Saturday, October 22, 2016

අපි හමු වූවත් කෝ මා පැතු ඔබේ ආදරේ...




මට කියන්න බැහැ ඔබ වැරදියි කියලා.. 
හැබැයි මම වැරදියි කියලත් මට හිතෙන්නේ නැ.. 
කෝ මා පැතු ඔබේ ආදරේ කියල මම ඔබගෙන් අහන්නේ නැ.. 
ඒ මම ඔබෙන් ආදරයක් පතාගෙන ආවේ නැති නිසා.. 
එතකොට මම ඔබට ආදරය කලාද..

ඔබ ඉල්ලන ඉල්ලන දේ කිසිම හේතු දැකිවීමකින් තොරව 
අසීමිතව ඔබට දීම ආදරය ද.. 
එතකොට මම ඔබ එක්ක හිටියේ 
මට ඔබට දෙන්න පුලුවන් දේවල් නිසා ද... 

මම එහෙම අසීමිතව මාව ඔබට දෙද්දි ඔබ මොනවද මට දුන්නේ.. 
කඳුලු ද..හිනාවද.. දෙකමද.. 
මම ඔබෙන් ඉල්ලුවේ එකම එක දෙයයි.. 
ඇයි ඔබට බැරි උනේ 
මම මාව අසීමිතව ඔබට දෙද්දිත් මම ඉල්ලපු එකම දේ 
මගේ ඇස් වලට කඳුලු ගෙන්නේ නැතුව දෙන්න..
ඒ තරන්ම ආසාධාරණ දෙයක් ද
 මම ඔබෙන් ඉල්ලුවේ..

අද මම ඔබෙන් ඉල්ලපු එකම දේ නිසාම අපි වෙන් වෙලා.. 
ඒත් ඒ නිසාම අපි එක් වෙලා නේද.. 
වෙන් විය යුතු වෙලාවක උනත්.. 
ඔබෙත් මගෙත් එක්විම සදා නොමැකෙන සිහිවටනයක් කරමින්  
මම එදා  ඔබෙන් බලෙන් ඉල්ලා ලබා ගත්තා යැයි 
ඔබ පවසන දායාදය  මැදි කරගෙන 
අපි වෙන් විය යුතු ද... 



ප.ලි.: එක්තරා සැමියෙකුට සහ බිරිඳකට තමන්ගේ පලමු දරුවා ගැන ඇති වු මතභේදයක් මත කාලය විසින් වෙන් වීමට ඉඩ සැලසුවත් එසේ වෙන් වීමට හේතු වු දරුවා නිසාම එක්තරා සිමාවකට නැවත  එක් වීමට කාලය විසින් ඉඩ සැලසු අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් වෙනුවෙන් ලියැවුනු සටහනක්..... 

24 comments:

  1. වෙනස් අත්දැකීමක්. දෙදෙනා එක්වීමට පෙර ඔවුනොවුන්ගේ අවශ්‍යතා කථා නොකර කන අයිස්ක්‍රීම් එකේ ගුණ වය වයා හිටපු අයද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එක පාර්ශවයක් එහෙම තමා ඉයන්.. මැදක් යද්දි ඒ පාර්ශවය කියනවා " මම හිතුවේ බැඳලා ඔයාව වෙනස් කරගන්න" කියලා..කාට කියන්නද ඉයන්....

      Delete
    2. මේ ප්‍රශ්න ඉයන් එසේ මෙසේ අයගේ ප්‍රශ්න නෙමේ.. ලංකාවේ පිළිගන්න ඉහළම විභාග ඉහළින්ම සමත් වෙලා හොඳම හොඳම රැකියා කරන , පිට රටවලිනුත් ඉහළම විභාග සමත් වෙලා කිසි දේකින් අඩුවක් නැති අයගේ ප්‍රශ්න..

