Thursday, September 1, 2016

අතීතයට අතවනන අතීතයේ ඇහුණු ගී අහම්බෙන් ඇසුවෙමි......

මට ඊයේ අහම්බෙන් අහන්න ලැබුනා පරණ හින්දි සින්දු ටිකක විඩියෝ ඉස්සර හරිම ආසවෙන් බලපු, මේ ගොඩක් ඒවා ගියේ ඒ කාලේ තිබ්බ MTV එකේ මට මතක විදිහට. (මතකය වැරදි නම් නිවැරදි කරන්න ) මට හිතුනා මේ විඩියෝ ටික එක තැනකට ගන්න. මීට කලිනුත් මම මේ වගේ තැනින් තැනින් මට ඇහුනු ගී එක තැනකට ගත්තා මතකද.. මේ තියෙන්නේ එදා එකතුව...

හැබැයි මට මේ ගීයෙන් ගීයට විඩියෝවෙන් විඩියෝවට මතක සටහන් නම් නැහැ..එකම මතකය අම්මාගෙන් හොඳටම බැනුන් අහනවා හැමවෙලේම  සින්දු අහනවයි Keyboard එක Play කරනවයි මිසක් පාඩමක් කරන්නේ නැ කියලා. අන්තිමේ අම්මා ස්වර ප්‍රස්ථාර තිබ්බ පොත් හංගලා මාව තාත්තට බාර දුන්නා. මේ මතකය O/L කාලේ. විභාගයෙන් පස්සේ මම ඒ පොත් ආපහු හෙව්වට හම්බුනේ නැ.. O/L වල තියන විෂයකට එහායින් සංගීතය ගැනවත් නර්තනය ගැනවත් හිතන එකට  අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම වැඩි කැමැත්තක් තිබුනේ නැ කියලා අද මට හිතෙනවා දෙන්නම හොඳ රසවිඳින්නන් උනත් කලාව.

අද මම මගේ පුතාව ඒ සීමාවලින් එහාට එක්කන් යන්න පාරවල් හිමින් හදනවා, මම දන්නේ නැ එයාගේ අම්මගේ පැත්තෙන්වත් තාත්තගේ පැත්තෙන්වත්  ඉතිහාසයේ කිසිම කෙනෙක් වැඩි දුරක් නොගිය එහෙත් ඒ හැමෝගෙම ජීවිත එක්ක හැමදාම අත්වැල් බැඳන් අත්නොහැර ඉන්න සැඟවුන අමුත්තෙක්ව පුතාගේ ජිවිතේට වැඩියෙන් සමීප කරන්න හදන එක හරි ද වැරදි ද කියලා....උපරිමයෙන් ඔහු ඒ සැඟවුන අමුත්තව  වැලඳගන්නවා උනත් හදවතින්ම...ඒත් මතකනේ නිම්නයක තනි වී මම දකින්නේ හීන... 

දැන් එහෙනම් අහමු බලමු ... හැමෝම  ලෑස්තිද.......1... 2.. 3... START

මේ විඩියෝවට නම් ලඟින් යන අත්දැකීමක් මට තියනවා.. ඒත් ඒ සිදුවීම් වලට සම්බන්ධ අනිත් පාර්ශව වලට අපහසුතාවයක් වෙයි කියලා හිතෙන නිසා මම එය ලියන්නේ නැ..උනේ මොකක්ද කියලා සිද්ධියට සම්බන්ධ එක් ප්‍රධාන ප්‍රාර්ශවයක්  හරියටම දන්නවද කියලා මම අදටත් දන්නේ නැති නිසා.. 


මේ විඩියෝ එකත් කී පාරක් බැලුවත් එපා නොවුනු ඒ වගේම ගීයේ වැරදියට හරි ලංකාවේ නමත් මම දැනට ඉන්න රටේ නමත් ඇහෙනවා...හීනෙන්වත් මම මෙහෙ එන්න හිතපු නැති කාලෙකත් මම ඒ නම නිතර ඇහුවා ගෙදර අයගෙන්...මේ රටට මම ඇවිත් ගියා  කියලා මුලින්ම කිව්වේ 5 වසරෙදි.....සීත කඳු වලින් වටවුනු පුංචි ඉස්කෝලක ඉගෙන ගන්න කාලේ...



