අපේ තායිලන්ත ජිවිතේ
අමතක නොවෙන තැනක් තමයි මේ පින්තුරේ තියෙන්නෙ...අති නවීන පහසුකම් වලින්
යුත් ඉතාම සුවපහසු හරිම පිළිවෙලට හදල තිබ්බ භාශා ගැටලුව නිසා පුංචි ලෙඩකටත්
යන්න වුනු "සුකුම්විත්" නගරයේ සෝයි 3නේ පිහිටි ( සෝයි කියන්නේ අතුරු පාරට
කියන තායි නම, මේ නගරයේ අතුරු පාරවල් එක තැනකින් පටන් අරන් පිළිවෙලට අංක
කරල තියනවා මිසක් එක එක අයගේ නම් ගම් ගහල වෙන් කරලා නැහැ) තරු පහේ අන්තර්ජාතික රෝහල.. මේ රෝහල කරුණු කීපයක් නිසා අමතක කරන්නම බැහැ. ඒ අතරින් මගේ දඟමල්ල
දකිද්දි කිසිම දවසක අමතක කරන්න බැරි සිදුවිමක් තියනවා මේ සුපිරි රෝහල හා බැඳුනු ජීවිතයත් මරණයත් අතර සිදුවුන.
Tuesday, June 28, 2016
Saturday, June 25, 2016
ඈ සුජීවා නම් විය.

Thursday, June 23, 2016
Come Walk With Me - You Are In My Heart Every Moment.......
හිමි සදුනි නුඹේ මුවින්
එකම එක් වරක් කියන්
නුඹේ සිතේ දැවෙන ගිනි
හැකි උනොත් නිවමි මං පෙමින්
එකම එක් වරක් කියන්
නුඹේ සිතේ දැවෙන ගිනි
හැකි උනොත් නිවමි මං පෙමින්
දිවියේ බර මං දරන්
ආපු මඟ අත් බැඳන්
ඇයි අපිට තව දුරක්
යන්න බැරි හිත් බැඳන්
ආපු මඟ අත් බැඳන්
ඇයි අපිට තව දුරක්
යන්න බැරි හිත් බැඳන්
නුඹට හිමි මගෙ සෙනෙහේ
දෙනු එපා ගනු සොරෙන්
බිඳින් බිඳ මගෙ සිතේ
නුඹේ හිස් තැන පිරේ
දෙනු එපා ගනු සොරෙන්
බිඳින් බිඳ මගෙ සිතේ
නුඹේ හිස් තැන පිරේ
හෙට දිනක් තියේ නම්
නුඹත් එහි නොමැති නම්
සිත් පුරා පෙම වැඩේ නම්
නිසංසලේ ඉමි කෙසේ මම්....
නුඹත් එහි නොමැති නම්
සිත් පුරා පෙම වැඩේ නම්
නිසංසලේ ඉමි කෙසේ මම්....
Tuesday, June 21, 2016
හිත් පාට කරන පාට පාට මල් කැකුළු
මේ මගේ දෙවැනි පින්තූර ලිපිය.. අපේ ගෙදර ඉඳලා විනාඩි 5ක් වගේ දුරක පිහිටා ඇති මේ "Flower Farm" එකට මම මුලින්ම ගියේ අම්මට ඕන වෙලා තිබ්බ පැළ වර්ග හොයන්න...ඒත් එදා මම කලේ පැළ හොයන එක පැත්තකින් තියලා ලඟ තිබ්බ "Phone" එකින් "Photo" ගත්ත එක..එදා ඉඳලා අවට පරිසරයෙන් ඇස් වලට කිසිම විදිහක ලස්සනක් හොයාගන්න බැරි වෙනකොට මම මෙතනට යන්න එන්න පුරුදු උනාට පැළ මිලදි ගන්න නම් මගේ වැඩි කැමැත්තක් නැහැ.
Saturday, June 18, 2016
බ්ලොග් පොස්ට් , Commnets සහ නිදහස් බ්ලොග් අවකාශය.

