පහුගිය මාස කිපයේ ලිපි එකින් එක ලියවෙද්දී, පළවෙද්දී , අනෙක් අය කියවද්දී , අදහස් දක්වද්දී මට හිතුනා මම කොහේදෝ ඉඳලා එකපාරටම බ්ලොග් ලෝකෙට කඩාපාත් වුනා වගේ හැඟිමක්. ඒ නිසාම මට හිතුනා මං බ්ලොග් ලියන්න පටන් ගත්ත අතීතයත්, මගේ අතීතයත් කෙටියෙන් සටහන් කරන්න.
කොයිතරම් මතක් කලත් බ්ලොග් කියවන්න පටන් ගත්තේ කොහොමද කියලවත් , මුලින්ම කියවූ සිත්ගත් බ්ලොගය මොකද්ද කියලවත් මට මතක් උනේ නම් නැහැ. හැබැයි කාලයත් එක්ක බ්ලොග් වල සිද්ධ වෙලා තියන වෙනස නම් මම දකිනවා. ඒ කාලේ තිබුණු බොහෝ ක්‍රියාකාරී බ්ලොග් දැන් හොයාගන්නත් නැහැ. ඒ නැවතුම් තිත් පිටුපස තවත් කතා තිබුනත් ඒ ගැන පසුවට කතා කරන්න තියාගන්නම්. කොහොම නමුත් මං බ්ලොග් කියවන්න හුරු උනේ මගේ කාර්යබහුල එහෙත් නිහඬ සැමියා නිසා කියල නම් මට දෙපාරක් හිතන්නේ නැතුව කියන්න පුළුවන්. ඔහුගේ මුණගැසීම මගේ ජීවිතය වෙනස්ම දිශානතියකට හරවන්නත් , එතෙක් ජිවිතයේ කිසිම දිනක නොලද අත්දැකීම් සමුදායක් ලබන්නත් මේ තරම් ඉවහල් වෙයි කියලා කිසිම දවසක මම හිතුවේ නැහැ .ඔහුගේ ඇසුර හමුවේ මට මාවම හොයා ගන්න පැහැදිලි මාවතක් ටිකන් ටික එළිපෙහෙලි වුනේ හරියට බිංගෙයක් ඇතුලෙන් යද්දී ඇතින් දකින එළිය වගේ. ඒ ගැන වෙනම ලියන්න ඕනේ. ඔහු හමුවිටම පෙර මගේ ජීවිතයත්, ඔහු හමුවීමෙන් පසු මගේ ජීවිතයත් එකිනෙකට බොහෝ පරස්පර වුනත්, සිදුවන සිදුවීම් අපිට අපිවම තේරුන් ගන්න පහසු කරනවා කියන කාරණය මට තදින් දැනුනු නිසා මම ඒ ජිවිත දෙකටම ගොඩක් ආදරෙයි, හැබැයි වෙනස් අර්ථදැක්වීම් යටතේ.
සැහෙන කාලෙකට පෙර ඒ කියන්නේ අවුරුදු වලින් ගත්තොත් 6 -7 කට විතර කලින් තමයි මම බ්ලොග් කියවන්න මුලින්ම පටන් ගත්තේ "ලාංකීය සිතුවිළි" හරහා. (එත් තාම මගේ බ්ලොග් එක ඒ හරහා බලන්න නම් බැහැ ) ලිපි කියවනවාටත් වඩා මං ආසා කලේ දිගින් දිගට ලියවිල තිබුණු "කමේන්ට්ස්" කියවන්න, ආපහු ආපහු ඇවිත් එකම ලිපියට. හැබැයි මට මේ ලඟක් වෙනකන්ම හිතුනේ නැහැ "කමේන්ට්" කරන්න ඕන කියලා, වචන ගලපලා ලියන්න මට ඒ කාලය ඇතුලත හිතුනේ නැති නිසා. ඔය විදිහට බ්ලොග් කියවන්න පටන් අරන් 7 වෙනි අවුරුද්ද සම්පුර්ණ වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී එක දවසක මට හිතෙනවා බ්ලොග් එකක් හදන්න. හැබැයි මම ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.. අඩුම ගානේ බ්ලොග් එකට නමක් , මොනවද මම ලියන්නේ කියල දළ අදහසක් වත් මට තිබුනේ නැහැ.. නමුත් මගේ ජිවිතයේ බොහෝ දේවල් වලදි වගේ හරි අපුරු විදහට හිතන්න කලින් අදහස් මගේ ලඟට එන හින්දම ද මන්ද එකම එක දවසකින් බ්ලොග් එකක් හදල, ඒකට නමකුත් දාල, පළවෙනි ලිපියත් පළ කරලා , පළවෙනි කොමේන්ටුවත් ලැබුනා කිසිම පෙර සුදානමක් නැතුව එක තප්පරේට මට හිතුනු සිතුවිල්ලක් නිසා.
