Tuesday, November 22, 2016

පුංචි දඟමල්ල ලොකු වෙනවා බලන් ඉද්දි....





මේ චිත්‍රපටියත් ගීයත්  මම මුලින්ම බැලුවේ මම අම්මා කෙනෙක් වෙන්න තියා කසාඳ බඳින්න කෙනෙක්වත්  නොහිටිය කාලෙක.. ඒත් මගේ ඇස් වලින් පිරි ඉතිරිලා යන කඳුලු මට නවත්තගන්න පුලුවන් වුනේ නැ... මගේ ජීවිතේට අම්මට වඩා ලඟ තාත්තා වුනත් අම්මා කෙනෙකුට තරන් දරුවෙක්ව දැනෙන කෙනෙක් මේ ලොකේ කොහෙවත් නැහැ....


ඒ නවත්තගන්න බැරි ආදරය මට දැනුනු දවසේ ඉඳලා මේ ගීය අහන හැම වෙලාවකම මේ ලොකේ හැම දරුවෙක් ගැනම මට දැනෙන ආදරය මගේ දෑස් තවත් කඳුලෙන් පුරවන්නේ ඒ මුලු ආදරයම මගේ පුතා වෙනුවෙන් නොනවත්වා ගලාගෙන යන ගඟක් වගේ.. වරෙක එක්වරම කඩා හැලෙන සීතලම සීතල දිය ඇල්ලක් වගේ..  මගේ සැමියත් මල්ලිත් කිසිදිනක තේරුන් නොගන්න මගේ අම්මට මං ගැන තේරෙන මගේ පුතා ගැන හැමදේම මට තේරෙන්නේ මගේ හදවත පුරාම පිරිලා ඉතිරිලා යන ඒ ආදරය නිසාමයි.. 

මං  මං ගැන නොදැන  හිටි ගොඩක් දේ මට හොරෙන්ම හොයාගෙන කියලා  දුන්නේ මෙන්න මේ දකින්නත් කලින් මගේ හිතේ සම්පූර්ණ ඉඩම අරගෙන ඒ වෙනකන්  මට සමීප හැම කෙනෙකුටම මම බෙදලා දුන්නු මගේ ආදරය සම්පූර්ණයෙන් හිමි කරගත් පුංචි දඟකාරයා.. මගේ හිත මොන තරන් ශක්තිමත් ද කියලා මට තේරුන් කරලා දුන්නේ වචනයක් වත් කතා නොකරන මුලු දවසම මාත් එක්ක හිනා වුනු මේ පුංචි දඟකාරයා..

මුලු ලෝකෙම එක්ක උනත් මේ දඟකාරයා නිසා මට සටන් වැදෙන්න පුලුවන් කියලා ඒ ආදරය මට කිව්වේ හරිම හොර රහසේ... දවසක් ඇත්තටම මම එහෙම කරනකන් මමවත් දැනගෙන හිටියේ නැ මේ පුංචි දඟකාරයාට කරන්න පුලුවන් දේවල් කොයි තරන් ද කියන එක කවදාවත් කාටවත්ම පාලනය කරන්න බැරි උනු මගේ හිතට...  

නෙත් අඟින් පිරි ඉතිරි ගලන කඳුලු අතරින් බොඳ වෙමින් මට පේනවා නම් හිනාව මේ පුංචි මූණේ පුංචි කිරි දත් සැලෙන මුවේ  ජීවිතේ සුන්දරම හැඟීම මම විඳින්නේ අන්න ඒ වෙලාවට.. කඳුලත් සිනහවත් එකවර දකින ඒ මොහොත කිසිදිනක අමතක නොවන සිත්තමක් මා හඳමඬලේ මවමින් මේ පුංචි දඟකාරයා ලොකු වෙනවා බලන් ඉද්දි....



පුංචි පුතේ මගේ දිවිය හිනාවෙන් වගේම කඳුලෙනුත් පුරවන නුඹ, නුඹේ නමේ තේරුම, දිලෙන හිරු වගේම දවසක දිලේවි මා නුඹ ලඟ නොහිටියත් එදාට මුලු ලොවම නුඹ නමින් දිලේවී...






ප. ලි. : පළවෙනි ගීයේ සිංහල අදහස මෙතතින් කියවන්න පුලුවන් කැමති අයට...

