Friday, November 18, 2016

DAY CARE, PRE SCHOOL ME & MY SON. 4


Play Learn  & Grow Together
 තුන්වෙනි ලිපිය නැවතුනේ  මේ ආයතන වල ඉන්න අයට  එකිනෙකට වෙනස් අදහස් එන්නේ කොහෙන්ද කියලනේ... එතනදී දරුවන් තුලින්ම පැන නඟින ගැටලු වලට විසඳුම් ලෙසත් දරුවන්ගෙම අදහස් එකතු කරගෙන මේ ක්‍රියාකාරකම් ගොඩ නැඟෙනවා.  ගෙදර පරිසරයේ දෙමාපියන් දරුවන් එකට එකතු වෙලා සාමුහිකව වැඩ කරන, බාහිර පරිසරය එක්ක නිතර ගැවසෙන  දරුවන් වගේම හොඳ අදහස් හුවමාරුවක් පවත්වා ගන්නා දෙමාපියන්ගේ දරුවන් මේ අතරින් ඉදිරියෙන් ඉන්නවා කියන එක මම දැක්ක දෙයක්.

Active Communication

වැඩට යන දෙමාපියන්ට නම් දරුවත් එක්ක
ටිකක් වෙලා මේ ආයතනයක ගත කිරීම කරන්න වෙන්නෙම නැති දෙයක් උනත් පෙර පාසල් වල උනන්දු කරනවා තමන්ගෙ දරුවට එදිනෙදා කරන්න පුලුවන් විදිහට හදලා තියන වෙනස් වෙනස් අවස්ථා ගැන තමන්ගේ ඇහෙන් බලා ගන්න. දිවා සුරැකුම් වල නම් මේ හැකියාව ඒ තරන් දකින්න බැ, උපතේ (0 - 6)  සිට එක එක වයස් කාන්ඩ වලට අයත් බෝහෝ දරුවන් එකම ආයතනයක සිටින නිසා හැම දෙමාපියෙකුටම මේ වගේ අවස්ථාවක් දුන්නොත් පාලනය කරන්න අමාරු නිසා. ඒත් පෙර පාසල් වලට යන්න පුලුවන් අවුරුදු 3 හෝ 4 සම්පුර්ණ කල සීමිත දරුවන් ප්‍රමාණයකට නිසා වැඩි ඉඩක් දෙමාපියන්ට ලැබෙනවා මොකද වෙන්නේ කියලා බලා ගන්න, EDUCATOR  එක්ක කතා කරන්න, අඩු පාඩු හොයා ගන්න , දරුවා සහ EDUCATOR මූණ දෙන අපහසුතා ගැන කතා කරන්න.. 

බහුජාතික සමාජයක් තියන නිසා මේ අදහස් හුවමාරුව හරිම වැදගත් දරුවෙක් තේරුන් ගන්න EDUCATORට මේ ක්‍රමයෙදි. තව එක දෙයක් කියන්න ඕනේ, සාමාන්‍යයෙන් මේ දිවා සුරැකුම් සහ පෙර පාසල් වල "WAITING LIST" එකක් තියනවා. ඒ නිසා ඔබ දරුවෙක් යවන්න හිතන කාලයට අඩුම ගානේ මාස 6කට (සමහර ඒවට ඊට වඩා කල් ඕන)  කලින්වත් ගිහින් හොයලා බලලා ඔබේ හිතට වඩාත්ම ගැලපෙන තැන් වලට අයදුම් කරන්න අමතක කරන්න එපා.


Key for Success = Ability to ADAPT.
ඉතින් මේ වගේ අලුත් පරිසරයකට ආවට පස්සේ තමන්ට පුරුදු විදිහටම වැඩ වෙනවා ඇති කියලා ගේ අස්සටම වෙලා ඉන්නේ නැතුව  එළියට බැහලා සමාජෙත් එක්ක අලුත් සම්බන්ධකම් ඇති කරගෙන දැනුවත් උන නිසා බොහෝ සංක්‍රමණික දෙමාපියන්/දරුවන් මූණ දෙන ගැටලු වලට අපිට මූණ දෙන්න උනේ නැහැ.  මෙන්න මේ නිසා තමයි එතෙක් වැඩිපුර ගෙදරට සීමා වෙලා හිටිය මගේ ජීවන රටාව සහමුලින්ම වෙනස් වෙන්න පටන් ගත්තේ, හැමදාම මට ඕන වෙලා තිබ්බ සිහිනයක් තුල ජීවත් වෙන්න ලැබුනු. එහි සම්පූර්ණ වගකීම හිමි විය යුත්තේ  මං ගැන සීයයට සීයක් විස්වාසය තිබ්බ මගේ දඟමල්ලගේ තාත්තට... අදට මම මෙතනින් නවතින්නම්, ඊලඟ ලිපි පෙළින් මම ලියන්නම් මේ ක්‍රමවේදයේ මූලික කරුණු.