Wednesday, June 15, 2016
ගමු ගැඹුරු හුස්මක් - පිට කරමු සොඳුරු හැඟුමක්...
අපි හැමෝම කරන දෙයක්නෙ "හුස්ම" ගන්න එක ඉපදුනු දා ඉඳලා,නැත්නම් ඉතින් අපේ ජීවිතයත් අනතුරෙනේ.. දන්නවද "හුස්ම" ගැනිමයි අපිට දැනෙන හැඟිමුයි අතරේ තියන්නේ නොබිඳිය හැකි යාලුකමක්. අපි "හුස්ම" ගන්න රිද්මය වෙනස් වෙනවා අපිට දැනෙන හැඟිම් එක්ක... හරියට හිරුත් එක්ක අපේ හෙවනැල්ලේ දිග පළල වෙනස් වෙනව වගේ... මම අද කියන්න යන්නේ මෙන්න මේ වෙනස අනිත් පැත්ත හරව ගන්න විදිහක් ගැන. ඒ කිව්වේ කොහොමද "හුස්ම" ගන්න රිද්මය භාවිතා කරලා අපේ හැඟිම් වඩා හොඳ අතට හරව ගන්නේ කියලා. එන්න හුස්මක් දුරින් ඉන්න ඔබත්...
Sunday, June 12, 2016
පුංචි කාලේ මං දැක්ක අමතක නොවෙන හීන.....
මම පහුගිය ලිපියක ලිව්වනේ කොහොමද මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කියලා.. ඒ ලිපියේ මම අන්තිමට ලිව්වනේ මගේ අතීතයෙන් ලියන්න හිටිය සටහනක් ගැන.. අන්න ඒ සටහන තමයි අද මේ විදිහට ලියන්න හිතුවේ. මුලින්ම මගේ පුංචි කාලෙ ගැන ටිකක් ලියන්නම්.. ටිකක් කිව්වෙ ඔක්කොම ලියන්න සෑහෙන කාලයක් ඕන වෙන නිසා..අනිත් එක ගොඩක් දිගට ලිව්වාම කියවන අය අයියෝ මේක ඉවර වෙන්නේ නැද්ද හිත හිතානේ කියවන්නේ.. නේද...
Thursday, June 9, 2016
නොනවත්වා අහන්න හිතුණු නාද රාටා හඬ හතක්....
"සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත් ඟං ඉවුරේ - ඉන්නෙ අප වැතිරගෙන
සිහියට නැඟෙන විට පැතූ නිදහසේ රාජධානිය - දැසින් කඳුලු කැට කඩා හැලේ...
බිඳ වැටුන විට අප - රැඟෙන යන්න ඈතට මේ සිරකඳවුරෙන්
අවැසි නම් අප ගයනා ගී - කෙසේ ගයම් ද අප දෙවියන්ගේ ගීතය
මේ අරුමැසි දේශයේ..
ඉඩදෙන්න මුවින් පිටවෙනා වදන් - හදවතේ පිරී උතුරනා ප්‍රාර්ථනා
පිලිගනු මැන අද රාත්‍රියේ මේ දසුන්
සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත් ඟං ඉවුරේ - අඳුරු කඳුලු රැඳි
වැතිර ඉන්නේ අප - ඔබ ඔබගේ ගීය ගයන්න
අප බිඳ වැටුන විට - ගයන්න ආදරයේ ගීතය
සිහියට නැගෙන විට පැතූ නිදහසේ රාජධානිය
සුණුවිසුනු වුත් ශක්තිමත් වුත් බලවත් වුත් ඟං ඉවුරේ - රළු පරළු
වැතිර ඉන්නේ අප - ඇසෙනවද ඔබට මිනිසුන් හඬනා හඬ
සිහියට නැඟෙන විට පැතූ නිදහසේ රාජධානිය - ශක්තිය ලඟා වෙවී....."
වැතිර ඉන්නේ අප - ඇසෙනවද ඔබට මිනිසුන් හඬනා හඬ
සිහියට නැඟෙන විට පැතූ නිදහසේ රාජධානිය - ශක්තිය ලඟා වෙවී....."
Tuesday, June 7, 2016
අම්මි අම්මී අර අර දිගම දිග ට්‍රක් එකක්.....අම්මී අර බලන්නකෝ....
එදත් වෙනදා වගේම ඉක්මනින් සතිඅන්තය උදාවෙනකන් බලන් හිටිය වැඩට යන්න කම්මැලි සිකුරාදා දිනයක්.. කිසිම වෙනසක් තිබුනේ නැ එක දෙයක් ඇරෙන්න. මගේ පියාට තිබුනා කලුපාට "Briefcase" එකක් ඔහුගේ ලියකියවිලි , මතක සටහන් තැන්පත් කරල තියෙන අපිට අල්ලනවත් දෙන්නෙ නැති. ( හොරෙන් ඇරල බලලා තියනව පොඩ්ඩ පොඩ්ඩ ) එකේ තියන දේවල් සාමාන්‍යයෙන් ඔහු අපිත් එක්ක කියන්නේ නැහැ. ඒත් මේ කියන සිකුරාදාට එළිය වුනු කලින් දවසේ රැ එතෙක් කල් ගෙනාපු විදිහේ යම් වෙනසක් වුනා. ඔහු ඒ එකිනෙක අපිට පෙන්වා තිබුනා එක විටත්, වෙන වෙනමත්. අපි පුංචි කාලෙ මුලින්ම ඉරි ඇදපු කොල, ඉපදුනාම විස්තර ලියන්න හම්බුනු පොත්, බැංකු සටහන් වගේ දේවල් තමයි ඒකේ තිබුනේ.
Saturday, June 4, 2016
දික්කසාදය, වත්කම් සහ දරුවන්

Wednesday, June 1, 2016
පාළු කුඹුරක පිපුනු දාස් පෙතිමල් - ගැලපේ හැමකල්...ලියූ ලියුම්කරු???
ඔහු බිරිඳගෙන් ඈත්වි ජිවත්වේ.
ඔහුට සිඟිති දියණියක් සිටි
දියණිය සිටින්නී
බිරිඳගේ සෙවණේය.
මසකට වරක් දුව බලන්නට ඔහු
නිවසට යයි.
වරක් ගිය දවසක මිදුලේ වැවී තිබුණු
දාස්පෙති මල් පඳුරෙන්
ඇට මිටක් කඩා
"තාත්ති මේ ටික කොහේ හරි පැළකරන්නැයි"
දියණිය ඔහු අත තැබුවාය.
ඔහු ඒවා කමිස සාක්කුවේ දමාගත්තේය.
ඔහු නතරවී සිටියේ බෝඩිමකය.
ඔහුට එවා හිටවන්නට තැනක් නොතිබුණි.
ඔහු බෝඩිමට විත් ඒවා මේසය මත තැබීය.
Subscribe to:
Posts (Atom)