36 comments:

  1. Replies
    1. සා රස මේ විදියට කොමෙන්ට් දාන අදහස කොපි කලාට කමක් නැද්ද..? ලේසියි, පහසුයි, අදහස පැහැදිලියි හෙහ් හෙහ්..

      Delete
    2. ඒක නම් නම් ඇත්ත.. ඒත් ඒකට දිගටම කැමති වෙන එකක් නැ පැතුම් ලියන අය...:)

      Delete
  2. මං කීප වතාවක්ම tare sameen par බැලුවා.ඇත්තටම හරිම සංවේදී චිත්‍රපටයක්,බැලුව හැම වතාවකම මට
    හිතුන දේ තමයි රාම් ශන්කර් වගේ ගුරුවරයෙක් ලබන්න වාසනාවක් නැති ඉශාන් වගේ කොච්චර දරුවෝ ලෝකෙ ඇතිද කියන එක. ඒ වගේම පුතාටත් සුභ අනාගතයක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මටත් තියෙන්නේ පුදුම දුකක් හසිත.. මම පහුගිය අවුරුදු කීපයේ වැඩ කලා විශේෂ අවශ්‍යතා තියන ළමයි සහ පවුල් එක්ක.. ඒ අය එක්ක මට කෙලින්ම සම්බන්ධයක් නැති වුනත් එයාලට අවට පරිසරයේ සහ සමාජයේ මූණ දෙන්න තියන අභියෝග දකින කොට මට මං ලඟ තියන දේවල් දෙන්න පුලුවන් නම් දෙන්න තරන් හිතෙනවා..

      Delete
    2. ස්තුතියි හසිත සුබ පැතුමට පුතා ගැන...

      Delete
  3. ආදරණිය මවකගේ ලස්සන පැතුමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්, මගේ ජිවිතේ මෙතෙක් මම මූණ දුන්න ලොකුම අභියෝගය තමයි පුතා ලැබුනට පස්සේ ජීවිතේ අනිත් දේවල් එක්ක සමබර කරගන්නේ කොහොමද කියන එක...

      Delete
  4. Replies
    1. ස්තුතියි උඬුවා, මම කියවලා තියනවා ඔබ ඔබේ මවට ගොඩක් ලඟයි කියලා..

      Delete
  5. බලන් ඉද්දි ලොකු වෙනවනම් අහක බලන් ඉඳල බලන්න :)

    ReplyDelete
    Replies
    1. හොඳට තියෙයි ඉයන්... :) :) මගේ පුතා හැඩ රුවින් සම්පුර්ණයෙන් එයාගේ තාත්තා වගේ.. ඒත් හිත සම්පූර්ණයෙන් මගේ වගේ...:)

      Delete
  6. අම්ම කෙනෙක් ගේම සටහනක්. මගේ දුවල ගැනත් සමහර වෙලාවට දැනෙන ආදරය දුකක්. ආදරය වැඩි කමට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පුංචි හරි අපහසුවක් පුතාට දැනෙන තැන් වලදි කඳුලු එළියට එන එක නවත්තගන්න බැනේ අජිත්..එහෙම පාලනය කරන්න ගියොත් මට තරහ යන එක නවත්තගන්නත් බැහැ... ස්තුතියි අජිත්....

      Delete
  7. පොඩි උන් ගේ හිත්වල දෙමව්පියෝ ගැන තියෙන ආදරයත් ඔය වගේම තමයි නේද..? මට හොඳට මතකයි ඉස්සර අම්මයි තාත්තයි වැඩට යද්දී මම අඬන හැටි.. ඒ වගේම තාත්තා එක්ක නිදා ගනිද්දී තාත්තට මොකක් හරි කරදරයක් වෙයි ද කියල බය වෙලා තනියම අඬන හැටි..

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්.. මටත් මතකයි අම්මලා වැඩට ගියාට පස්සේ බලාගන්න හිටපු අය එක්ක ඉන්නේ නැතුව අම්මගේ හරි තාත්තගේ හරි ඇඳුමක් ලඟට වෙලා හිටියා ඒ සුවඳට...මගේ මල්ලිව නම් දාලා යන එක සෑහෙන්න අමාරු උනා කියලා අම්මා කියනවා.. අම්මත් අඬලලු අන්තිමේ යන්නේ..:)

