ස්වාධීනයි.. විනාඩි පහක් හරි ඇය එක්ක මම කතා කරන්න වෙලාව හදා ගත්තේ ඒ නිසාමයි.. ඇයගේ අදහස් මගේ ජිවිතේටත් ආලෝකයක් නිසා..

ඇය අපේ අවුරුදු 5හේ දඟමල්ල   ඇතුලු සියලුම දරුවන්  එක්ක වැඩ කරන්නෙ අවුරුදු 95ක පළපුරුදු  ගුරුවරියක් කියන භුමිකාව ඔලුව උඩ තියාගෙන නම් නෙමේ.. ඇයට වයස් පඩිපෙළ බැහැලා අවුරුදු 5ට එන්න යන්නේ තප්පර ගානයි..ඊට පස්සේ අපිව ඕන නැ මේ දඟමලු වලට.. 


Jacaranda Trees with purple  flowers.
ඉතින් අදත්  දම් පාට මලින් පිරුනු ජෙකරැන්ඩා ගස් මැදින් ට්‍රැෆික්  එකක් කියලා නාමයක් නැති පාරක ගිහින්  පුරුදු විදිහට  දඟමල්ල බස්සලා  ගෙදර එන ගමන් මට හිතුනා මං ආසම කරන කැෆේ එකට යන්න ගෙදර යන්න කලින්.. මේ වගේ වෙලාවට GPS එකින් පාර හොයා ගන්න හිතාගෙන මම යන්නේ වැඩි පුරම මල් පිපිලා තියන පාරවල් වල, (මගේ අම්මා ඇරෙන්න අනිත් එක්කෙනෙක් වත් බය නැ මං පරක්කු වෙනවට ආපහු එන්න)  ඉතින් මං මේ ලියන්නේ ඒ කැෆේ එකේ ඉඳගෙන උදේ කෑම කන ගමන්.. මම කොයි තරන් නම් වාසනාවන්තද... ඔබ ?  




ඔබ අතැ වු මල් එකිනෙක පර වී
සුලඟේ විසිරෙනු මා දුටුවා
සුලඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගෙ හද මා දුටුවා...
ඔබගෙ හද මා දුටුවා...

39 comments:

  1. උදේට වැඩට ගිහින් හවසට ගෙදර එන
    රස්සාවෙ වැඩ වැඩි වුණත් අනිකුත් වෙලාවට
    නිදහස උතුරණා සතුටින් දිවිගෙවන
    මමත් වාසනාවන්තයි එය දැනෙයි මට.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මටත් කාලයක් තිබ්බා දුමී ඒ වගේ.. නිදහස හොයාගන්න ඕන අපිමයි.. හරිම සතුටුයි දුමීගේ කවිය වෙනදා වගේම ලස්සනයි.. අර කවි පොතේ වැඩේ කලා නම් හරි..

      Delete
    2. ඔව් නිදහස සහ කාලය අපිමයි හොයාගන්න ඕන. හීන දකින්නී. උඩ කොමෙන්ටුව කවියක් වගේ නෙවෙයි ලියන්න හිටියේ. අන්තිමේට දන්නෙම නැතුව කවියක් වගේ වෙලා.
      පොතක් කරන්නත් ඕනෙ හීන දකින්නී. ඒත් කවි වගේම වියදමත් සලකා බලන්න වෙන හින්දා තව ටික කාලයක් මෙහෙමම ඉන්නවා.
      දම් පාට මල් ගැන කියද්දියි මතක්වුණේ.
      ඒ ගැන ලියපු කවියක් තමයි මම ඊළඟට දාන්න ඉන්නේ. මේ දවස්වල ඒකට ෆොටෝ එකක් ගන්න පාරවල් පුරා දුවනවා.

      ජයවේවා!!!

      Delete
    3. කවි ලියලා හුරු උනාම දන්නේම නැ කවියකි ජිවිතේම...:) මේ පැත්තේ ආවා නම් ඕන තරන් දම් පාට මේ ටිකේ....