බලපු අහපු දවසේ ඉඳල අද වෙනකන්ම එපා නොවෙනා රූප පෙළක් , හඬක්.. මේ ගීතයට සිංහල ගීයකුත් හැදුනා...මට මේ රූප පෙළත් එක්ක "ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමි - මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමි  " කියන පද ටිකත් එදා ඉඳලම මතක් වෙනවා.. ඒ සිනා බලන්න කැමතිම කෙනා අද නැති උනත් ලඟ...



හරි අමුතුම විඩියෝවක් හරියට වෙනම ලෝකයක් වගේ..කොහේ කොයි මොහොතක කා ගැන ආදරයක් හිතේවි ද , ආදරය වරදක් ද ,හංගන්න පුලුවන් දෙයක් ද යතුර විසි කලාට...



මේ විඩියෝවේ අන්තිම රූප රාමුව මගේ හිත සසල කරන තරමක්..අම්ම කෙනෙක්ගේ ආදරය දුවෙකුට වගේම ආදරණිය බිරිඳකගේ උණුසුමත් සැමියෙකුට නැතුවම බැහැ කියලා මේ පුංචි පැංචි කොහොමද දන්නේ....(පණ්ඩිත කෙල්ල, දෙන්න හිතෙනවා... ගුටියක්)


ගමෙන් නගරෙට ගිය අය  ආපහු මෙහෙමත් එන රටක් තියනවද.... ඒක නම් හීනයක්...



මේ ගීයනම් ගොඩක් අයට මතක ඇති, ඒ තරන් මේ ගීතය ජනප්‍රිය උනා මම හිතන්නේ...මම මේ ගීයේ තාලයට හරිම කැමතියි.. වීඩියෝවේ මම ආසම නගරේ ඉඳන් එන පෙම්වතියට ඒ වෙලාවේ නටන්න ඕන විදිහ කරලා පෙන්වන පෙම්වතා සහ අන්තිමට පෙම්වතියගේ හිස මතට මනමාලිය තමන්ගේ රන් ආභරණ වැටෙන්න සලස්වලා අනිත් අයට මේ පෙම් පුවත ඉඟියෙන් කියන කොටස් දෙකට...


බටනලා වාදනයත් එක්ක ඇහෙන පායල් වල සීනු හඬ....මත් වෙන්න මීවිත ඕනේම ද......




මේ විඩියොවේ ඉන්න Koala Bare Soft Toy මෙහෙ දකිනවා හැම තැනම, ඉතින් අමතක වෙයි ද.....ගීතයට අමතරව මේ ඉන්න ගැනු ළමයා ඇඳන් ඉන්න ඇඳුම් වල පාට වලට මම හරි කැමතියි.. හරි නිදහස් කලබල නැති ගතියක් වගේම දඟකාරයි..




මේ විඩියෝව පටන් අරන් තියන විදිහට මම ගොඩක් කැමතියි, පුංචි අයගේ කටහඬවල් හරි පිරිසිදුයි..  ඒ හිනාවේ අව්‍යාජකම වෙන කොහෙන්වත් හොයන්න බැහැ 



හැමවිටම ආදරය අපි ලඟ, ඒත් අපි ඒ ගැන දැන ගන්නේ මිරිඟුවට රැවටුනාට  පස්සේ....




මටත් හීනයක් තියනවා මේ වගෙ ලොකේ වටේ හිතුමතේ යන්න පුංචි ළමයි හොයාගෙන ඒ මිල කල නොහැකි මතක හිතේ රඳවගන්න...




මොකටද හොරෙන් බලන්නේ... කොහොමහරි අන්තිමේ වයලීන් එක මැදින් තිබ්බ නොපෙනෙන ආවරණය ඇරලා හිත් දෙකට යාවෙන්න ඉඩ හදලා දුන්නනේ...




මේ ගීතය නම් මට ගැලපෙනවා කියලා ඇයි මන්දා හිතෙන්නේ... මට තියන කිසිදවසක සැබැ නොවෙන හීන කිසිම සිමාවක් නැතුව විඳගන්න වෙන ලොකෙකින් ආව කෙනෙක් තමයි මගෙ සැමියා කියලා මට හිතෙන්නේ මේ විඩියෝ එකෙත් කිසිදවසක වෙන්න බැරි දෙයක් වෙනවා දකිනකොට මේ පිස්සු කෙල්ලගෙ පාලු මකන්න....