      Delete
  8. කොච්චර ආදරේ උනත් දුවල පුතාල ලොකුමහත් උනාම කැදැල්ලෙන් ඉගිලෙනව කියන දේ හිතේතියාගෙන ඕනි ආදරේ කරන්න...ගොඩාක් අම්මලා පුතාලට තියෙන ආදරේ අතාරින්න තියෙන අමාරුකම නිසා කරන දේවල් නිසා ලොකුමහත් වෙලා ලමයි බමයි ඉන්න කාලෙට ඒ පුතාලට හරි කරදරයි...!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හොඳින්ම තේරුන් අරන් ඉන්න නිසයි
      මගේ පුතාට ආදරයෙන් ලියමි..
      කියන පෝස්ට් එක ලිව්වේ චෙෆාකී... :)

      ඒත් එක්කම අම්මා කෙනෙක්ගේ සම්පූර්ණ ආදරය කොන්දේසි විරහිතව විඳින පුතෙක්ව තෝර ගන්න සහකාරිය ඒ ආදරයේ සීමා මායිම් ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන කියලයි මම හිතන්නේ... ( ඒ වගේ පුතෙක් සහ අම්මා කෙනෙක් සහකාරියගේ හැඟිම් ගැනත් හිතනවා නම් වඩා හොඳයි )

      අදත් මගේ සැමියට සම්පූර්ණ නිදහස තියනවා මට කලින් ඔහුගේ අම්මා ගැන හිතන්න.. ඇය ඔහුගේ අතීතය.. මම ඔහුගේ අනාගතය.. වර්ථමානයේ, අතීතය අමතක කරලා අනාගතයට සතුටින් යන්න බැනේ.. නේද චෙෆාකී...

      Delete
    2. \\\ ඒත් එක්කම අම්මා කෙනෙක්ගේ සම්පූර්ණ ආදරය කොන්දේසි විරහිතව විඳින පුතෙක්ව තෝර ගන්න සහකාරිය ඒ ආදරයේ සීමා මායිම් ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන කියලයි මම හිතන්නේ... ///
      මෙතන තමයි අවුල තියෙන්නේ....අසාධාරණ නැද්ද සහකාරියගේ පැත්තෙන් කොන්දේසි සහිත ආදරයක් ලැබෙන එක සහාකාරයාගෙන් ඇයට..?
      සමූහයක් පුතුන් කොහොමහරි අම්මගෙන් බේරෙනවා සහකාරියක් ගත්තාට පසු...ගොඩාක් වෙලාවට එකම පුතා උනාම..අම්මටයි පුතාටයි දෙන්නාටම සෑහෙන්න අමාරු ඇති කොන්දේසි විරහිත ආදරයක් අලුතෙන් ජීවිතයට එකතුවෙන තැනත්තීට පුද කරන්න...!

      Delete
    3. චෙෆාකී, ඔය ඔබ කියන ප්‍රශ්න ඔක්කොම එන්නේ අයිති කරගෙන ආදරය කරන්න ගිහාම.. ආදරය ගනුදෙනුවක් කරගත්තම.. අපේ ජීවිත වල ඉන්න එක එක අය ඉන්නේ එක එක තල වල.. එක් කෙනෙකුට අයත් තලයට අනිත් කෙනා එන්න හදලා වැඩක් නැ කියලයි මම හිතන්නේ.. අම්මා සහ පුතා අතර ආදරය වෙනස්.. සහකරු සහ සහකාරිය අතර ආදරය වෙනස්.. ඔය දෙකේ වෙනස සමාන කරන්න යන එකයි වැරද්ද කවුරු වුනත්...

      මගේ නැන්දම්මා එයාගේ පුතා වැරදි උනත් ගන්නේ මගේ පැත්ත, හැබැයි ඒ ගැන එළිපිට කතා කරන්නේ නැ..එහෙම කතා කරන්න ඇයට බැහැ ආදරය වැඩිකම නිසා...තරඟ කරන්න යන්නේ නැත්නම් එක එක කෙනාට හිමි තැන ඉබේම ඒ ඒ කෙනාට හිමි වෙනවා.. හිමි තැන ගැන සතුටු වෙන්න බැරි අය හිතන්න ඕන ඇයි එහෙම වුනේ.... කොහොමද හිතන හිමි තැනට යන්නේ සමඟියෙන්..