      Delete
  2. මමත් ඔබ වෑනිම වාසනාවන්තියක් බව නම් හෑගෙනවා මටත්...
    ඔය දම් පාට මල් පිපෙන ගස් වලට මගෙ පුතයි මායි දෙන්නම එකම විධියට ආදරේ කරනවා....
    ඔය ගහක් යට දවසම උනත් ඉදගෙන සුන්දර සිතුවිලි මවන්න පුලුවන් මට....

    Nadee akka

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි අක්කේ,දවසක් උනත් මේ දම් පාට මල් පෙති වැටිලා රටා මවලා තියන තණබිස්සේ ඉන්න පුලුවන් , හරි ලෝබයි ආපහු යන්න.

      Delete
  3. දඟ මල්ල නම් නියමම දඟ මල්ලක් වගේ හෙහ් හෙහ්..
    ඔන්න ඔය අමරදේවයන්ගේ ගීතය ගස්ලබ්බා දැක්කෙ මේ විදිහට.
    බලන්න විවිධත්වය කොච්චර ලස්සන ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි ගස්..මම ම තමයි සමහර වෙලාවට දඟමල්ලව අවුස්ස ගන්නෙත් .. සද්ද නැතුව ඉන්න කොට පාලුයි..

      නියම කතාවක් ගස්.. ඒ සින්දුව හරිම ලස්සනයි..

      Delete
  4. Replies
    1. සා රසට රිප්ලයි කරන්න මට කම්මැලියි.. බැරිද වෙනසක් කරන්න.. :)

      Delete
  5. මං ගියා හැන්දෑවේ පිටකොාටුවේ ඇවිදින්න..ගෝල්පේස් වල හැමදාම ඇවිද්දාම ගතියක් නෑ.. ඒ නිසා අද ගියා ගෝල්පේස් දිහාට..

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට ඊයේ අමිල ගියේ පිටකොටුවටද.... එහෙමත් නැත්නම් ගෝල්පේස් ද...

      Delete
  6. Replies
    1. මම ඒක ටයිප් කලේ පුතා කියන විඩියෝ එක අහගෙන එයා කියන විදිහට.. මං ඒ වැරද්ද පුතාගේ හදන්නම්.. මේ ලිපියෙත් හදන්නම්.. ස්තුතියි ඉයන්...

      Delete
  7. ඔබේ විදියයි..මගේ විදියයි... පට්ට වෙනස්, ඒත් මාත් වාසනාවන්තයි

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙනස් දේ එකතු උනාම පට්ට රහයි රොමාරස්.. :)

      ඔබේ කමෙන්ට් එක කියෙවාම මට එහෙම ලියන්න හිතුනා..

      Delete
    2. හීන දකින්නි මගේ බොලොග් එකේ දාල තිබුණු කමෙන්ටුවට අදාළ කොමෙන්ටුව සහ ලිපිය මෙතන හින්දා මන් මෙතනම reply එක දාන්නම්.

      වෙනස් වෙන්නෙ මෙහෙමයි......
      සති අන්තේ දවසක බෝතලයක් වටේ තියාගෙන හදවතේ ළැබැදිම හෘදයාංගමයින් එක්ක මුහුදු වෙරළේ සද පානේ සිහින් සුළං විදිමින් ජීවිතේ රහ තැන් බෙදා ගන්න කොට මට හිතෙනවා මන් ජීවිතේ වාසනාව උපරිමව විදින්නෙක් කියලා. මට මතකයි එක දවසක් අපි බීච් එකට ගිය ගමන්ම වැස්සා. අපි ඔරුවක ගොඩ පැත්තේ තල්ල යටට වෙලා හතර පස් දෙනෙක්ම හීතලේ ගැහි ගැහි සින සයුරේ ගත වූණු එදා වගේ දවසක් කවදාවත් ප්ලෑන් කරලා ගන්න බෑ හිරිකඩ වැදි වැදි එදා බෝහෝම අමාරුවෙන් දල්වා ගන්න සිකරට්ටුව පවා සිකරට්ටු නොබොන එවුන් පවා බිව්වෙ සීතලෙන් බේරෙන්න. හීන දකින්නි මට අනුව ඒකත් පට්ට ජීවිතයක් (මන් කන බොන උදාහරණයක්ම ගත්තේ හීන දකින්නි ගොඩක් කනබොන ඒවට කැමති නැති නිසා)