      මට වෙලාවකට හිතෙනව මේ අධ්‍යාපන ක්‍රමය නිසාම ප්‍රශ්න මතු වෙනවද කියලත්...
      අපි විහිලුවට ගත්තට...

      Delete
  2. ඒ දරුවා නිසාම ආයිත් එක්වුණු එක වටිනවා. නැත්තන් විඳවන්න වෙන්නේ අසරණ දරුවාට. (එහෙම තනිවුණු අම්මෙක් සහ දරුවෙක් ගැන තමයි මගේ අලුත්ම කවියේ තියෙන්නේ)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි දන්න ගොඩක් සාමාන්‍ය තැන් වල නැවත් එක වීම දරුවට හොඳ උනාට දුමී සමහර තැන් තියනවා දරුවගෙ හොඳට ඒ එක් වීම නොගැලපෙන..ඒ වගේ සිදුවීම් හරිම පරිස්සමින් විසඳන්න ඕන දරුවට හොඳම දේ බලලා..

      දුමීගේ කවියත් මම කියෙව්වා

      Delete
  3. ඇත්තෙන්ම මා දැනුවත්ව මෙහෙම සිද්ධියක් වෙලා තිබෙනවා..එතනදී වුනේ සැමියාගේ මානසික ගැටලුවක් සහ බිරිඳ අනවශ්‍ය ලෙස රැකියාවට කැප වීම..ඔවුන් දෙදෙනා වෙන් වෙද්දී දරුවෝ දෙදෙනාම බොහොම පුංචියි...නමුත් දරුවන් හමු වීමට පියාට ලබා දුන් අවස්ථාවෙන් සහ යථාර්තය අවබෝධ කරගැනීමෙන් පසු ඔවුන් දෙදෙනා නැවත එක් වුනා...ඔවුන් වෙන් වූ කාලයේ මේ දරුවන් හැසිරුනේ බොහොම මුරණ්ඩු විදියට...අද මේ දෙදෙනාම මොරටුව විශ්ව විද්‍යාලයේ අර්කිටෙක්ට් කරනවා...පැටලවිලි වෙනවා...ඒවා බුද්ධියෙන් ලිහා ගන්න එක තමයි වැදගත්..නැතිනම් දරුවන්ගේ ජිවිත අඳුරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්වා වගේ බුද්ධියෙන් ප්‍රශ්න ලිහා ගැනීම තමයි කරන්න ඕනේ පොකුරු...

      Delete
    2. ප්‍රශ්ණයෙන් බුද්ධිය ලෙහන එක ඊට වඩා ගති, හැක්

      Delete
    3. මුලින්ම වෙන්නේ ඒක ඉයන් ප්‍රශ්නය බුද්ධිය ලිහනවා.. ඉන් පස්සේ බුද්ධිය ප්‍රශ්නය ලිහනවා.. :)

      Delete
    4. එහෙම නැතුව ප්‍රශ්ණෙට ප්‍රශ්ණෙ ලිහන්න දෙන්න විදිහක් නැත්ද?

      Delete
    5. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ ලිහන්න ගියාම තමයි මං හිතන්නේ සේරෝම ගැටළු ඉයන්...

      Delete
    6. ඒ කතාවේ ලොකු ඇත්තක් තියනවා පොකුරු..සමහර වෙලාවට කිසිම දෙයක් නොකර තියන විදිහ පිළිඅරගෙන පාඩුවේ ජීවිතෙට මූණ දෙන එකත් හොඳ විසඳුමක්...

      හැබැයි නිරන්තර කුතුහලයකින් පෙළෙන දෙයක් දැක්කොත් ප්‍රශ්න කරන්න පෙළබෙන හිත් තියන අපිට ඒක හරිම අමාරු වැඩක්...

      Delete
  4. සිතුවම්පට දෙකක් මගේ මතකයට නැඟිණ. එකක් " ජනක සහ මංජු" අනික Kramer vs. Karamer

    ReplyDelete
    Replies
    1. සිතුවම් පට දෙකම මම බලලා නැ රවී.. සින්දු නම් අහලා තියනවා..

