Saturday, October 15, 2016

ඔබත් මමත් යළි එක් වේවි ද ?



Almost holding hands.

කවි ලියවෙන එක මගේ හැටිය
හිත රිදවන එක ඔබේ හැටිය
මේ ජිවිතය නම් ඔය   හැටිය
දුක දරනු හැකි මේ හැටිය

ඔබත් මමත් එක් විය
ඔබත් මමත් වෙන් විය
ජිවිතය නම් ගලා යන
 නදියක් මය නොනවතින

හෙට දවස හිරු නැඟෙනු ඇත
එලෙසින්ම සඳ ද නැඟෙනු ඇත
අපද අවදිව යළි නිදනු ඇත
කාලය හිමිහිට  ගලා යනු ඇත

සිතුම් පැතුම් බිඳි බිඳි නැඟෙන
නැවුම් ලොවකි සිතේ මැවෙන
දිනෙන් දින මෙසේ ගෙවෙන
ඔබත් මමත් යළි එක් වේවි ද ?


33 comments:

  1. එක්වීම සහ වෙන්වීම සරල සිද්ධි දෙකක් වුනත් ඒක ජීවිතේට කොච්චරනම් බලපානවද. සමහර එක්වීම් වගේම සමහර වෙන්වීම ජීවිතේ මරණ මංචකය දක්වා හිතට කටු ඇණ ඇණ පෙලන සිදුවීම් වෙන්නේ නොදැනුවත්වමයි. ජීවිතේ කියන්නේ එක පැත්තකින් පුදුමාකාර අත්දැකීම් ගොඩක් අනිත් පැත්තෙන් හිස් රූප ගොන්නක්.. කවිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජනරංගන එක්වීම වෙන්වීම වගේම ජීවිතය ගැනත් මේ අදහස් දැක්වීම් නිම්නයට එකතු කලාට..ඔබව නිම්නයට සාදරයෙන් එක් කරගන්නවා වෙන් වීමක් එනතුරු...

      Delete
  2. ගියත් හිරුද හෙට වෙයි එළි
    කවිත් ලියන හිත සියුමැලි
    වසත් සමය ප්‍රේමෙන් වෙලි
    ඔබත් මමත් හමුවෙයි යළි........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී වෙනදා වගේම කවියකින්ම එකතු උනාට නිම්නයට .. හොඳටම විස්වාස ද මේ කවි ලියන් හිත සියුමැලියි කියලා...

      Delete
    2. සියුමැලි වුණත් දහිරිය ඇති හිතක් කියලා මට හිතෙනවා. මේ තාක් දුරට ලියු දේවල් සහ කොමෙන්ට් කරපුවා බැලුවාම පිටට නොකී ලොකු කථාවක් තියෙනවා කියලා මට හිතෙනවා.

      ජයවේවා!!!

      Delete
    3. ඔබ හරි දුමී..එක තප්පරෙන් මේ කවි ලියන හිතේ සියුමැලි පැත්ත මතු වෙලා ඇස් වලට කඳුලු පිරුනට ඊලඟ තප්පරේ හිතේ තද පැත්ත මතු වෙලා ඒ කඳුලු වලට උඩින් හිනාවක් ගේනවා..ඉතින් කී කතා වලට වඩා නොකී කතා වැඩියි..

      Delete
  3. ස ර ස තුමා ගේ කවිය:

    හෑ...හෑ .. හෑ...

    ReplyDelete
    Replies
    1. ස රස තුමෝ අපි මේකට පොඩි අලුත් වෙනසක් කරමු.. හැමදාම එකම දේ කරලා බැනේ , පොඩ්ඩ පොඩ්ඩ හරි ඉස්සරහට යන්නත් එපැයි.. නැද්ද මං අහන්නේ..

      මෙන්න වෙනස

      බෑ හෑ...බෑ හෑ .. බෑ හෑ...

      Delete
  4. //කවි ලියවෙන එක මගේ හැටිය
    හිත රිදවන එක ඔබේ හැටිය
    මේ ජිවිතය නම් ඔය හැටිය
    දුක දරනු හැකි මේ හැටිය//

    ඔක්කොම කවි ලස්සනයි. මේක තමා ලස්සනම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩූසා, හිත රිදෙන එක නවත්තන්න බැනේ.. කවියක් ලියලා රිදෙන තැන් කවිය අස්සේ හංගලා හිනා වෙන එක තමයි හොඳම වැඩේ...

      Delete
  5. හෙට ඉර හඳ තරු නැගුනත්
    ඔබත් මාත් අවදිවන බැව් නොදනිම්...
    එසේම වෙන්වීම සේ හමුවීමත් අන්ශුවර් නිම්නා...!

    හිතරිදෙව්වම තමා ලස්සන කවිනම් ලියවෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. මොකද්ද චෙෆාකි ... අවදි වුනේ නැත්නම් අර අජිත් ලියන ලිපි පෙළේ ඉන්න මළවුන් කැඳවන කෙනෙකුට කියලා හරි එක වෙන්න බලන්න ඕන..

      ඔබේ මේ කතාව නම් හරියට හරි..//එසේම වෙන්වීම සේ හමුවීමත් අන්ශුවර්//

      Delete
    2. ඕකනේ..යථාර්තය පහදල දුන්නා විතරයි මල අතේ....සක්..!