"නිම්නයක තනි වී හීන දකින්නී "
කියන නම ඇතුලේ ජිවිතයේ මට කිසිම දවසක අමතක කල නොහැකි නමක හඬ රැව් දෙනවා. ඒ නිසාම වෙන්න ඇති මගේ හිතට මේ නම ආවෙත් බ්ලොග් එක මේ නමින් නම් කලෙත්.
කොහොම හරි පළවෙනි ලිපියට මම බොහොම ආසාවෙන් කලක් ඉඳල කියවන බොහෝ නොදත් දේ දැනගත් "සොඳුරු සුව අසපුව" නම් බ්ලොග් අඩවිය ලියන මහේෂ් නිශාන්ත නම් සොඳුරු ලියන්නාගෙන් "කමෙන්ට්" එකක් ආවම තමයි මම හිතන්න ගත්තේ ඇත්තටම මම බ්ලොග් එකක් ලියනවද කියන කාරණය. නමුත් ඔහුගේ කොමෙන්ටුව තුල මගේ පළමු ලියවිල්ල ගැන බොහොම ලොකු විශ්වාසයක් ගැබ් වෙලා තියනවා මම දැක්කා. කවදාවත් දැකල නැති , කවුද කියල දන්නේ නැති කෙනෙක්ගේ හැකියාවක් මේතරම් විශ්වාසයකින් අගය කරන්න නම් ඒ පුද්ගලයා මොන තරමක් නිහතමානී විය යුතුද කියන කාරණාවත් එක්කම මම තීරණය කලා දිගටම ලියන්න, ලියන්නේ මොනවද කියලා පැහැදිලි අදහසක් නොතිබනු වෙලාවක වුනත්.
ඉතින් මහේෂ් නිශාන්ත සොඳුරු ලියන්නාණෙනි , මම මේ වෙලාවේ ඔබට බොහොම ගෞරවයෙන් ස්තුති කරනවා හදිසියේ හිතට ආවට ලියන්න පටන් ගත්ත මට, මගේ පළමු ලිපියටම එතරම් විශ්වාසයකින් වදන් පෙළක් අමුණන්න ගත කරපු කාර්යබහුල ඔබේ කාලය වෙනුවෙනුත්, හදවත් එකිනෙක යා කරන පාලම් හදන නිහතමානී ඔබේ හදවත වෙනුවෙනුත්. මේ තියෙන්නෙ ඒ ලිපිය.
එදා ඉඳන් අද වෙනකන් මගේ ලිපි කියවූ, නොකියවූ ,කමෙන්ට් කල නොකල සියලුම දෙනාටත් බොහෝම ස්තුතියි මට ලියන්න ප්‍රස්තුතයන් සපයා දුන්නාට. මම හැදාමත් හිතන දෙයක් අප අවට තියෙන්නෙ හිස් අවකාශයක් නම් මොන තරන් හැකියාවක් තිබ්බත් ලියන්න අපිට හේතු නැහැ කියන කාරණය. ඒ නිසා මම ලියන හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න හිස් අවකාශය පුරවපු හැමතැනක්ම හැමකෙනක්ම අත්නොහරින සෙවණැලි වගෙයි.