හොඳම යාලුවො ... රන්ඩු ..  වාද... කදුළු... ගනන් නොගැනීම්..ඇස් රතුවෙන  විහිළු...නොනවතින හිනා......සොඳුරු රැවටීම් ....අන්තිමේ හොඳම  යාලුවත් නැති වෙයි ද මන්දා



අවානක හැඩයට නැමු මගේ රුව  ලෙස දිඟ හැරෙවිද නුඹේ මතකයන් මා පිරවු එදා... පිහාටුවක් තරමට සැහැල්ලු ද.. හිතට මොනවද කරන්න බැරි...කොහෙද යන්න බැරි..මතක ඇතුව ගිය තැනකින්... එක්කෝ ඕන නැ....




මේක පිස්සු ලෝකයක්....නැත්නම් මෙහෙම විඩියෝ කොහෙන් ද.. අපේ ගෙදරත් මේ වගේ පිස්සු වැඩ වෙනවද මන්දා....


 

මේ ගීතයත් විඩියොවත් අද වෙනකොට ජීවතුන් අතර  නැති ඒත් සෑහෙන ඇතින් ඉඳන්  මට අමතක නොවෙන මතක ගොන්නක් බලහත්කාරයෙන් එකතු කල කෙනෙක්ව මතක් කරනවා... තමන්ට ලං කරගන්න ඕන උනාට කෙනෙක්ව රිදවන්න අකමැති ඔයාවත් ඒ මතකයනුත් මට මතකයි එකක් නැර...



කොහෙදෝ බාධා නැත්තේ...සඟවනු හැකි ද...එහෙත්  කිසිදා ගිනිදැල් නම් එපා ඇස් මානේ දැල්වෙන්න...
 
 

මේ ගීතයේ වෙන ලස්සන විඩියෝ එකක් තිබ්බ ඉස්සර, කාලෙත් එක්ක මැකිලා ගිහින් වගේ... මේ හඬ මාව අදත් අඬවනවා... ඇස් වල කදුළු කොහොමද නවත්තන්නේ, දන්න කෙනෙක් කියලා දෙනවද මට...හැබැයි නිම්නයට එන්න ඕන ගිරිදුර්ග ගෙවාගෙන...






මේ දවස් වල මොටර් බයික් ගැන කතා වෙනවනේ...බලන්න මේකෙත් මුලින් එන්නේ බයික් එකේ තමයි හැබැයි අන්තිමට යන්නෙ බයිසිකලෙන්..ඇයි දන්නේ නැ... 




මටත් ලොකු ආසාවක් තියනවා රේස් යන්න වාහනයක් අතට ගත්තට පස්සේ... වැඩිම වේගෙන් මම ගිහින් තියෙන්නේ බැංකොක් අධිවේගී මාර්ගයක.....ගුරුවරයා කියපු නිසයි මම එහෙම ගියේ....වාහන පදවන්න මම ඉගෙන ගත්ත හැටි ගැනත් තියනවා රසවත් කතා, ලියන්නම් වෙලාවක..




මටත් හිතෙනවා මේ විඩියෝ දෙකේම වෙන   දේවල් වෙනවා ඇති කියලා...මට නොපෙනුනාට.....සංගීතය කියන්නේ මායාවක් ද.. ...


 

මේ ගීතයත් සංගීතයත් නාදයත්  විඩියෝවත්  වෙන වෙනම නෙමේ මට ඇහෙන්නේ දැනෙන්නේ.. පෙරදිග සංගීතය ඉගෙන ගෙන නැවතීමේ තිත තියලා දැනට අවුරුදු 15-16 කට ලඟ උනත් එහෙම දැනෙන්නේ නැනේ මට....



එහෙනම්  දවස නිමා කරන්න , හිතට නිදහසේ  නොදන්න ඈතකට පාවෙලා යන්න දෙන්න හීන දකින්න  මේ ගී රූ නාදයත් එක්ක.....





තවත් හිත නැවතුනු විඩියෝ ගොඩක්  තියනවා. මට ඒ අතරින් සමහර ඒවා හොයාගන්න බැරි උනා.. ඔයාලත් මේ අතීත ගී රූ රසවින්ඳද....මට අමතක ඔබට මතක හිත නැවතුනු තැන් ලියලා යන්න අතීතයේ....ඔන්න එහෙනම් ඔයාලටත් ආරාධනා කරනවා මතක් පොතේ නැවතුනු හින්දි ගී එකතුවක් එළිදක්වන්න කැමති නම්....