      Delete
    3. පට්ට වෙනස් කිව්වෙ ඔබත් මමත් "සතුට" නිර්වචනය කරන ආකාරය මිස සම්පුර්ණ ගති පැවතුම් හා සිතුවිලි නෙවෙයි

      Delete
    4. මට ඔබ අදහස් කල දෙය තේරුනා රොමාරස්.. ඔබේ මේ උදාහරණය තවත් මට ඔබ කිව් දේ පැහැදිලි කරනවා.. අපි හැමෝම එකම දේ එකම විදිහට දකින්න ගියොත් මේ ලොකේ හරි කම්මැලි කලු සුදු තැනක් වේවි ..ඊට වඩා එක එක අය පාට පාටින් ලොකේ දකින එක ගැන මගේ විරෝධයක් නැ...

      Delete
    5. මේ ලිපියෙන් මට ඕන උනෙත් ඒ වගේ මට වඩා වෙනස් විදිහට දකින අයට තමන්ගෙ දැක්ම ගැන කතා කරන්න ඉඩක් දෙන්න රොමාරස්.....

      Delete
    6. රෝමාන්තික ගේ 8.10 ප්‍රතිචාරය ට කැමතියි. ප්ලෑන් නොකර කරපු ලස්සන දේවල් මගේ ජීවිතෙත් තියනවා. දවසක් හෝටලයක් බුක් කරන්නේ නැතිව ලේක් දිස්ත්‍රික්කය කියන ලස්සන පළාතට ගිහින් , හෝටලයක් හොයා ගන්න බැරුව මායි වෙන්ඩ බිරිඳයි කාරෙකේ නිදාගත්තා . ලස්සන වැවක් ගාව . උදේ පාන්දරම දෙන්නම ඇහැරිලා ඉර පායනවා බලන් හිටිය. මට ඒකත් පට්ට ජිවිතයක්.

      Delete
    7. අජිත් මටත් තියනවා ඒ වගෙ බෝට්ටුවක ඉඳන් ඉර පායන හැටි මුලු රැයක් නිදි වරලා බලන් හිටිය.. තායිලන්තයේ දූපතකදි.. අහම්බෙන් වෙන දේවල් කලබලයකින් තොරව බාර ගන්න පුලුවන් නම් සුන්දර අත්දැකීම් ලබන්න පුලුවන්...:)

      Delete
    8. ඒකනේ හීන දකින්නි, ඔව් Ajith Dharma ප්ලෑන් නොකර හම්බෙන සමහර දේවල් කවදාවත් ප්ලෑන් කරලා ගන්න බෑ

      Delete
  8. මගෙත් ඉන්නවා මේ වගේ දඟ මල්ලක්. එයත් එක්ක ජීවිතේ ගෙවන එක හරිම සුන්දර අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුංචි අය එක්ක ගතවෙන ලොකේ හරිම ලස්සනයි කුරහන්..

      මම පුතත් එක්ක එයා පොඩි කාලේ ගිය එක play group එකකට හිට්යා ළමයි 12 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්..ඒ අම්මගේ 11වෙනියා එක්ක තමයි ඇවිත් හිටියේ..අනිත් අයගෙනුත් භාගයක් ඇවිත් හිටියා එදා.. හරිම ලස්සනයි..එයාල රුසියානු පවුලක්..