   1. ලිපිය                                  2.  ලිපිය                             3. ලිපිය  


ප.ලි.: මීට අවුරුදු 7කට කලින් අපි දෙන්නා එක දවසක ලංකාවේ ස්ථිර රැකියා වලින් අපේ හිතුමතේට අයින් වෙලා කිසිම පෙර සුදානමක්වත් ඊලඟට මොනවද කරන්නේ කියලා හිතන්නෙත්  නැතුව  ලංකාවෙන් ඇවිත් මොකක්දෝ වාසනාවකට අද වෙනකොට අපි දෙන්නම වැඩි වෙහෙසක් නොදරා ස්ථාවරයක  හිටියට දෙවියනේ තමන් හැදුනු වැඩුනු රටෙන් පිට වෙලා එන්න කලින් සිය දහස් වාරයක් හිතන්න. 

ඔබේ ජීවිතේ කිසියම් වෙලාවක අවදානම් තීරණයක් ගන්නවා නම් එහි වගකීම ඔබට දරන්න පුලුවන් වෙන්න ඕන වැරදුනත් හරි ගියත් කාටවත් චෝදනා නොකර...ඒ නිසා අඩුම ගානේ තීරණේ ගත්තට පස්සෙවත් කල්පනාවෙන් වැඩ කරන්න අමතක කරන්න එපා කිසිදිනක කිසිවිටක පසුතැවෙන්න එපා ගත් තීරණ ගැන ජීවිතේ...
 
ඒ වගේම පිට රටක ජීවත්වෙන එක ලේසි දෙයක් නෙමේ... හැබැයි තැනකට හැඩ ගැහිලා තෝරා බේරාගෙන සතුටින් ඉන්න ඔබට තියන හැකියාව ගැන විශ්වාසයක් තියනවා නම් ජිවිතේ එතෙක් නොවිඳපු  නිදහසක් වින්දනයක් ලබන්න හැකි බවත් මතක තියාගන්න. මතක ඇතුව තමන්ගෙම පහනක් දල්වගන්න නොනිමෙන....අනුන්ගේ පහනෙන් එළිය නොබලා....


ඒ දල්වා ගත් පහන් එළියෙන් ඉදිරියට යද්දී තමන්ට ලැබෙන අවස්ථාවන් කෙසේ භාවිතා කරනවා ද යන්න අනූව "ඔබ" නමැති චරිතය බිහි වෙන බවත්, "ඔබ" මිය ගිය දිනක ඔබේ සමීපතයන්ගේ හදවත් වල ඉතිරි වන්නේ ඒ සිහිනයක් බඳු නාමය පමණක් බවත්  හැම විටම සිහියේ තබාගෙන සතුටින් සිනහා පිරි මුවින් ජීවිතයට මූණ දෙන්න...

4 comments:

  1. මටත් ලොකු ආසාවක් තිබුණා පිටරටකට ගිහින් ජීවත් වෙන්න. කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් මම උත්සාහ කලේ ඒකට. වාසනාවටද, අවාසනාවටද මන්දා ඒක හරි ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. කුරහන් හෙනේ මල් මල්ලි, මගේ සැමියටත් ලොකුම ලොකුම ආසාවක් තිබිල තියනව කැම්පස් ඉවර උනු ගමන් පිට රටකට යන්න.. ඔහුට මාව හම්බෙන්න කලින් කීප සැරයක් උත්සහ කරලා තිබ්බත් හරි ගිහින් තිබ්බේ නැ..

      අපි හමු උන මුල කාලෙම ඔහු මට ඒ ගැන කිව්වට මම පොඩ්ඩක්වත් කැමති උනේ නැ.. එක දවසක් ඔහුගේ රැකියා ආයතනයෙන් ලැබුනු ඔත්තුවක් මත තමයි හැමදේම වෙනස් උනේ..අඬ අඬ IELTS class ගියේ මම.. මගේ පාස්පෝට් ඇතුලු හැම වියදමක්ම දැරුවේ ඔහු අවසන් පියවර දක්කවාම.. ඔහු ගොඩක් දක්ෂ කෙනෙක් විවිධ පැති වලින්.. මගේ අකමැත්ත නිසා ඔහුට ලැබෙන අවස්ථාවන් අත අරින්න ඔහු සුදානම් කියලා තේරුනාට පස්සේ එක හරි අපරාධයක් කියලා හිතුනු නිසා එකම එක දවසක් ඇතුලත මම මේ තීරණේ අරන් ලංකාවෙන් ආවා.. ඊට පස්සෙ උනු ගොඩක් දේ නිම්නයේ ලියවිලා තියනවා.. ලියවේවි ඉදිරියෙදිත් ලියවේවී.


      වෙන්න තියන හොඳම විදිහට තමයි මම හිතන්නේ කුරහන් අපේ ජීවිතේ දේවල් වෙන්නේ.. ජිවිතේ අපිට ලැබිලා තියන දේ සතුටින් බාර ගන්න ගමන් ඉදිරියට යන්න විදි හෙව්වා නම් ලැබෙන්න තියන දේවල් කොයි වෙලේ හරි ලැබේවී....ඒ නිසා උත්සහය අතරින්න එපා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...