      Delete
    3. මල අතේ නම් කමක් නැනේ.. ඕක කාගේ හරි ඇඟට විසි කලොත් නේ අවුල...

      Delete
    4. ලස්සන සුවඳ මල් කාගේ හරි ඇඟට විසි කරන අය එක්ක මල් තරහම තරහයි කිව්වම හරි...:)
      මල අතට ආවාම ඒක විසිනොකර ඉන්න අය ඩේන්ජරස්ය..!

      Delete
    5. ඔබ හරියටම හරි චෙෆාකි .. මල හරි මොකක් හරි හිතට එන හැඟිම හන්ගන අය හරිම භයානකයි....එහෙම හන්ගන මිතුරට වඩා එළිපිට ඉන්න හතුරා හොඳයි...

      Delete
  6. රිදෙන තරමට හිත, සුන්දර කවි ලියවෙයි මං හිතන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නේ නැ නේද ලේ. පා. හීන, මේ හිත් කියන ඒවා ඒ විදිහට හැදිලා තියෙන්නේ.. හැබැයි එහෙම හැදිලා තිබ්බේ නැත්නම් අද අපි රසවිඳින ගොඩක් නිර්මාණ අපිට දකින්න ලැබෙන එකකුත් නැ..

      Delete
    2. කවදහරි මුතුඇටයක් බවට පත්වෙන්නේ බෙල්ලෙක්ගේ කටුව තුල සිරවුනු වැලිකැටයක වේදනාව කියල කියනවනේ .හදවතට දැනෙන ඕනැම නිර්මාණයක් ඇතුලේ තියෙන්නේ වේදනාව තමයි කියන එක සමිපුර්ණ ඇත්ත

      Delete
    3. වීර් ඔබ දන්නවද මගේ නියම නමෙත් තියනවා ඔබ මේ කියන මුතු..

      ඔබ කියනවා වගේ වීර් වේදනාව (සතුට හෝ දුක ගෙනෙන ) තුලින් බිහිවෙනවා විඳින්න පුලුවන් නිර්මාණ..නිම්නයේ තියන ඒ වගේ හීන දකින්නියකට දැනුනු වේදනාවන් වලින් බිහි වු නිර්මාණ කියවන්න ඔබත් එකතු වීම සතුටක්..

      Delete
  7. ගලා යාම ඇතුළේ සමු ගැනිම් වගේ ම අළුත් හමුවිමුත් දහසක් ඇති. ඒ අළුත් දේ අතරේ පරණ- පරණ ම දේත් තියෙන්න පුළුවන් නේ ද ගංගාවකට හමු වෙන......?
    http://cyberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මොස්කිටෝ දැක්ක කල්... මෙහේ මදුරුවෙක් දැක්ක කාලයක් මතක නැ.. ඔබ ආව එක ලොකු දෙයක්.. අතීත මතක ආපහු මතක් උනා..

      ඔබේ අදහස හරි අපූරුයි නේ නෙට් මොස්කිටෝ.. ජීවිතේ සර්පිලාකාරව නැවත නැවත එකම තැන් පසු කරමින් ඉහළට නඟින පඩි පෙළක් කියලා මම කියවලා තියනවා.. ඒ වගෙම අත්දැකලත් තියනවා..

      නිම්නයට ඔබවත් සාදරයෙන් පිළිගන්නවා.. කියවලා බලන්න නිම්නයේ තියන දේවල් අතර ඔබට පුරුදු පරණ මතකයන් තියනවද කියලා..

      Delete
  8. ලස්සනයි.ඒත් තව ඇබින්දක් එඩිට් වුණා නම් කියා හිතුණා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා වර්ෂා.. විශේෂයෙන් දෙවෙනි කවිය.. මේක ලියවුනේ විනාඩි 2-3 ක් වගේ කාලයකදි..

      Delete
  9. ජීවිතය මොන දේ උනත් ඉස්සරහට ගලා යා යුතුය...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිනේශ්..අපි දන්නේ නැනේ ඉස්සරහට හම්බෙන දේවල් මොන වගේද කියල එක තැනක නැවතුනොත්...

      Delete
  10. ලස්සන අර්ථවත් කවි පෙළක්. නියමයි චතූ.

    ReplyDelete
  11. අන් අය ගෑන යම් පෑතුමක්
    හිත තුල පුරවා ගත්තොත්
    බිද වෑටුනොත් ඉන් පෑතුමක්
    ඉතුරු වේවි බිදුනු සිතක්

    එක් වීමක වෙන් වීමක්
    ඇති බව නම් ලො දහමක්....
    ඒ බව නොසිතා කවුරුත්
    සොයා යනවා එක් වීමක්....

    නදී අක්කා

    ReplyDelete
  12. හමුවීම හා වෙන්වීම අපට දුක සතුට ගෙනාවට පැවතීම ගැන ඇති සිහිය තමයි අපිව ජීවත් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිහිය එක තප්පරේකට නැති උනත් ඇති ජිවිතේ අවුල් වෙන්න.. ඒත් පුලුවන් ඉක්මනින් හරි සිහියට එන්න පුලුවන් නම් වැරදුනත් හදා ගන්න පුලුවන්.. ස්තුතියි කොච්චි ඔබේ අදහසට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...