Thursday, October 13, 2016

ඇයට තනිව යා හැකි බාධක අවම පාරක් සොයා දෙමුද ?

 

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

 

දක්ෂ දරුවන් සදහා රැකියා ඇතිකරන්නේ කෙසේද ?

අද ඉතා කාර්ය බහුල දිනයක් උනත් පහත කෙටිලිපිය ලිවියයුතු යයි සිතුනා මෙහි ඇතුලත් තොරතුරු මෙය කියවන අයත් සොයාබලා මේ නැගණියට කළහැකි උපකාරයක් කරයි කියල හිතනවා.


http://lankanewshits.net/sinhala/?p=20969

කරුණාකර ඉහත තොරතුරු මේ නැගනියව අපහසු තාවයට පත්කිරීමට යොදානොගන්නා ලෙස ඉල්ලා සිටිමි. මුලින්ම කිවයුතු දේ මෙතුමියගේ දක්ෂතාවය අනුව ඉංග්‍රීසි දැනුම ඇත්නම් තමන්ටම ඉතා ඉහල ආදායමක් ලබාගැනීමට හැකි වීමයි. කනගාටුවට කරුණ ඔවුන්ට මේ හැකියාව නැති වීමයි.




මම මෙය බලද්දිම මට ඇතිවුන අදහස තමයි අද ලංකාව පුරා විදේශ වලට මෙවැනි සේවා සපයන ආයතන තිබෙනවා මෙම ආයතන වලට කළහැකි දේ තමයි තමන්ට කිසියම් ඇනවුමක් ලැබුනහම මෙවැනි දක්ෂ අය ලවා කරවා ඉතා සාදාරන මුදලක් ගෙවීම.

උදාහරණයක් ලෙස මැය සදහන් කරනවා ඇය LOGO Design කරන බව ඉතා ඉහල තත්වයේ  LOGO එකක් සදහා විෂාල මිලක් අයකරනවා. මම කලකට පෙර මගේ විදේශීය ගනුදෙනු කරුවකුට මෙවැනි LOGO එකක් ඩොලර් 70 වැනි මුදලකට මගේ මිතුරෙකු ලවා කර දුන්නා. මගේ ගනුදෙනු කරු ඉතා තෘප්තිමත් උනා එහි තත්වය ගැන. ප්‍රශ්නය මෙවැනි දේ විශාල ලෙස ලැබෙන්නේ නෑ හැමවිටම (සමහර විට මම මේ අංශය ගැන වැඩි සෙවීමක් නොකළ නිසා මම නොදන්නවා වෙන්න පුළුවන් )

නමුත් විශාල ආයතන මෙවැනි දක්ෂතා ඇති අයට මෙවැනි වැඩ කීපයක් සාදාරන මුදලකට ලබාදිය හැකිනම් ඉතා වටිනවා. මෙහිදී ඔවුන්ට නිත්‍ය රැකියාවක් නොලැබුනත් මෙවැනි ක්‍රමයකදී මෙවැනි දක්ෂතා ඇති දරුවන්ට අත දීමක් වෙනවා.
    

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

    

!!ලංකා සිතුවිලි!!  අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි...

 

 

ප. ලි. : මේ විඩියෝ එක බලද්දි ඇත්තටම ඇය අඬද්දි මගෙත් ඇස් වල කඳුලු පිරුනා..තරඟ වලින් දිනනවට වඩා දෙයක් දෙමාපියන් අපෙන් බලාපොරොත්තු උන නිසා වෙන්න ඇති පුංචිම කාලේ ඇරෙන්න තරඟ වලට අපිව ඉදිරිපත් කරලා නැ. අපේ ගෙදර මගේ කියලා ඉස්කොලේ යන කාලේ ලැබුනු කිසිම සම්මානයක්, පදක්කමක් නැ, මගේ මල්ලිගෙත් නැ..  ඒ  උනත් යන යන තැනින් අපේ සුදුසුකම් සහ හැකියාවන්ට  වලට අනූව ඉදිරියට යන්න අවස්ථාවන් ලැබුනා අපි දෙන්නටම...

 

ඒ හින්දම මල්ලියි මමයි දෙන්නම අපි දන්න දේවල් ඕනම කෙනෙකුට කියලා දෙනවා හන්ගන්නේ නැතුව.. මම  පරිගණක ක්ශේත්‍රයේ වැඩ කරන කාලයේ මගේ යටතේ වැඩ කල   හැම කෙනෙකුටම මම දන්න, හොයා ගන්න හැමදේම ඉගැන්නුවේ (හොර වැඩ, කෙටි ක්‍රම ) මගෙන් පස්සේ එතන බාර ගන්න පුලුවන් කෙනෙක් හදන්න.. ඒත් හැමදාම අක්කේ ඊට පස්සේ,  චතූ මේක වැඩ කරන්නෙ නැනේ.. චතූ පොඩ්ඩක් එනවද.....නංගි ඔයා යමු මීටින්... චතූ ඔයා දැන්ම අයින් වෙන්නේ නැනේ...