      Delete
  9. මගේ දරුවන් වාහනයේ නැගී යනවිට මගේ ලෝකයේ ලස්සන සින්දුවක් යන වෙලාවට නිදිකිරා වැටෙනවා. ඒ වෙලාවට පසු කන්නාඩියෙන් පස්ස බල බල මූණ එල්ලා ගන්නා මට උදව්වට එන්නේ මගේ බිරිද. ' මහ හය්යෙන් අපි දෙන්නා ඒ සින්දුව කියන්න පටන් ගන්නවා. එතකොට ඇහැරුණු අය ඇස් ලොකු කරන් අහන් ඉන්නවා. ඒත් කමෙන්ට්ස් නං අන්තිමයි. 'අපෝ ඔයාලට සින්දුවක්වත් බෑනේ..!' ඒකෙ කෝරස් එක ගන්නේ මෙහෙම...''ඔය සින්දුව කියන කෙනා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ඈතින් දකින්නේ...එතකොට ඔය වගේ කෑ ගහල කියන්නේ නෑ..හයියෝ ඔය දෙන්න ගොඩේ අප්පා... ''ඒ කමෙන්ට්ස් නිසා මාසේ දුවන්න තියෙන ගතමනාවට කෙලවෙන්න KFC එක ලග නතරවෙනවා. ඒත් ඒ කෙලවිල්ලට මම මාර ආසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බාසි (නම කිව්වා හරිද ) මුලින්ම නිම්නයට එකතු උනාට..

      ඔබ ලියලා තියන විදිහට මැවිලා පෙනුන්න වෙන හැටි..පොඩි අය අපිට වඩා හරි විමසිල්ලෙන් අහනවා.. අපිටත් පුතා වැරදි තැන් කියනවා

      කොහොම හරි අන්තිමේ මොනරු ටිකකුත් නටනවා නෙද සින්දු වලට..

      Delete
  10. ඔයාගෙ දඟමල්ල හරි ශෝක්... ඒ වගේම මේ වගේ වයසෙදි අමරදේවයන්ගෙ සිංදුවලට කැමති කියන්නෙ කොච්චර හොඳද...

    නසමහර අය පුංචි පුංචි දේවල් නිසා හිතනවා හරිම අවාසනාවන්තයි කියලා... ඒ වගේම වෙන කෙනෙක්ට තියන ගැටලුවක් දැක්කහමත් හිතනවා ඒක හරි අවාසනාවක් කියලා... මං හිතන්නේ මේ දෙකම වැරදි චතූ.. ඒ ඒ පුංචි පුංචි දේවල් ගැන නොහිතා ලැබිල තියන දේවල් දකිනවා නම් තමන් කොච්චර වාසනාවන්ත ද හිතේවි... තව කෙනෙක්ගේ වාසනාව අවාසනාවත් එහෙමයි.. අපිට නිගමනේ කරන්න බෑ ඒ ගැන... මිනිස් ආත්මයක් ලැබුණු හැමෝම
    වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. මටත් හරි පුදුමයි නිර්මාණි.. ඇත්තටම දිගටම අමරදේවයන්ගේ සින්දු අහන්න මම කැමති නැ.. එක්කෙනෙකුගේ සින්දු විතරක් හැමදාම අහද්දි හිර වෙලා වගේ දැනෙන නිසා..ඒත් පුතා වෙන cd එකක් දාන්න දුන්නේ නැ ලඟක් වෙනකන්ම..

      එයාට සින්දු කීපයක් තාලෙට කියන්නත් පුලුවන්..හරියටම සිංහල වචන කියවෙන්නේ නම් නැ..

      ඔයා කියනවා වගේ පොඩි පොඩි දේවල් ගොඩක් ලොකු කරගෙන හිතන නිසාම තියන වාසනාවත් ගිලිහිලා යනවා නිර්මාණි.. අර කතාවක් තියෙන්නේ

      "Maturity is not when we start speaking BIG things. It is when we start understanding SMALL things."