27 comments:

  1. මේ පොස්ට් එක අපේ තාත්තාගෙන් හංගන්න ඕනි.. නැත්නම් මෙතන 'ඕ දුනියා කේ රක්වාලේ' කියල Baiju Bawra එකේ සිංදුවකින් පටන් අරං 1950-70 දශක තුනේ හින්දි සිනමා ගීත වපුරනවා.. :)
    අහල නැති ගොඩක් සින්දු වගේම කලින් අහල තිබ්බ අනිත් සින්දුත් ඔක්කොම ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. හි හී... ඇත්තටම කලණ මේ පරණ හින්දි ගී හරි රහයි, විඳින්න පුලුවන් එපා නොවි ඕනම කාලයක්....

      Delete
  2. හින්දි ගීත රැල්ලට සුභ පැතුම් චතූ. අනෙක් අයටත් දාන්න කියල ආරාධනා කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්, ඔන්න එහෙනම් හැමෝටම ආරාධනාවක් කලා..ඔබනේ මේ ගී රැල්ලට අපිව දැම්ම මුල් ආරම්භකයා...:) ඉතින් ඔබ එහෙම කිව්වම නොකර බැනේ.

      Delete
  3. ඉස්සර ඉස්කෝලේ ගිහින් ඇවිල්ල හවස් වරුවේ MTV එකේ ගිය මේ සිංදු අහපු හැටි මතක් වුණා.. මේ සිංදු සෙට් එක හැමදාම වගේ හවස ප්‍රචාරය වුණා.. මේවා බලල කාටුන් බලල අම්ම උයල දෙන දෙයක් කාල ආතල් එකේ හිටපු කාලේ මතක් වෙද්දී දැන්නම් දුකයි වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, පැතුම්, මමයි මල්ලිත් කතා උනේ ඒකමයි මේ ලඟදි අපි හැමෝම එකට එකතු උන දවසේ.. ඉස්කොලේ කාලේ විතරක් නෙමේ ඊට පස්සේ රස්සාවට ගිහිල්ලා ආවට පස්සෙත් අම්මා හදලා දෙන කිරි කෝපි එක බීලා සැටියට වෙලා ඕන තරමක් වෙලා හිටපු ඒ කාලේ කොයි තරන් සැහැල්ලු ද කියලා...

      පැතුම්ගෙ සිත් ගත් ගී එකතුවක් අපිට අහන්න ලැබේවිද?

      Delete
  4. මට මතකයි චතූ i t n එකෙත් මේ වගේ වැඩසටහනක් ගියා... හින්දි ගීත ද කොහෙද වැඩසටහනේ නම...

    මේ වැඩෙත් අපුරුයි චතූ...

    ReplyDelete
    Replies
    1. එහෙමද නිර්මාණි, මට මතක නැ ITN එකෙ මේ වගේ විඩියෝ ගිය වැඩසටහන, ඒත් ITN එකෙ තිබ්බා පරණ හින්දි සින්දු ගැන විස්තරත් එක්කම ප්‍රචාරය උනු වැඩසටහනක්. නිර්මාණිත් වැඩේට අත තියමුද...

      Delete
  5. තවත් හින්දි ගී එකතුවක්. අපූරු ගී කීපයක්ම තියෙනවා ඒ අතර.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී, ගිය පාර රැල්ලට අහු උනෙත් නැති එකේ මේ පාර ගී එකතුවක් අපිට ලැබෙයි ද අහන්න...

      Delete
  6. නියම සින්දු එකතුවක්. මෙතන තියෙන ගීත වලින් බාගෙට බාගයක්ම මගෙත් ආසම ගීත :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංජය, මම වැඩියෙන් ආස උනේ රූප රාමු වල තියන ආකර්ෂණයට කිව්වට වරදක් නැ..ඔබෙත් සිත් හින්දි ගී පෙළ ගැසෙයි ද මේ වගේ අපිට අහන්න..

      Delete
  7. අම්මෝ මෙතන තියෙන්නෙත් මම ආසම සෙට් එකක් මේ Falguni Pathak ගෙ සින්දු හැම එකකටම වගේ හරිම කැමති, ඒවායේ විශුවල් සේරටම වඩා අපූරුයි.මම මගේ ලිස්ට් එකට මෙයාව ඇතුල් කර ගත්තෙ නැත්තේ එහෙම උනානම් එයාගෙ සින්දුම ගොඩක් දාන්න වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් කාව්‍යා ඇගේ ගී හැම එකක්ම හරි අපූරුයි, ඔයා කිව්ව වගේ විශුවල් නිසා. මටත් පස්සේ තේරුනේ ඇගේ ගීත එකක් දාල නවතින්න බැ කියලා.. හි හි...එහෙනම් ඔයාගේ ගී එකතුව අපිට ඉක්මනින් අහන්න ලැබේවි නේද...