එදා ඉඳන් අද වෙනකන් මගේ ලිපි කියවූ, නොකියවූ ,කමෙන්ට් කල නොකල සියලුම දෙනාටත් බොහෝම ස්තුතියි මට ලියන්න ප්‍රස්තුතයන් සපයා දුන්නාට. මම හැදාමත් හිතන දෙයක් අප අවට තියෙන්නෙ හිස් අවකාශයක් නම් මොන තරන් හැකියාවක් තිබ්බත් ලියන්න අපිට හේතු නැහැ කියන කාරණය. ඒ නිසා මම ලියන හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න හිස් අවකාශය පුරවපු හැමතැනක්ම හැමකෙනක්ම අත්නොහරින සෙවණැලි වගෙයි.
මුලින් හිතේ තියන අදහස් වලින් ලියන්න ඕන උනු මූලික කරුණු වල දිශානතිය ගැන දළ අදහසක්වත් නොතිබුනාට දැන් දළ අදහසක් තියෙනවා..හැබැයි දිශානතිය එක එක අංශක වලින් හැරවිමේ අයිතිය තියෙන්නේ කියවන පාඨකයන්ට, ඒ කියන්නේ ඔයාලට....
ඔන්න ඔහොමලු "නිම්නයක තනි වී හීන දකින්නී " එහෙමත් නැත්නම් බස්සි මට දාපු නම "නිම්නි" බ්ලොග් ලියන්න පටන් ගත්තේ. දැන් ඉතින් බ්ලොග් අතීතේ ලියල ඉවර කලාට පස්සේ මගේ අතීතෙන් ලියන්න හිටිය සටහන ලියන්න දිග වැඩිය. ඒ ගැන ලියන්නම් පසු දිනක හිතුනොත්....
ප.ලි : මුහුණු පොතේ නිම්නයේ ඕනම විදිහේ ධනාත්මක පණිවිඩයක් සමාජයට දෙන ඕනම කෙනෙගේ ඕනම ලිපියක් පළකිරිමට කැමැත්තෙන් සිටිමි. ඒ සඳහා ඕනම කෙනෙක් ඕනම වෙලාවක පහත ලිපිනයට ඊයක් විඳලා විමසුවා නම් ඕනම වෙලාවක මුහුණු පොතේ නිම්නයේ ඉඩක් වෙන් කරගන්න පුලුවන්. මතක් කරන්න ඕන දැනට මුහුණු පොතේ නිම්නයේ ඉන්න අයගෙන් මම පෞද්ගලිකව දන්නේ 12 දෙනෙකු පමණයි.
nimnayakatanivi@gmail.com
අවුරුදු 7ක්ම බ්ලොග් කියෙවුවනම් ලියන්න එන්න සෑහෙන්න ප්‍රමාදයි කියලයි කියන්න වෙන්නේ. කොහොම උනත් කමක් නෑ. දැන් දිගටම ලියමු. ජය.
ReplyDeleteස්තුතියි දිනේශ්..ඒ අවුරුදු 7ට කලින් දිනේශ් අවශ්‍යතාවයකට ඇරෙන්න අන්තර්ජාලයෙ සැරිසරන පුරුද්දක් මට තිබුනෙ නැ.. අඩුම ගානෙ මුහුණු පොතේ ගිණුමක්වත් තිබ්බේ නැ.. ඒ දෙකම සිද්ධ උනේ අහම්බෙන්... ඇබ්බහිවීමකට යන්න මම කැමති නැති නිසාම සීමා සහිතව තමයි එන්නේ යන්නේ රැදෙන්නේ...ලියන කියවන එක නම් කැඩි කැඩි මං පුංචි කාලෙ ඉඳලම සිද්ධ වෙනවා අතට අහුවෙන ඕනම තැනක.
Deleteඅළුත් බ්ලොගයක් වුණාට් හරි නීට් ගතියක් තියෙනවා.
