Sunday, October 30, 2016

ටිකකට නැවතෙනවද...මා ප්‍රිය මිතු (ර/රී )...





 මම නුඹට මගේ ජීවිතය දෙන්නම්.. මා සතු සියලු දේ දෙන්නම්.. 
පුලුවන්ද මට දකින්න මීට අවුරුදු  ගානකට කලින් මම දැක්ක 
නුඹේ හෘදයාංගම හිනාව, 
නුඹට මා අසීමිතව පෙම් බැඳි ඒ සරල බව අද කොහෙද.. 
මීදුම් වළාවකින් සඟවලා නම් මම නුඹට මේ වෙනකොට හොයලා දිලා. 
ඒත් නුඹට පමණමයි නැවතත් මා ඇතුලු බොහෝ දෙනා පෙම් බැඳි
 නුඹේ සරල හෘදයාංගම හිනාව හොයාගන්න පුලුවන්... 
ටිකකට නැවතෙනවද...

අකීකරු හිතු හිතු දේ කරන නුඹෙන් මම ඉල්ලන්නේ ටිකකට නතර වෙන්න...
දැන් නැතත් නුඹට වෙහෙස දැනෙන විට 
නැවතුනු ඕනම දවසක මගේ හදවතේ දොරගුලු හරින යතුර නුඹ ලඟයි..
නුඹ දන්නවා ඒ යතුර... 
නැති කරගන්න එපා සුළි සුලඟේ නුඹ මැදි වූ...

18 comments:

  1. ම්ම්ම්ම් අපූරුයි.....

    ReplyDelete
  2. යන්න ගිහින් මටද හොරා.....
    විඳින සෙනෙහෙක අරුමයක් මා
    හිතේ තෙරපා උන් අතීතෙක
    කවුරු නැති වුවත් මා ළඟ
    සිටියෙ එක් අයෙකි ඒ
    නුඹයි.....
    නොසිතු නිමේශෙක නොසිතුව විලසින්
    නුඹ ගියත් මා බලා හිඳි සඳ
    ඒ සරළ හෘදයාංගම සිනහව
    යන්න ගිහින් මටද හොරා.....
    ආයිත් ඔව් ආයිත් වරක්
    මගේ දිවියට මගේ සුසුමට මගේ කඳුලට
    ළංවෙනතුරා
    බලා ඉන්න මං
    ආසයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දූමී,මම මේ සටහන ලියන්න මුල් උන කෙනා මෙන්න මේ වචන ටික වෙනස් විදිහකට කිව්වා...

      //ආයිත් ඔව් ආයිත් වරක්
      මගේ දිවියට මගේ සුසුමට මගේ කඳුලට
      ළංවෙනතුරා
      බලා ඉන්න මං
      ආසයි...//

      ඒ පැතුම වැඩි කල් නොයා ඉටු වෙන්න කියලයි මම එදත් අදත් හෙටත් හිතන්නේ..

      Delete
    2. ඔව්. එයින් යහපතක් වෙනවානම් එසේම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා හීන දකින්නී.
      ඒවගේම තමයි ඒ හිතට ඒ සරළ බව ඒ හිනාව ගෙන එන්න ආයිත් හැකිනම් තවත් ප්‍රමාද වුණොත් පසුතැවීමක් ඇතිවෙයි කියලත් හිතෙනවා

      ජයවේවා!!!

      Delete
    3. ඔබට හිතුනු දේම මටත් හිතුනා දුමී.. ඒ නිසා සාමාන්‍යයෙන් මම නොකරන දෙයක් කරන්න ගිහින් අම්මගෙන් හොඳටම බැනුන් ඇහුවා.. ඒ උනත් මට කරන්න පුලුවන් දෙයක් නොකර ඉන්න හිතුනේ නැ මට..

      Delete
    4. අම්මගෙන් බැනුමක් ඇහුවත් අවුලක් නෑ හීන දකින්නීගේ උත්සාහය සාර්ථකනම්. මොකද අපිට හැකිනම් කෙනෙක්ගේ කඳුලක් අයින්කර හිනාවක් ගේන්න මිනිසුන් හැටියට අපිටත් සතුටු වෙන්න හැකිවෙනවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ. මුදල් වියදම් කරලාවත් ගන්න බැරි පුදුම සතුටක් තමයි හිතට දැනෙන්නේ.

      ජයවේවා!!!

      Delete
    5. ඇත්ත දුමී..උත්සහය තරමක් දුරට සාර්ථකයි.. මම ඈතින් ඉඳන් බලන් ඉන්නවා තබන් ඉදිරි පියවර වල්..

      Delete
  3. අපූරුයි ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටකාරී.. ඔබේ නම් දැක්කම මට මේ සින්දුව මතක් උනා.. මුල් පදේ නාදේ එක වගේ නිසා..

      අහලා බලන්න...

      Delete
  4. පිරිමි මායම් වලට අහුවෙලා වගේ

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි එහෙම කිව්වේ උඬුවා, පිරිමි මායම් ගෑනු මායම් වලින් පැරදිලා නැද්ද..බලාගෙන හොඳේ... පරිස්සමින්.. :) :)

      Delete
  5. අමාරුම දේ තමා ඔය දුවන මිනිස්සු නවත්ත ගන්න එක

    ReplyDelete
    Replies
    1. කුරුටු කාලෙකට පස්සේ, මේ සමහර රේස් යන ජිවිත වලින් අපිට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියනවා , ගොඩක් දේවල් එක සැරේ ලැබෙද්දි කොහොමද ඒ දේවල් හරියට හසුරුව ගන්නේ, එහෙම නැති උනොත් මොකද වෙන්න වගේ .. තමන්ට විතරයි තමන්ව පාලනය කර ගන්න පුලුවන් කුරුටු.. සතුටුයි නිම්නයේ කාලේකට පස්සේ ඔබව දකින්න ලැබීමත්..

      Delete
  6. අපූරු සටහනක් නිම්නා...

    එක මොහොතකින් කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න පුළුවනි...ඒ වුනත් බලා ඉන්න අමාරුම දේ තමයි, සමහරු හිතා මතාම දුකේම ඇලි ගැලී ඉන්න එක...තමන් දන්නවා තමන් වෙනස් විය යුතුයි කියල...හිතුවක්කාරකම නිසා උත්සාහ කරන්නේ නැහැ..එහෙමත් නැතිනම් තව කෙනෙක්ට පාඩම් උගන්වන්න වෙන්නත් පුළුවනි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි...

      ඔයා කියන තව කෙනෙක්ට පාඩම් උගන්නන යන අය තවත් අමාරුවේ වැටෙනවා පොකුරු..නැවතෙන්න ඕන තැන අඳුරගෙන නැවතෙන්න පුලුවන් නම් ප්‍රශ්න ගොඩක් අඩු කර ගන්න පුලුවන්. ස්තුතියි ඔබේ අදහස් එකතු කලාට නිම්නයට.

      Delete
  7. හ්ම්ම්.. ලස්සන අදහසක්..

    ReplyDelete
    Replies
    1. ලස්සන අදහසක් ලස්සන වචන ටිකක් අස්සේ.. එක එක කෙනා එක එක විදිහට තේරුන් හදා ගනිවි දිනේෂ්..කොහොම හරි කමක් නැ ජිවිතේ සැහැල්ලුව විඳින්න ටිකකට නැවතෙනවා නම්...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...