      Delete
  8. ලස්සන සින්දු ටිකක් හීන දකින්නියේ. තුන්වෙනි ගීතයට තමයි වැඩියෙන්ම හිත ගියේ. හුඟාක් අහලා පුරුදු බව දැනුණත් ඒ ගායිකාව ගැනවත්, ඒ රූප රචනයවත් මම කළින් අහලා දැකලා තිබ්බේ නෑ. පස්සෙයි මතක් වුණේ 'ඈතින් ඈතින් ඇසෙනා රාවේ' ගැන. මමත් මේ හින්දි ගීත පෝස්ට් එකක් ලියන ගමන්. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමී, ඔයා හරි ඒක තමයි සිංහල ගීය, මතක විදිහට කියන්නේ නිරෝශා විරාජිනි ... ෂා නියමයි ... ඒ පාර හින්දි රැල්ල... මඟ බලාගෙන ඉන්නෙ අහන්න ඔයා තෝරන ගී සිත්තමි..

      Delete
  9. සමහර සිංදු අදමයි ඇහුවේ

    ReplyDelete
    Replies
    1. එහෙමද ඉවාන්..මේ අපේ ඉයන් පටන් ගත්තු වැඩෙන් පස්සේ වෙනදට වඩා අනිත් අය දන්න අපි නොදන්න දේවල් එළියට එන්න පටන් අරන් වගේ නේද ? මමත් පහුගිය ටිකේ අහලා දැකල නැති දේවල් හුඟක් දැක්කා....

      තරහා නැනේ... Double , Single කලාට...

      Delete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. ඔබ ආශා බෝස්ලේට ගොඩක් කැමතියි කියල හිතෙනවා. පැරණි ගීත ටික බොහොම ආසාවෙන් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. එහෙම විශේෂයක් නැ හැලපේ.. මේ ගීත වලට ඒ කාලේ ආකර්ශනය උනේ විශුවල් නිසා බොහෝ දුරට.. මේ මම ආසා කරන හින්දි ගී තේරිමක් නෙමේ හැලපේ.. මං මීට වඩා කැමති ගායක ගායිකාවන්, ගීත  තියනවා හින්දි සිනමා ලොවෙයි ගී ලොවෙයි...ඒ අතරින් මම Shreya Ghoshal ගේ හඬට හරිම කැමත්යි... ගායකයෝ නම් ගොඩක් ඉන්නවා හිතට දැනුනු හඬවල් තියන...

      සතුටුයි ඔබ මේ ගීත රසවිඳිම ගැන. අහම්බෙන් මේ විඩියෝ ටික දැක්ක වෙලේ මගේ හිත ආපහු අතිතෙට ගිය නිසයි මේ පෝස්ට් එක ලිව්වේ.. දැන් මට ඕන වෙලාවක මේ පෝස්ට් එක හරහා ඒ අතිතේට යන්න පුලුවන්නේ..:)

      Delete
  12. Replies
    1. ස්තුතියි රෝමාරස්. ඔබ රසවින්ඳා නම් සතුටුයි ඒ ගැන.

      Delete
  13. ඉස්සර ස්වර්ණවාහිනියේ ATN කියලා චැනල් එකක මේ සින්දු ඔක්කොම ගියා, මතක හැටියට හවස කාලේ වෙන්නොනේ. හරිම ලස්සනයි හීන දකින්නී. කාලෙකට පස්සේ මෙහෙම බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දාන්නේ. ස්තුතියි මේ ලස්සන සින්දු ටිකට. විශේෂයෙන් ලකී අලිගේ oh sanam සින්දුව ඇහුවේ අවුරුදු ගානකට පස්සේ.
    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලිෂාන්, ඔබත් මේ ගී රසවින්ඳ කෙනෙක් කියා දැන ගැනීමත් සතුටක්..නිම්නයට ඔබේ පළමු අදහස් දැක්වීම මේ වගේ ගී පෙළකින්ම ආරම්භ වුනු එකත් සතුටක් ලිෂාන්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...