ReplyDeleteස්තුතියි ඉයන්. කාලයක් අනිත් අයගේ බ්ලොග් වලට ගොඩ වෙද්දි උනු අපහසුතා මඟ හරවන්නයි පුලුවන් තරන් ඕනම දේවල් විතරක් තියන්න මං හිතුවේ. බ්ලොග් එක හදද්දි "බ්ලොග් පොස්ට්" දීලා තියන "Standard" "Layout" ඒ විදිහටම භාවිතා කලා මිසක් වෙනසක් කලේ නැහැ. බ්ලොග් ලෝකේ ඇතුලේ බේධයක් නැතුව එකිනෙකාට උදව් කිරිමට ඉදිරිපත් වෙන අයගේ නොමසුරු අදහස් මගේ හිතේ එකතු වෙලා තිබුණා..
Deleteසුභ පැතුම් !
ReplyDeleteස්තුතියි අරවින්ද...
Deleteහැමදාමත් ඔබේ වටිනා අදහසක් මගේ බ්ලොගයට වැටුනට අදයි මේ පැත්තට ගොඩ උනේ. ගොඩක් වෙලාවට නිවාඩුව කියවන්න ලැබෙන්නේ සති අන්තේ නිසා. මමත් ඔයා වගේම කලක් තිස්සේ බ්ලොග් කියවලා අම්බලන්ගොඩ කථා සහෝදරයාගේ ඉල්ලීමට බ්ලොග් එක හදල තවම බොහොම ටික දවසයි. කාලයක් තනියෙන් කවි ලියලා, ඉන් පස්සේ බුකියේ ලියද්දී තමයි, බ්ලොග් එකක් ලියන්න කියන අදහස දුන්නේ. මම සතුටු වෙනවා, දකින්නන් වාලේ බුකියට වැටෙන ලයික් වලට වඩා බ්ලොග් එකට කෙනෙක් ගොඩ වැදෙන්නේ යමක් ඇත්තටම කියවන්න තියන කැමැත්ත නිසා බව දන්න නිසා. කමෙන්ට් කලත් නොකළත්, එක මනුස්සයෙක් හරි ලියන දේ අවධානයෙන් කියනවා කියන විස්වාසය මට බ්ලොග් කලාව ඇතුලෙන් පේනවා. කවුරුත් කියෙව්වේ නැතත් ඉදිරි පරම්පරාව වෙනුවෙන් යමක් ලියා තැබීමට බ්ලොග්කරණය තුල නිදහස් අවකාශයක් තිබෙනවා. ඉතින් දිගු ගමනක් යන්නට ඔබට සුභ පැතුම්.
ReplyDeleteපොකුරු වස්ස.. පුලුවන් වෙලාවට පුලුවන් හැමෝගෙම අදහස් කියවන්න මං කැමතියි පොඩි කාලේ ඉඳලා..වෙලාව තමයි හරස් වෙන්නේ.. මමත් විස්වාස කරනව කවුරුවත් කියෙව්වේ නැතත් අපිට දැනෙන මෙතෙක් කල් එකතු උනු අත්දැකිම් ඉගෙනගත් පාඩම් ලියා තැබිම තුලින් කවුරුන් හෝ කුමන මොහොතක හෝ වැඩක් ගනිවී කියලා.. ඔබට ස්තුතියි.. ඔබටත් දිගු ගමනක් යන්න ලැබේවායි පතමි....හැබැයි සීතලම සීතල පොකුරු වැස්සේ අතොරක් නැතුව තෙමිලා අපිවත් තෙමලා ලෙඩක් හදාගන්නවා හෙම නෙමේ.. :)
Deleteනියම අත්දැකීම් රැසක් අරගෙනයි නිම්නි බ්ලොග් වලට ආගමනය වෙලා තියේනේ.. දිගටම ලියමු.. සුභ පැතුම්..
ReplyDeleteබොහොම ස්තුතියි දේශකතුමනි...
Deleteසුපිරියි චතූ අගෙයි.......
ReplyDeleteබොහොම ස්තුතියි, මුල ඉඳලම මට පාර පෙන්නුවට අනිත් සින්ඩි වලට යන්නත්....
Deleteනිර්මාණකරණය ගැන මම දකිනෙ මෙහෙමයි "නිතවිහිද"....
ReplyDeleteදැන් ඔය හැම ගහක්ම හැම පසේමත් පැලවෙන්නෙ නැහැනෙව..