      අනිත් එක කොහොමද චෙෆාකි අවුරුදු 20-25ක් මොළය සම්පූර්ණයෙන් වෙන් කරන්නේ දෙමාපියන්ට ආදරය කරන්න.. එයාල කියන දේ අහන්න.. ඉතින් එකපාරට හිතට ආපු හැඟිමක් නිසා කොන්දේසි විරහිත " ආදරයක්" කිසිම සහකරුවෙක්/සහකාරියක් එකිනකාට දෙනවා කියන දේ මම පිළිගන්නේ නැ..

      Delete
    4. මම නිම්නාව කියවල තෙරුම් අරන් ඉන්න විදියට "දිලෙන හිරු"කවද හරි උස මහත් උනාම හොඳ මනුස්සයෙක් වෙන බව නම් පැහැදිලියි...
      මමනම් කලේ උපන් දිනෙන් උපන් දිනේට මගේ දෙන්නව වෙන කාගේ හරි වෙන බව හිතට ගත්ත එක..ඒත් අපේ ගෙදර අයනං කියන්නේ මම තාමත් ඒ දෙන්නව හුරතල් කරනවා වැඩියි කියලයි......:)

      Delete
    5. චෙෆාකී... මට ඒ ගැන හරියටම කියන්න බැහැ.. එයා යන පාර බලාගෙන මං පැත්තකින් ඉඳලා මඟ පෙන්නන්න තමයි මම හිතාගෙන ඉන්නේ.. මගේ තාත්තා මට කලා වගේ....:) :) :)

      Delete
  9. අපේ ඔෆිසියේ යූ ටියුබ් තහනම්. සින්දුව බලන්න විදිහක් නෑ.

    ReplyDelete
  10. අම්මව මතක් උනා.. අම්මෙකුගෙ ආදරය හරිම පුදුමාකාරයි..

    විවාහ වෙලා අලුත් ජීවිතේ ටිකක් ඈතින් ඉඳලා ගත කරන්න වුනත්, ගෙදර ගිහින් එනකොට හැමදාම ඇස් දෙකට කදුළු පිරෙන්නෙ ඒ ආදරයෙන් මිදිලා එන්න බැරි කමට..

    ReplyDelete
    Replies
    1. අපිත් බැඳලා ලංකාවෙන් එනකන් හිටියේ වෙනම, හොඳ වෙලාවට අපේ ගෙදරට විනාඩි 10ක විතර දුර...හැමදාම වැඩ ඇරිලා ගෙදර ගිහිල්ලා අම්මා උයලා තියන දේකුත් අරගෙන තමා අපේ අලුත් ගෙදරට ගියේ.. එහෙම නැති උනානම් ඇස් වලට කඳුලු එවී තමයි තුශානි.. :)

      Delete
  11. සොඳුරු සටහනක් නිම්නා....දරුවෙක් කියන්නේ ජීවිතේ අලුතින් දකින්නට හුරු කරවන තක්සලාවක්...අපි නොහිතන අපේ හැකියාවන් ශක්තින් දරුවෝ නිසා ඉස්මතු වෙන වෙලාවල් ඕනේ තරම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි... ඇත්තෙන්ම ඔව්..

      Delete
  12. නන්දා මාලනීගේ සින්දු තුනක් තියනවා.

    1. සුරංගීට දුක හිතුණා.

    2. සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ.

    3. මට මව් පදවිය ලැබුණු දිනේදී.

    මේ විස්තරයට ඒ සින්දු තුන ගැලපෙනවා.

    මගේ දුවලා දෙන්නාගෙන් එක්කෙනෙක් විවාහවී ගිය දවසේ දැනුනු හැඟීම් අපමණයි.

    'තාරේ සමීන් පර්' සින්දුව අහපු කාලේ වයස කීයද කියා අනුමානයෙන් හිතුවම, ඔබ මගේ ලොකු දුවගේ වයසේ බව දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දු තුනක් විචාරක, ස්තුතියි.. තාත්තා කෙනෙකුට දරා ගන්න අමාරුම දවසක් වෙන්න ඇති දුවෙක් වෙන් වෙලා යන ඒ දවස... මම ඒ අත්දැකීම වින්ඳේ නැ.. මගේ තාත්තා ඒ වෙනකොට අපෙන් සමු අරන් හිටපු නිසා...

      විචාරක, නිම්නයේ තැන් කීපයක මගේ වයස ලියවිලා ඇති... :) :)

      Delete
  13. මරියසෙල්ගෙ මේ ගීය අහල බලන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම හිතුවා "සිහින නෙලුම් මල්" වෙන්න ඇති කියලා.. මට පුදුම විදිහට දැනෙන සින්දුවක් ඒකත්..කටහඬ, වචන.. ඒ සින්දුවේ කියවෙන ඒ ආදරය මම වින්ඳෙත් මගේ පුතා ලැබෙන්න කලින්... ගස්...