මට හිතාගන්න බැහැ මේ කතාවේ ඉන්න ඇයට මේ තරම් පදක්කම්, සහතික, සම්මාන ලැබිලත් ඇයි ඇය තාම එකම තැන...ඔබට හැකි ඕනම විදිහකට මේ ලිපිය බෙදා හැර ඇයට එක පියවරක් හරි ඉදිරියට යන්න අවස්ථාවක් හදලා දෙන්න..ඇයගේ හැකියාවන් දකින කවුරු හරි කෙනෙක් ඇයට රැකියාවක් ලබා දෙන්න තියන ඉඩ එයින් වැඩි වේවී..

8 comments:

  1. Replies
    1. සා රසට හිතෙන්නේ ඇයි මේ ගෑනු ළමයා ඉස්සහරට නොයන්නේ...

      Delete
    2. එකත් එකටම සෙනසුරු අපලේ වෙන්න ඇති හිටන්!

      Delete
    3. හොඳටම විස්වාස ද සා රස හිටන් කියල..

      මීට වඩා අඩු හැකියාවක් හරි කිසිම හැකියාවක් නැති අය හරි මේ කතාවෙ එන ඇයට සුදුසු ඒ අයට නුසුදුසු තැන් වල කොයි තරන් ඇත්ද ඉඳන් !!!

      Delete
  2. නිම්නා...මෙතන මොකක් හරි අඩුවක් තියෙනවා නේද..?
    මේ ලමයා මෙච්චර දේවල් ලඟා කරගත්තත් එයා විසින්ම ඉදිරිය අහුරගෙන නෙවීද..?
    මොනව හරි එක දෙයක් තෝරගෙන ඉදිරියට ගියානම් මදිද...?
    අනේ මන්දා..මට නම් කොයිල් වගේ මෙයා...!

    ReplyDelete
    Replies
    1. මටත් හිතාගන්න බැ චෙෆාකි මොකද්ද ඇයව එක තැනක හිර වෙන්න හේතුව කියලා.. මේ තරන් හැකියාවන් තියාගෙන එකකින්වත් වැඩක් නොගන්න එකේ තේරුම මොකද්ද.. මට හිතෙන්නේ ඇයට ඕන කාගේ හරි මඟ පෙන්වීමක් පටන් ගන්න.

      Delete
  3. ජාතික මට්ටමේ පදක්කමක් ගන්න මොකක් හරි දෙයක් වෙනුවෙන් එක අරමුණකින් යන්න ඕනේ නේ.. එහෙම බැලුවහම මේ ළමයට දක්ෂ තාව සහ අරමුණක් වෙනුවෙන් යාමේ හැකියාව දෙකම තියෙනවා. මට හිතෙන්නේ එයාගේ ඔළුවේ තියෙන්නේ ගුරුවරියක් වීමේ සිහිනය විතරක් නිසා අනිත් දේවල් ගැන හොයන්නේ බලන්නේ නැතිව ඇති.. ගුරුවරිය කියන රාමුව ඇතුලට රිංගන්න බැරි කම ලොකු පරාජයක් විදියට දකින එක තමයි මට නම් හිතෙන්නේ අවුල වෙලා තියෙන්නේ.. හරියට දැනුම් තේරුම් තියෙන කාට හරි පොඩ්ඩක් කතා කරලා ඔය හිර වුන තැනින් එලියට එන්න පුළුවන් නම් හරි..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවේ ඇත්තක් තියනවා පැතුම්.. සමහර වෙලාවට අපි හිතන දේම ලැබෙයි කියලා බලන් ඉන්න ගිහාමත් අපි එක තැන.. ලැබෙන මොකකින් හරි පටන් ගන්න ඕන..

      මම ආසම නැති දෙයක් තමයි හැකියාව තියාගෙන අම්මයි තාත්ත්යි දුක් විඳිනව බලන් ඉන්න බැරුව , එයාලගෙන් යැපෙන්න වීම දරා ගන්න බැරුව අසරණ වෙන අයගේ කතා.. එයාලට ඔනේ තමන්ගේ හිතේ තියන පැටලුම ලිහා ගන්න මඟ පෙන්වීමක් ඔබ කියනවා වගෙ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...