පස අනුව හැදෙන ගස්වල ගෙඩි වල රසත් වෙනස්වෙනව..
ඵල නෙලන්න එන අය මල් සමණල්ලු ගැන කථාකලාට පසේ කාරිය පෙනෙන්නෙත් නෑ..
ඒත් ඉතින් පස සරු නම්, උද්‍යානය ලස්සනනම් නම් එයින් පැන නැගෙන්නාවූ ඕනෑම දෙයක් මිනිසුන්ගේ හිතසුව පිණිසම හේතුවෙයි නේද..?
පොහොර කරගෙන සුද්ධ පවිත්‍ර කරල තියාගන්න එක අපි අපිටම බාරයි!
ජයවේවා!!
ඇත්තෙන්ම තිස්ස අයියේ පොහොර කරල හදා ගන්න එක කරන්න පුලුවන් නම් ඕනම නිසරු පසක ඵල දරන්න පුලුවන්. හරිම අර්ථාන්විත පැහැදිලි කීරිමක් ..බොහොම ස්තුතියි.. "හද ගී පොත" මගෙ තනි නොතනිය මැකුවා සැහෙන්න බිත්ති හතරකින් වටවෙලා කරන්න දේකුත් නැතුව කම්මැලිකමින් ගෙවිල ගිය කාලයක් පොහොර කර ගන්න...
Deleteදිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්.
ReplyDeleteජය වේවා !!!
බොහොම ස්තුතියි දුමී....මීට කලින් එක දිගට මං ලියල තියෙන්නේ අවුරුදු 16 කට කලින්.. ඒවා කාටවත් පෙන්නුවේ නැහැ...ඊට පස්සේ ලිව්වේ කඩින් කඩ මේ වෙනකන්......
Deleteමම බ්ලොග්ස් දිහා බලන්නේ සහ කියවන්නේ හරිම උවමනාවකින් සහ කැමැත්තෙන්.
ReplyDeleteමම හරි කැමති ගීතයක් තියෙනවා. ඒක ප්‍රේමය වෙනුවෙන් ප්‍රේමවන්තයාගේ සිතුවිල්ලකට එහාගිය අරුතකින්. බ්ලොග්ස් ලියවෙන එක අඩු කාලවලදි මට මේ ගීතය මතක් වෙනවා. බ්ලොග්ස් ලියන්න තව අය එයි කියා සිතෙන අර්තයෙන්.
මොරිස් විජේසිංහ ගැයූ, සන්නස්ගල ලියු, සමන්ත පෙරේරා ගැයු මේ ගීතය හරිම රසවත්.
සමන්ත පෙරේරා සංගීතවත් කල යනුවෙන් නිවැරදි කලා.
Deleteසින්දුව ඇහුව අරුන. දැනුනා. හිමින් කලබල නැතුව ලයාන්විතව කටහඬ ඉස්මතු වෙන සංගීතය අඩු ගීත වලට මම කැමති නිසා...
Deleteසුභපැතුම් චතු... දිගටම ලියන්න... මං ඉතින් හැමදාම ඔයා ලියන ඒවා කියවනවා.. මාත් බ්ලොග් වලට තාම අලුත්නේ.. මට මේ අතරේ අලුතින් හමු උණු කෙනෙක් තමයි ඔයා...
ReplyDeleteඔයාටත් ස්තුතියි නිර්මාණි. එක ලඟ දැම්ම එවාටත් ඔයාගේ අදහස් එකතු කලාට.. පොස්ට් එකක් කොයි තරන් පරණ උනත් කමක් නැ කියවලා ඕනම අදහසක් ලියන්න.. අහන්න...