      පුංචි කාලේ ඉඳලා කොහේ ගියත් ඕනම පොඩි ළමයෙක් මාත් එක්ක හරි ඉක්මනින් යාලු වෙනවා ගස්...

      Delete
  14. දුවෙක් පුතෙක් කියලා වෙනසක් නැහැ අම්මා කෙනෙක්ගේ හදවතේ දරුවෙකු වෙනුවෙන් උපදින ආදරය සමානයි.. ඒ වාගේම අපරිමාණයි.තාරේ සමින් පර් මාත් ආසා කළ චිත්‍රපටයක්.හැබැයි එතැනදී මට වඩාත් දැනුණේ ගුරු භූමිකාව අම්මාගේ භූමිකාවට වඩා..

    දරුවන් ගැන ලියැවුණු ගීතවලින් නම් සදාකල් මගේ හිත අංක එක,මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය..

    ReplyDelete
    Replies

    1. මේ සින්දුවේ
      කියන්නෙත් වර්ෂා ඔබ කියනවා වගේ දුවෙක් උනහ් පුතෙක් උනත් ආදරේ එක වගේමයි කියලා... ලියවිලා තියෙන්නේ තාත්තා කෙනෙක් අතින් වුනත් අම්මා කෙනෙක්ගේ හැඟිම් සියුමව ස්පර්ශ කරලා තියන හැටි හරි අපූරුයි.. මේ සින්දුවේ මුල් පද පෙළියේ කියවෙන "පෙරුම් පුරා" කියන වචනය අරුත හරියට දන්නේ අම්මා කෙනෙක් වෙන්න උත්හස කරපු ගැහැනියක්ම පමණයි පොකුරු..



      තාරේ සමින් පර් මුලු චිත්‍රපටියේ මතු වෙන්නේ ගුරුවරයගේ චරිතය පොකුරු කිව්වා වගේම.. ඒත් මේ ගියේ කියන්නේ හදන්නේ මේ වගේ පිටට වෙනසක් නොපෙනෙන විශේෂ අවශ්‍යතා තියන දරුවන්ගේ වෙනස මුලින්ම අඳුරගන්නේ අම්මා.. "අම්මේ ඔබ හැමදේම දැනගෙන හිටියා නේද" (Tujhe Sab Hain Pata, Hain Na Maa) කියලා මේ පොඩ්ඩා අහන්නේ ඒ නිසයි..


      මම පෞද්ගලිකව ඒ අත්දැකීමට මුහුණ දුන් අම්මලා එක්ක කතා කරලා තියනවා වර්ෂා.. දරුවෙක් වෙනස් කියලා මුලින්ම දැනෙන්නේ අම්මට.. නොයෙකුත් හේතු නිසා (සමහර) අම්මගේ ඒ හැඟිම යටපත් වෙනවා ලොකුම ලොකුම පීඩනයක් අම්මගේ හිතේ ඉතිරි කරමින්..

      බොහෝ විට ආසියාතික රටවල් වල දරුවෙක් කියන්නේ දෙමාපියන්ගේ ඉටු නොවු හීන හඹා යන්න වෙන අහිංසක ප්‍රාණියෙක්.. එතනදි බොහෝ අම්මලා අසරණයි දරුවා විශේෂ අවශ්‍යතා තියන දරුවෙක් උනොත්.. ඒ දරුවට අවශ්‍ය විශේෂ පහසුකම් ලැබෙන දවසට මේ අම්මලා ලබන මානසික සහනය මනින්න බැහැ වර්ෂා....


      "මගෙ දුවේ නුඹ අවදියෙන්" ගීයත් හරිම ලස්සන ගීයක්..

      Delete
    2. මම මේ ගීය සිංහලට පරිවර්තනය කරලා ලින්ක් කරන්නම්.. මේ පොඩ්ඩා අහන දේ අහන ගොඩක් පොඩ්ඩෝ මේ ලොකේ ඉන්නවා උදව් ඉල්ලන්න හැකියාවක් නැතුව වර්ෂා..තමන්ගේ හිත ඇතුලෙන් ලොකු වේදනාවක් විඳින..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...