      Delete
  5. //වෙන් වීමට හේතු වු දරුවා නිසාම එක්තරා සිමාවකට නැවත එක් වීමට කාලය විසින් ඉඩ සැලසු අවස්ථාවක් පිළිබඳ අත්දැකීමක් වෙනුවෙන් //

    නිම්නි කියපු මේ කතාවේ අයිති අයගෙ සියලු ප්‍රශ්න විසදුනු ලිපියක් දකින්න ලෑබේවා මේ නිම්නයෙම.

    නදී අක්කා

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කියන දේවල් අක්කේ ඉවරයක් වෙනවා කියල එකක් නැනේ.. අපි මැද තැනකට එන්න ඕන තේරුන් ගැනිමකින්..

      Delete
  6. පවුලක් ගෙනියනව කියන්නෙම් මේ යුගයෙ අමාරු වැඩක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උඬුවා.. ස්තුතියි නිම්නයට ඔබෙත් අදහස් එකතු කලාට..වෙනස් වෙනස් අදහස් එකතු වෙන තරටම තමයි නිම්නයක් ඉහළ කඳු මුදුන් ඉඳලා බලන අයට ලස්සනට පෙන්නේ....

      Delete
  7. මට තාම හිතාගන්න බැරි ආදරේ කරන කාලේ මැරීගන ආදරේ කරලා මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනහම දෙපැත්තට වෙලා ඉන්නකොට ඒ ආදරේ බාල්දුකරන්න හිත හදාගන්නේ කොහොමද කියන එකයි. ඒක මහා අප්පිරියා වැඩක් මම දැකලා තියන.

    කොහොමවුනත් කමක් නෑ , මේ කතාවේ අවසානය හොඳවිදිහට විසඳුනානේ.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කටුස්.. එක හරිම අප්‍රසන්න වැඩක්.. ඒත් ඒ දේ කවදාවත් නැති වෙන දෙයක් නම් නෙමේ.. එහෙම දේවල් වෙනවා එතකොට ඒකට මුණ දෙන හැටි ගැන අදහසක් තියෙන්න ඕන.

      දෙන්නම පොඩ්ඩක් පැත්තකට වෙලා එකිනකාට චෝදනා කර ගන්නේ නැතුව හිතලා බලන්න ඉඩ හදා ගන්නවා නම් ඒ අප්‍රසන්නකම අඩු කර ගන්න පුලුවන් මම හිතන්නේ..අපි කවුරුත් සර්වසම්පූර්න අය නෙමෙනේ...

      Delete
  8. ඔය ආදරේ කියන එකට අහු නොවී ඉන්න එක තමා හොඳමදේ.:P

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි මෙඩූසා..:)

      මට ඕනත් ඔය ආදරේ කියලා සාමාන්‍යයෙන් කියන රැල්ලට අහු නොවී යන්න..

      Delete
  9. දරුවන් නිසා බැදීම වැඩි වෙනවා කියලා අහලා තියනවා.. ඒත් අවබෝධයෙන් ඒබැදීම තර වෙනවනම් හැම අතින්ම සුභදායකයි...
    කොහොම උනත් මේ කතාව හොඳ විදිහට ඉවර උනු එක ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඔයා කියනවා වගේ අවබෝධය තමයි වැදගත් නිර්මාණි.. මේ ගැටලුවට මුහුණ දුන්නු දෙන්නට තිබ්බ ගැටලුව අඳුරගන්න ලේසි උනේ නැ.. ඒකට මූලික හේතුව නොදැනුවත්කම..

      තිබුනු ගැටලුව ගැන අවබෝධයක් මුල ඉඳලම තිබුනා නම් මේ වගේ තත්වයක් ඇති නොවෙන්න තිබ්බා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...