Deleteසුබ පැතුම් නිම්නි... කෝමහරි මේ කියන නිහඬ, කාර්යබහුල සැමිය හින්දා ලස්සන හිතක් එළියට ඇවිත්. දිගටම ලියන්න සුබපැතුම්. මමත් ඔයා වගේම අලුත් කෙනෙක් තමයි මේ බ්ලොග් ලෝකෙට. කටුස්සාගෙ කොමෙන්ටු හරහා තමයි මං ඔයාව දැක්කෙ. එදා ඉඳන් කොමෙන්ටුවක් කොටාගන්න විවේකයක් නැති වුණත් ඔයාගෙ ලියමන් කියවනව මං
ReplyDeleteහරියට හරි ලේ.පා.හීන.. ඒ ගෞරවය හිමි විය යුතුයි ඔහුට...මට මං වෙනුවෙන් කතා කරන්න තේරුන් කරල දුන්නු.... ස්තුතියි ඔයාටත්... කටුස්සා හැම තැනටම ගිහින් තියනවා වගේ.. කොහොම උනත් අලුතින් එන අයව දැකලා අත දෙන එක ලොකු දෙයක්..
Deleteඔයා ලියන ශෙෙලිය කියවන්න අාසයි. දිගටම කියවන්නම්. කාලයක් තිස්සේ ලියුවට මමත් බ්ලොග්කරණයට යාෙමු වුණෙ ළඟදි. අහම්බෙන් වගේ. ඒ කලාහිත(කල්‍යාණ මිත්‍ර)දක්වා තිබුණු ප්‍රතිචාරයක් නිසා. වෙනස්ම සන්නිවේදන අත්දැකීම් බ්ලොග් ලෝකයෙ මම දකිනවා. අැත්තටම පර්යේෂණ කරන්න තරම් හිතෙන සන්නිවේදන ක්ෂේත්‍රයක්. ඔබට සුබපැතුම්.
ReplyDeleteමට ලොකු සතුටක් කියවන එක්කෙනෙක් හරි. ස්තුතියි ප්‍රභාත්.. ඒ කියන්නෙ මේ කාලෙ අලුතෙන් බ්ලොග් ලෝකෙට එකතු උනු අය ගොඩක් ඉන්නවා.. ඔයා කියනවා වගේ ප්‍රභාත් පර්යේෂන කරන්න පුලුවන් තමයි මේ තියන විවිධත්වය..
Deleteබ්ලොග් එකක් ලියනකොට නම් තනියෙන් හින දකින්න බැරි වේවි.
ReplyDeleteඉතින් ඒකනේ මනොජ් ඔය වම් පැත්තේ මං හීන හොයන්න එකතු කර ගත්ත අනිත් අයගේ නම්ගම් දාල තියෙන්නේ...තව එකතු කරන්න ඕන.. ඒ ඇරුනම මගෙ පස් අවුරුදු දඟමල්ල මට තනියම හීන බලන්න නම් දෙන්නේ නැ.. මේ ටිකෙ එයා තමයි මට පොතයි පැනයි ගෙනත් දිලා ලියන්න කියන්නෙ...ස්තුතියි එකතු උනාට මනෝජ්..
Deleteලියන්න දිගටම
ReplyDeleteඅපි එනවා බලන්න...
සිංහල බ්ලොග්ගල...
කාලේකින් ලලිත්ව මේ පැත්තේ දැක්කේ.. පාඨක හිතසුව පිණිස ලියලත් බ්ලොග්ගල දිහා බල බල කල්මරන පොස්ට් කීපයක්ම ඉන්නවා පේළියට නොඉවසිල්ලෙන්... ස්තුතියි ලලිත්.
Delete// "සොඳුරු සුව අසපුව" නම් බ්ලොග් අඩවිය ලියන මහේෂ් නිශාන්ත නම් සොඳුරු ලියන්නාගෙන් "කමෙන්ට්" එකක් ආවම තමයි මම හිතන්න ගත්තේ ඇත්තටම මම බ්ලොග් එකක් ලියනවද කියන කාරණය. //
ReplyDeleteඇත්තටම පුන්චි කමෙන්ටුවක් ....සුන්දර ගමනකට ඉඩ හසර ලබාදුන් හෑටි....දකිනකොටත් සතුටුයි තව අයෙකු න්ගේ හෑකියාව බලා සතුටු වන මිනිසුන් ඉන්නා නිසා මිහි මත....තවමත් කලාතුරකින්.....