      Delete
    2. / "Maturity is not when we start speaking BIG things. It is when we start understanding SMALL things." /

      දන්නවද කවුද එහෙම කිව්වෙ කියල? අමීර් ඛාන්...මගේ ප්‍රියතම හින්දි නළුවා...

      ජීවිතයට යමක් එක් කරන, චිත්‍රපටය බලල අවසන් වුනාම ජීවිත කාලයටම අමතක නොවන චිත්‍රපට රැසක් අපට ලබාදුන් අග්‍රගන්‍ය නළුවෙක්..මේ වාක්‍ය ඇතුලෙ තියනව තනිකර වියුණු සටහනක් ලියන්නට තරම් කරුණු...:)

      Delete
    3. ස්තුතියි රවී මේ වැකිය කිව්වේ කවුද කියලා මතක් කලාට... මට ඒත් එක්ක මතක් උනා ඔ/ල් සිංහල වලට මේ වගේ වාක්‍ය දීලා අහන්නේ කවුද කිව්වේ, කාටද කිව්වේ, කොතනදී ද කිව්වේ කියලා :)

      ඇත්තටම රවී එක සටහනක් නෙමේ සටහන් පෙළක් මේ වැකියෙන් ලියන්න පුලුවන්....

      Delete
  11. දඟමල්ල එච්චර දඟයි කියල නම් හිතුනේ නැහැ. ගීතයට ලැදි තේ බොන්න කැමති හොඳ රසිකාවියක්. ලස්සන සින්දුව. මතක් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දඟමල්ලේ දඟ එළියට එන්නේ අජිත් ඒ වගේම දඟ කෙනෙක් එක්ක , ඉතින් ඕන ඕන වෙලාවට එයාගෙන් එළියට ගන්න ඕන චරිතයට අදාල විදිහට අපි වැඩ කලාම දඟමල්ල හැමවෙලේම දකින්න වෙන්නේ නැ..:)

      තේ ගැන නම් කතා කරලා ඉවර කරන්න පුලුවන්ද මන්දා..සින්දුත් ඒ වගේ... අර යාන්හෑල්ල ලියන සුරංග ලියන තේ ගැන කියවන්න හරි ආසයි.. අපේ මේ තේ බොන පුරුද්ද ලෙඩ ගොඩකට මුල කියලත් මට හිතෙනවා අජිත්..

      Delete
    2. තේ කිඉරි දාල බොන එකෙන් වැඩිය් මුකුත් වෙන්නේ නැහැ කියල තමයි දන්නේ. නමුත් කිරි නොදැ බොන තේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක් නිසා ඇඟට හොඳයි කියලයි කියන්නේ.
      http://www.fitday.com/fitness-articles/nutrition/healthy-eating/tea-antioxidant-myths-and-facts.html

      Delete
    3. මම හිතුවේ අජිත් සීනි ප්‍රමාණය ගැන තේ එක්ක අපි බොන..සීනි පාලනය කරන අයට ඒක අදාල නැ..

      Delete
    4. අහා මම සීනි දමා තේ බොන්නේ නැත.

      Delete
  12. වාසනාවේවා! වාසනාවේවා! ඉස්සර මම කැමතිම සිංදුවක්.. කැමති මොකද දන්නවද මට ඉස්සර කී බෝර්ඩ් එකෙන් ප්ලේ කරන්න පුළුවන් කම තිබුනේ ඔය සිංදුව විතරක් නිසා. දැන් ඒකත් බෑ.. හරිම අවසානාවක්.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අවාසනාවක් නේන්නම්, කීබෝඩ් ගහන්න පුලුවන් කම තිබිලා බැරි උනා කියන්නේ... ආයෙත් ඉගෙන ගන්න පැතුම්.... මම පුතා එක්ක ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ පියනෝ වාදනය..:)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...