//පහුගිය මාස කිපයේ ලිපි එකින් එක ලියවෙද්දී, පළවෙද්දී , අනෙක් අය කියවද්දී , අදහස් දක්වද්දී//
ලියන ඔබටත් වඩා කියවන අපිට සතුටුයි හරවත් දේ ඔබ ලියනා නිසාවෙන්....
//හැබැයි කාලයත් එක්ක බ්ලොග් වල සිද්ධ වෙලා තියන වෙනස නම් මම දකිනවා. ඒ කාලේ තිබුණු බොහෝ ක්‍රියාකාරී බ්ලොග් දැන් හොයාගන්නත් නැහැ. ඒ නැවතුම් තිත් පිටුපස තවත් ....//
බ්ලොග් අහස පුරා සියලු බ්ලොග් ලියන්නන් එකමුතුවී සුන්දර තරු රටා මවන්න.....තරු එකින් එක වියෑකී ගියොත් ....කිසිදු තරු රටාවක සුන්දරත්වය බ්ලොග් කියවන අපට නොපෙනෙනු ඈත....සුන්දර දිදුලන තරු නෑති අහසක්.....කාට නම් සුන්දර යෑයි සිතේවිද......
Nadee akka
අක්කේ අපිට ඇතට පුංචියට පෙනුනට අහසේ තියන තරු ලඟට හරිම ලොකුයි වගේම දීප්තිමත්. ඒ වගේම ඒ තරු දවල් කාලයෙ හිරුගෙ රැස් වලින් වැහිලා අපිට නොපෙනුනාට ඒ ඒ තැන් වල දිලි දිලී තරු නිහඬව තමන්ගේ මෙහෙය ඉටු කරනව... එදත් අදත් හෙටත්...
Deleteඔයාට මතකද අපි මුලින්ම හම්බුනු දවස.. හිතුවේ නැ නේද හැමදාම නොදැක්කට මෙහෙම අපේ අදහස් හුවමාරු වෙයි කියලා??
පලමු හමුවීමෙදිම ලොකු පුරුදු බවක් දෑනුනා හිතට.....ඒ නිසාම හිතට නිදහසක් දෑනුනු හෑම වෙලාවකදිම නිදහස නිදහසෙන් ගෙවන්න නිම්නය දිගේ හෙමින් පියවර තිබ්බා මමත් ලෑබුන හෑම වෙලාවකම.......
Deleteඅලුත් මල් පිපිල තියෙනවද කියල බලන්න..... දවස් 5 කට විතර සෑරයක් කවදාවත් නෙදෑකපු ලස්සනම ලස්සන මලක් පිපිල තියෙනව ඔය නිම්නයෙ.....
Nadee akka
Becareful peaking other's gardens to see flowers... better to start grow inside your garden.. then when other garden burdend in any case u can help plant it with your seeds... :) :)
DeleteLong long ago ....My grade 6 science teacher told me .....plants need air, light, warmth, water & nutrients to be healthy....
DeleteSo i thought to add loads of them to this "nimni" valley....then we can see beautiful flowers blooming forever.......
Nadee akka
Yes Yes you are...
Delete//.හැබැයි දිශානතිය එක එක අංශක වලින් හැරවිමේ අයිතිය තියෙන්නේ කියවන පාඨකයන්ට, ඒ කියන්නේ ඔයාලට....//
ReplyDeleteබොහොම වැදගත් කරුණක් මතු කර තිබෙන්නේ. අපි දෙයක් ලියා තබන්නේ තව කෙනෙකුට කියවන්න නේ. ඉතින් අපිට ලියන්න පුළුවන් දේ අතරින් කියවන අයට වැදගත්ම දේ ලිවීම වඩා ඵලදායී බවයි මම හිතන්නේ
ඇත්තෙන්ම කෙන්කියුෂා..නැත්නම් ඔහේ වල් පල් ටිකක් ලියන්න ගත කරන කාලයට වඩා හොඳයි උණුවෙන් දුම්දාන කෝපි එකක් හදාගෙන පැත්තකට වෙලා පොතක් කියවන එක මේ සීතලේ...
Delete